Monday, March 29, 2010

අපේ පැතුම ඒ අයුරින්ම ඉටුවුණා

By: Last Man On: 12:23 PM

තනූජා දිල්හානි

ඇය මෙරට සුවහසක් රසික රසිකාවියන්ගේ ආදරය දිනූ රුවැත්තියකි. රංගන ශිල්පිනියක, වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක සහ නර්තන ශිල්පිනියක ලෙස කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක යෙදෙන, කලා හැකියාවන් රැසකින් පිරිපුන් මේ යොවුන් තාරකාව කවුරුත් හඳුනන්නේ තනූජා දිල්හානි ලෙසයි. මේ දිනවල

රූපවාහිනිය ඔස්සේ දිග හැරෙන ටෙලිනාට්‍ය සහ වෙළෙඳ දැන්වීම් රැසක් සමඟ ඇය අපේ ආලින්දයට ගොඩවදින්නීය. කලා කටයුතු සමඟ කාර්ය බහුල දිවියක් ගත කළ ද තනූජා පසුගිය දිනෙක ඇයගේ නවතම කලා තොරතුරු පිළිබඳ අප සමඟ කතා බහ කරන්නට එක්වුණා. තනූජා ‘රසඳුන’ සතුටු සාමීචිය සමඟ එක්වුණු සොඳුරු මොහොතයි මේ.

ටෙලිනාට්‍ය කීපයක් සමඟ ඔබ ආයෙමත් කාර්යබහුල වෙලා වගේ?

ඇත්තටම ඔව්. මේ දවස් ටිකේ ම නවතම ටෙලිනාට්‍ය දෙකක රූපගත කිරීම් සඳහා මම සහභාගි වෙනවා. මේ දෙකම රූ ගැන්වෙන්නේ කොළඹින් පිට. ඒ නිසා තරමක් කාර්ය බහුලයි. ඒ වගේ ම වී. සිවදාසන් අධ්‍යක්ෂණය කරන ‘අළුපාට හීන’ ටෙලිනාට්‍යයත් මේ දිනවල විකාශනය වෙනවා. එය ස්වර්ණවාහිනිය ඔස්සේ මගේ රසික රසිකාවියන්ට දැක බලා ගන්න පුළුවන්.

‘අළුපාට හීන’ ටෙලිනාට්‍යයේ ඔබ නිරූපණය කරන්නේ සංකීර්ණ චරිතයක් ?

මේ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කරන්නේ විශ්වවිද්‍ය්‍යාල මහාචාර්යවරයෙක් සමඟ විවාහ වී සිටින තරුණ කාන්තාවක ගේ චරිතයක්. ඔවුන් අතර පවතින වයස් පරතරය, මත ගැටුම් රැසක් ඔස්සේ නවතම කතා තේමාවකින් යුතුව මේ ටෙලිනාට්‍යය දිග හැරෙනවා. කුතුහලය, සානුකම්පිත බව ඉස්මතු වෙන චරිතයක් එය. එය ප්‍රේක්ෂකයන්ට රසවත් කතාවක් වෙයි කියා මම හිතනවා.

ඔබ මීට පෙර ‘සක්විත්තෝ’ ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වුණා. එහි රඟපෑ චරිතය ගැන ඔබ තෘප්තිමත් ද?

මට ලැබුණු චරිතය ගැන මම ඉතාම තෘප්තිමත් වෙනවා. මොකද ‘සක්විත්තෝ’ ටෙලිනාට්‍යයේ ‘චාරුණිකා’ කියන චරිතය තමයි මට රඟපාන්න ලැබුණේ. මේ චරිතයේ විශේෂත්වය තමයි තමන් විසින් ම දියුණු වෙන්න බලාගෙන වැඩ කරන තරුණියකගේ චරිතය. මේ චරිතයට හුඟාක් හොඳීන් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. ඒ නිසා මම හිතනවා ඒ චරිතයට මම සාධාරණය ඉෂ්ට කළා කියලා.

මේ දිනවල රූපවාහිනී නාලිකා ඔස්සේ ‘සුපිරි තරු’ බිහිකරන රියැලිටි වැඩසටහන්වලට දායක වෙන්නට ඔබට ආරාධනා ලැබුණේ නැත් ද?

මම මීට පෙර ‘සිරස’ රූපවාහිනිය ඔස්සේ ඉදිරිපත් කරපු ‘සිරස ඩාන්සින් ස්ටාර්ස්’ වැඩසටහනට සහභාගි වුණා. නමුත් ඒ වැඩසටහන ගැන මට යම් කල කිරීමක් ඇතිවුණා. ඒ තුළ විනිවිද භාවයක් මම දුටුවෙ නැහැ. ඒ තුළ කිසිම රියැලිටි බවක් මම දැක්කෙ නැහැ. ඒ හින්ද පසු කාලෙක විවිධ රූපවාහිනි නාලිකා හරහා විවිධ ගායන හා නර්තන වැඩසටහන්වලට සහභාගිවෙන්න කියලා මට ආරාධනා ලැබුණත් ඒවා සියල්ල ප්‍රතික්ෂේප කරන්නට මට සිදුවුණා.

ඔබේ සිනමා අත්දැකීම් පිළිබඳව කතාකළොත්?

මෙහෙමයි. මේ වෙනකොට ‘රෝස කැලේ’, ‘එකමත් එක රටෙක’ කියන චිත්‍රපට දෙකට මම දායක වෙලා තිබෙනවා. ඊට අමතරව ‘වියපත් බඹරා’ කියන චිත්‍රපටයටත් දායක වෙන්න ලැබුණා. සමහරක් චිත්‍රපටවලට මට ආරාධනා ලැබුණත් ආර්ථික සහ නිර්මාණාත්මක අතින් සතුටු වෙන්න බැරි නිසා ඒවා මට අත්හැර දමන්න සිදුවුණා.

ඔබ පසුගිය දිනෙක විවාහ දිවියට ඇතුළත් වුණා. ඒ ගැනත් කතාබහ කරමු.

මම විවාහ වුණේ පණ්ඩුක දයානන්ද සමඟ. ඔහු ජනප්‍රිය කැමරා ශිල්පි කීර්ති දයානන්ද මහත්මයාගේ පුතණුවන්. පණ්ඩුක ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරනවා. අපි විවාහ වුණේ ආදර සම්බන්ධතාවයකින්. ඇත්තටම අපේ මංගල උත්සවය ලස්සනට සිදු කරන්නට අපි දෙන්නගෙම හිත් තුළ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. එය ඒ අයුරින් ම ඉෂ්ට කර ගන්නට අපට හැකි වුණා. ඉතා හොඳ විවාහ ජීවිතයක් ගත කරන්නට අපි දෙදෙනාම බලාපොරොත්තු වෙනවා.

ඔබේ පෞද්ගලික ජීවිතයට වගේ ම කලා ජීවිතයට පණ්ඩුක ගෙන් ලැබෙන්නේ මොනවගේ සහයෝගයක් ද?

පණ්ඩුකගෙන් විවාහ වන්නට පෙර සිටම මට ලැබුණු සහයෝගය අතිවිශාලයි. පණ්ඩුකගෙන් වගේ ම පණ්ඩුකගේ පියා ගෙනුත් නිතරම අවවාද උපදෙස් අරගෙන තමයි මම කලා කටයුතුවල නිරත වෙන්නේ.

ඔබේ කැදැල්ලට තුන් වැන්නෙක් එක්කර ගැනීමේ බලාපොරොත්තුවක් තවම නැද්ද?

ඇත්තටම එහෙම ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. ඒත් තවම ඒ ලකුණු නම් නැහැ.

ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද? අපි ඒ ගැනත් කතා කරමු.

අපි පටන් ගත්ත විවාහ ජීවිතේ බාධාවකින් තොරව ගෙන යන්නත් මගේ කලා කටයුතු, ව්‍යාපාර කටයුතු දියුණු කරගන්නත් පුංචි බලාපොරොත්තුවක් තියෙනවා.

Friday, March 26, 2010

"කුකී" ට ගැරඬින්ව නිතතරම හීනෙන් පේනවලූ

By: Last Man On: 1:17 AM

අයෝමි ශානිකා ගැරඬි අල්ලන
කොන්ත්‍රාත්තු බාරගන්නවාය
කියන කලා ක්‍ෂේත්‍රයේ මේ දින
වල පැතිර යන කටකතාවේ
ඇත්ත කතාව පසුගිය සතියේ
මීවිතෙන් හෙළි කළා ඔබට
මතක ඇති. එය කියවූ කලා
ක්‍ෂේත්‍රයේ අපේ හිතවතුන්
පිරිසක්‌ මේ උරග වර්ගය හා
ජනප්‍රිය රංගන ශිල්පිනියන්
අතර ගෙතුනු අපූරු කතාවක්‌
පිළිබඳ හෝඩුවාවක්‌ මීවිතට
කීවා. බලාගෙන ගියාම ගැරඬියා
කියන සතා අපේ නිළියන් අතර
බොහොම ජනප්‍රිය සතෙක්‌ වගෙයි.

කොහොම නමුත් මෙදා පාර
මේ ගැරඬි කතාවත් එක්‌ක සම්බන්ධ
වෙන්නේ මෙවර සුමති ටෙලි සම්මාන
ප්‍රදානයේදී ජනප්‍රියම නිළිය ලෙසින්
අභිෂේක ලද නෙහාරා. වංගු නොදමා මේ
කතාවේ ඇත්ත නැත්ත අපි නෙහාරා
ගෙන් කෙළින් ඇහුවා.

මෙච්චර දේවල් පේන්න තියෙද්දි මොකද නෙහාරා හැමදාම ගැරඬි හීනෙන් පේනව කියන්නෙ?

අනේ.. හැමදාම නම් පේන්නෙ නෑ.

එහෙනම් කෙම්මුර දවස්‌වලටද?

එහෙම නෙමෙයි. ගැරඬියෙක්‌ දැක්‌කොත් ඌ හීනෙනුත් පෙනෙනවා.

එච්චරටම ගැරඬින්ට කැමතිද? මොකද එක පාරක්‌ දැක්‌ක ගමන් හීනෙනුත් පෙනෙන්නෙ තමන් ආසා කරන දේවල් නෙ?

ආසා කරන නිසා නෙවෙයි. මම ඔය බිම දිගේ ඇදිල යන සතුන්ට ලොකු බයක්‌ තියනව. ඒ වගේ සතෙක්‌ දැක්‌කොත් මට නින්ද යනකොට නිකං මගෙ ළඟ ඌ ඉන්නව වගේ පෙනෙනව. බාත්රූම් එකට ගියත්, තනියම කාමරයකට ගියත් සතෙක්‌ ඉන්නව වගේ දැනෙනවා. ටික දවසක්‌ යනකන් ඒ බය ඇරෙන්නෙ නෑ.

නෙහාරා එහෙම කියනකොටත් මුහුණෙන් පෙනුනෙ හරියට ඩයිනොසිරස්‌ යුගයේ සතෙකුට බයවෙල වගෙ පෙනුමක්‌. ඒ නිසා ඒ කතාවෙ ඉතිරි හරිය සම්පූර්ණ කළේ නෙහාරගෙ ආදරණීය මව.

මෙයා පුංචි කාලේ ඉඳලමයි ඔය බය තියෙන්නෙ. ඒකට හේතුවක්‌ තියෙනව. පුංචි කාලෙ මෙයාගෙ ඩැඩයි එයාගෙ යාළුවෙකුයි ඉඳගෙන ඉන්නකොට නෙහාරා එතනට ගිහින්. ඒ යනකොටම වහළයේ ඉඳපු ගැරඬියෙක්‌ අර යාළුවගෙ කරට වැටිල තියනව. හරියට මාලයක්‌ දැම්ම වගෙ. ඕක තමයි මෙයාගෙ හිතේ තියෙන්නෙ.

නෙහාරා වැඩියෙන්ම කැමැති කුකී කියල කතා කරනවටද නෙහාරා කියනවටද?

කොහෙන්ද ඔය නම හොයාගත්තෙ. මගේ පවුලෙ ළඟම හිතවත් අය තමයි කුකී කියල කතා කරන්නෙ.

ඔය නම තිබ්බෙ කවුද?

මගේ බාප්පි තමයි ඔය නම දාල තියෙන්නෙ. පුංචි කාලේ මම හරිම චබීලු. රවුම් මූණ නිකං කුකී බනිස්‌ එකක්‌ වගේලු. ඒ නිසා ආදරයට තමයි "කුකී" කියල දාල තියෙන්නෙ.

ආදරේ වැඩි වුණාම මිනිස්‌සුන්ව හපන්නෙ මොකද?

මිනිස්‌සුන්ව හපනවා... නෑ නෑ... ඒක ලොකු වැරදීමක්‌. ඔයාට වැරදි තොරතුරක්‌ දීල තියෙන්නෙ.

හොඳට මතක්‌ කරන්න. බබෙකුගෙ මූණට කිස්‌ එකක්‌ දෙන්න කීවාම හැපුවෙ නැද්ද?

