Monday, February 15, 2010

ජීවිතය අලුත් වුණා වගකීම් වැඩි වුණා - සචිනි අයේන්ද්‍රා

By: Last Man On: 3:19 AM

කලකට පෙර පුංචි තිරයේත් සිනමාවේත් ජනප්‍රිය යොවුන් නිළියක්‌ ලෙස ප්‍රේක්‌ෂක සිත් සතන් වසඟයට පත්කළ සචිනි අයේන්ද්‍රා මීට මාස දහයකට පෙර විවාහ දිවියට ඇතුළත් වුණේ කලාකරුවන් සේම පවුලේ හිත මිත්‍රාදීන්ගේ සතුටු සිනා මැද.

විවාහයෙන් පසුව සම්පූර්ණයෙන්ම රංගනයෙන් ඈත් වුණේ නැති වුණත් සචිනි දැන් ඉස්‌සර තරම් රංගනයට වැඩි උනන්දුවක්‌ දක්‌වන්නේ නැහැ. මේ ගැන අපට මෙන්ම ඇගේ ආදරණීය ප්‍රේක්‌ෂකයින්ටත් ගැටලුවක්‌. ඒ නිසාවෙන් ඒ ගැන දැන ගන්aන සචිනි අයේන්ද්‍රා හමු වූ මොහොතකි මේ.

සචිනි කොහොමද අලුත් ජීවිතේ?
සතුටින් ගෙවෙනවා. ජීවිතය අලූත් වුණා. වගකීම් වැඩියි. ඉස්‌සර හිටපු විදිය වගේ නෙමෙයි. නිදහසට වඩා ජීවිතයට කළමනාකාරීත්වයක්‌ සොයනවා. ඒ අතරේ ඉසංගගේ ව්‍යාපාරවලටත් උදව් කරමින් සමගියෙන් ඉන්නවා.

සිනමාවට අලුත් අත්දැකීමක්‌ එක්‌ කරන්න යනවා කියලත් ආරංචියි?
ඔව්, මමයි ඉසංගයි එකතුවෙලා "අඟර දඟර" කියලා චිත්‍රපටයක්‌ නිෂ්පාදනය කරනවා. මේ දවස්‌වලත් එහි වැඩකටයුතු වලට වෙහෙසෙනවා. ඒක අධ්‍යíණය කරන්නේ නලින් රාජපí.

මෙය කාගේ අදහසක්‌ද?
ඇත්තම කිව්වොත් මේක අහම්බෙන් සිද්ධ වුණ දෙයක්‌. නලින් රාජපí කියන්නේ මගේ සැමියගෙ හිතවතෙක්‌. ඔහුට ඕනකරලා තිබුණේ මාව මේ චිත්‍රපටයේ චරිතයකට යොදාගන්න. ඒ අතරේ තමයි ඉසංගගේ අදහසක්‌ අනුව අපි චිත්‍රපටය නිෂ්පාදනය කරන්න හිතුවේ.

එතකොට මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ ඔබද?
නැහැ. ප්‍රධාන චරිතය රඟපාන්නේ ශශිද්‍රි ප්‍රියසාද්. ඒක බොහොම දඟකාර අවුරුදු පහළොවක ගෑනු ළමයෙකුගෙ චරිතයක්‌ වටා ගෙතුණු ළමා කතාවක්‌. මමත් මේ චිත්‍රපටයේ ටීචර් කෙනෙකුගේ චරිතයක්‌ රඟපානවා.

ඒත් දැන් රඟපෑමට එච්චර උනන්දුවක්‌ නැහැ නේද?
කොහොමත් එදා ඉදලම එකදිගට රංගන ශිල්පිණියක්‌ හැටියට කාර්ය බහුල වෙන්න මගෙ කැමැත්තක්‌ තිබුණේ නැහැ. ඒක අදත් එහෙමයි. හොඳ නිර්මාණයක මට ගැලපෙන චරිතයක්‌ ලැබුණොත් රඟපානවා. ඒ නිසාම තමයි විවාහයට පෙර ඉදලම රංගන ජීවිතයට මම විසින්ම යම් යම් සීමා පනවා ගත්තේ. අද කරන්නේ ඒ තීරණ ක්‍රියාත්මක කරන එක.

විවාහයෙන් පසු රඟපෑමට තහංචි පැනවූයේ නැද්ද?
කවදාවත් නැහැ. මගේ මොනයම් හෝ දíතාවක්‌ දැක්‌කොත් ඉසංග තමයි මටත් වඩා ගොඩක්‌ ඒ වලට උදම් කරන්නේ එයින් ප්‍රයෝජනයක්‌ ගන්න. එයාට හොඳ විශ්වාසයක්‌ තියෙනවා එක පැත්තකට යොමුවෙලා කවදාවත් මම පවුල් ජීවිතේ අවුල් කරගන්නේ නැහැ කියලා. ඒ නිදහස අදටත් මම විදිනවා.

දැන් කොහොද පදිංචිය?
බත්තරමුල්ලේ අපේ අලුත් ගෙදර

දවස ගතවෙන්නේ කොහොමද?
ඉසංගගේ ගාමන්ට්‌ එකේ ළමා ඇඳුම් අංශය මට භාරදීලා තියෙනවා. ඊට අමතරව නුගේගොඩ නාවල පාරේ ළමා නිමි ඇඳුම් තියෙන සාප්පුවක්‌ විවෘත කලා. ඉතිං ඒ අංශ දෙකම භාරව ඉන්නේ මම හින්දා සතියකට අඩුම තරමින් දවස්‌ හතරක්‌වත් ඒ කටයුත ගැන සොයා බලනවා.

