Monday, April 19, 2010

ශලනි තාරකා

By: Last Man On: 6:39 AM

ඒ සුන්දරත්වය නොගැලපීම නිසා මගහැරුණ
ශලනි තාරකා

ශලනි තාරකා, ඇය ගැන බොහෝ දෙනා අද කතා කරන්නේ ස්‌වාධීන රූපවාහිනිය ගෙන එන "අපි අපි වගේ" ටෙලිනාට්‍යය නිසයි. එහි "නිකිණි" ලෙස රඟපාන ඇයට රංගන ශිල්පනියක්‌ වන්නට අවස්‌ථාව උදාවන්නේ ඇයවත් නොසිතූ මොහොතකයි. ඒ සිරස කුමරිය ලෙස කිරුළු පැළදීමට අවස්‌ථාව උදාවීමෙන්. එය එසේ වුවත් ශලනිට කලා කේෂ්ත්‍රයේ පසුබිම නම් එතරම් නුහුරු නුපුරුදු තැනක්‌ නෙමෙයි. ඒ ඇයගේ මව දක්‌ෂ රංගන ශිල්පිනියක්‌ වන නිර්මා සුරාජි නිසා.

ශලනි ගැන කෙටියෙන් විස්‌තර කළොත්?
මගේ ගම බලංගොඩ. පවුලේ අම්මයි, තාත්තයි, අයියයි නංගියි. ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ බලංගොඩ ශාන්ත ඇග්නස්‌ බාලිකා විද්‍යාලයෙන්. එතනින්a උසස්‌ අධ්‍යාපනය ලබන්න මීගමුව නිවුස්‌ටඩ් බාලිකාවට ගියා. දැන් නම් කලා කටයුතුවලට සම්බන්ධ වුණ නිසා මේ වසරේ උසස්‌ පෙළ කරන්නේ පෞද්ගලික අපේක්‍ෂිකාවක්‌ හැටියට.

මේ දවස්‌වල කොහොමද අලුත් තොරතුරු?
අපි අපි වගේ ටෙලිනාට්‍යයෙයි සමනලී ටෙලිනාට්‍යයෙයි රූගත කිරීම් අවසන් කළා. ගඟ අද්දර ටෙලිනාට්‍යයේ තව කොටස්‌ දෙකක්‌ විතර තියෙනවා රූගත කරන්න.

අම්මා ටෙලිනාට්‍යය නිළියක්‌ වූ නිසාද ඔබත් රඟපාන්න හිතුවේ?
කොහෙත්ම නැහැ

එහෙනම් අරමුණ වුණේ මොකක්‌ද?
මම රඟපාන්න ආසාවෙන් හිටපු කෙනෙක්‌ නෙමෙයි. අධ්‍යාපන කටයුතුවලට තමයි මූලික තැන දුන්නේ. සිරස කුමරිය තරගෙට ඉදිරිපත් වෙලා ඒ කිරැළ මට ලබාගන්න පුළුවන් වුණාට පස්‌සේ තමයි කලා ජීවිතයට අවතීරණය වුණේ. ඊට පස්‌සේ ආරාධනා ගොඩක්‌ ආවා රඟපාන්න. හොඳ දෙයක්‌ කරන්න ඕන නිසා හැම එකකටම ගියේ නැහැ.

රංගන ශිල්පිනියක්‌ නොවුණානම් මොනවගේ අංශයක්‌ තෝරාගනීවිද?
ව්‍යාපාරිකාවක්‌ හරි ගුවන් සේවිකාවක්‌ හරි වෙන්න තිබුණා. නමුත් තාමත් ව්‍යාපාරිකාවක්‌ වෙන සිහිනය නම් අත්හැරලා නැහැ.

දැන් කොහොමද ඉගෙනීමේ කටයුතු?
මේ අවුරුද්දේ උසස්‌ පෙළ විභාගය ලියන්න සූදානම් වෙනවා. වාණිජ අංශයෙන් තමයි විභාගේ ලියන්නේ.

පූර්ණ කාලීනව රංගනය සමගද එකතුවී සිටින්නේ?
පූර්ණ කාලීනව නම් රංගනයට යොමුවෙන්න බලාපොරොත්තුවක්‌ නැහැ. මේ මාස කිහිපයෙදි නම් කිසිම චරිතයක්‌ බාරගත්තේ නැහැ. විභාගේ ඉවර වෙනකම්. ඒ නිසා මේ කාලය සම්පූර්ණයෙන්ම වෙන්කරලා තියෙන්නේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්.

උසස්‌ පෙළ විභාගය ලිව්වට පස්‌සේ?
වෘත්තියෙන් රංගන ශිල්පිනියක්‌ වෙන්න කවදාවත් මම කැමැති නැහැ. මොකද මගේ අරමුණ ව්‍යාපාර ක්‍ෂෙත්‍රයට යොමුවීම. ඒ නිසා රංගන කටයුතු සීමා කරලා ව්‍යාපාර කටයුතුවලට මූලික තැන දෙයි.