ආ... ඒක පුංචි කාලෙ දෙයක්‌නෙ. මම බය උණ තරමක්‌. එතකොට මට අවුරුදු දෙකක්‌ විතර ඇතිලු. පවුලේ වැඩිමලා වගේම අපේ පවුලට ලැබුණ පළවෙනි මිනිපිරියත් මමනෙ. ඉතිං හැමෝගෙම ආදරේ මට ලැබුණා. දවසක්‌ අම්මි වෙන බබෙක්‌ වඩාගෙන මට කියල තියෙනව එයාට කිස්‌ එකක්‌ දෙන්න කියල. මට තරහ ගිය පාර අර බබාගෙ මූණ හැපුවලු.

පුංචි කාලේ වගේම දැනුත් තරහ යනවද?

දැනුත් තරහ යන අවස්‌ථා තියෙනව. ඒත් ඕන දේට විතරයි.

ජීවිතේ ලස්‌සනයි ෂූටිං කරනකොට ඔබව ගඟට උස්‌සල දාන දර්ශනයක්‌ තිබුණද?

එහෙම සීන් එකක්‌ තිබුණෙ නෑ. ඒත් හැමෝම එකතුවෙලා මට ඊළඟට කරන්න තියෙන්නෙ ඒ සීන් එක කියල මාව බය කළා. ඒක මගේ දෙවැනි නාට්‍යය නෙ. මට ලොකු අත්දැකීම් තිබුණෙ නෑ. නාට්‍ය අධ්‍යක්‍ෂණය කළ රවීන්ද්‍ර අයියත් කිව්ව ඊළඟට නෙහාරව ගඟට වීසි කරන සීන් එක තියෙන්නෙ නාන්න ලෑස්‌ති වෙලා ඉන්න කියල. ජගත් අයියත් (ජගත් චමිල) මාව ගඟට දාන්න වගේ ලෑස්‌ති වුණා. නමුත් පස්‌සෙයි ඒක බයිට්‌ එකක්‌ කියල තේරුනෙ.

නිතරම ඔය "ස්‌වීටි" කියන වචනය කියන්නෙ ඇයි?

හස්‌නා කියන මගේ ළඟම මිතුරියක්‌ නිසා. පාසල් යන කාලේ මම එයාගෙ ළඟින්මයි හිටියෙ. එයාගෙ කටේම තියෙන්නෙ. ඔය "ස්‌වීටි" කියන වචනය. ඒක මටත් නොදැනිම මට හුරු වුණා. අදටත් මම ඒක පාවිච්චි කරනවා.

ඔය වචනය වගේම නෙහාරා අතින් උයන කෑමත් හරිම "ස්‌වීට්‌" කියන්නෙ ඇත්තද?

අනේ ඔව්. මට රසට උයන්න පුළුවන්. බොරු නම් අම්මිගෙන් අහන්න. මම හදන චිකන් කරි එකටයි සැමන් බැදුමටයි ගෙදර අය හුඟක්‌ කැමැතියි. ඒ වගේම මගෙත් එක්‌ක රසට රොටි හදන්න ගෙදර කාටවත් බෑ.

ඔබ මේ වසරේ ජනප්‍රියතම නිළිය (ටෙලිනාට්‍ය) නිසා මේ දවස්‌වල හොඳ ප්‍රතිචාර ලැබෙනව ඇති.

ඇත්තටම ඔව්. මට ගොඩක්‌ අය හරි ආදරෙයි. විශේෂයෙන් කාන්තා පක්‍ෂය. මට මුණගැහුන එක ආන්ටි කෙනෙක්‌ කීවා "මුතුකිරිල්ලි" එකේ මම අඬනව තිබිච්ච හැම සීන් එකකදිම එයත් ඇඬුවලු.

රසික රසිකාවියන්ගෙන් ලැබෙන ප්‍රතිචාරවලින් වඩාත්ම සංවේදී මතකය මොකක්‌ද?

මට ලැබුණු ලිපියක්‌ නිසා බොහොම සංවේදී වූ අවස්‌ථාවක්‌ තියෙනව. හමුදාවෙ අයිය කෙනෙක්‌ මට එවපු ලියුමක මෙහෙම ලියල තිබුණා. "නෙහාරා මේකට මට පිළිතුරක්‌ ලියන්න එපා. ඔයා පිළිතුරක්‌ එවනකොට මම ජීවතුන් අතර ඉඳියිද දන්නෑ" කියල. ඒක අදටත් මට හරිම සංවේදී මතකයක්‌.

ඔබේ මේ කලා කටයුතුවලට පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

නෙහාන් මගෙ මල්ලි, අම්මි, ඩැඩී වගේම මගේ සැමියගෙන් ලැබෙන සහයෝගය නිසයි මේ හැම දෙයක්‌ම ගැටලුවකින් තොරව සාර්ථකව කරගන්න පුළුවන් වෙලා තියෙන්නෙ. විශේෂයෙන් මගේ සැමියා මටත් වඩා හොඳට මාව තේරුම් අරන් තියෙනවා.

Divaina

Wednesday, March 24, 2010

Nilanthi Dias

By: Last Man On: 12:32 AM

Nilanthi Dias








Nilanthi Dias




Monday, March 22, 2010

අපිට ආදරේ රසවිඳින්න ලැබුණු කාලය අඩුයි....

By: Last Man On: 9:45 AM
අපිට ආදරේ රසවිඳින්න ලැබුණු කාලය අඩුයි....
"සතයෙන් සතය"වෙ‍ළෙඳ දැන්වීමෙන් බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් ඇය අද වනවිට ප්‍රවීණ රංගන ශිල්පිණියක් බවට පත්ව සිටී. විවිධ චරිත හරහා සිය රංගන හැකියාවන් ඉදිරිපත් කරමින් ඇය මේ දිනවලත් පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණෙයි. අද ආලින්දයට ගොඩ වූ ඇය සුජානී මේනකාය.



* මොනවද අලුත්ම වැඩ කටයුතු?

මේ දවස් වල"සරා"චිත්‍රපටයේ රූගත කිරීමේ කටයුතු සිදුවෙනවා. ඒ වගේම තවත් අලුත් නිර්මාණ කිහිපයකටම දායකවෙලා ඉන්නේ. ඒ ගැන ඉදිරියෙදි දැනගන්න ලැබේවි.

* කලා ශිල්පිණියක් ලෙස වෘත්තීය ජීවිතය තුළ ඔබ අරමුණු කරගත් තැනට එන්න පුළුවන් වුණා කියලා හිතනවද?

තවම නෑ. තවමත් මං රංගනය පැත්තෙන් ඉටුකර තිබෙන්නේ ඉතාම සුළු කාර්යයක් විතරයි. රංගනයේ යෙදිය යුතු විවිධ චරිත තිබෙනවා. මං තවමත් විවිධ චරිත වලට දායක වීම ආරම්භ කළා පමණයි. තවමත් මම අරමුණ කරගත් තැනට එන්න මට බැරිවුණා. තවම මම බොහොම සුළු තැනක ඉන්නේ. තව බොහෝ දේ අධ්‍යයනය කළ යුතුයි.

* ක්ෂේත්‍රයට නවක රංගන ශිල්පිණියන් ඔබට අභියෝගයක්ද?

කවදාවත් කවුරුවත්ම මට අභියෝගයක් වුණේ නෑ. මම අභියෝගයක් කරගන්නේ මාවමයි. රංගනය පැත්තෙන් සාධාරණයක් කරන්න එය මට පහසුවක්. මේ ක්ෂේත්‍රයට නවකයින් පැමිණිය යුතුයි. හැමදාම එකම මුහුණ දැක්කොත් ක්ෂේත්‍රයට පැවැත්මක් නැතිවෙනවා. නවකයින් එක්වීම, නව නිර්මාණ බිහිවීම ඉතාම හොඳ ප්‍රවණතාවයක්.

* රංගන ශිල්පිණියක් නොවුණා නම් ඔබේ වෘත්තිය කුමන මාවතකට යොමුවෙයිද?

ඒ ගැන නම් මට අදහසක් දෙන්න අපහසුයි. මොකද මම රංගන ශිල්පිණියක් වුණෙත් මගේ පවුලේ ආභාසය නිසයි. මගේ පියා කලා අධ්‍යක්ෂවරයෙක්. මට නිශ්චිත අරමුණක් තිබුණේ නෑ. මේ වෘත්තිය වෙත යොමුවෙනවා කියලා. මගේ ජීවිතේ ඉබේම වගේ රංගනය පැත්තට යොමුවුණා. ඉතින් දැන් මගේ බලාපොරොත්තුව දිගටම වෘත්තීය රංගන ශිල්පිණියක් ලෙස මේ ක්ෂේත්‍රය තුළ රැඳීඉන්නයි.

* රංගන ශිල්පිණියක් ලෙස ඔබේ දක්ෂතා ඇගයීමට ලක් වී තිබෙනවාද? ඒ ගැන ඔබට සෑහීමට පත්වෙන්න පුළුවන්ද?

ඇත්තටම ඔව්. මම රංගන ක්ෂේත්‍රයට ඇවිත් දැන් වසර 27ක් පමණ වෙනවා. එම කාලය තුළ මගේ රංගනය වෙනුවෙන් මම අවස්ථා කිහිපයකදීම සම්මානයට පාත්‍ර වුණා. මට මුල්ම සම්මානය ලැබුණේ 1986 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ"ප්‍රාර්ථනා"ටෙලි නාට්‍ය වෙනුවෙන්. එහිදී මට කුසලතා සම්මානයක් ලැබුණා. ඉතින් මම හිතනවා මගේ දක්ෂතා නියම විදිහට ඇගයීමට ලක්වුණා කියලා.

* ඔබ සහ බිමල් අතර ආදරය ඇතිවුණේ හිමාලි සයුරංගිගේ මැදිහත්වීමෙන් කියන්නේ ඇත්තද?

හිමාලියි මමයි පුංචි කාලේ ඉඳලම හුඟක් හොඳ යාළුවෝ. බිමල්ගෙයි මගෙයි ආදරයට මුලින්ම උදව් කළේ හිමාලි. අපි දෙන්නා ළමා පිටියෙදිත් එක‍ට වැඩකළා. ඒ වගේම එකම නිර්මාණ වලදී රංගනයෙන් දායක වුණා."රම්‍ය සුරම්‍ය"ටෙලි නාට්‍යයේදීත් අපි දෙන්නා එකට රඟපෑවා. ඒ ටෙලි නාට්‍යයේදි තමයි මමයි බිමලුයි හමුවුණෙත්. අපි දෙන්නගෙ ආදරයට හිමාලි හුඟක් උදව් කළා.

*ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර අතරින් අමතක නොවන අත්දැකීම් ගැන මතක් කළොත්?

අමතක නොවන අත්දැකීම් නම් තියෙනවා. ඒ අතරින් මම පුංචි කාලේ මුලින්ම දායක වුණු ඉතිරි කිරීමේ වෙළෙඳ දැන්වීම (සතයෙන් සතය) නිසා නම් මට පිරිමි ළමයින් අනවශ්‍ය විහිළුත් කරන්න පටන්ගත්තා. ඒ දැන්වීමෙන් තමයි මම මුලින්ම ජනතාව අතරට ගියේ. ඒ දැන්වීමේ තිබුණ වචන කිහිපයක් වෙනත් විදිහකට හරවලා පිරිමි ළමයි මට විහිළු කරපු අවස්ථා තිබුණා. ඊට පස්සේ මාව පාසලට ඇරලවන්න මගේ අම්මටත් එන්න සිද්ධවුණා.

* ඔබ හිතන විදිහට ඔබ සාර්ථක රංගන ශිල්පිණියක්ද? හොඳ බිරිඳක්ද?

මගේ පෞද්ගලික ජීවිතයේදී මම හැමවිටම හොඳ ගෘහණියක්, හොඳ බිරිඳක් ලෙස වඩාත් සාර්ථක වෙන්න උත්සාහ කරනවා. ඒ වගේම කවදහරි හොඳ මවක් වෙන්නත් බලාපොරොත්තු වෙනවා. වෘත්තීය පැත්තෙන් ගත්තම හොඳ රංගන ශිල්පිණියක් වෙන්න උත්සාහ කරනවා. ඒ දෙපැත්තම සාර්ථක කරගැනීමයි මගේ බලාපොරොත්තුව.

* තනිකඩ ජීවිතයද විවාහක ජීවිතයද වඩාත් හොඳයි කියලා හිතන්නේ?

මට නම් ඒ ජීවිත දෙකම සුන්දරයි. තනිකඩව හිටපු කාලේ මම ගතකරපු සුන්දරම කාලේ මගේ පාසල් කාලේ. මට ජීවිතේ විඳින්න ලැබුණේ ඒ කාලේ. පාසලෙන් ඉවත්වුණා ට පස්සේ රංගන කටයුතු නිසා හුඟක් කාර්යබහුල වුණා. බිමල්ගෙයි මගෙයි ප්‍රේම සම්බන්ධය ප‍ටන්ගත්තට පස්සෙත් අපි දෙන්නගෙම කාර්යබහුලත්වය නිසා අපිට ආදරේ රසවිඳින්න ලැබුණ කාලය අඩුයි. නමුත් විවාහයෙන් පස්සේ කාර්යබහුල වුණත් අපි දෙන්නා එකට ඉන්න හින්දා ජීවිතේ සුන්දරව ගෙවෙනවා.

