Sunday, August 30, 2009

මරණ දඩුවම යළි
Death Penalty Again

By: Last Man On: 11:49 PM
(කොළඹ, ලංකාපුවත්, අගෝස්තු 30) – මරණ දඩුවම යළි ක්‍රියවාට නැංවීම කෙරෙහි විශේෂ වාර්තාවක් ජනාධිපතිතුමන් වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් සකස් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් වුණු විශේෂ වාර්තාවක් මේ වන විට අධිකරණ අමාත්‍යාංශය සකස් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.

මරණ දඩුවම යලි ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය තුළ දී සාකච්චා වට කිහිපයක් පවත්වා තිබේ. එහිදි එකඟවුණු කරුණු කාරණාවලට අනුව මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතන සිද්ධියේ වැරදිකරුවන්ට එරෙහිව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳව වාර්තාව ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ඊට අදාල නීතිපති වාර්තාව, නඩු විභාග කළ විනිසුරුවරුන්ගේ වාර්තා සහ අභියාචනාධිකරණ වාර්තා මේ වන විට කැඳවා ඇතැයි ද අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

ව්‍යවස්ථානුකූලව මෙම වාර්තා සියල්ල විමර්ෂණය කොට අධිකරණ අමාත්‍යාංශය විසින් විශේෂ වාර්තාවක් සකස් කිරීමට නියමිතය. එය ජනාධිපතිතුමන්ගේ අවධානයට ඉදිරිපත් කිරිමට නියමිතය.

මේ වන විටත් බෝගම්බර සහ වැලිකඩ බන්ධනාගාරයන්හී එල්ලුම් ගහ යලි ක්‍රියාවට නැංවීම සඳහා සූදානම් කර ඇති බවද වාර්තාවේ.
විවිධ අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවන් වී සිටින පුද්ගලයින් 256දෙනෙකුට මේ වන විට ස්ථිර ලෙසින්ම මරණ දඩුවම ලබාදීමට තීරණය කර තිබේ.

ප්‍රවේශම් වන්න! කාම වෙබ් අඩවියක ඔබේ රුවත්....

By: Last Man On: 9:23 AM
Beware from pornographic sites

තිරයේ දිගහැරෙන දර්ශනයෙහි සිටින්නේ නාඹර යුවතියකි. කිසිදු අපහසුතාවයකින් තොරව ඇය කැමරාව ඉදිරියේ විවිධ ඉරියව් පාන්නේ සළුපිළි කිසිවකුදු නැති ගතිනි. නොඑසේ නම් "නිරුවතිනි." ඉන් පසු එය ඡේදනය වන්නේ තරුණ ගැටයකු වෙතය. ඔහු තරුණියට පවසන දෑ පැහැදිලි නැත. ඊට පසු දර්ශනය ඡේදනය වන්නේ අතිශය ශෘංගාරාත්මක දසුන් පෙළකටය. එයට ශෘංගාරාත්මක යන වචනය ගැලපෙන්නේදැයි නිශ්චිත විග්‍රහයක්‌ නැත. කෙසේ වුවද ඒ දර්ශන පෙළ එතරම්ම "සැරය".

එහෙත් මෙහි පෙනී සිටින්නේ විදෙස්‌ රටක තරුණ යුවළක්‌ නොවේ. මේ රටේම ජීවත්වන යුවළකි. සමහර රටවල කාම චිත්‍රපට වල හෝ කෙටි කාලයකට සීමා වූ වීඩියෝ දර්ශනවල මෙවැනි දසුන් ඇති පදමට ඇතිමුත්, ආසියාකරයේ හා මෙරට තරුණ තරුණියන්ගේ ශෘංගාර දර්ශන ඇතුළත් දර්ශන වැඩිවීමේ ප්‍රවණතාවක්‌ පසුගිය කාලය පුරාම දකින්නට ලැබිණි. නවක නිළියන්ගේ හා නිරූපිකාවන්ගේ මෙන්ම බොහෝ තරුණ තරුණියන්ගේ "අසභ්‍ය" දර්ශන ඇතුළත් වීඩියෝ කඩ බුරුතු පිටින් පොලිස්‌ අත්අඩංගුවට පත්වීම්, පැමිණිලි ලැබීම් පසුගිය කාලය පුරාම දක්‌නට ලැබිණි. මේ සියල්ලෙන්ම දැන හෝ නොදැන වීඩියෝගත වූ තරුණියන් බොහෝමයකි.

කලකට ඉහත "අසභ්‍ය" දෑ අඩංගු යමක්‌ වී නම්, ඒ කටවහර "කුණුහරුප පත්තර" යෑයි කියන කොටස පමණි. ශිෂ්ට සම්පන්නව අසභ්‍ය සඟරා යෑයි කියන මේ පුවත්පත් මෙහෙයුම් කරන්නන් උසාවියට ඉදිරිපත් කර දඬුවම් පැමිණවීම සිදු කෙරිණි. එකල කොලුගැටයන් අතර ඉතා රහසිගතව මේ "සඟරා" හුවමාරු විණි. අසභ්‍ය දෑ රසවිඳීමට යෑයි යමක්‌ ඕනෑ වී නම් ඒ එය පමණි.

