Showing posts with label Upeksha Swarnamali. Show all posts
Showing posts with label Upeksha Swarnamali. Show all posts
Thursday, February 24, 2011
Paba needs a plastic surgery
By:
Last Man
On: 10:28 AM
යෝජිත සැත්කම අද (පෙබ. 23) සිදු කෙරෙනු ඇතැයි ද එම ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
Friday, October 1, 2010
Wednesday, September 8, 2010
Upeksha Swarnamali supports Amendment
By:
Last Man
On: 12:09 AM
Gampaha District United National Party MP and actress Upeksha Swarnamali popularly known as 'Pabha' expressed her support to the government on the 18th Amendment to the constitution a short while ago. Meanwhile Nuwara Eliya District UNP MP and former journalist J. Shree Ranga and Kurunegala District MP Nilwala Wijesinghe also have decided to extend their support to the 18th Amendment. All these three Opposition MPs were elected to the Parliament after contesting the last General Election under UNP ticket.
Thursday, August 26, 2010
Saturday, July 31, 2010
තනිකඩ ජීවිතය වැඩිය හොඳයි - PABA
By:
Last Man
On: 6:47 AM
තනිකඩ ජීවිතය වැඩිය හොඳයි කියලා හිතෙන අවස්ථාත් තියෙනවා
(උපේක්ෂා ස්වර්ණමාලි ජනප්‍රිය ටෙලි නාට්‍ය ශිල්පිණියක,රංගන ශිල්පියක මෙන්ම අද වන විට ක්‍රියාකාරී දේශපාලනයක නියැලෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකද වෙයි.මෙවර ආලින්දයට ගොඩවදින්නේ ඇයයි.. )
*උපේක්ෂා, දේශපාලන වැඩ කටයුතු නිසා ඔබ කලා කටයුතු වලින් ඈත්වෙලාද?
ටිකක් විතර කලා කටයුත් වලින් ඈත්වෙලා ඉන්නේ.
*ඉදිරියේදී කලාව පැත්තෙන් මොනවගේ වැඩ කටයුතුද යෙදිලා තියෙන්නේ?
මේ දවස් වල මෙගා ස්ටාර් තරගය සහ සිටි ඔෆ් ඩාන්ස් වැඩ සටහන් වලට සහභාගි වෙනවා. ඒ වගේම ඉදිරියේදී අගෝස්තු මාසයේදී අලුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉස්සරහට බලමු.
*ඔබ ඉදිරියේදී ඔබේ වැඩි අවධානය ලබාදෙන්න බලාපොරොත්තු වෙන්නේ කලා කටයුතු වලටද? එහෙමත් නැත්නම් දේශපාලන වැඩ කටයුතු වලටද?
දේශපාලන වැට කටයුතු වලට. අඩුතරමේ ඉදිරි වසර 5 තුළවත් වැඩි අවධානය දේශපාලනයට යොමුකරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් විදිහට වගකීම් රාශියක් තිබෙනවා. ඒ වගේම ඒ සඳහා ලොකු කාලයක් වැය කිරීමත් අවශ්‍යයි. කලාවට වැඩි නැඹුරුවක් දුන්නොත් දේශපාලනය වෙනුවෙන් වැයකිරීමට වැඩි කාලයක් නැති වෙන නිසයි මම තරමක් කලාවෙන් ඈත්වෙලා ඉන්නේ.
*ඔබේ වෘත්තීය වැඩ කටයුතු වලට ඔබේ සැමියාගෙන් ලැබෙන සහයෝගය ගැනත් කතාකළොත්?
විශාල සහයෝගයක් ලැබෙනවා. ඔහුගේ සහයෝගය නැත්නම් මට මේ වැඩ කටයුතු කරගෙන යන්න වෙන්නේ නෑ. මම දේශපාලනයට පිවිසුනෙත් මගේ ස්වාමි පුරුෂයාගේ කැමැත්ත නිසයි. මම එක්සත් ජාතික පක්ෂයට ඡන්දේ දුන්නට ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමේ බලාපොරොත්තුවක් තිබුණේ නෑ. මගේ සැමියාගේ ශක්තිය මතයි මම දේශපාලනයට පිවිසුණේ. කලා කටයුතු වලදීත් ඔහු මාව හුඟක් අගය කරනවා.
