Sunday, August 30, 2009

මරණ දඩුවම යළි
Death Penalty Again

By: Last Man On: 11:49 PM
(කොළඹ, ලංකාපුවත්, අගෝස්තු 30) – මරණ දඩුවම යළි ක්‍රියවාට නැංවීම කෙරෙහි විශේෂ වාර්තාවක් ජනාධිපතිතුමන් වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් සකස් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් වුණු විශේෂ වාර්තාවක් මේ වන විට අධිකරණ අමාත්‍යාංශය සකස් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.

මරණ දඩුවම යලි ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය තුළ දී සාකච්චා වට කිහිපයක් පවත්වා තිබේ. එහිදි එකඟවුණු කරුණු කාරණාවලට අනුව මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතන සිද්ධියේ වැරදිකරුවන්ට එරෙහිව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳව වාර්තාව ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ඊට අදාල නීතිපති වාර්තාව, නඩු විභාග කළ විනිසුරුවරුන්ගේ වාර්තා සහ අභියාචනාධිකරණ වාර්තා මේ වන විට කැඳවා ඇතැයි ද අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

ව්‍යවස්ථානුකූලව මෙම වාර්තා සියල්ල විමර්ෂණය කොට අධිකරණ අමාත්‍යාංශය විසින් විශේෂ වාර්තාවක් සකස් කිරීමට නියමිතය. එය ජනාධිපතිතුමන්ගේ අවධානයට ඉදිරිපත් කිරිමට නියමිතය.

මේ වන විටත් බෝගම්බර සහ වැලිකඩ බන්ධනාගාරයන්හී එල්ලුම් ගහ යලි ක්‍රියාවට නැංවීම සඳහා සූදානම් කර ඇති බවද වාර්තාවේ.
විවිධ අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවන් වී සිටින පුද්ගලයින් 256දෙනෙකුට මේ වන විට ස්ථිර ලෙසින්ම මරණ දඩුවම ලබාදීමට තීරණය කර තිබේ.

ප්‍රවේශම් වන්න! කාම වෙබ් අඩවියක ඔබේ රුවත්....

By: Last Man On: 9:23 AM
Beware from pornographic sites

තිරයේ දිගහැරෙන දර්ශනයෙහි සිටින්නේ නාඹර යුවතියකි. කිසිදු අපහසුතාවයකින් තොරව ඇය කැමරාව ඉදිරියේ විවිධ ඉරියව් පාන්නේ සළුපිළි කිසිවකුදු නැති ගතිනි. නොඑසේ නම් "නිරුවතිනි." ඉන් පසු එය ඡේදනය වන්නේ තරුණ ගැටයකු වෙතය. ඔහු තරුණියට පවසන දෑ පැහැදිලි නැත. ඊට පසු දර්ශනය ඡේදනය වන්නේ අතිශය ශෘංගාරාත්මක දසුන් පෙළකටය. එයට ශෘංගාරාත්මක යන වචනය ගැලපෙන්නේදැයි නිශ්චිත විග්‍රහයක්‌ නැත. කෙසේ වුවද ඒ දර්ශන පෙළ එතරම්ම "සැරය".

එහෙත් මෙහි පෙනී සිටින්නේ විදෙස්‌ රටක තරුණ යුවළක්‌ නොවේ. මේ රටේම ජීවත්වන යුවළකි. සමහර රටවල කාම චිත්‍රපට වල හෝ කෙටි කාලයකට සීමා වූ වීඩියෝ දර්ශනවල මෙවැනි දසුන් ඇති පදමට ඇතිමුත්, ආසියාකරයේ හා මෙරට තරුණ තරුණියන්ගේ ශෘංගාර දර්ශන ඇතුළත් දර්ශන වැඩිවීමේ ප්‍රවණතාවක්‌ පසුගිය කාලය පුරාම දකින්නට ලැබිණි. නවක නිළියන්ගේ හා නිරූපිකාවන්ගේ මෙන්ම බොහෝ තරුණ තරුණියන්ගේ "අසභ්‍ය" දර්ශන ඇතුළත් වීඩියෝ කඩ බුරුතු පිටින් පොලිස්‌ අත්අඩංගුවට පත්වීම්, පැමිණිලි ලැබීම් පසුගිය කාලය පුරාම දක්‌නට ලැබිණි. මේ සියල්ලෙන්ම දැන හෝ නොදැන වීඩියෝගත වූ තරුණියන් බොහෝමයකි.

කලකට ඉහත "අසභ්‍ය" දෑ අඩංගු යමක්‌ වී නම්, ඒ කටවහර "කුණුහරුප පත්තර" යෑයි කියන කොටස පමණි. ශිෂ්ට සම්පන්නව අසභ්‍ය සඟරා යෑයි කියන මේ පුවත්පත් මෙහෙයුම් කරන්නන් උසාවියට ඉදිරිපත් කර දඬුවම් පැමිණවීම සිදු කෙරිණි. එකල කොලුගැටයන් අතර ඉතා රහසිගතව මේ "සඟරා" හුවමාරු විණි. අසභ්‍ය දෑ රසවිඳීමට යෑයි යමක්‌ ඕනෑ වී නම් ඒ එය පමණි.

පසුකලෙක එය වීඩියෝ පට හා සංයුක්‌ත තැටි (CD) දක්‌වා වර්ධනය වූ අතර වර්තමානය වන විට එය "කාම වෙබ් අඩවි" දක්‌වා රූපාන්තරණය වී ඇත. එදවස හොර රහසේ අසභ්‍ය පුවත් සඟරා, වීඩියෝ හා සී. ඩී. තැටි නැරඹුවාට වඩා සීඝ්‍රයෙන් මෙම වෙබ් අඩවි නැරඹීමේ වර්ධනයක්‌ ඇති වී ඇති බව පිළිගත යුතුය. 90" දශකයේ අගභාගය වන විට මෙකී කාම වෙබ් අඩවි තුළ දකින්නට ලැබුණේ බටහිර රටවල නළු නිළියන් (ද?) ඉදිරිපත් කළ කාම දර්ශන පමණි. එහෙත් 2000 වර්ෂයෙන් පසු කෙමෙන් කෙමෙන් මෙරට කාන්තා හා පුරුෂ යුගල පෙනී සිටින කාම දර්ශන ඇතුළත් වෙබ් අඩවි බොහෝ සෙයින් දක්‌නට ලැබිණි. බොහෝ අය අතර "ලෝකල්" කෑලි" බැලීමේ උන්මාදයක්‌ පැතිර ගියේද එබැවිනි.

මිනිස්‌ මනස තුළ සහජයෙන්ම මෙවැනි දෑ දැක බලා ගැනීමේ ආශාවන් ගැබ්ව ඇති බව අපි පිළිගනිමු. එහෙත් මෙහි ඇති භයානක ප්‍රතිඵලය වන්නේ ශිෂ්ට බව හා සංස්‌කෘතිකමය වටිනාකම් උල්ලංඝනය කරමින් වෙබ් අඩවිවලට මුදාහැරෙන දර්ශනවල බුරුතු පිටින් මෙරට කාන්තාවන් හා පිරිමින් බොහෝ සෙයින් දක්‌නට ලැබීමය. එය එතරම් සුළුවෙන් තැකිය යුත්තක්‌ නොවේ.

බොහෝ විට මෙකී දේශීය වෙබ් අඩවි සඳහා පෙනී සිටින්නේ ඒ සඳහාම හොඳින් පුරුදු පුහුණු වූ පිරිසක්‌ බව පෙනේ. ගණිකා වෘත්තියේ යෙදෙන හෝ එවැනි චිත්‍රපට සඳහා පෙනී සිටින පිරිසක්‌ බොහෝ විට මෙකී දර්ශනයන්හි පෙනී සිටි නමුත්, භයානකම තත්ත්වය වන්නේ කැමැත්තකින් තොරව බලහත්කාරයෙන් රූගත කරවා වෙබ් අඩවිවලට එකී අසභ්‍ය දර්ශන මුදාහැරීමයි.

පසුගිය කාලයේ වාර්තා වූ විවිධ සිද්ධීන් ඇසුරින් ගත් කල මෙකී අසභ්‍ය දර්ශන රූගත කිරීම් හා වෙබ් අඩවි සඳහා මුදාහැරීම් කිහිප ආකාරයකින් සිදුවේ. ඒ, කැමැත්තෙන් පෙනී සිටින, පෙම්වතා විසින් රවටා රූගත කරන ලද, විශ්වාසය මත පෙනී සිටි නමුත් අවසානයේ එය වෙබ් අඩවියට මුදාහැරීම සහ බලහත්කාරයෙන් රූගත කිරීම ආදියයි.

කෙසේ හෝ බලහත්කාර රූගත කිරීමක්‌ වර්තමානයේ එතරම් දක්‌නට නැති අතර පෙම්වතිය රවටා රූගත කර වෙබ් අඩවි සඳහා මුදාහරින ලද දර්ශන වැඩිය. බොහෝ විට මෙවැන්නක්‌ අදාළ තැනැත්තිය දැනගන්නා විටත් එය ලක්‍ෂ සංඛ්‍යාත සංඛ්‍යාවක්‌ නරඹා අවසන් විය හැකිය. එතැන් පටන් ඇයගේ ජීවිතය වැටෙන්නේ අඳුරටය.

මෙහිදී කාන්තාවන් මුහුණපාන්නේ ඉතාම අසරණ තත්ත්වයන්ටය. අතිශය පෞද්ගලික තැන්වල සූක්‍ෂ්ම ලෙස කැමරා සඟවා රූගත කරන ලද දර්ශන, පෙම්වතුන්ගේ පෙම්වතියන්ගේ විවිධ ශෘංගාරාත්මක දර්ශන කැමරාෆොaන් (ජංගම දුරකථන කැමරා) මගින් රූගත කිරීම්, මේ ආදී වශයෙන් සමාජයේ විවිධ ස්‌ථානවලදී රූගත කරන වෙබ් අඩවි සඳහා මුදාහරින දර්ශන අපමණය. මේ මොහොත වන විට එවැනි වෙබ් අඩවි විශාල සංඛ්‍යාවක්‌ අන්තර්ජාලයේ හමුවේ.

මෙවැනි වෙබ් අඩවි නැරඹීමේ ප්‍රවණතාවයක්‌ නැතැයි කිසිවකු හෝ තර්ක කළ හැක. එහෙත් රට පුරා එක්‌ හන්දියකට දුසිම බැගින් ස්‌ථාපිතව ඇති "නෙට්‌ කැෆේ" (NET CAFE) තුළට වැද ඒවායේ කුටි වශයෙන් තනා ඇති "හුණ්‌ඩු කාමර" වලට වැදී අන්තර්ජාලයට පිවිසෙන දූ දරුවන් නරඹන්නේ කවරක්‌ද යන්න සොයා බලන්නෙකුට එහි සත්‍යතාවය වැටහෙනු නිසැකය. මෙහිදී මේ කාම වෙබ් අඩවිවලට පිවිසෙනු පිණිස අන්තර්ජාල පරිහරණය කරන්නේ තරුණ තරුණියන්ම පමණක්‌ යෑයි මත ගොඩනගා ගැනීම එතරම් සුදුසු නැත. ඊට වයස්‌ බේදයක්‌ නැත. අන්තර්ජාල තාක්‍ෂණයට පින් සිදු වන්න දැන් තොරතුරු ලබාගැනීම වේගවත්ය. එමෙන්ම පෞද්ගලිකයි - රහසිගතයි. තමන්ගේ ජංගම දුරකථනයට පවා වත්මනෙහි අන්තර්ජාල පහසුකම ලබාගැනීමේ හැකියාව පවතී. ජංගම දුරකථනයක්‌ පහසු මිලට ලබාගැනීමේ හැකියාව ද පවතින බැවින් ඊට කවර බාධාද?

