උදාරි රූ රැජිණ වෙනවා බලන් ඉන්න බැරුව පියුමි හංසමාලි කෝපයෙන් වේදිකාවෙන් බැස ගිහින් - (ඡායාරූප)
2016 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරඟයේ අවසන් වටය කොළඹ රාමඩා හෝටලයේ සම්භාවනීය අමුත්තන්ගේ රැසකගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ පැවැත්වී තිඛෙනවා. කෙසේ වෙතත් මෙම තරඟයේ ජයග්‍රහණය අපේක්ෂාවෙන් විශාල ප්‍රචාරණයක් දියත් කළ පියුමි හංසමාලි පරාජයට පත්ව තිඛෙන අතර ලද අනපේක්ෂිත පරාජයෙන් පසුකෝපයට පත්වූ ඇය වේදිකාවෙන් ප්‍රසිද්ධියේ බැසයාමේ සිදුවීමක් පිළිබඳ තොරතුරු වර්තා වෙනවා. මෙම තරඟයේදී ජයග්‍රහණය කර ඇත්තේ නිරූපිකාවක හා මෑත කාලයේ සිනමා නිළියක ලෙස ජනප්‍රියට පත්වූ උදාරි පෙරේරාය. මෙම තරඟයේ අවසන් අට දෙනා අතරට පියුමිද තේරී පත්ව ඇති අතර ජයග්‍රාහිකාවන් තෝරා ඇත්තේ එම අට දෙනාම වේදිකාවේ තබමිනි. පළමුව තෝරා ඇත්තේ
තෙවනියා හා දෙවනියා වන අතර පළමුවැන්නා වන්නේ කවුරුන් දැයි බොහෝ දෙනා දෑස් දල්වාගෙන බලාපොරොත්තුවෙන් සිට තිඛෙනවා. කෙසේ නමුත් මෙය අවසන් හය දෙනා අතර පියුමි හා උදාරි දෙදෙනාම සිට ඇති අතර මෙවර විවාහක රූ රැජිණ උදාරි පෙරේරා යැයි විනිශ්ය මණ්ඩළය නම් කරද්දී ඇයට සුභ පතනු වෙනුවට මුහුණ කළු කරගත් පියුමි සභාවේ අයට සිය කෝපය පෙන්නුම් කරමින් වේදිකාවෙන්
ප්‍රසිද්ධියේ බැසගොස් තිඛෙනවා. තරඟකරුවන්ගේ බුද්ධි මට්ටම විමසීමට ඉංග්‍රීසි බසින් පැවති ප්‍රශ්ණ වටවලදී පියුමි ලබාදුන් ඇතැම් පිළිතුරු හාස්‍යජනක ඒවා වූ බවත් ගෘහස්ථ ප්රචණ්ඩත්වය පිළිබඳව අසන ලද පැනයකදී ඇයට එහි හරි අරුත හෝ තේරුම් ගැනීමට නොහැකිව කෙටි පිළිතුරක් ලබා දී ඇති බවත් වර්තා වෙනවා.
0 comments:
Post a Comment