* මේ දක්වා ඉදිරිපත් කළ රංගනයන්ගෙන් කළ සාර්ථකම රංගනය මොකක්ද?

මට එකවරම කියන්න බෑ මෙන්න මේ චරිතෙදි මට උපරිම රංගනයක් ඉදිරිපත් කරන්න හැකිවුණා කියලා. ඕනෑම රංගන ශිල්පියෙක්ට තමන්ට ලැබෙන ඕනම චරිතයකදී ඉදිරිපත් කිරීමට යම් විශේෂ දෙයක් තිබේනම් එයින් තමන්ගේ දක්ෂතාවන් එළිදැක්වීමට හැකියාව ලැබෙනවා. එය නිශ්චිත එක් චරිතයක් කියලා කියන්න බෑ. විවිධ චරිත ඉදිරිපත් කරන්න පුළුවන්.

* බිමල් ජයකොඩි ඔබේ ප්‍රථම ප්‍රේමයද?

ඔව්, පාසල් යන කාලේවත් ඊට පස්සෙවත් බිමල්ව හමුවන තුරු මම ආදරය කරල තිබුණේ නෑ. පාසල් යන කාලේ සුන්දරව ගත කළා. මට ඒ කාලේ අනවශ්‍ය කරදර දාගන්න හිතුණේ නෑ. ප්‍රේක්ෂකයින්ගෙන් ආදරය ගැන යෝජනා ආවා. සමහරු මම දන්නෙත් නෑ. අම්මගෙන් ඇවිත් මම ගැන අහලා තිබුණා. නමුත් ඒ කාලේ ඇත්තටම මට ආදරය, පෙම්වතෙක්, විවාහය පිළිබඳව ඒ තරම් අදහසක් තිබුණේ නෑ. මම කරන වැඩ ගැන විතරයි හිතුවේ. නමුත් මම හිතනවා නියමිත කාලෙදි මම පෙම්වතියක් වුණා. නියමිත කාලෙදි විවාහ වුණා.

Saturday, March 20, 2010

‘නිල් බලකායත්’ සමඟ එකතු වෙලා පසුගිය ජනාධිපතිවරණයේ දී ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන්න අපිට අවස්ථාව ලැබුණා.

By: Last Man On: 12:37 AM
තනුජා දිල්හානි

‘නිල් බලකායත්’ සමඟ එකතු වෙලා පසුගිය ජනාධිපතිවරණයේ දී ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන්න අපිට අවස්ථාව ලැබුණා.

එහිදී නාමල් රාජපක්ෂ සමඟ කලාකරුවන් විදිහට අපි ලොකු වැඩ කොටසක් ඉටු කළා. මම ඇත්තටම එහි දී දැක්ක දෙයක් තමයි නාමල් රාජපක්ෂ සතුව පවතින මනුස්ස ගති ගුණ. ඔහුගේ පියා වන ජනාධිපතිතුමන් සතු ගතිගුණ නාමල් තුළත් නොඅඩුව පිහිටා තිබෙනවා.

විශේෂයෙන්ම තරුණ තරුණියන් සමඟ ඉතාම එකමුතුව, නිහතමානීව, ලොකු පොඩි, දුප්පත් - පෝසත් භේදයකින් තොරව කාටත් එක වගේ සැලකීමට දක්ෂ කටයුතු කරන පුද්ගලයෙක් විදිහට නාමල්ව හඳුන්වන්න පුළුවන්.

නාමල් හැම වෙලාවෙම රට ගැන හිතන තරුණයෙක්. ඔහුගේ පළමු උත්සාහය රට රැක ගැනීම. ඒ වෙනුවෙන් ඔහු ඉදිරිපත් කරන, ව්‍යාපෘති, සැලසුම් තුළින් ම ඒ බව පෙනෙන්නට තිබෙනවා.

ඒ වැඩපිළිවෙළ තුළ ඔහු තාරුණ්‍යයට විශාල ඉඩක් ලබා දෙනවා. ඔහු හැම විටම හිතන දෙයක් තමයි තරුණ පරපුර ඉදිරියට ගෙන එන්නේ කොහොමද කියන එක. ඒ ගැන ඔහු මේ වෙනකොට බොහෝ ව්‍යාපෘති සැලසුම් සකස් කර අවසන්.

මම හිතන්නේ නාමල් වගේ තරුණයෙක් දේශපාලනයට එනව කියන්නේ මේ මුළු රටට ම සේවයක් වෙනවා කියලයි. මම ඔහුට එකසිතින්ම සුබ පතනවා රට ගොඩනගන්නට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියලා.


සුහද හමුවක හමුවීම ආදරයක්‌ වුණා



තනුජා දිල්හානි නම කියූ පමණටත් වඩා ඇය රුව නෙත ගැටුන විට ඔබ හොදාකාරවම ඇය හඳුනනවා ඇත. අද වනවිට රූපවාහිනි නාලිකා රැසක ටෙලි නාට්‍ය කිහිපයකත් දැන්වීම් කිහිපයකත් කතා නායිකාව වන ඇය පසුගියදා තම ජීවිතයේ සොඳුරුතම දවස උදාකර ගත්තාය.

තනුජා කොහොමද අලුත් ජීවිතය

ගොඩක්‌ හොඳයි. ටිකක්‌ වෙනදට වඩා වැඩ වැඩියි. වගකීම් වැඩියි. නමුත් සතුටින්, සැහැල්ලුවෙන් ගෙවිලා යනවා.

තනුජා වෙඩින් එක තිබුණේ කවදාද? කොහේද?

දෙසැම්බර් 26 වෙනිදා, වාද්දුව බ්ලුවෝටර්ස්‌ හෝටලයේ.

මොන විදිහටද ඔබ සැරසුණේ...

මම සැරසුණේ උඩරට මනාලියක්‌ විදිහට. මාව ලස්‌සනට හැඩ කළේ චම්පි සිරිවර්ධන. ඇය මගේ මංගල උත්සවය වෙනුවෙන් විශේෂ කැපවීමක්‌ කළා. මම ඇන්දේ ලා කහපාට ඔසරියක්‌. මට අලුත්ම සාරිය ලබා දුන්නේ සරිටා ආයතනය මගින්. මල් කළඹ කළේ හසිත ගුණසේකර විසින්. වෙඩින් කේක්‌ එක කළේ හසිතගේ ආදරණිය බිරිද. මංගල උත්සවයේ සියලුම නර්තන නිර්මාණයන් කළේ තුෂාර.

අපි අපේ වෙඩින් එකේ තේමාව ලෙස යොදා ගත්තේ මානෙල්මල. ඒ නිසා මංගල උත්සවය තවත් හැඩ කරන්න මම එකතු කර ගත්තේ. මල් කුමාරියන් හයක්‌ සහ මල් කුමාරයන් දෙදෙනෙක්‌ විතරයි. ඔවුන්ගේ ඇඳුම් නිර්මාණය කළෙත් දම් සහ කහ පාට ලෙස මිශ්‍ර කරගෙනයි. සියලුම ඇඳුම් නිර්මාණය කළේ ඇනස්‌ටා රංජනි සහ නිරෝෂා ජයසේකර. උත්සව ශාලාව මාළිගාවක්‌ විදිහට සරසන්න සියලු නිර්මාණයන් කළේ මල්ෆාන් ෆ්ලෝරාවල රොෂාන්. මේ සියලුදෙනාම මගේ මංගල උත්සවයට මම හිතුවටත් වඩා සාර්ථක කරගන්න ගොඩක්‌ උදව් කළා. ඔවුන් සියලු දෙනාටම මම මෙය ස්‌තුති කරන්න අවස්‌ථාවක්‌ කර ගන්නවා.

පණ්‌ඩුක සැරසුණෙත් ආරිය සිංහල ඇඳුමින්. මුලින්ම මම කැමති වුණේ පණ්‌ඩුක මුල් ඇඳුමින් සැරසිලා ඉන්නවට. නමුත් ඔසරියට වඩාත් ගැළපෙන්නේ ආරිය සිංහල ඇඳුම බව අපි රූපලාවන්‍ය ශිල්පිනිය සමග කතා කරද්දී තීරණය කළා.

ඒ අනුව ඔහුත් ඒ විදිහට සැරසුණා. මගේ මංගල උත්සවය මේ තරම් සාර්ථකව සැලසුම් කළේ හිමේෂා රාජපක්‌ෂ මගේ මිතුරිය බ්ලූ වෝටර්ස්‌වල සපුමල් ගොඩක්‌ උදව් කළා. හෝටලය ලබා ගැනීමේදී ලක්‌ෂ්මන් හුණුගල්ල මහතා, ඇතුලු බ්ලූ වෝටර්ස්‌ කළමනාකාරිත්වයෙන් ලොකු සහයෝගයක්‌ මට ලැබුණා. මේ සියලුදෙනාගේම සහයෝගයෙන් තමයි මගේ විවාහ උත්සවය ගොඩක්‌ ලස්‌සනට සැලසුම් වුණේ.

මංගල උත්සවය තුළදී ලොකු විශේෂත්වයක්‌ තිබුණාලු නේද?

ඔව්. මට ඕනවුණා මගේ විවාහය මගේ උපන්දිනය දවසේ කරන්න. නමුත් අපි මුලින් දැනගෙන හිටියේ නැහැ එදා නැකැත් දවසක්‌ කියලා. ගෙදරින් පිටවෙන්න නැකතක්‌ හදන්න ගියාමයි අපි දැන ගත්තේ 26 නැකැත් දවසක්‌ බව. එහෙම හිතලා අපි දෙසැම්බර් 18 විවාහ වුණා. අපි විවාහ උත්සවය පැවැත් වූවේ රාත්‍රියේ නිසා මධුසමයට පිටත්වීමද මංගල උත්සවය මගේ උපන්දින උත්සවය බවට පත් වුණා. එක හරිම විශේෂ අවස්‌ථාවක්‌ වුණා. මගේ ජීවිතයේ සුන්දරම අවස්‌ථාව මාත් එක්‌ක ගත කරන්න එකතු වූ මගේ ක්‍ෂේත්‍රයේ සියලු දෙනාටත් දේශපාලන ක්‍ෂේත්‍රයේ සියලු දෙනාටත්, මගේ ළඟින්ම ඉඳලා උදව් කළ මුතුටත් අපි දෙන්නගේම පවුල්වල අයත් ආදරයෙන් මතක්‌ කරනවා.

පණ්‌ඩුකව හමුවුණේ කොහොමද තනුජා...

මගේ අක්‌කා කෙනෙක්‌ ඉන්නවා ලයන්ස්‌ ක්‌ලබ් එකේ. මම දවසක්‌ ලයන්ස්‌ලගේ ගෙට්‌ටු ගෙදර් එකකට ගියා. එතනදී තමයි අපි දැන හැදින ගත්තේ. නමුත් මම ඒ වෙනකොටත් ටෙලිනාට්‍ය දෙක තුනක්‌ කරලා තිබුණත් පණ්‌ඩුක මම රඟපාන බව දැනගෙන හිටියේ නැහැ. එදා දැන හැදිනගෙන කතා බහ කරලා පස්‌සේ ඒක ආදරයක්‌ බවට පෙරලුණා.

විවාහයෙන් පස්‌සෙත් රඟපානවාද?

ඔව්... පණ්‌ඩුකවත් එයාගේ අම්මා, තාත්තා, එකම සහෝදරියවත් මම රඟපානවට අකමැති නැහැ. ඔවුන් හැම දෙනාම මගේ කලා කටයුතුවලට ගොඩක්‌ උදව් කරනවා. ඒ අතින් මම හරිම වාසනාවන්තයි.

නමුත් කවදාහරි දවසක යහපත් පවුල් ජීවිතයක්‌ වෙනුවෙන් කලාවෙන්ම සමුගන්න සිද්ධ වුණොත් ඒකත් මම හරිම කැමැත්තෙන් කරන්න සූදානමින් ඉන්නවා.

තනුජාගේ ලිපිනය
නො. 794, "ටියුලිප්" නිවාස
තෙවන කලාපය, මිලේනියම් සිටි, අතුරුගිරිය

Thursday, March 18, 2010

චතූ කියනවා. ආයේ බබා කියලා කියනවා.ඒ ආදරේට

By: Last Man On: 12:44 AM

රිදී තිරයේ වත්මත් දඟකාර යෞවනිය චතුරිකා පීරිස් කියයි

සුවහසක් යොවුන් සිත් සතන් සෙනෙහසින් වැළැඳගත් යොවුන් රුවත්තිය චතුරිකා පීරිස් මේ දිනවල ගෙවන්නේ දැඩි කාර්යබහුල දිවියක්. පුංචි තිරයෙන් නිතරම අප හමුවට එන චතුරිකා අද දවසේ වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමි කරගෙන සිටින්නේ සිනමා නිළියක් විදහට. ඒ ආනන්ද වික්‍රමසිංහගේ ‘හදවත මල් යායයි’ චිත්‍රපටයේ ඈ රඟන චරිතය සමගින්.

