Showing posts with label nadeesha hemamali. Show all posts
Showing posts with label nadeesha hemamali. Show all posts

Thursday, September 1, 2011

නදීෂාට දුමින්ද සිල්වා ඇණයක් වෙයි.

By: Last Man On: 2:29 AM




සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් නදීෂා හේමමාලිට ඇගේ නිවසට නිතර යන එන  පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන දුමින්ද  සිල්වා   නිසා පසුගිය කාලයේ ප‍්‍රශ්න රාශියකට මුහුණදීමට සිදුවී ඇතැයි වාර්තා වේ.
  මොහු ඇගේ නිවසට නිතරම පැමිණෙන බවත්,එසේ පැමිණෙන්නේ ආරක්‍ෂක රථ හා ආරක්‍ෂක නිලධාරීන් පිරිවරාගෙන බවත් පැවසේ.

නදීෂා මීට පෙර පැලවත්තේ පෙරේරා මාවතේ කුළියට ගෙන තිබූ නිවස අතහැර යන්නට සිදුවූයේද අදාළ තත්ත්වය හේතුවෙන් බවද පැවසේ.

පෙරේරා මාවතේ පිහිටි නිවසේ හිමිකරුවන් විසින් දුමින්ද මන්තී‍්‍රවරයාගේ ආරක්‍ෂක රථ හා ආරක්‍ෂක භටයන් අසල් වැසියන්ට කරදරයක්වී ඇති බවත්,එනිසා කරුණාකර පදිංචියට වෙනත් ස්ථානයක් සොයාගන්නා ලෙස පැවසීමෙන් පසුව නදීෂා වර්තමානයේ පදිංචිව සිටින පැලවත්තේ ලියනගේ මාවතේ නිවස සොයාගෙන ඇතැයි වාර්තා වේ.

ලියනගේ මාවතේ නදීෂා පදිංචිව සිටියද එම මාවතේ නිළියක් සිටින බව කිසිවෙකු නොදන්නා බවත්,එහි සිටින නදීෂාගේ අසල්වාසීන් සිතා සිටින්නේ අදාළ නිවසේ ඇමතිවරයෙකු සිටින බවයැයි ද පැවසේ.

පසුගිය දිනක නිදීෂා සොයා ගිය කලාකරුවන් පිරිසකට ඇගේ නිවස සොයා ගැනීමට නොහැකිව පැය කිහිපයක් රස්තියාදුවීමට සිදුවී ඇතැයි ද මේ අතර වාර්තා වේ.

 දුමින්ද  සිල්වා මන්තී‍්‍රවරයා බොහෝදෙනෙකු හඳුන්වන්නේ ‘රොමා’ යන අන්වර්ථ නාමයෙන් බවද පැවසේ.

එසේම මොහු තවත් ජනපි‍්‍රය නිළියක් හා පළාත් සභා මන්තී‍්‍රනියක් වන අනර්කලී ආකර්ශා සමග නඩු හබයක පැටලීම නිසා ජනපි‍්‍රයත්වයට පත්වූ අයෙකි.

නදීෂා පසුගිය කාලයේදී වඩාත් ජනපි‍්‍රයත්වයට පත්වූයේ තෙලිඟු විත‍්‍රපටයක රඟපෑමේ වරම් ලැබීම නිසාය.

ඇය මෙලෙස සිය රංගන දායකත්වය සපයා ඇත්තේ ආර්.වී.උයද කුමාර් නැමැති ජනපි‍්‍රය දමිළ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයාගේ ‘මිස්ටර් රාස්කල් ’ චිත‍්‍රපටය සඳහාය.

ඉදිරි කාලයේදී එම චිත‍්‍රපටය ඉන්දියාවේ ආන්ද්‍රා ප‍්‍රදේශයේ සිනමාහල්වල තිරතවීමට නියමිතය.

එසේම ඇය ටෙලි නාට්‍ය නිෂ්පාදනය සඳහාද අත ගසා ඇතැයි පැවසේ.

නදීෂා විසින් නිෂ්පාදනය කරනු ලබන සිය කුළුදුල් ටෙලි නාට්‍යයේ ඇය විසින් ගැටඹි හා මලිති යන ද්විත්ව චරිත නිරූපණයක් සිදු කිරීම ද විශේෂිතය.

මෙම ටෙලි නාට්‍ය ඇත්කඳලිහිණි යනු වෙන් නම් කර තිබේ.

