Thursday, December 31, 2009

නිතරම පෙනෙන කෙනෙක් වෙන්න මම කැමති නෑ - හසිනි ගෝනගල

By: Last Man On: 2:09 AM



Hashini Gonagala Wallpapers - Upcoming Actress and Dancer


හසිනි ගෝනගල අප අතරට මුලින්ම පැමිනියේ සිරස ඩන්සින් ස්ටාර් තරඟයෙන් දුෂ්ශන්ත වීරමන් ගේ නර්තන සහ කාරිය ලෙසිනි. පසුව ඇය විවිධ කලා නිර්මාණ තුලින් අප අතරට ආවාය.

හසිනි, මොනවද මේ දවස් වල කරන්නෙ?

ඩාන්සින් තමයි වැඩිපුර. ඊට අමතරව ඇඳුම් නිර්මාණ

රඟපෑම?

උත්තරා චිත්‍රපටයේ රඟපෑවා. එය ට ලැබෙන ප්‍රතිචාර අනුව රඟපෑම දිගටම කරනවද කියලා හිතලා බලනවා

ගුරු වරියක් වෙලා නේද?

ඔව්. දුෂ්ශන්ත්තුයි මායි ඩාන්සින් පන්තියක් පටන් ගත්තා . ළමයි ගොඩක් ඉන්නවා

Tuesday, December 29, 2009

මට අක්කා හැම තිස්සෙම රඟපාන්න කතා කරනවා - පූර්ණිකා පීරිස්

By: Last Man On: 1:18 PM
මේ දවස් වල මොනවද කරන්නෙ?

ලක්ස් රුවැත්තිය තරඟය තිබුණා. එහි නිවේදන කටයුතු කරනවා.

නිවේදන කටයුතු වලටම හිර වෙලාද?

වෙලාව මදි කම නිසා වෙනත් වැඩසටහන් වලට යොමු වෙන්න අමාරුයි.

අක්කට (චතුරිකා පීරිස්) වගේ රඟ පාන්න අදහසක් නද්ද?

ලොකු බලාපොරොත්තුවක් නැහැ.හොඳ අවස්ථාවක් ලැබුනොත් කරන්න හිතෙනවා.

ඔයා රඟපානවට චතුරිකා කැමතිද?

ඔව්. ඇත්තටම කතා කරනවා. නමුත් කාර්ය බහුල නිසා සම්බන්ධ වෙන්න අමාරුයි.

Monday, December 28, 2009

ශ්‍රී ලංකා ක්‍රිකට කණ්ඩායම තෝරන්නේ ගෑණුලු

By: Last Man On: 5:44 AM
ශ්‍රී ලංකා ක්‍රිකට තොරනු ලබන්නේ ක්‍රිකට් තෙරීම් කමිටුව විසිනි. එහෙත් දැන් එම රජකාරිය කෙරෙන්නේ ක්‍රිකට් කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩකයින් ගේ බිරින්දෑ වරුන් ගේ ඕනෑ එපාකම අනුව බව පැවසේ. ජේෂ්ඨ ක්‍රීඩකයින් ගේ බිරින්දෑ වරුන් කරගෙන යන මෙම ව්‍යාපාර ට අනුව ජේෂ්ඨ ක්‍රීඩකයින් කණ්ඩායම තුල ක්‍රියා කිරීම නිසා, මෙමෙ ව්‍යසනය ඇති වී ඇති අව වාර්තා වේ. මෙමඟින් තේරීම් කමිටුවද අපහසු තාවයට පත්වී ඇති බව වාර්තා වේ. මෙයට මූලික වී ඇති අය වන්නේ ජේෂ්ඨ ක්‍රීඩකයකුගේ බිරිඳ සහ ඇගේ දරුවන් බලා ගැනීමට එන තවත් ක්‍රීඩකයකුගේ බිරිඳක් බව පැවසේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාර්තක බවට මෙයද හෙතුවක් වී ඇත. enews

Friday, December 25, 2009

සනත් ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට අදට වසර විස්සයි

By: Last Man On: 11:26 PM

එක් දින ක්‍රිකට් ලොව උඩු යටිකුරු කළ සිංහනාදය

සනත් ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට අදට වසර විස්සයි

ක්‍රිකට් ඉතිහාසයට විශ්මිත ප්‍රහාරාත්මක ක්‍රීඩා රටාවක් එක්කළ ලෝක ප්‍රකට පිතිකරු සනත් ජයසූරිය අන්තර්ජාතික ක්‍රිකට් බිමට පිවිස අදට වසර 20 ක් සපුරයි.

ජීවිත කාලයේ හරි අඩක්ම ක්‍රීඩා පිටියට කැප කළ මේ විශිෂ්ඨ ක්‍රීඩකයා ලෝක සිතියමේ කුඩා රට ගැන විශාල අවධානයක් ඇති කිරීමට සමත්වෙමින් වරෙක ලොව වටිනාම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය ද දිනා ගත්තේය.