කවදත් තම රංගනය හරහා අප නෙතට සුන්දරත්වයක් සේම, සිතට සොම්නසක් ද ගෙන එන චතුරිකා යළිත් වරක් පුංචි තිරය ඔස්සේ අප හමුවට එන්නත් ඔන්න සූදානම්.

මේ සියල්ල ගැන තොරතුරු දැන ගන්න අපි ඇයත් එකක් පිළිසඳරකට එක් වුණා.

ඉතින්, ලිහිණි කොහොම ද.....?

චතුරිකාගේ මුහුණේ එක්වරම ඇඳුණේ දඟකාර සිනහ රැල්ලක්. ඒ සමගම ඇගේ වතට අමුතුම සුන්දරත්වයක් එක් වුණා වගෙයි.

ලිහිණි, කියන්නේ හදවත මල් යායයි, චිත්‍රපටයේ මම රඟපාන චරිතය. ඇත්තටම සමහරු මට ලිහිණි කියලත් කතා කරනවා. මේ මම සිනමාවේ මෙතෙක් රඟ නොපෑ ආකාරයේ වෙනස්ම චරිතයක්, “හදවත මල් යායයි” විමෝදාත්මක ආදර කතාවක් නේ. ඒ නිසා මේ චිත්‍රපටය හරිම සුන්දරයි.

ලිහිණි, වෙනස්ම චරිතයක් කිව්වා. කොයි වගේ චරිතයක් ද එයා.....?

ඇත්තෙන්ම ලිහිණි හරිම දඟකාර සැහැල්ලු වගේම තොර තෝංචියක් නැතිව කියවන චරිතයක්. එයා වැඩිය කේන්ති ගන්න කෙනෙක් නෙවෙයි. ඒත් කේන්ති නොයන්නේත් නෑ. හැබැයි හරිම සුන්දර කෙනෙක්.

ඒ කියන්නේ ලිහිණි හරියට ඔයා වගේ.....?

ටිකක් මම වගේ තමයි. වෙනසකට තියෙන්නේ මම එච්චර කියවන කෙනෙක් නෙවෙයිනේ.

ආනන්ද වික්‍රමසිංහ වැනි ප්‍රවීණ අධ්‍යක්වරයෙක් යටතේ මෙවැනි චරිතයක් රඟපාන්න ලැබීම ගැන ඔයාට මොකද හිතෙන්නේ.....?

ඇත්තටම ගොඩක් සතුටු වෙනවා. මේ චරිතය මට හොඳ අවස්්ථාවක්. මොකද ගොඩක් වෙලාවට ලැබෙන චරිත ඒකාකාරියි කියලා මට හිතෙනවා. නමුත් මේක වෙනස්. මට විතරක් නෙවේ මගේ පරම්පරාවේ කාටවත් මේ වගේ් චරිතයක් සිනමාවේ රඟපාන්න ලැබිලා නැහැ.

විශේෂයෙන්ම චිත්‍රපටයේ අධ්‍යක්‍ෂක ආනන්ද වික්‍රමසිංහ මහතා ගැන යමක් කියන්න ඕනෑ. ඔහු අධ්‍යක්ෂවරයෙක් විතරක් නෙවෙයි. මානුෂික ගුණාංගවලින් පිරුණු හොඳ මහත්මයෙක්. ආනන්ද අංකල් සහ ඔහුගේ බිරිය දරුවෙක් වගේ මගේ ගැන හොයලා බැලුවා. විශේෂයෙන්ම මගේ කෑම, බීම, ඉඳුම් හිටුම් ගැන. දරුවෙකුට වගෙයි ඒ අය මට සලකුවේ. ඒ කාලය ගෙවිලා ගියේ හරිම සුන්දර විදිහට.

මේ සියලු පහසුකම් මැද්දේ ලිහිණිගේ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරන්න ඔයාට පුළුවන් වුණා කියලා හිතෙනවාද?

මම කිව්වේ මේ වගේ චරිතයක් මීට කලින් මම රඟපාලා නැහැ කියලා. ඇත්තෙන්ම ටිකක් අභියෝගයක් වුණ චරිතයක්. ඩබිං කරන්න ගියාම හරිම අමාරු වුණා. මොකද මම අර කලින් කිව්වා වගේ ලිහිණි හරි වේගයෙන් කතා කරන කෙනෙක් නේ. නමුත් මම හිතනවා ඒ අභියෝග සියල්ලටම හොඳින් මුහුණ දෙන්න මට පුළුවන් වුණා කියලා.

විශේෂයෙන්ම චන්න අයියාට, මට වගේම චිත්‍රපටයේ රඟපෑ සෙසු නළු නිළියන්ට තිබුණ මානසික නිදහස නිසා තම තමන්ගේ කාර්යභාරය මේ හැමෝටම හොඳින් කරන්න පුළුවන් වුණා කියලා මට හිතෙනවා.

චිත්‍රපටය නරඹපු ගොඩක් අය කියන්නේ ඔයාගේ ඇඳුම් පැළඳුම්, කොණ්ඩ විලාසිතා හරිම ලස්සනයි කියලයි?

මගේ ඇඳුම් පැළඳුම් නිර්මාණය කළේ රමණී අලකොලංග. ඇය මට ලොකු සහයක් දුන්නා. ඇත්තටම මගේ ඇඳුම් හරිම ලස්සනයි. ඒ වගේම මාව හැඩ ගැන්වූ නන්දේ අයියා සහ කොණ්ඩා මෝස්තර නිරූපණය කළ ලලිත් අයියාවත් මේ වෙලාවේ මතක් කරනවා. ලලිත් අයියා මගේ කොණ්ඩෙට කිසිම හානියක් නොවෙන විදිහට මගේම කොණ්ඩය විවිධ විලාසිතාවලින් සැරසුවා.

එතකොට කොහොමද හිමාල්ගෙන් ඔයාට ලැබුණ සහයෝගය.....?

හිමාල්, මගේ පෙම්වතා, ඒ චරිතය රඟපෑවේ චන්න අයියා. ඇත්තෙන්ම මට එයාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. මේ රංගනයේ දී. පුංචි තිරයේත් මගේ මුල්ම පෙම්වතා වුණේ චන්න අයියා. ඒ “සුරිය දරුවෝ” ටෙලි නාට්‍යයේ. ඉතින් අපි දෙන්නා අතර මේ කාර්යයේදී සහසම්බන්ධයක් තිබුණා. රංගන කාර්යයේ දී අපිට එකිනෙකා හොඳින් තේරුම් ගන්න පුළුවන්.

මේ දවස්වල චතුරිකා මොනවද කරන්නේ?

නාලන් මෙන්ඩිස් අධ්‍යක්ෂණය කරන “සුළං කපොල්ල” ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ ෂූටිං තියෙන්නේ කොළඹ සහ නුවර. ඒක නිෂ්පාදනය කරන්නේ මගේ තාත්තා. ඒ කියන්නේ “ චලරූ” නිෂ්පාදන ආයතනය මගින්.

මොන වගේ චරිතයක් ද චතුරිකා රඟපාන්නේ......

පෙම්වතියක් සහ බිරිඳක් විදිහට රඟපානවා. ඒ කියන්නේ මුලින්ම පෙම්වතිය. ඈ විවාහ වුණාට පස්සේ බිරිඳගේ භූමිකාව. පෙම්වතා විදිහට රඟපාන්නේ කංචන කොඩිතුවක්කු. සැමියා විදිහට රොෂාන් තමයි රඟපාන්නේ.

ප්‍රගීත් රත්නායක අධ්‍යක්ෂණය කරන “ආදරෙයි මං ආදරෙයි” චිත්‍රපටයේ තවත් දර්ශන කිහිපයක් රූගත කරන්න තියෙනවා. ලබන මාසේ 22 න් පස්සේ ඒක පටන් ගන්නවා. ප්‍රගීත් ගේ මුල්ම සිනමා පටයට මම රංගනයෙන් දායක වුණේ හරිම සතුටකින්.

“ස්වයංජාත” ටෙලි නාට්‍යයේ රූගත කිරීම් දැන් අවසාන ද.....?

ඒකෙත් තව පොඩ්ඩක් ෂුටිං තියෙනවා. මැතිවරණ කටයුතු නිසා ඒක මුලින් කල් දාන්න සිද්ධ වුණා. කොහොම වුණත් “ස්වයංජාත” මට ලැබුණ හොඳ අවස්ථාවක්.

ඇයි ඒ......?

මම ඒකෙ රඟපාන්නේ ජීවිතය දිහා ගැඹුරින් බලන තරුණියකගේ චරිතයක්.එවැනි අධ්‍යාත්මික ගුණයෙන් යුත් චරිත රඟපාන්න ලැබෙන්නේ කලාතුරකින්. දැන් මම “සුළං කපොල්ල” ටෙලි නාට්‍යයේ රඟපෑවේ මීට හාත්පසින්ම වෙනස් චරිතයක්. මම ආසයි මේ ටෙලි නාට්‍යය දෙකම එකම කාලෙක විකාශය වෙනවා නම්.

මොකද එතකොට ඒ වෙනස කොයි වගේ ද කියලා ප්‍රේක්‍ෂකයන්ටත් දැක බලා ගන්න පුළුවන්.

හරි, එතකොට කොහොමද ඔයාගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු එහෙම.....?

ඕවා තමයි ඉතින්. සුපුරුදු විදිහට කලා කටයුතුවල යෙදී ඉන්නවා.

එහෙම නෙවෙයි මම ඇහුවේ ඔයාගේ අතිශය පෞද්ගලික තොරතුරු.....?

ඔයා අහන්නේ මගේ ආදරය, විවාහය ගැන කරුණු වෙන්නැති. ඇත්තටම ඒවා දැන් පෞද්ගලික නැහැ. හැමෝම දන්නවා.

එහෙනම් හංගන්නේ නැතිව කෙලින්ම කියන්න කවදාද විවාහය කියලා.....?

අපි දෙන්නට හොඳම කාලය එනකල් ඉන්නවා. මම හිතන්නේ ගෙවල්වලින් අපට දැනුම් දීලා තියෙන්නේ 2011 න් පස්සේ මේ කටයුත්ත සිදු කරන්නයි. මම හිතන්නේ අපේ කේන්දරවලත් තියෙන්නේ ඒ කාලය තමයි විවාහයට සුදුසු කියලා. වෙලාව ආපුවාම ඒ ගැන ඔයාලට කියන්නම්කෝ, සරසවියේ” අයට පුදුම හදිස්සියක් නේ තියෙන්නේ අපි දෙන්නව කසාද බන්ඳන්න.

ආ...... ඒ කියන්නේ 2011 වෙනකල් තව ටිකක් ජොලියේ, සැහැල්ලුවේ ජීවිතේ ගත කරනවා.....?

මොන සැහැල්ලුවක් ද....? මේ ගෙවෙන්නේ අපේ ජීවිතයේ හොඳම කාලය. අපි රටේ සංවර්ධනයට උදවු කරන අය. මේ කාලේ ගෙවල්වලට වෙලා අතපය අකුලවගෙන ඉඳලා හරියන්නේ නැහැනේ. පුළුවන් තරම් කාලයෙන් ප්‍රයෝජන ගන්න ඕනෑ.

ඔයා කොහොමද රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක වෙන්නේ.....?

ඇයි මම ආදායම් බදු ගෙවන නිළියක්නේ. අපේ කලා හැකියාවක් රටට පෙන්නලා ඒ ලැබෙන මුදලින් රටට ආදායම් බදුත් ගෙවනවා. මම කවදාවත් ඒක පැහැර හැරලා නැහැ.

රොෂාන් කිව්වොත් විවාහයෙන් පස්සේ රඟපෑමෙන් අයින් වෙන්න කියලා. මොකද කරන්නේ.....?

නෑ, එයා කවදාවත් එහෙම කියන්නේ නෑ.මම සමහරු දේවලින් මග හරිද්දී එයා තමයි කොහොම හරි මේක කරන්න කියලා මාව ඉදිරියටම තල්ලු කරන්නේ. ඒ රොෂාන් ගේ හැටි.

මේ වගේ ක්ෂේත්‍රයක කටයුතු කරද්දී ඕපාදුප, කට කතාවලට ගොදුරු වෙනවා වැඩියි. ඒ අත්දැකිම් ඔය දෙන්නටත් ඇති.....?

අපි, අපිව හොඳින් තේරුම් අරගෙනයි ඉන්නේ, රොෂාන් සමීපව ආශ්‍රය කරන්නේ කවුද කියන එකත්, මම ළඟ ඇසුර තියෙන්නේ කාත් එක්කද කියලා අපි, අපි දන්නවා. ඉතින් අපි අතරේ එහෙම ගැටලුවක්, අවිශ්වාසයක් නැහැ. අනෙක අපි අපේ නිදහස සීමා කරගෙනත් නැහැ.

