Thursday, September 10, 2009

දරුවන්ට මම හරිම ආදරෙයි ඒ වගේම හරි ආසයි

By: Last Man On: 1:16 AM


සංගීතා තම සොයුරියගේ
දියණිය තරුෂි සමග

මෙවර නවලිය කවරය සරසන්නේ අපි බොහොම ආදරය
කරන සංගීතාගේ සහ ඇගේ දයාබර සැමියා රොෂාන්තගේ පින්තූරයකින්.

පසුගිය දවස්‌වල සංගීතා, ෂෙරීන්, සුදර්මා එකතුවෙලා පිහිටුවා ගත්ත S -3 සංවිධානයෙන් පැවැත්වූ රූකාන්ත - චන්ද්‍රලේඛා ප්‍රසංගය නිසා කාර්යබහුල ජීවිතයක්‌ ගතකළ සංගීතා මේ දවස්‌වල ටිකක්‌ නිවාඩු පාඩුවේ ඉන්න අතරවාරයේ ඇගේ සොඳුරු කැදැල්ල තුළදී කතාබහකට එකතු කරගන්න අපට හැකියාව ලැබුණා.

සංගීතා මේ දවස්‌වල මොනවද කරන විශේෂ වැඩ කටයුතු...

මේ දවස්‌වල අපේ S-3 සංවිධානයෙන් පැවැත්වූ රූකාන්ත - චන්ද්‍රලේඛා ප්‍රසංගයේ අවසන් කළ යුතු වැඩ ටික කරගෙන යනවා.

ඒ වගේම ඊළඟට අපි නිරෝෂා විරාජිනිගේ ප්‍රසංගයක්‌ පවත්වන්න ඉදිරි කටයුතු සැළසුම් කරගෙන යනවා. ඒ ප්‍රසංගය ලබන නොවැම්බරයේ පවත්වන්න තමයි අපි සූදානම් වෙන්නේ.

තවත් "කොලු" කියලා ඉංග්‍රීසි නාට්‍යය කරන කෙනෙක්‌ ඉන්නවා. ඔහුගේ සිංහල නාට්‍යයක්‌ කරන්න අපි සූදානම් වෙනවා.

චිත්‍රපටවලට එහෙම ළඟදී සම්බන්ධ වුණේ නැද්ද?

දිනේෂ් ප්‍රියසාද් ආරාධනා කළා ඔහුගේ අලුත්ම චිත්‍රපටයට . ඒකේ තිර රචනය මට ලැබිලා තියෙනවා. ඔක්‌තෝබර් මාසයේදී ෂූටිං පටන් ගන්න නියමිතයි.

නවක අධ්‍යක්‍ෂවරයෙක්‌ ඔහුගේ පළමු සිනමා නිර්මාණයට එකතු වෙන්න කියලා මට කතා කළා. තවම ඒ කටයුතු සාකච්ඡා මට්‌ටමේ පවතිනවා.

පසුගිය කාලයේ මට චිත්‍රපට කිහිපයකට ආරාධනා ලැබුණා. නමුත් ඒ චිත්‍රපටවල මට කරන්න දෙයක්‌ නැති අවස්‌ථා තිබුණා. ඒ කියන්නේ පිටපත කියෙව්වාම තේරුණා තවත් එක්‌ චරිතයක්‌ විතරයි කියලා. කරන්නන් වාලේ මගේ චිත්‍රපට ගොන්නට තවත් චිත්‍රපටයක්‌ එකතු කර ගැනීමේ ආශාවක්‌ මට නැහැ. මට ආශාව තියෙන්නේ හොඳ දෙයක්‌ හරි විදිහට කරන්නයි. නැත්නම් විනෝදාත්මක චිත්‍රපටයක්‌ වෙන්න ඕන. ඒ තැන ඉඳලා මට ගොඩාක්‌ චිත්‍රපට ප්‍රතික්‌ෂේප කරන්න සිද්ධ වුණා.

නමුත් වෙනස්‌ ආකාරයේ චිත්‍රපටයක්‌ වූ බූඩිගේ චිත්‍රපටය කළා. ඒක ලබන අවුරුද්දේ තිරගත වේවි.

චරිත තෝරා බේරා ගැනීමේදී මොනවගේ දේවල් ගැන ද සංගීතා සැලකිලිමත් වෙන්නේ.

මෙහෙමයි මම අවුරුදු දහසයේදී විතර සිනමාවට ඇවිල්ලා එතන ඉඳලා අවුරුදු විසිපහ, විසිහය විතර වෙනකම් බොළඳ පෙම්වතියගේ චරිත, නැටුම්, ගැයුම් මම කළා. නමුත් අපි වයසෙන් මුහුකුqරා ගිහිල්ලා විශේෂයෙන් ශ්‍රී ලාංකිකයන් විදිහට හිතන කොට අපි සමාජයට වැදගත් වන පණිවුඩයක්‌ දිය හැකි මට්‌ටමේ චරිත කළ යුතුයි කියන තැනට එනවා. මම දැන් හිතන්නේ මට සමාජය වෙනුවෙන් ඉටු කළයුතු වගකීමක්‌ තියෙනවා කියලා. තවත් දෙයක්‌ අද තරුණ පෙම්වතියගේ චරිතය රඟපාන්න තරුණ පරපුරක්‌ සිනමාවට ඇවිල්ලත් ඉන්නවානේ. ඒ නිසා චරිත තෝරා ගැනීමේදී පිටපත , අධ්‍යක්‍ෂවරයා වගේම වයසට ගැළපෙන චරිත තෝරා ගන්නත් මම සැලකිලිමත් වෙනවා.

ගෙදර වැඩ කටයුතුවලට සංගීතාගෙන් ලැබෙන්නේ මොනවගේ දායකත්වයක්‌ද?