ක්‍රිකට් පිටියේ වාර්තා පිට වාර්තා බිහි කළ සනත්ගේ මුල්ම එක්දින අන්තර්ජාතික තරගය වූයේ 1989 දෙසැම්බර් 26 දා ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙල්බර්න් පිටියේ දීය.

ක්‍රිකට් ක්‍රීඩා ලෝකයේ ගෞරවයට හා ආදරයට පාත්‍ර වූ සනත් ක්‍රීඩාවට සම්බන්ධ නිකැලැල් චරිතයකින් හෙබි නිහතමානී අයෙකි. ජය පරාජ දෙක මැද දැඩි ලෙස සටන් කළ සනත් ඕනෑම මොහොතක නැගී සිටිය හැකි ක්‍රීඩකයෙකු ලෙස විචාකරයන් හැඳින්වූහ.

ක්‍රිකට් ක්‍රීඩාවට කලාතුරකින් පහළවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රවීනයන්ගේ හා විචාරකයන්ගේ පැසසුමට ලක්වූ සනත් කිසිවෙකුට සමකළ නොහැකි දක්ෂතා ඇති ක්‍රීඩාවේ ජීවය ලෙසද හැඳීන්විය.

ඩන්ස්ටන් ජයසූරිය හා බ්‍රීඩා ජයසූරියගේ දෙවැනි පුතුවූ සනත් ටෙරාන් ජයසූරිය මාතර සාන්ත සර්වේශස් විදුහලෙන් බිහිවූ සුපිරි තරුවකි. එකම අයියා චන්දන ජයසූරියයි. බිරිඳ සැන්ඩ්‍රා දියනියන් දෙදෙනාවන කේෂානි, යලින්දි හා පුතු රනුක සනත්ගේ පවුලේ සාමාජිකයෝ වෙති.

ශ්‍රී ලංකාවට ලෝක ක්‍රිකට් කිරුළ හිමිවූ 1996 ලෝක ක්‍රිකට් තරගාවලියේ දී ලොව වටිනාම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූයේ සනත් ජයසූරියයි. තරගයක මුල් ඕවර් කිහිපයේ දී ප්‍රචණ්ඩ ලෙස පහරදීමේ තාක්ෂණය ක්‍රිකට් පිටියට එක්කළ ක්‍රීඩකයා ලෙස සනත් ජයසූරිය ඉතිහාසයට එක්කරමින් එම සම්මානය ඔහුට හිමිවිය.

1988 දී ශ්‍රී ලංකාවේ හොඳම පිටපළාත් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනාගත් සනත් 1997 දී විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයද දිනාගත්තේය. 1999 දී ශ්‍රී ලංකා පිලේ නායකත්වයට පත්වූ සනත් ලොව වැඩිම එක්දින තරග ප්‍රමාණයකට සහභභාගිවූ ක්‍රීඩිකයා ලෙස වාර්තාවක්ද බිහි කළේය.

එමෙන්ම එක්දින ක්‍රිකට් ලොවේ වැඩිම හයේ පහර එල්ල කරමින් වාර්තාවක් බිහි කළේය. එංගලන්තයේ සුප්‍රකට මෙරලිබෝන් (එම්.සී.සී) ක්‍රීඩා සමාජයේ නායකයා බවට පත්වූ මුල්ම ශ්‍රී ලාංකිකයා ලෙසද සනත් ඉතිහාසයට එක්වූයේය.

ක්‍රීඩා ලෝකයේ වසර 20ක් සපුරා මවුබිමට කීර්තියක් අත්කර දුන් සනත්ට ක්‍රීඩා ලෝලීන්ගේ ගෞරවය හා ආදරය තවදුරටත් නිසැකවම හිමිවනු ඇත.

සනත් ටෙරාන් ජයසූරිය

* උපත - 1969 ජූනි 30
* ක්‍රීඩා සමාජ - බ්ලුම්ෆීල්ඩ්, සී.සී.සී., එංගලන්තයේ එම්.සී.සී., සමර්සෙට්, මුම්බායි ඉන්දියන්, රුහුණු පිල
* ප්‍රථම එක්දින තරගය 1989 දෙසැ. 26 ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙල්බර්න්හිදී
* ප්‍රථම ටෙස්ට් තරගය 1991 පෙබ. 22-26 නවසීලන්තයට එරෙහිව හැමිල්ටන්හිදී
* එක්දින තරග 443
* ටෙස්ට් තරග 110



සනත්ගේ අන්තර්ජාතික එක්දින තරග ඉතිහාසය

* ප්‍රථම තරගය
1989 දෙසැ: 26 දා ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙල්බර්න්හිදී.
* තරග 443
* ඉනිම 431
* නොදැවීම් 18
* ලකුණු 13397
* වැඩිම 189
* සාමාන්‍ය 32.43
* ශතක 28
* අර්ධ ශතක 68
* හතරේ පහර 1495
* හයේ පහර 270
* උඩ පන්දු 123
* කඩුලු 322
* හොඳම පන්දු යැවීම 26/6
* 1996 ලොව වටිනාම ක්‍රිකට් ක්‍රීඩකයා

ටෙස්ට් පිටියේ කළ මෙහෙවරට ජනාධිපතිතුමාගෙන් තිළිණයක්

පියා ඩන්ස්ටන් හා මව බ්‍රිඩා මහත්ම මහත්මීන්
සනත්ගේ ක්‍රීඩා දිවියෙහි රසවත් මතකය අතර.


