Thursday, December 31, 2009

නිතරම පෙනෙන කෙනෙක් වෙන්න මම කැමති නෑ - හසිනි ගෝනගල

By: Last Man On: 2:09 AM



Hashini Gonagala Wallpapers - Upcoming Actress and Dancer


හසිනි ගෝනගල අප අතරට මුලින්ම පැමිනියේ සිරස ඩන්සින් ස්ටාර් තරඟයෙන් දුෂ්ශන්ත වීරමන් ගේ නර්තන සහ කාරිය ලෙසිනි. පසුව ඇය විවිධ කලා නිර්මාණ තුලින් අප අතරට ආවාය.

හසිනි, මොනවද මේ දවස් වල කරන්නෙ?

ඩාන්සින් තමයි වැඩිපුර. ඊට අමතරව ඇඳුම් නිර්මාණ

රඟපෑම?

උත්තරා චිත්‍රපටයේ රඟපෑවා. එය ට ලැබෙන ප්‍රතිචාර අනුව රඟපෑම දිගටම කරනවද කියලා හිතලා බලනවා

ගුරු වරියක් වෙලා නේද?

ඔව්. දුෂ්ශන්ත්තුයි මායි ඩාන්සින් පන්තියක් පටන් ගත්තා . ළමයි ගොඩක් ඉන්නවා

Tuesday, December 29, 2009

මට අක්කා හැම තිස්සෙම රඟපාන්න කතා කරනවා - පූර්ණිකා පීරිස්

By: Last Man On: 1:18 PM
මේ දවස් වල මොනවද කරන්නෙ?

ලක්ස් රුවැත්තිය තරඟය තිබුණා. එහි නිවේදන කටයුතු කරනවා.

නිවේදන කටයුතු වලටම හිර වෙලාද?

වෙලාව මදි කම නිසා වෙනත් වැඩසටහන් වලට යොමු වෙන්න අමාරුයි.

අක්කට (චතුරිකා පීරිස්) වගේ රඟ පාන්න අදහසක් නද්ද?

ලොකු බලාපොරොත්තුවක් නැහැ.හොඳ අවස්ථාවක් ලැබුනොත් කරන්න හිතෙනවා.

ඔයා රඟපානවට චතුරිකා කැමතිද?

ඔව්. ඇත්තටම කතා කරනවා. නමුත් කාර්ය බහුල නිසා සම්බන්ධ වෙන්න අමාරුයි.

Monday, December 28, 2009

ශ්‍රී ලංකා ක්‍රිකට කණ්ඩායම තෝරන්නේ ගෑණුලු

By: Last Man On: 5:44 AM
ශ්‍රී ලංකා ක්‍රිකට තොරනු ලබන්නේ ක්‍රිකට් තෙරීම් කමිටුව විසිනි. එහෙත් දැන් එම රජකාරිය කෙරෙන්නේ ක්‍රිකට් කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩකයින් ගේ බිරින්දෑ වරුන් ගේ ඕනෑ එපාකම අනුව බව පැවසේ. ජේෂ්ඨ ක්‍රීඩකයින් ගේ බිරින්දෑ වරුන් කරගෙන යන මෙම ව්‍යාපාර ට අනුව ජේෂ්ඨ ක්‍රීඩකයින් කණ්ඩායම තුල ක්‍රියා කිරීම නිසා, මෙමෙ ව්‍යසනය ඇති වී ඇති අව වාර්තා වේ. මෙමඟින් තේරීම් කමිටුවද අපහසු තාවයට පත්වී ඇති බව වාර්තා වේ. මෙයට මූලික වී ඇති අය වන්නේ ජේෂ්ඨ ක්‍රීඩකයකුගේ බිරිඳ සහ ඇගේ දරුවන් බලා ගැනීමට එන තවත් ක්‍රීඩකයකුගේ බිරිඳක් බව පැවසේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාර්තක බවට මෙයද හෙතුවක් වී ඇත. enews

Friday, December 25, 2009

සනත් ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට අදට වසර විස්සයි

By: Last Man On: 11:26 PM

එක් දින ක්‍රිකට් ලොව උඩු යටිකුරු කළ සිංහනාදය

සනත් ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට අදට වසර විස්සයි

ක්‍රිකට් ඉතිහාසයට විශ්මිත ප්‍රහාරාත්මක ක්‍රීඩා රටාවක් එක්කළ ලෝක ප්‍රකට පිතිකරු සනත් ජයසූරිය අන්තර්ජාතික ක්‍රිකට් බිමට පිවිස අදට වසර 20 ක් සපුරයි.

ජීවිත කාලයේ හරි අඩක්ම ක්‍රීඩා පිටියට කැප කළ මේ විශිෂ්ඨ ක්‍රීඩකයා ලෝක සිතියමේ කුඩා රට ගැන විශාල අවධානයක් ඇති කිරීමට සමත්වෙමින් වරෙක ලොව වටිනාම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය ද දිනා ගත්තේය.

ක්‍රිකට් පිටියේ වාර්තා පිට වාර්තා බිහි කළ සනත්ගේ මුල්ම එක්දින අන්තර්ජාතික තරගය වූයේ 1989 දෙසැම්බර් 26 දා ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙල්බර්න් පිටියේ දීය.

ක්‍රිකට් ක්‍රීඩා ලෝකයේ ගෞරවයට හා ආදරයට පාත්‍ර වූ සනත් ක්‍රීඩාවට සම්බන්ධ නිකැලැල් චරිතයකින් හෙබි නිහතමානී අයෙකි. ජය පරාජ දෙක මැද දැඩි ලෙස සටන් කළ සනත් ඕනෑම මොහොතක නැගී සිටිය හැකි ක්‍රීඩකයෙකු ලෙස විචාකරයන් හැඳින්වූහ.

ක්‍රිකට් ක්‍රීඩාවට කලාතුරකින් පහළවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රවීනයන්ගේ හා විචාරකයන්ගේ පැසසුමට ලක්වූ සනත් කිසිවෙකුට සමකළ නොහැකි දක්ෂතා ඇති ක්‍රීඩාවේ ජීවය ලෙසද හැඳීන්විය.

ඩන්ස්ටන් ජයසූරිය හා බ්‍රීඩා ජයසූරියගේ දෙවැනි පුතුවූ සනත් ටෙරාන් ජයසූරිය මාතර සාන්ත සර්වේශස් විදුහලෙන් බිහිවූ සුපිරි තරුවකි. එකම අයියා චන්දන ජයසූරියයි. බිරිඳ සැන්ඩ්‍රා දියනියන් දෙදෙනාවන කේෂානි, යලින්දි හා පුතු රනුක සනත්ගේ පවුලේ සාමාජිකයෝ වෙති.

ශ්‍රී ලංකාවට ලෝක ක්‍රිකට් කිරුළ හිමිවූ 1996 ලෝක ක්‍රිකට් තරගාවලියේ දී ලොව වටිනාම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූයේ සනත් ජයසූරියයි. තරගයක මුල් ඕවර් කිහිපයේ දී ප්‍රචණ්ඩ ලෙස පහරදීමේ තාක්ෂණය ක්‍රිකට් පිටියට එක්කළ ක්‍රීඩකයා ලෙස සනත් ජයසූරිය ඉතිහාසයට එක්කරමින් එම සම්මානය ඔහුට හිමිවිය.

1988 දී ශ්‍රී ලංකාවේ හොඳම පිටපළාත් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනාගත් සනත් 1997 දී විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයද දිනාගත්තේය. 1999 දී ශ්‍රී ලංකා පිලේ නායකත්වයට පත්වූ සනත් ලොව වැඩිම එක්දින තරග ප්‍රමාණයකට සහභභාගිවූ ක්‍රීඩිකයා ලෙස වාර්තාවක්ද බිහි කළේය.

එමෙන්ම එක්දින ක්‍රිකට් ලොවේ වැඩිම හයේ පහර එල්ල කරමින් වාර්තාවක් බිහි කළේය. එංගලන්තයේ සුප්‍රකට මෙරලිබෝන් (එම්.සී.සී) ක්‍රීඩා සමාජයේ නායකයා බවට පත්වූ මුල්ම ශ්‍රී ලාංකිකයා ලෙසද සනත් ඉතිහාසයට එක්වූයේය.

ක්‍රීඩා ලෝකයේ වසර 20ක් සපුරා මවුබිමට කීර්තියක් අත්කර දුන් සනත්ට ක්‍රීඩා ලෝලීන්ගේ ගෞරවය හා ආදරය තවදුරටත් නිසැකවම හිමිවනු ඇත.

සනත් ටෙරාන් ජයසූරිය

* උපත - 1969 ජූනි 30
* ක්‍රීඩා සමාජ - බ්ලුම්ෆීල්ඩ්, සී.සී.සී., එංගලන්තයේ එම්.සී.සී., සමර්සෙට්, මුම්බායි ඉන්දියන්, රුහුණු පිල
* ප්‍රථම එක්දින තරගය 1989 දෙසැ. 26 ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙල්බර්න්හිදී
* ප්‍රථම ටෙස්ට් තරගය 1991 පෙබ. 22-26 නවසීලන්තයට එරෙහිව හැමිල්ටන්හිදී
* එක්දින තරග 443
* ටෙස්ට් තරග 110



සනත්ගේ අන්තර්ජාතික එක්දින තරග ඉතිහාසය

* ප්‍රථම තරගය
1989 දෙසැ: 26 දා ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙල්බර්න්හිදී.
* තරග 443
* ඉනිම 431
* නොදැවීම් 18
* ලකුණු 13397
* වැඩිම 189
* සාමාන්‍ය 32.43
* ශතක 28
* අර්ධ ශතක 68
* හතරේ පහර 1495
* හයේ පහර 270
* උඩ පන්දු 123
* කඩුලු 322
* හොඳම පන්දු යැවීම 26/6
* 1996 ලොව වටිනාම ක්‍රිකට් ක්‍රීඩකයා

ටෙස්ට් පිටියේ කළ මෙහෙවරට ජනාධිපතිතුමාගෙන් තිළිණයක්

පියා ඩන්ස්ටන් හා මව බ්‍රිඩා මහත්ම මහත්මීන්
සනත්ගේ ක්‍රීඩා දිවියෙහි රසවත් මතකය අතර.


1996 ලෝක ක්‍රිකට් තරගාවලියේ දී ලොව වටිනාම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූ අවස්ථාව

බිරිඳ සැන්ඩ්‍රා, කේෂානි, යලින්දි හා පුතු රනුක

Thursday, December 24, 2009

Wednesday, December 23, 2009

ජෙනරාල් වත්කම් හෙළිකරයි

By: Last Man On: 12:50 PM
File:General Sarath Fonseka.jpgබැංකු ගිණුමක්, නිවසක් සහිත ඉඩමක්, හිස් ඉඩම් දෙකක් සහ මර්සිඩීස් බෙන්ස් රථයක් හැර වෙනත් කිසිදු වත්කමක් තමන් සතුව නැතැයි ජනාධිපතිවරණයේ නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිය වත්කම් බැරකම් ප්රකාශයේ සඳහන් කර ඇත.

තවත් බැංකු ගිණුම් හතරක් සහ රුපියල් දහසය ලක්ෂ අනූදෙදහසක් (රු.1692000) වටිනා ස්වර්ණාභරණ තම බිරිය සතුව ඇතැයි ද ජෙනරාල් ෆොන්සේකා මහතා තම වත්කම් බැරකම් ප්රකාශයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා තම වත්කම් බැරකම් ප්රකාශය ජනාධිපතිවරණ නාමයෝජනාව සමඟ පෙරේදා (17 දා) මැතිවරණ කොමසාරිස්වරයාට බාර දුන්නේය.

ඉන් අනතුරුව පෙරේදා සිය මැතිවරණ ප්රචාරක ව්යාපාරය අරඹමින් මහනුවරදී පැවැති උත්සවයකදී තම ජාතික ප්රතිඥව රට හමුවේ තැබූ ෆොන්සේකා මහතා තමන්ගේ වත්කම් බැරකම් ප්රකාශය ද මහා සංඝරත්නයට හා ජනතාවට පිළිගැන්වීය.

ජනාධිපති වූ පසු සෑම වසරකම ජනවාරි 27 වැනිදා තමන්ගේ වත්කම් බැරකම් ප්රකාශය ජනතාවට ඉදිරිපත් කරන බවට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මහනුවරදී ප්රතිඥ දුන්නේය.

තම බැංකු ගිණුමේ රුපියල් හයලක්ෂ හතළිස් එක්දහස් තුන්සිය පනහයි ශත අසූඅටක් ද (රු.6,41000 යි ශත 88) ද බිරිඳ සතු බැංකු ගිණුම් පහක රුපියල් විසිතුන්දහස් තුන්සිය හතයි ශත හතළිස් හතක් (රු.23307 යි ශත 47 ක්) සහ ඇමරිකානු ඩොලර් 2952 ක ශේෂයක් ද ඇතැයි සරත් ෆොන්සේකා මහතා කියා සිටියි.

මීට අමතරව පිළියන්දල ප්රදේශයේ තමන් සතු පර්චස් 15.2 ක නිවස සහිත ඉඩම රාජ්ය උකස් හා ආයෝජන බැංකුවට ඇපයට තබා ණය මුදලක් ලබාගෙන ඇතැයි ද එම ණය මුදලේ වර්තමාන ශේෂය රුපියල් හැත්තෑපන්දහස් හයසිය අනූහතරක් (රු.75694) ක් බව ද සරත් ෆොන්සේකා මහතා කියා සිටියි.

විශ්රාමික ආරක්ෂක මාණ්ඩලික ප්රධානී වශයෙන් තමන්ට නියමිත විශ්රාම වැටුප මෙතෙක් ලැබී නොමැති නිසා තම මාසික වැටුප සඳහන් කිරීමට හැකියාවක් නැතැයි ද ජෙනරාල් ෆොන්සේකා මහතා සිය වත්කම් බැරකම් ප්රකාශයේ සඳහන් කර ඇත.

Monday, December 21, 2009

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර නිළියන් සමඟ නටයි

By: Last Man On: 1:58 PM

See full size image

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ස්වර්ණවාහිනිය මඟින් පවත්වන "මෙගා ස්ටාර්" වැඩසටහනට සහභාගී වේ. මෙමෙ වැඩ සටහන නර්තන හා ගායන වැඩ සටහනකි. මෙහිදී ඔහු ජනප්‍රිය නිළියන් සමඟ නටයි. ඔහු කලාවට තිබෙන ආදරය නිසා මෙමෙ තරඟයට සහභාගී වූ බව පැවසීය. ඔහුගෙ සොයුර වන කිත්සිරි ජයසෙකරද ජනප්‍රිය ගායකෙයෙකි. බොහෝ විට දයාසිරි මන්ත්‍රී වරයා "මෙගා ස්ටර්" කිරුළ දිනා ගනු අතැයි බොහෝ අය ප්‍රකාශ කර ඇත.