අලුත් වෘත්තියේ වැඩකටයුතු කොහොමද?
බිරිඳගෙන් සැමියට ඉටුවිය යුතු යුතුකමක්‌ කියලා හිතුණ නිසා තමයි ව්‍යාපාරවලට මම එකතුවුණේ. අලුත්ම අත්දැකීමක්‌ එක්‌ක ජීවිතේ ලොකු වෙනසකට මුහුණ දුන්නා. රඟපානවට වඩානම් හාත්පසින්ම වෙනස්‌. හැමෝම වැඩ කරන්නේ තරගෙට මුලදි නිකං කරකවල අතහැරියා වගේ වුණා. දැන්නම් ඒ කටයුතු මට හුරුයි.

එතකොට ඔය කියන යුතුකම් සැමියගෙන් ඉටුවෙන්නේ කොහොමද?
හොඳ සහයෝගයක්‌ මට ඔහු ලබා දෙනවා. අගය කරලා කියන්න පුළුවන් දෙයක්‌ තමයි ඉසංගට හොඳ රසට කෑම උයන්න පුළුවන්. ඒ ගැන හොඳ අවබෝධයක්‌ එයාට තියෙනවා.

ඒ කියන්නේ ඉදිරියේ දී සම්පූර්ණයෙන් ව්‍යාපාරවලට මුල්තැන දෙයිද?
එහෙම වෙයි කියලා නම් මම හිතන්නෙ නැහැ. මොකද මගේ ඇගේ තියෙන්නේ රඟපෑම. ඒ නිසා බොහෝ විට රංගන කටයුතුයි ව්‍යාපාර කටයුතුයි දිගටම සමබරව කරගෙන යයි.

ඔහු ගැන ඔබ වටහාගෙන ඉන්නේ මොන විදිහටද?
මම ඔහු කෙරේ දැනුණු ආදරය විශේෂයි. මම සැමියෙකු වෙතින් හොයන සියලු දේ ඔහුට තිබුණා. එයාගෙ ව්‍යාපාරවලට මුල්තැන දෙනවා වගේම මං ගැනත් හොයලා බලනවා. හරිම බුද්ධිමත් සාමාන්‍ය චරිතයක්‌.

ගෙවී ගිය කාලය ගැන හිතෙන්නේ කොහොමද?
එක එක කාලවලදි එක්‌ එක්‌ විදිහට මුහුණ දෙන්න සිදුවුණා. අද මේ ගෙවන්නෙ විවාහ ජීවිතය. ඉසංගත් මුණ ගැසුණේ මම ෙíaත්‍රයට එකතුවුණු නිසයි. විවාහ ජීවිතයේ දී මගෙන් සැමියට ඉටුවිය යුතු දේ ගැන හිතනවා. දෙන්නට දෙන්නා විශ්වාසයෙන් සහයෝගයෙන් කටයුතු කරනවා.

විවේකය ගත කරන්නේ කොහොමද?
ඉසංගනම් සතියට දවස්‌ හයක්‌ විතර ෆැක්‌ටි්‍රවලට යනවා. ඒ නිසා දවල් කාලයේ දී අපි දෙන්නට විවේකීව ඉන්න ලැබෙන කාලය අඩුයි. මට ඉඩක්‌ ලැබුනොත් සැලුන් එකට යනවා. ගොඩක්‌ වෙලාවට ඉරිදාට එහෙම ගෙදරටම වෙලා ඉන්න තමයි අපි දෙන්නම ගොඩක්‌ කැමති.

ඉදිරියේ දී ව්‍යාපාර අතරට චිත්‍රපට නිෂ්aපාදනයත් එකතුවෙයිද?
ඒක තීරණය කරන්නෙ මේ කරන චිත්‍රපටයෙන් පස්‌සේa. මට මේක හුරු පුරුදු දෙයක්‌ වුණාට ඉසංගට අලුත් අත්දැකීමක්‌. හොඳ නිර්මාණයක්‌ ලැබුණොත් ඒ ගැන හොයලා බලලා තීරණයක්‌ ගන්නවා.

දැන් ටෙනිස්‌ ක්‍රීඩා කරන්නේ නැද්ද?
සතියකට එක පැයක්‌ හරි කොහොමහරි වෙන් කරගෙන ටෙනිස්‌a ක්‍රීඩා කරනවා. ඒකට මටම වෙන්වුණු පුහුණු කරුවෙකුත් ඉන්නවා. කොච්චර කාර්ය බහුල වුණත් ක්‍රීඩාව වෙනුවෙන් කාලය කැප කරන කෙනෙක්‌ මම.

ඉදිරි සැලසුම් මොනවද?
දැනට මම යෙදිලා ඉන්න හැම අංශයක්‌ම සමබරව කරගෙන යන අතරේ සාර්ථක පවුල් ජීවිතයක්‌ ගත කිරීම.














Friday, February 12, 2010

හානියක් නැති විදිහට බැඳීම් පවත්වා ගන්න උත්සාහ කරනවා...

By: Last Man On: 11:43 PM

හානියක් නැති විදිහට බැඳීම් පවත්වා ගන්න උත්සාහ කරනවා...

February 7, 2010

හානියක් නැති විදිහට බැඳීම් පවත්වා ගන්න උත්සාහ කරනවා...