ගෙදර උයන පිහන ඒවා, අස්‌ පස්‌ කරන ඒවා මම කරනවා හරි අඩුයි. වෙන්න ඕන දේවල් බලලා කරවන්න හැකියාව තමයි මට තියෙන්නේ. ගෙදර පරිපාලනය කෙරෙන්නේ මගේ අතින්.

රොෂාන්තගෙන් මොන වගේ සහයෝගයක්‌ද ඔබට ලැබෙන්නේ?

රොෂාන්ත බොහොම කාර්යබහුල කෙනෙක්‌. ගෙදර කටයුතු තනියම කරගෙන යන්න මට ශක්‌තියක්‌ තියෙනවා. මම හිතන්නේ නැහැ රොෂාන්ත ඔෆිස්‌ එකේ වැඩ කරලා මහන්සි වෙලා ගෙදර ඇවිල්ලා එයත් ගෙදර ගැන සොයන්න ඕන කියලා. අවශ්‍ය දේවල් සපයනවා ඇරෙන්න ගෙදර පරිපාලන කටයුතු කරගෙන යන්න රොෂාන්ගෙන් උදව්වක්‌ ගන්න අවශ්‍යතාවයක්‌ මෙතෙක්‌ මට ඇතිවෙලා නැහැ.

මම චිත්‍රපටයක ෂූටිං ගියාම වුණත් මම මගේ කටයුතු ඉවර කරලා මම ම එයාට කෝල් කරනකං කොතනද ඉන්නේ කියමින් කරදරයක්‌වත් එයා කරන්නේ නැහැ. මමත් ඔහුට ඔහුගේ වැඩකටයුතු බාධාවකින් තොරව කරගෙන යන්න අවශ්‍ය පසුබිම නිතරම සලසා දෙනවා.

පානදුරේ ගෙවුනු මගේ පොඩි කාලේ ගත්තත් මට මතකයක්‌ නැහැ මගේ තාත්තා ඇවිල්ලා ගෙදර වැඩවලට උදව් කරනවා. අපේ වැඩ, ගෙදර හැම වැඩක්‌ම කළේ මගේ අම්මා. අම්මා ඒ හැමදෙයක්‌ම හරිම ආශාවෙන් කරනවත් මම දැකලා තිබ්බා. ඒ නිසා මම හිතන්නෙත් ඒ විදිහටයි.

උප්පලවන්නා චිත්‍රපටය වෙනුවෙන් බූ ගෑ කොණ්‌ඩය වැවෙන්න මොනවද විශේෂයෙන් කලේ...

නොකළ දෙයක්‌ නැති තරම්. මුල් දවස්‌වල ඇස්‌ දෙක පියාගෙන කරවිල කෑවා. ගොටු කොළ, ගම්වල හැදෙන පලා වර්ග එහෙම කෑම වේලට එකතු කරගත්තා. අන්තිමට කෝමාරිකා ඔලුවෙත් ගෑවා.

මම අදටත් උප්පලවන්නා චිත්‍රපටය කළ මිලීනා සුමතිපාල මහත්මිය හමුවුණාම කියන්නේ ආන්ටි කොණ්‌ඩේ වවාගන්න මෙච්චර අමාරුයි කියලා දන්නවා නම් කොණ්‌ඩේ බූ ගාන්න ඉස්‌සර වෙලා දෙපාරක්‌ හිතනවා කියලා. කොණ්‌ඩේ මේ තරමට හරි වැවෙන්න අවුරුදු දෙකහමාරක්‌ ගියා.

නිවාඩුවක්‌ එහෙම ලැබුණාම ලංකාවේ ඇවිදින්න යන්න කැමති කොහේද?

නුවරඑළියේ තමයි. අපි සාමාන්‍යයෙන් අප්‍රේල්වලට තමයි නුවරඑළියේ යන්න බලන්නේ. නැත්නම් අගෝස්‌තුවල එහෙමත් යනවා. රොෂාන්ගේ පවුලේ නෑදෑයෝ හතර දෙනෙක්‌ ඉන්නවා පවුලේ සියලුදෙනාම එකතුවෙලා තමයි අපි විනෝද ගමන් යන්නේ. නැත්නම් අපි බොහෝ වෙලාවට කතරගම යනවා.

"සියත" පවුලට නව රූපවාහිනී නාලිකාව ඉතාම ළඟදී එකතු වෙන බව ආරංචියි. මේ ආරංචිය ඇත්තක්‌ද?

ඔව්. ආරංචිය ඇත්තක්‌. මම නෙමෙයි ඒ වැඩකටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නේ., රොෂාන්ත. මේ වෙනකොට රොෂාන්ත එක්‌ක හොඳ පිරිසක්‌ එකතුවෙලා ඉන්නවා. ඔවුන් කැපවෙලා ඉන්නේ සාර්ථකව අලුත් දෙයක්‌ කරන්න. අපි පටන් ගන්න සියත රූපවාහිනිය රාත්‍රියේ විකාශනයක්‌ පමණයි. රාත්‍රී 11.00 ට වැඩසටහන් නිමා කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ.

සංගීතා, රොෂාන්ගේ කැදැල්ලට අලූත් අමුත්තෙක්‌ එක්‌කරගෙන එන්න ඕන කියලා හිතන්නේ නැද්ද?

මෙහෙමයි මම හිතනවා හැමදේම ලැබෙන විදිහට තමයි. දරුවන්ට මම හරිම ආසයි. ඒ වගේම ගොඩක්‌ ආදරෙයි. අපේ කැදැල්ලටත් අලුත් අමුත්තෙක්‌ එනකම් අපි දෙන්නම බලාගෙන ඉන්නවා.

හරින්දි ලියනගේ
පින්තූර - කමල් වන්නආරච්චි

Sangeetha made her debut in to the silver screen through her father, who had numerous connections with people in the cinema industry. She had the rare fortune of mingling with some of the popular stars of the time, such as Malini Fonseka, Vijaya Kumaratunga, Gamini Fonseka and Roy De Silva.[3]

She was only a teenager, when director Roy De Silva got a glimpse of her talent and encouraged her to join films.