Saturday, December 19, 2009

මගේ කැමත්ත - මුතු තරංගා

By: Last Man On: 4:33 PM

මම
හැමෝම එක්‌ක සතුටින් සමාදානයෙන් ඉන්න කැමැති කෙනෙක්‌

මගේ ජීවිතයට වඩාත්ම සමීප
මම

මගේ ජීවිතයේ වැඩියෙන්ම සතුටුවුණු දවස
තවම නැහැ

දුක්‌වුණු දවස
මම ආදරය කරපු ඇන්ටි කෙනෙක්‌ නැතිවීම

විනෝදාංශය
ගීත ගායනය


මම කැමති චිත්‍රපටය

අග්නිදාහය

මම කැමැති ගායකයා
ජෝතිපාල

මම සිත්ගත් පොත
නිහාර කියන නව කතාව

මම වැඩිපුර යන්න කැමැති
රාගම තේවත්තේ පල්ලියට

මගේ ජීවිතයේ සිහිනය
හොඳ විවාහ උත්සවයක්‌ ගන්න

මම වැඩියෙන් අඳින්න කැමැති
හැට්‌ටය සහ සාය

මම කැමැතිම ක්‍රීඩාව
නෙට්‌බෝල්

මම කැමැතිම නළුවා
ගාමිණී ෆොන්සේකා

මම කැමැතිම නිළිය
ස්‌වර්ණා මල්ලවආරච්චි

මම කැමැතිම ගායිකාව
සුජාතා අත්තනායක

Thursday, December 17, 2009

පුංචි තිරයේ අහිංසකාව නිල්මිණි තෙන්නකෝන්

By: Last Man On: 1:58 PM

පුංචි තිරයේ අහිංසකාව නිල්මිණි තෙන්නකෝන්

ආදරයේ වටිනාකම, අගය කෙනෙකුට වැඩියෙන්ම දැනෙන්නේ ඒ ආදරයේ උණුසුම අහිමි වුණාට පස්සේ. ඒත් ආදරය කියන්නේ සිර කරලා, විලංගු දාලා එක තැනක තියා ගන්න පුළුවන් දෙයක් නොවේ. හරියට අත්තෙන් අත්තට පනින පුංචි කුරුල්ලෙක් වගේ.

ඒ වගේම ජීවිතයක වටිනාකමක් තදින්ම අපේ සිතට දැනෙන්නේ මරණයේ දොරටුව ළඟදි කියලා මම අහලා තියෙනවා. ඒ අත්දැකීමට මුහුණ දුන් කෙනෙකුට හුස්ම පොදක අගය වදන් දහසකින්වත් කියා ගන්නට බැරිව ඇති.

හැබැයි ජීවිතය කියන්නේ සිනා සාගරයක්වත්, කඳුළු උල්පතක්වත් විතරක් නෙවේ. මේ දෙකේම අපූරු සංකලනයක්. ජීවිතය දිගු හසරැල්ලක් වෙනවාට වඩා පුංචි පුංචි කඳුළු කතා ඒකට එකතු වුණාම තමයි අපි හැබෑවටම ජීවත් වෙනවයි කියන සුන්දර හැඟීම සිතට දැනෙන්නේ.

ඒ ජීවිතයත්, ආදරයත් ගැන ඉතාම සරලව මට හිතෙන හැටි. මා එක්ක එකඟ වන අය වගේම නොවන අයත් ඉන්න පුළුවන්. ඒත් මේ මට හිතෙන හැටි. ඒ සිතිවිල්ලට නිමිත්ත වුණේ පුංචි තිරයේ අහිංසකාව, ජනපි‍්‍රයත්වයෙන් මෙන්ම විශිෂ්ටත්වයෙන් ද පිරිපුන් අපේ ආදරණීය නිළිය නිල්මිණි තෙන්නකෝන් ගැන ලියන්නට සැරසෙන මේ ලිපිය.

ඉතිං, කොහොම ද නිල්මිණි මොනවද අලුත් තොරතුරු ........?

කවදත් ළෙන්ගතු සිනහව අදත් නොවෙනස්ව ඈ වතෙහි දිදුළන්නේ අපේ කතාබහට සොඳුරු ආරම්භයක් ලබා දෙමින්.....

කියන්න තරම් වරදක් නැහැ. සතුටෙන් ඉන්නවා. පසුගිය කාලේ මම ටෙලි නාට්‍යය කිහිපයකම රූගත කිරීම් අවසන් කළා. සසර සරණී, හිතුවක්කාරි, දිය යට ගිනි, සහ තවත් ටෙලි නාට්‍යයකට මම රංගනයෙන් දායක වුණා.ඒවා ඉදිරියේදී විකාශය වීමට නියමිතයි.

මොන වගේ චරිත ද ඔයාට රඟපාන්න ලැබුණේ ?

“සසර සරණී” ටෙලි නාට්‍යයේ මම රඟපාන්නේ දසසිල් මැණියකුගේ චරිතයක්. එතකොට ‘හිතුවක්කාරී’ ටෙලි නාට්‍යයේ වලං හදන, දුක්බර ජීවිතයක් ගත කරන කාන්තාවකගේ චරිතයක් මම නිරූපණය කළා. “දිය යට ගිනි”ටෙලි නාට්‍යයේ චරිතය මේ දෙකටම වෙනස්. ඒක රහස් පරීක්ෂක කතාවක්. රූමත්, විවාහක කාන්තාවකගේ චරිතයක් මට එහි රඟපාන්න තිබුණේ. ඒකේ කතාව කියන්න හොඳ නැහැ. එහෙම වුණොත් අපරාදේ.

තවත් ටෙලි නාට්‍යයක මම රඟපෑවා. නමුත් ඒකට තවම නිශ්චිත නමක් යොදා නැහැ. මම හිතන්නේ ඒ චරිතය මගේ රංගන ජීවිතයේ විශාල පෙරළියක් වේවි. ජීවිතයේ අනන්ත දුක් ගැහැට විඳ දරා ගෙන ජීවත් වෙන්න උත්සාහ දරන කාන්තාවකගේ භූමිකාවක් එය. අවසානයේදී ඇයට පිස්සු හැදෙනවා. ඉතාමත් ආසාවෙන් මම ඒ චරිතය කළේ.

නිල්මිණි, ලැබෙන හැම ආරාධනාවක්ම පිළිගන්නවා ද?

නැහැ, ඇත්තටම මම එදා ඉඳන්ම රඟපෑවේ තෝරා බේරාගෙන. අදටත් ඒකේ වෙනසක් නැහැ. ඒ නිසා ඇතැම් ටෙලි නාට්‍යය මට ප්‍රතික්ෂේප කරන්න වුණා. නමුත් තවත් පැත්තකින් අපට අසාධාරණයක් වෙනවා. අපි රඟපාන ටෙලි නාට්‍යය විකාශය වෙන්න අද නාළිකාවක්, විකාශන කාලයක් නැහැ.

මට වුණත් නිෂ්පාදන කටයුත්තකට අත ගහන්න ලොකු වුවමනාවක් තියෙනවා. අපිට බෙල්ට් එකක් නැහැ. අන්තිමට ඉනට දාන බෙල්ට් එකක් තමයි හොයා ගන්න වෙලා තියෙන්නේ. මේක මට විතරක් වුණ අසාධාරණයක් නෙවෙයිි. ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයේ ගොඩ දෙනෙකුට මේ ප්‍රශ්නය තියෙනවා.

ඔය කියන්නේ මෙගා ටෙලි නාට්‍යය නිසා ඒ ඉඩකඩ ඇහිරුණා කියල ද?

මේ ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල, නිළියක් හැටියටයි මම කතා කරන්නේ. ඇත්තෙන්ම අධ්‍යක්‍ෂවරුන්ට විශාල අසාධාරණයක් වෙනවා මේ මෙගා ටෙලි නාට්‍යය නිසා. ඒ වගේම නිෂ්පාදකයන්ට පවා.

දැන් මමත් භාගයක් මුදල් යොදවා කළ ටෙලි නාට්‍යයක් තියෙනවා. නමුත් විකාශය කරන්න බෙල්ට් එකක් නැහැ. අපි මේක ජනාධිපතිතුමාටත් කිව්වා. ඇත්තෙන්ම මේ ටෙලි නාට්‍යය එක්තරා රූපවාහිනී නාළිකාවකින් පවා අනුමත කළා. නමුත් ඔවුන්ගේ මෙගා ටෙලි නාට්‍යය නිසා අරක දිහා හැරිලාවත් බලන්නේ නැහැ.

එතකොට ඔයා රඟ පෑ “දූ - දරුවෝ “ අපේ දීර්ඝ ටෙලි නාට්‍යය රැල්ලේ ආරම්භය කියලා කෙනෙක් තර්ක කළොත්.....?

ඔව් “දූ දරුවෝ” මෙගා ටෙලි නාට්‍යයක් තමයි. ඒත් ඇත්තෙන්ම එතන තිබුණේ කලාවක්. අනෙක තවත් ටෙලි නාට්‍යය විකාශය කරන්න ඕනෑ තරම් බෙල්ට්ස් තිබුණා. “දූ දරුවෝ” විකාශය වුණේ සතියකට එක වතාවයි. අද සමාජය, ලෝකය, තාක්ෂණය දියුණු වෙලා. මේ ක්ෂේත්‍රයට යොමු වෙලා ඉන්න පිරිස වැඩියි. ඒ අතරේ අහිංසක නිෂ්පාදකවරු, අධ්‍යක්ෂවරු ඉන්නවා. ඔවුන් රැක ගන්න නම් අපි මේ මෙගා ටෙලි නාට්‍යය රැල්ලට එරෙහිව වැට බඳින්න ඕනෑ.

ඒ කතාවට තිබෙන පදනම මොකක්ද.......?

මෙගා ටෙලි නාට්‍ය වල කිසිම අර්ථයක් නෑ. ඒ වගේම නළු නිළියන්ගේ රංගනයේ කිසිම සුවිශේෂී බවක්, හැකියාවක් ඉස්මතුවීමක් මා දැක නැහැ.

නමුත් මේ මෙගා ටෙලි නාට්‍යය කර්මාන්ත නිසා යැපෙන විශාල පිරිසක් අද ඉන්නවා. සමහරෙකුගේ ජීවනෝපාය වෙලා තියෙන්නේ මෙගා ටෙලි නාට්‍ය....?

ජීවනෝපාය කියලා මේ වගේ දේවල්වලට සම්බන්ධ නොවී එහෙනම් එයාලට කඩයක් දාගන්න තිබුණා. ඒක තමයි හොඳම දේ, කලාව බිස්නස් එකක් කර ගන්න හොඳ නෑ.

එතකොට ඔයා කවදාවත් මේක බිස්නස් එකක් කරගත්තේ නැහැ....?

අපෝ නැහැ. කවදාවත් නැහැ. අපි නිකං ගිහින් රඟපාලා තියෙනවා. ඒ අපි ටෙලි නාට්‍ය කලාවට ආදරය නිසා. මම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට එක්වුණේ ඩී.බී. නිහාල්සිංහයන්ගේ “දිමුතු මුතු” ටෙලි නාට්‍යයෙන්. ඉන් පසු මට ප්‍රවීණ අධ්‍යක්ෂවරුන් රැසක් යටතේ රඟපාන්න අවස්ථාව ලැබුණා. අපි ඒ අයගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. ගුරු හරුකම් ලැබුණා අපට. ඒ බොහෝ දෙනෙක් අද මේ කලාවෙන් ඈත් වෙලා. දැන්වත් මෙගා නවත්වන්න ඕනෑ.

අද බොහෝ තරුණ තරුණියන් රංගනයට යොමුවෙලා ඉන්නවා. ඒ බොහෝ දෙනෙක් ප්‍රේක්‍ෂක අවධානය දිනා ගන්නේ, ජනපි‍්‍රයත්වයට පත් වෙන්නේ මේ මෙගා ටෙලි නාට්‍ය හරහා. ඔවුන්ට කියන්න විශේෂ යමක් තියෙනවා ද?

අපි මේ යම්කිසි දෙයක් රඟපෑම ගැන ඉගෙන ගත්තා නම් ඉගෙන ගත්තේ චරිත රාශියක් කරලා. විවිධාකාර චරිත අපට ලැබුණා. දැන් ඉන්න ළමයින්ට ඒ වගේ චරිත ලැබෙනවද? එවෙලේ ලියලා දෙන තිර පිටපත්වලට තමයි ඒ අය ගොඩක් වෙලාවට තමුන්ගේ රඟපෑම් ඉදිරිපත් කරන්නේ. ලොකේෂන් එකට ඒ කොලේ අරන් ආපුවාම අර ළමයි ඒක බලාගෙන ඇක්ට් කරනවා. ඒ අය වැඩි දෙනෙක් සෙට් එකේ ඉන්නේ ඒ ගොල්ලන්ගේ ජංගම දුරකතනයන් එක්ක. ඉතින් මේක තමයි චරිතය කියලා අර කොළේ දුන්නම ඒ අය කෙහොමද රඟපාන්නේ.

“දූ - දරුවෝ “ වගේ ටෙලි නාට්‍යයක් එක්ක සංසන්දනාත්මකව බලද්දී අද හැදෙන ටෙලි නාට්‍ය ගැන නිල්මිණිට මොකද හිතෙන්නේ.......?

අම්මෝ, විශාල වෙනසක්. ඒවායේ හිටියේ දැවැන්ත නළු, නිළියන්. සෝමවීර සේනානායක ගේ පිටපත, නාලන් මෙන්ඩිස්ගේ අධ්‍යක්ෂණය. ඒ සුසංයෝගයෙන් තමයි මේ ටෙලි නාට්‍යය නිර්මාණය වූණේ. මට තාම මතකයි දීප්තීගේ චරිතයට අවශ්‍ය වුණේ කොට කොණ්ඩයක්. මට විග් එකක් දාන්නයි මුලදී අදහස තිබුණේ. සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මිය ළඟට මාව එක් කරගෙන ගියා.

එතන දී මම ඇහුවා, විග් එකක් නොදා මගේම කොණ්ඩෙ කොට කරලා පෙන්නන්න ද කියලා. මම එවෙලේ හදලා පෙන්නපු කොණ්ඩේ තමා ‘ දූ – දරුවෝ “ එසේ අනුමත කළේ. කොටස් දෙසීයක් යනකල් ඒ කොණ්ඩේ හැමදාම දාගත්තේ මම. අවුරුදු ගාණක් ඒ වැඩේ කළා මේකප් ආටිස්ගේ උදවු නැතිව. ඒකේ පළමුවැනි දර්ශනය රූගත කළාට පස්සේ සෝමවීර සේනානායකයන් ඒක නැරඹුවා. බලලා කිව්වේ මොකක් ද නිල්මිණි ගේ සීන්ස් රී ෂූට් කරන්න කියලා.

ඇයි ඒ......?

මොකද දීප්තිට කවදාවත් ටයිට් ජීන්ස් අඳින්න බැහැ. එයාගේ ඔළුවේ හිටියේ සුදු ෂර්ට්, බාච්චු කලිසම් ඇඳ ගත්තු කෙල්ලක්. නිල්මිණි ගේ ඇෙඟ් තියෙන හැඩේ පෙන්නන එපා. ඒ චරිතෙ වැටෙනවා එහෙම වුණොත්. එයා හැඩට අඳින කෙනෙක් නෙමේ. බොහොම සරලව අඳින පළඳින කෙනෙක් කියලා සෝමවීර සේනානායකයන් තමන්ට අවශ්‍ය පරිදි දීප්තිගේ චරිතය ලබා ගන්න අපට උපදෙස් දුන්නා. ඒ සීන්ස් නැවත රූගත කළා. මම මේ පොඩි උදාහරණයක් කිව්වේ. අන්න ඒ සහයෝගය, සම්බන්ධය නිසා තමයි දීප්තිගේ චරිතය අර තරම් සාර්ථක වුණේ. අද වගේ එහෙම කැපවීමක් කරයි ද.....?

