Tuesday, November 22, 2011

Sunil's daughter

By: Last Man On: 5:10 PM

Sunday, November 20, 2011

ජැක්සන්ගේ පුතු හා සම්බන්ධයක් නෑ - ෂෙරිල්

By: Last Man On: 2:49 AM
Srilankamirror - ප‍්‍රවීන සිනමා නළු ජැක්සන් ඇන්තනිගේ වැඩිමහල් පුතු වන අකිල ධනුද්දර හා සම්බන්ධයක් නැතැයි ‘අමා’ ටෙලි නාට්‍යයේ චරිතමවන ෂෙරිල් රොමේන් ඩෙකර් කියයි.
ඇය පවසන්නේ ධනුද්දර හා ගීතයක රූපරචනයට එක්වීම හැර වෙනත් සම්බන්ධයක් නොමැති බවයි.

තමා තවමත් ආදරය පිළිබඳ සිතා නොමැති බවද පවසන ෂෙරිල් වයස අවුරුදු 25 ක් පමණ වන විට විවාහය ගැන තීරණයක් ගන්නා බව පවසා තිබේ.

සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡුාවක් ලබාදෙමින් ෂෙරිල් මේ බව පවසා තිබිණි.

වසර 2006 දී ස්වාධීන රූපවාහිනී අවුරුදු කුමරිය තරගයේ දෙවැනි තැන හිමිකර පත් ෂෙරිල් ඉන්පසුව සිරස ඩාන්සින් ස්ටාර් වැඩසටහනට දායක වූවාය.

ඇයගේ මුල්ම සිනමා රංගනය සටහන්වූයේ බෙනට් රත්නායකගේ ‘ඉරහඳ යට’ චිත‍්‍රපටයෙනි.

කොලොන්නාව ශාන්ත ජෝෂප් බාලිකාවෙන් පාසල් අධ්‍යාපනය ලද ෂෙරිල් කුලසිරි බුදවත්ත රංගායතනයෙන් නර්තනය පිළිබඳ හදාරා තිබේ.

මේ වන විට විසිදෙහැවිරිදි වියේ පසුවන ඇයට සහෝදරියක්සිටී.

ෂෙරිල් හා ධනුද්දර එක්ව රංගනයෙන් දායකවූයේ රෝමේෂ් සුගතපාලගේ ‘දිගුදෑස දුටුවාම’ ගීතයේ රූප රචනය සඳහාය.

එය වයිඩ් ඈන්ගල් ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලැබීය.

ධනුද්දර මෝස්තර නිරූපිකාවක් වන නිලූක්ෂි අමන්දා හෙවත් ඒමි සිල්වා සමග සම්බන්ධයක් ඇතැයි ද මීට පෙර මාධ්‍ය අනාවරණය කර තිබිණි.

ඒමි 2009 වසරේදී දෙරණ වීට් මිස් ශී‍්‍ර ලංකා තරගයේ තරගකාරියක් ලෙස ද තරග කල තැනැත්තියක් වන අතර ඇය එම තරගයේ අවසන් පස්දෙනා අතරටපැමිණීමට සමත්වූවාය.

එහිදී ඒමි මිස් නැෂනල් කොස්ටියුම් කිරුළු පැළැඳීමට සමත්වූවාය.

එසේම වසර 2010 හොඳම මෝස්තර නිරූපිකාව ලෙස ද කිරුළු පැළැඳීමට ඇය සමත් වූවාය.

ඇය 2010 වසරේ ස්පාඤ්ඤයේ පැවැති ජගත් නිරූපන ශිල්පිනිය හා ශිල්පියා  තේරීමේ තරගය සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් එක්විය.
 
http://lionlk.com/images/phocagallery/Sheryl%20Romain%20Decker%20(Ama)%20-%20Hot%20Photos/thumbs/phoca_thumb_l_sheryl-romen.jpg
Bookmark and Share
 

Thursday, November 17, 2011

ඓශ්වර්යාට දියනියක්

By: Last Man On: 5:10 PM
බොලිවුඩ් සිනමාවේ සුරූපී නිලි ඓශ්වර්යා රායි තම කුළුඳුල් දරු උපත ලෙස අද දියනියක් ලැබුවා.