එවැනි දියුණු තාක්‍ෂණයක්‌ පැරදවීමට උත්සාහ දැරීම කළ නොහැක්‌කකි. ලිංගිකත්වයට වැට බැඳීමේ වුවමනාවක්‌ ද මේ සටහන් කිරීම තුළ නැත. එසේ කළ හැකිවී නම් මීට වසර ගණනාවකට පෙර මෙවැනි වෙබ් අඩවි තිබෙන බවත්, බොහෝ අය එය නරඹන බවත් දැනගත් මොහොතේ එය අත්හිටුවීමේ හැකියාවක්‌ තිබිණි.

කෙසේ හෝ වෙබ් අඩවි තහනම් කිරීමේ හෝ තහංචි පැනවීමේ ක්‍රියාදාමයකට වඩා මේ මොහොතේ එකී වෙබ් අඩවි සඳහා අපේ තරුණ තරුණියන්ගේ රුව මුදාහැරීම වළක්‌වාලීමේ ක්‍රියාදාමයක්‌ අවශ්‍ය වේ. එහිදී, සමාජයීය වශයෙන් මෙකී අල-ජී ක්‍රියාවට වැට බැඳීමේ පෙරමුණ ගත යුත්තේ ද ඔබමය.

පෙම්වතියන් තමන්ගේ පෙම්වතාගේ අවිශ්වාස කටයුතු හැසිරීම දෙස සුපරීක්‍ෂාකාරී වීම වැදගත්ය. ඒ අනිසි හැසිරීම ඊළඟ තත්පරයේ සිට ඔබේ රුව අන්තර්ජාලයට මුසු කිරීම විය හැකිය.

"අපි බැඳලා හෝටලේට ගියාට පස්‌සේ වයිෆ් මුළු කාමරේම සර්ච් කළා. එයා කිව්වේ සමහර විට හෝටලේ කාමරවල කැමරා සෙට්‌ කරලා තියෙන්න පුළුවන් කියලා එයාගේ යාළුවෙක්‌ කිව්වා කියලයි."

මෑතදී විවාපත් වූ මිතුරකු එසේ පැවැසීය. යම් තරමකට හාස්‍ය උපදවන කාරණයක්‌ වුවද එහි බොහෝ දෑ සිතන්නට ඇත. ඒ අප ප්‍රවේශම් විය යුතු තරම පිළිබඳවයි.

එහෙත් බොහෝ විෂයයන් සඳහා "විශේෂඥයන්" සිටින අපට මෙකී වෙබ් අඩවි සොයා පවත්වාගෙන යන්නන්ට එරෙහිව කටයුතු කිරීමේ අවස්‌ථාවක්‌ ඇති බව විශ්වාස කරමු.

වෙබ් අඩවි තහනම් කිරීමට වඩා යහපත් වන්නේ එවැන්නකි. "තහනමක්‌" යනු කුතුහලයට වැඩි ඉඩක්‌ ලබාදීමයි. එවිට "කුතුහලය" ඇත්තවුන්ට තව තවත් බොහෝ දේ ලබාදෙන්නට කාම වෙබ් අඩවි පවත්වාගෙන යන්නවුන් ක්‍රියා කරනු නිසැකය. ඊට බිලිවන්නේ අපේම තරුණ තරුණියන්ය.

උදේශ ගමගේ

Divaina

Saturday, August 29, 2009

යුරේනි නොෂිකා මේ දිනවල වැඩ රාශියක නිරත වෙලා

By: Last Man On: 1:40 PM

කිඳුරංගනා ටෙලි සිත්තම තුළින් ජනප්‍රියත්වයක් ලබා ගත් යුරේනි නොෂිකා මේ දිනවල වැඩ රාශියක නිරත වෙලා ඉන්නවා. ඒ ‘සකල එෆ්. එම්’ ප්‍රහසනාත්මක ටෙලි නාට්‍යයේ රූගත කිරීම් නිසා. සාරංග මෙන්ඩිස්ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි යුරේනි අමුතුම ආකාරයේ රංගනයක නිරත වෙනවා.

ඩාන්සින් ස්ටාර් තුළින් ලැබූ ඉමහත් ජනප්‍රියත්වය නිසාම ඇයට මේ දිනවල චිත්‍රපට සඳහා ඇරයුම් ලැබිලා තියෙනවා. ඒ සිරස මාධ්‍ය ජාලයේ නිෂ්පාදනයක් වන ‘සුපර් ස්ටාර්’ චිත්‍රපටයටත් ‘නිනෝ ලයිව්’ චිත්‍රපටයටත් ය. ‘සඳ සාක්කි’ටෙලි සිත්තම තුළින් මේ දිනවල ඔබ හමුවන ඇය අතිශය කාර්යබහුලයි.
Cinema, Movies, Music

අනෝමා ජනාදරී
Anoma Janadari, Sri Lankan Actress, Cinema

By: Last Man On: 12:39 AM

අනෝමා ජනාදරී අන්තර්ජාතික සම්මාන දිනූ දක්ෂ චරිතාංග නිළියක්. ‘තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටයේ රඟපෑම් උදෙසා ඇය 2003 සිංගප්පූරු අන්තර් ජාතික චිත්‍රපට උළෙලේ හොඳම නිළිය සඳහා වන සම්මානය දිනාගත්තා. මේ ඇය සමඟ කළ සතුටු සාමීචියයි.

අනෝමා මේ දවස්වල මොනවද කරන්නේ?

”මම අලුතින් නිපදවන වේදිකා නාට්‍යයක රඟපානවා. අද හොඳ චිත්‍රපට නම් නොහැදෙන තරම්. ඒ නිසා මම වගේ නිළියකට ඒක ප්‍රශ්නයක්. මෑතදී තැනුණේ හොඳ චිත්‍රපට දෙකයි. එකක් ‘අක්ෂරය’. අනෙක ‘ආකාස කුසුම්’. ටෙලි නාට්‍යවල නම් රඟපාන්න දෙයක් නැහැ. හොඳ චරිතයක් ලැබුණොත් විතරක් රඟපානව මිසක් ලැබෙන හැම ටෙලිනාට්‍යයක්ම භාරගන්නේ නැහැ.


මොකක්ද ඔබ රඟපාන වේදිකා නාට්‍යය?

”ඒකේ නම ‘මහාරාජිනි’. ඉතාලි ජාතික ඩාරියෝ ෆෝගේ නාට්‍යයක අනුවර්තනයක්. නාට්‍යයේ අනුවර්තනය හා නිෂ්පාදනය ධර්මජිත් පුනර්ජීව. මේක මාධ්‍ය හැසිරීම ගැන කියැවෙන නාට්‍යයක්. මාධ්‍ය මඟින් ජන ආකල්ප වෙනස් කරන හැටි ගැන තමයි මේ නාට්‍යයේ කතාවෙන්නේ. මම රඟපාන්නේ මාධ්‍ය ආයතනයක හිමිකාරීනියගේ චරිතය.

ඔයා මීට ඉහත ධර්මජිත් පුනර්ජීව නිෂ්පාදනය කළ ‘සිංහබාහු’ ඉංගිරිසි නාට්‍යයේ සුප්පා දේවිගේ චරිතය නිරූපණය කළා. මේ චරිතය හරියට පූලාන් දේවි වගේ වුණු බව ‘සිංහබාහු’ නිර්මාතෘ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ බිරිය – ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කරලා තිබුණා. මේ චෝදනාව ගැන ඔයාට මොනවද කියන්න පුළුවන්?

’ඒක නිෂ්පාදකවරයාගේ අර්ථකථනය. ඔහුගේ අර්ථකථනයට අනුවයි මම රඟපෑවේ. ඔහුට ඕනෑවුණේ නැහැ සුප්පාදේවී හඬාවැටෙන, විලාප තියන ගැහැනියක් කරන්න. සුප්පා දේවි කියන්නේ එඩිතර ගැහැනියක්. තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් එඩිතර තීරණ ගත් ගැහැනියක්. ඒ වගේ රාජ කුමාරියක් සිංහයකු වැනි දඩබ්බරයකු සමඟ ජීවත්වන්නට හදපු එකම එඩිතර තීරණයක්. ඇය සාම්ප්‍රදායික චරිතයක් නෙමේ.

ඔබ කියන්නේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් මවපු සුප්පා දේවි හඬා වැටෙන ගැහැනියක් කියලද?

”ඔව්. හැම වෙලේම ඇය කරන්නේ විලාප තියන එක. පරණ පිටපතට අලුත් අර්ථකථනයක් දීමේ අයිතිය නිෂ්පාදකවරයාට තියෙනවා. ඒ නිෂ්පාදනය කළ සුප්පා දේවි වෙතින් පූලාන් දේවියක් මතුවුණා නම් ඒක නිෂ්පාදකවරයාගේ සාර්ථකත්වය. මොකද ඔහුට ඕනෑ කළේ එබඳු චරිතයක් නිර්මාණය කිරීමයි. නිළියක වශයෙන් මම කළේ ඔහුගේ අර්ථකථනයට අනුව රඟපෑමයි.

ඔබ ‘කුපාඩියා’ යන නමින් යුතු චිත්‍රපටයක රඟපානවා කියලා පසුගිය දවස්වල පත්තරවල තිබුණා.

”ඔව් මම රඟපෑවා. මේ චිත්‍රපටයේ තිරරචනය පිළිබඳ ප්‍රශ්න තිබුණා. තිර රචනයේ මගේ චරිතය මට ඕනෑ විදියට වෙනස් කරගන්න ඉඩ දෙනවා නම් රඟපානව කියලා මම කිව්වා. අධ්‍යක්ෂවරයා ඒ සඳහා එකඟවුණු නිසා මම රගපෑවා”.

’තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටයේ ඔබ නිරුවතින් රඟපෑවා. අද ආපහු හැරිලා බලද්දි ඔබට ඒ ගැන කිසියම් ආකාරයක පශ්චාත්තාපයක් ඇතිවෙන්නේ නැද්ද?

’රඟපෑම මගේ වෘත්තිය. මගේ වෘත්තිය සම්බන්ධයෙන් මම අවංකයි. වෘත්තීය නිළියක් වුණාම (මං දන්නේ නැහැ මං මේ අපේ සංස්කෘතියට අදාළව ද කතා කරන්නෙ කියලා) ඕනෑම චරිතයක් ඕනෑම විදියට රඟපාන්න පුළුවන් වෙන්න ඕනෑ.

එහෙම රඟපාලා ඒ හිටියේ මම නෙමෙයි කියලා මම කියන්න යන්නේ නැහැ. ඒ වගකීම මම භාරගන්නවා. ‘තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටයේ චරිතය ඉල්ලා සිටි දේ මම කළා.

ඉදිරියටත් මම එහෙමයි. කුල ප්‍රශ්න, ජාතික ප්‍රශ්න, ආගම් ප්‍රශ්න අපිට වඩා දැඩිව තියෙන ඉන්දියාවේ නිළියකට පුළුවන් වුණා නම් පූලාන් දේවිගේ චරිතය නිරුවතින් රඟපාන්න ඇයි මට බැරි ඒ වගේ නිරුවතින් රඟපාන්න කියලා මට හිතුණා. ඇත්තටම මට පූර්වාදර්ශයක් වුණේ ඒ චරිතය රඟපාපු නිළිය.

චිත්‍රපටයක අමුනිරුවතින් රඟපෑවයි කියලා ඔබට සාමාජික වශයෙන් ප්‍රශ්න මතුවුණේ නැද්ද?