මුල් ඡායා රූ-කෝසල සෙනරත්/ඇතුළත ඡායා රූ-ටෙනිසන් එදිරිසිංහ

(වෙළෙඳ දැන්වීම් නිරූපණ ශිල්පිණියක් හා රංගන ශිල්පිනියක් ලෙස නව පරපුරේ ජනප්‍රියත්වයක් දිනා ගත් "ඩිනක්ෂි ප්‍රියසාද්"මෙවර ආලින්දයට ගොඩවදී.දෙරණ නාලිකාව මගින් විකාශනය වන"වස්සාන සිහිනය"ටෙලි නාට්‍යයේ "චාපා"ගේ චරිතයට පණ පොවන හුරු බුහුටි කෙල්ල ඇයයි.)



* කොහොමද මේ දවස්වල ජීවිතේ?

"වස්සාන සිහිනය" ටෙලි නාට්‍යයේ වැඩ කටයුතුත් එක්ක මේ දවස් වල වැඩ සටහන් කිහිපයක නිවේදන කටයුතු කරනවා. වෙළඳ දැන්වීමකටත් සම්බන්ධ වුණා. ඒ වගේම තව ටෙලි නාට්‍ය 2කට ආරාධනා ලැබිලා තියෙනවා. කලා කටයුතු ඇරුණම මම වැඩි අවධාන‍ය යොමුකරල තියෙන්නෙ මගේ අධ්‍යාපනය ගැනයි. දැනට මම සිවිල් ඉංජිනේරු අංශයෙන් උපාධිය හදාරනවා. ඒත් එක්කම ලන්ඩන් A/L කරන්නත් බලාපොරොත්තු වෙනවා.

* ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද? වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නෙ කාගෙන්ද?

හුඟක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගෙදරට ලියුම්, සුබ පැතුම්පත් ලැබෙනවා. මගෙ ජංගම දුරකථනයට දවසකට කෙටි පණිවිඩ, ඇමතුම් හුඟක් ලැබෙනවා. පිරිමි ළමයින්ගෙන් වැඩි ප්‍රතිචාර ලැබෙනවා. මගෙ රඟපෑම් අගය කරනවා. පිරිමි ළමයි සාමාන්‍යයෙන් ටෙලි නාට්‍ය බලනවා අඩුයි. ඒත් සමහරු මට කියනවා මං නිසාම ටෙලිනාට්‍ය බලන්න පුරුදු වුණා කියල. නමුත් මගේ රඟපෑම් ප්‍රතික්ෂේප කරන පිරිසකුත් ඉන්නවා. මම රංගනයට දක්ෂ නෑ කියනවා. ඒත් ඒ හැම ප්‍රතිචාරයක්ම මට සතුටක්.

* කටකතා වලට බයද?

නැහැ, ඇත්තටම බයක් නෑ. මම හිතන විදිහට කලා ක්ෂේත්‍රයේ හුඟක්ම කටකතා වලට මුහුණ දෙන්න වෙන්නෙ කාන්තා පාර්ශවයට. ඒත් ඒකට වගකිවයුත්තේත් එයාලමයි. මම හිතන්නෙ කලාව කියන්නෙ ලෝකයේ තියෙන උතුම්ම ක්ෂේත්‍රයක්. නමුත් මිනිස්සු හිතන්නෙ නරකම මිනිස්සු ඉන්නෙත් කලා ක්ෂේත්‍රයෙ කියලයි. එයාලගෙ වැරදි හැසිරීම නිසයි ඒ වගේ කටකතා පැතිරෙන්නෙ. කලා ශිල්පිණියන් විදිහට නිවැරදිව හැසිරෙනවා නම් කටකතා වලට බිය විය යුතු නෑ. තමන්ගෙ සීමාව හඳුනාගෙන කා සමඟත් කටයුතු කළ යුතුයි. මමත් ක්ෂේත්‍රය තුළ වැඩ කරද්දී බොහොම ප්‍රවේශම් වෙනවා. මගෙ චරිතයට හානියක් නොවෙන විදිහට හැසිරීමට. මම ඒකෙන් අදහස් කළේ අහංකාර වෙන්න ඕන කියල නෙමේ. නමුත් සීමාව හඳුනාගත යුතුයි. මොකද අපට කවදාවත් මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න බෑ.

* කටකතා සම්බන්ධයෙන් ඔබට යම් අත්දැකීම් වලට මුහුණදීමට සිදුවෙලා නැද්ද?

ලොකු අත්දැකීම් නෑ. ඒත් එක් සිදුවීමක් මට මතකයි. නාමල් රාජපක්ෂ, යෝෂිත, රෝහිත අයියලා මගේ හුඟක් හොඳ යාළුවො. අපි ඇසුරු කරන්නෙ සහෝදරයො වගේ. අපේ පවුල් දෙකත් හුඟක් එකතුයි. එකපාරක් අපි විනෝද චාරිකාවක් ගිය වෙලාවක මමයි, නංගියි, නාමල් අයියයි ෆොටෝ එකක් ගත්තා. ඒ ෆොටෝ එක ඊට පස්සේ පත්තරේක පළවුණා. නමුත් ඒ වැරදි ප්‍රවෘත්තියකුත් එක්ක. නමුත් ඇත්තටම අපට ඒක ගැටලුවක් වුණේ නෑ. මොකද අපි දන්නවා ඒ කතාව සම්පූර්ණයෙන්ම බොරුවක් කියලා. ඒ වගේ බොරු කටකතා නවත්වන්න අමාරුයි. මම ඒ ගැන කනගාටුවෙන්නෙ නෑ. ඒ වගේ බොරු දේවල් වැඩි කාලයක් රැ‍ෙඳන්නෙ නෑ. කාලයත් එක්ක මැකිල යනවා.

අද ක්ෂේත්‍රය තුළ මතයක් තියෙනවා තරුණ ශිල්පිණියකට දිගු ගමනක් යාමට අවශ්‍ය නම් හැකියාව වැදගත් වෙන්නෙ නෑ. ඒ සඳහා වෙනත් කැපකිරීම් කිරීම අවශ්‍යයි කියලා. ඒ ගැන ඔබ දරන මතය මොකක්ද?