සමහරු තාමත් ඔයාට කතා කරන්නේ දීප්ති කියලලු ?

අදටත් ඇත්තටම මට එහෙම කතා කරන අය ඉන්නවා. “දූ දරුවෝ” මතක් කරනවා. අදටත් සැලෝන්ස්වලට ගිහින් අපිට දීප්ති කට් එක දෙන්න කියලා ඉල්ලන තරුණියෝ ඉන්නවා. ඒ කාලේත් දීප්ති කට් කියලා එකක් හැදුණා. ඒ අපි කරපු දේවල්. මම කරපු ගොඩක් ඩ්‍රාමාස්වල ඒ ඒ කාලෙට දාලා තිබුණ හෙයාර් ස්ටයිල්ස් ඉම්ටේට් කළා. ජනපි‍්‍රයත්වය විතරක් නෙවෙයි. මම හිතන්නේ සාර්ථකත්වයත් තිබුණා ඒ චරිතවල. ඒකයි අපිව එයාලා අනුකරණය කළේ.

ඒ එදා, නමුත් අද ඒ වගේ නිවිහැනහිල්ලේ රඟපාන්න පුළුවන් වටපිටාවක් නෙවේ තියෙන්නේ. හැමතැනම කාර්ය බහුලයි. එදා නිල්මිණී තෙන්නකෝන් ගේ ඒ සංවේදී රංගනයන් අදත් අපට දැක බලාගන්න පුළුවන් කියල ද ඔයා කියන්නේ.

අනිවාර්යයෙන්ම. මම පසුගිය කාලේ ටෙලි නාට්‍යය කරද්දී එක සීන් එකක් කළොත් ඊළඟ එකට සූදානම් වෙද්දි පිටිපස්සෙන් ඇවිත් ඉන්නවා ;කාස්ටියුම්ස් අරගෙන. මම කවදාවත් කරන්නේ නැහැ ඒ විදිහට. හදිසිම අවස්ථාවක් තිබ්බොත් හැරෙන්න. කාගෙවත් ප්‍රොඩක්ෂන් එකක ලාබය සඳහා මම මගේ චරිතය පාවා දෙන්නේ නැහැ. සමහරු දවසකට කොස්ටියුම්ස් පහළොවක් විතර මාරු කරලා බිත්තියකට හරි හේත්තු කරලා ෂොට්ස් ටික ගන්නවා පස්සෙ ඩබ් කරනවා කියලා. ඒ වගේ වැඩ මම නම් කරන්නෙම නැහැ.

රඟපෑමේ දී එක් අන්තයකට කොටු නොවී විවිධ පරාසයන් කරා විහිදුණු චරිත රඟපෑමේ අවස්ථා ඔයාට ලැබුණා ද......?

මම හිතන්නේ ඒ අතින් මගේ පරම්පරාවේ මම තරම් වාසනාවන්ත වෙනත් නිළියක් නැහැ. මම රංගනය පටන් ගත්තේ පාසල් කාලේ ඉඳන්. මට අවුරුදු පහළොවක් විතර ඇති එතකොට. බ්‍රහස්පතින්දා, සිකුරාදා දවස්වල ස්කූල් කට් කරලා ඇවිත් තමයි ෂුටිං කළේ. ඉස්කෝලෙන් මට ලොකු කරදරයක් ඇති වුණා එතකොට. ඒ පටන් ගත්ත පටන් ගැනිල්ල මේ වෙනතුරුත් මම විවිධාකාර චරිත තුළින් ප්‍රේක්‍ෂකයන් අතරට ගියා. “ කුමාරයාණනි, “ නිදිකුම්බා මල්” ටෙලි නාට්‍යවල චරිතවල නම්වලින් අදටත් මිනිස්සු මට කතා කරනවා. මට නිල්මිණි තෙන්නකෝන් කිව්වම නොදන්න කෙනෙක් අද නැහැ. එදා තිබුණ ජනපි‍්‍රයත්වය තවමත් මට තියෙනවා.

එතකොට අද ඉන්න ඕනෑම නිළියක් එක්ක ඔයාට තරග කරන්න පුළුවන්.

ඔව්...... ඇත්තටම

කිසිම බයක් නැහැ.

බය නැහැ.

ඇත්තම කිව්වොත් අපි දන්න නිල්මිණි ජීවිතයේ නොයෙක් හැල හැප්පීම්වලට මුහුණ දුන් ගැහැනියක්. ඔයාගේ පෞද්ගලික ජීවිතයට සමාන චරිත කවදාවත් රඟපාලා නැති ද.....?

තියනවා, අනිවාර්යයෙන්ම තියෙනවා. එහෙම ඒවා වගේම ඇතැම් චරිත රඟපෑමට පස්සේ ඒවා මගේ ජීවිතයේ ඇත්තටමත් වෙලා තියෙනවා.

උදාහරණයක් කියන්න බලන්න.....?

ගොඩක් ඒවා. ‘නිදිකුම්බා මල්’, එතකොට ‘ලේ කිරි කඳුළු චිත්‍රපටය ගත්තොත් ඒකේ ලොකු රිය අනතුරක් තියෙනවා. මටත් ඇත්තටම ඒ අත්දැකීමට මුහුණ දෙන්න වුණා. ඒ වගේම මගේ ජීවිතේ සමහර සිද්ධි රඟපෑ චරිත හා සංසදනය වෙලා තියෙනවා. රඟපෑවට පස්සේ, සමහරක් එව්වා මගේ අත්දැකීම් තුළින් චරිතයට ගොනු වෙලා තියෙනවා.

ඇත්ත, මට දැන් ජීවිතය ගැන අලුතෙන් හිතන්න පුළුවන්. ඒ රිය අනතුර ගැන මම මේ දවස්වල පොතක් ලියාගෙන යනවා. ඒ කරුණු ගැන කවුරුත් විශ්වාස කරන එකකුත් නැහැ. මට පුංචි දුකක් තියෙනවා. මගේ රිය අනතුරටත් සමහරක් අය නොයෙකුත් කතා හැදුවා.

ඇත්තටම මම මැරිලා හිටියේ. ඒ මැරිලා හිටිය මටත් ගොඩක් කතා හදලා තියෙනවා සමහරු. මම සහ මගේ හිත දන්නවා මොකද වුණේ කියලා. ඔබ කිව්වා වගේ වෙනස් අලුත් ජීවිතයක් මට ලැබුණා. ඒක මට දෙවියෝ දුන්නේ. මගේ දරුවාව ජීවත් කරවන්න මැරෙන්න එපා. මෙහෙ එන්න එපා මට යන්න කිව්වා. මම ගියා. ඇත්තටම මම උඩින් ගියා . මම සේරම දේවල් දැක්කා.

මේ සියල්ල දැකලා ආපහු ආව කෙනෙක් මම.

ඇත්තටම කියන්නකෝ කොහොම ද දැන් ශ්වේතා දූ .....?

එයා ලයිසියම් ජාත්‍යන්තර විදුහලේ තුන්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. ශ්වේතා ඉගෙනීමට වගේම ගීත ගායනටත් හරිම දක්‍ෂයි. කැමැතියි. හැබැයි එයා කියන්නේ හොඳට ඉගෙන ගෙන ටීචර් කෙනෙක් වෙන්න ඕනෑ කියලයි. චිත්‍රපට, ටෙලි නාට්‍යය කිහිපයකටම එයාල කතා කළා. ඒත් දුව කැමැති වුණේ නැහැ.

හොඳයි.......දැන් නිල්මිණි අලුත් වැඩකට අත ගහලා ඉන්නවා.”මෙගා ස්ටාර්” වැඩ සටහනෙන් ඔයාගේ ගායනා හැකියාවත් රටට පෙන්නන්න අවස්ථාව දැන් උදාවෙලා.....?

ඇත්තටම මෙතන හොඳම ගායකයෙක් හෝ හොඳම ගායිකාවක් බිහි කරන්න නෙවෙයි මේ වැඩ සටහනේ පරමාර්ථය වෙලා තියෙන්නේ. මේක රියැලිටි පෝග්‍රෑම් එකක් ස්ටාර් කෙනෙක් තෝරන. මට අමුතුවෙන් ස්ටාර් කෙනෙක් වෙන්න අවශ්‍ය නැහැ. මම මේ රටේ ස්ටාර් කෙනෙක්. ලංකාවේ තියෙන හැම සම්මාන උළෙලෙකම ජනපි‍්‍රය නිළිය වෙලා තියෙනවා. ස්ටාර් කෙනෙක් වෙන්න මට ආයේ ඕනෑ නැහැ.

නමුත් අපේ ජීවිතවලට හැමදාමත් වෙනසක් අවශ්‍යයි. වැරැදි දෙයක් නොවෙයි නේ මේක. වෙනසක් ඕනෑ නිසා ඒ වෙනසට මම කැමැති වුණා. ගොඩක් අය මට දොස් කියනවා අදටත් මේකට ගියා කියලා. නමුත් මම හිතනවා මෙතනදි අපට හානියක් වෙන්න නැතිව යම්කිසි වෙනසක් කරන්න හැකිවේවි කියලා.

By: Last Man On: 9:56 AM

අර්ජුන රණතුංග" පොදු අපෙක්ෂකයා වන හිටපු හමුදාපති "ජනරාල් ෆොන්සෙකා" ට

By: Last Man On: 2:43 AM

Arjuna Ranatunga

එක්සත් ජනතා නිදහස් සංවිධානයේ මන්ත්‍රී වරයකු වන "අර්ජුන රණතුංග" එක්සත් ජාතික පක්ෂය සහය දක්වන පොදු අපෙක්ෂකයා වන හිටපු හමුදාපති "ජනරාල් ෆොන්සෙකා" ට සහය දක්වන බව ඉයේ පුවත්පත් සකච්චාවකදී ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු වන අර්ජුන රනතුන්ග ක්‍රිකට් නිසා ලබගත් ජනප්‍රිය බව මත ඩෙශපලනයට පිවිසියේය. මුලින්ම කෝට්ටේ සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වූ අර්ජුන ක්‍රීකට් පලක මංඩලයේ සභාපති ධූරයද අහිමි කර ගත්තේය.

Tuesday, December 15, 2009

සැමියාට පඩමක් උගන්වනවා..වසූදා

By: Last Man On: 2:27 PM
මීනා කුමාරි

ශ්‍රී ලාංකික සිනමා හා ටෙලිනාට්‍ය ක්‌ෂේත්‍රයේ යුග යුග පායන තරු අතුරින් ඇය සුවිශේෂය. සැබෑ ශ්‍රී ලාංකික කාන්තාව නොයෙක්‌ චරිතාංග තුළින් ඉස්‌මතු කිරීම ඇගේ රංගන ශෛලියේ අරමුණයි.

පුංචි තිරයෙත්, සිනමා හා වේදිකාවෙත් ප්‍රේක්‍ෂක රසික සහෘද හදවත් තුළ අභිෂේක ලැබූ ඇය, මීනා කුමාරිය. ඇගේ අලුත්ම සිනමා රංගාභිෂේකය, "කන්‍යාවී" ගැන මෙන්ම මීනාගේ පෞද්ගලික තොරතුරු ගැන දැන ගන්නත් එක්‌ක අපි ඇය හා පිළිසඳරක යෙදුනෙමු.

මීනා... කන්‍යාවී, චිත්‍රපටයට ඔබෙන් ලැබෙන දායකත්වය ගැන මුලින් යමක්‌ කියනවා නම්?

කන්‍යාවී චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන ඉමායාගේ චරිතයට මම ජීවය දෙනවා. ඉමායා සමස්‌ත ලාංකික කාන්තා පරපුරටම ආදර්ශමත් චරිතයක්‌ හැටියටයි මම දකින්නෙ. සිරිතුංග පෙරේරා අධ්‍යක්‍ෂණය කළ ඉන්දික විඡේරත්න නිෂ්පාදනය කරමින් මෙම චිත්‍රපටිය නිර්මාණය වෙනවා. මේක කාලීන තේමාවක්‌ රැගත් හුඟාක්‌ පවුල් ජීවිත හා බද්ධ වුණු කතාවක්‌. මම මගේ දායකත්වය ඉමායා වෙනුවෙන් උපරිම අයුරින් ඉටු කළා.

"කන්‍යාවී"හි ඉමායා දරා ගැනීමේ ශක්‌තිය පිළිබිඹු කරන චරිතයක්‌. ඉමායාත් පුරුෂාධිපත්‍යයට යටපත් වන්නියක්‌ද?

තම ස්‌වාමියා වෙනත් සම්බන්ධකම් පවත්වා ගෙන යාම නිසා සමාජයේ තනිවන ගැහැනුන් කොතෙකුත් සිටිනවා. ඔහුගේම

රැකවරණය යෑපීම හමුවේ දරුවන් වෙනුවෙන් මෙන්ම සමාජයෙන් සිදුවන අවමානයන්ට බියෙන් ද කාන්තාවන් මෙම ප්‍රශ්නයේදී අනේක වේදනාවන් ද දරා ගෙන සිටිමින් මුණිවත රකිනවා.

එහෙත් ඉමායාට අවශ්‍ය නැහැ එහෙම ඉන්න.... ඉමායා වංශවත්, පොහොසත් පවුලක කාන්තාවක්‌. ඇය සියලු දේ දරා ගන්නෙ ස්‌වාමියා කෙරෙහි දැක්‌වූ ආදරය, සෙනෙහස කැප කිරීම් තවදුරටත් පවත්වාගෙන යාමේ අරමුණෙන්, එවැනි ප්‍රශ්නයකදී ස්‌වාමියා සමග අඩදඹර වෙමින් ජීවිතය ගෙවනවාට වඩා ඔහුගේ වැරැද්ද ඔහුටම අවබෝධ වන අයුරින් කටයුතු කිරීම වඩාත් බුද්ධිමත් දේ බව මෙම චිත්‍රපටියේ කතා තේමාවෙන් මොනවට ප්‍රත්‍යක්‍ෂ වෙනවා. ගැහැනිය මෙම ප්‍රශ්නයේදී මුහුණ දෙන ආකාරය වෙනත් කෝණයකින් බැලීමක්‌.

කන්‍යාවී චිත්‍රපටියේ ඉමායාට මුහුණ දෙන්නට සිදු වූ දේ ඔබට මුහුණ දෙන්නට සිදුවූවා නම්...?

මම ඇයව අනුමත කරනවා. ඇය ගත් තීරණමයි මමත් ගන්නෙ. ඇය මේ ප්‍රශ්නයේදී ඉතා උපේක්‌ෂා සහගතව කල්පනා කරනවා. අඩදඹර, හැලහැප්පීම් වෙනුවට ස්‌වාමි ගෞරවය යහ ගුණයෙන් කටයුතු කිරීම තුළින්ම ඔහුට යළිත් වැරැද්දක්‌ නොකරන්නට පාඩමක්‌ කියා දෙනවා.

මීනා මුලින්ම රංගනයට පිවිසුණේ...?