චතුරිකාට, රොෂාන් ආදරේට කතා කරන්නේ මොනවා කියලා ද.....?

චතූ කියනවා. ආයේ බබා කියලා කියනවා.ඒ ආදරේට. හැබැයි තරහා ගිය වෙලාවට කතා කරන්නේ පීරිස් කියලා.

Tuesday, March 16, 2010

අංජුලා රාජපක්ෂ

By: Last Man On: 2:49 PM
කාලෙකට පස්‌සේ මට ලැබුණු වෙනස්‌ චරිතයක්‌
අංජුලා රාජපක්ෂ


සම්පූර්ණ නම - අංජුලා නදීකා රාජපí

උපන් ස්‌ථානය - ඉතාලියේ (ෆිරෙන්සි නගරය)

පාසල - හලාවත කාර් මේල් බාලිකා මහා විද්‍යාලය

උපන් දිනය - දෙසැම්බර් 30

උස- අඩි 5 අඟල් 5

ලග්නය - මිථුන

විනෝදාංශය - සතුන් ඇතිකිරීම


"දුගී දුප්පත් භාවයෙන් හා වියළි කර්කශ භාවයෙන් නොඅඩු බිම්කඩට ගුරු සේවය සඳහා පැමිණෙන "මිණීපා තුරුළු බැද්ද" සිය දෙමාපියන් පිළිබඳ තොරතුරු නොදන්නා තරුණියකි. ඇය කන්‍යාරාමයක හැදී වැඩී චිත්‍ර විෂයය ගුරුවරියක වෙයි."

ඒ මේ දිනවල ස්‌වාධීන රූපවාහිනිය ඔස්‌සේ විකාශය වන ෂර්ලි පී. දෙලංකාවල අධ්‍යíණය කළ "කනේරු" ටෙලිනාට්‍යයේ කියෑවෙන පසුබිම් කතාවකි. මේ අයුරින් දිග හැරෙන කතා මාලාවේ නායිකාව එහෙමත් නැත්නම් කනේරු ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය (මිණීපා) නිරූපණය කරමින් පුංචි තිරය හැඩ කරන මොහොතක නව වසරේ නැවුම් බලාපොරොත්තු රැගෙන අංජුqලා රාජපක්ෂ නම් වූ ඇය මෙවර මීවිත කතා බහ සමග එකවූයේ මෙලෙසිනි.


කනේරු මේ දිනවල ඔබට ගොඩක්‌ සමීප වෙලා කිව්වොත්?
ඇත්තටම ඔව්. කාලෙකට පස්‌සේ මට රඟපාන්න ලැබුණු හාත් පසින්ම වෙනස්‌ චරිතයක්‌. කලා ක්‍ෂෙත්‍රයේ ඉන්න අය අතරත් වැඩිපුර මේ චරිතය ගැන කතා බහ වෙනවා මට ඇහිලා තියෙනවා.

එසේ වීමට විශේෂ හේතුව මොකක්‌ද?
මීAට පෙර මම රඟපෑ චරිත වල චරිත ලක්ෂණ ගත්තහම ගොඩක් ඒවා බටහිsර පන්නයට නැඹුරු වෙලා තිබුණා. ඒත් "මිණීපා" කියන්නේ හරිම තැන්පත් විනීත චරිතයක්‌. ඒ නිසා මම වගේම බොහෝ අය මේ චරිතය ගැන අද කතා කරනවා.

එතකොට අංජුලා කියන්නේ කොහොම කෙනෙක්‌ද?
"මිණීපාට" සාපේíව කතාකලොත් මාත් තැන්පත් වෙන්න ඕන තැන්වලදි තැන්පත් වෙනවා. ගැහැණු ළමයෙක්‌ විදිහට කවදාවත් මම විනීතයි.

ඔබ කවුද? මොන වගේද? කියලා ඇහුවොත්?
හරිම සංවේදී චරිතයක්‌. හැම කෙනෙක්‌ම අංජුලා කොහොම කෙනෙක්‌ද කියලා දැන හඳුනගන්නවානම් මම ගොඩක්‌ කැමතිsයි. ඒ වගේම අනිත්a අයට උදව්වක්‌ කරගෙන සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවන්න කෙනෙක්‌a.

ඒ සැහැල්ලූව ගතකරන්න කැමැති?
කොළඹින් පිට පළාත්වල සුන්දරත්වය විදිමින් සංචාරය කරන්න කැමැතියි. ඒ කොහොම වුණත් බත්තරමුල්ලේ අපේ ගෙදරට වෙලා ඉන්න තමයි ආස.

එතකොට අංජුලා පොඩ්ඩක්‌වත් නපුරු නැද්ද?
ටිකක්‌ විතර නපුරු ඇති. නමුත් හැම අවස්‌ථාවකදිම එහෙම නැහැ.

ගැමි චරිත රඟපාන්න එතරම් කැමැත්තක්‌ නැහැ කියන්නෙ ඇත්තද?
සමහර විට ඔය කතාව කියනවා ඇත්තේ බටහිර පන්නයේ චරිත ගොඩක්‌ මම රඟපාලා තියෙන නිසා වෙන්න ඇති. ඒත් අද වෙනකම් මම රඟපාපු චරිත අතර මිශ්‍රණයක්‌ තියෙනවා. විශේෂත්වයක්‌ තියෙන්නේ මේ වෙනකම් රඟපෑ චරිත අතර "මිණීපා" කියන චරිතය විශේෂ වීමයි. "මිණීපා" ඇඳුමෙන් පැළඳුමේ ඉඳන්ම කතා බහ වෙනකම් හරිම තැන්aපත් සැහැල්ලු චරිතයක්‌.

මෝස්‌තර නිරූපණ අංශයෙන් සම්පූර්ණයෙන් ඈත් වෙලාද?
සම්පූර්ණයෙන්aම ඈත් වෙලා.

ඇයි ඒ?
ක්‍ෂෙත්‍ර දෙකකට මැදිවෙලා කාර්ය බහුල වෙන්aන කැමැති නැහැ. අනික රූගත කිරීම් වලට පිට පළාත්වලට ගියොත්a සති ගණනක්‌a ඒ වෙනුවෙන් කැප කරන්න වෙනවා. ඒ නිසා සම්පූර්ණයෙන්ම නිරූපණයෙන් ඈත් වුණා. අද වෙද්දි වෘත්තියෙන් මම රංගන ශිල්පිණියක්‌ විතරයි.

ඒ කියන්නේ ඔබ දí නිළියක්‌ කියන එකද?
මම කවදාවත් එහෙම හිතන්නෙ නැහැ. ඒaත් මොකක්‌ හරි දíකමක්‌ තියෙන නිසා නේ අධ්‍යíවරු අද වෙනකම් ඔවුන්ගේ නිර්මාණවලට මාව සම්බන්ධ කරගත්තේa. ඒ නිසා මම හිතනවා යම්කිසි හැකියාවක්‌ රංගනය උදෙසා මට තියෙනවා කියලා.

කාන්තාවකගේ සුන්aදරත්වය ඔබ දකින්නේ මොන විදිහටද?
කාන්තාවක්‌ හැම මොහොතකම සුන්දර විය යුතුයි. එහි වැදගත්ම දේ පිරිසිදුකම. පිරිසිදුකම රැකගන්නවනම් අනිවාර්යෙන්ම ඇතුළාන්තයෙන් වගේම බාහිරවත් ඇගේ සුන්දරත්වය වැඩි කරනවා.

යහළු යෙළෙsයන් අතර ඔබ මොනවගේ චරිතයක්‌ද?
පිරිමි යාළුවෝ තමයි මගේa යාළුවෝ අතරින් වැඩි යෙන්ම ඉන්නේ. ඒ වගේම ඒ හැම කෙනෙක්‌aම මට හරි සමීපයි. පාසල් යන කාලේදි නම් යෙහෙළියන් තමයි වැඩිපුර හිටියේ. මට නිවුන් සහෝදරයෙක්‌ ඉන්න නිසා වෙන්න ඇති පිරිමි යාළුවෝ වැඩි.

ඔබ විවාහ වෙන්න කැමැති ආදර සබඳතාවකින්ද යොජිත විවාහයකින්ද?
මේ විදි දෙකෙන් කොයි ආකාරයකින් හරි තමන්ට සුදුසු කෙනා මුණ ගැහෙනවානම් එහි වරදක්‌ මම දකින්නේ නැහැ. ප්‍රේම සම්බන්ධතාවකින් සිදුවෙනවනම් මම ගොඩක්‌ කැමතියි.

ඇයි ඒ?
එවිට ඒ කෙනා ගැන යම් කිසි අවබෝධයක්‌ ලබාගන්න පුළුවන්. ඒ වගේම අන්ෙන්‍යාaන්‍ය වශයෙන් දෙදෙනාගැනම දැන හැඳින ගැනීමක්‌ කරන්නත් පුළුවන්.

දැන් ඒ අවස්‌ථාවට ඔබ සූදානම්ද?
තවම නැහැ.

ඔබ වැඩියෙන්ම සතුටු වුණු හා කලකිරුණු අවස්‌ථා?
වැඩියෙන්ම සතුටු වුණේa ඕලු ටෙලිනාට්‍යයේ රඟපෑ උපේíd චරිතයට සම්මානයක්‌ ලැබුණ අවස්‌ථාව. කළකිරීමකට නම් තවම මුහුණ දීලා නැහැ.

නව වසරේ බලාපොරොත්තු?
විශේෂ බලාපොරොත්තුවක්‌ නම් නැහැ. සුපුරුදු විදිහට ආදරණීය පූර්ණිමා, එරංග සේනාරත්නගේ නිල් නෙතු, රෝස කටු ටෙලිනාට්‍යවල රූගත කිරීම් වලට සම්බන්ධ වෙනවා. සමහර විට සාමාන්‍ය ජීවිතේ පැත්තෙන් මේ වසරෙදි යම් යම් වෙනස්‌ කම්වලට ලක්‌ වෙන්න තියෙන ඉඩ වැඩි වෙන්නත් පුළුවන්.

ඔබ රංගනය වෘත්තීයක්‌ ලෙසට තෝරාගත්තේ හොඳ විශ්වාසයක්‌ ඇතිවද?
ඇත්තටම ඔව්. මම ආපු ගමන දිහා ආපස්‌සට හැරුණොත්a මා තුළ තියෙන හැකියාවට සරිලන වටිනාකමක්‌ ලැබිලා තියෙනවා සහ ඒ තුළින් තෘප්තියක්‌ ලබලා තියෙනවා. ඒ නිසා මගේ අනාගතය මේ අංශයෙන්ම තෝරාගන්න ඒ දේවල් හොඳටම ප්‍රමාණවත්.

Monday, March 15, 2010

අවසර නැතිව දැන් රඟපාන්න බැහැ...

By: Last Man On: 1:19 AM
අමා විඡේසේකර
කලකට පෙර පුංචි තිරය හැඩ කළ අමා ශාඛ්‍යා විඡේසේකර ඔබට මතකද? අමා වසර කිහිපයක සිට පෙනෙන්නට නැත්තේ ඇයි? මේ තරුවලට ආදරය කරන ඔබ ඒ විස්‌තර දැනගන්න කැමැති ඇති. පස්‌සේ ගෙනා මනමාලි, ගැහැණු ළමයි, ඉරැස්‌මා, නිසල විල, වස්‌සානයේ හිරු ඇවිදින්, රඟසොබා වැනි ටෙලිනාට්‍ය සමග ඔබගේ සිත් ගත් ඇය මේ දිනවල මොනවද කරන්නෙ? ඒ ගැන දැනගන්න අමා හමුවූ මොහොතකි මේ.

අමා විවාහ වී සිsටින්නේ මහාචාර්ය ජගත් වික්‍රමසිංහගේ එකම පුතු වන දමිත වික්‍රමසිංහ සමගිනි. මීට වසර තුනකට පෙර විවාහපත් වූ කුසලතා පූර්ණ අමා නැවත රඟපාන්න එක්‌වූයේ නැත්තේ ඇයි? ඒ විස්‌තර අපි අමාගෙන්ම අහමු.

අමා ඇයි රංගනයෙන් ඈත් වුණේ?

රඟපෑම ගැන කවදාවත් මම වෘත්තීය මට්‌ටමින් හිතුවෙ නැහැ. ආසාව නිසා තෝරගෙන හොඳයි කියලා හිතෙන නිර්මාණ කිහිපයක විතරක්‌ රඟපෑවා. විවාහයෙන් පස්‌සේ නම් කිසිම නිර්මාණයකට සම්බන්ධ වුණේ නැහැ. ඒකට හේතු වුණේ වේලාව මදිකම. අනික අපි වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණ ආයතනයක්‌ පටන් ගත්තා. මාත් එහි වැඩ කරනවා. දමිතගෙත් එතරම් කැමැත්තක්‌ තිබුණේ නැහැ රංගන ක්‍ෂෙත්‍රයේ දිගටම මම රුදී සිටිනවට.

