Tuesday, February 9, 2010

නදිනි ප්‍රේමදාසගෙන්සුබ ආරංචියක්‌

සිරස සුපර ¨ස්‌ටර්ස්‌ දෙවන අදියරේ වඩාත් කතා බහට ලක්‌ වූ ගායිකාව වුනේ නදිනි ප්‍රේමදාස. මේ වනවිට නදිනි සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක්‌. මෙවර නවලිය කවරය සරසන ඇය අපි දුරකතනය ඔස්‌සේ සම්බන්ධ කර ගත්තේ අලුත් තොරතුරු ගැන ඔබ වෙනුවෙන් දැන ගන්නයි.

මේ දවස්‌වල මොනවද කරන්නේ නදිනි....

මේ දවස්‌වල මගේ කාලය වැඩියෙන්ම ගතවෙන්නේ මගේ කුළුදුල්ම ගීත ඇල්බමයේ වැඩවලටයි. තවම නමක්‌ යොදලා නැහැ. ගීත දොළහක්‌ ඇතුලත් වෙනවා. මගේ ජනප්‍රිය වූ ගීතත් අලුත්ම ගීත හයක්‌ විතරත් ඇතුලත් වෙනවා. ලබන අප්‍රේල් මාසයේ හෝ මැයි මාසයේ මගේ ගීත එකතුව නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ ඇල්බමයේ මදෙස බලන්නයි, ගජමං නෝනා, ගුරු පාරට, යළි වඩින්න බුදු සාධු, සිත ආදරේ සොයා ගීත ඇතුලත් වෙනවා.

අලුතෙන්ම මොනවද කළ වැඩ...?

අලුත්තෙන්ම ඉංචි පිංචි කියලා ගීතයක්‌ කළා. ඊට අමතරව මගේ වෙබ් අඩවිය අඅඅගබ්dසබසකසඩැගජදප නමින් පටන් ගත්තා. ඊට අමතරව ජනාධිපතිතුමා වෙනුවෙන් මම කළ ගීතයක්‌ මේ දවස්‌වල ෂඔභ වල විකාශනය වෙනවා. ඒ ගීතය ලිව්වේ ඉත්තෑපානේ සද්ධාතිස්‌ස හිමි. සංගීතය සමන්ත පෙරේරා මහතා විසින්.

පිටරට සංචාරවලට ගියේ නැද්ද?

පසුගිය දෙසැම්බර් ජනවාරි මුල් කාලවල ජෝර්දානය, බහරේන්වල ගියා. මම සාමාන්‍යයෙන් අවුරුද්දේ එක කාලයකට තියෙන එතෙර ප්‍රසංගවලට පමණයි යන්නේ.

කැම්පස්‌ ජීවිතය කොහොමද?

දැන් නම් ගොඩක්‌ හොඳයි. මුල් කාලේ පොඩි පොඩි ප්‍රශ්න තිබුණා. දැන් මම ඉන්නේ දෙවන වසරේ. දැන් හොඳින් අධ්‍යාපන කටයුතු කරගෙන යනවා.

රඟපාන්න එහෙම ආරාධනා ලැබිලා නැද්ද?

ආරාධනා නම් ලැබුණා. මම වඩාත් කැමති සංගීතයටනේ. ඒ නිසා ඒ ආරාධනා බාර ගත්තේ නැහැ.

පෙම්වතෙක්‌ ඉන්නවද?

තවම නැහැ.

නො.179, මන්ඩාවිල පාර
වල්පල - අංගොඩ
[Nadini+Premadasa+Sri+Lanka.jpg]

Nadini Premadasa - Young Sri Lankan Music Mark
















Monday, February 8, 2010

සරත් ෆොන්සේකා අත්අඩංගුවට

යුද හමුදා නීති උල්ලංඝණය කළ බවට වූ චෝදනා නිසා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදාව මගින් අත්අඩංගුවට ගත් බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.
Sarath Fonseka
සරත් ෆොන්සේකා

යුද රහස් හෙළිදරව් කරමින් හමුදා නීති උල්ලංඝණය කිරීම නිසාත්, ඔහුගේ ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහාත් මෙසේ අත්අඩංගුවට ගත් බව හෙතෙම අද දෙරණට කියා සිටියේය.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සරත් ෆොන්සේකා ලක්ෂ්මන් හුළුගල්ල මහතා පවසයි.
ඔහු යුද හමුදාපතිවරයා ලෙස මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරන අවධියේම විරුද්ධවාදීන් මෙන්ම ආරක්ෂක හමුදාව යොදාගෙන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් දියත් කරමින් සිට බවට තොරතුරු ලැබී ඇතැයිද හෙතෙම සඳහන් කරයි.
ජෙනරාල් ෆොන්සේකා එරෙහිව හමුදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත්,එහිදී ඔහු‍ට එරෙහි චෝදනා වලට කරුණු ඉදිරිපත් කරන බවත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියා සිටියේ බී.බී.සී මාධ්‍යයට අද පවසා සිටියේය.
සරත් ෆොන්සේකා මහතා කරන ලද ප්‍රකාශයන් හා නිර්මාණය කරන ලද තත්ත්වයන් නිසා ශ්‍රීලංකාව ජාත්‍යන්තර යුද අධිකරණය අබියසට කැඳවන තත්ත්වයක් උදාවූ බවද ඔහු කියා සිටියේය.