”කිසිම ප්‍රශ්නයක් මතුවුණේ නැහැ. ප්‍රශ්නයක් මතුවුණේ ගෙවීම් සම්බන්ධයෙන් පමණයි. මගේ කැපකිරීමට මට සාධාරණය ඉටුවුණේ නැහැ. වෘත්තීමය වශයෙන් මට අසාධාරණයක් සිද්ධවුණා. මගේ ශ්‍රමය අවතක්සේරු වුණා. එහිදී මං පුරුෂාධිපත්‍යයෙන් බැට කෑවා කියලා අද මට හිතෙනවා.

’තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටයෙන් පසුව ඔයා ‘අක්ෂරය’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්න සූදානමින් හිටියද?

”ඔව්. මම විශ්වාස කළා, මට ඒ චරිතය ලැබෙයි කියලා. මං ඒ චරිතයට සුදුසුයි කියලා මට හිතුණා. හැබැයි මට ඒ චරිතය රඟපාන්න දෙනව නම් පෙර පුහුණුවීම් ඕනෑ කියලා මම කිව්වා. මොකද ඒක බොහෝම බරපතළ චරිතයක්. මම ඒ චරිතය අධ්‍යයනය කළා. නමුත් මට ලැබුණේ නැහැ.

’තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටයේ ඔයා කළ රංගනයට අන්තර්ජාතික සම්මාන ලැබුණා. එය ඔබ ලද සුවිශේෂී ජයග්‍රහණයක්. ඔබ රටට විශාල කීර්තියක් ගෙන ආවා. එහෙත් ඒ වෙනුවෙන් ඔබට ඔබගේ වෘත්තීය ක්‍ෂේත්‍රයෙන් නිසි ගෞරවය ලැබුණයි කියලා හිතනවද?

පැහැදිලිවම නැහැ. එහෙම ගෞරවය නොලබන්න මොකද්ද මම කරපු වරද? අපි රඟපාපු විදිය වැරදිද? එහෙම නම් ඒක විවේචනය කරන්න ඕනෑ. අඩුම ගාණේ රඟපෑම් අපිට දිරවන්නේ නැහැ කියලවත් කියන්න ඕනෑ.

කොටින්ම අන්තර්ජාතික සම්මාන ලැබුණ කියලා ‘කුපාඩියා’ චිත්‍රපටය තෙක් ඔයාට රඟපාන්න කිසිම චිත්‍රපටයක් ලැබුණේ නැහැ?

”මට විතරක් නෙමෙයි නීටා ප්‍රනාන්දු වැනි ප්‍රවීණ නිළියකටවත් අන්තර්ජාතික සම්මාන දිනාගත්තයින් පසුව කවුරුත් රඟපාන්න චිත්‍රපට දුන්නේ නැහැ. ඒ නිසා ඇයටම සිද්ධවුණා තවත් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න.

ඉතින් අන්තර්ජාතික සම්මාන දිනූ දමිතා අබේරත්න ගැන, නිම්මි හරස්ගම ගැන මා ගැන කවර කතාද? සිනමා ක්‍ෂේත්‍රයේ කුහකත්වයක් තියෙනවා. ඒක අපිට තේරෙනවා.

ඇයි ඔයා අනික් නිළියන් එක්ක ගත්දි ඔවුන්ගෙන් ඈත්ව හුදෙකලාව ඉන්නේ?

”මට තියෙන්නේ ඇතැමුන් කොයිතරම් අවංක ද කියන එක පිළිබඳ ප්‍රශ්නයකුයි.

ඔයා දැන් තනිවම නේද ජීවත් වෙන්නේ?

”ඔව්. මම ස්වාධීනත්වයට බොහෝම කැමැති ගැහැනියක්. මම විශ්වවිද්‍යාලයට ගියෙත් ස්වාධීනත්වය හොයාගෙන. එහෙම නොගියා නම් ගෙදර අය මාව කාටහරි කසාද බන්දලා දෙන්න ඉඩ තිබුණා.

තනියම ජීවත්වෙද්දි පැවැත්ම පිළිබඳ ප්‍රශ්න මතුවෙනවා. ඔයා කොහොමද ඒවාට මුහුණ දෙන්නේ?

”මේක අර්බුදකාරී බව මම දන්නවා. එහෙත් මට මගේ වෘත්තියෙන් පූර්වාදර්ශ තියෙනවා. එක් කෙනෙක් තමයි අපේ පුරෝගාමී නිළි රුක්මණී දේවි. අනිත් නිළිය තමයි ස්වර්ණා මල්ලවආරච්චි.

ඒ කියන්නේ නැවත විවාහවෙන්න අදහසක් නැහැ?

”නැහැ. මම තනියම ජීවත්වෙනවා.

අශෝක හඳගම (ඔයාගේ හිටපු සැමියා) ඔහුගේ චිත්‍රපටයක රඟපාන්න ආරාධනා කළොත් ඔයා ඒ ඇරියුම පිළිගන්නවද?

”පැහැදිලිවම පිළිගන්නවා. කොන්දේසි විරහිතව මම ඔහු යටතේ රඟපාන්න කැමැතියි. හැබැයි මගේ ශ්‍රමය අගය කිරීම උඩ. සිනමාවේ යතුරු තහඩුව මාරු කරන්න කියලා මම හඳගමගෙන් ඉල්ලා සිටිනවා.

අපේ නිළියන් ගැන, රංගනය ගැන ඔබ මොකද හිතන්නේ?

”රංගනය කියන දේ අධ්‍යාපනික කාර්යයක් කියන ස්ථාවරයේ අද මම ඉන්නවා. අද මේ වෘත්තිය මෝස්තර නිරූපිකාවන් විසින් ආක්‍රමණය කරලා ඉවරයි. එහෙත් රසිකයන් ඔවුන් ප්‍රතික්ෂේප කරන දිනය වැඩි ඈතක නැහැ.

මොකද මෝස්තර නිරූපණයයි රංගනයයි කියන්නේ දෙකක්. අපේ නිළියන්ගෙන් මාලිනී ෆොන්සේකා විතරයි යාවත්කාලීන බවින් රඟපාන එකම නිළිය. ඇය ඒ යාවත්කාලීන බව අඛණ්ඩව පවත්වාගෙන ගිහින් තියෙනවා. එහෙම නිළියකට ඉන්නේ ඇය විතරයි. වෙන කවුරුත් නැහැ.

සුමිහිරි - Silumina

Thursday, August 27, 2009

Girl V Boy

By: Last Man On: 1:45 PM

Tuesday, August 25, 2009

රට වෙනුවෙන් යමක් කරන්න මේ හොඳම කාලයයි - අනර්කලී

By: Last Man On: 2:24 PM
ඇයි ඔබ දේශපාලනයට එන්න හිතුවේ?

මූලිකම දේ මම දේශපාලනයට කොහොමත් කැමැති කෙනෙක්. ඒකට මූලික හේතුව වෙන්න ඇත්තෙත් මගේ පවුල් පරිසරය. මගේ සීයා ආරිය ජයතිලක හිටපු ඇමැතිවරයෙක්. ඔහු හිටපු ක්‍රියාකාරී දේශපාලනඥයෙක්. ඒ වගේ ම මගේ ඥාතියකු වන එඩ්මන්ඩ් සමරක්කොඩි.

ඔහුත් ක්‍රියාකාරී දේශපාලනඥයෙක්. මේ බලපෑම, පරිසරය මට ලැබෙන්න ඇති කියලා මට හිතෙනවා. අනෙක් දේ මට පුළුවන්කමක් තියෙනවා මේ වගකීම් භාරගෙන වැඩ කරන්න. මේ මොහොතේ මගේ රට වෙනුවෙන් යමක් කරන්න හොඳම කාලය කියලයි මට හිතෙන්නේ.

මොකක්ද ඔබට දේශපාලනයට එන්න තියෙන සුදුසුකම?

“මා මුලින් කියූ පරිදි අපේ පවුල් පරිසරයෙන් ම ඒ සුදුසුකම ලැබිලා තියෙනවා. අපේ පවුලේ හිටපු දේශපාලන ක්‍රියාකාරීන් හොඳින් ඒ ඒ ප්‍රදේශවලට සේවය කරලා තියෙනවා. හොඳ දෙයක් කළොත් අමතක වෙන්නේ නැහැ මිනිසුන්ට. අද ඒ පරම්පරා අලුත්වෙලා හිටියත් ඔවුන් පවා අපේ සීයලා කළ දේවල් තවම මතක් කරනවා.

මගේ බලාපොරොත්තුවත් අපේ රටේ ජනතාව වෙනුවෙන් හොඳ දෙයක් කරන්න. ඒ වෙනුවෙන් ගොඩක් කැපවෙලා වැඩ කරන්න මම කැමැතියි. මෙහෙම දෙයක් මම කියන්න ඕන. මට වරදින්නේ නැහැ කියලා කියන්න බැහැ. නමුත් ක්‍රමානුකූ®ලව නිවැරදිව හැමදේ ම කරන්නයි මම උත්සාහ ගන්නේ.

දේශපාලනය නිසා ඉදිරියේදී ඔබේ කලා කටයුතු කොහොම වෙයිද?

“කලාව නිසා මාව බොහෝ දෙනෙක් දැන අඳුන ගත්තා. ඒ නිසා සිනමාවේ හෝ වේවා පුංචි තිරේ හෝ වේවා මගේ රසික පිරිස කවදාවත් මම අමතක කරන එකක් නැහැ.

අනිවාර්යයෙන් ම හොඳ නිර්මාණවලට මම දායක වෙනවා. තවම මට අවුරුදු 22 යි. ඒ නිසා තවම වයස තියෙනවා. කාලය තියෙනවා. හොඳ නිර්මාණවලින් කවදාවත් මම ඈත් වෙන්නේ නැහැ කියලා මම කියන්න ඕන.

අඩු වයසින් දේශපාලනයට ඒම ඉක්මන් වුණා වැඩියි කියලා හිතෙන්නෙ නැද්ද?

මම හිතන්නේ මේ කාලයේ යොවුන් පරපුර ඉදිරියට ඇවිත් කටයුතු කරන්න ඕන කාලයක්. ඉස්සර වගේ නෙමෙයි අද තරුණ වයස වනවිට තාක්ෂණයෙන් අධ්‍යාපනයෙන් මේ පිරිස පෝසත්. ගොඩක් ඉදිරියට ඇවිල්ලා. මේ අවස්ථාව මම දකින්නේ යොවුන් පරපුර නියෝජනය කරන්න ලැබුණු අවස්ථාවක් විදිහට. ඒ නිසා එය මඟ හරින්න මට අවශ්‍ය වුණේ නැහැ.

මම කැමැතියි තරුණ පරපුර ඉදිරියට එනවට. මේ රටට වැඩක් කරනවට. විදේශීය අධ්‍යාපනය දැනුම ලැබුවට කමක් නැහැ. ඒ අත්දැකීම් හරි මේ පුංචි ලංකාවට ලබාදෙන්න පුළුවන් නම් ඒ දේයි අපට රට වෙනුවෙන් කරන්න පුළුවන්. ඒ නිසා රට වෙනුවෙන් සේවය කරන්න වයස එතරම් ගැටලුවක් කියලා මම හිතන්නෑ.

පසුගිය කාලයේ කලාකරුවන් රැසක් මැතිවරණවලට ඉදිරිපත් වුණා. ඔබ මෙය දකින්නේ කොහොමද?

තමන්ගේ පෞද්ගලික කැමැත්ත නිසා ඒ විදිහට ඔවුන් එන්න ඇති. නමුත් ඒ පිළිබඳ කතා කරන්න මට අයිතියක් නැහැ කියලයි හිතෙන්නේ.

කලාවෙන් හදාගත්තු නම දේශපාලනයට සුදුසු කමක් කියල හිතෙනවද?