� � හැකියාවක් නැතුව දක්ෂ රංගන ශිල්පිණියක් වෙන්න බෑ. ඊට අමතරව මම හිතන්නෙ වාසනා ශක්තියත් තියෙන්න ඕන. මම දන්නවා මට වඩා හුඟක් දක්ෂ අය ඉන්නවා ක්ෂේත්‍රයට පිවිසීමට හැකියාවක් නැතුව. මම රංගනයට ඒ තරම් දක්ෂ නෑ. ඒත් මම හිතනවා මට ලොකු වාසනාවක් තිබුණා මේ තරම් පැමිණෙන්න. ඒ ගැන මට සතුටුයි. ඒත් මම දැකල තියෙනවා දැන් බොහෝදෙනෙක් වැරදි මාර්ග වලින් ක්ෂේත්‍රයට පැමිණීම ප්‍රවණතාවක් කරගෙන. ජනප්‍රියත්වය වගේ තාවකාලික දෙයක් වෙනුවෙන් තමන්ගෙ චරිතයට හානියක් වෙන විදියට හැසිරීම අනුමත කරන්න බෑ. ජනප්‍රියත්වය හැමදාමත් රඳවගන්න බෑ. අවුරුදු කිහිපයක් තියේවි. ඒත් ඊට පස්සෙ මිනිස්සුන්ට මුහුණදෙන්නෙ කොහොමද කියන දේ හිතන්න ඕන. ඒ තත්ත්වය ඇතිකරගෙන තියෙන්නෙත් අපේ රංගන ශිල්පිණියන්මයි. සමහර අවස්ථාවල ඇතැම් ශිල්පිණියන්ගෙ හැසිරීම් දකිද්දී කළකිරීමක් ඇතිවෙනවා.මේ දේවල් නිසා කලාවට බැණල වැඩක් නෑ. කරන දේ හරියට කරන්න අපි දැනගන්න ඕන. මමත් චරිතයක් තෝරාගැනීමට පෙර ඉන් මට ඇතිවන බලපෑම ගැන අනිවාර්යයෙන් හිතනවා.

* යම් කෙනෙක් ඔබට චෝදනා කළොත් කෙටි කාලයක් තුළ ඔබට කලා ක්ෂේත්‍රයේ මේ තරම් දුරක් පැමිණීමට හැකියාව ලැබුණේ ඔබේ පියා (දිනේෂ් ප්‍රියසාද්) නිසයි කියල. ඒ ගැන මොකද හිතන්නේ..?

ඇත්තටම. මම ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. මුලින්ම මම "පුංචි පැංචි" වැඩ සටහනේ නිවේදන කටයුතු වලිනුයි කලාවට සම්බන්ධ වුණේ. මං ඒ වැඩසටහනට තේරුණේ 20දෙනෙක් අතර පැවති සම්මුඛ පරීක්ෂණයකින්. ඒත් එතකොටවත් ඒ වැඩසටහනේ නිෂ්පාදකවරුන් දැනගෙන හිටියේ නෑ මම දිනේෂ් ප්‍රියසාද්ගෙ දුව කියලා. "වස්සාන සිහිනය" ටෙලි නාට්‍යයේදිත් එහෙමයි. සමහර වැඩසටහන් වල මම ඉන්නවා කියල තාත්තා දැනගන්නෙත් රූපවාහිනියෙන් මාව දැක්කමයි. මට හැමදේටම උදව් කරන්නෙ අම්මා. මම තාත්තාගෙන් ගුරු හරුකම් ලබාගන්නවා. නමුත් කවදාවත් මම රැකියාවක් හොයාගන්න මගෙ තාත්තා‍ගෙ නම පාවිච්චි කරන්නෙ නෑ. මට හැකියාවක් නැතත් තාත්තා නිසා මට අවස්ථාව ලැබෙන්න පුළුවන්. ඒ වගේම තාත්තා නිසා හැකියාව තිබියදී අවස්ථාව නොලැබෙන්නත් පුළුවන්. මොකද තාත්තාගේ තරහකාරයොත් ක්ෂේත්‍රය තුළ ඉන්නවා. මගේ හැකියාවෙන්, ඒ වගේම මගේ සීමාව තුළ ඉඳගෙන කලාව තුළ ඉදිරියට යනවා. නමුත් කවදාවත් මගේ නම කැත කරගෙන මම ජනප්‍රියවෙන්න උත්සාහ කරන්නෙ නෑ.

* ලංකාවේ තරුණ කලා ශිල්පිණියන්ට, ප්‍රවීණයන්ට සාපේක්ෂව සමාජය තුළ ලැබිය යුතු ‍‍‍ෙගෘරවය හිමිවන්නෙ නෑ නේද?

ඒකට හේතුව වර්තමාන‍යේ කලා ශිල්පීන් පැරණි ශිල්පීන්ට වඩා වැඩිපුර සාමාන්‍ය ජනතාවත් සමඟ ගැටෙනවා. ජනතාවට නිතරම පොදු ස්ථාන වලදි කලාකරුවන් දකින්න ලැබෙනවා. ඒ නිසා මම හිතනවා ජනතාව තුළ කලාකරුවන් කෙරෙහි තියෙන වටිනාකම, අගය අඩුවෙලා කියලා. නමුත් කලා ශිල්පිණියන් කෙරෙහි ජනතා ‍‍‍ෙගෟරවය අඩුවීමට හේතුවක් ලෙස මම දකින්නෙ ඔවුන්ගේ හැසිරීමයි. එහි වරදත් අපේ ශිල්පිණියන්ගෙමයි.