In 2001, Weeraratne won the Sarasaviya Best Actress Award for her role as Guneris's wife in Aswesuma directed by Bennet Ratnayake. She was also crowned the Sarasaviya Most Popular Actress for three consecutive years from 2001-2003.

Some films where she played memorable roles include Saptha Kanya, Nomiyena Minisun, Maruthaya, Duwata Mawaka Misa, Dorakada Marawa, Kinihiriya Mal, Aswesuma, Salelu Warama and Dheewari.

She launched her first production with the film, Sewwandi directed by Vasantha Obeysekara in 2006.

Her latest film is Uppalawanna directed by Prof. Sunil Ariyaratne, where she plays the role of 'Upuli' and later the bhikkhuni, 'Uppalawanna'.

Tuesday, September 8, 2009

‘මා කලාව සහ දේශපාලනය පටලවා ගන්නේ නැහැ’ - සුසන්තා චන්ද්‍රමාලි

By: Last Man On: 9:43 AM

(කොළඹ, ලංකාපුවත්, සැප්තැම්බර් 08) – ප්‍රතිපත්ති සහිත පක්‍ෂයක ජයග්‍රහණයට තමන් උරදෙන බව දකුණු පළාත් සභාව වෙනුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ බිමට පිවිස සිටින සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය සඳහන් කරයි.

ඇය සඳහන් කරනුයේ දේශපාලන වේදිකාවට තමන් ආගන්තුක වුවත් සමාජයේ එදිනෙදා රට තොට සිදුවන දේ පිළිබඳ සංවේදි මනසකින් තමන් කුඩා අවධියේ සිටම කටයුතු කළ බවයි. දේශපාලන වේදිකාවලට නොනැග්ගාට තමන් උපන් හැදී වැඩුණු මුල්කිරිගල මැතිවරණ කොට්ඨාසයේ දේශපාලන ක්‍රියාකාරින් සමඟ ස්වකීය දේශපාලනය නිසොල්මනේ සිද්ධ වුණු බව චන්ද්‍රමාලි මහත්මිය පවසයි.

තමන්ව ජනතාව දැනගනු ලැබුවේ රංගන ශිල්පිණියක් ලෙසට බවත් ඒ අනුව කලාව යනු තමන්ගේ ආත්මීය ප්‍රකාශන මාධ්‍යය බවට කිසිදු වාදයක් නැති බවත් අැය කීය.

නමුත් අප රටේත් ඉන්දියාව වැනි රටවලත් කලාකරුවන් ඕනෑ තරමක් දේශපාලනයට පිවිස සිටින බව පෙන්වා දෙන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය කියා සිටියේ කලාව සහ දේශපාලනය පටලවා නොගෙන මෙහෙයවීමට තමන්ට හැකි බවයි.

මෙය නුපුරුදු ක්ෂේත්‍රයකින් තමන් වෙත පැමිණි අභියෝගයක් බව තමන් පිළිගන්නා බවත් නමුත් හෘදසාක්‍ෂියට එකඟවූ බොහෝමයක් ප්‍රතිපත්ති සහිත පක්‍ෂයක අත්දැකීම් බහුල ප්‍රවීණ දේශපාලනඥයින්ගෙන් ගුරුහරුකම් ලැබෙන බැවින් එම අභියෝගය භාර ගැනීම එතරම් ගැටලුවක් නොවන බවද ඇය පෙන්වා දෙයි.

Actresses Anarkali Akarsha & Susantha Chandramali to contest Southern Provincial council election, says UPFA General Secretary-JNW Sri Lanka Politics


Monday, September 7, 2009

අනර්කලී සහ සුසන්තා චන්ද්‍රමාලි රඟන චිත්‍රපට සහ ටෙලිනාට්‍ය

By: Last Man On: 8:40 AM
දකුණේ මැතිවරණය අවසන් වන තෙක්‌ අනර්කලී සහ සුසන්තා චන්ද්‍රමාලි රඟන චිත්‍රපට සහ ටෙලිනාට්‍ය ප්‍රදර්ශනය නවතන්න එජාපය මැතිවරණ කොමසාරිස්‌ගෙන් ඉල්ලීමට යයි



දකුණු පළාත් සභාවට තරග කරන අනර්කලී සහ සුසන්තා චන්ද්‍රමාලි රඟපාන ටෙලි නාට්‍ය චිත්‍රපට මැතිවරණය අවසන් වනතුරු ප්‍රදර්ශනය කිරීම නතර කරන ලෙස මැතිවරණ කොමසාරිස්‌ දයානන්ද දිශානායක මහතාගෙන් ඉල්ලා සිටීමට තීරණය කළ බව එක්‌සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා "දිවයින" ට පැවැසීය.

අනර්කලී රඟපාන ටෙලිනාට්‍ය මේ දිනවල රූපවාහිනියෙන් දිගට හරහට විකාශනය කරන අතර ඒ තුළින් ඇයට අනවශ්‍ය ප්‍රචාරයක්‌ දී ඇති බව ද අත්තනායක මහතා කීවේය.

මෙම නීතිය කාටත් එක සමානව බලපෑ යුතු බවත් රන්ජන් රාමනායක මහතා සබරගමුව මැතිවරණයට ඉදිරිපත් වූ මොහොතේ ඔහු රඟපෑ ටෙලිනාට්‍ය රූපවාහිනියෙන් තහනම් වූ බව ද අත්තනායක මහතා කියා සිටියේය. Divaina

Anarkalli Akarsha Jayatilaka (born July 12, 1987) is a Sri Lankan actress. She started her career at the age of nine starring in cinemascope movies and several TV dramas.Anarkali was born and raised in the capital city of Sri Lanka, Colombo. She is an only child of parents who were both in the film industry. Her ultimate ambition is to become an Ambassador for UNICEF.