පසුකලෙක එය වීඩියෝ පට හා සංයුක්‌ත තැටි (CD) දක්‌වා වර්ධනය වූ අතර වර්තමානය වන විට එය "කාම වෙබ් අඩවි" දක්‌වා රූපාන්තරණය වී ඇත. එදවස හොර රහසේ අසභ්‍ය පුවත් සඟරා, වීඩියෝ හා සී. ඩී. තැටි නැරඹුවාට වඩා සීඝ්‍රයෙන් මෙම වෙබ් අඩවි නැරඹීමේ වර්ධනයක්‌ ඇති වී ඇති බව පිළිගත යුතුය. 90" දශකයේ අගභාගය වන විට මෙකී කාම වෙබ් අඩවි තුළ දකින්නට ලැබුණේ බටහිර රටවල නළු නිළියන් (ද?) ඉදිරිපත් කළ කාම දර්ශන පමණි. එහෙත් 2000 වර්ෂයෙන් පසු කෙමෙන් කෙමෙන් මෙරට කාන්තා හා පුරුෂ යුගල පෙනී සිටින කාම දර්ශන ඇතුළත් වෙබ් අඩවි බොහෝ සෙයින් දක්‌නට ලැබිණි. බොහෝ අය අතර "ලෝකල්" කෑලි" බැලීමේ උන්මාදයක්‌ පැතිර ගියේද එබැවිනි.

මිනිස්‌ මනස තුළ සහජයෙන්ම මෙවැනි දෑ දැක බලා ගැනීමේ ආශාවන් ගැබ්ව ඇති බව අපි පිළිගනිමු. එහෙත් මෙහි ඇති භයානක ප්‍රතිඵලය වන්නේ ශිෂ්ට බව හා සංස්‌කෘතිකමය වටිනාකම් උල්ලංඝනය කරමින් වෙබ් අඩවිවලට මුදාහැරෙන දර්ශනවල බුරුතු පිටින් මෙරට කාන්තාවන් හා පිරිමින් බොහෝ සෙයින් දක්‌නට ලැබීමය. එය එතරම් සුළුවෙන් තැකිය යුත්තක්‌ නොවේ.

බොහෝ විට මෙකී දේශීය වෙබ් අඩවි සඳහා පෙනී සිටින්නේ ඒ සඳහාම හොඳින් පුරුදු පුහුණු වූ පිරිසක්‌ බව පෙනේ. ගණිකා වෘත්තියේ යෙදෙන හෝ එවැනි චිත්‍රපට සඳහා පෙනී සිටින පිරිසක්‌ බොහෝ විට මෙකී දර්ශනයන්හි පෙනී සිටි නමුත්, භයානකම තත්ත්වය වන්නේ කැමැත්තකින් තොරව බලහත්කාරයෙන් රූගත කරවා වෙබ් අඩවිවලට එකී අසභ්‍ය දර්ශන මුදාහැරීමයි.

පසුගිය කාලයේ වාර්තා වූ විවිධ සිද්ධීන් ඇසුරින් ගත් කල මෙකී අසභ්‍ය දර්ශන රූගත කිරීම් හා වෙබ් අඩවි සඳහා මුදාහැරීම් කිහිප ආකාරයකින් සිදුවේ. ඒ, කැමැත්තෙන් පෙනී සිටින, පෙම්වතා විසින් රවටා රූගත කරන ලද, විශ්වාසය මත පෙනී සිටි නමුත් අවසානයේ එය වෙබ් අඩවියට මුදාහැරීම සහ බලහත්කාරයෙන් රූගත කිරීම ආදියයි.

කෙසේ හෝ බලහත්කාර රූගත කිරීමක්‌ වර්තමානයේ එතරම් දක්‌නට නැති අතර පෙම්වතිය රවටා රූගත කර වෙබ් අඩවි සඳහා මුදාහරින ලද දර්ශන වැඩිය. බොහෝ විට මෙවැන්නක්‌ අදාළ තැනැත්තිය දැනගන්නා විටත් එය ලක්‍ෂ සංඛ්‍යාත සංඛ්‍යාවක්‌ නරඹා අවසන් විය හැකිය. එතැන් පටන් ඇයගේ ජීවිතය වැටෙන්නේ අඳුරටය.

මෙහිදී කාන්තාවන් මුහුණපාන්නේ ඉතාම අසරණ තත්ත්වයන්ටය. අතිශය පෞද්ගලික තැන්වල සූක්‍ෂ්ම ලෙස කැමරා සඟවා රූගත කරන ලද දර්ශන, පෙම්වතුන්ගේ පෙම්වතියන්ගේ විවිධ ශෘංගාරාත්මක දර්ශන කැමරාෆොaන් (ජංගම දුරකථන කැමරා) මගින් රූගත කිරීම්, මේ ආදී වශයෙන් සමාජයේ විවිධ ස්‌ථානවලදී රූගත කරන වෙබ් අඩවි සඳහා මුදාහරින දර්ශන අපමණය. මේ මොහොත වන විට එවැනි වෙබ් අඩවි විශාල සංඛ්‍යාවක්‌ අන්තර්ජාලයේ හමුවේ.