* මේ දක්වා දායක වුණු නිර්මාණ ගැන සෑහීමට පත්වෙනවද? දිගටම කලා ක්ෂේත්‍රය තුළ රැඳී සිටීමට බලාපොරොත්තු වෙනවද?

කලාව තුළ පුංචි කාලයක් තුළ මේ දක්වා පැමිණි ගමන ගැන සෑහීමට පත්වෙනවා. මම හුඟක් වාසනාවන්තයි කියලා හිතනවා. නමුත් රංගනය ගැන සෑහීමට පත්වෙන්නෙ නෑ. සමහර වෙලාවට "වස්සාන සිහිනය" ටෙලි නාට්‍යයේ මම කරපු රඟපෑම් දකිද්දි මටම හිනායනවා. මම රඟපානවා මදි කියල හි‍ෙතනවා. රංගනය තුළ මගෙ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මම මුල්තැන දෙන්නෙ මගෙ අධ්‍යාපනයට. සීනිබෝල චරිතයක් කියනවට වඩා මම කැමතියි උගත්, ඉහළ අධ්‍යාපනයක් ලද ශිල්පිණියක් විදිහට ජනතාව තුළ ගෞරවයක් ලබාගන්න.

* පුංචි තිරයේ "චාපා-කසුන්" වගේද සැබෑ ජීවිතයේ "ඩිනක්ෂි-මාධව"ත්?

අනේ! නෑ, මාධව අයියයි මමයි හුඟක් හොඳ යාළුවෝ. ක්ෂේත්‍රය තුළ එකට වැඩකරද්දි දකින අය ඒ වගේ දේවල් හිතන්න පුළුවන්. අපිට පිටස්තරයො වගේ හැසිරෙන්නත් බෑ. නමුත් කලිනුත් කිව්වා වගේ හැමවෙලේම මම උත්සාහ කරනවා මගෙ චරිතයට හානියක් නොවෙන විදිහට අපි අතර බැඳීම් පවත්වගන්න. ආදරය පිළිබඳ හැඟීම් ඇතිවෙලා නෑ කියලා මම කියන්නෙ නෑ. ඒත්, මගෙ අධ්‍යාපන කටයුතු නිසා ඒ දේවල් දුර දිග ගියේ නෑ. අම්මාගෙයි තාත්තගෙයි කැමැත්ත මත මගේ ජීවි‍තේ ඒ දේවල් තීරණය වේවි.

‍* ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසා කරදරවලට මුහුණ දීපු අවස්ථා නැද්ද?

නැහැ, ඇත්තටම මගෙ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මට කරදරයක් නෙමේ. මට හුඟක් ප්‍රතිචාර ලැබෙනවා පුංචි නංගිලා මල්ලිලාගෙන්. ඒ වගේ එක් සිද්ධියක් මට මතකයි. මම එක දවසක් කොළඹ විශාකා විද්‍යාලයේ තිබුණ උත්සව අවස්ථාවකට සහභාගි වුණා. එදා මාව දැකලා පුංචි නංගිලා මාව වටකරගෙන සමරු පොත් වලට අත්සන් ගන්න පටන්ගත්තා. ඒ වෙලාවෙ ඇත්තටම අපහසුතාවයට පත්වුණේ මම නෙ‍මේ පාසලේ ගුරුවරු. මට ඒ වෙලාවෙ දැනුණේ කරදරකාරී හැඟීමක් නෙමේ. ලොකු සතුටක්.

* තරුණ කලා ශිල්පිණියක් තමන්ගේ ඇඳුම් විලාසිතා තෝරාගැනීමේදී යම් පාලනයක් තිබිය යුතුයි කියල හිතනවද?

ඇතැම්විට තමන්ට ලැබෙන චරිත අනුව නිළියකට ඇඳුම් විලාසිතාවල පාලනයක් තියාගන්න බැරිවෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට පිහිනුම් ක්‍රීඩිකාවකගේ චරිතයක් රඟපාන්න ලැබුණොත් අනිවාර්යයෙන්ම පිහිනුම් ඇඳුමක් අඳින්න වෙනවා. එහි වරදක් දකින්න බෑ. නමුත් මම කවදාවත් එවැනි චරිත භාරගන්නෙ නෑ. මම චරිත තෝරාගන්නෙ සීමාවක් තුළ ඉඳගෙන. විලාසිතා කිරීමත් වරදක් නෙමේ. නමුත් අද අපිට හුඟක් වෙලාවට දකින්න ලැබෙනවා බොහෝ ශිල්පිණියන් සාමාන්‍ය අවස්ථාවන්ට පවා සහභාගි වෙන්නේ අශෝබන ඇඳුම් ඇඳගෙන. ඒක අනුමත කරන්න බෑ. කලා ශිල්පිණියන් කියන්නෙ සමාජය තුළ ජනප්‍රියත්වයක් ලබාගත් පිරිසක්. නිතරම ජනතාව ඔවුන්ව අනුකරණය කිරීමට පෙළ‍ඹෙනවා. ඒ නිසා අපි නිතරම ජනතාවට නිවැරදි දේ ලබාදිය යුතුයි. ඒකෙදි අපේ හැසිරීම ඉතාම වැදගත්වෙනවා.