Thursday, September 3, 2009

ප්‍රථම වරට ශ්‍රී ලංකානු කාන්තාවකට බොලිවුඩ් නිළි වරම් Jacqueline Fernandez became the first Sri Lankan to play a major role in a Bollywood movie

By: Last Man On: 7:12 AM
ප්‍රථම වරට ශ්‍රී ලංකානු කාන්තාවකට බොලිවුඩ් නිළි වරම් හිමිවේ. ඇය ශ්‍රී ලංකා රූ රැජිණියක වන 'ජැකලින් ෆර්ඩිනෑන්ඩ්ස්' ය. ඇයට රංගනය සඳහා අවස්ථාව ලැබුනේ ඇලඩීන් චිත්‍රපටයේය. මෙහි ජැකලින් අමිතාබච්චන් සමඟ රඟපෑම විශේෂත්වයකි. 'ජැකලින් ෆර්ඩිනෑන්ඩ්ස්' බොලිවූඩ් චිත්‍ර පටයක පරධාන චරිතයක් රඟපෑමය වාසනාව ලැබූ පළමු කාන්තාවයි. 'ජැකලින්' ට ලැබුණු අවස්ථාව ශ්‍රී ලංකාවේ සිනමාවේ ඉදිරි ගමනට ආශිර්වදයකි. - ලංකාArt









Ayesha Takia`s loss is former Miss Sri Lanka Jacqueline Fernandez`s gain. After things did not work out between Ayesha and director Sujoy Ghosh for the director`s new film Aladdin, the two parted ways. Sujoy was looking out for a leading lady for quite some time and finally he zeroed in on Miss Sri Lanka 2006 Jacqueline Fernandez.

This will be Jacqueline Fernandez`s first stint in acting and Aladdin seems to be a really good debut for the lass. Back in Sri Lanka, she was working as an anchorwoman in a business programme called Lanka Business Report and also wrote a weekly column for a top newspaper.

If you recall, a leading film magazine covered reports of Jacqueline Fernandez dating actor Viveik Oberoi. However, that seemed to have died down.

Aladdin stars Amitabh Bachchan playing the genie while Riteish Deshmukh essays the title role. Sanjay Dutt is also a part of this film. Vishal and Shekhar are doing the music.

Wednesday, September 2, 2009

මං හැම දෙයක්ම කරන්නෙ සමන්තගෙන් අහලා - අමිලා නදීෂානී

By: Last Man On: 2:13 PM

අමිලා නදිෂානි සිරස සුපර් ස්ටාර් තරගය නිසාවෙන් ක්ෂේත්‍රයට පැමිණ නොබෝ දිනකින්ම ජනපි‍්‍රයත්වයක් හිමිකර ගත්තා. ඇගේ දක්ෂතාව හා හැකියාව නිසාම පසුගිය කාලයේ චිත්‍රපට පසුබිම් ගීත ගායනයට යොමු වෙන්නට ද ඇයට අවස්ථාව උදා වුණා. ඒ උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ ‘පායා එන්න හිරු සේ’ චිත්‍රපටයේ අමිල පෙරේරා සමඟ යුග ගායනයට එක්වීමෙන්. ඇගේ කලා දිවියේ තවත් සන්ධිස්ථානයක් සටහන් කරමින් රංගනයට යොමු වීමට ද බලාපොරොත්තුවෙන් සිටින බව පසුගියදා අපට දැන ගන්නට ලැබුණා. ඒ නිසාම පසුගිය දිනක අපි අමිලාට කතා කළා අලුත් තොරතුරු දැනගන්නට.

From the album:
Amila by Amila Nadeeshani
Added 31 July


අමිලා රංගනයට සූදානම් වෙනවා කියලා ආරංචියක් ආවා!

ආරාධනා නම් කිහිපයක්ම මීට කලිනුත් ලැබුණා. නමුත් තවම මම කිසිම දේකට සම්බන්ධ වුණේ නෑ. නමුත් හෙට අනිද්දා චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. එතකොට ඒ ගැන විස්තර කියන්නම්.

පහුගිය දිනවල ඔබේ කලා කටයුතු ගැන කතා කළොත්?

මගේ අලුත්ම ගීතය විෂුවල් කළා. නුවරඑළිය තමයි ලොකේෂන් තිබුණේ. ඉදිරි සතියේ ඉඳන්ම සිරස සුපර් ස්ටාර් චාට් එකෙන් ඒ ගීතය දැක ගන්න පුළුවන් වේවි. මගේ අලුත්ම ගීත එකතුව කළේ පසුගිය මාර්තු මාසේ. ඒකටත් හොඳ ප්‍රතිචාර මේ දිනවල ලැබෙමින් පවතිනවා.

දැන් අමිලාගේ පදිංචිය කොහේද?

අපි පැලවත්තේ දියවන්නා ගාර්ඩ්න්වලින් ගෙයක් අරගෙන ස්ථිර පදිංචියට ආවා. ගමේ ගෙදර වහල දාලා තියෙන්නේ. එච්චර දුර ඉඳන් මගේ කලා කටයුතු කරගන්න අපහසු හින්දයි කොළඹ පදිංචියට ආවේ.

ඔබේ රැකියාවේ කටයුතු එක්ක කලා කටයුතු වල යෙදෙන්නේ කොහොම ද?

ඔව් එච්එන්බී ඇෂුවරන්ස් ආයතනයේ මහජන සම්බන්ධතා නිලධාරිනිය විදියට රැකියාවක් ලැබුණා. තාමත් මම එතන රැකියාව කරනවා. මගේ කලා කටයුතු සඳහා ඒ ආයතනයෙනුත් මට ලොකු සහයෝගයක් ලබල දෙනවා. ආයතනයේ ප්‍රවර්ධන කටයුතුවලදී අනිවාර්යයෙන්ම මම සහභාගි වෙනවා.

ඔබේ සැමියා ඔබ නිළියක් වෙනවට කැමැති ද?

