Showing posts with label T.M Dilshan. Show all posts
Showing posts with label T.M Dilshan. Show all posts

Wednesday, September 1, 2010

TM Dilshan banned on entering Zimbabwe

By: Last Man On: 8:01 AM


Read The News Master Article
TM Dilshan banned on entering Zimbabwe
theNEWSmaster: HARARE;
Reports reaching from the Zimbabwe government in Harare state, the African nation's government had banned the Sri Lankan star cricketer Tillakaratne Dilshan from entering its country. The ban has been in active as per an alleged rape case that has taken place during the Sri Lankan cricket team's tour in Zimbabwe, which took place in June 2010. Reports state, Dilshan had raped a 17 year old white girl in an undisclosed location. Dilshan was the captain of the Sri Lankan team for this tour while 22 year old Angelo Mathews was the Vice Captain. Reports reaching theNEWSmaster state, Dilshan along with Jeevan Mendis and Dilhara Fernando had visited a night club in Zimbabwe where they had forcefully taken the 17 year old to the above undisclosed location. Following this 'abduction' interestingly only Dilshan had raped her. Police reports of the African nation confirm, DIlshan had also been in custody for about 24 hours where he was released by the authorities as the Sri Lanka Cricket interim Committee had bribed several hierarchical police officers and members of the media. The above two parties had been bribed US $ 13,000 to avoid the 'rape incident' getting exposed. Meanwhile unofficial reports reaching from the Sri Lankan government state, the Sri Lankan President had been aware of the incident from top to bottom. It is learnt, Dilshan is accused over several incidents regarding match fixing and several members of the Interim committee too had been chained with these allegations and as a result these unlawful activities are left behind without getting exposed! 

Friday, July 23, 2010

Friday, February 19, 2010

Dilshan Manjula

By: Last Man On: 2:24 AM

Sunday, November 15, 2009

මගේ බිරිඳ "මංජුලා" ඩිල්ස්කූප් පහරට හරි කැමතියි

By: Last Man On: 1:06 PM

-ටී.එම්. ඩිල්ෂාන්

පට යළිත් ක්‍රිකට් වසන්තයක් උදාවී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ දිනවල සිදුකරන ඉන්දීය සංචාරයේ පළමු ටෙස්ට් තරගය හෙට (16) අහමාද්බාද්හිදී ඇරැඹෙයි. ටෙස්ට් තරග 3 ක් 20 යි 20 තරග 2 ක් සහ එක්දින තරග 5 ක් මෙහිදී ක්‍රීඩා කිරීමට නියමිත අතර මෙවර අපේ ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තුව බවට පත් වූ සුවිශේෂී ක්‍රීඩකයෙකි.

අංක 5 ස්ථානයේ ක්‍රීඩා කරමින් සිට මේ වසර මුලදී ආරම්භක පිතිකරුවකු ලෙස පිටියට පිවිසි ඔහු එහිදී සනත් ජයසූරිය සමඟ එක්ව ආකර්ෂණීය ලෙස ක්‍රීඩා කරමින් වඩාත් සාර්ථකත්වයට පත්වුණා.

ඉන්දීය පි‍්‍රමියර් ලීග් (IPL) තරගාවලියේදී දිල්ලි ඩෙයාඩේවිල්ස් පිල නියෝජනය කරමින් සුවිශේෂ දස්කම් දැක්වූ ඔහු, 2009 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විස්සයි 20 තරගාවලියේදී හිසට උඩින් එල්ල කළ ෆ්ලික් පහර නිසා ක්‍රිකට් ලෝකයේ වඩාත් කතා බහට ලක්වුණා.

එහිදී ඔහු පෞද්ගලිකව ලබාගත් ලකුණු ගණනින් 317 ක් වූ අතර පිත්තෙන් පන්දු රැකීමෙන් සහ පන්දු යැවීමෙන් දැක්වූ දක්‍ෂතා නිසා තරගාවලියේ වීරයා සම්මානය ද දිනාගත් අතර ශ්‍රී ලංකාව අනුශූරයින් බවට ද පත්වුණා.

ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ එදා මෙදා තුර ක්‍රීඩකයකුගේ නමින් නම් කර ඇති පහර ‘ඩිල්ස්කූප්’ පහර වන අතර මේ නිසාම ඔහුගේ නමත්, ශ්‍රී ලංකා මාතාවගේ නමත් ක්‍රිකට් වංශ කතාවේ නොමැකෙන ලෙස සනිටුහන් වෙලා.

මේ සියලු දක්‍ෂතා නිසාම 2009 වසරේ ICC 20 යි 20 දක්‍ෂතම ක්‍රීඩකයා සම්මානයෙන් ද (ICC Twenty 20 International Performance of the year 2009) පිදුම් ලැබූ ඔහු තිලකරත්න මුදියන්සේලාගේ ඩිල්ෂාන්.

අපේ රටේ ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රබලතම බලාපොරොත්තු වූ අපේ කතා නායකයා. ඉන්දීය සංචාරයට හෝරා කිහිපයකට පෙර කාර්ය බහුලත්වය මැද ‘රසඳුන’ සමඟ සම්මුඛ වන්නට තරම් නිහතමානී වුණා.

මෙවර ICC දක්‍ෂතම 20 යි 20 ක්‍රීඩකයා ඔබ. ඒ වගේම අපේ රටේ ජනපි‍්‍රයම ක්‍රිකට් ක්‍රීඩකයා වෙමින් පළමු සියැට් සම්මාන උලෙළේ සම්මාන 4 කින් පිදුම් ලබනවා.

ඇත්තටම මේ සම්මාන ලැබීම ගැන මට ගොඩක් සතුටුයි. මේ වගේ අගය කිරීම් කරන විට ක්‍රීඩකයින්ගේ සිතට ශක්තියක් ධෛර්යයක් එනවා. මානසික වශයෙන් විශාල තෘප්තියක් ලැබෙනවා. පසුගිය වසර පුරා මම දැක්වූ දස්කම් නිසා මට මේ සම්මාන ලැබුණා කියලයි මම හිතන්නේ. මෙය මගේ ඉදිරි ක්‍රිකට්වලට ලොකු ශක්තියක් ධෛර්යයක්.

ඔබේ ක්‍රීඩා දිවියේ මේ වෙනස ආරම්භ වන්නේ IPL තරගාවලියෙන් පසුව කියා කීවොත්

IPL තරගාවලියේදී මගේ දස්කම් කිසියම් ප්‍රමාණයකට වර්ධනය වුණා වෙන්න පුළුවන්. එහිදී මම හැම තරගයකම වගේ ලකුණු අතර සිටියා.

එහෙත් මගේ මේ දස්කම්වලට විශේෂිතම හේතුව ලෙස මම දකින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මගේ පිතිකරු ස්ථානය මාරුවීමයි.

ඔබගේ ‘ඩිල්ස්කූප්’ පහර ගැන ඔබට ආඩම්බරයක් දැනෙනවද? ඒ වගේම ක්ලයිව් ලොයිඩ් ඔබේ පහර අගය කරලා තිබුණා.

ඒ වගේ ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයකුගේ ප්‍රකාශය පිළිබඳව මම නිහතමානීව ආඩම්බර වනවා. ඒ වගේම මම පෞද්ගලිකවම සතුටු වනවා මගේ නමින් ඒ පහර හැඳින්වීම ගැන. මා දන්නා තරමින් ක්‍රීඩකයකුගේ නමින් ක්‍රිකට් පහරක් නම් කළ පළමු වතාව මේ. එය මට පමණක් නොවේ රටටත් ගෞරවයක් ලෙස මා සලකනවා.

ඩිල්ස් කූප් පහරේ ආරම්භය ඇති වුණේ කොහොමද?

ඉන්දීය 20 යි 20 තරගාවලියේදී ලකුණු අතරට එන්න ඕන වුණාම මම පැඩල් ස්වීප් ෂොට් එක ගැහුවා. මේ පහරේ අතුරු ප්‍රතිඵලයක් ලෙස තමයි ඩිල්ස් කූප් පහර බිහිවන්නේ.