*උපේක්ෂා, ඒ අතරම ඔබේ ප්‍රේක්ෂකයෝ කැමති වේවි ඔබේ ආදර කතාව ගැනත්, ඒ වගේම ඔබේ සැමියා ගැනත් වැඩි විස්තර දැනගන්න?
මගේ මුල්ම ටෙලි නාට්‍යයට ඔහුටත් ආරාධනා ලැබිලා තිබුණා. නමුත් ඔහු කලාව තුළ වැඩ කරගෙන යන පිළිවෙළට ඔහු තරමක් අකමැතියි. කලා කටයුතු කරගෙන යන්න ගොඩක් ඉවසීම තිබිය යුතුයි. ඒ අකමැත්ත නිසා ඔහු අයින් වුණා. මම දිගටම කරගෙන ගියා. අපි මුණ ගැහුණේ එහිදී. ඒ ඇතිවුණ ගැටුම ගැන සාකච්ඡා කරන්නයි අපේ දුක බෙදාගන්නයි පටන්ගත්තම අපි අතර ආදරයක් ගොඩ නැගුණා. දැන් අපි විවාහ වෙලා සතුටින් ඉන්නවා. තනිකඩ ජීවිතය වැඩිය හොඳයි කියලා හිතෙන අවස්ථාත් තියෙනවා. ප්‍රශ්න නැති ජීවිතයක් කාටවත් නෑ. දුක්බර අවස්ථා වලදී එහෙම හිතෙනවා. නමුත් එය තාවකාලිකයි.
*අපේ සංස්කෘතිය තුළ තිබෙන යම් යම් වටිනාකම් නිසා විවාහය කියන සාධකයත් සමග වෘත්තීය ලෙස ඕනෑම ක්ෂේත්‍රයක නිරතවන කාන්තාවන්ට ඒ වෘත්තීය තුළ යම් සීමා පැනවෙනවා. එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර 2ක නිරතවන කාන්තාවක් විදිහට ඔබ මේ දකින්නේ කොහොමද?
මම රංගනයට පිවිසෙන විටත් මම මටම යම් යම් සීමා පනවාගෙන තිබුණා. මගේ ස්වාමි පුරුෂයා නිසා මට ඒ තුළින් ලොකු වෙනසක් වුණේ නෑ. අපේ අදහස් ඒ අතින් ගැළපෙනවා. ඔහු මට අවශ්‍ය නිදහස ලබාදුන්නා. මම සීමා පනවාගත්තෙත් මගේ ආත්ම ගරුත්වය ගැන හිතලා.
*සාමාන්‍යයෙන් රංගන ශිල්පිණියක් විදිහට ඔබ කිසියම් චරිතයක් තෝරාගැනීමේදී තෝරාබේරාගැනීමක් කරනවද? එහෙමත් නැත්නම් දර්ශන වලට පෙනීසිටීමේදී හෝ ඇඳුම් විලාසිතා වලදී යම් සීමා පැනවීමක් කරනවද?
එක් අවස්ථාවක මම බටහිර ඇඳුමකින් සැරසිලා එක්තරා ඡායාරූප දර්ශන කිහිපයකට පෙනී සිටියා. ඒ සඳහා මට ජනතාවගෙන් ලැබුණු ප්‍රතිචාර නිසා මම තීරණය කළා මම නැවත එවැනි අපේ සංස්කෘතියට පටහැනි දර්ශන වලට පෙනීසිටින්නේ නෑ කියලා. විනයක් ඇතිව මම මේ වෘත්තිය කළොත් මට සාර්ථකත්වයක් ලබන්න පුළුවන්. විනයක් නැති දේවල් කරලා මට තිබුණ ආදරය අහිමි කරගන්න, ආත්ම ගරුත්වයට හානියක් කරගන්න තිබුණ අකමැත්ත නිසයි මම එවැනි සීමාවක් පනවා ගත්තේ.
*උපේක්ෂා, ක්ෂේත්‍ර 2ක නියැලෙන කෙනෙක් විදිහට විවේක කාලයක් හොයාගන්න එක නම් ටිකක් අමාරු ඇති. නමුත් ඔබට යම් විවේක කාලයක් ලැබුණොත් ඔබ ඒ විවේකය ගතකරන්න කැමති මොන විදිහටද?