“මං සිනමා නිළියක් නිසා ම නෙමෙයි දේශපාලනයට එන්නේ. මට දේශපාලන පසුබිමක් තියෙනවා. මට මූලිකම දේ රට වෙනුවෙන් වැඩ කරන එක. ශ්‍රී ලාංකික හොඳ පුරවැසියෙක් වෙන එක. ජනාධිපතිතුමා බලයට ගේන්න මම වැඩ කළා. “මහින්ද චින්තනයට” මම ගොඩක් ගරු කරනවා. එතකොට මට අවුරුදු 18 යි. එදා මම විශ්වාසය තැබුවා, බය නැතුව ඉදිරියට ආවා.

දැන් අපි දකිනවා ඉදිරියට යන පාර පැහැදිලියි කියලා. අද මුළු ශ්‍රී ලංකාවම එකම ධජයක් යට ජාති භේදයෙන් තොරව සාමයෙන් ඉන්න මොහොතකට අපි ඇවිල්ලා ඉන්නේ. එවන් මොහොතක මට මේ වගේ අවස්ථාවක් ලැබීම පළාත් සභාව හරහා වැඩ කරන්න ලැබීම තුළ උපරිමයෙන් වැඩ කරන්නයි මට ඕන.

ඔබට දේශපාලනයට එන්න හිතුණෙ?

බොහෝ දෙනෙක් මගෙන් අහපු දෙයක් තමයි කවදද අනර්කලී ඔයා රට වෙනුවෙන් වැඩ කරන්නේ, දේශපාලනයට එන්නේ කියලා. තරුණ පරපුර විශේෂයෙන් මගෙන් ඒ ගැන අහනවා. ඒ නිසා ඒ අදහස මා තුළ තවත් වැඩි වුණා. ඉතිං මං විශ්වාස කළා මම මේ අභියෝගය භාරගන්නවා කියලා.”

ඒ වෙනුවෙන් මොනවද මේ දවස්වල ඔබේ වැඩ කටයුතු?

“මම බලාපොරොත්තුවෙන් ඉන්නේ නාම යෝජනා භාර දෙනකම්. එය කවදද ප්‍රකාශ කරන්නේ කියලා මම බලන් ඉන්නේ. ඒ වගේම කොයි ප්‍රදේශයද ඒ වෙනුවෙන් ඉදිරි වැඩපිළිවෙළ සකස් කරන්නත් අවශ්‍ය කියන කටයුතු මේ දිනවල සැලසුම් කරමින් ඉන්නේ.

වසන්ත ජයසිංහ ආරච්චිගේ- Silumina

Monday, August 24, 2009

ස්වර්ණා 61 වැනි උපන් දිනය සමරයි
Sri Lankan Actress Swarna Mallawaarachchi's 61st Birth Day

By: Last Man On: 4:23 AM

ප්‍රවීණ සිනමා නිළි ස්වර්ණා මල්ලවආරච්චි පසුගිය පළමුවැනිදා තම ජීවිතයේ 61 වැනි උපන් දිනය සැමරුවා. ඒත් එදින ඇය හිටියේ ලංකාවේ නෙමෙයි.

ඇය ඉන්දියාවේ සංචාරයක නිරතව සිටියා. ස්වර්ණා කොහොමත් ලංකාවේ හිටියත් උපන් දිනය උජාරු උත්සවයක් කරගන්නා නිළියක් නෙමෙයි. ස්වර්ණා හැට පිරුණත් තවමත් වයස නොපෙනෙන නිළියක්.

ස්වර්ණා වසර ගණනාවකට අලුත් චිත්‍රපටයක රඟපෑවේ නැහැ. ඇය අවසන් වරට රඟපෑවේ ප්‍රසන්න විතානගේ ගේ ‘අනන්ත රාත්‍රිය’ චිත්‍රපටයේ.

ඇය ටෙලිනාට්‍යවල නම් රඟපාන්නේම නැහැ. වෘත්තිමය වශයෙන් ස්වර්ණා අද රාජ්‍ය නොවන සංවිධානයක ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක්.

ස්වර්ණගේ දියණිය (නරේන්ද්‍රා ප්‍රභාෂ්වරී බණ්ඩාරනායක) දැන් විසිපස් හැවිරිදි තරුණියක්. ඇය පසුගිය අවදියේ එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය විශ්ලේෂණය පිළිබඳ උපාධියක් ලබාගත්තා.

ඇය දැන් නැවතත් එම විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධියකට සූදානම් වෙනවා. පෞද්ගලික ජීවිතයේදී ස්වර්ණා අද වැඩි අවධානයක් යොමුකර තිබෙන්නේ රංගනයටත් වඩා ඡ්‍යොතිෂ විෂයය කෙරෙහියි. උපන් වෙලාව නිවැරැදිව කිවහොත් ඕනෑම කෙනකු මියයන වෙලාව පවා කීමට තරම් ස්වර්ණා දැන් ඡ්‍යොතිෂයේ ප්‍රවීණයි.

අපි ‘රසඳුන’ට හොඳ සම්මුඛ සාකච්ඡාවක් කරමුද?අපි ස්වර්ණාගෙන් ඇහැව්වා.

”අනේ මම ඔය ටැබ්ලොයිඩ් පත්තරවලට දැන් ඉන්ටවීව්ස් දෙන්නේ නැහැනේ. අනික මම අවුරුදු ගාණකින් මුකුත් කළෙත් නැහැ. ඉතින් මොනව කතාකරන්නද? කොහොම වුණත් ආයේ දවසක කතා කරන්නකෝ?” ස්වර්ණා අපට එසේ කියා සිටියා. - Silumina

Sunday, August 23, 2009

‘හම්බන්තොට දිසාවෙන් තරඟවදිනවා’ - ටෙලිනාට්‍ය නිළි සුසන්තා චන්ද්‍රමාලි

By: Last Man On: 3:44 AM
(කොළඹ, ලංකාපුවත්, අගෝස්තු 23) – දකුණු පළාත් සභා මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ටෙලිනාට්‍ය නිළි සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය ඉදිරිපත් වීමට තීරණය කර ඇත.

ඇය ලංකාපුවත් සේවය කළ විමසීමකදී අදහස් දක්වමින් සඳහන් කර සිටියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනාවකට අනුව තමන් මෙලෙස මැතිවරණයට තරඟ වදින බවයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල ආසනයෙන් තමන් තරඟ වදින බවත් එය සිය උපන් ගම බැවින් තමන්ට එම ආසනය පිළිබඳ මනා අවබෝධයක් ඇති බවත් ඇය පැවසුවාය.

තවදුරටත් අදහස් දක්වමින් සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය පවසන ලද්දේ තමන්ට කිසි විටෙකත් මැතිවරණයකට ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවක් නොතිබුණු බවයි. නමුත් කුඩා කළ සිටම සිය දෙමාපියන්ගේ දේශපාලන ක්‍රියාකාරිත්වය වර්තමානයේ මෙලෙස මැතිවරණයට ඉදිරිපත් වීමට අඩිතාලමක් වුණු බව ද ඇය කීය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ඇමතිවරයෙකුව සිටි අවදියේ සිටම තමන් රාජපක්ෂ මහතාටත් රජයටත් සහය ලබා දුන් බවත් ඉන් අනතුරුව කොළඹට කේන්ද්‍රගත වීමෙන් පසුවත් තමන් ජනාධිපතිතුමන් රට වෙනුවෙන් කළ කාර්යභාරයට තමන්ට හැකි ලෙසින් සහය ලබා දුන් බව ඇය පැවසුවාය.

කෙසේ වෙතත් රට වෙනුවෙන් සහ ගම වෙනුවෙන් සිතමින් තමා මෙලෙස හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දකුණු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන බව සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය කීය.

Tuesday, August 18, 2009

ප්‍රීතියෙන්ම ජීවත් වීමට හැකි රටවල් අතර 22වන ස්ථානය ශ්‍රී ලංකාවට
A Country Peoples living Satisfactorily

By: Last Man On: 11:27 PM
A Country Peoples living Satisfactorily

Imageමිනිස්සු බොහෝවිට සතුටින් ජීවත් වී මියයාමට කැමැත්තෝ වෙති. එහෙත් සොබා දහම මිනිසුන්ට සීමා මායිම් පනවයි. සොබාදහමේ නිර්නායක මත මිනිසුන්ට තම ජීවත්වීමේ න්‍යාය පත්‍රය වෙනස් කර ගැනීමට හෝ සකස් කර ගැනීමට හෝ සිදුවෙයි. අනික් අතට ලෝකයේ විවිධ රටවල මිනිසා විසින්ම නිර්මාණය කරගත් තමාටම උඩින් පිහිටුවා ගන්නා ආණ්ඩු විසින් තමන්ට ජීවත් වීමට ඇති අයිතිය හා සතුට සීමා කර ගනිති. මිනිසා ප්‍රජාතන්ත්‍රවාදී වෙත් ම ඔහු තමාගේ අයිතිය හා බලය තවෙකෙකුට පවරා දී තමන්ට තිබූ තැනින් ඉවත්වීම සාමාන්‍යයෙන් දැකිය හැකි දෙයකි. ඒ නිසා බලය ලබා ගන්නා බොහෝ දෙනා මිනිසුන්ට උරුම සතුට හිමිකර දීමට නොකැමැත්තෝ ය.
Imageඑකී ලක්ෂණය ධනවාදය හා වහල් භාවය විසින් මෑත කාලයේ දී ඉතා කුරිරු ලෙස ආක්‍රමණය කර ඇත. අප දකින සැබෑ සත්‍යය නම් ලෝකයේ බොහෝ රටවල වෙසෙන මිනිසුන්ට සතුට අත්විඳීමට එකී රටවල ආණ්ඩු ඉඩ තබා නැති කමයි. තවද අතිරික්ත ධනය හා ශ්‍රමය බලෙන් උරුම කර ගන්න අතලොස්සක් විසින් හැම මිනිසාටම උරුම සතුට හා සොම්නස හොරෙන් පැහැර ගෙන ඇත. පුදුමයකට මෙන් මෙම අති බහුතර මිනිස්සු මෙය තේරුම් ගෙන නැත. ඔවුනට තමන් විඳීන දුක හෝ නරාවලෙක වැටී සිටීම කිසිදා තේරුම් ගැනීමට පුළුවන් වන්නේ ද නැත. ඇතැම් බොහෝ රටවල මේ දෙයාකාරයේම හා විවිධ මට්ටමේ සතුට භුක්ති විදින මිනිස්සු ජීවත් වෙති. මේ නිසා මිනිසුන්ගේ ස්වභාවය මත ඇගයීම් කිරීම ද ගැටළු සහගත ය.

ImageImageමෙය ලෝකයේ ම පොදු සත්‍යය වී තිබේ. එසේ තිබිය දී මිනිසුන් කොහේ හෝ රටක සතුටින් ජීවත් ව සිටින්නේ නම් එය ඇසීමට ලැබීම ම කර්ණ රසායනයකි. එසේ සතුටින් ජීවත්වන මිනිසුන් සිටිනවානම් ඒ මිනිසුන් ලෝකයේ වාසනාවන්තයෝ ද වෙති.

මෑතකදී ලෝකයේ එක්තරා රටවල් දෙකක සංවිධාන දෙකක් මිනිසුන් සතුටින් ජීවත් වීම පිළිබද ව කළ සමීක්ෂණ දෙකක දත්ත ප්‍රකාශයට පත් කර ඇත. ඉන් එකකින් කියවුණේ පාරිභෝජනවාදය හා ආකල්ප ඔස්සේ මිනිසුන්ගේ සතුට මැනීමෙන් ලබාගත් තත්ත්වයන් ය.