නදීෂාට රීල් ඇන්ඩ් ට‍්‍රැක් නමින් නිෂ්පාදන හා අලෙවිකරණ ආයතනයක් ද ඇත.

එම ආයතනය තුළ පසුගිය කාලයේදී ටේ‍්‍රන් ටු කැන්ඩි නමින් ජාත්‍යන්තර වෙළෙඳපොළට චිත‍්‍රපටයක් නිෂ්පාදනය වූ බවත්, දුන්හිඳ අද්දර ටෙලිනාට්‍ය පිටපත ඩී.වී.ඩී. තැටියක් කළ බවත්, ඇය පවසන්නීය.

Sunday, June 27, 2010

නදීශා තෙලිඟු චිත්‍රපටයක

By: Last Man On: 6:07 AM
නදීශාගේ රංගනය තෙලිඟු චිත්‍රපටයකට

රංගන ශිල්පිණියක්‌ ලෙසට එකම චරිතයකට සීමා නොවී විවිධ චරිත නිරූපණය කිරීමේ හැකියාව ඇති නිළියක්‌ ලෙසට නදීෂා හේමමාලි නවක රංගන ශිල්පිණියන් අතරින් හඳුන්වා දෙන්න පුළුවන්. පුංචි තිරයෙත් සිනමාව තුළත් එක ලෙස තම දක්‍ෂතාවන් එළිදක්‌වන ඇය පසුගිය කාලයේ තම රංගන ජීවිතේ තවත් එක්‌ සුවිශේෂී අවස්‌ථාවක්‌ උදාකර ගත්තා. ඒ තෙලිඟු චිත්‍රපටයකට රංගනයෙන් එක්‌වීමෙන්. මෙම චිත්‍රපටයේ රූගත කිරීම් වෙනුවෙන් ඉන්දියාවට ගොස්‌ සිටි නදිශා පසුගිය දා නැවත ලංකාවට පැමිණියා.

මෙම චිත්‍රපටය සඳහා ප්‍රධාන චරිතයෙන් සම්බන්ධ වන නදීශාගේ චරිතයට හඬ කවන්නේ ජනප්‍රිය චිත්‍රපට රංගන ශිල්පිණියක්‌ වන පූජා උමාශංකර් විසිනුයි. මෙහි ඇති තවත් විශේෂ කරුණක්‌ නම් පූජා උමාශංකර් රඟපෑ සිංහල චිත්‍රපට කිහිපයක්‌ වන ආසයි මං පියාඹන්න හා අංජලිකා චිත්‍රපටවල පූජාගේ චරිත සඳහා හඬකැවීම් ශිල්පිණියක්‌ ලෙසට සම්බන්ධ වී සිsටින්නේ නදීශා වීමයි. 


Monday, December 14, 2009

ඔව්. මට පෙම්වතෙක් ඉන්නවා. ඔහු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්-නදීෂා හේමමාලි

By: Last Man On: 4:57 AM

රසික හදවත් තුළ ආදරණීය මතක සටහන් රැසක් තැබූ ඇය සිනමා තිරයේත් පුංචි තිරයේත් සැබෑම දඟකාරියකි.

සුන්දරත්වය, රංගන හැකියාව, ආකර්ෂණීය ලාලිත්‍යයෙන් අද වන විට රසික හදවත් තුළ අසීමිත ආදරයක් ජනපි‍්‍රයත්වයක් දිනූ මේ වාසනාවන්ත තාරකාවිය නමින් නදීෂා හේමමාලිය. අද මා සමඟ කතා බහට එක්වන්නේ මේ සොඳුරු සිතැත්තියයි.

ඉතිං... නදීෂා මොනවද ඔයාගෙ අලුත්ම තොරතුරු?

මේ දවස්වල නං මම ටිකක් කාර්ය බහුලයි. අනුර මාධව ජයසේකරගේ “සොඳුරු පියාපත්” ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වෙනවා.

යුද්ධය පසුබිම් කරගෙන නිර්මාණය වුණු ටෙලිනාට්‍යයක් මෙය. මේ ටෙලිනාට්‍යයේ ‘ටානියා’ කියන මරාගෙන මැරෙන කොටි කාන්තාවගේ චරිතය තමයි මම නිරූපණය කරන්නේ.

මෙතෙක් කාලෙකට මට රඟපාන්න ලැබුණු වෙනස් ම ආරක චරිතයක් . මොකද මීට කලින් මේ වගේ චරිතයක් මම රඟපාලා නැහැ.