මම මුලින්ම රඟපෑවෙ ආරියරත්න ඇතුගලයන්ගේ "තුන්බිය" ටෙලිනාට්‍යයෙන්. පරාක්‍රම නිරිඇල්ලගෙ "විල්බැඳි දනව්ව" මෙන්ම "බෝගල සවුන්දරිස්‌", "සුරඟනන් ඇවිත්", "ජීවිතයට ඉඩ දෙන්න", "වසූදා", "පුණරාගමනය" ඇතුළු තවත් ටෙලිනාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වුණා. සුගතපාල සිල්වාගේ ශාන්තුවර සෙබලානෝ, ධර්මසිරි බණ්‌ඩාරනායකගේ "ට්‍රොaජන් කාන්තාව" වැනි වේදිකා නාට්‍යවලත් මං රංගනයන් ඉදිරිපත් කළා.

"ඔබේ අලුත් නිර්මාණ ගැනත් සඳහන් කරන්න?

චන්ද්‍රරත්න මාපිටිගමගේ "කළුවර යාමය" වැඩ කටයුතු බොහෝ දුරට අවසන්. ඒ වගේම "කාලි" නමැති අහිංසක ගොළු කාන්තාවකගේ චරිතයක්‌ රැගත් ඉන්දියානු කලාත්මක චිත්‍රපටයකටත් මං සම්බන්ධ වුණා. ඒක මගේ පළමු ජාත්‍යන්තර චිත්‍රපටයයි. එය ඉන්දියානු කලාත්මක චිත්‍රපට සඳහා නියෝජනය වන්නක්‌. ලබන ජනවාරියේ සිට එය ඉන්දියාවේ තිරගත වීමට නියමිතයි.

ඔබේ පවුලේ තොරතුරුත් කියනවා නම්?

මගේ තාත්තා විශ්‍රම ගිය හමුදා නිලධාරියෙක්‌. මගේ මල්ලිත් යුධ හමුදා මේජර්වරයෙක්‌. නංගිත් කලාවට සම්බන්ධ වෙලා කටයුතු කරනවා. මගේ අක්‌කා ජාත්‍යන්තර පාසලක ගුරුවරියක්‌ හැටියට කටයුතු කරනවා. මගේ දුවත් මම අධ්‍යාපනය ලැබූ කොළඹ විශාඛා විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. සතුටින් ජීවිතය ගෙවනවා.

Monday, December 14, 2009

ඔව්. මට පෙම්වතෙක් ඉන්නවා. ඔහු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්-නදීෂා හේමමාලි

By: Last Man On: 4:57 AM

රසික හදවත් තුළ ආදරණීය මතක සටහන් රැසක් තැබූ ඇය සිනමා තිරයේත් පුංචි තිරයේත් සැබෑම දඟකාරියකි.

සුන්දරත්වය, රංගන හැකියාව, ආකර්ෂණීය ලාලිත්‍යයෙන් අද වන විට රසික හදවත් තුළ අසීමිත ආදරයක් ජනපි‍්‍රයත්වයක් දිනූ මේ වාසනාවන්ත තාරකාවිය නමින් නදීෂා හේමමාලිය. අද මා සමඟ කතා බහට එක්වන්නේ මේ සොඳුරු සිතැත්තියයි.

ඉතිං... නදීෂා මොනවද ඔයාගෙ අලුත්ම තොරතුරු?

මේ දවස්වල නං මම ටිකක් කාර්ය බහුලයි. අනුර මාධව ජයසේකරගේ “සොඳුරු පියාපත්” ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වෙනවා.

යුද්ධය පසුබිම් කරගෙන නිර්මාණය වුණු ටෙලිනාට්‍යයක් මෙය. මේ ටෙලිනාට්‍යයේ ‘ටානියා’ කියන මරාගෙන මැරෙන කොටි කාන්තාවගේ චරිතය තමයි මම නිරූපණය කරන්නේ.

මෙතෙක් කාලෙකට මට රඟපාන්න ලැබුණු වෙනස් ම ආරක චරිතයක් . මොකද මීට කලින් මේ වගේ චරිතයක් මම රඟපාලා නැහැ.

මම හිතනවා මේ චරිතය මට වගේ ම ප්‍රේක්‍ෂකයින්ටත් අලුත්ම අත්දැකීමක් ගෙන එයි කියලා.

ඔබ නිවේදිකාවක් ලෙසත් ප්‍රේක්‍ෂකයින් අතර ජනපි‍්‍රයයි. මේ ගැනත් කතා කරමු ද?

ස්වර්ණවාහිනියේ ‘ටැලන්ට් ශ්‍රී ලංකා’ වැඩසටහන ඉදිරිපත් කරන්නේ මම. ඇත්තටම මේ වගේ වැඩසටහනක් ඉදිරිපත් කරන්න ලැබීම ගැන සතුටු වෙනවා.

මොකද ඊට සහභාගි වෙන තරගකරුවන් ඉදිරිපත් කරන දක්ෂතා සියැසින් සජීවීව මට දකින්න පුළුවන් වුණේ ජීවිතේ පළමු වතාවට. ඇත්තටම ඒ තරගකරුවන්ගේ දක්ෂතා දැකලා මම මවිතයට පත්වුණා.

නදීෂා, රංගන ශිල්පිනියක් විදිහට ඔබ පැමිණි ගමන් මඟ ගැන මොකද හිතෙන්නේ?

මම කලා ක්‍ෂේත්‍රයේ රංගන ශිල්පිනියක් විදිහට මේ දක්වා නැගී සිටියේ තනිවම. මගේ ජීවිතේ ගත යුතු හැම තීරණයක් ම මම ගත්තේ තනිවම. හැම අභියෝගෙකටම මුහුණ දුන්නේත් තනිවම.

මම ආපු ගමන් මඟ ගැන මට තියෙන්නේ ලොකු විශ්වාසයක්. ඒ වගේ ම මම හිතන්නේ මම ගත්තේ නිවැරැදි තීරණ කියලයි. මම කිසිම දේකින් පසුතැවෙන කෙනෙක් නෙවෙයි.

ඔබ මේ වෙනකොට ආදරවන්තියක් නේද?

ඔව්. මට පෙම්වතෙක් ඉන්නවා. ඔහු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්. මාව හොඳින් තේරුම් ගත්ත කෙනෙක්.

මගේ කලා කටයුතුවලටත් ව්‍යාපාරික කටයුතුවලටත් ඔහුගෙන් ලැබෙන සහයෝගය අගය කළ යුතුයි.

කිසිම වෙලාවකට ඔහු මගේ ජීවිතයට නීතිරීති දාන්න එන්නේ නැහැ. ඒ වගේම ඔහුගෙන් මගේ කලා කටයුතුවලට බාධාවක් ඇතිවෙන්නේ නැහැ. ඔහු හැම විටම මාව දිරිමත් කරන ආදරණීය පෙම්වතෙක්.

ඒ කියන්නේ ඔයාගෙ විවාහයත් ළඟදීම සිදුවේවි නේද?

විවාහය ගැන ඇත්තටම ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒත් ඉතින් තාම කවදද විවාහ වෙන්නේ කියල තීරණය කරල නැහැ. මගේ විවාහයට තව ටික කාලයක් ගතවේවි.

නදීෂා ජීවිතේ වඩාත් ම සතුටු වුණු දවස මතකද?

රංගන ශිල්පිනියක් විදිහට මම කැමරාවක් ඉදිරියට ගිය පළමු දවස තමයි මගේ ජීවිතේ මම වඩාත්ම සතුටු වුණු දවස.

ඒ වගේම පොදුවේ ගත්තහම මම මගේ ජීවිතේ හැම දෙයක් ගැනම සතුටු වෙනවා. මගේ බලාපොරොත්තු අද වෙනකොට සෑහෙන්න ඉටුවෙලා තියෙනවා. ඒ ගැන මට තියෙන්නේ අසීමිත සතුටක්.

ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?

විවාහ වෙලා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න බලාපොරොත්තු වෙනවා. මගේ හිතේ හීනයක් තියෙනවා කවදා හෝ සැබෑ කර ගත යුතු.

ඒ තමයි කවදාහරි ලංකාවේ දක්ෂතම නිළිය බවට පත්වෙන එක. ඒ වගේම මගේ නම ජාත්‍යන්තර සිනමාව කරා ගෙන යාම. ඒ වෙනුවෙන් මම කැපවී කටයුතු කරනවා.

Monday, November 30, 2009

ජනාධිපතිතුමාගෙන් රෝයි - සුමනාට ඇමතුමක්

By: Last Man On: 2:09 PM
ජනාධිපතිතුමාගෙන් රෝයි - සුමනාට ඇමතුමක්

හෙළ සිනමාවේ අමරණීය කලාකරුවන් දෙපළක් වූ රෝයි - සුමනා ගේ නිවෙස හිත් පිත් නැති සොරුන්ගේ ග්‍රහණයට ලක්වීමේ කනගාටුදායක පුවත පසුගිය දිනෙක ‘රසඳුන’ සහෘද ඔබ වෙත වාර්තා කළේ සංවේගයෙන් යුතුව ය.
රෝයිටත් සුමනාටත් මුහුණපෑමට සිදු වුණු මේ විපත ගැන අප රටේ පළමු පුරවැසියා වන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සැළ වූ වහාම එතුමා රෝයි -සුමනාට දුරකථනයෙන් කතා කළා. ඒ පිළිබඳ රෝයි - සුමනා අප සමඟ කීවේ මෙලෙසින්.
“අපි දෙන්නම ජනාධිපතිතුමාට ස්තුතිවන්ත විය යුතුයි. එතුමාට රටේ ලෝකෙ වැඩ කන්දරාවක් තියෙන ගමනුත් අපිට සිදුවුණු කරදරය ගැන අහන්න අමතක කළේ නැහැ. එතුමාගේ ඒ මහත්මා ගතිය අපි හැමදාමත් අගේ කරනවා. එතුමා මේ සොරකම ගැන විස්තර ඇහුවා.
එවේලෙම මේ ගැන කඩිනම් පරික්ෂණ පවත්වන්න කියලා පොලිස්පතිතුමාටත් පවසා තිබුණා. ඒ වගේ ම ආරක්ෂාවත් අවශ්‍ය ද කියලත් අපෙන් ඇහුවා. ජනාධිපතිතුමා දහසකුත් වැඩ අතර අපි වගේ කලාකරුවන් අගේ කිරීම ගැන, අපිට සිදුවන විපත්, කරදරවලදී අපි සමඟ සිටීම ඇත්තටම අපිට ලොකු ශක්තියක්.
සිංහල සිනමාවෙ ඉන්න සමහර අය අපෙන් මොකද වුණේවත් කියල ඇහුවෙ නැහැ. රටේ තොටේ මේ තරම් ප්‍රශ්න තියාගෙන ඒවා විසඳන්න කටයුතු කරමින් කාර්ය බහුල ජීවිතයක් ගත කරන ජනාධිපතිතුමා කලාකරුවන්ට මොනතරම් ආදරේද කියලා මෙයින් ම අපිට තේරෙනවා. අපේ දුක සැප ගැන හොයල බැලුවට ජනාධිපතිතුමාට මුළු හදවතින් ම අපේ ස්තුතිය - කෘතවේදිත්වය අපි පුද කරනවා.
තුෂාරි

Monday, November 23, 2009

ජෙනරාල් සරත් ෆොන්සේකාපොදු ලකුණකින් ජනපතිවරණයට

By: Last Man On: 6:10 AM

විපක්‍ෂයේ ප්‍රධාන දේශපාලන පක්‍ෂවලට අයත් නොවන පොදු ලකුණකින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා එකඟත්වය පළකොට තිබෙන අතර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර පැය 24 ක්‌ ගතවීමට පෙර ඒ බව රටට නිල වශයෙන් හෙළි කිරීමට සැලසුම් කොට ඇත.විපක්‍ෂයේ පොදු සන්ධානයට එක්‌ව සිටින සුළු පක්‍ෂයක ඡන්ද ලකුණකින් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම පිළිබඳ පැවැති සියලු සාකච්ඡා මේ වන විට අවසන් කොට තිබේ. එක්‌සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්‌ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහජන පාර්ශ්වය යන විපක්‍ෂයේ ප්‍රධාන දේශපාලන පක්‍ෂවලට අයත් නිල ලාංඡනයකින් ඉදිරිපත් නොවී සැමට පිළිගත හැකි සෑම දෙනාගේම එකඟත්වයක්‌ මත පොදු ලාංජනයකින් පොදු අපේක්‍ෂකයා ලෙස සරත් ෆොන්සේකා මහතා මෙලෙස ජනාධිපතිවරණ සටනට පැමිණේ.ජනතා විමුක්‌ති පෙරමුණ නව ඡන්ද ලාංඡනයක්‌ ලබා ගැනීම සඳහා දේශපාලන පක්‍ෂයක්‌ ලියාපදිංචි කිරීමට ඉල්ලුම් කළත් එය මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් ප්‍රතික්‌ෂේප කිරීමත් සමඟ පොදු අපේක්‍ෂකයා ඉදිරිපත් වන පක්‍ෂය සතු ලාංජනය පිළිබඳ අර්බුදය උත්සන්න විය.මේ අනුව සුළු පක්‍ෂයකට අයත් පොදු ඡන්ද ලකුණකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සරත් ෆොන්සේකා මහතාගේ එම ඡන්ද ලකුණ සිංහල, දෙමළ, මුස්‌ලිම් ජනතාවන් අතර ප්‍රසිද්ධ කිරීම සඳහා පුළුල් ප්‍රචාරක වැඩපිළිවෙළක්‌ දියත් කිරීමට විපක්‍ෂය මේ වන විටත් සැලසුම් කොට ඇත. ජනාධිපතිවරණය පවත්වන බවට මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් නිල නිවේදන ප්‍රකාශයට පත්කළ වහා සරත් ෆොන්සේකා මහතාගේ නම සහ ඡන්ද සලකුණ ප්‍රකාශයට පත්කිරීමට විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ ඒකමතික තීරණයකට පැමිණ ඇත

Friday, November 20, 2009

ඇත්තද ඔයාට උයන්න, පිහින්න බෑ කියන්නේ?

By: Last Man On: 5:55 AM

පුංචි තිරය හරහා රටම ආකර්ෂණය කළ ජනප්‍රියම තරුව නෙහාරා පීරිස්

කුමාරසිංහ ආරච්චිගේ දෝන ක්‍රිහෂ්නි නෙහාරා කනීෂ්‍යා පීරිස්.
මේ කවුද කියා මා ඔබෙන් ඇසුවොත් එය එක්වරම පිළිතුරක් දෙන්නට බැරි පැනයක් වේවි ඔබට. ඒත් ඒ දිගු නමෙන් වදන් කිහිපයක් ඉවත් කර නෙහාරා පීරිස් කියූ සැනින් ඔබ දන්නවා ඈ කවුද කියා.

නෙහාරා පීරිස්.

‘මුතු කිරිල්ලී’ හරහා අපේ හදවතට ආදරය, සෙනෙහස මෙන්ම සුන්දරත්වය ද බෙදා දුන් ඈ වත්මන් ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයේ දිදුළන යොවුන් තාරකාවක්. ඒ බවත් අමුතුවෙන් කිව යුතු නැහැ ඔබට.

