Friday, July 9, 2010
Thursday, July 8, 2010
Wednesday, June 30, 2010
Tuesday, June 29, 2010
Sunday, June 27, 2010
නදීශා තෙලිඟු චිත්‍රපටයක
By:
Last Man
On: 6:07 AM
නදීශාගේ රංගනය තෙලිඟු චිත්‍රපටයකට
රංගන ශිල්පිණියක් ලෙසට එකම චරිතයකට සීමා නොවී විවිධ චරිත නිරූපණය කිරීමේ හැකියාව ඇති නිළියක් ලෙසට නදීෂා හේමමාලි නවක රංගන ශිල්පිණියන් අතරින් හඳුන්වා දෙන්න පුළුවන්. පුංචි තිරයෙත් සිනමාව තුළත් එක ලෙස තම දක්‍ෂතාවන් එළිදක්‌වන ඇය පසුගිය කාලයේ තම රංගන ජීවිතේ තවත් එක් සුවිශේෂී අවස්‌ථාවක් උදාකර ගත්තා. ඒ තෙලිඟු චිත්‍රපටයකට රංගනයෙන් එක්‌වීමෙන්. මෙම චිත්‍රපටයේ රූගත කිරීම් වෙනුවෙන් ඉන්දියාවට ගොස් සිටි නදිශා පසුගිය දා නැවත ලංකාවට පැමිණියා.
මෙම චිත්‍රපටය සඳහා ප්‍රධාන චරිතයෙන් සම්බන්ධ වන නදීශාගේ චරිතයට හඬ කවන්නේ ජනප්‍රිය චිත්‍රපට රංගන ශිල්පිණියක් වන පූජා උමාශංකර් විසිනුයි. මෙහි ඇති තවත් විශේෂ කරුණක් නම් පූජා උමාශංකර් රඟපෑ සිංහල චිත්‍රපට කිහිපයක් වන ආසයි මං පියාඹන්න හා අංජලිකා චිත්‍රපටවල පූජාගේ චරිත සඳහා හඬකැවීම් ශිල්පිණියක් ලෙසට සම්බන්ධ වී සිsටින්නේ නදීශා වීමයි.
මෙම චිත්‍රපටය සඳහා ප්‍රධාන චරිතයෙන් සම්බන්ධ වන නදීශාගේ චරිතයට හඬ කවන්නේ ජනප්‍රිය චිත්‍රපට රංගන ශිල්පිණියක් වන පූජා උමාශංකර් විසිනුයි. මෙහි ඇති තවත් විශේෂ කරුණක් නම් පූජා උමාශංකර් රඟපෑ සිංහල චිත්‍රපට කිහිපයක් වන ආසයි මං පියාඹන්න හා අංජලිකා චිත්‍රපටවල පූජාගේ චරිත සඳහා හඬකැවීම් ශිල්පිණියක් ලෙසට සම්බන්ධ වී සිsටින්නේ නදීශා වීමයි.
Friday, June 25, 2010
අයිෂ්චර්යා ගැබිණියක් වී ඇත
By:
Last Man
On: 1:06 AM
මේ දිනවල බොලිවුඩයේ ජනප්‍රියතම අඹු සැමි යුවල කවුරුන්දැයි වමසුවහොත් කාගේත් පිළිතුර වනු ඇත්තේ අභිෂේක් හා අයිෂ්වර්යා යුවල වන බවය. ඔවුන්ගේ ආදර පුවත එතරම්ම ලොව පුරා ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇත. අභිෂේක් හා අයිෂ්වර්යාගේ විවාහයෙන් පසු ඔවුන්ගේ ප්‍රේක්ෂකයින් ඇසීමට බලාපොරොත්තුවෙන් සිටි එකම පුවත නම් ඔවුන් දෙදෙනා දරු සුරතල් බැලීමට සූදානම් වන බව ඇසීමය. ඒ සම්බන්ධයෙන් විවිධ දූෂමාන ආරංචි පැතිරගිය අතර පසුව එම සෑම පුවතක්ම අසත්‍ය බව බච්චන් පවුල තහවුරු කළේය.