General (Retired) Sarath Fonseka has been taken into custody by the Military Police, says Media Centre for National Security (MCNS) Director General Lakshman Hulugalle.
Mr. Hulugalle said that General Fonseka was arrested for discussing with certain sections of the Opposition, conspiring to topple the government and also for creating divisions within the Sri Lanka Army while he was its Commander and also when he was the Chief of Defence Staff.The retired General is to face a Court Marshal where evidence against him will be produced, Mr. Hulugalle told the media.
Earlier in the evening, the BBC carried the following report:
Sri Lanka’s former military commander says that he is prepared to give evidence in an international court on war crime charges against Sri Lanka. General Sarath Fonseka speaking to journalists in Colomboon Monday said, “I am not going to save anyone who has committed war crimes”.International human rights organisations as well as the US State Department have alleged that the Sri Lankan government committed war crimes during the final phase of the war against Tamil Tigers.
Several human rights organisations have called to try the Sri Lankan state in international courts on alleged abuses against civilians and surrendees.During the presidential election where Gen. Fonseka challenged President Mahinda Rajapaksa, both claimed credit for defeating the LTTE.“I am definitely going to reveal what I know, what I was told and what I heard. Anyone who has committed war crimes should definitely be brought into courts,” Gen. Fonseka said.“Those who reveal the truth are not traitors,” he added.



Sri Lanka's defeated opposition presidential candidate Gen Sarath Fonseka was tonight arrested by the military police, a fortnight after
he suffered defeat at the hands of incumbent Mahinda Rajapaksa.

A close aide of the former Army Chief, who is credited with the anihilation of the LTTE, said Fonseka and one of his associate were taken into custody while they were at work in their office in the capital.

He said Fonseka and his media secretary Senaka de Silva were arrested by the military police.

The aide told PTI that Fonseka and de Silva were "told in clear terms to cooperate with the military police".

"I heared one of the officers telling Fonseka that he is being charged for criminal conspiracy," he said.

The arrest comes in the wake of reports that Fonseka could face a military court on charges of conspiring to overthrow the government and plotting to kill Rajapaksa.

Sunday Times newspaper had yesterday said that the Rajapaksa-led government, which alleged soon after the presidential poll verdict that the former military chief had plotted to kill the President, has consulted its top legal counsel on trying Fonseka in a court martial.

Soon after his defeat in the January 26 polls, the Sri Lankan Government had alleged that Gen Fonseka had tried to assassinate Rajapaksa and his family, a charge which was denied by the former army chief.

මුතූ

මුතූ




She has won quite a number of awards in beauty contests like the Capri Queen and Miss Sri Lanka contests. Her full name is Muthu Tharanga Sri Nilupuli Peiris...

Muthu as she is popularly known started her career as a dancer. She had her education at the Roman Catholic School, Kadawatha and finally at the Holy Family Convent, Kirimateiyagara. Having passed her Ordinary Level examination she joined "Channa and Upuli" where she went through the paces of oriental dancing. During the period she was dancing with Channa & Upuli's troupe a chance meeting with another student who came for the classes led her to the fashion world. She was then invited by Nilhan Seneviratne to take part in Tele-dramas' which brought her much fame and acclaim.

Her father is <> Mr. M. D. B. Peiris now in retirement and mother Mrs. Rita Juliet Peiris. She is the eldest in a family of two girls and her younger sister Harshini, is married to a businessman and they have two children.
Though Muthu Tharanga became popular through TV and modeling her first love is something else. She has studied under Maestro P. V. Nandasiri and her first love is to be a singing sensation. You got to listen to her to believe us. Hopefully in the near future we will make available couple of her songs on this site. She says she has no one special in her life but we have our doubts. Still an eligible lass!



හැමෝම ඇයට ආදරේට කියන්නේ මුතු කියලා. ඇගේ සැබෑ නමත් මුතු තරංගා. මුතු මේ දවස්‌වල දකින්න ලැබෙන්නේ සුදුහංසි චිත්‍රපටයෙන් වගේම පුංචි තිරයේ දිස්‌වන රිදී තාරකා ටෙලියෙනි. හැබැයි ගොඩක්‌ දෙනෙක්‌ නම් කියන්නේ ඇයට ලස්‌සනට සින්දු කියන්න පුළුවන් කියලයි. එහි විනිශ්චය අපි මෙගා ස්‌ටාර් වේදිකාවට භාරදීලා ඇගේ තොරතුරු විමසන්න අදහස්‌ කළා.

මොනවද අලුත්ම වැඩකටයුතු ?
මේ දවස්‌වල නම් මෙගා ස්‌ටාර් වැඩසටහනේ පටිගත කිරීම්වලට සහභාගිවෙලයි ඉන්නේ. ඊට පස්‌සෙ සතියක්‌ විතර ලංකාවෙන් බැහැරවෙන්න වෙලත් තිබෙනවා. මොකද සින්දු කියන්න සංදර්ශන කිහිපයකටත් ආරාධනා ලැබිලා තිබෙනවා.

මෙගා ස්‌ටාර් වේදිකාවෙන් ලැබෙන ප්‍රතිචාර එහෙම?
එහෙම කියන්න තරම් විශේෂයක්‌ නම් නැහැ. හැබැයි කාලයක්‌ මම ටී. වී. ප්‍රොaග්‍රෑම්වලට විතරයි සහභාගි වුණේ. ඒත් එක්‌කම මම රඟපෑ නාට්‍ය ඔක්‌කොම වගේ විකාශනය වෙලත් අවුරුදු දෙකක්‌ විතර වෙනවා. තවද ලංකාවෙනුත් බැහැර වෙලයි හිටියෙ. කාලයේදී මගේ රසික රසිකාවියන් කිව්වේ මුතු දැන් නාට්‍යවල වැඩිපුර දකින්න නැහැ කියලයි. ඔහොම ඉන්න කොට තමයි මෙගා ස්‌ටාර් වේදිකාවට ආරාධනා ලැබුණේ. හරහා ප්‍රේක්‍ෂකයන් ආයෙත් මට ආදරය කරන්න පටන් ගත්තා.