මෙවැනි වෙබ් අඩවි නැරඹීමේ ප්‍රවණතාවයක්‌ නැතැයි කිසිවකු හෝ තර්ක කළ හැක. එහෙත් රට පුරා එක්‌ හන්දියකට දුසිම බැගින් ස්‌ථාපිතව ඇති "නෙට්‌ කැෆේ" (NET CAFE) තුළට වැද ඒවායේ කුටි වශයෙන් තනා ඇති "හුණ්‌ඩු කාමර" වලට වැදී අන්තර්ජාලයට පිවිසෙන දූ දරුවන් නරඹන්නේ කවරක්‌ද යන්න සොයා බලන්නෙකුට එහි සත්‍යතාවය වැටහෙනු නිසැකය. මෙහිදී මේ කාම වෙබ් අඩවිවලට පිවිසෙනු පිණිස අන්තර්ජාල පරිහරණය කරන්නේ තරුණ තරුණියන්ම පමණක්‌ යෑයි මත ගොඩනගා ගැනීම එතරම් සුදුසු නැත. ඊට වයස්‌ බේදයක්‌ නැත. අන්තර්ජාල තාක්‍ෂණයට පින් සිදු වන්න දැන් තොරතුරු ලබාගැනීම වේගවත්ය. එමෙන්ම පෞද්ගලිකයි - රහසිගතයි. තමන්ගේ ජංගම දුරකථනයට පවා වත්මනෙහි අන්තර්ජාල පහසුකම ලබාගැනීමේ හැකියාව පවතී. ජංගම දුරකථනයක්‌ පහසු මිලට ලබාගැනීමේ හැකියාව ද පවතින බැවින් ඊට කවර බාධාද?

එවැනි දියුණු තාක්‍ෂණයක්‌ පැරදවීමට උත්සාහ දැරීම කළ නොහැක්‌කකි. ලිංගිකත්වයට වැට බැඳීමේ වුවමනාවක්‌ ද මේ සටහන් කිරීම තුළ නැත. එසේ කළ හැකිවී නම් මීට වසර ගණනාවකට පෙර මෙවැනි වෙබ් අඩවි තිබෙන බවත්, බොහෝ අය එය නරඹන බවත් දැනගත් මොහොතේ එය අත්හිටුවීමේ හැකියාවක්‌ තිබිණි.

කෙසේ හෝ වෙබ් අඩවි තහනම් කිරීමේ හෝ තහංචි පැනවීමේ ක්‍රියාදාමයකට වඩා මේ මොහොතේ එකී වෙබ් අඩවි සඳහා අපේ තරුණ තරුණියන්ගේ රුව මුදාහැරීම වළක්‌වාලීමේ ක්‍රියාදාමයක්‌ අවශ්‍ය වේ. එහිදී, සමාජයීය වශයෙන් මෙකී අල-ජී ක්‍රියාවට වැට බැඳීමේ පෙරමුණ ගත යුත්තේ ද ඔබමය.

පෙම්වතියන් තමන්ගේ පෙම්වතාගේ අවිශ්වාස කටයුතු හැසිරීම දෙස සුපරීක්‍ෂාකාරී වීම වැදගත්ය. ඒ අනිසි හැසිරීම ඊළඟ තත්පරයේ සිට ඔබේ රුව අන්තර්ජාලයට මුසු කිරීම විය හැකිය.

"අපි බැඳලා හෝටලේට ගියාට පස්‌සේ වයිෆ් මුළු කාමරේම සර්ච් කළා. එයා කිව්වේ සමහර විට හෝටලේ කාමරවල කැමරා සෙට්‌ කරලා තියෙන්න පුළුවන් කියලා එයාගේ යාළුවෙක්‌ කිව්වා කියලයි."

මෑතදී විවාපත් වූ මිතුරකු එසේ පැවැසීය. යම් තරමකට හාස්‍ය උපදවන කාරණයක්‌ වුවද එහි බොහෝ දෑ සිතන්නට ඇත. ඒ අප ප්‍රවේශම් විය යුතු තරම පිළිබඳවයි.

එහෙත් බොහෝ විෂයයන් සඳහා "විශේෂඥයන්" සිටින අපට මෙකී වෙබ් අඩවි සොයා පවත්වාගෙන යන්නන්ට එරෙහිව කටයුතු කිරීමේ අවස්‌ථාවක්‌ ඇති බව විශ්වාස කරමු.

වෙබ් අඩවි තහනම් කිරීමට වඩා යහපත් වන්නේ එවැන්නකි. "තහනමක්‌" යනු කුතුහලයට වැඩි ඉඩක්‌ ලබාදීමයි. එවිට "කුතුහලය" ඇත්තවුන්ට තව තවත් බොහෝ දේ ලබාදෙන්නට කාම වෙබ් අඩවි පවත්වාගෙන යන්නවුන් ක්‍රියා කරනු නිසැකය. ඊට බිලිවන්නේ අපේම තරුණ තරුණියන්ය.