මේ ඈ ‘සරසවිය’ සමගින් කළ අතිශය ළෙන්ගතු කතාබහක වගතුගයි.

නෙහාරා මුලින්ම කියන්නකෝ ඔයාගේ උපන් දිනය?

මම ඉපදුණේ 1988 නොවැම්බර් 21.

ඒ කියන්නේ තව දවස් දෙකකින් ඔයාට අවුරුදු විසි දෙක ලබනවා.

ඔව්.

අපේ බොහෝ නිළියන් ක්ෂේත්‍රයට ආ මුල් කාලෙදි තමන්ගේ සැබෑ වයස හෙළි කළත් පස්සේ පස්සෙ වයස හංගනවා. ඔයත් එහෙම වෙයිද?

අනේ නැහැ. තව අවුරුදු දහයකින් ඇහුවත් මගේ නියම වයස එදාටත් කියනවා. කවදාවත් වයස හංගන්නේ නැහැ.

ඇයි ඒ . . . සාමාන්‍යයෙන් නිළියෝ වයස හංගනවනේ?

මම කැමැති අනෙක් හැමෝටම වඩා වෙනස් වෙන්න. අපි අපිටම බොරු කර ගන්න ඕනෑ නැහැනේ.

කොහොමද ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ?

ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයට මම ආවේ 2007 දී. ඒත් 2006 වසරේදී මම රූපවාහිනී වෙළෙඳ දැන්වීම් කිහිපයකට පෙනී සිටියා. මගේ රුව ප්‍රේක්ෂකයන් මුලින්ම දුටුවේ ඒ දැන්වීම්වලින්.

මොනවද ඒ?

මුලින්ම මම කළේ ‘ලංකා බෙල්’ කොමර්ෂල් එක. ඊට පස්සේ ඩයලොග් ඇතුළු තවත් වෙළෙඳ දැන්වීම් කිහිපයක්. ඇත්තටම වීඩියෝ ඉමේජ් එකේ ක්‍රිස්ටෝ තමයි මට මේ අවස්ථාව ලබා දුන්නේ.

එතකොට ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයට යොමු වුණේ කොහොමද කියලා කිව්වේ නැහැනේ?

ඔව් නේ . . . මගේ මාමා ඉන්නේ අමෙරිකාවේ. ඔහු ලංකාවට ආ වෙලාවක අපි නාලන්, සන්ධ්‍යා මෙන්ඩිස් යුවළ හමු වෙන්න ගියා. ඒ ගිය වෙලේ සන්ධ්‍යා මෙන්ඩිස් මගෙන් ඇහුවා මෙහෙම ටෙලි නාට්‍යයක් කරනවා සම්බන්ධ වෙන්න කැමැතිද කියලා.

ඉතින් ඔයා මොකද කිව්වේ?

එවෙලේ හිතේ පුංචි ආසාවක් ඇති වුණා. ඒත් මට තනියම තීරණයක් ගන්න බැරි නිසා ඩැඩාගෙන් මේ ගැන ඇහුවා. එතකොට එයා කිව්වා එහෙනම් ෆස්ට් ඇන්ඩ් ලාස්ට් කියලා හිතාගෙන ඒ ටෙලි ඩ්‍රාමා එකේ ඇක්ට් කරන්න කියලා.

මොකක්ද ඒ ටෙලි නාට්‍යය?

‘සෙනෙහසට ආදරෙයි’. එකේ රශ්මි කියලා සුළු චරිතයක් මම කළේ. මම රඟපෑවේ හා(ර්)ට් පේෂන්ට් කෙනෙක් විදිහට. ඊට පස්සේ මට රවීන්ද්‍ර විජේරත්න ගේ ‘ජීවිතේ ලස්සනයි’ පුංචි චරිතයක් ලැබුණා නෙත්මි කියලා. ඒකේ එපිසෝඩ්ස් එකසිය අසූ ගාණක් ගියාට පස්සෙයි මගේ චරිතය ආවේ. ‘සිරස’ මැජික් Box වැඩ සටහන ප්‍රසන්ට් කරන්න මට අවස්ථාව ලැබුණේ ඔය අතරේදී.

එතනදි තමයි නෙහාරාගේ ජීවිතයේ ලොකු පෙරැළියක් සිදු වෙන්නේ නේද?

ඔව් . . . ඔව්. මැජික් Box ප්‍රසන්ට් කරද්දී තමයි මට ‘මුතු කිරිල්ලි’ ට ආරාධනා ලැබුණේ. ඒක අධ්‍යක්ෂණය කළේ ලිලන්ත කුමාරසිරි. සුසිල ආයතනයේ නිෂ්පාදනයක්. ඒ අනුවයි මට එහි සමාධි සහ මුතු වෙන්න අවස්ථාව ලැබුණේ.

හිතා ගන්න බැරි තරමේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා නේ?

ඇත්තටම ‘මුතු කිරිල්ලී’ මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළා. උඩුයටි කුරු කළා කිව්වොත් හරි. පොඩි කාලේ ඉඳන් මට ඕනෑකම තිබුණේ අම්මා වගේ ගෘහණියක් වෙන්න. ඒත් නිළියක් විදිහට දිගටම ක්ෂේත්‍රයේ රැඳෙන්න ඕනැයි කියන සිතිවිල්ල මගේ හිතට ආවේ මේ ලැබුණ රසික ප්‍රතිචාරත් එක්ක. මට හිතා ගන්න බැරි වුණා මිනිස්සු ඇයි මට මේ තරම් කැමැති කියලා.

දැන් ‘මුතු කිරිල්ලී’ ඉවරයි නේ. ඒත් තාමත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා මගෙ හිතේ?

අදටත් මට දවසකට ලියුම් තිස් පහක් විතර ලැබෙනවා. ප්‍රශ්නේ ඇයි එයාලා මට මේ තරම් ආදරේ කියලා. ඒත් ඒ ජනප්‍රියත්වය මම ඔළුවට අරගෙන නැහැ. ජනප්‍රියත්වයෙන් කවදාවත් අයුතු ප්‍රයෝජනයක් අරගෙනත් නැහැ. ජීවිතේ තවත් අත්දැකීමක් විදිහටයි මම ඒක සලකන්නේ.

ඇත්තටම ඔයාට හිතාගන්න බැරිද මේ තරම් පිරිසක් ඔයාට කැමැති ඇයි කියලා?

මම පොඩි කාලේ ඉඳන්ම හැමෝ එක්කම හිනා වෙනවා. කතා කරනවා. කිසිම බේදයක් නැතිව තමයි හැමෝම ඇසුරු කරන්නේ. මගේ මේ මිත්‍රශීලීකමත් ඒ ‘කැමැත්ත’ට බලපාන්න ඇති.

‘මුතු කිරිල්ලී’ රංගනය වෙනුවෙන් ඔයාට අපේ රටේ ප්‍රධාන ටෙලි නාට්‍යය සම්මාන උළෙල දෙකෙන්ම සාධාරණය ඉටු වුණා කියා මට හිතෙනවා?

2008 වසරේ රයිගම් ටෙලි සම්මාන උළෙලේදීත් මේ වසරේ සුමති ටෙලි සම්මාන උළෙලේදීත් ජනප්‍රියම නිළියට හිමි සම්මාන ලබා ගත්තේ මම. ඒක මට ලොකු සතුටක් වගේම මගේ රංගන දිවියට ලැබුණ ආශිර්වාදයක්.

නෙහාරා වෘත්තීය නිළියක් ද කියා මා ඇසුවොත්?

මම රඟපාන්නේ සල්ලි හොයන්නම නෙවේ. හිට් එකක් වෙයි කියලා හිතුණොත් මම ඒක කරනවා. මම හැම ආරාධනාවක්ම බාර ගන්නේ නැහැ. ගොඩක් ඒවා ප්‍රතික්ෂේප කරලාත් තියෙනවා.

රඟපාන්නේ සල්ලි හොයන්න නෙවෙයි කියලා කිව්වට නොමිලේ රඟපාන්නෙත් නැහැනේ?

හැම වැඩක්ම බදාගෙන කරනවාට වඩා මගේ හිතට සෑහෙන එක වැඩක් කළත් මට ඇති. ඒ මම කරන වැඩේට මට අවශ්‍ය මුදල මම ඉල්ලනවා. යම් ඩිමාන්ඩ් එකක් තියා ගන්න තමයි මම ඒ විදිහට කරන්නේ. ඒත් ජනප්‍රියත්වය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න මම ලෑස්ති නෑ.

මේ දවස්වල නෙහාරා මොකද කරන්නේ?

රවීන්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කරන ‘සඳ එළිය වගේ’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. බණ්ඩාරගම ප්‍රදේශයේ තමයි ඒ රූගත කිරීම් සිදු කෙරෙන්නේ. මහීමා කියලා සුන්දර තරුණියකගේ චරිතය මම නිරූපණය කරනවා. මගේ පෙම්වතා විදිහට රගපාන්නේ නිනෝ ජයකොඩි. ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු මගේ මවුපියන්ගේ චරිත රඟපානවා. දීපානි සිල්වා, ජගත් චමිල, නදීෂා අලහප්පෙරුම ඇතුළු නළු නිළියක් රැසක්ම රංගනයෙන් දායක වෙන ‘සඳ ඒළිය වගේ’ තවත් සුසිල නිෂ්පාදනයක්.

කොටස් කීයද මේ ටෙලි නාට්‍යයේ?

කොටස් එකසිය පනහකට තමයි දැනට ෂෙඩුල්ඩ් කරලා තියෙන්නේ. ඒත් කොහොම වෙයි ද දන්නේ් නැහැ.

නෙහාරා වැඩිපුර රඟපාලා තියෙන්නේ ‘මෙගා’ ටෙලි නාට්‍යවල. එතකොට ඔයා ‘මෙගා’ කිරිල්ලියක්?

මට ‘සුමති’ සම්මානය හම්බ වුණ වෙලාවේ නළුවෙක් කියලා තිබුණා ‘මෙගා’ ටෙලි නාට්‍යවල රඟපාන අයට විතරයි සම්මාන හම්බ වෙන්නේ කියලා. ඒ කියපු නළුවාත් අපට කලින් ‘මෙගා’වල රඟපෑවා. පස්සේ ඒ විදිහට ‘මෙගා’ සමච්චලයට ලක් කරනවා.

මෙගා, එහෙම නැත්නම් දීර්ඝ ටෙලි නාට්‍යවල ඔයා රඟපාන්නේ කැමැත්තෙන්ද?

කොටස් හාරසීය, පන්සීය දක්වා විකාශය වන ටෙලි නාට්‍යවල රඟපාන්න නම් මම ආස නැහැ. ‘මුතු කිරිල්ලි’ ටෙලි නාට්‍යයත් මුලින් සැලසුම් කරලා තිබුණේ කොටස් දෙසය හැත්තෑ පහකින් නිම කරන්න. ඒත් පස්සේ කොටස් තුන්සිය ගාණක් වුණා. මම මේ කතා කරන්නේ මෙගාවලට විරුද්ධව නෙවේ. ඒ වගේම මෙගාවලට විරුද්ධව කතා කරන අයටත් මම මොකුත් කියන්නේ නැහැ.

ඉදිරියට විකාශය වෙන්න නියමිත සනත් අබේසේකර අධ්‍යක්ෂණය කළ ‘ආදර රිද්ම’ ටෙලි නාට්‍යයේ කෞෂි කියන ප්‍රධාන චරිතයත් මම රඟපෑවා. ලබන වසරේදී එය විකාශය වෙයි. ඒක කොටස් තිහක ටෙලි නාට්‍යයක්.

නෙහාරාට තවම චිත්‍රපටවලට ඇරියුම් ලැබුණේ නැතිද?

රෝයි ද සිල්වා මහත්මයාගේ It’s a Matter of love චිත්‍රපටයේ ජෙනිෆර් කියලා සුළු චරිතයක් රඟපාන්න මට අවස්ථව ලැබුණා. ඒ තමයි මගේ මුල්ම සිනමා අත්දැකීම. මීට කලින් චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබුණත් නොයෙක් හේතූ®න් නිසා ඒවා ප්‍රතික්ෂේප කළා.

සිනමාවට ද ඔයා කැමැති නැතිනම් ටෙලි නාට්‍යවලටද?

ඒ දෙකටම. හොඳ චිත්‍රපටවල රඟපාන්නත් මගේ විශේෂ කැමැත්තක් තියෙනවා. මගේ කාලය එනකල් ඒකට මම බලාගෙන ඉන්නවා.

නෙහාරා වැඩියෙන්ම කැමැති නළු, නිළියෝ එහෙම කවුද?

මම ගොඩක්ම කැමැති නළු නිළි යුවළක් තමයි අයිරාංගනී සේරසිංහ සහ එච්. ඒ. පෙරේරා කියන්නේ. ‘මුතු කිරිල්ලී’ කරද්දී ඔවුන් මට බොහෝ දේවල් කියලා දුන්නා. ඒ රංගනය ගැන විතරක් නෙවෙයි, ජීවිතය ගැනත්. නිකං කතා බහ කර කර හිටියත් එයාලගෙන් මට ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුණා.

ඔයාගේ පවුලේ තොරතුරු ටිකකුත් කියන්නකෝ අපට දැනගන්න?

මගේ ඩැඩා ව්‍යාපාරිකයෙක්. අම්මා ගෘහණියක්. මේ දෙන්නටම හොඳට ඩාන්ස් කරන්න පුළුවන්. මට කලා හැකියාවන් උරුම වුණේ ඒ දෙන්නගෙන් වෙන්නැති. මට මල්ලි කෙනෙක් ඉන්නවා. එයා නෙහාන්. බම්බලපිටිය සාන්ත පීතර විදුහලේ උසස් පෙළ හදාරනවා. ඔය තමයි මගේ තොරතුරු. එතකොට මම මැරි කරලා මේ මාසෙට අවුරුද්දක් පිරෙනවා.

ඇයි ඔයා විවාහ ජීවිතය ගැන, සැමියා ගැන වැඩිපුර මාධ්‍යය ඔස්සේ කතා නොකරන්නේ?

ඇත්තටම එයා කැමැති නැහැ ප්‍රසිද්ධියට. පුවත්පතක ඡායාරූපයකට පවා පෙනී සිටින්න කැමැත්තක් නැහැ.

ප්‍රේම සම්බන්ධයක් උඩ නේද විවාහ වුණේ?

ඔව්. අවුරුදු තුන හමාරක් ඇසුරු කරලා තමයි අපි විවාහ වුණේ. නිර්මාල් තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ රැකියාවකයි නිරත වෙන්නේ. එයාගෙන් ඇත්තටම මගේ කලා කටයුතුවලට ලොකු සහායක් ලැබෙනවා.

අවුරුද්දක් ගෙවිලත් තාම විවාහ ජීවිතයේ වෙනසක් නැහැ වගේ?

අනේ තාම නැහැ. අපි තාම කොල්ලයි, කෙල්ලයි වගේ තමයි ජීවත් වෙන්නේ.

එතකොට ළඟදී වෙනසක් වෙන එකකුත් නැහැ?

ඒවාට තාම පොඩි වැඩියි. ඉදිරියේදී බලමුකෝ.

නෙහාරා පාසල් ගියේ කෙහේද?