මෙගා ස්‌ටාර් වීමේ සිහිනයකුත් ඇති නේද?
මගේ ජීවිතේ කොහොමත් සිහින නැහැනේ. අනික මම ටිකක්‌ තරගවලට ඉදිරිපත් වෙන්න කැමැති නැති කෙනෙක්‌. මොකද දන්නවද ඒවට මගේ උනන්දුවක්‌ නැති නිසා. මේ වැඩසටහනට නම් කැමැති වුණේ ගායනයට කැමැති නිසයි. ස්‌වර්ණවාහිනියට ස්‌තූති කරන්න ඕන මාව වැඩසටහනට සම්බන්ධ කරගත්තාට.

වැඩිපුර ටෙලිනාට්‍යවල දකින්න නැත්තේ ?
මම රඟ පෑ ටෙලිනාට්‍ය එක දිගට විකාශනය වුණා. ඊට පස්‌සේ කාලයක්‌ දකින්න ලැබුණේ නැහැ. මෙගා නාට්‍යවලට නම් ආරාධනා ලැබුණා. මූල්‍යමය හේතු නිසා ඒවාට මම අකමැති වුණා. තව මම රඟ පෑ නාට්‍ය හතරක්‌ විතර විකාශනය වෙන්නත් තිබෙනවා.

එතකොට රිදී තාරකා මෙගා නාට්‍යයේ රඟපාන්නේ?
ඒක දමිතා අක්‌කාගේ ඉල්ලීමක්‌. වචනය අහක දාන්න බැරි නිසයි රිදී තාරකා නාට්‍යයේ රඟපාන්න කැමැතිවුණේ.

ළඟදී විවාහවෙනවා කියන්නේ ඇත්තද?
ඔව්. මේ අවුරුද්ද අන්තිම තමයි විවාහවෙන්න හිතාගෙන ඉන්නේ.

කවුද වාසනාවන්තයා?
එයාව අනාගතයේදී දැනගන්න ලැබේවි.

ජීවිතය ගැන හිතන පතන විදිහ?
මගේ ජීවිතේ ලොකු බලාපොරොත්තු නැහැනේ.
එක බලාපොරොත්තුවයි තියෙන්නෙ.

මොකක්‌ද ?
මගේ නංගිවයි අම්මවයි තාත්තවයි සතුටෙන් තියන එක.
ඒක තාම මට හරියට කරන්න බැරිවුණා.

කාන්තාවක්‌ සමාජයේ ගෞරවය තබාගන්න මොනවිදිහට ජීවත්විය යුතුයි
කියලද හිතන්නේ ?
මෙහෙමයි. ඒක තමන්ගේ ඇඟෙන් එන්න ඕන දෙයක්‌. ගෞරවය ලබාගන්නම කියල ඕන කමින් මවාපාල හැසිරෙන්න නරකයි. එහෙම චරිතවලට මම කැමැතිත් නැහැ. ගැහැණියක්‌ හැමවිටම තමන්ගේ ආත්ම ගරුත්වය හා නම රැකගෙන වැඩකළ යුතුයි.

ඔබේ හැකියාවන් දකින්නේ ?
ඇත්තටම මම නම් දකින්නේ හැමවෙලේම වැරදියට. අනික මම හිතන්නේ නැහැ මට හැමදේම පුළුවන් කියලා. වෙලාවකට හිතෙනව එහෙම හිතෙන එකත් හොඳයි කියලා. එතකොට මට පුළුවන් දේ විතරයිනේ කරන්නේ.

රංගනය කියන විෂය ගැන හිතන විදිහ?
මටත් රංගනය විෂයක්‌ හැටියට ඉගෙන ගන්න බැරිවුණා. වුණාට මම හිතන්නේ රංගනය කියන දේ අපි හරියට හදාරලා ආවොත් හොඳ දක්‍ෂ තැනකට යන්න පුළුවන්. හොඳ රංගන ශිල්පියෙකු නම් නිතරම රංගනය අධ්‍යයනය කළ යුතුයි.

ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ට ගරු කරනවාද?
ප්‍රවීණයන්ට මම ගරුකරනවා වගේම ඔවුනුත් මට ආදරෙයි. ප්‍රවීණයන් හරහා තමයි අපේ ගමන බිහිවෙන්නෙ. මම හැමවෙලේම ප්‍රවීණයන් සමග වැඩකරන කොට මගේ අඩුපාඩු ඔවුන්ගෙන් අහනවා. ඔවුන් කියාදෙන දේ පිළිපදිනවා. නිසා ඔවුන් මට ආදරෙයි.

රඟපාන්න හිතුණේ ?
මෝස්‌තර නිරූපණය තමයි මුලින් කළේ. කාලෙදි මට නාට්‍යවලට ආරාධනා ලැබුණා. නමුත් මම කැමැති වුණේ නැහැ මාස ගණන් රූගත කිරීම්වලට සහභාගි වෙන්න ඕන නිසා. පස්‌සේ තාත්තාගේ බල කිරීමටයි රංගනයට ආවේ. දෙමව්පියෝ නිසා තමයි මට මේ තැන ලැබුණේ.

නිළියක්‌ නොවුණා නම්?
සමහර විට ගායිකාවක්‌ වේවි.