Imageආසියානු පැසිෆික් ග්‍රේ ගෲප් ජාත්‍යන්තර ආයතනය නම් වූ එක් සංවිධානයක් ආසියානු හා පැසිෆික් කලාපයේ රටවල් ඇසුරු කරගෙන පාරිභෝගික ආකල්ප හා දර්ශක ඔස්සේ මේ සමීක්ෂණය පවත්වන ලදී. එයට වයස අවුරුදු 18ත් 65ත් අතර පුද්ගලයින් 8000ක් නියැදියක් සේ යොදාගත් බව වාර්තා විය. මේ පිරිස රටවල් 16කට අයක් වුහ. (ලක්බිම-2009.08.18)

Imageමෙම රටවල් දහසයෙන් පළමු තැනට පත් ව සිටින්නේ ශ්‍රී ලංකාවයි. ලංකාව ලබාගත් ලකුණු ගණන 93කි. පිළිවෙළින් වියට්නාමය ලකුණු 80ක් ද බංගලිදේශය 78ක් ද ඔස්ට්‍රෙලියාව 76ක් ද නිව්සීලන්තය 74ක් ද ඉන්දියාව 71ක් ද තායිලන්තය 71ක් ද චිනය 70ක් ද සංගප්පූරුව 63ක් ද පිලිපීනය 57ක් ද මැලේසියාව 55ක් ද දකුණු කොරියාව 52ක් ද ජපානය 48ක් ද හොංකොං 47ක් ද ඉන්දුනිසියාව 45ක් ද තායිවානය 28ක්ද ලබාගෙන තිබුණි. (ඔයැ ෂික්බා-2009.08.18)

Imageමේ සමීක්ෂණයෙන් බැහැර වූ වයස අවුරුදු 65න් ඉහළ වැඩිහිටි ජනගහණය අප ශ්‍රී ලංකාවේ විවෘත ආර්ථික ක්‍රමය තුළ අසරණ වෙමින් සිටිති. ඔවුන්ට ජීවත්වීම ගැටලුවකි. ඔවුන් ජීවත්කරවීම ඒ ඒ පවුල්වල සාමාජිකයින්ට අද ගැටලු ඇතිකර තිබේ. බොහෝ දෙනා විවෘත ආර්ථිකයේ සමාජ රැල්ල විසින් වෙලාගෙන යාන්ත්‍රික මිනිසුන් කර ඇත. ඒ නිසා තමන් ජීවත්වීම ගැන පමණක් බැලීමට ඔවුනට සිදු වී ඇත.

Image එබැවින් අපේ රාජ්‍යයන්ට ඒ සදහා විධිමත් සැළසුමක් සකස් කිරීමට කාලය එළැඹ තිබේ. එවැනි තත්ත්වයක් තුළ වයස 65න් පහළ ජනගහණය සතුටින් සිටීම අගය කළ යුතු ය. සමීක්ෂණයට අදාළ අනෙක් එටවල තත්ත්වය කෙසේ දැ යි අපි නොදනිමු. එහෙත් ඒ රටවල් අත් කරගත් ලකුණුවල තරම අනුව නම් අප රට සමාජයටත් වඩා කුණු වූ සමාජ ඇති රටවල් බව නම් පෙනේ. ලෝකයේ ඉහළ ආර්ථික වර්ධනයක් අත්කරගත් මැලේසියාව, ජපානය, සිංගප්පූරුව, දකුණු කොරියාව යන රටවල ජනයා සතුටින් සිටින්නේ අප රට ජනතාවට වඩා අඩුවෙනි. ඉන් පෙනෙන සත්‍යයක් නම් ආර්ථිකය ශක්තිමත් වූ තරමට ජනතාවගේ සිත් සතන් පහන් වී නැති බවයි. ඒ නිසා අපි දු එකී රටවල ආර්ථික රටා හඹා යා යුතු ද යන්න දැන් ප්‍රශ්න කළ යුතුව තිබේ. අපට අලුත් මාවත් සොයා යාමට දැන් කාලයයි.

අනෙක් සමීක්ෂණය පවත්වන ලද්දේ මහා බ්‍රිතාන්‍යයේ රාජ්‍ය නොවන සංවිධානයක් වන ´´නිව් ඉකොනොමික්ස් ෆවුන්ඩෙෂන් `` :භැඅ ෑජදබදපසජි ත්දමබා්එසදබ* ආයතනයයි. රටවල් 143ක් ඇසුරෙන් පවත්වන ලද මේ සමීක්ෂණයට අයත් රටවල ලෝකයේ ජනගහණයෙන් සියයට 99ක් වාසය කරති.

ඒ වාර්තාව අනුව ලෝකයේ ප්‍රීතියෙන්ම ජීවත්වෙන මිනිසුන් සිටින රට කොස්ටාරිකාව යි. එය මධ්‍යම ඇමෙරිකානු කලාපයේ පිහිටි රාජ්‍යයකි. මේ ලැයිස්තුවේ විසිදෙවැනි (22) ස්ථානය හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවට ය. ලෝකයේ ධනවත්ම රට ලෙෂ සැලකෙන ඇමෙරිකානු එක්සත් ජනපදයට හිමිවන්නේ එකසිය දාහතරවැනි (114) ස්ථානයයි. ඔස්ට්‍රෙලියාව 102වැනි ස්ථානයට පත් වී ඇති අතර එක්සත් රාජධානිය 74වැනි ස්ථානයට පත් වී සිටී. සිංගප්පූරුව 49ටද, ජර්මනිය 51ටද, ස්විට්සර්ලන්තය 52ටද, ජපානය 75ද, නෝර්වේ 88 ද, කැනඩාව 89ද, ඉන්දියාව 35වැනි තැනද ලබාගෙන ඇත. රටවල් 143න් අන්තිම ස්ථානය හිමිකරගෙන සිටින්නේ සිම්බාබ්වේ රාජ්‍යයයි. (දිවයින-2009.08.18)

Imageමෙම සමීක්ෂණයට අනුව මිනිසුන් ප්‍රීතියෙන් ජීවත්වීම සදහා වු නියැදි ලෙෂ යොදාගෙන ඇත්තේ ඉහළ මට්ටමේ ජීවන රටාව ඉහළ ආයු අපේක්ෂාව එක මිහිතලයක ජීවත් වීම හා පරිසර තත්ත්වය යනාදියයි. මෙම ප්‍රධාන කරුණු සියල්ල වෙත ළඟාවීමට එකම රටකටවත් නොහැකි වූ බවද වාර්තා වෙයි. එයින් පැහැදිල් වන්නේ ලෝකයේ එකම රටකවත් මිනිසුන්ට හොද අරමුණු සමග ජීවත් වීමට ඉඩක් ලැබී නැති බව නොවේ ද?

එම සමීක්ෂණය අනුව මිනිසුන්ට ප්‍රීතියෙන්ම ජීවත් වීමට හැකි රටවල් අතර 22වන ස්ථානය හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවට ය. අප රට ලබාගත් ලකුණු සංබ්‍යාව 56.5කි. පළමු තැනට ආ කොස්ටාරිකාව ලකුණු 76.1ක් ලබාගෙන තිබුණී. ලකුණු ලැයිස්තුවේ මුල් ස්ථාන නවයක්ම මධ්‍යම ඇමෙරිකානු රටවලට ලැබී තිබීම සුවිශේෂ සිදු වීමක් ද විය.

Imageමෙම සමීක්ෂණ දෙකෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අපට කතා කිරීමට බොහෝ දේ ඇත. ලෝකයේ විසිදෙවන තැනටත් (22) ආසියාවේ පළමු තැනටත් පත් වූ ශ්‍රී ලංකාව සතුටින් ජීවත්වන ජනතාවකගේ රටක් නම් එය අපට ආඩම්බරයකි. එහෙත් අප රට තුළ සැබවින්ම තවමත් සියයට සියයක් ම සතුටින් ජීවත්වන බව ඉන් නිගමනය කර නැත. ඒ සදහා මිනිසුන්ට තවත් ළං කර දිය හැකි බොහෝ දේ ඇත. එය වර්තමානයේ කළහැකි වන්නේ අද බලයේ සිටින රජයට පමණක් බව මිනිසුන් වටහා ගෙන තිබේ. මීට පෙර බලයට ආ ආණ්ඩු ඒ ගැන සැළකිල්ලක් දක්වා නැත. අපට අනාගතය සම්බන්ධයෙන් ද පැහැදිලි ආණ්ඩුවක් පත්වීම ගැන සහතික නැත. ගෙවී ගිය කාලය තුළ වත්මන් රජය අප රට ජනතාවට වඩා හොද බොහෝ දේ සපයා දීමට සමත් වු බව මිනිස්සු දනිති. අපේ රටේ මිනිසුන් සතුටින් ජීවත්වනවා දැකීමට කැමැති නායකත්වයත් දැන් ඇත. එය මිනිසුන්ගේ ද වාසනාවකි. ඒ නිසා අනාගතයේ අප රට මිනිසුන් ප්‍රීතියෙන් ජීවත් වන ඇතැයි අපට බලාපොරොත්තු තැබිය හැකි යී-Government Information Department

Monday, August 17, 2009

රූ රැජිණ තරඟ මුවාවෙන් කන්තාවන් උගුලට අල්ලා ගැනීමේ ජාවාරමක්
Be mindful of some beauty pageant organizers

By: Last Man On: 3:00 PM

රූ රැජිණ තරඟ සංවිධානය කිරීම හරහා අහින්සක තරුණියන් බිලි බා ගැනීමේ ජාවාරමක් පවතින බව පොලිසිය පවසයි. මේ බව ප්‍රකාශ කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ බාලිකා විදුහලක ශිෂ්‍යාවන් පිරිසක් අමතමින් පොලිසියේ උසස් නිලධාරිණියකි.

මෙම තරඟ සංවිධායකයින් තරුණියන් හට විවිධ අවස්ථා සඳහා බලාපොරොත්තු ලබාදෙමින් ඔව්න් ඩැහැ ගැනීමට උත්සාහ කරන බවත් විවිධ අසභ්‍ය චායාරූප සහ චිත්‍ර පට සඳහ ඔවුන් යොදා ගන්නා බවත් ඇය පැවසීය.

මෙවැනි අපරාධ කරුවන් නීතියේ රැහැනට අසුකර ගැනීම සඳහා පොලිසිය කටයුතු කරමින් සිටින බව ඇය පවසයි

Sunday, August 16, 2009

ෂාරුක් ඛාන් ගුවන් තොටේ දී අත්අඩංගුවට
Bollywood superstar Shah Rukh Khan was detained at the US airport

By: Last Man On: 12:34 AM
සුපිරි බොලිවුඩ් තරුවක්වන ෂාරුක් ඛාන්ව ඇමෙරිකාවේ නිව් ජර්සි හී නෙවාර්ක් ගුවන් තොටුපලේ දී අද(15) දින අත්අඩංගුවට ගෙන පැය 02කට වැඩි කාලයක් ප්‍රශ්න කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ මොහුව ඉන්දියානු තානාපති කාර්යාලය මැදිහත්වීමෙන් පසුව නිදහස් කර ඇති බවයි.

චිකාගෝ නුවර පැවැත්වෙන ඉන්දීය නිදහස් දින උත්සවයකට සහභාගී වීම සඳහා ෂාරුක් මෙලෙස ඇමෙරිකාවට ගොස් තිබේ.

සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින් ෂාරුක් ඛාන් ප්‍රකාශ කර ඇත්තේ ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය ඔහුගේ නම පරිගණක තිරයේ දුටු වහා තමන්ව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට පටන් ගත් බවයි. එමෙන්ම ඔහුට සිය ජංගම දුරකථනය භාවිතා කිරීමට ද එහි සිටි බලධාරීන් අවස්ථාව ලබා දී නැත.

මෙවැනි අවස්ථාවකට මුහුණු දුන් ප්‍රථම අවස්ථාව මෙය නොවන බවද හෙතෙම සඳහන් කර ඇත. කෙසේ වෙතත් තමන්ගේ පවුලේ උදවිය මෙම සංචාරය සඳහා එක් නොවීම පිළිබඳව තමන් සතුටු වන බවද ෂාරුක් පවසා තිබේ.