http://www.fmderana.lk/sinhala/Openion_images/276579384din-02-L.JPG
http://www.fmderana.lk/sinhala/Openion_images/1557689889din-03-L.JPG
http://www.fmderana.lk/sinhala/Openion_images/1432207836din-o1-L.JPG
http://www.fmderana.lk/sinhala/Openion_images/15843118din-04-L.JPG
http://www.fmderana.lk/sinhala/Openion_images/179508846din-05-L.JPG
http://www.fmderana.lk/sinhala/Openion_images/1837378206din-06-L.JPG
http://www.fmderana.lk/sinhala/Openion_images/1153718928din-07-L.JPG
http://www.fmderana.lk/sinhala/Openion_images/1981992655din-08-L.JPG

thanks for Adaderana

අම්මා මට මනාලයෙක් හොයනවා

By: Last Man On: 1:19 PM

පබෝධා සංදීපනී

පරම්පරාවෙන්ම කලාවට උරුමකම් කියන්නට සමත් වූ වාසනාවන්තියන් අතර ඇය සැබෑම වාසනාවන්තියක වන්නීය. මවගේ සුරතේ එල්ලී කලාව උරුම කරගත් ඇයට කලා ක්ෂේත්‍රය ආගන්තුක නොවේ.


ඇගේ සුසුමද, කඳුළ ද, ආත්මය ද කලාව හා බද්ධව පවතී. පබෝධා සංදීපනී අද වන විට කලා අඹරේ දිදුළන තාරකාවක්. පබෝධා ‘රසඳුන’ සතුටු සාමීචිය ආලෝකවත් කළ මොහොතයි මේ.

පබෝධා ගැන ආයෙමත් රසික රසිකාවියන් කතාබහ කරන්නට පටන් අරගෙන නේද?

“මේ දිනවල මම රංගනයෙන් දායක වුණු ශි‍්‍රයානි අමරසේන ගේ ‘සිවුපත් රෑන’, ෂර්ලී පී. දෙලංකාවල ගේ ‘දෙගම්මැදියාව‘ ටෙලිනාට්‍ය රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය වෙනවා. මේ හින්දම රසික රසිකාවියන් මගේ රඟපෑම් ගැන කතාබහ කරන බව මා දන්නවා. ඔවුන් ගෙන් ලැබෙන උණුසුම් ප්‍රතිචාර මැද මගේ රංගන කටයුතු සිදුවෙනවා.

ඔබ මේ දිනවල ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රූගත කිරීම් සඳහා ද සහභාගි වනවා ද ?

‘රංගිර’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සිදුවන්නේ නුවර ප්‍රදේශයේ. එයට සහභාගි වෙනවා. ගැමි තරුණියකගේ චරිතයක් තමයි මම එහිදී රඟ දක්වන්නේ. මේ චරිතයත් මගේ රසික රසිකාවියන් අතර ජනපි‍්‍රය වේවි කියා මම හිතනවා.

ඒ වගේ ම රොහාන් වැලිවිටගේ ‘සුසීමා’ චිත්‍රපටයේ ‘සුසීමා’ ලෙස රංගනයෙන් දායක වුණා. එහි රූගත කිරීම් මේ වන විට බොහෝදුරට නිමයි. තව ගීත කිහිපයකම රූගත කිරීම් මේ දිනවල සිදුවෙනවා.

ඔබේ මවත් දක්ෂ රංගන ශිල්පිනියක්. ඇගෙන් මොන වගේ සහයෝගයක් ද ඔබට ලැබෙන්නේ?

මගේ කලා ජීවිතයේ ජීවය අම්මා. පුංචි කාලෙ ඉඳලම අම්මත් එක්ක ඇගේ රූගත කිරීම් සිදුවන ලොකේෂන් වලට මමත් ගියා. ගෙදර වේවා පිට වේවා අපි සහභාගිවුණු විවිධ උත්සවවලදී නෑදෑයන් හැරුණු කොට මට දකින්නට, අහන්නට, කතාබහ කරන්නට සිදුවුණේ කලා ක්ෂේත්‍රයේ ශිල්පී ශිල්පිනියන් සමඟ. ඔවුන් මගේ නෑදෑයන් තරමටම මට සමීපයි.

අම්මා නිසා කලා ක්ෂේත්‍රයත් මට ගෙදර වගේ ම හුරුපුරුදු තැනක් බවට පත්වුණා. කලා ක්ෂේත්‍රයේ බොහෝ දේ මට ඇගෙන් උරුම වුණා පමණක් නෙවෙයි බොහෝ දේ මා ඇගෙන් උගත්තා.

මම පුංචි කාලෙ ඉඳලම තරමක් කම්මැලි දරුවෙක්. විශේෂයෙන්ම අදටත් මට ලැබෙන ටෙලිනාට්‍ය, චිත්‍රපට, කලා කටයුතුවලට මම සහභාගි වෙන්නෙ අඩුවෙන්. මට ඒ ගැන උනන්දුවක් නැහැ.

නමුත් අම්මා මගේ පිටුපස හෙවණැල්ලක් වගේ ඉඳගෙන මාව කලාවට තල්ලු කිරීමේ වගකීම ඉටු කරනවා. මට බනිමින් මාව දිරිමත් කරන්නේ අම්මා. මම හිතන්නේ කලා ක්ෂේත්‍රයේ රැඳී ඉන්නට, මේතාක් දුරක් එන්නට අම්ම තමයි මාව මෙහෙයවූයේ.

මේ ක්ෂේත්‍රයේ පැතිරෙන කටකතා ඔබ විශ්වාස කරනවා ද?

කටකතා නම් නැත්තේ කොතන ද? ඒවා හැමතැනම තියෙනවා. ගමක් ගත්තත් කාර්යාලයක් ගත්තත් ඒ හැම එකකම හැම තැනම කටකතා කියන දේ පැතිරෙනවා. අද ලංකාවේ කටකතා ඒ තරමටම සාමාන්‍යකරණයට ලක්වෙලා.