උදේශ ගමගේ

Divaina

Saturday, August 29, 2009

යුරේනි නොෂිකා මේ දිනවල වැඩ රාශියක නිරත වෙලා

By: Last Man On: 1:40 PM

කිඳුරංගනා ටෙලි සිත්තම තුළින් ජනප්‍රියත්වයක් ලබා ගත් යුරේනි නොෂිකා මේ දිනවල වැඩ රාශියක නිරත වෙලා ඉන්නවා. ඒ ‘සකල එෆ්. එම්’ ප්‍රහසනාත්මක ටෙලි නාට්‍යයේ රූගත කිරීම් නිසා. සාරංග මෙන්ඩිස්ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි යුරේනි අමුතුම ආකාරයේ රංගනයක නිරත වෙනවා.

ඩාන්සින් ස්ටාර් තුළින් ලැබූ ඉමහත් ජනප්‍රියත්වය නිසාම ඇයට මේ දිනවල චිත්‍රපට සඳහා ඇරයුම් ලැබිලා තියෙනවා. ඒ සිරස මාධ්‍ය ජාලයේ නිෂ්පාදනයක් වන ‘සුපර් ස්ටාර්’ චිත්‍රපටයටත් ‘නිනෝ ලයිව්’ චිත්‍රපටයටත් ය. ‘සඳ සාක්කි’ටෙලි සිත්තම තුළින් මේ දිනවල ඔබ හමුවන ඇය අතිශය කාර්යබහුලයි.
Cinema, Movies, Music

අනෝමා ජනාදරී
Anoma Janadari, Sri Lankan Actress, Cinema

By: Last Man On: 12:39 AM

අනෝමා ජනාදරී අන්තර්ජාතික සම්මාන දිනූ දක්ෂ චරිතාංග නිළියක්. ‘තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටයේ රඟපෑම් උදෙසා ඇය 2003 සිංගප්පූරු අන්තර් ජාතික චිත්‍රපට උළෙලේ හොඳම නිළිය සඳහා වන සම්මානය දිනාගත්තා. මේ ඇය සමඟ කළ සතුටු සාමීචියයි.

අනෝමා මේ දවස්වල මොනවද කරන්නේ?

”මම අලුතින් නිපදවන වේදිකා නාට්‍යයක රඟපානවා. අද හොඳ චිත්‍රපට නම් නොහැදෙන තරම්. ඒ නිසා මම වගේ නිළියකට ඒක ප්‍රශ්නයක්. මෑතදී තැනුණේ හොඳ චිත්‍රපට දෙකයි. එකක් ‘අක්ෂරය’. අනෙක ‘ආකාස කුසුම්’. ටෙලි නාට්‍යවල නම් රඟපාන්න දෙයක් නැහැ. හොඳ චරිතයක් ලැබුණොත් විතරක් රඟපානව මිසක් ලැබෙන හැම ටෙලිනාට්‍යයක්ම භාරගන්නේ නැහැ.


මොකක්ද ඔබ රඟපාන වේදිකා නාට්‍යය?

”ඒකේ නම ‘මහාරාජිනි’. ඉතාලි ජාතික ඩාරියෝ ෆෝගේ නාට්‍යයක අනුවර්තනයක්. නාට්‍යයේ අනුවර්තනය හා නිෂ්පාදනය ධර්මජිත් පුනර්ජීව. මේක මාධ්‍ය හැසිරීම ගැන කියැවෙන නාට්‍යයක්. මාධ්‍ය මඟින් ජන ආකල්ප වෙනස් කරන හැටි ගැන තමයි මේ නාට්‍යයේ කතාවෙන්නේ. මම රඟපාන්නේ මාධ්‍ය ආයතනයක හිමිකාරීනියගේ චරිතය.

ඔයා මීට ඉහත ධර්මජිත් පුනර්ජීව නිෂ්පාදනය කළ ‘සිංහබාහු’ ඉංගිරිසි නාට්‍යයේ සුප්පා දේවිගේ චරිතය නිරූපණය කළා. මේ චරිතය හරියට පූලාන් දේවි වගේ වුණු බව ‘සිංහබාහු’ නිර්මාතෘ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ බිරිය – ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කරලා තිබුණා. මේ චෝදනාව ගැන ඔයාට මොනවද කියන්න පුළුවන්?

’ඒක නිෂ්පාදකවරයාගේ අර්ථකථනය. ඔහුගේ අර්ථකථනයට අනුවයි මම රඟපෑවේ. ඔහුට ඕනෑවුණේ නැහැ සුප්පාදේවී හඬාවැටෙන, විලාප තියන ගැහැනියක් කරන්න. සුප්පා දේවි කියන්නේ එඩිතර ගැහැනියක්. තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් එඩිතර තීරණ ගත් ගැහැනියක්. ඒ වගේ රාජ කුමාරියක් සිංහයකු වැනි දඩබ්බරයකු සමඟ ජීවත්වන්නට හදපු එකම එඩිතර තීරණයක්. ඇය සාම්ප්‍රදායික චරිතයක් නෙමේ.

ඔබ කියන්නේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් මවපු සුප්පා දේවි හඬා වැටෙන ගැහැනියක් කියලද?