තවදුරටත් සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් මෙම සුපිරි බොලිවුඩ් තරුව ප්‍රකාශ කර ඇත්තේ තමන්ව අත්අඩංගුවට ගැනීම ජාතිවාදය හේතු කොට ගෙන සිදු වුණු දෙයක් ලෙස සැලකිය නොහැකි බවයි.

ෂාරුක් ඛාන්ගේ සමීප මිතුරෙකු වන චිත්‍රපට අධ්‍යක්‍ෂ කරන් ජොහාර් මේ පිළිබඳව අදහස් දක්වමින් කියා ඇත්තේ, මෙම පුවත සමගින් තමන් පුදුමයට පත් වුණු බවයි. එමෙන්ම ෂාරුක් මේ සිදුවීමෙන් දැඩි ශෝකයට පත්ව ඇති බව හෙතෙම මාධ්‍ය හමුවේ පවසා තිබේ.

ෂාරුක්ව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු සිය නිවසටත්, සිය ලේකම්ටත් මේ පිළිබඳ දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි. ඉන් අනතුරුව ඉන්දීය කොංග්‍රස් මන්ත්‍රී රජීව් ෂුක්ලා විසින් එරට තානාපති කාර්යාලයට දැනුම් දී ඇත.

ෂාරුක් පවසා ඇත්තේ අමෙරිකාවට යන හැම මොහොතකදීම තමන් දැඩි බියකින් අදාළ සංචාර සඳහා සහභාගී වුණු බවයි. නමුත් මෙවැනි සිදුවීම් ඔහු මීට පෙරද අත්විද ඇති බව පවසා තිබේ. කෙසේ වෙතත් තමා අමෙරිකාවට යනුයේ ත්‍රස්තවාදියෙකු ලෙසින් නොවන බවත් මේ සිදුවීම හරහා තමන්ට දැඩි වේදනාවක් මෙන්ම දැඩි ආවේගයක් ද ඇති බව ෂාරුක් ඛාන් කියා තිබේ.

කෙසේ වෙතත් මෙවැනි අකරතැබ්බයකට බොලිවුඩ්හී මුහුණ දුන් පලමු තරුව ෂාරුක් ඛාන් නොවේ. මීට ප්‍රථම 2002 වසරේ දී කමල් හසන් කැනඩා ගුවන් තොටුපළේදීත්, එම වසරේ දීම අමිර් ඛාන් චිකාගෝ ගුවන් තොටේ දීත්, 2008 වර්ෂයේ දී කබීර් ඛාන් අමෙරිකානු ගුවන් තොටුපලේ දී අවස්ථාවන් තුනකදීත්, මේ වසරේදී නීල් නිතේන් මූකේෂ්ව සහ දකුනු ඉන්දියානු නළු මමූතීවත් ගුවන් තොටුපලවල් හී දී අත්අඩංගුවට ගෙන ඇති සිද්ධීන් වාර්තාවේ.
(කොළඹ, ලංකාපුවත්, අගෝස්තු 15)

Saturday, August 15, 2009

නව සක්විතියෙක් සොයාගනී

By: Last Man On: 1:24 AM
දෙස් විදෙස් කිහිපයක විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු සහ කෝටිපති මැණික් ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටිමින් රු. ලක්ෂ 500 ක පමණ මුදලක් වංචා කළ අයකු අති සුඛෝපභෝගී නිවෙසක භූගත කාමරයක සැඟවී සිටියදී නාවලපිටිය පොලිසිය මගින් පෙරේදා (13) අත්අඩංගුවට ගෙන ඇත.

උසස් සමාජ මට්ටමක ජීවත් වන පුද්ගලයකු ලෙස පෙන්වා මෙම පුද්ගලයා මුදල වංචා කර ඇත.

මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවලපිටිය සපුගස්ලන්ද ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවෙසක සැඟවී සිටියදීය.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව ගල්කිස්ස අධිකරණයේ පමණක් වරෙන්තු දහතුනක් තිබෙන බව සඳහන්වේ.

මෙයට අමතරව කොළඹ වංචා විමර්ශන ඒකකයට සහ රත්නපුර, කොහුවල පොලිස්ථානවලට ද මොහු අවශ්‍යවී තිබූ බවත් අනාවරණය වේ.

විවිධ පුද්ගලයන් හට විදේශ රැකියා හා මෙරට රැකියා ලබා දෙන බවට පොරොන්දු වී මෙම සැකකරු කෝටි ගණනක මුදලක් වංචා කැර ඇති බවත් මෙයට අමතරව වාහන ගනුදෙනු රැසක් සිදු කැර මූල්‍ය වංචා මෙන්ම වාහන හා දේපළ රැසක් සොරාගැනීමටද මොහු සම්බන්ධ වී ඇති බවත් පොලීසිය පවසයි.

සැකකරු හට කොළඹ බෞද්ධාලෝක මාවතේ අති නවීන නිවසක් හා නාවලපිටිය සපුගස්ලන්ද ප්‍රදේශයේ “මිලේනියම් සිටි” නමින් අති සුඛෝපභෝගී නිවෙසක්ද තිබෙන බව පොලිසිය තොරතුරු අනාවරණය කැරගෙන ඇති අතර නාවලපිටිය නිවසේ භූගත කාමරයක මොහු සැඟවී සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මූල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් ශරීර ඇප මත සිටි මෙම සැකකරු නාවලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු තමාට පොලිස් ඇප ලබා දෙන ලෙස ඉල්ලා එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය වික්‍රමසේකර මහතාට ලක්ෂ ගණනක මුදලක් ලබාදීමට තැත්කළද ස්ථානාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කැර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු එංගලන්තය ඇතුළු විදේශ රටවල් කිහිපයක් සමඟද සමීප සබඳතා පවත්වන බවට හෙළි වී ඇති අතර ඔහු නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 19 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න, නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර, පොලිස් අධිකාරි කේ. බී. මහගෙදර යන මහත්වරුන්ගේ උපදෙස් මත නාවලපිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය වික්‍රමසේකර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.- දිණමිණ

Monday, August 10, 2009

අනර්කලී සන්ධානයෙන් චන්දෙට
Anarkalli to take Bentara-Elpitiya

By: Last Man On: 4:34 AM

සිනමා නිලි අනර්කලී එකසත් ජනතා නිදහස් සංධානයෙන් බෙන්තර ඇලිපිටිය ආසනයෙන් චන්දයට ඉඩිරිපත් වීමට නියමිතය.ඇයට ජනපතිගේ අනුමැතිය ලැබී ඇත.

Popular actress and TV presenter Anarkalli Akarsha has been given the Presidential nod to contest the Bentara-Elpitiya polling division at the upcoming Southern Provincial Council polls, reveal sources close to her.

Though many were under the impression that she would be supportive of Mangala Samaraweera’s Ape Jathika Peramuna, the sources say that the President has agreed to let her contest under the UPFA banner.

Anarkalli Akarsha was Mr. Samaraweera´s Coordinating Secretary during his days as Minister in the UPFA government. - Ada Derana

Sunday, August 9, 2009

චාල්ස් කුමරුගේ සැඟවුණු පෙමක තතු හෙළිවේ
Prince Charles's Gossips

By: Last Man On: 1:46 AM



බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු (ඔහුගේ පුත් විලියම් කුමරු නිසා ඔහුට ඔටුන්න හිමිවේදැයි සැකයකි) නීත්‍යානුකූලව විවාහ ජීවිතයට ඇතුළත් වූයේ ඩයනා කුමරිය සමඟය. ඒ 1981 ජූලි 29 වැනිදා ය. චාල්ස් කුමරු ඩයනා කුමරිය සමඟ විවාහ වන විටත් ඔහු දෙදරු මවක වන කැමිලා පාකර් බෝල්ස් සමඟ පෙමින් වෙලී සිටියේය. ඩයනා නිසා ඔවුනට එක්වීමට වරම් නොලැබිණි.

එහෙත් ඩයනා කුමරිය මෙයට අවුරුදු දොළහකට ඉහත දී රිය අනතුරකට මුහුණ පා මිය යෑමත් සමඟම චාල්ස් කුමරුට සිය පැරැණි පෙම්වතිය වන කැමිලා සමඟ විවාහවීමට මඟ පෑදිණි. ඒ 2005 දීය.

චාල්ස් කුමරු ඩයනා කුමරිය සමඟ විවාහ වුවද ඔහු ඒ දිනවල මුළුහදින්ම කැමිලාට ආදරය කළ බව මාධ්‍යවල පළවූ තොරතුරුවලින් හෙළිවිය. එහෙත් මේ කාලයේ ම චාල්ස්ට තවත් පෙම්වතියක් සිටිය බව මෑතකදී හෙළිවී තිබේ.

චාල්ස් හා එම පෙම්වතිය අතර 1976 සිට 1980 දක්වා පෙම්පත් හුවමාරු වූ බව මේ නොබෝදා මාධ්‍යවල පළවූ තොරතුරු වලින් පෙනේ. චාල්ස්ගේ මෙම අභිරහස් ප්‍රේමය පිළිබඳව ‘හෙලෝ’ සඟරාව පිංතූර සහිත පිටු හතරක ලිපියක් පළකරමින් ඔවුන් දෙදෙනා අතර හුවමාරු වූ පෙම්පත්වල ඡායාරූප ද පළ කළේය. As Prince Charle\s intimate letters are sold on EBAY – JANET JENKINS. The mystery woman behind them talks about their special friendship”යනුවෙන් එහි ශීර්ෂ පාඨය පළවී තිබිණි.

චාල්ස් කුමරු පිළිබඳව පුවත්පත් හා සඟරාවල පළවී තිබුණ මෙම තොරතුරු අනුව හෙළිවන්නේ ඔහු ජෙනට් ජෙන්කින්ස් (Janet Jenkins) නමැති කැනඩා ජාතික තරුණිය සමඟ සිව් වසරක් පමණ පෙමින් බැඳී සිටි බවයි.

ඔහු 1976 සිට 1980 දක්වා ජෙනට්ට පෙම් හසුන් ලියා තිබේ. (ඔහු ලියූ පෙම් ලිපි කීපයක් මේ සමඟ පළවෙයි).

අද හැටවැනි වියේ පසුවන ජෙනට්, තමා හා චාල්ස් කුමරු අතර සම්බන්ධයක් පැවැති බව පිළිගනියි. චාල්ස් සමඟ විනෝද සවාරි ගිය බවද සමහර දිනවලට නිවාඩු නිකේතනවල නතර වූ බවද කියා සිටියි.

චාල්ස් කුමරු විසින් ජෙනට්ට ලියන ලද
පෙම් හසුනක්

එක් දරු මවක වන ජෙනට් දැනට අන්තර්ජාතික කීර්තියක් උසුලන රූපලාවන්‍ය ආයතනයක අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කරයි.



චාල්ස් කුමරු සහ ජෙනට් අතර පැවැති ප්‍රේම සම්බන්ධය අවුරුදු ගණනක් අභිරහසක් හැටියට යටගොස් තිබිණි. එහෙත් මේ ‘පෙම් හසුන්’ හදිසියේම EBAY නමැති වෙබ් අඩවියේ පළවීමත් සමඟම යටගිය ප්‍රේම සම්බන්ධයක තතු එළියට ආවේය.