එක අතකට ලංකාවේ කටකතා කියන දේ අද සමහරක් ඒ අයගේ ප්‍රසිද්ධියට රුකුලක් කරගන්න අවස්ථාත් තිබෙනවා. මම විශ්වාස කරන්නේ අපි කවුරුත් මැරෙන දවසට අරගෙන යන්නේ අපි කරපු හොඳ නරක විතරයි. මේ හින්ද කටකතා ගැන නම් මම එතරම් තැකීමක් කරන්නෙ නැහැ.

ඔබ පියා බලන්නට ළඟදී ප්‍රංශයට ගියේ නැද්ද?

මේ අවුරුද්දේ නම් තවම යන්න බැරිවුණා. මට යෙදෙන වැඩ කටයුතුත් එක්ක ඒ පිළිබඳව ඉදිරියේදී තීරණය කරනවා.

ඔබ දැන් විවාහ පත් වන වයසේ පසුවන තරුණියක්. නැද්ද තවමත් ආදර කතාවක්?

අප්පේ තවම නම් නැහැ. මට ගැළපෙන පෙම්වතෙක් තවම හමුවුණේ නැහැ. ඒත් අම්මා නම් මේ දවස්වලට මගේ විවාහය ගැන උනන්දුයි. ඇය මට ගැළපෙන සහකරුවෙක් හොයමින් ඉන්නවා. සුදුසු කෙනෙක් ලැබුණොත් විවාහ වෙනවා.

ඉතිං පබෝධා ඔයාට අනාගතේ බලාපොරොත්තු බොහොමයකුත් ඇති නේද?

මහා ලොකු බලාපොරොත්තු නම් නැහැ. ඒත් කලා ක්ෂේත්‍රයේ හොඳින් නිර්මාණ කටයුතු සිදු කරන්න බලාපොරොත්තු වෙනවා.

ඒ වගේ ම මගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කරන්නටත් බලාපොරොත්තුවක් තිබෙනවා. විශේෂයෙන්ම මම ප්‍රංශ භාෂාව හදාරමින් සිටිනවා. ඒ වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්නටත් බලාපොරොත්තුවක් තිබෙනවා.



Thursday, February 11, 2010

ෆොන්සේකා අවුරුදු 5 ක් හිරේ

By: Last Man On: 1:33 PM
ෆොන්සේකා අවුරුදු 5 ක් හිරේ දැමිය හැකියි
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හැකි ඉක්මනින් යුධ අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

රාජ්‍ය ද්‍රෝහී වීමේ වරදට ෆොන්සේකා මහතා වසර 5 ක් බන්ධනාගාර ගත කළ හැකි බව ද හෙතෙම කියා සිටියේ සිංගප්පූරු මාධ්‍යයකට අදහස් දක්වමිනි.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදය සහ නෝර්වේ සහය ලබා දී ඇති බවද ආරක්ෂක ලේකම්වරයා පවසා තිබේ.

ආරක්ෂක අංශ සාමාජිකයෙකු ධූරයෙන් විශ්‍රාම ලැබූවද 6 මසක කාලයක් තුළ හමුදා නීතිය අනුව කටයුතු කළ හැකි බවත්,ඒ අනුව සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ක්‍රියාත්මක වීම නීත්‍යනුකූල බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adaderana

Tuesday, February 9, 2010

නදිනි ප්‍රේමදාසගෙන්සුබ ආරංචියක්‌

By: Last Man On: 1:17 PM
සිරස සුපර ¨ස්‌ටර්ස්‌ දෙවන අදියරේ වඩාත් කතා බහට ලක්‌ වූ ගායිකාව වුනේ නදිනි ප්‍රේමදාස. මේ වනවිට නදිනි සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක්‌. මෙවර නවලිය කවරය සරසන ඇය අපි දුරකතනය ඔස්‌සේ සම්බන්ධ කර ගත්තේ අලුත් තොරතුරු ගැන ඔබ වෙනුවෙන් දැන ගන්නයි.

මේ දවස්‌වල මොනවද කරන්නේ නදිනි....

මේ දවස්‌වල මගේ කාලය වැඩියෙන්ම ගතවෙන්නේ මගේ කුළුදුල්ම ගීත ඇල්බමයේ වැඩවලටයි. තවම නමක්‌ යොදලා නැහැ. ගීත දොළහක්‌ ඇතුලත් වෙනවා. මගේ ජනප්‍රිය වූ ගීතත් අලුත්ම ගීත හයක්‌ විතරත් ඇතුලත් වෙනවා. ලබන අප්‍රේල් මාසයේ හෝ මැයි මාසයේ මගේ ගීත එකතුව නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ ඇල්බමයේ මදෙස බලන්නයි, ගජමං නෝනා, ගුරු පාරට, යළි වඩින්න බුදු සාධු, සිත ආදරේ සොයා ගීත ඇතුලත් වෙනවා.

අලුතෙන්ම මොනවද කළ වැඩ...?

අලුත්තෙන්ම ඉංචි පිංචි කියලා ගීතයක්‌ කළා. ඊට අමතරව මගේ වෙබ් අඩවිය අඅඅගබ්dසබසකසඩැගජදප නමින් පටන් ගත්තා. ඊට අමතරව ජනාධිපතිතුමා වෙනුවෙන් මම කළ ගීතයක්‌ මේ දවස්‌වල ෂඔභ වල විකාශනය වෙනවා. ඒ ගීතය ලිව්වේ ඉත්තෑපානේ සද්ධාතිස්‌ස හිමි. සංගීතය සමන්ත පෙරේරා මහතා විසින්.