ගොඩක්‌ දෙනෙක්‌ කියන්නේ ගායනයට දක්‍ෂයි කියලා නේද?
ඒක නම් එහෙම තමයි. නමුත් මම හිතන්නේ ගායනයෙන් මම ඉන්නේ ළදරු වයසේ කියලා. තව ටිකක්‌ උනන්දු වෙලා පුරුදු පුහුණු වෙන්න වෙනවා.

විවාහයෙන් පසු රංගනයෙන් ඈත්වෙනවද?
කොහෙත්ම නැහැ. හොඳ දෙයක්‌ ආවොත් භාරගන්නවා. එහෙම බලපෑමක්‌ නැහැ.

සිනමාව, ටෙලිනාට්‍ය මෙයින් වඩාත්ම කැමැති ?
මම මුලින්ම ආවේ ටෙලිනාට්‍ය වලින්. දැන් නම් චිත්‍රපට වලටත් දායක වෙනවා. විශේෂයක්‌ නැහැ. දෙකටම කැමැතියි.

සුදුහංසි චිත්‍රපටයට ලැබුණු ප්‍රතිචාර?
ඉතාමත් ඉහළයි.

සුදුහංසි ප්‍රධාන චරිතයේ අර්බුද මතුවෙලා කියලත් ආරංචියි ?
ආරංචි නම් එනවා. ගැන කියන්න මම නම් දන්නේ නැහැ.

Saturday, February 6, 2010

මං බන්ඳිනවා.. දමිතා

ඇය දශක තුනකට ආසන්න කාලයක් කලා ක්ෂේත්‍රයේ නියැලෙන ජාත්‍යන්තර කීර්තියට පත් ප්‍රතිභා සම්පන්න රංගන ශිල්පිනියකි. සිනමා, ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක සහ නිෂ්පාදිකාවක ලෙස කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වයට පත් ඇය දමිතා අබේරත්නයි. දමිතා ගේ නවතම ටෙලිනාට්‍ය නිෂ්පාදනය වන ‘රිදී තාරකා’ මේ වනවිට පුංචි තිරය ඔස්සේ දිග හැරෙයි. කලා කටයුතු ඔස්සේ කාර්ය බහුල දිවියක් ගත කරන දමිතා සිය නවතම තොරතුරු බෙදා හදාගන්නට ‘රසඳුන’ සතුටු සාමීචිය සමඟ එක් වුණේ මේ විදිහටයි.

‘රිදී තාරකා’ ඔබේ හතර වැනි ටෙලිනාට්‍ය නිෂ්පාදනය. කොහොමද එහි සාර්ථකත්වය?

කියන්න සතුටුයි අද රසික ජනතාව අතර ‘රිදී තාරකා’ හුඟාක් ජනප්‍රිය ටෙලිනාට්‍යයක් බවට පත්වෙලා. ඒ වගේ ම මෙය ස්වාධීන රූපවාහිනි ආයතනය සමඟ එකතුවෙලා නිර්මාණය කෙරෙන්නක්. එහි නිෂ්පාදිකාව විදිහට මේ ටෙලිනාට්‍යය ගැන මට තිබෙන්නේ සතුටක්.

මීට අමතරව ඔබ දායක වුණු කලා නිර්මාණ මොනවාද?

සුදත් රෝහණ මහතාගේ ‘ස්වයං ජාත’ ටෙලිනිර්මාණයට දායක වෙලා මේ දිනවල එහි රූගත කිරීමේ කටයුතු වලට සහභාගි වෙනවා. ඊට අමතරව ‘මෙගා ස්ටාර්’ රියැලිටි වැඩසටහනට දායක වෙමින් එහි පුහුණුවීම් කටයුතුවල නිරත වෙනවා. මේ නිසා ම කාර්ය බහුලව තමයි ජීවිතය ගෙවෙන්නේ.

ඔබ ජාත්‍යන්තර කීර්තියට පත් සිනමා රංගන ශිල්පිනියක්. ප්‍රේක්ෂකයන්ට ළඟදීම දැකගත හැකි ඔබ දායක වූ නවතම සිනමා නිර්මාණ ගැනත් කතා කරමු.

නවතම චිත්‍රපට කිහිපයකටම පසුගිය දවස්වල දායක වෙන්න ලැබුණා. එයින් චිත්‍රපට කිහිපයක් ම මේ වනවිටත් තිරගත වෙලා. මේ අතර මට රඟපාන්න ලැබුණු අපූරු චරිතයක් රැගත් සිනමා පටයක් තමයි ‘ස්තුතියි නැවත එන්න’ කියන චිත්‍රපටය.

එහිදී යුද්ධයේදී අතුරුදන් වන තම හමුදා සැමියා නැවත ගෙදරට එයි කියන විශ්වාසයෙන් පසුවන ගැබිනි බිරියකගේ චරිතයක් තමයි මම නිරූපණය කළේ. යුද්ධයේ අමිහිරි බව කියාපාන ධෛර්යවන්ත බිරියකගේ චරිතයක් රඟපාන්න ලැබීම ගැන සතුටු වෙනවා.

ඔබ ගායිකාවක්. ඔබට හොඳ ගායන හැකියාවක් තිබෙනවා. ගායනයෙන් රසිකයන් අතරට යන්නට බලාපොරොත්තුවක් නැති ද?

කලකට ඉහත මම මගේ ම ගීත ඇතුළත් සීඩී තැටියක් නිර්මාණය කළා. ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකාවලටත් ලබාදුන්නා. ඒත් ඒවායින් මගේ ගීත ප්‍රචාරය වුණේ නැහැ.