දැනටත් මම ගායිකාවක් වෙලානේ ඉන්නේ. මෙතනට එන්නත් එයාගේ සහයෝගය මට නොඅඩුව ලැබුණා. රංගනයට පිවිසෙන එකටත් එයා මට සහයෝගය දක්වයි කියලා මම විශ්වාස කරනවා.

ඔබේ කාර්ය බහුල ජීවිතෙත් එක්ක පවුල් ජීවිතේ කටයුතු කොහොමද කෙරෙන්නෙ.

මම උපරීමයෙන් උත්සාහ කරනවා මගේ යුතුකම් හරියටම ඉෂ්ට කරන්න. දැනටත් අපේ ගෙදර වැඩ සියල්ලම කරන්නේ මම. මෙහෙකාරියෝ මට නෑ. පුතාගේ වැඩයි මහත්තයාගේ වැඩයි මම උපරිමයෙන් කරන්න උත්සාහ කරනවා. සුළු සුළු අතපසුවීම් කාටත් වෙනවනේ.

ඔබේ පුතාගෙ පාසල් කටයුතු?

එයා කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ තුන වසරේ ඉගෙන ගන්නවා.

ඔබ සැමදේම කරන්නේ සැමියා සමඟ සාකච්ඡා කරල ද?

ඔව්. අපි දෙන්නා සාකච්ඡා කරලා තමයි හැම තීරණයක්ම ගන්නේ. ඔහු එපා කියන දෙයක් කරන්නේ නෑ. මෙච්චර කාලෙකට නම් එපා කියලා නෑ. එපා කිවුවොත් කරන්නෙත් නෑ.

ඉස්සර ඔබ දෙදෙනාට සංගීත කණ්ඩායමක් තිබුණ නේද? දැන් ඒක කෝ?

තියනවා දැන් සමන්ත තමයි ඒක කරගෙන යන්නේ. ඒකෙ නම රෝසයිරෝ. තවමත් මම ඒ බෑන්ඩ් එකේ Sing කරනවා.

දැන් සමන්ත එක්ක සින්දු කියන්නේ නැත්ද?

මම නම් කැමැතියි සින්දු කියන්න. ඒ වුණාට එයා දැන් ඒකට පස්ස ගහනවා. නමුත් අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා අලුත් සින්දුවක් කරන්න. ළඟදීම මගෙයි පුතාගෙයි සින්දුවක් නම් රෙකෝඩ් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ දිනවල නන්දන වික්‍රමගේ ඒ ගීතය ලියමින් ඉන්නේ.

ඉදිරියට තව මොනවද කරන්න හිතාගෙන ඉන්නෙ?

ඔක්තෝබර් 07 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ‘අමිලා ඔබේමයි’ නමින් සංගීත ප්‍රසංගයක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රසංගය R & V Criation තමයි සංවිධානය කරන්නේ. ඒ සඳහා මේ දිනවල සූදානම් වෙනවා.

දිය කඩිතිවලින් යනකොට ජෝ අයියා මාව උස්ස ගත්තා - නීටා ප්‍රනාන්දු

By: Last Man On: 2:10 PM

මනහර කඳුවළල්ලකින් වටවුණු මිටියාවතෙහි ගලනා රිදී වන් දිය ඇලිය. ඒ අසල රැඳි යුවළගේ ප්‍රේමාභිරංගනය මනහරය. සිත් ගන්නාසුලුය.

”පැතුව විලස මා එදා
සිතට සතුට දේ සදා|
ආදරේ ඔබේ පුදා|
සනසන්නකෝ සදා”

ගීතයට අනුව රංගනයේ යෙදෙන පෙම්වතිය සැබැවින්ම අවිහිංසකය. දඟකාරය. ලස්සන සාරියකින් සැරසී සිටින ඇය තවත් හැඩවී පෙනෙන්නේ සුළඟට ලෙළෙනා දිගු වරලසෙනි.

”ක්ලික්, ක්ලික්...

කැමරාව ක්‍රියාත්මක විය.

ප්‍රතිභාපූර්ණ දක්ෂ රංගන ශිල්පිනියක් වන නීටා ප්‍රනාන්දු මුල්ම වරට කැමරාවට මුහුණ දුන්නේ එලෙසය. එදා ඒ සුන්දර ගීතමය ජවනිකාවට පෙනී හිටීමේ භාග්‍යය ඇය උදාකර ගත්තේ “සතුටයි කඳුළයි” චිත්‍රපටය ඔස්සේය. ඇයට සහාය වූ නළුවා ජෝ අබේවික්‍රමයි.

චිත්‍රපට අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.එස්.තම්පෝට ‘සතුටයි කඳුළයි’ චිත්‍රපටයේ ගීතයක් රූගත කිරීම සඳහා නවක නිළියක අවශ්‍ය වූයේ එම අවදියේය. තම්පෝ ඇය එසේ සොයාගනු ලැබූයේ ජෙරාඩ් ප්‍රනාන්දු මාර්ගයෙනි. එවකට ඔහු ඇගේ පවුලේ ළඟම ඥාතිවරයෙකි.

1986 වනවිට සිංහල සිනමාවේ මෙන්ම ජාත්‍යන්තර කීර්තිධර නමක් ද අත්පත් කරගනිමින් දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනියක් වීමට තරම් ඒ භාග්‍ය ඇය සපුරාගත්තේ, එදා ඒ ඇයට ලැබුණු පුංචි ඉඩහසරයෙනි. සැබැවින්ම ඇය සිංහල රිදී තිරය ඔපවත් කළා වූ අමරණීය රංගන අත්දැකීම් සම්භාරයක් ම හෙළ සිනමාවට එක්කර ඇති නිළියකි.

එදා තිරයේ රසිකයින් පිනවමින් රිදීතිරයේ පෙම්වතිය ලෙසින් ජනප්‍රියත්වය ලබාගනිමින් මේ වනවිට චිත්‍රපට පනහකටත් වඩා ප්‍රමාණයකට රංගනයෙන් දායකව සිටියි.

