Friday, December 16, 2011
අර්ජුන හා අරවින්ද තරඟ පාවා දුන්නා - ගාමිණි ලොකුගේ

ඔහු පැවසුවේ මෙම ක්‍රීඩකයන් දෙදෙනා මුළු ක්‍රීඩා ඉතිහාසයම අඳුරු කර ඇති බවත් ඒ අවස්ථාවේදී ඔවුන් බේරා ගත්තේ එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාව සිටි තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා බවත්ය.
නමුත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කර සිටින්නේ තරඟ පාවාදීමේ චෝදනාවලින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තමා නිදොස් කොට නිදහස් කර ඇති බවයි.
ලොකුගේ අමාත්‍යවරයාගේ කතාව හා අර්ජුනගේ පිළිතුර පහතින් බලන්න
"මේ ක්‍රීඩා ඉතිහාසයම බ්ලැක් ලිස්ට් කරපු දෙන්නෙක් ඉන්නවා..ඒ දෙන්නම ඉන්දියාවේ පරික්ෂා කරලා..වාර්තා කරලා..අපේ රටවල් වලට ඉදිරිපත් කරලා තියෙනවා..එදා ඒ දෙන්න බේරුවේ කව්ද තිලංග සුමතිපාල මන්ත්‍රීතුමා..බේරුවේ කොහමද..
ලෝක ක්‍රිකට් සභාව ඒ කාලේ ක්‍රිකට් ෆික්ස් කරන එක දඬුවම් කරන කරුණක් නෙවෙයි කියන කාරනාව උඩ..ලෝකේ අනිත් හැම රටම ඒ වාර්තාවේ ආපු අයට දඬුවම් දුන්නා..ඉතින් මම නම් කියන්න යන්නේ නැහැ..ඔව් නම් කියන්නම් ඕන නම්..තමුන්නාසේ එක්කෙනෙක්, අර්ජුන රණතුංග එක්කෙනෙක්.."





(ඇයට කලා ක්ෂේත්‍රයට එක්වීමට අවස්ථාව ලැබෙන්නේ 2003 වසරේ "මිස් ශ්‍රී ලංකා" කිරුළ දිනාගැනීමත් සමගය. සෙනේෂ් බණ්ඩාර දිසානායකගේ "වස්සාන සිහිනය" චිත්‍රපටය ඇය ප්‍රථම රංගන දායකත්වය ලබාදුන් නිර්මාණය වේ. එම ප්‍රථම රංගනය වෙනුවෙන් හොඳම සහය රංගන ශිල්පිණිය ලෙස සම්මානයට පාත්‍රවීමටද ඇය සමත්වූවාය. එමෙන්ම ප්‍රසන්න ජයකොඩිගේ "සංකාරා" චිත්‍රපටය ඇගේ රංගන ජීවිතයේ නව වෙනසක් ඇතිකළ නිර්මාණයකි. රූපවාහිනී වෙළෙඳ දැන්වීම්, ටෙලි නාට්‍ය, චිත්‍රපට සඳහා සිය රංගන දායකත්වය ලබා දී ඇති ඇය මේ වන විට චිත්‍රපට නිෂ්පාදනයට ද යොමුව සිටියි.)
*අකමැත්තක් නැත්නම් පොඩ්ඩක් විතර ඔබේ ඒ ලස්සන අතීතයට ගිහින් ඔබේ ආදර කතාව ගැනත් මතක්කරමුද?
HARD TALK




