”ඔව්. හැම වෙලේම ඇය කරන්නේ විලාප තියන එක. පරණ පිටපතට අලුත් අර්ථකථනයක් දීමේ අයිතිය නිෂ්පාදකවරයාට තියෙනවා. ඒ නිෂ්පාදනය කළ සුප්පා දේවි වෙතින් පූලාන් දේවියක් මතුවුණා නම් ඒක නිෂ්පාදකවරයාගේ සාර්ථකත්වය. මොකද ඔහුට ඕනෑ කළේ එබඳු චරිතයක් නිර්මාණය කිරීමයි. නිළියක වශයෙන් මම කළේ ඔහුගේ අර්ථකථනයට අනුව රඟපෑමයි.

ඔබ ‘කුපාඩියා’ යන නමින් යුතු චිත්‍රපටයක රඟපානවා කියලා පසුගිය දවස්වල පත්තරවල තිබුණා.

”ඔව් මම රඟපෑවා. මේ චිත්‍රපටයේ තිරරචනය පිළිබඳ ප්‍රශ්න තිබුණා. තිර රචනයේ මගේ චරිතය මට ඕනෑ විදියට වෙනස් කරගන්න ඉඩ දෙනවා නම් රඟපානව කියලා මම කිව්වා. අධ්‍යක්ෂවරයා ඒ සඳහා එකඟවුණු නිසා මම රගපෑවා”.

’තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටයේ ඔබ නිරුවතින් රඟපෑවා. අද ආපහු හැරිලා බලද්දි ඔබට ඒ ගැන කිසියම් ආකාරයක පශ්චාත්තාපයක් ඇතිවෙන්නේ නැද්ද?

’රඟපෑම මගේ වෘත්තිය. මගේ වෘත්තිය සම්බන්ධයෙන් මම අවංකයි. වෘත්තීය නිළියක් වුණාම (මං දන්නේ නැහැ මං මේ අපේ සංස්කෘතියට අදාළව ද කතා කරන්නෙ කියලා) ඕනෑම චරිතයක් ඕනෑම විදියට රඟපාන්න පුළුවන් වෙන්න ඕනෑ.

එහෙම රඟපාලා ඒ හිටියේ මම නෙමෙයි කියලා මම කියන්න යන්නේ නැහැ. ඒ වගකීම මම භාරගන්නවා. ‘තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටයේ චරිතය ඉල්ලා සිටි දේ මම කළා.

ඉදිරියටත් මම එහෙමයි. කුල ප්‍රශ්න, ජාතික ප්‍රශ්න, ආගම් ප්‍රශ්න අපිට වඩා දැඩිව තියෙන ඉන්දියාවේ නිළියකට පුළුවන් වුණා නම් පූලාන් දේවිගේ චරිතය නිරුවතින් රඟපාන්න ඇයි මට බැරි ඒ වගේ නිරුවතින් රඟපාන්න කියලා මට හිතුණා. ඇත්තටම මට පූර්වාදර්ශයක් වුණේ ඒ චරිතය රඟපාපු නිළිය.

චිත්‍රපටයක අමුනිරුවතින් රඟපෑවයි කියලා ඔබට සාමාජික වශයෙන් ප්‍රශ්න මතුවුණේ නැද්ද?

”කිසිම ප්‍රශ්නයක් මතුවුණේ නැහැ. ප්‍රශ්නයක් මතුවුණේ ගෙවීම් සම්බන්ධයෙන් පමණයි. මගේ කැපකිරීමට මට සාධාරණය ඉටුවුණේ නැහැ. වෘත්තීමය වශයෙන් මට අසාධාරණයක් සිද්ධවුණා. මගේ ශ්‍රමය අවතක්සේරු වුණා. එහිදී මං පුරුෂාධිපත්‍යයෙන් බැට කෑවා කියලා අද මට හිතෙනවා.

’තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටයෙන් පසුව ඔයා ‘අක්ෂරය’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්න සූදානමින් හිටියද?

”ඔව්. මම විශ්වාස කළා, මට ඒ චරිතය ලැබෙයි කියලා. මං ඒ චරිතයට සුදුසුයි කියලා මට හිතුණා. හැබැයි මට ඒ චරිතය රඟපාන්න දෙනව නම් පෙර පුහුණුවීම් ඕනෑ කියලා මම කිව්වා. මොකද ඒක බොහෝම බරපතළ චරිතයක්. මම ඒ චරිතය අධ්‍යයනය කළා. නමුත් මට ලැබුණේ නැහැ.

’තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටයේ ඔයා කළ රංගනයට අන්තර්ජාතික සම්මාන ලැබුණා. එය ඔබ ලද සුවිශේෂී ජයග්‍රහණයක්. ඔබ රටට විශාල කීර්තියක් ගෙන ආවා. එහෙත් ඒ වෙනුවෙන් ඔබට ඔබගේ වෘත්තීය ක්‍ෂේත්‍රයෙන් නිසි ගෞරවය ලැබුණයි කියලා හිතනවද?

පැහැදිලිවම නැහැ. එහෙම ගෞරවය නොලබන්න මොකද්ද මම කරපු වරද? අපි රඟපාපු විදිය වැරදිද? එහෙම නම් ඒක විවේචනය කරන්න ඕනෑ. අඩුම ගාණේ රඟපෑම් අපිට දිරවන්නේ නැහැ කියලවත් කියන්න ඕනෑ.