මේ පිළිබඳව අභිෂේක් බච්චන් විසින් තම ටුවිටර් ගිනුමේ ඉට්ස් අ ගර්ල් !!!!!! :-))))) යනුවෙන් අද සඳහන් කර එම පණිවිඩය ලෝකයට හෙළිකල බවයි වාර්තා වුනේ.

පසුගිය අඟහරුවාදා ඉන්දියාවේ මුම්බායි හි සෙවන් හිල් රෝහලට ඇය ඇතුලත් කිරීමෙන් පසු එහි ආරක්ෂාව තර කර තිබුනේ දරු උපත පිළිබඳව වාර්තා කිරීමට විශාල මාධ්‍යවේදීන් පිරිසක් එම රෝහල් භූමිය වෙත පැමිණීම නිසයි.

දරු උපත පිළිබඳ මාධ්‍යට වාර්තා කිරීම රෝහල් කාර්ය මණ්ඩලයට තහනම් කරනු ලැබ තිබූ අතර බච්චන් පවුලේ අය විසින්ම එය ලෝකය හමුවේ ප්‍රකාශ කළ යුතු බවටයි වාර්තා වල සඳහන් වුනේ.

 ඓශ්වර්යාගේ දරු ප්‍රසූතිය පසුගිය 11.11.11 වනදා වන/නොවන බවට ඔට්ටු අල්ලන්නන් විසින් ඉන්දියන් රුපියල් බිලියන 1.5කට අධික මුදල් මීට පෙර ඔට්ටු අල්ලා තිබුනා

දරු උපත සඳහා ඇය රෝහල් ගත කල අවස්ථාව


සිරිධම්ම හිමිගේ කැමරාවෙන් නැතිවූ ජායාරූප

By: Last Man On: 5:06 PM

පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ දුර්ලභ ජායාරූප පෙළක් අප වෙත ලැබී තිබෙනවා. අප මෙහි එම ජායාරූප පළ කරන්නේ එහි ඇති විශේෂත්වය නිසාවෙනි.

පසුගියදා 7 වනදා දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමය පිරිසක් විසින් වටලනු ලැබූ අවස්ථාවෙන් පසු එහි තිබූ පිටිදූවේ සමන්ත භද්‍ර හිමිගේ කැමරාවක් නැතිවී තිබෙන බව වාර්තා වුනා.

එම කැමරාවේ තිබූ ජායාරූප වල උන් වහන්සේ ටී ෂර්ට් ඇඳ සිටින දර්ශන තිබූ නිසා උන් වහන්සේ විසින් ඒ පිළිබඳව කල්තියා පවසා තිබුනේ ඇමරිකාවේදී ගත් එම ජායාරූප වල උන්වහන්සේ ටී ෂර්ට් ඇඳ සිටින්නේ කැලේ සංචාරය කිරීම සඳහා යද්දී පහසුව පිනිස බවයි.

මෙහි තිබෙන ටී ෂර්ට් එකක් ඇඳගන උන් වහන්සේ හෝටලයකදී දානය වලඳන ජායාරූපය තායිලන්තයේ බැංකොක් නුවරදී ගත් එකක් බවයි එහි තිබෙන නාම පුවරු ඇසුරින් අප කල සොයාබැලීමකදී තහවුරු වුනේ.

Tuesday, November 15, 2011

දුමින්ද සිල්වා වහාම අත් අඩංගුවට ගන්න- අධිකරණය නියෝග කරයි

By: Last Man On: 3:36 AM

ඉකුත් ඔක්තෝබර් 08 වැනිදා සිදුවූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යංශයේ අධීක්‍ෂණ මන්තී‍්‍ර දුමින්ද සිල්වා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා මීට ස්වල්ප වේලාවකට පෙර නියෝග කළා.

මෙම නඩුව පසුගිය 01 වැනිදා අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී සියලූම විත්තිකරුවන්ගේ නාම ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා රහස් පොලිසියේ විශේෂ විමර්ශන නිලධාරීන්ට නියම කර තිබුනා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යංශයේ අධීක්‍ෂණ මන්තී‍්‍ර දුමින්ද සිල්වා සැකකරුවෙකු ලෙස නම් කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීමට අද නියමිතව තිබූ අවස්ථාවේ රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් එයට සහභාගී නොවී මඟ හැර තිබුනා.

රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් නොපැමිණීම හේතුවෙන් නඩුව විනාඩි 5 ක කාලයක් සඳහා කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා නියෝග කළා.

පසුව නඩුව යළි කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අධිකරණයට කියා සිටියේ දුමින්ද සිල්වා සැකකරුවෙකු ලෙස නම් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි, නමුත් ඔහු සැකකරුවෙකු බවට දැනට ඉදිරිපත් කර ඇති සාක්ශි වලින් පෙනී යන පෙනී යන බැවින් ඔහු අත් අඩංගුවට ගන්නා ලෙස අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා නියෝග කළා.

කෙසේ වෙතත් දුමින්ද සිල්වා මේවන විට රටින් පිටව ගොස් ඇති අතර ඔහු සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි පැවසෙන්නේ. ඔහු ජයවර්ධනපුර රෝහලේ රැදී සිටි සමයේ ඔහුගෙන් කිසිදු ප්‍රකාශයක් හෝ සටහන් කර නොගත් අතර ඒ වෙනුවට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ රහස් පොලිස් නිලධාරීන්ද එම පරීක්ෂණ කටයුතු වලින් ඉවත්කරනු ලැබුවා

දුමින්ද සිල්වා සැකකරුවෙක් නොවේ- නිමල් සිරිපාල සිල්වා
දුමින්ද විදෙස් ප්‍රතිකාර සඳහා ගෙනයාම නීති විරෝධියි - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
හිරුණිකාගේ හෙළිදරව්ව

Sunday, November 13, 2011

ටෙලිනිළිය ගණිකාවක් වූ හැටි

By: Last Man On: 5:57 PM
පසුගියදා ගණිකා වෘතියේ නියැලීමේ වරදට තවත් ලාබාල ටෙලිනිලියක් අත්අඩංගුවට පත්විය.ඇය විසිහැවිරිදි නයනා ධනංජනී පෙරේරාය.

බොහෝ දෙනා ගණිකාවන් කි පමණින් වපර ඇහින් බැලීමට පුරුදුව සිටියත් ඔවුන් ඒ තත්වයට වැටීමට හේතුව පිලිබඳ සිතා නොබලයි.

ධනංජනී ලොව පැරණිතම වෘතිය සිය ජීවිකාව කරගත්තේ සිය පියාගේ අසනීපයට අවශ්‍යය මුදල් සොයාගැනීම සඳහාය.පහතින් දැක්වෙන්නේ ඇයගේ කතාවයි.

ධනංජනී පදිංචිව සිටින්නේ අතුරුගිරිය ආසන්නයේය. පවුලේ වැඩිමල් දරුවා ලෙස ඉපදුනු ඇයට බාල තව සහෝදරයෙක් සහ සහෝදරියක් සිටී. ඇය අධ්‍යාපනය ලබා ඇත්තේ මාලඹේ ප‍්‍රදේශයේ බාලිකා පාසලකින් වන අතර පරිගණක ආයතනයකින් පරිගණක උපාධියක්ද ලබා ගෙන තිබේ.

ඉන්පසු ඇයට පෞද්ගලික පරිගණක ආයතනයක රුපියල් 20000ක වැටුපක් සහිත රැකියාවක් ලැබී ඇත.

මෙම රැකියාව කරගෙන යන අතරතුරදී ඇයගේ පියා හදිසි අනතුරකට ලක් වී නිවසේ සිටීම නිසා ඇයට ගෙදර වියදම් මෙන්ම පියාගේ වියදම්ද බැලීමට සිදුව ඇත.

ඒ නිසා රුපියල් 20000ක් පමණ වැටුපක් ලබන රැකියාව අතහැර දමා පුවත්පතක තිබූ වැඩි වැටුපක් සහිත රැකියාවකට ඉල්ලූම් කර ඇති අතර ඇයට එම රැකියාව සඳහා සම්මුඛ පරීක්ෂණයකට කැඳවා තිබේ.