ඇත්තටම මට එතැන දී කලකිරීමක් ඇති වුණා. කලා ක්ෂේත්‍රයේ අවුරුදු ගණනාවක සිට නියැලිලා ඉන්න මට එවැනි තත්ත්වයක් ඇති වුණා නම් අනෙක් නවක ශිල්පීන්ට මොනවගේ අසාධාරණකම් වෙනවා ඇත් ද කියලා මට හිතුණා. ඒ නිසා තිබුණු ආශාව උනන්දුව මගෙන් දැන් අඩුවෙලා.

ඇත්තටම ඒ සීඩී එක කරලා මට ලංකාවේ ඉන්න හොඳම ගායිකාව වෙන්න අවශ්‍ය වුණේ නැහැ. මම මගේ ආශාව ඉෂ්ට කර ගැනීමට පමණයි එය නිර්මාණය කළේ. කොහොම නමුත් මම ඉදිරියේදි තවත් නිර්මාණයක් එළිදක්වන්න බලාපොරොත්තුවෙනවා.

දඬුබස්නාමානය වැනි අර්ථවත්, සංක්ෂිප්ත ටෙලිනාට්‍යවල අපූරු රංගනයක නියැළුණු ඔබ බට්ටී වැනි මෙගා ටෙලිනාට්‍යවලටත් දායක වුණා. මෙගා ටෙලිනාට්‍ය ඔබ වැනි නිළියකට සුදුසුයි කියා ඔබ සිතනවාද?

බට්ටී ටෙලිනාට්‍යය මෙගා ටෙලිනාට්‍යයක් වුවත් එය රටේ අතිශය ජනප්‍රිය වුණා. මම මෙගා ටෙලිනාට්‍යවලට දොස් කියන්නේ නැහැ. රංගනය කියන්නේ වෘත්තියක්.

මම හිතන්නේ මෙගා නාට්‍යයත් අනෙකුත් නාට්‍ය වගේ ම ලංකාවේ තිබිය යුතුයි කියලයි. මම මෙගා නාට්‍යයක නිෂ්පාදිකාව විදිහට එයින් සමාජයට වෙන යහපත දැක තිබෙනවා. මෙගා නාට්‍ය විරෝධයක් මගේ නැහැ.

අද ‘රිදී තාරකා’ නාට්‍යය නිපදවන්න ශිල්පී ශිල්පිනියන් සියයකට වැඩි පිරිසකගේ දායකත්වය ලැබෙනවා. ඒ වගේ ම මෙහි අයහපත් පැත්තකුත් තිබෙනවා.

ඒ තමයි හොඳ අර්ථවත් නිර්මාණ කරන ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරුන්ට තමන්ගේ නිර්මාණ එළිදක්වන්නට මෙගා ටෙලිනාට්‍ය නිසා අවස්ථාව මඟ හැරිලා තිබෙනවා. මේ නිසා ඒ පිළිබඳව රූපවාහිනී නාලිකා සලකා බලා ඔවුනට සාධාරණයක් ඉටු කළ යුතුයි කියන මතයේ මම සිටිනවා.

ඔබ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට සූදානම් වන බව පැවසුවා. ඒ කුමක්ද?

වසර ගණනක් කලා ක්ෂේත්‍රයේ අත්දැකීම් ලැබුණු කලා ශිල්පිනියක් විදිහට මගේ හිතේ හීනයක් තිබෙනවා. කවදා හෝ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ යුතුයි කියලා.

ඒත් එය ඉතාම ඉක්මනට සිදුවන දෙයක් නොවෙයි. තවම එය සිතුවිල්ලක් පමණයි. මේ දක්වා මම හිතපු දේවල් කළා. මම තව ටෙලිනාට්‍ය දෙක තුනක්වත් අධ්‍යක්ෂණය කිරීමෙන් අනතුරුව තමයි සිනමා අධ්‍යක්ෂණයකට යොමු වන්නේ.

ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?

ගොඩක් ආසයි හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙන්න. අපි වයසට යන්නෙ නැහැ කියන තැන ඉන්න රංගන ශිල්පිනියක් නෙවෙයි මම. මේ ලෝකෙ සියලු ම දේ අනිත්‍යයි.

තත්පරයෙන් තත්පරය හැමදේම වෙනස් වෙනවා. අපිට හැමදාම මේ තත්ත්වයෙන් ඉන්න බැහැ. මේ වෙනස්වෙන තරුණ කාලෙ ආයෙමත් එන්නෙ නැහැ. ඒ නිසා ආපස්ස බලල දුක්වෙන නිර්මාණවලට දායක වෙනවට වඩා අර්ථවත් නිර්මාණශීලී චිත්‍රපටයකට දායක වෙන්න හුඟාක් ආසාවෙන් ඉන්නවා.

ඔබේ විවාහය තවත් ප්‍රමාද වෙයිද?

නැහැ. එයත් මේ වසරේ අග සිදුවේවි.

දමිතාගේ ලිපිනය - 297/ 1, නුගේගොඩ, පැපිලියාන.

තුෂාරි වික්‍රමසිංහ
ඡායාරූපය - ටෙනිසන් එදිරිසිංහ




Sri Lankan popular Film & Teledrama Actress Damitha Abeyratne's photos. She is famous as "Batti" these days. Kanchana Mendis also in this photos.

Friday, February 5, 2010

එච්. ඒ. පෙරේරා මහතා පෙරේදා (04) අභාවප්‍රාප්ත විය

එච්. ඒ. පෙරේරා

ප්‍රවීණ රංගණ ශිල්පී එච්. ඒ. පෙරේරා මහතා පෙරේදා (04) අභාවප්‍රාප්ත විය. කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගියේ දරුණු පිළිකා රෝගයක් හේතුවෙන් වන අතර මිය යන විට 58 වැනි වියේ පසු විය.