ඉන්පස්සෙ මට වැටහුණා මෙය හොඳින් එල්ල කරන්න පුළුවන් කියන එක. ඒ අනුව දිගින් දිගටම කැපවෙලා පුහුණු වුණා. දැන් මට ලොකු විශ්වාසයක් තියෙනවා ඒ පහර නිවැරැදිව එල්ල කරන්න පුළුවන් කියන එක.

මේ පහර දිගටම එල්ල කිරීම නිසා ඉදිරියේදී ඔබ අවදානමකට ලක්වේවිද?

මේ පහර එල්ල කරන්නට ඕන මොන පන්දුවට ද කියලා මට මේ වන විට ඉතා හොඳ විශ්වාසනීයත්වයක් ගොඩ නැගී තිබෙනවා. ඒ වගේම මෙය එල්ල කරන්නේ විකට් රකින්නාගේ හිසට ඉහළින්. සාමාන්‍යයෙන් පිටියේ පන්දු රැකීමේදී මෙතැනට ක්‍රීඩකයෙක් යෙදවීමට අපහසුයි. ඒ නිසා මගේ විශ්වාසනීයත්වය තිබෙන තුරු මේ පහර සාර්ථකව එල්ල කිරීමට මට හැකිවේවි යැයි සිතනවා.

ඩිල්ස් කූප් පහර දැන් අනෙත් ක්‍රීඩකයින් අතරත් ජනපි‍්‍රයයි.

ඇත්තෙන්ම දැන් මේ පහර ගහන්න තවත් බොහෝ ක්‍රීඩකයින් උත්සාහ කරනවා. සමහර වෙලාවට මාත් සමඟ මේ පහර එල්ල කිරීම ගැන කතා කරන අවස්ථාත් තිබෙනවා. ක්‍රීඩකයකුට මේ වගේ අලුත් පහරවල් තුළින් ලකුණු අතරට එන්න පුළුවන්. එය ඇත්තෙන්ම හොඳ දෙයක්.

මේ ගැන ලැබෙන ප්‍රතිචාර ගැනත් කියන්න.

ප්‍රතිචාර නම් ගොඩක් ලැබෙනවා. මගේ දැන් බිරිඳ මංජුලා ‘ඩිල්ස්කූප්’ එකට හරිම කැමතියි. ඇය හැම තිස්සෙම මාව දිරිමත් කරනවා.

විශේෂ දෙයක් කියන්න ඕන මම මේ මෑතකාලයේදී ලැබූ ජයග්‍රහණ පිටුපස්සේ ඉන්නේ ඇයයි. ඇය රඟපෑමෙන්, ව්‍යාපාරවලින් ඉවත්වෙලා මගේ ක්‍රීඩා ජීවිතය දියුණු කරගන්න අවශ්‍ය හැම සහයෝගයක්ම දෙනවා.

ඔබ සම්මානයට ලක්වීම පිළිබඳව ස්තූති කරන්නේ කාටද?

මම ඒ ගැන විශේෂයෙන් ස්තූති කරන්නෙ මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ට. මාව පි‍්‍රය කරන මගේ ක්‍රීඩා ලෝලීන්ට. People’s Award කියන්නේ ජනතාව අතරේ ඉන්න ක්‍රීඩකයා කියන එකයි. එයින් අදහස් කරන්නේ මට ජනතාවගේ ආශීර්වාදය හැම තිස්සෙම තිබෙන බවයි. මෙය මට ඉදිරියට යන්න තවත් ධෛර්යයක්. ශක්තියක්.

ඔබේ පිතිකරු ස්ථානයේ වෙනස ගැන කතා කළොත්.

මම ගොඩක් වාසනාවන්තයි සනත් ජයසූරිය වැනි ප්‍රවීණ ක්‍රීඩකයා සමඟ ඉනිම ආරම්භ කරන්න ලැබීම. දැනට ලෝකයේ සිටින ප්‍රහාරාත්මකම, වැඩිම එක්දින තරග ගණනක් ක්‍රීඩා කරලා අත්දැකීම් ඇති සනත් අයියා එක්ක පිටියට ගිය විට මට පුදුම ශක්තියක් ඇති වුණා. ඔහු මට ඔහුගේ අත්දැකීම් තුළින් ලබාදුන් උපදෙස් මගේ සාර්ථකත්වයට බලපාන්න ඇති.