වැල්ලවත්ත සාන්ත ලෝරන්ස් විදුහලෙන් තමයි මම අ. පො.ස සා/පෙළ දක්වා ඉගෙන ගත්තේ. ඊට පස්සේ ACBP කෙලේජ් එකෙන් A/L කළා. බිස්නස් මැනේජ්මන්ට් ඇන්ඩ් මාකටින් ඩිග්රි එකට මම සූදානම් වුණත් ඩිප්ලෝමාව දක්වා විතරයි කළේ.

ඇයි ව්‍යාපාර කළමනාකරණය වගේ විෂයක් තෝරා ගන්න හිතුවේ?

පොඩි කාලේ ඉඳන්ම මගේ ෆියුචර් ඇම්බිෂන් එකක් තිබුණේ නැහැ ලොකු වෙලා මේ දේ කරනවා කියලා. ඇත්තටම මම එහෙම බ්‍රයිට් කේස් එකකුත් නෙවේ. පනහට පනහ තිබුණේ. ඩැඩා තමයි කිව්වේ ඉන්ටර්නැෂනල් ස්කූ®ල් එකකින් හරි ඒ වගේ සබ්ජෙක්ට් එකක් ෆලෝ කරන්න කියලා.

ඔයාගේ විනෝදාංශ මොනවාද?

මම පියාමෝ එක ප්ලේ කරනවා. ඉයර් එකට වගේම නොටේෂන් රීඩ් කරන්නත් මට පුළුවන්. ඒ වගේම තරමක් දුරට ගිටාරය වාදනය කරන්න හැකියාවකුත් තියෙනවා. ඊට අමතරව චිත්‍රපට නැරඹීමත් මගේ විනෝදාංශයක්. සිංහල, හින්දි, බටහිර ෆිල්ම් කලෙක්ෂන් එකක් මගෙ ළඟ තියෙනවා.

ඇත්තද ඔයාට උයන්න, පිහින්න බෑ කියන්නේ?

කවුද කියන්නේ. මට ඕනෑම කෑමක් රසට හදන්න පුළුවන්. රයිස් ඇන්ඩ් කරි නම් එහෙම. චයිනිස් නම් එහෙම. මේ ඕනෑම දෙයක්. O/L කරලා මාස තුනක් ගෙදර හිටියානේ. ඒ කාලයේදී අම්මා මට හැම දෙයක්ම කියලා දුන්නා. ගෙදර ඉන්න කොට කෑම හදන්නේ මම.

Sunday, November 15, 2009

මගේ බිරිඳ "මංජුලා" ඩිල්ස්කූප් පහරට හරි කැමතියි

By: Last Man On: 1:06 PM

-ටී.එම්. ඩිල්ෂාන්

පට යළිත් ක්‍රිකට් වසන්තයක් උදාවී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ දිනවල සිදුකරන ඉන්දීය සංචාරයේ පළමු ටෙස්ට් තරගය හෙට (16) අහමාද්බාද්හිදී ඇරැඹෙයි. ටෙස්ට් තරග 3 ක් 20 යි 20 තරග 2 ක් සහ එක්දින තරග 5 ක් මෙහිදී ක්‍රීඩා කිරීමට නියමිත අතර මෙවර අපේ ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තුව බවට පත් වූ සුවිශේෂී ක්‍රීඩකයෙකි.

අංක 5 ස්ථානයේ ක්‍රීඩා කරමින් සිට මේ වසර මුලදී ආරම්භක පිතිකරුවකු ලෙස පිටියට පිවිසි ඔහු එහිදී සනත් ජයසූරිය සමඟ එක්ව ආකර්ෂණීය ලෙස ක්‍රීඩා කරමින් වඩාත් සාර්ථකත්වයට පත්වුණා.

ඉන්දීය පි‍්‍රමියර් ලීග් (IPL) තරගාවලියේදී දිල්ලි ඩෙයාඩේවිල්ස් පිල නියෝජනය කරමින් සුවිශේෂ දස්කම් දැක්වූ ඔහු, 2009 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විස්සයි 20 තරගාවලියේදී හිසට උඩින් එල්ල කළ ෆ්ලික් පහර නිසා ක්‍රිකට් ලෝකයේ වඩාත් කතා බහට ලක්වුණා.

එහිදී ඔහු පෞද්ගලිකව ලබාගත් ලකුණු ගණනින් 317 ක් වූ අතර පිත්තෙන් පන්දු රැකීමෙන් සහ පන්දු යැවීමෙන් දැක්වූ දක්‍ෂතා නිසා තරගාවලියේ වීරයා සම්මානය ද දිනාගත් අතර ශ්‍රී ලංකාව අනුශූරයින් බවට ද පත්වුණා.

ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ එදා මෙදා තුර ක්‍රීඩකයකුගේ නමින් නම් කර ඇති පහර ‘ඩිල්ස්කූප්’ පහර වන අතර මේ නිසාම ඔහුගේ නමත්, ශ්‍රී ලංකා මාතාවගේ නමත් ක්‍රිකට් වංශ කතාවේ නොමැකෙන ලෙස සනිටුහන් වෙලා.

මේ සියලු දක්‍ෂතා නිසාම 2009 වසරේ ICC 20 යි 20 දක්‍ෂතම ක්‍රීඩකයා සම්මානයෙන් ද (ICC Twenty 20 International Performance of the year 2009) පිදුම් ලැබූ ඔහු තිලකරත්න මුදියන්සේලාගේ ඩිල්ෂාන්.

අපේ රටේ ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රබලතම බලාපොරොත්තු වූ අපේ කතා නායකයා. ඉන්දීය සංචාරයට හෝරා කිහිපයකට පෙර කාර්ය බහුලත්වය මැද ‘රසඳුන’ සමඟ සම්මුඛ වන්නට තරම් නිහතමානී වුණා.

මෙවර ICC දක්‍ෂතම 20 යි 20 ක්‍රීඩකයා ඔබ. ඒ වගේම අපේ රටේ ජනපි‍්‍රයම ක්‍රිකට් ක්‍රීඩකයා වෙමින් පළමු සියැට් සම්මාන උලෙළේ සම්මාන 4 කින් පිදුම් ලබනවා.

ඇත්තටම මේ සම්මාන ලැබීම ගැන මට ගොඩක් සතුටුයි. මේ වගේ අගය කිරීම් කරන විට ක්‍රීඩකයින්ගේ සිතට ශක්තියක් ධෛර්යයක් එනවා. මානසික වශයෙන් විශාල තෘප්තියක් ලැබෙනවා. පසුගිය වසර පුරා මම දැක්වූ දස්කම් නිසා මට මේ සම්මාන ලැබුණා කියලයි මම හිතන්නේ. මෙය මගේ ඉදිරි ක්‍රිකට්වලට ලොකු ශක්තියක් ධෛර්යයක්.

ඔබේ ක්‍රීඩා දිවියේ මේ වෙනස ආරම්භ වන්නේ IPL තරගාවලියෙන් පසුව කියා කීවොත්

IPL තරගාවලියේදී මගේ දස්කම් කිසියම් ප්‍රමාණයකට වර්ධනය වුණා වෙන්න පුළුවන්. එහිදී මම හැම තරගයකම වගේ ලකුණු අතර සිටියා.

එහෙත් මගේ මේ දස්කම්වලට විශේෂිතම හේතුව ලෙස මම දකින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මගේ පිතිකරු ස්ථානය මාරුවීමයි.

ඔබගේ ‘ඩිල්ස්කූප්’ පහර ගැන ඔබට ආඩම්බරයක් දැනෙනවද? ඒ වගේම ක්ලයිව් ලොයිඩ් ඔබේ පහර අගය කරලා තිබුණා.

ඒ වගේ ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයකුගේ ප්‍රකාශය පිළිබඳව මම නිහතමානීව ආඩම්බර වනවා. ඒ වගේම මම පෞද්ගලිකවම සතුටු වනවා මගේ නමින් ඒ පහර හැඳින්වීම ගැන. මා දන්නා තරමින් ක්‍රීඩකයකුගේ නමින් ක්‍රිකට් පහරක් නම් කළ පළමු වතාව මේ. එය මට පමණක් නොවේ රටටත් ගෞරවයක් ලෙස මා සලකනවා.

ඩිල්ස් කූප් පහරේ ආරම්භය ඇති වුණේ කොහොමද?

ඉන්දීය 20 යි 20 තරගාවලියේදී ලකුණු අතරට එන්න ඕන වුණාම මම පැඩල් ස්වීප් ෂොට් එක ගැහුවා. මේ පහරේ අතුරු ප්‍රතිඵලයක් ලෙස තමයි ඩිල්ස් කූප් පහර බිහිවන්නේ.

ඉන්පස්සෙ මට වැටහුණා මෙය හොඳින් එල්ල කරන්න පුළුවන් කියන එක. ඒ අනුව දිගින් දිගටම කැපවෙලා පුහුණු වුණා. දැන් මට ලොකු විශ්වාසයක් තියෙනවා ඒ පහර නිවැරැදිව එල්ල කරන්න පුළුවන් කියන එක.

මේ පහර දිගටම එල්ල කිරීම නිසා ඉදිරියේදී ඔබ අවදානමකට ලක්වේවිද?

මේ පහර එල්ල කරන්නට ඕන මොන පන්දුවට ද කියලා මට මේ වන විට ඉතා හොඳ විශ්වාසනීයත්වයක් ගොඩ නැගී තිබෙනවා. ඒ වගේම මෙය එල්ල කරන්නේ විකට් රකින්නාගේ හිසට ඉහළින්. සාමාන්‍යයෙන් පිටියේ පන්දු රැකීමේදී මෙතැනට ක්‍රීඩකයෙක් යෙදවීමට අපහසුයි. ඒ නිසා මගේ විශ්වාසනීයත්වය තිබෙන තුරු මේ පහර සාර්ථකව එල්ල කිරීමට මට හැකිවේවි යැයි සිතනවා.

ඩිල්ස් කූප් පහර දැන් අනෙත් ක්‍රීඩකයින් අතරත් ජනපි‍්‍රයයි.

ඇත්තෙන්ම දැන් මේ පහර ගහන්න තවත් බොහෝ ක්‍රීඩකයින් උත්සාහ කරනවා. සමහර වෙලාවට මාත් සමඟ මේ පහර එල්ල කිරීම ගැන කතා කරන අවස්ථාත් තිබෙනවා. ක්‍රීඩකයකුට මේ වගේ අලුත් පහරවල් තුළින් ලකුණු අතරට එන්න පුළුවන්. එය ඇත්තෙන්ම හොඳ දෙයක්.

මේ ගැන ලැබෙන ප්‍රතිචාර ගැනත් කියන්න.

ප්‍රතිචාර නම් ගොඩක් ලැබෙනවා. මගේ දැන් බිරිඳ මංජුලා ‘ඩිල්ස්කූප්’ එකට හරිම කැමතියි. ඇය හැම තිස්සෙම මාව දිරිමත් කරනවා.

විශේෂ දෙයක් කියන්න ඕන මම මේ මෑතකාලයේදී ලැබූ ජයග්‍රහණ පිටුපස්සේ ඉන්නේ ඇයයි. ඇය රඟපෑමෙන්, ව්‍යාපාරවලින් ඉවත්වෙලා මගේ ක්‍රීඩා ජීවිතය දියුණු කරගන්න අවශ්‍ය හැම සහයෝගයක්ම දෙනවා.

ඔබ සම්මානයට ලක්වීම පිළිබඳව ස්තූති කරන්නේ කාටද?

මම ඒ ගැන විශේෂයෙන් ස්තූති කරන්නෙ මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ට. මාව පි‍්‍රය කරන මගේ ක්‍රීඩා ලෝලීන්ට. People’s Award කියන්නේ ජනතාව අතරේ ඉන්න ක්‍රීඩකයා කියන එකයි. එයින් අදහස් කරන්නේ මට ජනතාවගේ ආශීර්වාදය හැම තිස්සෙම තිබෙන බවයි. මෙය මට ඉදිරියට යන්න තවත් ධෛර්යයක්. ශක්තියක්.

ඔබේ පිතිකරු ස්ථානයේ වෙනස ගැන කතා කළොත්.

මම ගොඩක් වාසනාවන්තයි සනත් ජයසූරිය වැනි ප්‍රවීණ ක්‍රීඩකයා සමඟ ඉනිම ආරම්භ කරන්න ලැබීම. දැනට ලෝකයේ සිටින ප්‍රහාරාත්මකම, වැඩිම එක්දින තරග ගණනක් ක්‍රීඩා කරලා අත්දැකීම් ඇති සනත් අයියා එක්ක පිටියට ගිය විට මට පුදුම ශක්තියක් ඇති වුණා. ඔහු මට ඔහුගේ අත්දැකීම් තුළින් ලබාදුන් උපදෙස් මගේ සාර්ථකත්වයට බලපාන්න ඇති.

අනෙත් කරුණ තමයි ඔහු අනෙක් අන්තයේ ඉන්න විට මට බයක් නැතිව පහරවල් එල්ල කරන්න ශක්තිය ආවා. මට මා ගැනම විශ්වාසයක් ඇති වුණා. ඒ අතින් මම හරිම වාසනාවන්තයි කියල කියන්න ඕන.

ඔබට කණ්ඩායමෙන් ලැබෙන ප්‍රතිචාර.

දැනට ටෙස්ට් කණ්ඩායමේ ඉන්න ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයින් වන්නේ මහේල, මුරලි, සංගා සහ මම. මට මේ අයගෙන් උපරිම සහායක් ලැබෙනවා. අපි හතර දෙනා දැන් අවුරුදු 10 කට වැඩි කාලයක් එකට ක්‍රීඩා කරනවා. ඉතින් අපි තරගයකට ගියහම අපේ අත්දැකීම් එකතු කරල කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යන්න තමයි උත්සාහ කරන්නෙ. සංගා තවම නායකත්වයට අලුත්. ඒ නිසා අපි ඔහුට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා.

තවත් විශේෂ දෙයක් කියන්න ඕන. මෙතෙක් අපි ඉතාමත් සහයෝගයෙන් ක්‍රීඩා කළා. ඉතින් අපේ වගකීම වන්නේ අලුතෙන් කණ්ඩායමට එන අය දිරිමත් කරලා ඔවුන්ගේ උපරිම දක්‍ෂතාව අරගෙන කණ්ඩායම ජයග්‍රහණය කරවීම.

එහිදී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයින් සහ නවකයින් අතර ලොකු පරතරයක් නැහැ කියල පෙන්වන්න ඕන. ඔක්කොම එකට වැඩ කළොත් ඉදිරියට එන තරගවලට සාර්ථකව මුහුණ දීලා ජයග්‍රහණ ලබන්න පුළුවන් බව ඔවුන්ට ඒත්තු ගන්වන්න ඕන. ඒ තුළින් රට ජයග්‍රහණය කරවීම අපේ වගකීම.

ජ්‍යෙෂ්ඨත්වය අනුව අනාගතයේදී නායකත්වය පිළිබඳව බලාපොරොත්තුවක් නැද්ද?

මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ නායකත්වය ගැන. මගේ එකම ඉලක්කය හොඳින් ක්‍රීඩා කරල ඒ තුළින් කණ්ඩායමේ ශක්තිය වැඩි කර ජයග්‍රහණ ලබන්නයි.

මගේ දක්‍ෂතා රට වෙනුවෙන් වැය කරලා ඒ ලබන ජයග්‍රහණ තුළින් මට අවංකවම සතුටු විය හැකියි.