ආ දැන් රඟපානවනම් අනිවාර්යෙන්ම සැමියා සමඟ ඒ ගැන සාකච්ඡා කරලා තමයි කරන්නේ. අනික එදාට වඩා අද මගේ බාහිර ස්‌වරූපයත් ගොඩක්‌ වෙනස්‌ වෙලා. ඒ නිසා මිනිසුන්ගේ විහිළුවක්‌ වෙන චරිත කරන්නත් බැහැ. මට ගැලපෙන හොඳයි කියලා හිතෙන චරිතයක්‌ ලැබුණොත් ඉඩ ලැබෙන විදිහට රඟපාන්න ආසාවක්‌ නැතුවමත් නෙමෙයි.

දැන් කාලය ගෙවෙන්නේ ව්‍යාපාරයත් සමගද?

ඔව්. Minlo Media House PVT Ltd නමින් තමයි අපේ වෙළෙඳ දැන්වීම් ආයතනය නම් කරලා තියෙන්නේ. දමිත එහි ප්‍රධාන විධායක නිළධාරී හැටියට කටයුතු කරනවා. ගොඩක්‌ ලොකු ව්‍යාපාරයක්‌ නම් නෙමෙයි සාමාන්‍ය විදිහට කරගෙන යනවා. මම එහි අධ්‍යíවරියක්‌ හැටියට වැඩ කටයුතු කරනවා.

එදාට සාපේක්ෂව අද ලැබෙන ප්‍රතිචාර මොනවගේද?

හැම අතින්ම ලොකු පිළිගැනීමක්‌ තියෙනවා. ඇත්තටම ඒක ලැබුණේ මම ලíමන් විෙ-සේකරගෙයි, චන්ද්‍රා කළුආරච්චිගෙයි දුව වුණ නිසයි කියලයි මට හිතෙන්නේ. මොකද ඔවුන් කලා ක්‍ෂෙත්‍රයේ වගේම පවුල් ජීවිතයෙත් වැදගත් විදිහට සාර්ථක ගමනක්‌ ගිය නිසා තමයි අපිත් අද යම් ස්‌ථානයක සිටින්නේ.

සැමියගේ ගෙදර පරිසරය ගැන තිබෙන පැහැදීම මොනවගේද?

දමිතගෙ ගෙදර ජීවත් වීම හරිම පහසුයි. පවුලේ එකම දරුවා දමිත නිසා එයාගේ අම්මයි තාත්තයි එයට වගේම මටත් ආදරෙයි. මමත් ඔවුන්ට ගොඩක්‌ ආදරෙයි. නාවල තමයි අපි පදිංචිවෙලා ඉන්නේ. ඒ නිසා අමුතු තැනක්‌ විදිහට මට දැනෙන්නෙත් නැහැ.

දමිත කලාව කෙරෙහි දක්‌වන රසවින්දනය මොනවගේද?

ඉතාම හොඳ රසවින්දනයක්‌, රසිකත්වයක්‌ තියෙන කෙනෙක්‌. සමහර විට මම ක්‍ෂෙත්‍රයේ කෙනෙක්‌ නිසා නිර්මාණය දිහා බලන විදිය වෙනස්‌ වෙන්නත් පුළුවන්. නමුත් මට හිතෙන විදිහට නම් මටත් වඩා හොඳට එයා නිර්මාණ රසවිදිනවා. බොහෝ වෙලාවට අපි දෙන්නටම රසිකත්වය එක හා සමානයි. ඒ නිසාම තමයි විවේකයක්‌ ලැබුණහම අපි දෙන්නම ගීත අහනවා, චිත්‍රපට, වේදිකා නාට්‍ය නරඹන්න යනවා. වැඩිපුර පොත් කියවනවා.

ගෙවී ගිය කාලය ගැන හිතෙන්නෙ කොහොමද?

මගේ ජීවිතය පුරාවට ලොකු හැලහැප්පීම් තිබුණේ නැහැ. ඒ වගේමයි එකම අංශයකට කියලත් මම වැඩිපුර බරක්‌ දුන්නේ නැහැ. ඒ නිසා විවිධ විෂයන් අධ්‍යනය කරන්න හැකියාව ලැබුණා. විවාහයෙන් පස්‌සේ සම්පූර්ණ කාලය පවුල් ජීවිතයට මුල් තැන දුන්න නිසා රඟපෑමෙන් තරමක්‌ බැහැර වුණේ. මේ ආගමන ගැන මට සතුටුයි. ඉදිරියේදීත් හරි දේ හරියට කරමින්, සමාජයට රටට වැඩදායී විදිහට සතුටින් ගතකිරීම තමයි අරමුණ.

ඔබේ රංගන ජීවිතය ගොඩ නැගුණේ දෙමාපියන් මතින්. ඒ දෙදෙනා ගැන ඔබ හිතන විදිහ?

ඒ දෙන්නා කලා ක්‍ෂෙත්‍රයේ හුඟක්‌ හොඳ පවුල් ජීවිතයක්‌ ගතකරන දෙන්නෙක්‌. මම ගොඩක්‌ ආඩම්බර වෙනවා ඒ දෙන්නා ගැන. කලා ක්‍ෂෙත්‍රය ගැන හොඳ අවබෝධයක්‌ තියෙනවා. සල්ලිවලට වඩා මනුස්‌සකමට මුල්තැන දෙමින් සමාජයට ආදර්ශවත් විදිහට ජීවත් වෙන අය. ඒ දෙන්නා වපුරපු දෙයින් අස්‌වනු නෙලුවේ මමයි මල්ලියි. දෙමාපියන් තුළ තියෙන හොඳ ආකල්ප අපිට ලැබුණ නිසා සමාජයේ ජීවත් වීම හරිම පහසුයි. මම විශේෂයෙන් කැමැතියි අම්මා පුළුවන් තාක්‌කල් රඟපානවට. තාත්තා ආශාවන් පසුපස යන්නේ නැති අමුතුම චරිතයක්‌. එයා ගායනයට ගොඩක්‌ දක්ෂයි.

රංගන කුසලතාව මගහැර සිටීම අපරාධයක්‌ කියලා හිතෙන්නේ නැද්ද?

මම දකින්නේ ඒක තමයි වාසනවා. එක්‌කෙනෙක්‌ට එක දෙයක්‌ ලැබෙන කොට තව දෙයක්‌ මගහැරෙනවා. මම සමහර විට නිළියක්‌ විදිහට දිගටම ගියානම් සාර්ථක පවුල් ජීවිතයක්‌ නැති වෙන්න පුළුවන්. කලාවට මම කවදත් ආදරෙයි. නමුත් එදා මට වැඩිපුර බර තිබුණේ පවුල් ජීවිතයට. ඉතිං මම ඒකට කැප වුණා.

ව්‍යාපාරවලින් බැහැරව නැවත රංගනයට පිවිසීමට කොපමණ කාලයක්‌ යයිද?

ඒ ගැන නම් හරියටම කියන්න බැහැ. රංගනයට කෙසේ වෙතත් මගේ තාත්තගෙ බලාපොරොත්තුවක්‌ තියෙනවා චිත්‍රපටයක්‌ අධ්‍යක්ෂණය කරන්න. ඒකෙදි නිෂ්පාදන අංශයෙන් හරි යම්කිසි දායකත්වයක්‌ දෙන්න මගෙ හීනයක්‌ තියෙනවා. ඒක සමරවිට තව අවුරුද්දකින් දෙකකින් වෙන්නත් පුළුවන්. ඒ වගේමයි ඉදිරියේදී ව්‍යාපාර කටයුතුත් දියුණු කර ගැනීම තමයි මගෙයි මහත්තයගෙයි එකම බලාපොරොත්තුව.

සැමියගේ තාත්තා මහාචාර්යවරයෙක්‌. ඒ පවුල් පසුබිම ගැන ඔබේ පැහැදීම?

මොන තරාතිරම දැරුවත් තාත්තා තාත්තමනේ. ඒ අම්මා තාත්තා මට මගෙම අම්මා තාත්තා වගේ. හරිම සුහදයි. ඒ වගේමයි ඔවුන් කෙරෙහි ලොකු ගෞරවයක්‌ මට තියෙනවා.

Saturday, March 13, 2010

නදී රංගනයෙන් ටෙලි නාට්‍යය නිෂ්පාදනයට

By: Last Man On: 11:43 PM

ප්‍රේක්ෂකයින් අතර ඉතාමත් ජනප්‍රියත්වයට ප්‍රාත්‍ර වූ නිළියක්‌ ලෙස නදී චන්ද්‍රසේකර හඳුන්වාදෙන්න පුළුවන්. අසිනි වැහි, රිදී ඉට්‌ටංකරය වැනි ටෙලිනාට්‍ය ඔස්‌සේ මෙලෙසින් ජනප්‍රියත්වයට පත් වූ නදී මෑත කාලයේ නිළියන් අතර තරමක්‌ නොපෙනෙන නිහඬ චරිතයක්‌ වී තිබෙනවා. මේ නිසාම ඇගේ තොරතුරු පිළිබඳ අපි විමසීමක්‌ කලා. එහිදී අපට දැනගන්න ලැබුණේ ඇයගේ ටෙලිනාට්‍ය නිෂ්පාදන ආයතනය මගින් නිෂ්පාදනය කළ අලුත් ටෙලිනාට්‍යයේ වැඩකටයුතුවල නිරත වී සිටි බවයි. එය ලඟදීම ප්‍රේක්ෂකයින්ට පුංචි තිරය ඔස්‌සේ දැකබලාගැනීමට අවස්‌ථාව උදාවෙනවා.

රංගනයෙන් තරමක්‌ ඈත්ව ටෙලිනාට්‍ය නිෂ්පාදනයට යොමු වී ඇති ඇයගේ මීළඟ බලාපොරොත්තුව චිත්‍රපට නිෂ්පාදන අංශයට යොමු වී චිත්‍රපටයක්‌ නිෂ්පාදනය කිරීමයි.

තෘප්තිමත් විය හැකි ගමනක් මම ඇවිත් තියෙනවා

By: Last Man On: 10:26 PM

ඉන්දිකා උපමාලි

‘සඳ පහන් රැයේ’ ගීත එකතුව සහ ‘කුවේණි’ ප්‍රසංගය 18 වැනිදා එල්ෆින්ස්ටන්හිදී’

සංගීතය ඇගේ ආත්මය හා බැඳුණකි. එයින් ඇය ජීවිතය සොයා යන්නීය. ගීතය, ගායනය දිවිය කොටගත් ඇයට රංගනය ද අභියෝගයක් නොවේ. සංගීතය සේ ම එය ද ජයගන්නට ඇය සමත්වී හමාර ය.

සඳ පහන් රැයක එකී සඳ මඬල ලෙස ම කලා ලොවට විකසිත වන්නී ඉන්දිකා උපමාලි නම් මේ සොඳුරු කලා ශිල්පිනියගේ කලා දිවියට දැන් විසි වසරකි.

කලා ලොවේ නිහඬ මෙන් ම අර්ථවත් ගමනක යෙදෙන ඉන්දිකා, ඇගේ කුලුදුල් සංයුක්ත ගී තැටිය සහ කැසට් පටය වන ‘සඳ පහන් රැයේ’ ගීත එකතුව දොරට වැඩීමේ උලෙළ සහ ඇගේ සිසුවියන් පිරිස එක්ව ඉදිරිපත් කරන ‘කුවේණි’ ප්‍රාසාංගික ව්‍යායාමය මේ මස 18 වැනිදා සවස 6.30 ට එල්ෆින්ස්ටන් රඟහලේ දී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුව සිටියි. ‘රසඳුන’ සතුටු සාමීචියට ගොඩවැදුණු ඉන්දිකා ඒ පිළිබඳව අප සමඟ තොරතුරු බෙදා හදාගත්තේ මේ අයුරින්.

ඉන්දිකා ඔයාගෙ කලා දිවියට දශක දෙකක් සම්පූර්ණ වෙනවා. කලා ජීවිතේ ආරම්භ කරපු තැනින් ම අපේ කතා බහත් අරඹමු නේද?

1989 අවුරුද්දේ තමයි මම කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ. ඒ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ගේ ‘මානසවිල’ ඔපෙරාව හරහා එය 1990 වර්ෂයෙ දි තමයි වේදිකාගත වුණේ. මගේ සංගීත ජීවිතයේ ආරම්භය එ තැන කිව්වොත් එය නිවැරදියි. මේ වෙනකොට මම ක්ෂේත්‍රයට අවතීර්ණවෙලා විසි වසරක් වෙනවා.

කලා ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වෙලා විසි වසරකට පසුවයි ඔබ ඔබේ කුලුදුල් ගීත එකතුව ඇතුළත් සී.ඩී. තැටිය එළිදක්වන්නේ. එයට මෙතරම් කාලයක් ගත වුණේ ඇයි?