දැන් නැවතත් එම පුවතම බොලිවුඩය පුරා පැතිරයමින් පවතී. ඒ අයිෂ්චර්යා රායි බච්චන් ගැබිණියක් වී ඇත යන පුවතය. සාමාන්‍යයෙන් සිනමා ලෝකයේ යම් යම් පුවත් අතිශෝක්තියෙන් දැක්වීම මාධ්‍ය සම්ප්‍රදාය වන බැවින් මෙවර මෙම ආරංචිය පිළබඳව ද කවුරුත් තරමක් වැඩි අවධානය යොමු කළේය. අයිෂ්චර්යා ගැබිණියක්ය යන පුවත පැතිර ගියේ ඇයගේ නවතම චිත්‍රපටය වන රාවණා හි ප්‍රවර්ධන කටයුතු අතරතුර අයිෂ්ගේ සිරුරෙහි දැකගත හැකිවූ යම් වෙනසක් නිසාය.
එහි ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් ඇය පැමිණ සිටියේ ඇගේ ආදරණීය සැමියා වන අභිෂේක බච්චන් ද සමගය. ඒ සමගම අයිෂ් ගැබිණියක්ය යන පුවත තටු ලැබ ඉගිල ගියේ ඇයගේ රූපය පිළිබඳව බොහෝ හොඳින් හඳුනන පිරිස් විසින් වෙනදා ඔවුන්ට දැක පුරුදු අයිෂ්ගේ කිසියම් වෙනසක් නිරීක්ෂණය කළ හැකිවිය. ඒ ඇයගේ උදරයේ කිසියම් නෙරා ඒමක් පෙනෙන්නට වීමය. ඇය ගැබිණියක්ය යන පුවත ඇරඹියේ ඒ සමගය.
කෙසේනමුත් කවුරුත් බලාපොරොත්තුවෙන් සිටි එම සතුටුදායක පුවත තහවුරු කිරීමට බච්චන් සාමාජිකයින් තවමත් ඉදිරිපත් වී නැත. මීට පෙර ද අයිෂ්වර්යාට පවතින යම් උදරාබාධයක් නිසා ඇයට මවක් විය නොහැකිය යන මතය මාධ්‍ය පුරා ප්‍රචාරය වූ අතර බච්චන් පවුල එය ප්‍රතික්ෂේප කළේය. ඉතින් මෙවරද අයිෂ් මවක වීමේ පුවත මුසාවක්ම වන හැඩය!
Thursday, June 24, 2010
අප්පා මට මනමාලයෙක් හොයනවා තාම
By:
Last Man
On: 9:10 AM
ගම්පහ ඔරුතොට මගේ අම්මගේ ගමට ගියාම දැනෙන්නේ පුදුම සතුටක්
මේ යුගයේ අතිශය ජනප්‍රිය නිළි තාරකාව පූජා උමාශංකර් කියයි
ජීවිතය සුවඳවත් කරන්නේ ආදරයයි. එවන් ආදරයක නිම් හිම් නැති සතුට, සොම්නස රැගෙන ඈ යළිත් අපේ රිදී තිරයට ඇවිත්.දඟකාර යෞවනය හා බැඳුණු ඒ නෑඹුල් සෙනෙහසේ අසිරිය ඇගේ නිල්වන් නෙතු සඟළ මත රස හැඟුම් මවන්නේ ජීවිතයට නැවුම් චමත්කාරයක් එක් කරමින්.
පූජා . . .
පූජා ගෞතමී උමාශංකර්.
මෑතකදී අපේ සිනමාවේ අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ සුරූපී සුගන්ධිනිය පූජා සැබැවින්ම හෙළ සිනමා අඹර එළිය කරන පහන් තාරකාවක්.
‘සුවඳ දැනුණා ජීවිතේ’ ප්‍රදර්ශනය ඇරැඹීමත් සමඟ පූජාගේ ආදරණීය රසික ජනතාව සිනමාහල් වටා එක් රොක්ව සිටින්නේ ඇගේ සොඳුරු රංගනය දැක බලා ගැනීමේ නොතිත් ආශාවෙන්.