1974 වර්ෂයේදී වීදි නාට්‍ය ශිල්පියකු ලෙස රංගනයට පිවිසි එච්. ඒ. පෙරේරා මහතා රංගන ශිල්පියකු, සංගීතඥයකු ඇතුළු අංශ කීපයකින්ම දශක තුනක පමණ කාලයක් තිස්සේ කටයුතු කැර ඇත.

වෙඩික්කාරයෝ, සෙක්කුව, ජුලියස් සීසර්, මාවතේ අපි, හිට්ලර්, වරෙන්තු, උක්දඬු ගින්න ඇතුළු වේදිකා නාට්‍ය ගණනකට රංගනයෙන් දායක වූ ඒ මහතා යශෝරාවය, කඩ ඉම, බුමුතුරුණු, සිටුවරයෝ, සූරිය දරුවෝ ඇතුළු ටෙලි නාට්‍ය රැසක රඟපෑම් කැර තිබේ.

වසර 30කට ආසන්න කාලයක් ඒ මහතා ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනයේ සේවය කොට ඇත. එච්. ඒ. පෙරේරා මහතාගේ දේහය මේ වන විට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කැර ඇති අතර ඒ පිළිබඳ අවසන් කටයුතු හෙට (07) පස්වරුවේදී මාදම්පිටිය පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.

පතිරාජ එල්. එස්. දයානන්ද

ප්‍රවීණ කලා ශිල්පී පතිරාජ එල්. එස්. දයානන්ද මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට 65 වැනි වියෙහි පසු වූ ඒ මහතා රංගන ශිල්පියකු, අධ්‍යක්‍ෂවරයකු මෙන්ම නාට්‍ය ශිල්පියකු වශයෙන්ද ප්‍රකටව සිටියේය.

1956 වර්ෂයේදී යැංකි හටන වේදිකා නාට්‍යයෙන් කලා ලෝකයට පිවිසි දයානන්ද මහතා ගොළු බිරිඳ, සිත් පෙරළිය, කවුරුත් එන්නේ නැහැ, යකාගේ කම්මල ඇතුළු නාට්‍ය කීපයකම රංගනයෙන් දායක වී ඇති අතර වනගත කොල්ලා, රෑන ගිරව්, හත්දින්නත් තරු, අහස් ගව්ව, සෙලීනාගේ වලව්ව, ප්‍රදීපා, ජෝඩු වළලු, සිංහබාහු ඇතුළු චිත්‍රපට රැසකට දායක වී ඇත.

පතිරාජ එල්. එස්. දයානන්ද මහතාගේ දේහය ගල්කිස්ස කලාපුර පිහිටි ඒ මහතාගේ නිවෙසේ තැන්පත් කැර ඇති අතර ඒ පිළිබඳ අවසන් කටයුතු හෙට (07) පස්වරුවේ ගල්කිස්ස පොදු සුසාන භූ®මියේ දී සිදු කෙරේ.

Wednesday, February 3, 2010

Roshini Madam Devoice?

සුදු හංසි හරහා රිදී තිරයට කතා නායිකාවක වූ සේමිණී ඉද්දමල්ගොඩ කියයි

තමන්ට ලැබෙන ඕනෑම චරිතයක් වෙනුවෙන් උපරිමයෙන් කැප වෙන්නත්, ඒ කැපවීම තුළින් අදාළ චරිතයට මනා සාධාරණයක් ඉටු කරන්නත් ඈ දක්වන්නේ සැබෑම උනන්දුවක්. තරුවක පමණක් නොවී ප්‍රේක්ෂකයන් වෙත වඩාත් නිර්මාණශීලී රංගනයන් ඉදිරිපත් කරන්නට ඈ දැක්වූ උනන්දුව නිසාම ඈ මේ වන විට දක්ෂ චරිතාංග නිළියක ලෙසත් අපේ සිත් පුරා සෙනහසින් ලැඟුම් අරගෙන.

සේමිණී ඉද්දමල්ගොඩ

යළිත් ඈ පිළිබඳ, මේ දිනවල ප්‍රේක්ෂකයන්ගේ සුවිශේෂ අවධානයක් යොමු වෙලා. ඒ “සුදු හංසි” චිත්‍රපටයේ ඈ රඟන අපූර්ව චරිතය නිසාවෙන්. අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද සතුටෙන් කල් ගෙවන සේමිණී ඒ සතුට, සොම්නස අප හා බෙදා හදා ගන්නට අපත් සමග එක් වුණේ මේ විදිහට.......

“සුදු හංසි” මගේ සිනමා ජීවිතයේ මුල්වරට මම ප්‍රධාන චරිතයක් රඟපෑ චිත්‍රපටය. ඒ ගැන හිතේ තියෙන්නේ ලොකු සතුටක්. ගාමිණී වාසලසූරියගේ නව කතාවක් ඇසුරෙන් තමයි මේ චිත්‍රපටයේ තිර පිටපත ලියැවී තිබෙන්නේ. “සුදු හංසි” ප්‍රධාන චරිතයට මට ආරාධනා කළේ අධ්‍යක්ෂ සෆ්රාස් සහ ප්‍රධාන චරිතය රඟන අර්ජුන් කමලනාත්.

“සුදු හංසි” නව කතාව ඔයා කියවලා තියෙනවා ද.....?

ඇත්තෙන්ම මම නව කතාව කියවලා තිබුණේ නැහැ. මම චරිතය ලැබුණාට පස්සේ ඒක කියෙව්වෙත් නැහැ. තිර පිටපතේ තිබුණ විදිහටයි චරිතය රඟපෑවේ. කොහොම වුණත් මේ මම හරිම ආසාවෙන් රඟ පෑ චරිතයක්. සිනමාවේ මගේ හොඳම චරිතයත් මේක කියලා මම විශ්වාස කරනවා.