චාල්ස් විසින් ජෙනට්ට ලියන ලද මෙම පෙම්හසුන් කාලාන්තරයකට පසු වෙබ් අඩවියකට ගියේ කෙසේද? එම පෙම්හසුන් මෙම වෙබ් අඩවියට අලෙවි කළේ කවුරුන් විසින් ද? මෙම ප්‍රශ්නයට පිළිතුරු දෙන ජෙනට්, බොහෝ කලක් තමා ළඟ තිබුණ චාල්ස්ගේ පෙම්හසුන් “රාජකීය භාණ්ඩ එකතු කරන” මිතුරියක වන ඇලිසියා කැරොල්ට දුන් බව කියයි. ඇලිසියා සිය සේවයෙන් අස්වී පෞද්ගලික කෞතුකාගාරයක් ආරම්භ කිරීමට යන බව ජෙනට්ට කියා තිබිණි. මෙය හොඳ කටයුත්තක් බැවින් චාල්ස්ගේ ‘පෙම් ලිපි’ එහි තැන්පත් කරන ලෙස ඉල්ලමින් ජෙනට් මෙම ලිපි ඇයට දුන්නාය.

චාල්ස්ගේ පෙම් ලිපි වෙබ් අඩවියට ලිස්සා ගොස් ඇත්තේ ඇලිසියා ගේ කෞතුකාගාරයෙන් බව දැන් පැහැදිලිය. වෙබ් අඩවියක මෙම ලිපි පළවී තිබෙනු දැක තමා කලබලවූ බවත් ඉමහත් වේදනාවකට පත්වූ බවත් ජෙනට් කියා සිටියි. චාල්ස්ට මෙම ලිපි අමතක වී ඇති බැවින් ඔහු මේ ගැන තමාගෙන් නො ඇසූ බවද ජෙනට් සඳහන් කරයි.

තමන්ට චාල්ස් කුමරු මුලින්ම මුණගැසුණේ 1975 දී මොන්ට්‍රියල්වලදී බව ජෙනට් මතක් කරයි.

මෙම හමුවෙන් පසු දිනක් චාල්ස් කුමරු තමන්ට දුරකථනයෙන් කතා කළ බවත් රාත්‍රි කෑමකට හා චිත්‍රපටයක් බැලීමට යෑමට ආරාධනා කළ බවත් ඇය කියා සිටියි. චාල්ස්ගේ මෙම බලාපොරොත්තු නොවූ ආරාධනයෙන් ජෙනට් තරමක් කලබල වූවාය. එහෙත් චාල්ස්ගේ ආරාධනය ප්‍රතික්ෂේප නොකිරීමට ඇය වග බලා ගත්තාය. ඔවුහු සිනමා හලකට ගොස් ’The Pink Panther’ නමැති චිත්‍රපටය නරඹා ඉන්පසු රාත්‍රි භෝජනය සඳහා හෝටලයකට ගියහ. චාල්ස් හා ජෙනට් අතර සමීප සම්බන්ධයක් ගොඩනැඟීමට පටන්ගත්තේ එතැන් සිටය.

අද 60 වැනි වියේ පසුවන ජෙනට්

මෙම සම්බන්ධය කොයිතරම් දුර ගියාද කියතොත් තවත් දිනක චාල්ස්ගෙන් ජෙනට්ට රාත්‍රි භෝජන සංග්‍රහයක් සඳහා බකිංහැම් මාළිගාවට එන ලෙස ආරාධනාවක් ලැබිණ. ඔහු කළ ආරාධනා හැම එකකටම යෑමට ඇය අමතක නොකළාය.

චාල්ස් ඩයනා සමඟ හෝ කැමිලා සමඟ හෝ සම්බන්ධයක් ඇතිකරගෙන සිටින බව මේ වන විටත් ජෙනට් නොදැන සිටියාය.

චාල්ස් කුමරු, ඩයනා කුමරිය සමඟ විවාහ ගිවිස ගැනීමට යන බව ජෙනට් දැන ගත්තේ දිනකට ඉහතදීය. මෙම ආරංචිය, ඇයට කියන ලද්දේ චාල්ස් කුමරු විසින් මය. ආරංචිය ඇසූ ජෙනට් කලබල නොවූවාය. ඇය ඔහුට සුබ පැතුවාය.

චාල්ස් කුමරු හා ඩයනා කුමරියගේ විවාහ මංගල්‍යයට ජෙනට්ට ද ආරාධනාවක් ලැබිණ. ඉන්පසු චාල්ස්ගේ සහ ඩයනාගේ උපන් දින සාදවලට ද ජෙනට් සහභාගි වූවාය.

මේ සියල්ලටම ඇය සහභාගි වූයේ චාල්ස් කුමරු සමඟ කිසිම සම්බන්ධයක් නොතිබූ ගාණටය.

අද තමන්ට ඉතිරි වී ඇත්තේ රසවත් අතීතයක මතකයක් පමණක් බව ඇය කියා සිටියි.

ආතර් උස්මීයගේ

සිළුමිණ පුවත් පතෙනි

Saturday, August 8, 2009

බූර මියයයි
Artist Fazal boora passed away

By: Last Man On: 6:42 AM

කලා කරු ෆzඅල් බූර අභාවප්ප්‍රප්ත වේ. ඔහු මියගියේ හුර්දයබදයකිනි.

Boora in Raja Kaduwa Teledrama

Thursday, August 6, 2009

ප්‍රභා ගේ ගෝල කේ.පී ගැන විස්තර සහ දර්ශන
L.T.T.E. New Leader K.P Arrested

By: Last Man On: 2:45 PM

කොටි සංවිධානයේ නව නායකයා යැයි කියාගන්නා කේ.පී හෙවත් කුමරන් පද්මනාදන් අත් අඩන්ගුවට ගන්නා ලද බව රජයේ මාධ්‍ය තහවුරු කරයි. ඒ අනුව ඔහු අත් අඩන්ගුවට ගන්නා ලද්දේ තායිලන්තයේ බැංකොක් නගරයේ දී ය. මොහු කොටින්ගේ ජාත්‍යන්තර කටයුතු මෙහෙයවූ නායකයද විය.

කේ.පී, විදේශයන් හි වෙසෙමින් දෙමළ ජනතාවගෙන් කප්පම් එකතු කිරීම ජයටම කලේය. ඊට අමතරව නොයෙක් කූට ව්‍යාපාර කරමින් මුදල් උපයමින් එල්.ටී.ටි. ඊ සංවිධානය පෝෂනය කලේය. එම ඉපයූ මුදල් වලින් ජාත්‍යන්තර අවි ජාවාරම ද ජයටම කරමින් කොටින්ට අවි සපයන ලද්දේ ද මොහු විසිනි.

කේ. පී උපත ලබා ඇත්තේ යාපනයේ දීය. ඔහු කොටින්ට සම්බන්ධ වී ඇත්තේ 1983 පමන වේ. ඒ වන විට ඔහු 28 වන වියේ පසුවිය.

විවිධ නම් වලින් පෙනී සිටිමින්, විවිධ ගමන් බලපත් භාවිතා කරමින් විවිධ රටවල් වල සැරි සැරූ ඔහුට දෙමළ, ඉංග්‍රීසී, ප්‍රංශ සහ සිංහල යන භාශාවන් ඉතා හොඳින් කතා කිරීමට හැකි බව පැවසේ.

මයිකල් ජැක්සන්ගේ මරණින් පසු ගිය කටකතා
Gossip of the World

By: Last Man On: 12:55 AM

සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන් ජීවත්ව සිටියදී ඔහුගේ ගීත ඇල්බම මිලියන ගණනින් ලොව පුරා අලෙවි වුණු අතර ජැක්සන්ගේ මරණින් පසුව ඔහු පිළිබඳ වූ කටකතා ද ඊට නොදෙවෙනි වේගයෙන් ලොව පුරා ව්‍යප්ත විය.

ඒ අනුව මුලින්ම බිහිවූ කටකතාවන් ලෙසින් විදෙස් වාර්තාවන් හුවා දක්වනුයේ ජැක්සන් පරිහරණය කළ ඇදුම් පැලදුම් හා ඔහුගේ මුහුණු සහ සමෙහි වර්ණය වෙනස් කිරිම පිළිබඳ තොරතුරය.

ඉන්පසුව ව්‍යප්ත වූයේ මයිකල් ජැක්සන් නැමති සුපිරි පොප් තරුව මිය ගියාද? නැතිනම් ඔහුව මරණයට පත් කළාද? යන්නයි. එමෙන්ම ඔහුගේ ලමයින්ගේ සැබෑම පියා ජැක්සන් ද යන්න පිළිබඳ ප්‍රශ්ණාර්ථය ද ලොව හමුවේ ඇති වූයේ ඇසි පිය හෙළන වේගයෙනි.

මීට අමතරව ජැක්සන්ගේ අනුස්මරණ දේව මෙහෙය පැවැත්වීම සම්බන්ධයෙන් ද අපූරු කතාවක් ගොඩ නැඟුනි. එනම් දේව මෙයෙට රැගෙන ආ රන්ආලේපිත මිනී පෙට්ටිය තුළ දේහය නොතිබුණු බවටත් එම පෙටිට්ය හිස් එකක් බවටත් ඇතැම් විදෙස් මාධ්‍යයන් වාර්තා කර තිබෙනු දක්නට ලැබුණි. කෙසේ වෙතත් ‘මොර්ටවුන්’ නිර්මාතෘ බෙරී ගෝර්ඩි මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුනේ එය මුළුමණින්ම අසත්‍ය බවයි. ජැක්සන්ගේ දේහය එම මොහොතේ දේවමෙහෙයට රැගෙන ආ බව ඔහු එක හෙලා ප්‍රකාශ කර තිබේ.

ජැක්සන්ගේ රසිකයින්ගෙන් සඟවා තැබීම පිණිස මෙම දේහය රහසිගත ස්ථානයක මේ වන විට මිහිදන් කර ඇති බවද ප්‍රකාශ වේ.

එමෙන්ම තවත් ස්ථානයන්හී දරුණු ලෙසින් ගොස් ඇති කටකතාව නම් මෙම “සුපිරි පොප් තරුව” තවමත් ජීවතුන් අතර සිටින බවයි. එම කටකතාවද විදුලි වේගයෙන් ව්‍යප්ත වී ඇති බව විදෙස් පුවත් අණාවරණය කරයි.

කෙසේ වෙතත් පසුගිය ජුනි 25වනදා පනස්වන වියෙහි පසුවුණු ජැක්සන් ලොස්ඇන්ජලීස් හී ඔහු නැවතී සිටි කුලී නිවහනේදී මිය ගිය බව එහි හදිසි මරණ පරීක්‍ෂකවරයා සිරුර පරික්‍ෂා කොට නිල වශයෙන් ප්‍රකාශ කළේය. එම පළමු මරණ පරීක්‍ෂණයෙන් අනතුරුව ජැක්සන්ගේ සිරුරද පවුලේ උදවියට ලබා දීමට පියවර ගෙන තිබුණි. ඉන් අනතුරුව දෙවන මරණ පරීක්‍ෂණය වාර්තාවද නිකුත් වුණු බව ඒජන්සි වාර්තා සඳහන් කර තිබුණි.

කෙසේ වුවද තවමත් මෙම සුපිරි තරුවේ මරණය කුම්න හේතුවකින් සිදුවීද යන්න නිවැරදිව ප්‍රකාශ කර නොතිබීම බොහෝ දෙනාගේ අවධානයට මෙන්ම කුතුහලයට ද ලක්ව තිබේ.

එමෙන්ම මයිකල්ගේ මරණයට හේතුව වේදනා නාශක වැඩි මාත්‍රා ප්‍රමාණයක් ශරීරගත වී යැයි ද කටකතාවක් ව්‍යප්ත වෙමින් පවතී. මේ සම්බන්ධව පරීක්‍ෂණ පවත්වනු ලබන නිලධාරීන් තවමත් මුණිවත රකින අතර ජැක්සන්ගේ මරණය සිදුවීමට පැය 24ක් ඇතුළත කාලය තුළ ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍ය කොන්රඩ් මරේ පිළිබඳ කතාබහට ලක්වන තොරතුරු එතරම් සුබදායී නොවේ.