පූජා පසුගිය දිනෙක ලංකාවට ආවේත් ඒ සතුට ඔවුන් හා බෙදා හදා ගන්නයි.
ඉතින් පූජා කොහොමද කවදාද උපන් බිමට ආවේ?
සනීපෙන් ඉන්නවා. ජූනි 03 වැනිදා තමයි මා මගේ මවුබිමට ආවේ. විශේෂයෙන්ම ‘සුවඳ දැනුණා ජීවිතේ’ ප්‍රිමියර් එකට. ඒ ප්‍රමෝෂන්ස්වලට මම ඉන්න එපැයි.
මංගල දර්ශනයෙන් පස්සේ ලැබුණ ප්‍රතිචාර කොයි වගේද?
එදා ආපු හැමෝම වගේ මට සුබ පැතුවා. මගේ රඟපෑම් ගැන අගය කළා. ඉතින් මටත් හරිම සතුටුයි. ලංකාවේ දැන් මට ගොඩක් රසිකයෝ ඉන්නවනේ. ඒ අයත් මේ චිත්‍රපටය ආශාවෙන් බලයි කියලා මම හිතනවා.
දැන් ඉස්සරට වඩා හොඳින් සිංහල කතා කරන්න පුළුවන් වගෙයි?
එහෙමද . . .? සන්තෝෂයි. ඒකෙ ගෞරවය මුලින්ම හිමි වෙන්න ඕනෑ මගේ අම්මට. එයා සිංහල, බෞද්ධ කාන්තාවක්නේ. ගොඩක් දේවල් මම ඉගෙන ගත්තේ අම්මගෙන්.
නැවතත් මේ පිං බිමට එන්න ලැබුණ එක ගැන ඔයාට සතුටුද?
නැතුව. ලංකාවට මම හරි ආදරෙයි. මේක මගේ රට. මම ඉපදුණේ කොළඹ ජෙනරල් හොස්පිට්ල් එකේ. මගේ සීයගේ ඒ කියන්නේ අම්මාගේ තාත්තාගේ ගම ගම්පහ, ඔරුතොට.
ගමේ ගියේ නැද්ද?
ගියා, ගියා. මම ලංකාවට ඇවිත් දවස් දෙක තුනකින් අම්මත් එක්ක එහේ ගියා. සීයා දැන් ජීවතුන් අතර නැහැ. ඒත් එයාගේ බාලම නංගි තාම ඉන්නවා. එතකොට අම්මගේ අයියලාගේ ළමයි. තව ගොඩක් නෑයෝ ඉන්නවා.
මොකද හිතෙන්නේ ගම් පළාත ගැන?
හරිම ලස්සනයි. ඇක්චුවලි සෝ බියුටිෆුල්. ලංකාවේ තියෙන කොළ පාටට මම කැමතියි. ඉන්දියාවේ වගේ මෙහෙ පරිසරය කර්කශ නැහැ. දූවිලි නැහැ. කවදා හරි මම ලංකාවේ ජීවත් වෙනවා නම් ගම් පළාතේ් නිවසක් හදාගෙන ඉන්න කැමැතියි.
‘සුවඳ දැනුණා ජීවිතේ’ රශ්මි ගැන මොකද පූජාට හිතෙන්නේ?
ඒ දෙකටම වැඩිය වෙනස් චරිතයක් රශ්මි කියන්නේ. එයා හරි ලස්සනට ජීවත් වෙන්න කැමැති කෙනෙක්. ඒ වගේම හරිම නිදහස්, දඟකාරයි. රශ්මි ගැන වැඩිය කියන්න කැමැති නැහැ. එතකොට අගය නැතිව යනවා.
පූජාත්, රශ්මි වගේ කියලා මට හිතෙනවා?