මොනවගේ අංශයකින්ද ව්‍යාපාර ක්‍ෂෙත්‍රයට ඇතුළත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ?
මම ගොඩක්‌ විලාසිතා වලට කැමතියි. බොහෝ දුරට නිමි ඇඳුම් අලෙවිකරණයට යොමුවෙයි.

නවක නිළියන්ට සාපේක්‍ෂව ඔබ ඇයි ටෙලිනාට්‍යවල වැඩිදුර දකින්න නැත්තේ?
මගේ මුල්ම ටෙලිනාට්‍යය වුණේ ස්‌වර්ණවාහිනියේ විකාශය වුණ පූජාසනය. ඊට පස්‌සේ ඉසුරු භවන සහ හංසි ටෙලිනාට්‍යවලින් පස්‌සේ තමයි අපි අපි වගේ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණේ. මේ වෙද්දි විකාශය වුණ නිර්මාණයි ඉදිරියට විකාශය වෙන්න තියෙන නිර්මාණයි එකතුකලහම කිහිපයක්‌ වුණත් මම ගොඩක්‌ සතුටු වෙනවා මම රඟපාපු නිර්මාණ දිහා බැලුවහම. කොහොමත් කොටස්‌ සියය ඉක්‌මවා ගිය නිර්මාණ වල රඟපාන්න කැමැති නැහැ. ඒ තුළිsන් දීර්ඝ කාලීනව චරිතයකට කොටුවෙනවා. මට හිතෙනවා ඒ තුළින් මගේ හැකියාව වර්ධනය වෙන්නේ නැහැ කියලා.

"ගඟ අද්දර" ටෙලිනාට්‍යයේ "නිර්මලා" ඔබට ලැබුණු මේ අවස්‌ථාව ඇත්තටම ඔබේ රංගන ජීවිතයට සුවිශේෂයි?
නවකතා අතර ඉහළම පාඨක ප්‍රසාදයක්‌ දිනාගත්ත කෘතියක්‌ වගේම සිනමා ප්‍රේíකයා අතර ඉහළ ප්‍රතිචාරයක්‌ දිනාගත්ත ගඟ අද්දර චිත්‍රපය ටෙලිනාට්‍යයක්‌ කරන්න sයනවා කියලා දැනගත්තහම මටත් එකේ රඟපාන්න ආසාවක්‌ ඇතිවුණා. නිර්මලා චරිතයට තෝaරගත්තට පස්‌සේ ඇතිවුණේ ඊටත් වඩා සන්තෝෂයක්‌.

මෙවැනි චරිතයක්‌ ඔබට රඟපාන්න ලැබීම මොනවගේ අභියෝගයක්‌ද?
මෙතෙක්‌ මට ලැබුණු චරිත අතරින් හාත්පසින්ම වෙනස්‌ චරිතයක්‌. පුළුවන් උපරිමයෙන් මම ඒ චරිතයට සාධාරණයක්‌ ඉෂ්ඨකළා කියලා හිතනවා. ඒ නිසාම චිත්‍රපටයවත් බැලුවෙත් නවකතාව කියෙවත් නැහැ. එහෙම වුණානම් මම ඒ චරිතය අනුකරණය කලා වෙන නිසා. අනික ටෙලිනාට්‍යයේ චරිත තරමක්‌ වෙස්‌ කරලා ආත්ම දෙකක කතාවක්‌ හැටියටයි නිර්මාණය කරලා තියෙන්නේ.

නර්තනයෙන් ඈත් වෙලාද?
සාමාන්‍ය පෙළ වෙනකන් පාසලේදි විෂයක්‌ හැටියට මම නර්තනය හැදැරුවා. රංගන කටයුතුවලට ආවට පස්‌සේ තමයි ඩාන්සින් ස්‌ටාර් තරගයට ඉදිරිපත් වුණේ. එතනින් පස්‌සේ විනෝදාංශයක්‌ විදිහට තමයි නර්තන කටයුතු වල නියෑලෙන්නේ.

යෞවනියක්‌ විදිහට ආදරය දකින්නේ?
හැමෝම කියනවා වගේ සුන්දරයි. ඒ සුන්දරත්වයේ යම් යම් අත්දැකීම් මටත් නැතුවාම නෙමෙයි. ඒත් නොගැලපීම් නිසා මග අරින්න සිද්ධ වුණා. ඒ නිසා දැන් ඒ කටයුත්ත දෙමාපියන්නට බාරදිලයි තියෙන්නේ.

අද ඔබ ඔබ ගැන ආඩම්බර වෙනවද?
අධ්‍යාපනය පැත්තෙනුත් නිළියක්‌ හැටියටත් මං ගැන මට ගොඩක්‌ සතුටුයි. ඒ අද මට ලැබෙන ප්‍රේක්‍ෂක ප්‍රතිචාර වලින්. මෙතෙක්‌ ආගමන ගැන සෑහීමකට පත්වෙනවා වගේම මං ගැන ඇත්තතටම මම ආඩම්බර වෙනවා.