මේ අතර ලා ටෝයා ජැක්සන්, තම සොහොයුරාගේ මරණය සැක සහිත යැයි මුලින්ම ප්‍රකාශ කරනු ලැබූ තැනැත්තිය වේ.

එමෙන්ම තවත් බොහෝමයක් කටකතාවන් මයිකල් ජැක්සන්ගේ දරුවන් පිළිබඳව විදෙස් මාධ්‍යයන් පසුගිය දිනයන්හී දිගින් දිගටම වාර්තා කර ති‍බෙනු දක්නට ලැබුණි.

කෙසේ වෙතත් මෙවායෙන් සත්‍යය කුමක්ද යන්න කවුරුන්වත් නොදනී.

‘ත්‍රිලර්’ සිට ‘බෑඩ්’ හරහා ‘හිස්ට්‍රි’ දක්වා ජැක්සන් සිය සංගීත දිවියේ මං සළකුණු තබන විට ඔහුට මල් මෙන්ම ගල් වරුසාද එල්ල විය. කෙසේ වෙතත් මේවායේ සත්‍ය කුමක් දැයි දැනගෙන සිටින්න ඇත්තේ ජැක්සන්ගේ හෘද සාක්‍ෂිය හා දෙවියන් පමණකි.-ලංකා පුවත්

Wednesday, August 5, 2009

අසභ්‍ය පින්තූර ඊ මේල් කළ අයෙක් දැලේ
Ex-University Senior Assistant Registrar in alleged child porn web

By: Last Man On: 12:57 AM
අසභ්‍ය පින්තූර ඊ මේල් කළ අයෙක් පොලිස් දැලට කොටුවේ. ඔහු ලංකාවේ විශ්ව විද්‍යාලයක සහකාර රෙජිස්ටර් වර්යෙකි.ඔහුට වුරුද්ධ චෝදනාව වන්නේ තම ඊ මේල් ලිපිනයෙන් අදාල අසභ්‍ය ළමා පින්තූර යැවීම හා ඒවා ලඟ තබා ගැනීමයි. ජාතික ළමා රක්ෂක අධිකාරිය මඟින් කරන ලද පරීක්ෂණ මත ඔහු අත් අඩන්ගුවට ගෙන ඇත. ඔහු අත් අඩන්ගුවට ගෙන ඇත්තේ දන්ඩනීති සංග්‍රහයේ 286 ඩී නැමති ළමා අපචර වගන්තිය යටතේ ය.

The Colombo High Court fixed order for September 10th in a case against the Ex-Kelaniya University's Senior Assistant Registrar who was charged with distributing and publishing material relating to child phonography via e-mail, taken up before High Court judge. Deepali Wijesundara, yesterday (04).

The accused D. Kamal Padmalal Bandara Wimalaweera, Ex-Kelaniya University's Senior Assistant Registrar, who is indicted with distributing child pornographic material using his e-mail account and having such material in his possession. Wimalaweera was charged with committing the offence of publishing child pornographic material which is punishable under Section 286 D of the Penal Code. The offensive conducts is said to have been committed between March 31 and August 11, 2002.

At the end of the prosecution's case, defence Counsel called for release of the defendant on the grounds that the prosecution had failed to prove its charges and evidence was lacking.

A number of witnesses, including officers of the National Child Protection Authority (NCPA) who had conducted the investigation and arrested the accused gave evidence.

A witness, who was involved in the investigations, said that he took part in the investigation of the suspect and was given a file including information obtained from the internet and e-mails, including pictures of naked children.

He had held several telephone conversations with the accused and had come to know that the suspect was calling from the Post Graduate Institute of the Kelaniya University. Later he met the accused at Kelaniya on a Sunday with a police team from the Peliyagoda police station, identified the suspect as the Senior Assistant Registrar of the Kelaniya University.

The prosecution was led by State Counsel, Sudarshana de Silva.

Sunil D.B. Abeyaratne led evidence for defence.
(Colombo Lankapuvath August 05)

Sunday, August 2, 2009

පොප් රජුගේ මුල් බිරිය කියන අලුත්ම කතාව
Michael Jackson’s ex-wife

By: Last Man On: 4:31 AM


මතබේදයට තුඩුදුන් මරණයකට මුහුණ පෑ ‘පොප් රජා’ මයිකල් ජැක්සන් මුලින් ම විවාහ වී සිටියේ ලීසා මාරි පෙ‍්‍රස්ලි (Lisa Marie presley) සමඟ ය. 60 - 70 දසකවල පොප් කරළියේ දැවැන්ත පෙරළියක් කළ එල්විස් පෙ‍්‍රස්ලි ඇගේ පියායි.

පොප් ගායක මයිකල් ජැක්සන් සමඟ ඈ විවාහ වූයේ 1993 දීය. සිය එකම දියණිය මයිකල් සමඟ විවාහ වනු දැකීමට එල්විස් කැමැති නොවීය.

එයට හේතුව මයිකල් ගැන කිසිම පැහැදීමක් එල්විස් තුළ නොවූ හෙයිනි. කෙසේ වෙතත් සිය පියාගේ අමනාපය නොතකා ලීසා ජැක්සන් සමඟ එක්වූවා ය. එහෙත් ඒ දීගය පැවතුණේ වසර 3 ක් පමණි. 1996 දී ඔවුහු දික්කසාද වූහ.

මෙම විවාහය කැඩී යෑමත් සමඟ ම ජැක්සන්, සාත්තු සේවිකාවක වන ඩෙබී රෝව් ගේ අත ගත්තේ ය.

දරුවන් තිදෙනෙකු ලැබීමෙන් පසු එම විවාහය ද දෙදරා ගියේ ය.

මයිකල්ගේ අවමංගල්‍ය උත්සවය ලීසා මාරි පෙ‍්‍රස්ලි මෙන් ම, ඔහුගේ දෙවෙනි බිරිඳ වන ඩෙබී රොව් ද සහභාගි නොවීම සුවිශේෂ සිද්ධියක් ලෙස මාධ්‍යකරුවෝ සඳහන් කරති. එමෙන් ම මයිකල් ජැක්සන්ගේ අතිජාත මිතුරියක වන සුපිරි හොලිවුඩ් නිළි එළිසබත් ටේලර් ද අවමඟුල් උත්සවයට සහභාගි නොවූවා ය.

මාධ්‍යකරුවන් විසින් වටකරගත් අවමඟුලක කොටස්කාරියක වීමට අකමැති නිසා තමා මෙයට සහභාගි නොවූ බව එළිසබත් ටේලර් කියා සිටියා ය.

සිය සැමියාගේ අවමංගල්‍ය උත්සවයට ලීසා මාරි සහභාගි නොවීම ගැන මාධ්‍යකරුවෝ ඇගෙන් නොයෙක් ප‍්‍රශ්න ඇසූහ. එහෙත් හැම මාධ්‍යකරුවෙකුට ම ඇය පිළිතුර දුන්නේ නිහඬව සිටීමෙනි.

“ඔහු සංගීත ලෝකයේ පුරාවෘත්තයක්. ඔහුගේ නම කිසිම දිනක පොප් සංගීත ක්ෂේත‍්‍රයෙන් මැකී යන්නේ නෑ. කවදා හෝ ජීවිතයේ මැදියම් වයසට පත් වූ මොහොතක මයිකල්ගේ අකල් මරණය මට අදහා ගැනීමට බැරි දෙයක් වේවි” ලීසා හැඟීම්බරව කියයි.

ලීසා මාරි මුලින් ම විවාහ වී සිටියේ ඩැනී කියෝ සමඟ ය.

මෙම විවාහයෙන් ඇයට රිලේ (වයස 19) නමින් දියණියක ද, බෙන්ජමින් (වයස 16) නමින් පුතෙකු ද සිටී.

අවුරුදු හයක් ඩැනී සමඟ පවුල්කමින් සිටියදී ය මයිකල් ජැක්සන් ඇයට හමුවූයේ.

අවුරුදු තුනක් මයිකල් සමඟ ජීවත් වූ ලීසා ඉන්පසු හොලිවුඩ් හි සුපිරි නළුවෙකු වන නිකොලස් කේජ් (Nicolas Cage) සමඟ එක්වීමට තීරණය කළා ය.

2002 දී ඔහු සමඟ විවාහ වූ ලීසා දින එකසිය අටක් (108) කේජ් සමඟ එකට ජීවත් වූවා ය.

ලීසා සිය නිවුන් දියණියන්ගේ සුරතලය විඳිමින්

එම විවාහය ද ලීසා ගේ පෙර විවාහයන් මෙන් අසාර්ථක විය. විවාහ තුනක් අසාර්ථක වීමෙන් පසු ලීසා 2006 දී මයිකල් ලොක්වුඩ් (Michel Lockwood) සමඟ විවාහ වූවා ය.

“මගේ ජීවිතයට නව එළියක් හා පූර්ණ සතුටක් ලැබී තිබෙන්නේ දැනුයි” හතරවන සැමියා මයිකල් ලොක්වුඩ් හා එක්වෙමින් ලීසා මාරි කියා සිටියා ය.

තමා ගෙවූ අසහනකාරි ජීවිතයෙන් ගැලවී ප‍්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට හැකියාවක් උදා වූයේ අලුත් සැමියා නිසා බව ද ඇය සඳහන් කරයි.

ලීසා දැන් නිවුන් දරුවන් දෙදෙනකුගේ සුරතල් බලන මවක වී සිටියි. පස් හැවිරිදි මෙම දරුවන් දෙදෙනා (පිස්ලේ සහ හාපර්) දූවරුන් ය.

ලීසා ගායිකාවක මෙන් ම ගීත රචනයට කුසලතා දක්වන්නියකි.

සිය පියා නිසා තමන්ට ගායිකාවක වීමට පුළුවන්කම ලැබුණ බව ඇය කියයි. ඇයගේ ගීත තැටි සහ ඇල්බම් කීපයක් ද පසුගියදා නිකුත් විය.

දරුවන්ගේ වැඩවලට වැඩි කාලයක් මිඩංගු කිරීමට සිදුවී ඇති නිසා සංගීත ක්ෂේත‍්‍රයෙන් ටික කාලයකට ඉවත් වී සිටීමට ලීසා තීරණය කර සිටියි.

ලීසාගේ මව ප‍්‍රිසිල්ලා (priseilla) දැනට සිටින්නේ ඇය සමඟ ය.

දරුවන් දෙදෙනාගේ වැඩකටයුතු වැඩි වශයෙන් ම සිදුවෙන්නේ ප‍්‍රිසිල්ලා අතිනි.

මේ නිසා ඉක්මනින් ම තමන්ට යළිත් සංගීත ක්ෂේත‍්‍රයට ඒමට පුළුවන් කමක් ලැබෙනු ඇතැයි ඇය කියා සිටියි.

ආතර් උස්මීයගේ

සිළුමිණ පුවත් පතෙනි

Saturday, August 1, 2009

ලෝකයේ සිටින නො 1 දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් ටෙස්ට් පිටියෙන් සමුගනී

By: Last Man On: 1:20 PM

ලබන වසරේදී ශ්‍රී ලංකාවේ දී පවත්වන බටහිර ඉන්දීය කොදෙව් ශ්‍රී ලංකා ටෙස්ට් තරඟා වලියන් පසුව ටෙස්ට් තරඟ වලින් සමු ගන්නා බව මුරලි පැවසීය. නමුත් 2011 දී වවත්වන ලෝක කුසලනය දක්වා තමන් එක්දින තරඟ වලට සහ 20*20 තරඟ සඳහා ක්‍රීඩා කරන බව ඔහු පැවසීය. මුරලි ලොකයේ සිටින ටෙස්ට් කඩුළු වැඩුම සංඛ්ය්‍යාවක් ලබා ගත් ක්‍රීඩකයා ද වේ.