ඔව්, මමත් රශ්මි වගේ තමයි. අම්මා කියනවා මට ‘ඔයා ගෑනු ළමයෙක්. ඒ හින්දා බෝයි වගේ දඟළන්න එපා. එහෙම වුණොත් මනමාලයෙක් හොයා ගන්න බැරි වෙයි’ කියලා.
ඇත්තටම පූජා දඟ ළමයෙක්ද?
ටිකක් දඟයි. පුංචි කාලේ ඉඳන් මම හැදුනේ හොස්ටල් එකේ. ගෑනු ළමයි විතරයි. පුංචි කිරිල්ලියක් වගේ නිදහසෙන් තමයි මම ජීවිතය ගත කළේ. ඒත් මම හොඳට ඉගෙන ගත්තා.
මගේ අප්පට ඕනෑ කළේ මට ;හාඳින් උගන්වන්න. අප්පගේ බලාපොරොත්තු මම ඉටු කළා. ඒ ගැන ගොඩක් සතුටුයි.
දැන් ඉගෙනීම් කටයුතු අවසන්ද?
මම BA කරලා ඊට පස්සේMAකළා. මාස්ටර් එකට මම කළේ බිස්නස් මැනේජ්මන්ට්. PHD කරන්න ඕනෑ කියලා හිතුවත් ඒකට තාම වෙලාවක් හොයා ගන්න බැරි වුණා. එත් මම තව ඉගෙන ගන්න ආසයි.
පූජා රඟපෑමෙන් අයින් වෙනවයි කියලා රාවයක් තියෙනවා. ඇත්තද ඒ?
මම රඟපාන්න ආසයි. ඒ වගේම මම ශ්‍රී ලංකාවටත් කැමැතියි. මෙහෙ මිනිස්සුලත් හරිම හොඳයි. ඒත් අප්පා කියනවා පූජා ඔයා දැන් ඇක්ට් කළා ඇති, ඔයා ගෑනු ළමයෙක් නිසා හැම දේකම ලිමිට් එකක් තියන්න ඕනෑ’ කියලා.
ඒ නිසා දිගටම මම රංගනයේ නියැළෙයිද කියලා හරියටම කියන්න බැහැ. හැබැයි තවම නම් මම තීරණය කරලා නැහැ රඟපෑමෙන් සමුගන්න.
පූජාගේ අප්පා ටිකක් සැරයි වගේ?
ටිකක් සැරයි තමයි. ඒත් අප්පා හරි හොඳයි. එයා මම ගැන හරියට කරදර වෙනවා. අප්පා මට මනමාලයෙක් හොයනවා තාම. අම්මා, ආච්චියි, සීයයි බලා ගන්න නිසා එයාට වෙලාවක් නැහැ ඒවට.
ඇත්තටම ඔයාට බෝයි ෆේරන්ඩ් කෙනෙක් නැද්ද?
දැනුත් නැහැ. ඉස්සර හිටියෙත් නැහැ. මම පාසල් ගියේ Mount Carmel Colleage’ එකට. ඒක ගැහැනු පාසලක්. බැංගලෝර්වල තමයි මගේ් පාසල තිබුණේ. මම හිටියේ හොස්ටල් එකේ. හරියට හවස 5.00 වෙන කොට ගේට්ටුව වහනවා. නිකමටවත් පිරිමි ළමයෙක් ආශ්‍රය කරන්න අපට අවස්ථාවක් තිබුණේ නැහැ.
ඔයා ස්ටාර් කෙනෙක් වුණාට පස්සේ නම් ඕනෑ තරම් පිිරිමි යාළුවෝ හම්බ වෙන්නැති?
දැන් නම් මට ගොඩක් යාළුවො ඉන්නවා. ඒත් කා එක්කවත් ලව් අෆෙයාර් එකක් නැහැ. එහෙම කළොත් අප්පා මට ගහයි.
පූජා ගේ අනාගත සහකරුවා කොහොම කෙනෙක් වෙන්න ඕනෑ කියලද ඔයා හිතන්නේ?