සේමිණි රඟපාන්නේ චරිත තෝරා බේරා ගෙනද.....?

මගේ සීමාවන් ඇතුලේ කරන්න පුළුවන් ඕනෑම චරිතයක් මම බාර ගන්නවා.

මොනවද ඔය සීමාවන් කිව්වේ.....?

මම දියණියකගේ මවක්. ඒ නිසා චරිතයක් බාර ගැනීමේ දී මම ඒ ගැන දෙපාරක් හිතනවා. මම විසින්ම පනවා ගත් නීතිරීතිවලට එකඟව තමයි ඒ දේවල් කරන්නේ. අනෙක රඟපෑම කියන්නේ මට නම් මුදල්ම නෙවෙයි. යම් භූමිකාවකට සාධාරණයක් කරන්න පුළුවන් කියලා හැඟුණොත් විතරයි මම චරිතයක් බාර ගන්නේ. මගේ සැමියාවත් කිසි දවසක මට එහෙම වාරණයක් පනවලා නැහැ. එයා මට මේ කාර්යයේදී සම්පූර්ණ නිදහස දීලයි තියෙන්නේ. මම දන්නවා මම කරන්නේ මොනවාද කියලා. එහෙම අවබෝධයක් නැති අය අතරේ ප්‍රශ්න, ගැටලු ඇති වෙනවා ඇති. හැබැයි මට එහෙම නැහැ.

එතකොට පහුගිය දවස්වල පැතිරිලා තිබුණේ කට කතාවක්?

ඒ මොකක්ද?

ඔයයි, ධම්මිකයි නීතියෙන් වෙන් වෙන්න යනවා කියලා?

මම දන්න තරමින් නම් එහෙම දෙයක් නැහැ. මගේ මහත්තයා දන්න තරමිනුත් එහෙම දෙයකුත් නැහැ. එහෙම ප්‍රශ්නයක් තිබුණා නම් මම පැකිලෙන්නෙත් නැහැ ඒක එළිපිට කියන්න.

අපේ කතාව වෙන පැත්තකට ගියා. ඒක නෙවෙයි කොහොමද ‘සුදු හංසි’ට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර එහෙම?

හුඟාක් හොඳයි. ඇත්තෙන්ම සතුටුයි. ‘සුදු හංසි’ චිත්‍රපටය සාර්ථක වෙනවා නම් ඒක තමයි මේ දවස්වල මගේ හිතේ තියෙන ලොකුම ආසාව. මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් මම ඉල්ලා සිටිනවා ‘සුදු හංසි’ නරඹලා මට ඒ ගැන අදහස් දක්වන්න කියලා. ඒක මට ලොකු දෙයක්.

වෙන චිත්‍රපටවලට ආරාධනා ලැබුණේ නැද්ද?

කතා කරපු චිත්‍රපට තුනක් තියෙනවා. මේ අවුරුද්ද මගේ් සිනමා දිවිය පැත්තෙන් ඉතා හොඳ වේවි. තවමත් සාකච්ඡා මට්ටමේ අපි ඉන්නේ. කොහොම වුණත් මම ඒවාට දායක වුණොත් මගේ රංගන දිවියේ සුවිශේෂී කඩඉමක් වේවි එය.

දැන් කොහොමද ‘ස්වයංජාත’ රූගත කිරීම් ඉවරද?

මේ දවස්වල හික්කඩුව ප්‍රදේශයේ රූගත කිරීම් සිදු කෙරෙනවා. මම රඟපාන්නේ පබිලිනා ගේ චරිතය. මේ චරිතය රඟපාන්න ලැබීම මගේ ලොකු භාග්‍යයක්. මුලින්ම ‘පබිලිනා’ ගේ චරිතය රඟපාන්න හිටියේ කාංචනා මෙන්ඩිස්. ඒත් එයාට බබා හම්බ වෙන්න තිබුණ නිසා ඒ චරිතයට මට කතා කළා. ඒක මගේ ලක් එක. කාංචනා කළා නම් මේ චරිතය ඒක එයාගෙත් ලක් එක. පබිලිනා ගේ චරිතය ‘කළුවර ගෙදර’ ටෙලි නාට්‍යයේ මම රඟපෑ පොඩි හාමිගේ චරිතය වගේ ප්‍රබල භූමිකාවක්.

‘ස්වයංජාත’ සම්මානනීය නවකතාවක් වගේම අතිශය ජනප්‍රිය නවකතාවක්. ‘පබිලිනා’ එහි කේන්ද්‍රී‍්‍රය චරිතයක්. ඒ නව කතාවෙන් ඔයාට පබිලිනා ගේ චරිතය ගොඩ නගා ගන්න පිටුබලයක් ලැබුණාද?

මම මේ නවකතාව කියවලා නැහැ. තිර පිටපත කියෙව්වට පස්සේ මට හිතුණා නවකතාව කියවන්න අවශ්‍යය නැහැ කියලා. එතකොට ඒ දෙක පැටලෙනවා. මොකද නව කතාවේ යම් යම් දේවල් වෙනස් කරලයි තිර පිටපත සකස් කරලා තිබෙන්නේ කියා අධ්‍යක්ෂ සුදත් රෝහණ මට පැවසුවා.