පසුකලෙක හොඳම නිළිය ලෙස මෙන්ම අන්තර්ජාතිකව ද සම්මානයට පාත්‍රව කීර්ති නාමයක් දිනා ගත්තද සිය රංගන ජීවිතයේ මුල්ම දවස පිළිබඳ ඇය පිටු පෙරළන්නට වූයේ එදා දැනුණු ඒ පුංචි හද ගැස්ම අදද හද තුළ රුවාගෙනය.

”මට එදා වගේම අදටත් හොඳට මතකයි ඒ අවස්ථාව. එදා ඒ දැනුණු චකිතය, බිය, හදගැස්ම දැනුත් මගේ හිතට දැනෙනවා.

දුහුළු මලක් චිත්‍රපටයෙන්

ඒක එක විදිහක සතුටක්. දැනුණු සතුටට නැගුණු එක විදිහේ කඳුළක්. මම මුලින්ම කැමරාවක් ළඟ නතරවුණේ අර වගේ ලස්සන ගීතමය ජවනිකාවකට රංගනයෙන් දායක වෙලා. මං වගේ ආධුනිකයෙකුට හැකිවුණා ප්‍රතිභාපූර්ණ දැවැන්ත නළුවෙක් එක්ක රඟපාන්න. ඒ මා ගෞරව කළ ජෝ අබේවික්‍රමයන් සමඟ.

එතකොට මම අවුරුදු 17ක පාසල් යන පුංචි කෙල්ලක්. ගස් වටේ දුවමින්, ගීතවලට අනුව ප්‍රේම ජවනිකාවක් රඟපාන්න වීම මට මහා ලැජ්ජාවක් වුණා. චකියත් එක්ක ලොකු බියකින් මා ගැහෙන්න පටන් ගත්තා. විවේක කාලයේදී අපේ මම්මා මාව ළඟට ගන්න කොට, මගේ මුළු ඇඟේම දහඩියෙන් පෙරිලා. ඒක මහා ලොකු අභියෝගයක්.

ඒ ජවනිකාව කීප වතාවක්ම කැමරාවට ගන්න වුණා. ඒ අභියෝගය මා ජයගත්තේ එදා ජෝ අයියා මට උපරිමයෙන් දැක්වූ සහාය, කරුණාව හා ඉවසීම නිසා. එදා ඔහු රගපෑම පිළිබඳ උපදෙස්, අවවාද ලබාදෙමින් මා දිරිමත් කළා. මම අදටත් සතුටු වෙනවා නළුවෙක් වශයෙන් ඔහු මගේ රංගනයට අත්තිවාරමක් ලබාදුන් කෙනෙකු හැටියට. ඒක වාසනාවක්. ඔය ගීත එදා රූපගත කළේ තිමති වීරරත්න.

ඒ අතීතය දැන් මා ඉදිරියේ තවදුරටත් මැවි මැවී පෙනෙනවා වගේ. එදා ඒ රූපගත කිරීමට මට යන්න වුණේ රත්නපුරය ප්‍රදේශයට. මම්මාත් මගේ පස්සෙන්ම හිටියා. ලස්සන සොබා සෞන්දර්යයෙන් අනූන, ඒ ප්‍රදේශය කඳු නිසා තරමක් යාමට දුෂ්කර තත්ත්වයක්. මට මතකයි අර වගේ දියකඩිතිවලින් යන්න වුණාම ජෝ අයියා මාව උස්සගෙන ගිහින් තියෙනවා. මම පුංචි කෙල්ලක් හින්දම. කොයිතරම් චිත්‍රපටවල රඟපෑවත් ඒ මුල්ම සුන්දර අත්දැකීමට මං ගොඩක්ම ආදරෙයි.

ඒ චිත්‍රපටය තිරගත වුණාම මගේ හපන්කම් දැකලා ගොඩක් සතුටට පත්වුණේ මගේ මම්මා. මට ඉන් ක්ෂණිකව ජනප්‍රියත්වයක් ලබා දුන්නා. පාරේ යන්නත් බැරිතරමට. එදා මට නිළියක වීමේ අවස්ථාව ලැබුණු බව පන්තියේ අයට වගේම, කටුනේරිය ගමේ අයට කීවාම, ඒ අය මට හිනාවුණා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ රංගනය හරිම ආධුනිකයි. කිසිම තේරුමක් නෑ කියලා දුන් විදිහට කළා. ඒත් අද වනවිට මට රංගනය පිළිබඳ පූර්ණ අවබෝධයක් තියෙනවා.

ළඳක මහිම චිත්‍රපටයෙන්

ඒ කොහොම වුණත් රංගනයෙන් ඉදිරියට එන්න ඒ අවස්ථාව මට ලොකු පිටුවහලක් වුණා. තම්පෝ නිෂ්පාදනය කළ ඊළඟ චිත්‍රපට දෙකේම (ළඳක මහිම, ළයට ළය) ප්‍රධාන නිළිය විදිහට රඟපාන්නත් මා තෝරාගත්තා.

හරිම සතුටකිනුයි මගේ ඒ රංගන ජීවිතය ගෙවී ගියේ. මේ හැමදේම දෛවෝපගතයි. පවුල් පසුබිමත් කලාවට පිවිසීමට හේතුවුණා. ඒ තුළින් ලැබුණු සුන්දරත්වය, වචනවලට පෙරැළීමට නොහැකියි. අදත් මා මේ ක්ෂේත්‍රයේ නියැලී ඉන්නේ ඒ ආත්ම තෘප්තියත් මේ ක්ෂේත්‍රය ගැන තියෙන ආසාවත් උනන්දුවත් නිසා. ඒ වගේම මේ වගේ දිගු ගමනක් එන්න මට හැකි වුණේ හිත හොඳ මිනිසුන් මා වටා හිටිය නිසා.