නියමිත දිනට ඇය කොල්ලූපිටියේ පිහිටි මෙම සම්මුඛ පරීක්ෂණයට ගොස් ඇති අතර එහිදී ඇය වාහනයකින් වෙනත් ගොඩනැගිල්ලක උඩුමහලට ගෙන ගොස් තිබේ.

"මෙතන වෙන්නේ පිරිමින්ට ගෑනු සපයන එක.මිට පස්සේ අපි කියන විදියට ඉන්න ඕන..."

"අනේ අයියේ..මම කොල්ලෙක් එක්කවත් යාලු වෙලා ඉඳල නැහැ ..මට මේක කරන්න බැහැ..යනුවෙන් ඔවුන් ඉදිරියේ ඇය හඬා වැටුනත් අයව රැකියාවට යොමු කල පිරිස ඇයට තර්ජනය කොට ඇත්තේ අයව පොලිසියට අල්ලා දෙන බව කියමිනි.

ඒ අනුව ඇයට වයස අවරුදු 17 සිටම කාමාතුරයන්ගේ අශා සංසිද්වන්නට සිදු විය.එම රැකියාවේ ඇය ලද දිනක වැටුප රුපියල් 5000 කි.

මෙම රැකියාව කරගෙන යන අතරතුරේදී ඇයට වෛද්‍යවරයෙක් මුණ ගැසී ඇති අතර ඔහු මාර්ගයෙන් ඇය රැකියාවෙන් මිදී තිබේ.

පසුව කොළඹින් පිට ඇති සිනමා ඇකඩමියකින් රංඟනය පිළිඳ පාඨමාලාවක් හදාරා ඇති අතර ඒ මාර්ගයෙන් ටෙලිනාට්‍යවලද රඟපෑමට අවස්ථාව උදා වී තිබේ. කිඳුරංගනා, සිහින කුමාරි, ගැහැණු ළමයි වැනි ටෙලිනාට්‍යවල රඟපා ඇති අතර මෙම ක්ෂේත‍්‍රයට සම්බන්ධ පුද්ගලයින්ගේ මනදොල සපුරන්නටද ඇයට සිදුව තිබේ. මෙසේ එක් වරකට ඔවුන් රුපියල් 10000ක් 20000ක් අතර ප‍්‍රමාණයක් ඇය අතට පත් කර තිබේ.

මේ අතරතුරදී ඇය ත‍්‍රීවීල් රථ රියැදුරකු සමඟ විවාහ වී කොළඹින් පිටත ජීවත් වීමට පටන්ගෙන ඇත.ඇය රූපලාවන්‍ය පිළිබඳ කටයුතු කරන ප‍්‍රසිද්ධ ආයතනයක උපදේශිකාවක් ලෙසද කටයුතු කර තිබෙන අතර ඇයට ඉන්දියාවේ රූගත කෙරෙන ටෙලිනාට්‍යකට ආරාධනා ලැබී තිබේ. කෙසේ වෙතත් විවාහ වී වසර එකහමාරකට පමණ පසුව නැවතත් ඇය දෙමාපියන් සමඟ ජීවත් වීමට අතුරුගිරියට පැමිණ තිබේ. මේ කාලයේදී ඇයට ටෙලිනාට්‍ය රංඟනය සඳහා ආරාධනා නොලැබුණ හෙයින් මුදල් නොමැතිකම නිසා නැවතත් ගණිකා වෘත්තියට යොමු වී තිබේ.

මේ අතරතුර පොල්සියට ඇය ගැන ඔත්තුවක් ලැබෙන අතර එම ඔත්තුකරුම ඇයව දන්නා හදුනන කෙනෙක් ලෙස රඟපා ඇයට දුරකතන ඇමතුමක් දී ඇයව හමුවීම සඳහා රාජගිරියට එන්නට කතා බස් කරගත් අතර පොලිස් කොස්තාපල්වරයෙක් මේ සඳහා සූදානම් කෙරිණි.