හුඟ දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඕක. මම මේ ක්ෂේත්‍රයේ හෙමින් ගමනක් යන්නේ ඇයි ද කියන එක හුඟ දෙනකුට ප්‍රශ්නයක්. ඇත්තටම වෙලාවකට මට මේ ගැන කනගාටුවකුත් ඇති වෙනවා. මේ වසර 20 ට මට තෘප්තිමත් වෙන්න පුළුවන් ගමනක්, දුරක් කලා ක්ෂේත්‍රයේ මම පැමිණ තිබෙනවා. මම වසර ගණනාවක් කේමදාස මාස්ටර් ළඟ සංගීතය හැදෑරුවා. මට මතකයි එහිදී මාස්ටර් නිතරම කියන දෙයක් තමයි සංගීතය කියන්නේ වචනවලින් එහාට ගිය දෙයක් කියලා.

ඒ වගේ ම එතුමා කියනවා ලංකාවේ අද සරල ගීතය කියන එකට සංගීතය කොටුවෙලා කියලත්. මම සී.ඩී. තැටියක් කැසට් පටයක් නොකළාට ගායන ශිල්පිනියක ලෙස මම සංගීත ක්ෂේත්‍රයේ සෑහෙන දුරකට ඇවිත් කියල මට හිතෙනවා. මොකද සිනමා සංගීතය තුළ හොඳම ගායිකාව ලෙස මම සම්මානයට පාත්‍ර වුණා.

ඒ වගේ ම ටෙලිනාට්‍ය තුළත් හොඳම ගායිකාව ලෙස සම්මාන දිනාගත්තා. කලා ක්ෂේත්‍රයට සිදු කළ මෙහෙවර වෙනුවෙන් බුන්කා සම්මාන යෙන් පවා මම පිදුම් ලැබුවා. සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ පළමු පන්තියේ සාමාර්ථයක් ඇතිව උපාධිය සමත් වුණා. මේ නිසා කවුරු චෝදනා එල්ල කළත් මම මගේ කලා ජීවිතේ හුඟක් දේවල් මේ වසර 20 තුළ ඉෂ්ට කරගෙන තිබෙනවා. අද ලංකාවේ ගායක ගායිකාවන් මනින්නේ ඔවුන් කරල තියෙන සීඩි ප්‍රමාණය මතයි. ඇත්තටම මෙය කනගාටුවට කාරණයක්.

ඔබ මේ වනවිට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීත අංශයේ කථිකාචාරිණියක් ලෙස සේවය කරනවා. විශ්වවිද්‍යාලය තුළ සංගීත ක්ෂේත්‍රය කෙරෙහි සිසු දරුවන්ගේ ආකල්පය මොනවගේ ද?

ඇත්තටම අද සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීතය හදාරන විද්‍යාර්ථීන්ට සංගීතය පිළිබඳව පුළුල් ලෙස දැන ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. විශේෂයෙන් ම සංගීත විෂය ධාරාව පුළුල් ක්ෂේත්‍ර ඔස්සේ බෙදී ගොස් තිබෙනවා. බටහිර සංගීතය, ඔපෙරා, ජෑස්, පොප්, කම්පියුටර් ආදී වශයෙන් විවිධ විෂය පරාසයන් කරා දරුවන්ට තම ශිල්ප ඥානය දියුණු කරගන්න පුළුවන්. ඒවා ගැන හදාරන්න පුළුවන්. කථිකාචාර්යවරියක් විදිහට සිසු දරුවන්ට අත දෙන්න පුළුවන්වීම ගැන ඇත්තටම හිතේ තියෙන්නේ සතුටක්.

ඔබ රංගන ශිල්පිනියක ලෙසත් රසික ජනතාව අතර ජනප්‍රියයි. මේ ගැනත් කතා කරමු.

මේ සී.ඩී. තැටිය එළිදක්වන වැඩකටයුතුත් එක්ක මගේ රංගන කටයුතුවලට යම් තරමක විරාමයක් තබන්න මට සිදුවුණා. ඒ වුණත් මම රංගනයෙන් ඉවත් වන්නේ නැහැ. මම රංගනයට අවතීර්ණ වුණේ ‘ධවල කේතු’ ටෙලිනාට්‍යය හරහා මේ වෙනකොට ටෙලිනාට්‍ය සහ චිත්‍රපට කීපයකටම රංගනයෙන් සහ ගායනයෙන් මම දායකවෙලා තිබෙනවා. සම්මානයට පවා පාත්‍රවෙලා තිබෙනවා.

ගායිකාවක ලෙසත් නිළියක ලෙසත් කටයුතු කරන ඔබට රසිකයන්ගෙන් ලැබෙන ප්‍රසාදය මොන වගේද?

ඇත්තටම එක වගේ ම මේ දෙ අංශයටම යහපත් ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන මට දැනෙන්නේ අසීමිත සතුටක්.

මේ දවස්වල ඔබ විශාරද නන්දා මාලිනිය සමඟ ගායනා කරන ගීතයක් රූපවාහිනි නාලිකා ඔස්සේ විකාශය වෙනවා. ඒ ගැන කතා කරමු ද?

සඳ එළිය වෙලා ඔබ ඇවිදින්

දුක අහස වගේ

මයෙ අහසට අම්මේ...

මේ ගීතය ආසියාතික දියණියක සහ මවක අතර තිබෙන බැඳීම ගැන කියවෙන ගීතයක්. දියණියක විවාහ වෙලා ගෙදරින් ගියාට පස්සේ මොන තරම් ආදරේ වුණත් අම්ම කෙනෙක් දික්කසාද වෙලා නැවත ගෙදරට එන්න කියලා කියන්නේ නැහැ.

ඕනම ප්‍රශ්නයකට මුහුණ දෙන්න ජීවිතයට ශක්තිය ගන්න, ඔයාට කවදාක හරි කඳුළු මතින් හිනාවෙන්න පුළුවන් කියන එකයි අම්මා කෙනෙක් තමාගෙ දුවට කියන්නේ.

ඒ වගේ ඉතාම සංවේදී ඔවදනක් දෙන ගීතයක් මේක. මේ ගීතය අහලා මාලනී අක්කා (මාලනී ෆොන්සේකා) ඇඬුවා. ඒ තරම් සංවේදී ගීතයක්. අද රසිකයන් අතර මේ ගීතය හරිම ජනප්‍රියයි.

ඔයාගෙ අනාගත බලාපොරොත්තු ගැන දැනගන්නත් අපි කැමැතියි?

බලාපොරොත්තු කිහිපයක් ම ඉෂ්ට කරගන්න තිබෙනවා. එයින් පළමු වැන්න තමයි ලබන 18 වැනිදා එල්ෆින්ස්ටන් රඟහලේදී ප්‍රසංගය සාර්ථකව පැවැත්වීම.

මේ උලෙළ නන්දා මාලිනිය සහ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. මගේ අලුත් ගීත, සම්මානයට පාත්‍ර වුණු පැරණි ගීත, කේමදාස මාස්ටර් නිර්මාණය කරපු ගීත ප්‍රාසාංගිකව විදගන්න රසිකයන්ට මෙහිදී අවස්ථාව ලැබෙනවා.

මේ සඳහා මට නර්තනයෙන් චන්න විජේවර්ධනත් සංගීතය මෙහෙයවීමෙන් සමන්ත පෙරේරාත් සහාය වෙනවා. මේ ප්‍රසංගය නොමිලේ පවත්වන්නක්. මේ අවස්ථාවට සහභාගි වෙන්න කියලා මගේ රසිකයන්ගෙන් ඉතාම ආදරයෙන් මේ අවස්ථාවේ දී ඉල්ලා සිටිනවා.

ඒ වගේ ම ඉදිරියේ දී වේදිකාවට සම්බන්ධව ප්‍රාසාංගික නිර්මාණයක් ඉදිරිපත් කිරීමටත් මම බලාපොරොත්තු වෙනවා. එහි මූලික සැලසුම් මේ දිනවල සිදු කරමින් සිටිනවා.

ඔබේ පෞද්ගලික ජීවිතය ගැනත් රසිකයන් දැනගන්න කැමැත්තෙන් ඇති?

මම විවාහකයි. මගේ සැමියා ව්‍යාපාරිකයෙක්. ඔහුගේ නම රොහාන් චින්තක. ඔහුගෙන් මගේ කලා කටයුතු වලට ඉතා විශාල සහයෝගයක් ලැබෙනවා. ඒ වගේ ම මගේ අම්මා තාත්තාගෙන් ලැබෙන සහයෝගයත් මේ වෙලාවේදී මම මතක් කළ යුතුමයි.

ඉන්දිකා ගේ ලිපිනය: - නො. 70/ 17/ ඒ,

අන්දිරිස් මාවත, රත්නපිටිය.

Thursday, March 11, 2010

geetha

By: Last Man On: 11:06 AM
GEETHA & PARA

Tuesday, March 9, 2010

The constitution itself is unfair on women-Rosy, I entered politics to win for women their lost rights- Geetha

By: Last Man On: 1:05 PM
Monday, 08 March 2010 16:32

(Colombo Lankapuvath March 08) Galle district UPFA candidate Geetha Kumarasingha and Colombo District UNP candidate Rosy Senanayake are two popular and attractive contestants seeking entry to the Legislature.

Speaking to Lankapuvath the two personalities expressed their views on taking to politics.

Rosy was of the view that it was very unjust that there was little representation of women for Parliament in an age where the world can interact without borders as a global village at the press of a button. Our women have very little advantages or privileges she said.

Our women contribute to the economy in the Free Trade Zones, as migrant workers or in the plantation but they are mot amply rewarded. There is no programme to look into the problems of migrant workers or domestic violence or unwelcome pregnancies.

Women find it difficult to obtain loan facilities or come up to the position of chief householder, therefore remedies have to be provided through the Constitution of the country and for this move women should enter Parliament where they can speak on their problems.

‘I am seeking entry to Parliament on these issues’ she said and also she appealed to the people to vote for women and consider them as deserving for election on behalf of all the women in the country.

Geetha Kumarasingha says that representation of women was not improving and that women deserve better recognition. As a mature person she seeks admission to Parliament to pave the way for more women to come into Parliament because ‘poor representation for women is unjust on all women’.

Geetha further added that she could have enjoyed all the comforts she wanted having achieved what she is today through hard work and difficulties or even found an opportunity to enter on the national list, but she thought it better to go to the people, identify their grievances and solutions for them.

So far women have come into politics on many occasion either because of the death of their father or husband and on his vote count expressed both Rosy and Geetha.

But meeting challenges of today both spoke of the necessity of getting the brave women to come forward and taking up the cause of women.

They both feel that people were responding to them favourably and vowed to secure the women.

Gettha finally added that her electorate, Benthara - Elpitiya has not had a representative for 10 years.

Sunday, March 7, 2010

විවාහය ගැන ඒ තරම් හදිසියක් නෑ

By: Last Man On: 4:41 PM

අත්දැකීම් අනුව අපේ සිතුම් පැතුම් වෙනස්වෙනවා...





අත්දැකීම් අනුව අපේ සිතුම් පැතුම් වෙනස්වෙනවා...

(සිය පවුලේ ආභාෂය ද ඇතිව කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වනවිට ලාංකීය ටෙලි නාට්‍ය කලාව තුළ මෙන්ම සිංහල සිනමාව තුළ ද නම රැන්දූ ඇය සුරූපී, දක්ෂ රංගන ශිල්පිණියකි. ඇය රංගන ක්ෂේත්‍රයට පා තැබුවේ 2002 වසරේදීයි. එදා මෙදා තුර ටෙලි නාට්‍ය හා චිත්‍රපට බොහොමයකට සිය දායකත්වය සපයමින් චතුරිකා පීරිස් නම් ඇය මෙවර ආලින්දය හැඩකරයි.)



* කොහොමද ජීවිතේ?

ටෙලි නාට්‍ය වගේම චිත්‍රපට කිහිපයකම රූගත කිරීම් මේ දිනවල යෙදිලා තියෙනවා. නාලන් මෙන්ඩිස්ගේ"සුළං කපොල්ල"චිත්‍රපටය, ප්‍රගීත් රත්නායකගේ"ආදරෙයි මං ආදරෙයි"චිත්‍රපටය වගේම තවත් චිත්‍රපට කිහිපයකම රූගත කිරීම් සිදුවෙනවා. මේ දවස් වල වැඩිපුරම දායකත්වය දීලා තියෙන්නේ චිත්‍රපටවලටයි. ඒ ඇරෙන්න ටෙලි නාට්‍ය කිහිපයකත් වැඩ කටයුතු යෙදිල තියෙනවා. * තවමත් විවාහවෙන්න අදහසක් නැද්ද?

අ‍පේ දෙමාපියන්ගේ කැමැත්ත අපේ විවාහය සුදුසු නැකතටම කරන්නයි. එයාලා තවමත් ඒ නැකත උදාවෙනකන් බලං ඉන්නවා. ඉතින් රොෂාන්ටයි මටයිත් විවාහය ගැන ඒ තරම් හදිසියක් නෑ. සුදුසු කාලය එනකම් අපි දෙන්නත් බලං ඉන්නවා.

* ඔබ ක්ෂේත්‍රයට පිවිසුණු මුල් කාලයට වඩා මේ වනවිට ඔබේ ජනප්‍රියත්වය අඩුවෙලා කියලා හිතෙන්නේ නැද්ද?