කොටින්ම අන්තර්ජාතික සම්මාන ලැබුණ කියලා ‘කුපාඩියා’ චිත්‍රපටය තෙක් ඔයාට රඟපාන්න කිසිම චිත්‍රපටයක් ලැබුණේ නැහැ?

”මට විතරක් නෙමෙයි නීටා ප්‍රනාන්දු වැනි ප්‍රවීණ නිළියකටවත් අන්තර්ජාතික සම්මාන දිනාගත්තයින් පසුව කවුරුත් රඟපාන්න චිත්‍රපට දුන්නේ නැහැ. ඒ නිසා ඇයටම සිද්ධවුණා තවත් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න.

ඉතින් අන්තර්ජාතික සම්මාන දිනූ දමිතා අබේරත්න ගැන, නිම්මි හරස්ගම ගැන මා ගැන කවර කතාද? සිනමා ක්‍ෂේත්‍රයේ කුහකත්වයක් තියෙනවා. ඒක අපිට තේරෙනවා.

ඇයි ඔයා අනික් නිළියන් එක්ක ගත්දි ඔවුන්ගෙන් ඈත්ව හුදෙකලාව ඉන්නේ?

”මට තියෙන්නේ ඇතැමුන් කොයිතරම් අවංක ද කියන එක පිළිබඳ ප්‍රශ්නයකුයි.

ඔයා දැන් තනිවම නේද ජීවත් වෙන්නේ?

”ඔව්. මම ස්වාධීනත්වයට බොහෝම කැමැති ගැහැනියක්. මම විශ්වවිද්‍යාලයට ගියෙත් ස්වාධීනත්වය හොයාගෙන. එහෙම නොගියා නම් ගෙදර අය මාව කාටහරි කසාද බන්දලා දෙන්න ඉඩ තිබුණා.

තනියම ජීවත්වෙද්දි පැවැත්ම පිළිබඳ ප්‍රශ්න මතුවෙනවා. ඔයා කොහොමද ඒවාට මුහුණ දෙන්නේ?

”මේක අර්බුදකාරී බව මම දන්නවා. එහෙත් මට මගේ වෘත්තියෙන් පූර්වාදර්ශ තියෙනවා. එක් කෙනෙක් තමයි අපේ පුරෝගාමී නිළි රුක්මණී දේවි. අනිත් නිළිය තමයි ස්වර්ණා මල්ලවආරච්චි.

ඒ කියන්නේ නැවත විවාහවෙන්න අදහසක් නැහැ?

”නැහැ. මම තනියම ජීවත්වෙනවා.

අශෝක හඳගම (ඔයාගේ හිටපු සැමියා) ඔහුගේ චිත්‍රපටයක රඟපාන්න ආරාධනා කළොත් ඔයා ඒ ඇරියුම පිළිගන්නවද?

”පැහැදිලිවම පිළිගන්නවා. කොන්දේසි විරහිතව මම ඔහු යටතේ රඟපාන්න කැමැතියි. හැබැයි මගේ ශ්‍රමය අගය කිරීම උඩ. සිනමාවේ යතුරු තහඩුව මාරු කරන්න කියලා මම හඳගමගෙන් ඉල්ලා සිටිනවා.

අපේ නිළියන් ගැන, රංගනය ගැන ඔබ මොකද හිතන්නේ?

”රංගනය කියන දේ අධ්‍යාපනික කාර්යයක් කියන ස්ථාවරයේ අද මම ඉන්නවා. අද මේ වෘත්තිය මෝස්තර නිරූපිකාවන් විසින් ආක්‍රමණය කරලා ඉවරයි. එහෙත් රසිකයන් ඔවුන් ප්‍රතික්ෂේප කරන දිනය වැඩි ඈතක නැහැ.

මොකද මෝස්තර නිරූපණයයි රංගනයයි කියන්නේ දෙකක්. අපේ නිළියන්ගෙන් මාලිනී ෆොන්සේකා විතරයි යාවත්කාලීන බවින් රඟපාන එකම නිළිය. ඇය ඒ යාවත්කාලීන බව අඛණ්ඩව පවත්වාගෙන ගිහින් තියෙනවා. එහෙම නිළියකට ඉන්නේ ඇය විතරයි. වෙන කවුරුත් නැහැ.

සුමිහිරි - Silumina

Thursday, August 27, 2009

Girl V Boy

By: Last Man On: 1:45 PM

Tuesday, August 25, 2009

රට වෙනුවෙන් යමක් කරන්න මේ හොඳම කාලයයි - අනර්කලී

By: Last Man On: 2:24 PM
ඇයි ඔබ දේශපාලනයට එන්න හිතුවේ?

මූලිකම දේ මම දේශපාලනයට කොහොමත් කැමැති කෙනෙක්. ඒකට මූලික හේතුව වෙන්න ඇත්තෙත් මගේ පවුල් පරිසරය. මගේ සීයා ආරිය ජයතිලක හිටපු ඇමැතිවරයෙක්. ඔහු හිටපු ක්‍රියාකාරී දේශපාලනඥයෙක්. ඒ වගේ ම මගේ ඥාතියකු වන එඩ්මන්ඩ් සමරක්කොඩි.