රාජගිරියට ගියත් ඇය එහි නොසිටි අතර පසුව අතුරුගිරියට එන ලෙස පවසා තිබේ. ඒ අනුව අතුරුගියට ගොස් ඇය හමු වී ඇති අතර ඔවුන් එම ප‍්‍රදේශයේම උත්සව ශාලාවකට ගොස් තිබේ. එහි කාමරයක් කුලියට ගෙන එයට ඇතුල් වූ පසු ඇයගේ මිල රුපියල් 5000ක් බව හෙළි කර එය මුලින් දිය යුතු බව පවසා තිබේ.

ඇය අත මුදල් තබීමෙන් පසු ඇය නාන කාමරයට ගිය අතරතුරදී ඔහු විසින් පොලිස් කණ්ඩායමට ඇමතුමක් දී කාමරයට ගෙන්වා ගත්තේය. මේ අවස්ථාවේදී ඇය අත්අඩංගුවට පත් විණි.

එම අවස්ථාවේදී ඇය ලඟ තිබී හදිසි ඇමතුම් ස්ථානාධිපතිවරයාගේ අත්සන යෙදු මුදල් නෝට්ටු සහ බෑගයේ තිබී උපත් පාලන කොපු මෙන්ම ජංගම දුරකතනයක්ද නඩු භාණ්ඩ ලෙස පොලිස් භාරයට ගැනිණි.

නොවැම්බර් 10 වැනිදා කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර 11 වැනිදා නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් හැටදහසක දඩ මුදලකට මුදා හැර තිබේ.

"මගේ අම්ම රැකියාවක් කරන්නේ නැහැ.තාත්ත ඉන්නේ අසනීපෙන්.නංගියි මල්ලයි තාම ඉගෙන ගන්නවා.

මම මේ දේ කලේ ගෙදර වියදම් තාත්තගේ අසනිපෙට මුදල් හොයාගන්න" පොලසිය හමුවේ ඇය කියා සිටියේ එලෙසිනි.

භාරත ඝාතනයේ නැසූ කතා

By: Last Man On: 5:49 PM
භාරත ඝාතනයේ නැසූ කතා
හිරුණිකා දේශපාලනයට එනවද?
ප්ලෑන් බි වලින් කරන්නේ මොකද්ද?
දුමින්ද සිල්වා සැකකරුවෙක්ද

පසුගියදා මුල්ලේරියාවේ සිදු වූ වෙඩි තැබීමකින් ඝාතනයට ලක්වූ භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය සමග විශේෂ සාකච්චාවක් අද සිරස රුපවාහිනිය ඔස්සේ විකාශය කළා.

මෙම සාකච්චාවේ මුලික අරමුණ වී තිබුනේ මාධ්‍යය මගින් විවිධ අර්ථකතන ලබාදී තිබුන මෙම ඝාතන සිද්ධියේ සත්‍යය තත්වය මහජනතාවට හෙළි කිරීමයි.

එහිදී ඝාතන සිදුවීම පිලිබඳ සිය අත්දැකීම් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය හෙලිකල අතර දුමින්ද සිල්වා කෙරෙහි නිතිය ක්‍රියාත්මක වියයුතු ආකාරයත් පැහැදිලි කර සිටියා.

සිරස සමග සිදුකරන ලද හෙළිදරව්වේ සම්පුර්ණ වීඩියෝව පහතින් බලන්න





Thursday, November 3, 2011

කුඩු හිඟය නිසා මත්කුඩු ලෝලීන් දිවිනසා ගනී

By: Last Man On: 5:51 AM


දුමින්ද සිල්වා විසින් සිදුකරන ලද රක්ෂණ වංචාවකට මේවනතෙක් ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගෙන නොමැතිබව වාර්තාවේ.

මන්ත්‍රීවරයා විසින් තම වාහනයට මිලියන 17 වන්දි ඉල්ලා ජනශක්ති රක්ෂණ සමාගම වෙත පසුගිය අගෝස්තු මාසයේදී ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත්කොට ඇත.

වාහනයට සිදු වූ අලාභය තක්සේරු කිරීමටත් ප්‍රථම එම වාහනය වෙනත් වාහනයක් මගින් බොරැල්ල පොලිසිය (බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති දුමින්ද සිල්වාගේ මිතුරෙකි)වෙත ඇදගෙන විත් නතරකොට ඇත.