නැහැ, ඇත්තටම මම මුල් කාලයේ ලබාගත්ත ජනප්‍රියත්වය අද වනවිටත් ඒ මට්ටමේම රැඳිලා තියෙනවා. මා එක්ක සමකාලීනව රංගනයට පිවිසුණු නිළියන්ගේ ජනප්‍රියත්වයත් ඒ විදිහටම තියෙනවා. නමුත් වර්තමානයේ රැල්ලට රංගනයට පිවිසෙන තරුණ නිළියන්ව මාධ්‍ය මගින් එකවරම ලොකු තැනකට ගෙනත් එකවරම අතහැරලා දානවා. ඒ අතරෙ කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපේ ජනප්‍රියත්වය අඩුවෙලා කියලා. නමුත් ඇත්තටම අපි ක්ෂේත්‍රයට ආවේ යම් හැකියාවක් ඇතුවයි. ඒ තුළින් අපට තවමත් ක්ෂේත්‍රය තුළ රැඳී සිටීමට හැකියාව ලැබී තිබෙනවා. තවමත් මට ජනතාවගේ ආදරය ලැබෙනවා.

* වර්තමානයේ බොහෝ රංගන ශිල්පිණියන් රංගනයට අමතරව නිවේදනය, ගායනය ආදී වෙනත් ක්ෂේත්‍රයන්ටත් යොමුවීම දක්නට ලැබෙනවා. ඔබටත් එහෙම අදහසක් නැද්ද?

මට ආරාධනා ලැබෙන සංගීත සංදර්ශන සඳහා මම ඉඩලැ‍බෙන විදිහට සහභාගි වෙනවා. නමුත් මම සංගීතය හා රංගනය පටලවාගන්නේ නෑ. මම වෘත්තීය රංගන ශිල්පිණියක්. ඊ‍ට බාධාවක් නොවන විදිහටයි මම සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධවෙන්නේ. රංගනය කියන්නේ ආසාව නිසාම කරන්න පුළුවන් දෙයක් නෙමේ. ඒ සඳහා හැකියාව වගේම කැපවීමත් අවශ්‍යයි. රංගන ක්ෂේත්‍රය තුළ ඉගෙනගන්න හුඟක් දේවල් තියෙනවා. ඒවාට ලංකාවේ ඉඩක් නෑ. ස්වඋත්සාහයෙන්ම අපි ඒ දේවල් ගැන අධ්‍යයනය කළ යුතුයි. ඒ සඳහා කාලය අවශ්‍යයි. මම මගේ මූලික අවධානය යොමුකරන්නේ රංගනය කෙරෙහියි. වෙනත් ක්ෂේත්‍රයකට පිවිසීමේ අදහසක් මට නෑ.

* රංගන ශිල්පිණියක් ලෙස මේ දක්වා පැමිණි ගමන ගැන ඔබ සෑහීමට පත්වෙනවද?

ඇත්තටම මම සෑහීමට පත්වෙනවා. වසර අටක කාලයක් තුළ බොහෝ නිර්මාණ වලට දායකවී‍මේ හැකියාව මට ලැබුණා. මම රංගනයට පිවිසුණු මුල්ම කාලේ ලැබුණේ හුඟක් හොඳ නිර්මාණ. නමුත් දැන් බිහිවන බොහෝ නිර්මාණ ගුණාත්මක බවින් අඩුයි. ඉස්සර තිර පිටපතක් ලිව්වට පස්සේ ඉන් නිර්මාණයක් බිහිවන්නේ කිහිපවතාවක්ම සංස්කරණය වුණාට පස්සෙයි. අද වෙනකොට පිටපතේ පිටු කිහිපයක් ලිව්වට පස්සේ රූගත කිරීම් පටන්ගන්නවා. ඇතැම් අවස්ථාවලදී පිටපත ලියන්නේ තෝරාගත් නළුවා හෝ නිළියට ගැළපෙන ‍විදිහටයි. ඒ නිසාම මම දැන් නිර්මාණයකට දායකවෙද්දී තෝරා බේරාගෙන ගුණාත්මක නිර්මාණ වලට පමණයි සම්බන්ධවෙන්නෙ. මම දැන් වැඩිය පේන්න නෑ කියලා හුඟදෙනෙක් කියන්නෙත් ඒ නිසයි.

* විවාහවෙන්න අදහසක් නෑ කියලා කියපු රොෂාන් පිලපිටිය අවසානයේ විවාහවෙන්න තීරණය කළේ ඇයි?

කාලයත් එක්ක ඒ අදහස වැරදියි කියලා රොෂාන්ට හිතෙන්න ඇති. වයසින් පරිණත වෙද්දි පවුල් සංස්ථාවක අගය තේරෙන්න ඇති. කාලයත් එක්ක අත්දැකීම් අනුව අපේ සිතුම් පැතුම් වෙනස්වෙනවා. (සිනාසී)කොහොමත් වයසට යද්දී අපි පුංචි කාලේ කරපු සෙල්ලම් සේරම ඉවරයි.

* ක්ෂේත්‍රයේ කෙනෙක්ම සහකරු විදිහට තෝරාගත්තේ ඔහු ඔබේ වෘත්තිය පිළිබඳව මැනවින් වටහාගනීවි කියලා හිතුන නිසාද?

ඇත්තටම මම බලාපොරොත්තුවෙන්නේ දිගටම රංගනය තුළ රැඳී ඉන්නයි. ඒ නිසා මගේ සහකරුගෙන් මගේ වෘත්තියට ලැබෙන සහයෝගය ඉතාම වැදගත්. නමුත් ඇතැම්විට ක්ෂේත්‍රයේම කෙනෙක් හමුවුණත් ඔහුට මාව තේරුම්ගන්න බැරිවෙන්න පුළුවන්. අපි දෙදෙනා අතර ඒ වගේ නොගැළපීම් තිබුණොත් සාර්ථක පවුල් ජීවිතයක් ගතකරන්න බෑ. මට මේ අවස්ථාව ලැබුණේ මගේ පවුල් පසුබිමත් එක්ක. ඒ දේවල් එකවර අතහරින්න බෑ. මම හිතන්නේ මේ හැමදෙයක්ම තීරණය වෙන්නේ අපේ දෛවය අනුවයි. අපේ කර්මය අනුවයි. ඉතින් මට රොෂාන් වගේ කෙනෙක් මුණගැහෙන්න ඇත්තෙත් ඒ නිසාම වෙන්න ඇති.

* ඔබ හිතන විදිහට ක්ෂේත්‍රය තුළ ඔබට සිටින තරගකාරියන් කවුද?

මට ක්ෂේත්‍රයේ තරගකාරියන් නෑ. ඇතැම් අවස්ථාවලදී මට ලැබෙන නිර්මාණයකට මගේ කාර්යබහුලත්වය හෝ වෙනයම් කාරණයක් මත වෙනත් නිළියක තෝරාගන්න පුළුවන්. නමුත් ඇය ඒ චරිතය සඳහා සියයට සියයක්ම ගැළපෙනවා කියලා කියන්න බෑ. අද පවතින තරගකාරිත්වය නිසාම ඇතැම් ශිල්පිණියන් අතර මතභේදයන් පවා හටගන්නා අවස්ථා දකින්න පුළුවන්. මම එවැනි අවස්ථාවකට මුහුණ දී නැතිවුණත් ඒ වගේ දේවල් නිසා ක්ෂේත්‍රය තුළ දීර්ඝකාලීනව රැඳීසිටීමට අපහසුවෙනවා.

* වර්තමානයේ ක්ෂේත්‍රයට පිවිසෙන බොහෝ ශිල්පිණියන් දකින්න ලැබෙන්නේ ටික කාලයයි. ඔබ හිතන විදිහට ඊට හේතුව කුමක්ද?

වර්තමානයේ ආධුනික ශිල්පිණියන් දක්ෂ නෑ කියන්න බෑ. දක්ෂ අය ඉන්නවා. නමුත් මම හිතන්නේ ඔවුන්ට අවස්ථාවන් ලැබෙන්නේ නෑ. ඇතැම් ශිල්පිණියන් අවස්ථාවන් ලබාගන්න විවධ මාර්ග වලින් ක්ෂේත්‍රයට පිවිසෙනවා. නමුත් අවසානයේ ඔවුන් ඒ මාර්ග වලින්ම ඉවත්ව යනවා. දක්ෂ ශිල්පිණියන්ට තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කිරීමට අවශ්‍ය හොඳ නිරිමාණ බිහිවන්නේ නෑ. අද තියෙන්නේ දමල ගහන ‍ටෙලි නාට්‍ය කලාවක්. අද නිළියන්ගේ ප්‍රතිරූප ගොඩනඟන්නේ මාධ්‍ය. මාධ්‍ය විසින්ම ඒ ප්‍රතිරූප බිඳදමනවා. ඒකයි වර්තමාන රංගන ක්ෂේත්‍රයේ තත්ත්වය.

*රංගන ශිල්පිණියකට පෞද්ගලික ජීවිතයක් පවත්වාගෙන යන්න අපහසුයි නේද?

අපහසු වෙන්න පුළුවන්. නමුත් මට නම් පෞද්ගලික ජීවිතයක් තියෙනවා. මම හැම දෙයක්ම කරන්නේ සැලැස්මකට අනුවයි. ජනප්‍රිය පුද්ගලයෙකු වුණත් ඔහු තමන්ගේ පෞද්ගලික ජීවිතයේ බැඳීම් පවත්වා ගත යුතුයි. කොයිතරම් කාර්යබහුල වුණත් මම මගේ පවුලේ සාමාජිකයින් සමග කාලය ගතකරන්න අනිවාර්යයෙන්ම වේලාවක් යොදාගන්නවා. මම මගේ විවේකය සදහා වෙන්කර ගත් කාල වේලාවන් වලදී මාධ්‍ය වලට සම්මුඛ සාකච්ඡාවක්වත් ලබාදෙන්නේ නෑ.

* අනාගත සැලසුම්?

දිගටම රංගනයේ යෙදෙනවා. ලොකු දේවල් නම් මම ජීවිතේ තුළ සැලසුම් කරගෙන නෑ. නමුත් අනාගතයේදී වෘත්තිය වගේම පෞද්ගලික ජීවිතයෙත් යම් යම් සැලසුම් කිහිපයක් තියෙනවා. ඒ දේවල් ඉස්සරහට දැනගන්න ලැබේවි.

Friday, March 5, 2010

Amila Nadeeshani

By: Last Man On: 2:13 PM

සෙනේෂ් ගේ දැවැන්ත ටෙලි නිර්මාණයේ ප්‍රබල චරිතයක් අමිලාට

මේ අමිලා නදීෂානි. ඈ පිළිබඳ අමුතුවෙන් වචන ලියා හඳුන්වා දිය යුතු නැහැ ඔබට. අමිලා ගැන අලුත්ම ආරංචියයි මේ. ගායිකාවක ලෙස දෙස් විදෙස් සිත් සතන් තුළ සංගීතයේත්, ගීතයේත් මිහිරියාව වැපිරූ අමිලා මේ දිනවල නිළියක ලෙස කාර්යය බහුල චරිතයක්.

කුමාරසිරි අබේකොන් අධ්‍යක්ෂණය කරනු ලබන, මිල්රෝයි සල්ගාදු නිෂ්පාදනයෙන් සවිය සපයන ‘ හිරුමලී ‘ ටෙලිනාට්‍යයේ සුවිශේෂී චරිතයකින් පුංචි තිරයට පාතැබූ අමිලාට රංගන ක්ෂේත්‍රයේ ඉහළ ඉල්ලුමක් ලැබී තිබෙනවා.

ඒ අනුව සෙනේෂ් බණ්ඩාර දිසානායකගේ අලුත්ම, වෙනස් ආරක්ගත් ටෙලි නාට්‍යයේ ද ප්‍රධාන චරිතයක් අමිලාට හිමිවෙලා. බණ්ඩාරවෙල සීතල පරිසරයේ මිහිදුම් සළු එතුනු කඳු වළල්ලක් ආශි‍්‍රතව රූගත කිරීම් සිදුවන මේ අපූරු ටෙලිනාට්‍යයේ අමිලා චිත්‍ර ශිල්පිනියක්.

මේ ටෙලි නාට්‍යය අමිලාට තවත් වැදගත් සන්ධිස්ථානයක්. ඒ අමිලාගේ එකම පුතු බිතුම් චබී ශානක්‍ය මේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය හොබවනවා. බිතුම් මවන චරිතයේ අම්මාගේ චරිතය නිරූපණය කිරීමටයි මෙවර අමිලාට භාග්‍ය උදාවී තිබෙන්නේ.

සැබෑ ලෝකයේ සෙනෙහස දොරේ ගලන කැදැල්ලේ අම්මා සහ පුතණුවන් පුංචි තිරයේ මවන අපූරු රටා අපි ඉදිරියේ දී නරඹමු. නොපිරිහෙන ජනපි‍්‍රයත්වයක් සදා හිමිකරගත් අමිලාගේ රංගන දිවියට සරසවිය සුබපැතුම්.