ඔබේ පෞද්ගලික තොරතුරු ටිකකුත් කියන්න.

මගේ පියා ජුනයිඩීන්. මව නන්දනී. මගේ මල්ලි සම්පත් බදුරලිය ක්‍රීඩා සමාජයට ක්‍රිකට් ක්‍රීඩා කරනවා. අචිනී, ආශා සහ කුමාරි මගේ නංගිලා තුන්දෙනා. මම ඉපදුණේ කළුතර. පාසල් ගියේ කළුතර විද්‍යාලයට. පවුලේ අයගෙන් මගේ ක්‍රීඩා ජීවිතයට ලැබුණේ වචනයෙන් කියන්න බැරි සහයෝගයක්.

මගේ බිරිඳ මංජුලා තිළිණි. පුතා රෙසඳු වයස අවුරුදු 7 යි. දුව රිසිඳි වයස අවුරුද්දයි. මේ අය තමයි දැන් මගේ ලෝකය.

Saturday, November 7, 2009

අපේ ජැකීටත් කතා හැදෙයි

By: Last Man On: 3:02 PM
ශ්‍රී ලාංකේක සුරූපිනියක් මුල් වතාවට බොලිවුඩ් චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් නිරූපණය කරන අයුරු දැන් ඔබටත් නරඹන්නට ලැබෙනවා. සැබවින් ම එය මෙරට බොලිවුඩ් සිනමා රසික රසිකාවියන්ට අමතක නොවන අත්දැකීමක් වේවි.

මේ දුර්ලභ අවස්ථාව මෙරට රසික පරපුරට ලැබෙන්නේ ‘ඇලඩින්’ චිත්‍රපටයෙන්. මෙහි ප්‍රධාන චරිතයක් නිරූපණය කරන යුවතිය ජැකලයින් ෆර්නැන්ඩස් බව දැන් ඔබ හොඳින් ම දන්නවා ඇති. ඇය පිළිබඳ උණුසුම් තොරතුරු අප මීට පෙර මේ පිටුවේ ම සටහන් කළා.

ජැකලයින් උපන්නේ 1985 ජූනි 12 වැනි දා. සමාජ සේවාවන්ටත් ජැකලයින් ප්‍රිය කරනවා. ඒ නිසා තමයි ඇය ලංකාවේ ක්‍රියාත්මක වූ ස්වේච්ඡා සංවිධානයකට බැඳී දුගී දුප්පත් අය බල ගැන්වීමේ වැඩසටහන්වලට මහත් කැමැත්තකින් සහභාගි වුණේ.

2006 වසරේ පැවති ශ්‍රී ලංකා අවිවාහක රූ රැජින (මිස් ශ්‍රී ලංකා) තරගයේ ජය කිරුළ පැලඳුණේ ජැකලයින්ටයි. ඒ නිසා ම ඇයට එම වසරේ පැවති ලෝක අවිවාහක රූ රැජන තරගයටත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වීමේ භාග්‍යය උදා වුණා.

මේ වනවිට ජැකලයින් බොලිවුඩ් සිනමා ලෝකයේ ජනප්‍රිය තරුවක් බවට පත් ව සිටිනවා. මේ නිසා ම ඇයටත් කට කතාවලට මුහුණදෙන්නට සිදුවෙලා. පසුගිය සතියේ බොලිවුඩ් පුරයේ විද්්‍යුත් මාධ්‍ය කිහිපයක් ම ජැකලයින් ගැන උණුසුම් පුවතක් වාර්තා කර තිබුණා.

එයින් කියැවුණේ එක්තරා ඉරිදා සන්ධ්‍යාවකදී ‘ඇලඩින්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ සුජෝයි සෝෂ් සහ ජැකලයින් සුපිරි අවන්හලකදී හමුවූ බවයි.

ඒ විතරක් නොවෙයි. ඔවුන් දෙදෙනා ලොව පුරා ප්‍රකටව තිබෙන එක්තරා අයිස්ක්‍රීම් වර්ගයක රස බලමින් සිටියාය කියලත් ඒ ආරංචිවල සටහන් වී තිබුණා. ඉන්දියාවේ බන්ද්‍රා ප්‍රදේශයේ පිහිටා තිබෙන සුප්‍රසිද්ධ අවන්හලකදීලු මේ දෙදෙනා අයිස් ක්‍රීම් රස බලා ඇත්තේ.

මේ සිද්ධිය දැනගත්තා එක්තරා මාධ්‍යවේදියෙකුට හදිසියේ ම ‘ඇලඩින්’ චිත්‍රපටයේ කටයුතු කළ කාර්මික ශිල්පියෙකු මුණ ගැසුණා. අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගත් මාධ්‍යවේදියා මේ ශිල්පියාගෙන් විමසුවේ අධ්‍යක්ෂ සුජෝයි සහ ජැකලයින් අතර තිබෙන මේ ඇඟෑලුම්කම මොකක්ද කියලයි. එවිට ‘ඇලඩින්’ චිත්‍රපටයේ කාර්මික ශිල්පියා පැවසුවේ මෙන්න මෙහෙම කතාවක්... ජැකලයින් ‘ඇලඩින්’ චිත්‍රපටයේ රඟපාන්න ආවෙ රික්ෂෝ එකෙන්.

ටික දවසක් ගියාට පස්සෙ එයා රූපගත කරන තැන්වලට ආවෙ අලුත් ම අලුත් ‘හොන්ඩා සිවික්’ කාර් එකකින්. මං හිතන්නෙ ඒ කාර් එකේ වටිනාකම රුපියල් ලක්ෂ 15 ක් විතර ඇති. ඇත්ත ද බොරු ද මන්දා, සමහරු කියන්නෙ ඔය කාර් එක ජැකලයින්ට අධ්‍යක්ෂ සුජෝයි තෑගි දීපු එකක් කියලයි!”

මේ කතාවල ඇත්ත නැත්ත සහසුද්දෙන් ම දැනගන්න ඕනෙ නිසා මාධ්‍යවේදියා ජැකලයින්ටත් කතා කළා.

ඇය ඉතාම කැමැත්තෙන් ඔහු සමඟ කතා කළා. “මුලින් ම කියන්න ඕනෙ, ඔය ‘හොන්ඩා සිවික්’ කාර් එක මට සුජෝයිගෙන් තෑගි ලැබුණු එකක් නෙමෙයි කියලා. එහෙම තෑග්ගක් මට ලැබුණේ නැහැ. ඒක අමූලික බොරුවක්.

මිනිස්සුන්ට ඕනෙ ඕනෙ හැටියට කටකතා හදන්න පුළුවන්. මේකත් ඒ වගේ කට කතාවක් විතරයි. අයිස් ක්‍රීම් කතාවෙ නම් ඇත්තක් තියෙනවා.

හැබැයි එදා මාත් එක්ක හිටියෙ සුජෝයි විතරක් නෙමෙයි. රිටීෂුත් (රිටීෂ් දේශ්මුඛ්) එතන හිටියා. අපි තුන්දෙනාම අයිස් ක්‍රීම් කෑවා. ඉතින් ඒකෙ ඇති වැරැද්ද මොකද්ද?” ජැකලයින් පෙරළා ප්‍රශ්න කළා.

ඉන්පසුව ‘ඇලඩින්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ සුජෝයි සෝෂ් ද මේ ගැන කතා කළ බවයි දැනගන්නට ලැබුණේ. “ජැකලයින් මගේ හොඳ යෙහෙළියක්. අපි සමහර වෙලාවට විනෝද ගමන් එහෙමත් යනවා. හැබැයි ඒ යන්නෙ තවත් යාළුවො ගොඩක් එක්කයි.

මේ ළඟදීත් අපි තරු පහේ හෝටලයක තිබුණු ‘ඇලඩින්’ චිත්‍රපටයේ ප්‍රචාරක වැඩසටහනකට සහභාගි වුණා. එහෙම ගමන් බිමන් ගියා ය කියලා අපි අතරෙ ඊට වඩා වෙනස් සම්බන්ධකමක් නැහැ” සුජෝයි තරයේ ම කියා සිටියා.

සුජෝයි ළඟදීම තවත් චිත්‍රපට 3 ක් ම අධ්‍යක්ෂණය කරන්නට සූදානම් වෙමින් සිටිනවා. මේ සියලුම චිත්‍රපටවල ප්‍රධාන නිළිය හැටියට රඟපාන්න තෝරා ගෙන ඇත්තේ ජැකලයින්වයි.

ඒ වෙනුවෙන්වූ ගිවිසුම් වලට මේ වනවිට අත්සන් තබා ඇති බවයි ඇය පවසන්නේ. කොහොම වෙතත් ඒ චිත්‍රපටවල තොරතුරු තවම හෙළි කළ නොහැකි බවත් ඇය කියා සිටියා.

Tuesday, November 3, 2009

Sunday, November 1, 2009

අම්ම කෙනෙක් වෙන්න මම තාම පොඩි වැඩියි

By: Last Man On: 2:27 PM

නෙහාරා පීරිස්

නෙහාරා පීරිස් යන නමින් ඇය ඔබට හඳුන්වා දෙනවාට වඩා ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යයේ මුතු හෙවත් සමාධි ලෙසින් ඔබට ඇය හඳුන්වා දෙතොත් ඔබ නිසැක වශයෙන්ම ඇය හඳුනා ගනීවි.

‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යයේ අනූපමට පෙම් බඳින මේ හුරුබුහුටි සොඳුරු මියුලැසිය ටෙලිනාට්‍ය නිළියක ලෙසින් පමණක් නොව රූපවාහිනී නිවේදිකාවක, නර්තන ශිල්පිනියක මෙන්ම ගායිකාවක ලෙස ද මේ වන විට ඔබේ හදවතට සමීප වෙමින් සිටිනවා. මෑතකදී යුගදිවියට ද පිවිසුණු ඇගේ අලුත්ම වතගොත විමසන්නට මං පසුගිය දිනෙක ඇගේ සොඳුරු නිවහනට ගොඩ වැදුණා.

ඉතින් නෙහාරා, මේ දවස්වල මොනවද ඔබේ අලුත්ම තොරතුරු?

මේ දවස්වල මං දෙරණ රූපවාහිනියේ විකාශය වන ‘ටී පාටි’ වැඩසටහනේ නිවේදිකාව ලෙස කටයුතු කරනවා. ඊට අමතරව පසුගිය දිනවල රෝයි ද සිල්වාගේ ‘ඉට්ස් අ මැටර් ඔෆ් ලව්’ චිත්‍රපටියේ සහ සනත් අබේසේකරගේ ‘ආදර රිද්ම’ ටෙලිනාට්‍යයේ රඟපෑවා. රංගනයට අමතරව මං මේ වන විට ගායන ක්ෂේත්‍රයටත් සම්බන්ධ වී සිටිනවා.

මේ දිනවල නිලාර් එම්. කාසිම්ගේ පද රචනයක් අනුව රාජ් කුමාර් සංගීතය සපයන ගීතයක් මං රොෂාන් රණවන සමඟ ගායනා කරනවා. මීට කලින් චන්දන කුරේ ගේ පද රචනයකට අනුව බිලී ප්‍රනාන්දු සංගීතවත් කළ ගීතයක් හා ජිප්සීස් සුනිල් ගේ පුත් ගයාන් පෙරේරා සංගීතවත් කළ ගීතයකුත් මං ගායනා කළා.

හැබැයි ඔබ මේ දිනවල වඩාත්ම ජනපි‍්‍රය ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යයෙන්නෙ.

ඇත්තටම ඔව්. මම ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යයෙන් ගොඩාක් ජනපි‍්‍රය වුණා. පාරකදි දැක්කත් හැමෝම මට කථා කරන්නෙ සමාධි කියලා. ඒ තරමට ටෙලිනාට්‍යය බලන හැමෝම සමාධිට ආදරය කරනවා. මටත් සමාධිගේ චරිතය සුවිශේෂයි. එයින් මාව හුඟාක් පේ‍්‍රක්ෂකයන් අතරට ගියා.

ඒ වාගේම මට ඒ චරිතය කරද්දී දක්ෂ, ජනපි‍්‍රය, ප්‍රවීණ නළු නිළියන් රැසක් සමඟම රඟපාන්න ලැබුණා. ඒක හරි අපූරු අත්දැකීමක්. විශේෂයෙන්ම එච්. ඒ. පෙරේරා අන්කල් සහ අයිරාංගනී සේරසිංහ ආන්ටි ගැන යමක් සඳහන් කරන්නම ඕනෑ.

ඒ දෙන්නා තමයි මගේ කැමැතිම නළු නිළි යුවළ. එයාල වගේ ප්‍රවීණයන්ගෙන් මං වගේ නව පරපුරේ නිළියකට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. සමහරු මගෙන් හම්බ වුනහම අහන්නෙ මගෙයි අනූපමගෙයි ආදරයට ටෙලිනාට්‍යය අවසානයේ මොකද වෙන්නෙ කියලා.

මං ඒ ගොල්ලන්ට කියන්නෙ දිගටම ටෙලිනාට්‍යය බලන්න. එතකොට එයාලට සිදුවන දේ රසවත්ව දැකබලා ගන්න පුළුවන් වේවි කියලා.

ඔබේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු ගැනත් යමක් කිව්වොත්?

මම ඉගෙන ගත්තෙ වැල්ලවත්ත සාන්ත ලෝරන්ස් විද්‍යාලයේ. අපේ පවුලේ ඉන්නෙ අම්මයි ඩැඩයි, මල්ලියි මමයි. මල්ලි තවම අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා. මම මෑතකදී විවාහ වුණා. අපි දෙන්නා මුණ ගැසුණේ සාන්ත ජෝශප් දේවස්ථානයේදී.

එහි තරුණ සංවිධානයේදී මුණ ගැහිලා, දැන හඳුනාගෙන වසර ගණනාවක සිට තිබුණු පේ‍්‍රමයක ප්‍රතිඵලයක් වශයෙන් අපි විවාහ වුණේ. එයා හරිම හොඳ කෙනෙක්.

ඔහු තමයි මාව හැම විටම දිරිමත් කරමින් මගේ කලා කටයුතුවලට විශාල සහයෝගයක් ලබා දෙන්නේ. එයා දැනට පරිගණක තාක්ෂණය පිළිබඳ ව්‍යාපාරයක් කරගෙන යනවා.

ඔබ වඩාත්ම කැමැති රංගනයට ද? නැතිනම් නර්තනය, ගායනය හා නිවේදන කටයුතුවලට ද?

මම වඩාත්ම කැමැති රංගනයටයි. මුලින්ම කලා ක්ෂේත්‍රයට පිවිසුණෙත් ටෙලිනාට්‍ය නිළියක ලෙසයි. ඒ නාලන් මෙන්ඩිස් ගේ ‘සෙනෙහසට ආදරෙයි’ ටෙලි නාට්‍යයේ රශ්මි ගේ චරිතයෙන් සහ රවින්ද්‍ර විජයරත්නගේ ‘ජීවිතය ලස්සනයි’ ටෙලි නාට්‍යයේ නෙත්මි ගේ චරිතය රඟපාමින්.