ජනශක්ති රක්ෂණ සමාගම විසින් මන්ත්‍රීවරයා සිදුකල මෙම පැමිණිල්ල පිලිබඳ රහසේ සිදු කල පෞද්ගලික පරීක්ෂණයකින් අනතුරුව හෙළිවී ඇත්තේ මන්ත්‍රීවරයා ඔහුගේ වාහනය රක්ෂණය කොට දින දෙකකින් මෙම අනතුර සිදුවී ඇති බවයි.


ඒ ඔස්සේ වැඩිදුර පරීක්ෂණ කල ඔවුන්ට සොයාගෙන ඇත්තේ වාහනය සත්‍යය ලෙසම අනතුරට පත්ව ඇත්තේ එයට දින හයකට පෙර එනම් වාහනය රක්ෂණය කිරීමටත් ප්‍රථමයෙන් බවයි.

ඒ අනුව වාහනයේ අලාභය තක්සේරු කිරීමට බොරැල්ල පොලිසියට ගිය රක්ෂණ නියෝජිතයාට දුමින්ද සිල්වාගේ මැරයන් විසින් තර්ජනයකොට වෙනත් නැවත පාවිච්චියට ගත නොහැකි සේ අනතුරකට පත් එම වර්ගයේ රථයක ජායරුප ඔහු වෙත ලබා දී ඇත.


තමාගේ මිලියන 17 ක රක්ෂණ වන්දිය ඉල්ලා දිගින් දිගටම දුමින්ද සිල්වා කරදර කරන්න වුයෙන් අවසානයේ එහි හිමිකරුටද බැන තර්ජනයකොට ඇත්තේ රක්ෂණ වන්දිය නොදුන්නොහොත් බලාගමු යන්නෙනි.


දුමින්ද මෙම දුරකථන ඇමතුම රක්ෂණ සමාගමේ හිමිකරුට ලබාදෙන විට එම ආයතනයේ නිතිඥයාද ඒ අසල සිට ඇති අතර හිමිකරු විසින් දුරකතනයේ ලවුඩ් ස්පිකර් ඕන කර ඔහුටද මෙම තර්ජනය ඇසීමට සලස්වා ඇත.

ඉන්පසුව එම නීතිඥවරයා හා හිමිකරු විසින් දුමින්ද සිල්වාට එරෙහිව පැමිණිල්ලක්ද ගොනුකොට ඇත.

කුඩු හිඟය නිසා මත්කුඩු ලෝලීන් දිවිනසා ගනී


කොළොඹ උග්‍ර කුඩු හිඟයක් පවතින නිසා මත්කුඩු ලෝලීන් තැන තැන වල වැටි රැකියා වලට යාමට පවා නොහැකි අන්දමෙන් සිටින බව මෙයට පෙර ලිපියකින් අප ඔබට හෙළි කළා.

මේ වන විට වාර්තා වන්නේ එලෙස උග්‍ර කුඩු හිඟයට මුහුණ පෑමට සිදුවූ මත්කුඩු ලෝලීන් දිවි නසා ගැනීමට පෙළඹී සිටින බවයි.

පවතින මත්කුඩු වල මිල ඉහල වීමත් හා ඒවා දුලභ වීමත් නිසා කුඩු ශරීර ගත කිරීමට නොහැකිව වියරු වැටි ගෙළවැළලාගෙන සහ දුම්රියට පැන සියදිවි නසාගෙන තිබේ.

මෙවන් මරණ තුනක් පසුගිය දින කිහිපය තුල ගල්කිස්ස, රත්මලාන සහ පාණදුර ප්‍රදේශයන්වලින් වාර්තා වුනා.


හෙරොයින් වලට ආදේශක ලෙස මේ දිනවල නැවතත් "නිල්ල සොයා" නම් රුපියල් දහසකට ආසන්න අධික මිලකට අලෙවිවන ඖෂධයක් මේ වන විට නැවත මත්ලෝලීන් අතර ජනපි‍්‍රය වී ඇත.