ඔහුත් ක්‍රියාකාරී දේශපාලනඥයෙක්. මේ බලපෑම, පරිසරය මට ලැබෙන්න ඇති කියලා මට හිතෙනවා. අනෙක් දේ මට පුළුවන්කමක් තියෙනවා මේ වගකීම් භාරගෙන වැඩ කරන්න. මේ මොහොතේ මගේ රට වෙනුවෙන් යමක් කරන්න හොඳම කාලය කියලයි මට හිතෙන්නේ.

මොකක්ද ඔබට දේශපාලනයට එන්න තියෙන සුදුසුකම?

“මා මුලින් කියූ පරිදි අපේ පවුල් පරිසරයෙන් ම ඒ සුදුසුකම ලැබිලා තියෙනවා. අපේ පවුලේ හිටපු දේශපාලන ක්‍රියාකාරීන් හොඳින් ඒ ඒ ප්‍රදේශවලට සේවය කරලා තියෙනවා. හොඳ දෙයක් කළොත් අමතක වෙන්නේ නැහැ මිනිසුන්ට. අද ඒ පරම්පරා අලුත්වෙලා හිටියත් ඔවුන් පවා අපේ සීයලා කළ දේවල් තවම මතක් කරනවා.

මගේ බලාපොරොත්තුවත් අපේ රටේ ජනතාව වෙනුවෙන් හොඳ දෙයක් කරන්න. ඒ වෙනුවෙන් ගොඩක් කැපවෙලා වැඩ කරන්න මම කැමැතියි. මෙහෙම දෙයක් මම කියන්න ඕන. මට වරදින්නේ නැහැ කියලා කියන්න බැහැ. නමුත් ක්‍රමානුකූ®ලව නිවැරදිව හැමදේ ම කරන්නයි මම උත්සාහ ගන්නේ.

දේශපාලනය නිසා ඉදිරියේදී ඔබේ කලා කටයුතු කොහොම වෙයිද?

“කලාව නිසා මාව බොහෝ දෙනෙක් දැන අඳුන ගත්තා. ඒ නිසා සිනමාවේ හෝ වේවා පුංචි තිරේ හෝ වේවා මගේ රසික පිරිස කවදාවත් මම අමතක කරන එකක් නැහැ.

අනිවාර්යයෙන් ම හොඳ නිර්මාණවලට මම දායක වෙනවා. තවම මට අවුරුදු 22 යි. ඒ නිසා තවම වයස තියෙනවා. කාලය තියෙනවා. හොඳ නිර්මාණවලින් කවදාවත් මම ඈත් වෙන්නේ නැහැ කියලා මම කියන්න ඕන.

අඩු වයසින් දේශපාලනයට ඒම ඉක්මන් වුණා වැඩියි කියලා හිතෙන්නෙ නැද්ද?

මම හිතන්නේ මේ කාලයේ යොවුන් පරපුර ඉදිරියට ඇවිත් කටයුතු කරන්න ඕන කාලයක්. ඉස්සර වගේ නෙමෙයි අද තරුණ වයස වනවිට තාක්ෂණයෙන් අධ්‍යාපනයෙන් මේ පිරිස පෝසත්. ගොඩක් ඉදිරියට ඇවිල්ලා. මේ අවස්ථාව මම දකින්නේ යොවුන් පරපුර නියෝජනය කරන්න ලැබුණු අවස්ථාවක් විදිහට. ඒ නිසා එය මඟ හරින්න මට අවශ්‍ය වුණේ නැහැ.

මම කැමැතියි තරුණ පරපුර ඉදිරියට එනවට. මේ රටට වැඩක් කරනවට. විදේශීය අධ්‍යාපනය දැනුම ලැබුවට කමක් නැහැ. ඒ අත්දැකීම් හරි මේ පුංචි ලංකාවට ලබාදෙන්න පුළුවන් නම් ඒ දේයි අපට රට වෙනුවෙන් කරන්න පුළුවන්. ඒ නිසා රට වෙනුවෙන් සේවය කරන්න වයස එතරම් ගැටලුවක් කියලා මම හිතන්නෑ.

පසුගිය කාලයේ කලාකරුවන් රැසක් මැතිවරණවලට ඉදිරිපත් වුණා. ඔබ මෙය දකින්නේ කොහොමද?

තමන්ගේ පෞද්ගලික කැමැත්ත නිසා ඒ විදිහට ඔවුන් එන්න ඇති. නමුත් ඒ පිළිබඳ කතා කරන්න මට අයිතියක් නැහැ කියලයි හිතෙන්නේ.

කලාවෙන් හදාගත්තු නම දේශපාලනයට සුදුසු කමක් කියල හිතෙනවද?

“මං සිනමා නිළියක් නිසා ම නෙමෙයි දේශපාලනයට එන්නේ. මට දේශපාලන පසුබිමක් තියෙනවා. මට මූලිකම දේ රට වෙනුවෙන් වැඩ කරන එක. ශ්‍රී ලාංකික හොඳ පුරවැසියෙක් වෙන එක. ජනාධිපතිතුමා බලයට ගේන්න මම වැඩ කළා. “මහින්ද චින්තනයට” මම ගොඩක් ගරු කරනවා. එතකොට මට අවුරුදු 18 යි. එදා මම විශ්වාසය තැබුවා, බය නැතුව ඉදිරියට ආවා.