පිටරට සංචාරවලට ගියේ නැද්ද?

පසුගිය දෙසැම්බර් ජනවාරි මුල් කාලවල ජෝර්දානය, බහරේන්වල ගියා. මම සාමාන්‍යයෙන් අවුරුද්දේ එක කාලයකට තියෙන එතෙර ප්‍රසංගවලට පමණයි යන්නේ.

කැම්පස්‌ ජීවිතය කොහොමද?

දැන් නම් ගොඩක්‌ හොඳයි. මුල් කාලේ පොඩි පොඩි ප්‍රශ්න තිබුණා. දැන් මම ඉන්නේ දෙවන වසරේ. දැන් හොඳින් අධ්‍යාපන කටයුතු කරගෙන යනවා.

රඟපාන්න එහෙම ආරාධනා ලැබිලා නැද්ද?

ආරාධනා නම් ලැබුණා. මම වඩාත් කැමති සංගීතයටනේ. ඒ නිසා ඒ ආරාධනා බාර ගත්තේ නැහැ.

පෙම්වතෙක්‌ ඉන්නවද?

තවම නැහැ.

නො.179, මන්ඩාවිල පාර
වල්පල - අංගොඩ
[Nadini+Premadasa+Sri+Lanka.jpg]

Nadini Premadasa - Young Sri Lankan Music Mark
















Monday, February 8, 2010

සරත් ෆොන්සේකා අත්අඩංගුවට

By: Last Man On: 1:44 PM
යුද හමුදා නීති උල්ලංඝණය කළ බවට වූ චෝදනා නිසා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදාව මගින් අත්අඩංගුවට ගත් බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.
Sarath Fonseka
සරත් ෆොන්සේකා

යුද රහස් හෙළිදරව් කරමින් හමුදා නීති උල්ලංඝණය කිරීම නිසාත්, ඔහුගේ ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහාත් මෙසේ අත්අඩංගුවට ගත් බව හෙතෙම අද දෙරණට කියා සිටියේය.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සරත් ෆොන්සේකා ලක්ෂ්මන් හුළුගල්ල මහතා පවසයි.
ඔහු යුද හමුදාපතිවරයා ලෙස මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරන අවධියේම විරුද්ධවාදීන් මෙන්ම ආරක්ෂක හමුදාව යොදාගෙන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් දියත් කරමින් සිට බවට තොරතුරු ලැබී ඇතැයිද හෙතෙම සඳහන් කරයි.
ජෙනරාල් ෆොන්සේකා එරෙහිව හමුදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත්,එහිදී ඔහු‍ට එරෙහි චෝදනා වලට කරුණු ඉදිරිපත් කරන බවත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියා සිටියේ බී.බී.සී මාධ්‍යයට අද පවසා සිටියේය.
සරත් ෆොන්සේකා මහතා කරන ලද ප්‍රකාශයන් හා නිර්මාණය කරන ලද තත්ත්වයන් නිසා ශ්‍රීලංකාව ජාත්‍යන්තර යුද අධිකරණය අබියසට කැඳවන තත්ත්වයක් උදාවූ බවද ඔහු කියා සිටියේය.

General (Retired) Sarath Fonseka has been taken into custody by the Military Police, says Media Centre for National Security (MCNS) Director General Lakshman Hulugalle.
Mr. Hulugalle said that General Fonseka was arrested for discussing with certain sections of the Opposition, conspiring to topple the government and also for creating divisions within the Sri Lanka Army while he was its Commander and also when he was the Chief of Defence Staff.The retired General is to face a Court Marshal where evidence against him will be produced, Mr. Hulugalle told the media.
Earlier in the evening, the BBC carried the following report:
Sri Lanka’s former military commander says that he is prepared to give evidence in an international court on war crime charges against Sri Lanka. General Sarath Fonseka speaking to journalists in Colomboon Monday said, “I am not going to save anyone who has committed war crimes”.International human rights organisations as well as the US State Department have alleged that the Sri Lankan government committed war crimes during the final phase of the war against Tamil Tigers.
Several human rights organisations have called to try the Sri Lankan state in international courts on alleged abuses against civilians and surrendees.During the presidential election where Gen. Fonseka challenged President Mahinda Rajapaksa, both claimed credit for defeating the LTTE.“I am definitely going to reveal what I know, what I was told and what I heard. Anyone who has committed war crimes should definitely be brought into courts,” Gen. Fonseka said.“Those who reveal the truth are not traitors,” he added.



Sri Lanka's defeated opposition presidential candidate Gen Sarath Fonseka was tonight arrested by the military police, a fortnight after
he suffered defeat at the hands of incumbent Mahinda Rajapaksa.

A close aide of the former Army Chief, who is credited with the anihilation of the LTTE, said Fonseka and one of his associate were taken into custody while they were at work in their office in the capital.

He said Fonseka and his media secretary Senaka de Silva were arrested by the military police.

The aide told PTI that Fonseka and de Silva were "told in clear terms to cooperate with the military police".

"I heared one of the officers telling Fonseka that he is being charged for criminal conspiracy," he said.

The arrest comes in the wake of reports that Fonseka could face a military court on charges of conspiring to overthrow the government and plotting to kill Rajapaksa.

Sunday Times newspaper had yesterday said that the Rajapaksa-led government, which alleged soon after the presidential poll verdict that the former military chief had plotted to kill the President, has consulted its top legal counsel on trying Fonseka in a court martial.

Soon after his defeat in the January 26 polls, the Sri Lankan Government had alleged that Gen Fonseka had tried to assassinate Rajapaksa and his family, a charge which was denied by the former army chief.