කැස්සට ගන්නා කෝරෙක්ස් ඩී නම් සිරප් එකද විශාල ලෙස මේ දිනවල අලෙවි වන බවත් ඖෂධ අධිකාරිය පවසනවා

මේ අතර, මේ දිනවල කුඩු පැකට්ටුවක ඉතා ඉහළ ගොස් ඇති බැවින් කුඩු බීම සඳහා මුදල් හිඟයකට මුහුණ පෑ කොළඹ කොම්පඤ්ඤවීදියේ මොහොමඞ් සදීක් එම්. ලාසර් නම් පුතෙක් හැත්තෑ එක් හැවිරිදි මවගේ නහයේ මුදුව ගලවා ගැනීම සඳහා බෙල්ල මිරිකා තිබෙනවා.

මෙම පුද්ගලයා රිමාන්ඞ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් තුමිය නියෝග කළ අතර මේ සිද්ධිය ගැන ඇය තම බලවත් කම්පාව ද පළ කළා.

මත්කුඩු පිළිබඳ දැනුම් දීමට දුරකථන අංකයක්

මත්කුඩු ජාවාරම් කරන යම් පුද්ගලයන් පිළිබඳ තොරතුරු දැනුම්දීම සඳහා විශේෂ වූ දුරකතන අංකයක් වෙන්කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පවසනවා.

මත්කුඩු ජාවාරම් පිළිබඳ තොරතුරු දන්නේ නම් එම දුරකථන අංකය වන 011-2431428 ට දැනුම් දෙන ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කොළඹ මත් ජාවාරම්කරුවන් කොටුකර ගන්න මහා පරිමාණ මෙහෙයුම් අරඹා ඇති බව බව ඊයේ දිනමිණ පුවත්පත වාර්තා කළා.


මොවුන් කවුරුන් වුවත් ඔවුන්ගේ තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා ලෙස ආරක්ෂක ලේකම්වරයා පොලිස්පති ඇන්. කේ. ඉලංගකෝන් මහතාට උපදෙස් දී ඇති බවයි එම පුවතෙන් කියවුනේ.

රටේ නීතිය ක්‍රියාත්මක වීම.

නමුත් කෝටි හතරක මත්කුඩු සමඟ "ලාලිත්‍ර" නම් තමන්ගේ සගයෙකු අත් අඩංගුවට ගැනීමෙන් පසු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට දිගින් දිගට දුරකථනයෙන් කතා කරමින් අත්අඩංගුවට ගෙන සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අහිංසකයකු බව කියමින් ඔහු මුදාහරින ලෙස බලපෑම් කළේද දුමින්ද සිල්වාය.

මීට පෙර ඉන්දියාවේ කේරලයේ සිට ලංකාවට ගෙන ආ ගංජා තොගයක් පොලීසියේ මත්ද්‍රව්‍ය වැටලීම් අංශය විසින් වටලද්දී ඊට සම්බඳ පිරිස් පැන ගියේද දුමින්ද සිල්වාට අයත් ජීප් රියකිනි.

මීට පෙර අප විසින් හෙළිකල පරිදි එක්ටසි නම් මත්ද්‍රව්‍ය පෙති ගෙන්වා බෙදාහැරීමට සම්බන්ධවී සිටින්නේ මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාය.

ඔවුන්ට විරුද්ධව මේ වනතෙක් පරීක්ශණයක් ආරම්භ වී හෝ මේ වන තෙක් රටේ නීතිය ක්‍රියාත්මක වී නැහැ.

මීගමුවේ ලංසා කුඩු ව්‍යාපාරිකයෙකු බවත්, ඔහුගේ නිවසේ කුඩු තිබෙන බවටත් ලද ඔත්තුවකට අනුව ඔහුගේ නිවස පරීක්ෂා කිරීමට ආරක්ෂක හමුදාව ගිය විට එයට සමාව ගැනීමට පෙරමුණ ගෙන ගිය ගමනට ජනාධිපතිවරයා සමඟ මර්වින් සිල්වාද සහභාගී වුනා.

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කුඩු කාරයන්ට සහය දීම ගැන භාරත වේදනාවෙන් කල කතාව ගැන මීට පෙර අප විසින් ඔබට හෙළි කළ ලිපිය

gossip9

Tuesday, November 1, 2011

Duminda's situation

By: Last Man On: 5:05 AM