අනෙත් කරුණ තමයි ඔහු අනෙක් අන්තයේ ඉන්න විට මට බයක් නැතිව පහරවල් එල්ල කරන්න ශක්තිය ආවා. මට මා ගැනම විශ්වාසයක් ඇති වුණා. ඒ අතින් මම හරිම වාසනාවන්තයි කියල කියන්න ඕන.

ඔබට කණ්ඩායමෙන් ලැබෙන ප්‍රතිචාර.

දැනට ටෙස්ට් කණ්ඩායමේ ඉන්න ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයින් වන්නේ මහේල, මුරලි, සංගා සහ මම. මට මේ අයගෙන් උපරිම සහායක් ලැබෙනවා. අපි හතර දෙනා දැන් අවුරුදු 10 කට වැඩි කාලයක් එකට ක්‍රීඩා කරනවා. ඉතින් අපි තරගයකට ගියහම අපේ අත්දැකීම් එකතු කරල කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යන්න තමයි උත්සාහ කරන්නෙ. සංගා තවම නායකත්වයට අලුත්. ඒ නිසා අපි ඔහුට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා.

තවත් විශේෂ දෙයක් කියන්න ඕන. මෙතෙක් අපි ඉතාමත් සහයෝගයෙන් ක්‍රීඩා කළා. ඉතින් අපේ වගකීම වන්නේ අලුතෙන් කණ්ඩායමට එන අය දිරිමත් කරලා ඔවුන්ගේ උපරිම දක්‍ෂතාව අරගෙන කණ්ඩායම ජයග්‍රහණය කරවීම.

එහිදී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයින් සහ නවකයින් අතර ලොකු පරතරයක් නැහැ කියල පෙන්වන්න ඕන. ඔක්කොම එකට වැඩ කළොත් ඉදිරියට එන තරගවලට සාර්ථකව මුහුණ දීලා ජයග්‍රහණ ලබන්න පුළුවන් බව ඔවුන්ට ඒත්තු ගන්වන්න ඕන. ඒ තුළින් රට ජයග්‍රහණය කරවීම අපේ වගකීම.

ජ්‍යෙෂ්ඨත්වය අනුව අනාගතයේදී නායකත්වය පිළිබඳව බලාපොරොත්තුවක් නැද්ද?

මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ නායකත්වය ගැන. මගේ එකම ඉලක්කය හොඳින් ක්‍රීඩා කරල ඒ තුළින් කණ්ඩායමේ ශක්තිය වැඩි කර ජයග්‍රහණ ලබන්නයි.

මගේ දක්‍ෂතා රට වෙනුවෙන් වැය කරලා ඒ ලබන ජයග්‍රහණ තුළින් මට අවංකවම සතුටු විය හැකියි.

ඔබේ පෞද්ගලික තොරතුරු ටිකකුත් කියන්න.

මගේ පියා ජුනයිඩීන්. මව නන්දනී. මගේ මල්ලි සම්පත් බදුරලිය ක්‍රීඩා සමාජයට ක්‍රිකට් ක්‍රීඩා කරනවා. අචිනී, ආශා සහ කුමාරි මගේ නංගිලා තුන්දෙනා. මම ඉපදුණේ කළුතර. පාසල් ගියේ කළුතර විද්‍යාලයට. පවුලේ අයගෙන් මගේ ක්‍රීඩා ජීවිතයට ලැබුණේ වචනයෙන් කියන්න බැරි සහයෝගයක්.

මගේ බිරිඳ මංජුලා තිළිණි. පුතා රෙසඳු වයස අවුරුදු 7 යි. දුව රිසිඳි වයස අවුරුද්දයි. මේ අය තමයි දැන් මගේ ලෝකය.