ඒත් මා බෙහෙවින්ම කැපකළේ මගේ පවුල් ජීවිතය සාර්ථක කර ගන්නට. ඊලියන්ට හොඳ බිරිඳක් වෙන්න. පාරේ බැහැලා යන්න පුළුවන් විදිහේ තමා මම චරිත වුණත් තෝරාගත්තේ.” ඒත් මගේ සැමියාගේ වියෝවින් පසුව මම අර තරම් රංගනයට කැපවුණේ නෑ.” ඇය පැවසුවාය.

ඔබට මතකද, ‘දුහුළු මලක්’ චිත්‍රපටයේ ඈ කළ රංගනය. ඒ වගේම සූරියකාන්ත, පවුරු වළලු, නිසලගිරි වගේ චිත්‍රපට? ඒ චිත්‍රපට තුළින් ඈ නිෂ්පාදිකාවක් ලෙසද ඉදිරියට පැමිණියාය.

හදවත් නැත්තෝ, රුහුණු කුමාරී, පික්පොකට්, කේසර සිංහයෝ, ගීතා, මාතර ආරච්චි, සුනේත්‍රා, ශාන්ති වැනි ඈ රැඟූ එදා තිරයේ සිතුවම් මොන තරම් ප්‍රේක්ෂකයින්ගේ හදවත් පැහැර ගත්තාද? සැබැවින්ම ඈ පෑ රංගන කෞශල්‍යයන් සදා අමරණීයයි. එය අසත්‍යයක් නොවේ.

අදටත් මම හොඳ නිර්මාණයකට දායකවෙන්න ආසාවෙන් ඉන්නවා. ‘රංගන පිපාසය’ මට කවදාවත් සංසිඳෙන්නේ නෑ. මවක් දරුවෙකුට ආදරය කරන්නේ යම් සේද, එවන් උතුම් ආදරයක් මා තුළ මේ කලාව කෙරේ තියෙන්නේ. ඒ සතුට ජීවිතය පුරාවටම රැඳිලා තියෙනවා.

ජැක්සන්ගේ භූමදානය රාත්‍රී කාලයේ

By: Last Man On: 4:54 AM
2009 සැප්තැම්බර් 06 වෙනි ඉරිදා, 12:41

(කොළඹ, ලංකාපුවත්, සැප්තැම්බර් 06) – මීට මාස දෙකකට පෙර මිය ගිය සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ භූමදාන කටයුතු පසුගිය සැප්තැම්බර් 03වනදා රාත්‍රියේ දී පවුලේ උදවිය ඇතුළු සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුවිය.

ලොස්ඇන්ජලීස්හී ෆොරස්ට් ලෝන් සුසාන භූමියේ දී (Forest Lawn Cemetery) මෙවර සැබෑ ලෙසින්ම ඔහු අවසන් ගමන් ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පොප් රජුන් ලෙසින් සැලකෙන මයිකල් ජැක්සන්ගේ ජීවිතයේ කුමන හෝ අවස්ථාවක යම් කටයුත්තක් සිදු කළහොත් එය ලොව පුරා විදුලි වේගයෙන් ප්‍රසිද්ධ වුවද ඔහුගේ මෙම අවසන් ගමන ඉතාමත් රහසිගතව සිදු කිරීමට පවුලේ උදවිය කටයුතු කර තිබුණි. එහිදී කිසිදු මාධ්‍යයකට එය ආවරණය කිරීම වෙනුවෙන් අවස්ථාව නොලැබීමද විශේෂත්වයකි.

ජැක්සන්ගේ භූමදාන කටයුතු සඳහා ඔහුගේ පවුලේ අය සහ ඥාතින් පැමිණ ඇත්තේ රථ 31කින් සැදුම්ලත් රිය පෙරහැරකිනි.

ජැක්සන්ගේ දරුවන් තිදෙනාත් පවුලේ උදවියත් හැරුණු විට ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ නිළි එලිසබෙත් ටේර්ලර්, ජැක්සන්ගේ හිටපු බිරිඳක් වන ලීසා මාරි පේස්ලි, නළු මැකියුලේ කල්කින්, පූජ්‍ය අල් ෂාප්ටන්, බේස් බෝල් ක්‍රීඩක බැරී බොන්ඩිස් යන අය ඇතුළු තවත් සිමිත පිරිසක් මෙම භූමදාන අවස්ථාවට සහභාගී වී ඇති බවට වාර්තාවේ.

ඉතාමත් ජනප්‍රිය චරිත භූමදානය කරනු ලබන සුසාන භූමියක් ලෙසින් ලොස්ඇන්ජලීස්හී ෆොරස්ට් ලෝන් සුසාන භූමිය (Forest Lawn Cemetery) ප්‍රචලිතය. මෙහි ප්‍රධාන සොහොන් ගැබ පිහිටි භූමියේ ස්මාරක ඉදි නොකෙරෙන බවද වාර්තාවේ. විදෙස් පුවත් වාර්තා කරනුයේ එම භූමිය කෙනෙකුව රහසේ මිහිදන් කිරීමට උචිතම සුසාන භූමියක් ලෙසටය.

මයිකල් ජැක්සන්ගේ මෘත ශරීරය මෙහි වලදමා ඇත්තේ ප්‍රධාන සොහොන් ගැබ් සකස් කර ඇති ස්ථානයේය. එම භූමි ප්‍රදේශය ලියනාඩෝ ඩාවින්චි විසින් ඇද ඇති ‘අන්තිම භෝජන සංග්‍රහය’ චිත්‍රය සහිත විශාල වීදුරුවලින් ආවරණය කර තිබේ. ඒ වටා මයිකල් ඇන්ජලෝ කළ මූර්ති කිහිපයක අනුරූවලින් සරසා ඇත.

