හොල්මන් කතා බලන්නත් මමනම් හරිම කැමැතියි - සචිනි රුවන්තිකා
අඟුරු සිත්තම් හී රුවිනි ලෙස රංගනයට පිවිසුණු ඇය මේ දිනවල උරුමක්කාරයෝ ටෙලි නාට්‍ය ඔසසේ ඔබේ ආලින්දයට පිවිසෙන්නීය. ඇය නවක රංගන
ශිල්පිනියක වන සචිනි රුවන්තිකායි.සචිනිගේ විස්තර කියලම පිළිසඳර අරඹමු නේද? සචිනි රුවන්තිකා කියන නම තවමත් අලුත්. පදිංචිය කිරිබත්ගොඩ
එච්චර වයසකුත් නැහැ නේද? තවම අවුරුදු 23යි.
පවුලේ එකම කෙල්ල නේද? ඔව්. මට ඉන්නේ මල්ලිලා දෙන්නෙක්.
සචිනිගේ විවේකය කෙහොමද ගත වෙන්නේ? විවේකයක් ලැබුණ ගමන් මං කරන්නේ ටී. වී. සිරිස් බලන එක.
මොකද්ද ආසම ටී. වී. සිරිස් එක? ෂර්ලොක්.