දැන් අපි දකිනවා ඉදිරියට යන පාර පැහැදිලියි කියලා. අද මුළු ශ්‍රී ලංකාවම එකම ධජයක් යට ජාති භේදයෙන් තොරව සාමයෙන් ඉන්න මොහොතකට අපි ඇවිල්ලා ඉන්නේ. එවන් මොහොතක මට මේ වගේ අවස්ථාවක් ලැබීම පළාත් සභාව හරහා වැඩ කරන්න ලැබීම තුළ උපරිමයෙන් වැඩ කරන්නයි මට ඕන.

ඔබට දේශපාලනයට එන්න හිතුණෙ?

බොහෝ දෙනෙක් මගෙන් අහපු දෙයක් තමයි කවදද අනර්කලී ඔයා රට වෙනුවෙන් වැඩ කරන්නේ, දේශපාලනයට එන්නේ කියලා. තරුණ පරපුර විශේෂයෙන් මගෙන් ඒ ගැන අහනවා. ඒ නිසා ඒ අදහස මා තුළ තවත් වැඩි වුණා. ඉතිං මං විශ්වාස කළා මම මේ අභියෝගය භාරගන්නවා කියලා.”

ඒ වෙනුවෙන් මොනවද මේ දවස්වල ඔබේ වැඩ කටයුතු?

“මම බලාපොරොත්තුවෙන් ඉන්නේ නාම යෝජනා භාර දෙනකම්. එය කවදද ප්‍රකාශ කරන්නේ කියලා මම බලන් ඉන්නේ. ඒ වගේම කොයි ප්‍රදේශයද ඒ වෙනුවෙන් ඉදිරි වැඩපිළිවෙළ සකස් කරන්නත් අවශ්‍ය කියන කටයුතු මේ දිනවල සැලසුම් කරමින් ඉන්නේ.

වසන්ත ජයසිංහ ආරච්චිගේ- Silumina

Monday, August 24, 2009

ස්වර්ණා 61 වැනි උපන් දිනය සමරයි
Sri Lankan Actress Swarna Mallawaarachchi's 61st Birth Day

By: Last Man On: 4:23 AM

ප්‍රවීණ සිනමා නිළි ස්වර්ණා මල්ලවආරච්චි පසුගිය පළමුවැනිදා තම ජීවිතයේ 61 වැනි උපන් දිනය සැමරුවා. ඒත් එදින ඇය හිටියේ ලංකාවේ නෙමෙයි.

ඇය ඉන්දියාවේ සංචාරයක නිරතව සිටියා. ස්වර්ණා කොහොමත් ලංකාවේ හිටියත් උපන් දිනය උජාරු උත්සවයක් කරගන්නා නිළියක් නෙමෙයි. ස්වර්ණා හැට පිරුණත් තවමත් වයස නොපෙනෙන නිළියක්.

ස්වර්ණා වසර ගණනාවකට අලුත් චිත්‍රපටයක රඟපෑවේ නැහැ. ඇය අවසන් වරට රඟපෑවේ ප්‍රසන්න විතානගේ ගේ ‘අනන්ත රාත්‍රිය’ චිත්‍රපටයේ.

ඇය ටෙලිනාට්‍යවල නම් රඟපාන්නේම නැහැ. වෘත්තිමය වශයෙන් ස්වර්ණා අද රාජ්‍ය නොවන සංවිධානයක ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක්.

ස්වර්ණගේ දියණිය (නරේන්ද්‍රා ප්‍රභාෂ්වරී බණ්ඩාරනායක) දැන් විසිපස් හැවිරිදි තරුණියක්. ඇය පසුගිය අවදියේ එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය විශ්ලේෂණය පිළිබඳ උපාධියක් ලබාගත්තා.

ඇය දැන් නැවතත් එම විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධියකට සූදානම් වෙනවා. පෞද්ගලික ජීවිතයේදී ස්වර්ණා අද වැඩි අවධානයක් යොමුකර තිබෙන්නේ රංගනයටත් වඩා ඡ්‍යොතිෂ විෂයය කෙරෙහියි. උපන් වෙලාව නිවැරැදිව කිවහොත් ඕනෑම කෙනකු මියයන වෙලාව පවා කීමට තරම් ස්වර්ණා දැන් ඡ්‍යොතිෂයේ ප්‍රවීණයි.

අපි ‘රසඳුන’ට හොඳ සම්මුඛ සාකච්ඡාවක් කරමුද?අපි ස්වර්ණාගෙන් ඇහැව්වා.

”අනේ මම ඔය ටැබ්ලොයිඩ් පත්තරවලට දැන් ඉන්ටවීව්ස් දෙන්නේ නැහැනේ. අනික මම අවුරුදු ගාණකින් මුකුත් කළෙත් නැහැ. ඉතින් මොනව කතාකරන්නද? කොහොම වුණත් ආයේ දවසක කතා කරන්නකෝ?” ස්වර්ණා අපට එසේ කියා සිටියා. - Silumina