‘කළුවර ගෙදර’ වගේම ‘ස්වයංජාත’ අපේ රටේ විශිෂ්ටතම නවකතා දෙකක්. ඒ ඇසුරෙන් තැනුණ ටෙලි නාට්‍ය දෙකක රඟපාන්න ලැබීම ගැන ඔයාට මොකද හිතෙන්නේ?

ගොඩක් සතුටුයි. ඒත් මම ‘කරුවල ගෙදර’ නවල් එකත් බලලා නැහැ. කොහොම වුණත් මේ නවකතා දෙකම ලොකු පාඨක ප්‍රසාදයක් ලබා ගත් ජනප්‍රිය නවකතා බව මම දන්නවා.

නවකතා පොත් කියවලා තිබුණා නම් පොඩි හාමිනේගේත්, පබිලිනාගේත් චරිත වඩාත් හොඳින් නිරූපණය කළ හැකිව තිබුණා කියලා හිතෙන්නේ නැතිද?

ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ කියලා කතාවක් තියෙනවානේ. මම අර මුලින් කිව්වා වගේ අයියේ, මුල් කෘතිය කියවලා තිබුණා නම් චරිතය රඟපාද්දී මට අසීරුවක් වෙන්න ඉඩ තිබුණා. මොකද රංගන ශිල්පියාට වඩා වැදගත් තිර පිටපත. රංගනයට අදාළ දේවල් තිර පිටපතෙන් ලබා ගන්න පුළුවන්. මට හිතෙන්නේ එහෙමයි.

සේමිණී වඩා කැමැති සිනමාවට ද නැතිනම් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ද?

ටෙලි නාට්‍යවලට වඩා සිනමාවට මම ආසයි. එක දිගට චිත්‍රපටවල රඟපාන්න මට අවශ්‍ය නැහැ. අවුරුද්දකට චිත්‍රපට තුනක විතර රඟපෑවොත් මට ඇති.

එහෙම නොලැබුණොත් මට අනිවාර්යයෙන්ම ටෙලි නාට්‍යවල රඟපාන්න වෙනවා. ඒ මොකද මම වෘත්තීය නිළියක් නිසා. ඒත් ලැබෙන ලැබෙන හැම දේම බදාගන්න මම සූදානම් නැහැ.

ඉදිරියේදී තිරගත වෙන්න නියමිත චිත්‍රපට මොනවාද?

සුනිල් ටී. ප්‍රනාන්දු නිෂ්පාදනය කළ ‘දකින දකින මල්’ චිත්‍රපටයේ මම රඟපානවා. ළඟදීම එය තිරගත වේවි.

ඔයා නිෂ්පාදනය කළ ටෙලි නාට්‍යයට මොකද වුණේ?

ඒ ටෙලි නාට්‍යය මම නිෂ්පාදනය කළේ අවුරුදු දෙකකට විතර කලින්. එයාර් ටයිම් එකත් දුන්නා. ඒත් තාම ඒක පෙන්නගන්න මට බැරි වුණා. ඒ වියදම් කරපු ලක්ෂ හතළිස් අට මගේ පෞද්ගලික මුදල්. ඒවාට මේ වෙනතුරුම ප්‍රතිලාභයක් ලැබිලා නැහැ. මට පස්සේ ටෙලි නාට්‍යය නිෂ්පාදනය කරපු අයත් අනියම් ක්‍රමවලින් ඒවා විකාශය කරගෙන තිබෙනවා.

කලා කටයුතු අතරේ ගෙදර දොරේ වැඩ කටයුතු අතපසු වෙන්නේ නැහැ . . .?

කොයි තරම් කාර්යබහුල වුණත් ඒවා ගැන මම හොයලා බලනවා. මගේ සැමියාටයි, දියණිය කුමලිටයි හැම යුතුකමක්ම මම ඉටු කරන්න පැකිලෙන්නේ නැහැ.

අපි බොහොම සතුටෙන් ආදර්ශමත් පවුල් ජීවිතයක් ගත කරනවා.කුමලි ඉගෙන ගන්නේ බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසලේ තුන්වැනි ශ්‍රේණියේ. එයා ඉගෙන ගන්නත් දක්ෂයි. මට අවශ්‍ය එයා ලොකු කෙනෙක් කරන්න නෙවේ, හොඳ කෙනෙක් කරන්නයි.

Monday, February 1, 2010

ෆොන්සේකා දියණියෝ රට හැරයති

ෆොන්සේකා දියණියෝ රට හැරයති

ෆොන්සේකා දියණියෝ රට

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ දියණියන් දෙදෙනා වන අප්සරා ෆොන්සේකා සහ අපර්ණා ෆොන්සේකා යන අය ඊයේ උදෑසන යළි ඇමරිකාව බලා පිටත්ව ගොස් ඇති බව ගුවන්තොටුපළ ආරංචිමාර්ග සඳහන් කරයි.

තමන්ට හෝ තම පවුලේ උදවියට රටින් පිටවීමට නොහැකි ලෙස කටයුතු කරන ලෙස ගුවන්තොටුපළේ බලධාරීන්ට උපදෙස් දී ඇතැයි ෆොන්සේකා මහතා කළ ප්‍රකාශයන් පසුගිය දිනවල ප්‍රවෘත්ති ලෙස පළ විය.

එහෙත් මෙම දියණියන් දෙදෙනා ට ගුවන්තොටුපළේ දී කිසිදු ආකාරයක බාධා කිරීමක් ඇති වී නැති බව දැනගන්නට ලැබී තිබේ.

සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන ධනුන තිලකරත්න මහතා පිළිබඳ විමසූ කළ මොවුන් සමග ඔහු ගමන් කර නැතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි. Ada Deranen....


A kiss from her affectinate father


Lighting of the oil lamp