1996 ලෝක ක්‍රිකට් තරගාවලියේ දී ලොව වටිනාම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූ අවස්ථාව

බිරිඳ සැන්ඩ්‍රා, කේෂානි, යලින්දි හා පුතු රනුක

Thursday, December 24, 2009

Wednesday, December 23, 2009

ජෙනරාල් වත්කම් හෙළිකරයි

By: Last Man On: 12:50 PM
File:General Sarath Fonseka.jpgබැංකු ගිණුමක්, නිවසක් සහිත ඉඩමක්, හිස් ඉඩම් දෙකක් සහ මර්සිඩීස් බෙන්ස් රථයක් හැර වෙනත් කිසිදු වත්කමක් තමන් සතුව නැතැයි ජනාධිපතිවරණයේ නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිය වත්කම් බැරකම් ප්රකාශයේ සඳහන් කර ඇත.

තවත් බැංකු ගිණුම් හතරක් සහ රුපියල් දහසය ලක්ෂ අනූදෙදහසක් (රු.1692000) වටිනා ස්වර්ණාභරණ තම බිරිය සතුව ඇතැයි ද ජෙනරාල් ෆොන්සේකා මහතා තම වත්කම් බැරකම් ප්රකාශයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා තම වත්කම් බැරකම් ප්රකාශය ජනාධිපතිවරණ නාමයෝජනාව සමඟ පෙරේදා (17 දා) මැතිවරණ කොමසාරිස්වරයාට බාර දුන්නේය.

ඉන් අනතුරුව පෙරේදා සිය මැතිවරණ ප්රචාරක ව්යාපාරය අරඹමින් මහනුවරදී පැවැති උත්සවයකදී තම ජාතික ප්රතිඥව රට හමුවේ තැබූ ෆොන්සේකා මහතා තමන්ගේ වත්කම් බැරකම් ප්රකාශය ද මහා සංඝරත්නයට හා ජනතාවට පිළිගැන්වීය.

ජනාධිපති වූ පසු සෑම වසරකම ජනවාරි 27 වැනිදා තමන්ගේ වත්කම් බැරකම් ප්රකාශය ජනතාවට ඉදිරිපත් කරන බවට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මහනුවරදී ප්රතිඥ දුන්නේය.

තම බැංකු ගිණුමේ රුපියල් හයලක්ෂ හතළිස් එක්දහස් තුන්සිය පනහයි ශත අසූඅටක් ද (රු.6,41000 යි ශත 88) ද බිරිඳ සතු බැංකු ගිණුම් පහක රුපියල් විසිතුන්දහස් තුන්සිය හතයි ශත හතළිස් හතක් (රු.23307 යි ශත 47 ක්) සහ ඇමරිකානු ඩොලර් 2952 ක ශේෂයක් ද ඇතැයි සරත් ෆොන්සේකා මහතා කියා සිටියි.

මීට අමතරව පිළියන්දල ප්රදේශයේ තමන් සතු පර්චස් 15.2 ක නිවස සහිත ඉඩම රාජ්ය උකස් හා ආයෝජන බැංකුවට ඇපයට තබා ණය මුදලක් ලබාගෙන ඇතැයි ද එම ණය මුදලේ වර්තමාන ශේෂය රුපියල් හැත්තෑපන්දහස් හයසිය අනූහතරක් (රු.75694) ක් බව ද සරත් ෆොන්සේකා මහතා කියා සිටියි.

විශ්රාමික ආරක්ෂක මාණ්ඩලික ප්රධානී වශයෙන් තමන්ට නියමිත විශ්රාම වැටුප මෙතෙක් ලැබී නොමැති නිසා තම මාසික වැටුප සඳහන් කිරීමට හැකියාවක් නැතැයි ද ජෙනරාල් ෆොන්සේකා මහතා සිය වත්කම් බැරකම් ප්රකාශයේ සඳහන් කර ඇත.

Monday, December 21, 2009

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර නිළියන් සමඟ නටයි

By: Last Man On: 1:58 PM

See full size image

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ස්වර්ණවාහිනිය මඟින් පවත්වන "මෙගා ස්ටාර්" වැඩසටහනට සහභාගී වේ. මෙමෙ වැඩ සටහන නර්තන හා ගායන වැඩ සටහනකි. මෙහිදී ඔහු ජනප්‍රිය නිළියන් සමඟ නටයි. ඔහු කලාවට තිබෙන ආදරය නිසා මෙමෙ තරඟයට සහභාගී වූ බව පැවසීය. ඔහුගෙ සොයුර වන කිත්සිරි ජයසෙකරද ජනප්‍රිය ගායකෙයෙකි. බොහෝ විට දයාසිරි මන්ත්‍රී වරයා "මෙගා ස්ටර්" කිරුළ දිනා ගනු අතැයි බොහෝ අය ප්‍රකාශ කර ඇත.