මම හිතනවා මේ චරිතය මට වගේ ම ප්‍රේක්‍ෂකයින්ටත් අලුත්ම අත්දැකීමක් ගෙන එයි කියලා.

ඔබ නිවේදිකාවක් ලෙසත් ප්‍රේක්‍ෂකයින් අතර ජනපි‍්‍රයයි. මේ ගැනත් කතා කරමු ද?

ස්වර්ණවාහිනියේ ‘ටැලන්ට් ශ්‍රී ලංකා’ වැඩසටහන ඉදිරිපත් කරන්නේ මම. ඇත්තටම මේ වගේ වැඩසටහනක් ඉදිරිපත් කරන්න ලැබීම ගැන සතුටු වෙනවා.

මොකද ඊට සහභාගි වෙන තරගකරුවන් ඉදිරිපත් කරන දක්ෂතා සියැසින් සජීවීව මට දකින්න පුළුවන් වුණේ ජීවිතේ පළමු වතාවට. ඇත්තටම ඒ තරගකරුවන්ගේ දක්ෂතා දැකලා මම මවිතයට පත්වුණා.

නදීෂා, රංගන ශිල්පිනියක් විදිහට ඔබ පැමිණි ගමන් මඟ ගැන මොකද හිතෙන්නේ?

මම කලා ක්‍ෂේත්‍රයේ රංගන ශිල්පිනියක් විදිහට මේ දක්වා නැගී සිටියේ තනිවම. මගේ ජීවිතේ ගත යුතු හැම තීරණයක් ම මම ගත්තේ තනිවම. හැම අභියෝගෙකටම මුහුණ දුන්නේත් තනිවම.

මම ආපු ගමන් මඟ ගැන මට තියෙන්නේ ලොකු විශ්වාසයක්. ඒ වගේ ම මම හිතන්නේ මම ගත්තේ නිවැරැදි තීරණ කියලයි. මම කිසිම දේකින් පසුතැවෙන කෙනෙක් නෙවෙයි.

ඔබ මේ වෙනකොට ආදරවන්තියක් නේද?

ඔව්. මට පෙම්වතෙක් ඉන්නවා. ඔහු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්. මාව හොඳින් තේරුම් ගත්ත කෙනෙක්.

මගේ කලා කටයුතුවලටත් ව්‍යාපාරික කටයුතුවලටත් ඔහුගෙන් ලැබෙන සහයෝගය අගය කළ යුතුයි.

කිසිම වෙලාවකට ඔහු මගේ ජීවිතයට නීතිරීති දාන්න එන්නේ නැහැ. ඒ වගේම ඔහුගෙන් මගේ කලා කටයුතුවලට බාධාවක් ඇතිවෙන්නේ නැහැ. ඔහු හැම විටම මාව දිරිමත් කරන ආදරණීය පෙම්වතෙක්.

ඒ කියන්නේ ඔයාගෙ විවාහයත් ළඟදීම සිදුවේවි නේද?

විවාහය ගැන ඇත්තටම ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒත් ඉතින් තාම කවදද විවාහ වෙන්නේ කියල තීරණය කරල නැහැ. මගේ විවාහයට තව ටික කාලයක් ගතවේවි.

නදීෂා ජීවිතේ වඩාත් ම සතුටු වුණු දවස මතකද?

රංගන ශිල්පිනියක් විදිහට මම කැමරාවක් ඉදිරියට ගිය පළමු දවස තමයි මගේ ජීවිතේ මම වඩාත්ම සතුටු වුණු දවස.

ඒ වගේම පොදුවේ ගත්තහම මම මගේ ජීවිතේ හැම දෙයක් ගැනම සතුටු වෙනවා. මගේ බලාපොරොත්තු අද වෙනකොට සෑහෙන්න ඉටුවෙලා තියෙනවා. ඒ ගැන මට තියෙන්නේ අසීමිත සතුටක්.

ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?

විවාහ වෙලා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න බලාපොරොත්තු වෙනවා. මගේ හිතේ හීනයක් තියෙනවා කවදා හෝ සැබෑ කර ගත යුතු.

ඒ තමයි කවදාහරි ලංකාවේ දක්ෂතම නිළිය බවට පත්වෙන එක. ඒ වගේම මගේ නම ජාත්‍යන්තර සිනමාව කරා ගෙන යාම. ඒ වෙනුවෙන් මම කැපවී කටයුතු කරනවා.