එයා ඉන්දියාවේ කෙනෙක් වෙන්න ඕනෑ. මගේ අප්පා කැමැති එහෙම කෙනෙකුට. ඒ වගේම එයා දෙවියන් ගැන හොඳටම විශ්වාස කරන කෙනෙක් වෙන්නත් ඕනෑ.
ඒවා සාමාන්‍ය ප්‍රමාණයෙන් තිබුණාම ඇති. ඒ සේරටම වඩා මනුෂ්‍යත්වය තියෙන්නම ඕනෑ දෙයක්. ආ . . . තව දෙයක් එයා මත්පැන් හා දුම් පානයෙන් සම්පූර්ණයෙන් තොර කෙනෙක් වෙන්න ඕනෑ. විශේෂයෙන්ම දුම් පානය. ඒක මට ඇල(ර්)ජික්.
දැන් පූජා අපේ රටේත් ජනප්‍රිය තරුවක්. මොකද හිතෙන්නේ ශ්‍රී ලාංකික ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර ගැන?
මගේ මේ රටේ ප්‍රේක්ෂකයෝ ගැන නම් කියලා වැඩක් නැහැ. මට එයාලගේ හදවතේ ඉඩ ලබා දුන්න එක ගැන ස්තුතිවන්ත වෙනවා.
එයාලා ගේ හදවතේ දොරටු මම වෙනුවෙන් විවර කළා. ඒක මගේ් ලොකු වාසනාවක්. ලංකාවේ ඕනෑ ගෙදරකට ගියොත් ‘ආ එන්න දුවේ, මේ බත් ටික කාලා යන්න’ කියලා ඕනෑම අම්මා කෙනෙක් මාව පිළිගනියි.
අපේ රටේ නළු නිළියන්ගෙන් ඔයා වැඩියෙන්ම ප්‍රිය කරන්නේ?
එක නමක් කියන්න බෑ. ගොඩක් නිළියෝ නම් ඉන්නවා.
කවුද ඒ?
දිල්හානි ඒකනායක, කාංචනා මෙන්ඩිස්, හිමාලි සයුරංගි, යශෝධා විමලධර්ම, නදීෂා හේමමාලි, චතුරිකා පීරිස්, හිමාලි සිරිවර්ධන වගේ අයට මම ගොඩක් කැමැතියි.
එතකොට ඔයා කැමැතිම නළුවා?
රොෂාන් රණවන. එයා හරි හොඳයි. මම හිතන්නේ නළුවෙක් විදිහට විතරක් නෙවෙයි එයා මනුස්සකමෙනුත් ඉහළම කෙනෙක්. ඉන්දියාවේ ඉඳලා මම ලංකාවට කතා කළත් මුලින්ම කතා කරන්නේ රොෂාන්ට. සීනියර් ආටිස්ට් කෙනෙක් හැටියට සනත් ගුණතිලකටත් මම ගරු කරනවා. ඒ වගේම රෝසි සේනානායක මහත්මියත් මම ඉතාමත් ළඟින් ඇසුරු කරන කෙනෙක්.
පූජාගේ අනාගත බලාපොරොත්තු මොනවාද කියලා දැනගන්න ඔයාගේ රසික රසිකාවෝ කැමැති ඇති?
දන්නේ නෑ අප්පා . . . මගේ අප්පා තමා ඒවා දන්නේ. සමහර විට මේ අවුරුද්දේ මම මැරි කරන්නත් ඉඩ තියෙනවා.
මම ලෝකේ වටේ ඇවිදින්න ආසයි. ‘සුවඳ දැනුණා ජීවිතේ’ ඉවර කරලා, ප්‍රතිචාර බලලා හැමෝටම ස්තුතීයි කියලා යන්නයි මම ආවේ.
මම ජීවිතේ ලොකුවට ප්ලෑන් කරපු කෙනෙක් නෙෙවි. බඩගිනියි කියලා දැනුණොත් කෑම කනවා. ඒ තමයි පූජාගේ හැටි.
සංවාදය - අසංක දේවමිත්ර පෙරේරා
ඡායාරූප - ටෙනිසන් එදිරිසිංහ
Subscribe to:
Posts (Atom)