වාර්තාවන අකාරායට මෙම භූමි කොටසේ ඉතාමත් සුප්‍රසිද්ධ කළාකරුවන් රැසක් සිය අවසන් නින්දේ සැතපී සිටිති. ඒ අතර ඇමෙරිකාවේ සිටි ජනප්‍රිය නිළියක වුණු ජීන් හාලෝ, ජනප්‍රිය නළුවන් වුණු ස්පෙන්සර් ට්‍රේසි, ක්ලාක් ගේබල් යන අය සැතපී සිටිති.

සුසාන භූමි ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තාවන්නේ ඇති මයිකල් ජැක්සන්ගේ දේහය තැන්පත් කොට ඇති ස්ථානය කුමන හේතුවකටවත් මහජනතාව වෙනුවෙන් විවෘත නොවන බවයි. එමෙන්ම එම කොටසට පිටස්තර අයෙකුට ඇතුළු වීම අතිශයින්ම දුෂ්කරවේ.


------------------------------------------------------------------------------------------------

(කොළඹ, ලංකාපුවත්, සැප්තැම්බර් 02) – කැතරින් ජැක්සන් සිය මිය ගිය පුතුවන මයිකල් ජැක්සන්ගේ දේහය රහසිගත ශීත කාමරයක තැන්පත් කර ඇති බවත් ඇය එය බැලීමට නිතර එහි යන බවටත් තොරතුරු වාර්තාවේ.

විදෙස් මාධ්‍ය වාර්තාකරනුයේ දැනට ජැක්සන්ගේ දේහය ලොස්ඇන්ජලීස් හී “ෆොරස්ට් ලෝන්” සුසාන භූමියේ (Forest Lawn Cemetery) ආරක්ෂිත කුටියක රඳවා ඇති බවයි. නමුත් දේහය එම සුසාන භූමියේ භූමදාන කිරීම මෘත දේහයේ ආරක්ෂාවට තර්ජනයක් බවටද වාර්තා පළවී තිබේ.

එම නිසාම රහසිගතව මෙම සුසාන භූමියේම ස්මාරක ගොඩනැගිල්ලක් තුළ වන ‘බිම් ගෙයක’ පහළම කොටසේ දේහය රඳවා ඇති බව ජැක්සන්ගේ පවුලේ උදවියගේ ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.

කෙසේ වෙතත් පවුලේ උදවිය පොප් රජුගේ දේහය, සුසාන භූමියේ නිර්නාමික සොහොන් ගැබක තැන්පත් කිරීමට අදහස් කර තිබේ. ඒ එම දේහය සම්බන්ධයෙන් පවතින ආරක්ෂිත බව සැලකිල්ලට යොමු කරමිනි. නමුත් මෙලෙස නිර්නාමික සොහොන් ගැබක ජැක්සන්ගේ දේහය තැන්පත් කිරිමට ඔහුගේ මව කැතරින් ජැක්සන් දැඩි අකමැත්තක් දක්වන බවත්, සොහොන්ට නමක් ලබාදුනහොත් ජැක්සන් ලෝලීන්ගෙන් එම දේහයට කිසියම් අනතුරක් සිදුවේවිදැයි යන බියෙනුත් ඇය පසුවන බව වාර්තාවේ.

කෙසේ වෙතත් මේ වන විට ගඩොලින් නිම වුණු කුඩා භූමියක රන්ආලේපිත මීනි පෙට්ටියක බහා ඇති ජැක්සන්ගේ දේහය ‘ෆයිබර් ග්ලාස්’ මගින් වටවුණු මේසයක් මත තැන්පත් කර ඇති බව අණාවරණය වේ. අදාළ කුටියේ ශීත රදා පැවතීම සඳහා මෙලෙසින් ‘ෆයිබර් ග්ලාස්’ භාවිතා කර ඇත. විදෙස් මාධ්‍ය අනාවරණය කරනු ලබන්නේ ‍මෙම කුටිය කුඩා අධි ශීතකරණයකට සමාන බවයි. එහි මල් කලඹක් හෝ ඉටි පන්දම් දැල්විය නොහැකි පරිසරයකින් යුක්ත වන බවත් සෙල්සියස් අංශක 0ට අඩු උෂ්ණත්වයක් මෙහි පවතී.

කෙසේ වෙතත් කැතරින් ජැක්සන් එහි යන සෑම මොහොතකම ඒ තුළ පවතින අධික ශීතලේ හෝ විනාඩි කිහිපයක් සිය පුතු අසළ රැදී සිටින බවට ද පවුලේ උදවිය තොරතුරු සඳහන් කර තිබේ. තම ආදරණීය පුත්‍රයාව මෙලෙස තනිව ශීත කාමරයක දමා තැබීමට සිදුවීම පිළිබඳව ද ඇය කණගාටුවට පත්ව සිටියි.

එමෙන්ම කැතරින් ජැක්සන් මෙලෙස නිතර නිතර මෙම රහසිගත ස්ථානය ගමන් කරනා බව පවුලේ උදවිය දැන ගෙන ඇත්තේ ද ඉතා මෑතකදීය. අවම වශයෙන් සතියකට වරක් හෝ දෙවරක් ඇය පවුලේ උදවියට බොරු කියා මෙලෙස රහසිගත ශීත කාමරයට ගොස් තිබේ.
තවමත් ජැක්සන්ගේ මව සිය පුතුව භූමදානය කිරීමට කැමැත්තක් නොදක්වන බවද දැනගන්නට ඇත.

කෙසේ වුවත් ජැක්සන්ගේ 51වන උපන්දිනය සැමරෙන අගෝස්තු මස 29වනදා ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන බව ජැක්සන් පවුල උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය උණුසුම් පුවතක් වාර්තා කර තිබුණත් පසුව යළි ඔහුගේ භූමදානය පිළිබඳව වාර්තා කරමින් අනාවරණය කර තිබුණේ එය සැප්තැම්බර් 03වනදා සිදු කෙරෙන බවයි.

English Songs, Hollywood, Michal Jackson,