සැහැල්ලුවෙන් ගෙදරට වෙලා ඉන්න කැමතියි. ගෙදර තරම් දිව්‍ය ලෝකයක් මේ ලොකේ කොහේවත් නෑ.
*දේශපාලනය වගේම කලාව කියන ක්ෂේත්‍ර 2 ක තුළින් ඔබ හිතන විදිහට ඔබට වැඩිපුර ජනතාව අතරට යාමේ අවස්ථාව ලැබුණේ මොන ක්ෂේත්‍රය හරහාද?
කලා ක්ෂේත්‍රයෙන්. දේශපාලනයේදී ආදරයක් දිනාගන්න අමාරුයි. කලා ක්ෂේත්‍රය තුළ පමණයි මම හිතන විදිහට ඒ ආදරය දිනාගන්න පුළුවන්.
*උපේක්ෂා, අනිවාර්යයෙන්ම ඕනෑම රටක ඕනෑම ක්ෂේත්‍රයකින් ජනතාව අතර ජනප්‍රියත්වයක් ලබාගන්නා පුද්ගලයින්ට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව විවිධ කටකතා වලට ලක්වීමට සිදුවෙනවා. කාන්තා පාර්ශවයට ඒ තත්ත්වය තරමක් වැඩියි. කටකතා සම්බන්ධයෙන් ඔබේ අත්දැකීම් මොනවගේද?
කටකතා හැදිලා තියෙනවා. සමහර දේවල් අමූලික බොරු. සමහර දේවල් වල යම් තාක් ඇත්ත තිබුණත් පුංචි දේවල් ලොකු කරලා පෙන්නනවා. ඒ වගේ බොහෝ දේවල් තියෙනවා. මුල් කාලේ හුඟක් සැලුණා. දුක් වුණා. පසුව ඒ දේවල් වල තාවකාලික බව තේරුණා. දේශපාලනය තුළ ඒ තත්ත්වය දරුණුයි. ඒ සඳහා ඔරොත්තු දීමට පුරුදු වෙනවා.
*කලාව හෝ දේශපාලනය කියන ක්ෂේත්‍ර තුළ රැඳිසිටීම තුළින් ඔබ ඉටුකරගැනීමට බලාපොරොත්තුවන අරමුණු මොනවගේද?
දේශපාලනය බලාපොරොත්තුව නම් ළමා හා කාන්තා පාර්ශවය පැත්තෙන් හැකි උපරිමය කරන්න. කලාව පැත්තෙන් නම් හොඳ නිර්මාණයක් කළොත් ඊට උපරිම සාධාරණය කිරීමයි බලාපොරොත්තුව.
HARD TALK *ඔබ හිතන විදිහට වඩාත් සාර්ථක රංගන ශිල්පිණියක් විදිහට ද නැතිනම් දේශපාලන ක්‍රියාකාරිණියක් විදිහටද?
රංගන ශිල්පිණියක්.
*ජ්‍යොතිෂය විශ්වාස කරනවද?
නැහැ.
*යම් අවස්ථාවක ඔබේ සැමියා ඉල්ලීමක් කළොත් රංගනය හෝ දේශපාලනය කියන ක්ෂේත්‍ර 2න් එක් ක්ෂේත්‍රයක් අතහරින්න කියලා. ඔබ අතහරින්නේ කුමන ක්ෂේත්‍රයද?
කලා ක්ෂේත්‍රය.
*රංගන ශිල්පිණියක් ලෙස ඔබ බලාපොරොත්තු වෙන්නේ මුදල් ඉපයීමද? ජනප්‍රියත්වයද?
ජනප්‍රියත්වය.
*රංගන ශිල්පිණියකට වඩා වැදගත් රූපයද? හැකියාවද?
හැකියාව.
*ඔබ හිතන විදිහට ආදරය විවාහයෙන් කෙළවර විය යුතුද?
ඔව්.
Tuesday, July 27, 2010
Wednesday, July 21, 2010
Thursday, July 8, 2010
Tuesday, June 15, 2010
Sunday, June 13, 2010
Thursday, June 10, 2010
Thursday, June 3, 2010
Monday, May 31, 2010
Wednesday, May 26, 2010
Subscribe to:
Posts (Atom)