එතැනින් පස්සෙ තමයි මට සිරස රූපවාහිනියේ ‘මැජික් බොක්ස්’ වැඩ සටහනේ නිවේදිකාව ලෙස හා ‘සිරස ඩාන්සින් ස්ටාර්’ වැඩ සටහනේ නර්තන ශිල්පිනියක ලෙසින් ඉතා ජනපි‍්‍රයත්වයක් ලබාගන්නට හැකිවුණේ.

ඇත්තටම මේවාත් මගේ කලා ජීවිතයේ සොඳුරු මතක සටහන් හැටියට මං සලකනවා.

ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවද?

එහෙම විශාල බලාපොරොත්තු නම් මට නැහැ. මම සාමාන්‍යයෙන් ලද දෙයින් සතුටු වන කෙනෙක් ඉදිරියේදීත් සුපුරුදු විදියට රඟපෑම් කටයුතුවල නිරත වෙන ගමන් මට හැකියාව ඇති අනෙකුත් අංශවලිනුත් යමක් කිරීමට බලාපොරොත්තු වෙනවා.

එතකොට පෞද්ගලික ජීවිතයේ පෙම්වතියක, බිරිඳක වූ ඔබ මවක වන දිනයත් වැඩි ඈතක නොවේ ද?

අපෝ ඒ ගැන නම් මං තවම හිතලවත් නෑ. මං තවම පොඩියි නෙ. මට තවම අවුරුදු විස්සනෙ.

ඒක හින්දා මට හිතෙන්නෙ අම්මා කෙනෙක් වෙන්න මට තවම ඕනෑ තරම් කල් තියෙනව කියලා. ඒ නිසා ඒ ගැන තීරණය කරන්න මං අනාගතයට බාර කරනවා.

නෙහාරාගේ ලිපිනය

නො. 66, සාන්ත අන්තෝනි මාවත, කඩලාන, මොරටුව.

සටහන හා සේයාරූව
බර්නාඩ් ෂෝ පේ‍්‍රමසුන්දර- Silumina

Tuesday, October 27, 2009

අනර්කලී රූ රැජිනක්‌, පළාත් සභා මන්ත්‍රිනියක්‌

By: Last Man On: 3:36 PM
[Anarkali_akarsha+(2).jpg]
ඔක්‌තෝබර් 10 වැනිදා පැවති දකුණු පළාත් සභා මැතිවරණයට, රූ රැජිනක්‌ වූ අනර්කලී ආකර්ෂා මෙනවියද ඉදිරිපත්ව ජයගෙන පළාත් සභා මන්ත්‍රිනියක්‌ බවට පත් වූවාය.

ගාල්ල දිස්‌ත්‍රික්‌කයෙන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන අපේක්‌ෂිකාවක්‌ වශයෙන් තරඟ කළ අනර්කලීට ලැබුණු මනාප ඡන්ද ප්‍රමාණය 26,728 කි. ඡන්දයට ඉදිරිපත් වූ ලාබාලම අපේක්‌ෂිකාව ඇය වූ අතර ජයග්‍රහණයෙන් අනතුරුව ඇය තමන්ට ඡන්දය දුන් හා නුදුන් පක්‌ෂ විපක්‌ෂ සැමටම ස්‌තුතිය පළ කිරීම, වැදගත් ගතිගුණයක්‌ හැටියට හැදින්විය හැකිය.

මීට පෙර , බස්‌නාහිර පළාත් සභා මැතිවරණය පැවති අවස්‌ථාවේද රූ රැජිනක්‌ තේරී පත් වූවාය. එක්‌සත් ජාතික පක්‌ෂයෙන් පත් වූ ඇය රෝසි සේනානායක ය.

Saturday, October 24, 2009

බලාපොරොත්තුව ඉන්නෙ හතළිහ පැන්න කෙනෙක්

By: Last Man On: 12:22 PM

රාණි මුඛර්ජී

බෙංගාලි ජාතික රාණි මුඛර්ජී සිනමා පවුලකින් පැවැත එන්නියක්. තාත්තා රාම් මුඛර්ජී. විශ්‍රාමික චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. අම්මා ක්‍රිෂ්ණා චිත්‍රපට පසුබිම් ගායිකාවක්. සහෝදරයා රාජ් මුඛර්ජී චිත්‍රපට නිෂ්පාදකයෙක්. නෑනා කාජල් බොලිවුඩ් නිළියක්.

තමන්ගේ දහවන පංතියේ ඉඳලම නැටුම් ඉගෙන ගත් රාණි පුහුණු ඔඩිසි නර්තන ශිල්පිනියක්. ඇගේ පළමු සිනමා අත්දැකීම ලැබුවේ වයස අවුරුදු 14 දී. ඒ 1992 දී තාත්තා ගේ Biyar Phool බෙංගාලි චිත්‍රපටයේ රඟපෑමෙන්. ඒ ගමන අද වන විට රාණි මුඛර්ජී බොලිවුඩ් සිනමාවේ සුවිශේෂ චරිතයක් බවට පත් කළා.

මේ ඇය සමඟා කෙරුණු කතාබහක්.

* ආදරය ඔබේ අහලකටවත් එන්නෙ නෑ වගේ නේද?

ඒක එන වෙලාවක ඒවි. ආවෙ නැහැයි කියලා මගේ වැඩවලට ඒක බාධාවක් වෙලත් නෑ. අනික මම යමක් කරනව නම් මුලුමනින්ම එය හැගීම්බරව කරන කෙනෙක්. මට මගේ වෘත්තීය ජීවිතයයි, පෞද්ගලික ජීවිතයයි සමබරව තියා ගන්නේ කොහොමද කියලා තේරෙන්නෙත් නෑ. කොහොම නමුත් ජීවිතේ සතුටින් ගෙවෙනවා.

* උත්සව අවස්ථාවල නිතරම සාරියෙන්ම සැරසෙන්නෙ?

ඒක මට විශාල පහසුවක්. නමුත් හැමෝම කියනවා සාරි අඳින්න එපාය කියලා.

* මේ යුගයේ ඔබටයි අභිෂේක්ටයි එදා අමිතාබ් හා ජෙයා කළ දේ කළ හැකිය කියලා හුඟ දෙනෙක් කියනවා නේද?

ආ එහෙමත් කියනවද? මම නම් හිතන්නේ එදා අභිමාන්, මිලි චිත්‍රපටවල අමිතාබ් හා ජෙයා කළ දෙයින් හතරෙන් එකක් අපට කරගන්න පුළුවන් වේවිය කියලයි.

* චිත්‍රපට අධ්‍යක්ෂ ෂාඩ් ඔබට පෙම් කළා නේද?

ආ ඇත්තද? අධ්‍යක්ෂවරයෙක් එයාගේ නිළියට පෙම් කරන එක ඉතාමත් වැදගත්. ඒ නිළියගෙන් ගන්න පුළුවන් හොඳම දේ එළියට ගන්න අධ්‍යක්ෂවරයෙකුට තියෙන එකම හා හොඳම විදිහත් ඒකයි. ඔහුත් සමඟ මම චිත්‍රපට කිහිපයකම වැඩ කරලා තියෙනවා. ඔහු දන්නවා රංගනයේ දී මගේ හැඟීම් අවධි කරන්න හරියටම ඔබන්න ඕන මොන බොත්තමද කියලා. මේ නිසාම මාත් එක්ක වැඩ කරන හැම වෙලාවකම ඔහු මාව විශ්මයට පත් කරනවා.

* ඔබ වැඩ කරන පිළිවෙළ මොන වගේද?

මම කැපවීමෙන් වැඩ කරලා ඉතිරිය වාසනාවට භාර කරනවා. ඒ වගේම මට වැඩ කරන්න පහසු අය එක්ක විතරයි මම වැඩ කරන්නේ. මම හිතනව මගේ මේ සාර්ථකත්වය විවාහය වෙනකම්ම තියේවි කියලා.

* රඟපෑම ගැන?

රඟපෑම මට ස්වභාවයෙන්ම එන දෙයක් කියලයි මට හිතෙන්නේ. ඒක වෙන්නේ කොහොමද කියන්න නම් මම දන්නේ නෑ. නමුත් මම හිතනවා ඒක මට දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගත්ය කියලා.

* ඔබ අත්හදා බැලීම් කරනවාද?

මට ලැබෙන චරිතත් එක්ක අත්හදා බැලීම් කිරීම මගේ පුරුද්දක්. මට ලැබුණු චරිතත් ගොඩක් දුරට ඒකට ඉඩ තිබුණු චරිතයි.

* ඉස්කෝලෙ කාලේ?

මම ඉගෙන ගත්තෙ මිශ්‍ර පාසලක. ඒ නිසාම මට ගැහැනු පිරිමි කියලා භේදයක් හෝ විශේෂත්වයක් නෑ. මම මගේ යෙහෙළියන් තරමටම යාළුවන්ටත් සමීපයි.

* ඔබේ තාත්තා ගැන තියෙන්නේ මොන වගේ හැඟීමක්ද?

මගේ තාත්තා කිසි දවසක අම්මට අතක් උස්සලා නෑ. මගේ සහෝදරයාට මගේ බෙල්ල මිරිකන්න හිතෙන වෙලාවක වුණත් එයාම හිතලා ඒක පාලනය කර ගන්නවා. අපේ තාත්තට වැරදිලා මගේ කකුලක් පෑගුණත් ඒ ගැන දුක් වෙනවා. මේ නිසාම හැම ගැහැනු ළමයෙක් වගේම මමත් අපේ තාත්තාව උතුම් කොට සලකනවා.

* ඔබ අද ඉන්න තත්ත්වයට එන්න පිරිමින්ගේ කොච්චර දායකත්වයක් ලැබිලා තියෙනවාද?

මෙන්න මෙච්චරයි කියලා කියන්න නම් මිම්මක් මට නෑ. නමුත් පිරිමි කියන්නේ අගේ ඇති පිරිසක්. මම ඒ අයට ආදරෙයි. කතා දෙකක් නෑ. මම අධ්‍යක්ෂවරුන්ගෙන්, ෂාරුක්, අමීර්, ගෝවින්ද වගේ නළුවන්ගෙන් බොහෝ දේ ඉගෙන ගෙන තියෙනවා.

* ඔබ රාණි (රැජිනක්) හැටියට මිසක් රාජා (රජෙක්) හැටියට නොඉපදීම ගැන දුක් වෙලා තියෙනවාද?

නෑ. කොහෙත්ම නෑ. මම රැජිනක් (රාණි) වීම ගැන සතුටුයි. මට ලැබෙන පළමු දරුවත් ගැහැනු දරුවෙක් වෙනවටයි මම කැමැති.

* ගැහැනිය ගැහිනියක වීම නිසාම අසාධාරණයට ලක් වෙනවය කියලා ඔබ හිතනවාද?

ඔව්, මම හිතන්නේ ගැහැනියකට ඇය වෙනුවෙන් ජීවත් වෙන්නවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියලයි.

* ඔබට හිතෙන්නේ නැද්ද පිරිමි ඒ අයගේ අඹු දරුවෝ වෙනුවෙන් ජීවත් වෙනවය කියලා?

බොහෝ දුරට හතළිහෙන් පස්සේ. හතළිහ වෙනකම් පිරිමි දඟකාරයි. මගේ තාත්තා අම්මට පක්ෂපාතව හිටියේ තාත්තා අම්මව බඳින කොට තාත්තට හතළිහක්, අම්මට විස්සක් වුණ නිසයි.

* ඒ කියන්නේ ඔබ බලාපොරොත්තුව ඉන්නෙත් හතළිහ පැන්න කෙනෙක්?

ඇත්ත වශයෙන්ම. මගේ ස්වාමියා තරුණ බිරියක ගැන අදහසින් මැඬුණු, එයාගේ ඇස් මගෙන් ඉවතට ගන්න බැරි කෙනෙක් වෙන්න ඕන.

* වැරැදි තියෙන මිනිහෙක්ව ගැහැනිය පිළිගන්න ඕනද?

කිසි කෙනෙක් අංග සම්පූර්ණ නෑ. ආදරය කියන්නේ එකිනෙකාගේ වැරැදි පිළිගන්න එකටයි.

* වැරැද්දට සමාව දෙන ඔය ලැයිස්තුවට කාම මිත්‍යාචාරයත් ඇතුළත්ද?

නෑ. මා ඇතුළු ගැහැනිය අයිති කාලි අම්මාගේ වංශයටයි. ඒ නිසා මම බඳින්නේ හතළිහ පැන්න පිරිමියෙක්වයි. එතැන ඉඳලා එයාගේ ජීවිත කාලයෙම සතුට, පක්ෂපාතකම ඒ හැම දේම මට විතරයි.

* කෑම සම්බන්ධයෙන් ඔබ මොන වගේද?

මමත් ඉතිං කන්න කැමැති බෙංගාලියෙක්. කිසිම බෙංගාලියෙකුට රස මී කිරියි, මාළුයි බතුයි නැතුව ඉන්න බෑ. ඒ හින්දා ඒක මට අතාරින්න පුළුවන්කමක් නෑ. නමුත් මාසෙකට සැරයක් වගේ මම නොකා ඉන්න දවස් තියෙනවා. ඒකත් දැන් අවුරුදු හතක අටක විතර ඉඳල ඇති වෙච්ච පුරුද්දක්. ඒ ඇරුණම මිනිස්සු මා ගැන මොනව හිතුවත් මම මට ඕන විදිහට කන කෙනෙක්.

* ව්‍යායාම් ගැන?

ව්‍යායාම අත්‍යවශ්‍යයයි. නමුත් අනිත් අය කරන දේවල් තමන්ට ගැළපෙන්නෙ නෑ. ඒ නිසා තමන්ට ගැළපෙන දේ තෝර ගන්න ඕන. නමුත් මගේ ශරීරයට වද දෙන්න මගේ කැමැත්තක් නෑ. එනිසා මම එකිනෙකට වෙනස් දේවල් අත්හදා බලනවා. අලුතෙන්ම මම තට්ටු හතරක බංගලාවකට මාරු වුණා. එකේ තට්ටු නැගිල්ලයි බැහිල්ලයි හොඳ ව්‍යායාමයක්. පාගන මෙෂින් එකට වඩා තරප්පු පෙළ හොඳයි. කොහොමටත් මම කැමැති කෙට්ටු ඇඟකටයි.

* ඔබේ රඟපෑමට පවුලේ ප්‍රතිචාරය?

ඒ අය නම් මට පක්ෂපාතියි හැම වෙලාවකම. එයාලගේ ප්‍රතිචාර හැම විටම ධනාත්මකයි.

* අලුත් පරම්පරාවේ නිළියන්ගෙන් කැමැතිම කාටද?

කිහිප දෙනෙක් ඉන්නවා. ප්‍රියංකා චොප්රා, දීපාක් පදුකෝන්, අනුෂ්කා ශර්මා විශේෂයි.

* ක්‍රිකට්වලට කැමැතිද?

ක්‍රිකට් ගැන චිත්‍රපටයක් කරනකම් නම් එහෙම විශේෂ කැමැත්තක් තිබුණේ නෑ. ඒත් ඒ චිත්‍රපටිය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම ක්‍රිකට් ඉගෙන ගෙන ක්‍රිකට් ගහන්න වුණු නිසාත්, දැන් ක්‍රිකට් දන්න නිසාත් දැන් නම් ක්‍රිකට්වලට කැමැතියි.

* ඒ කියන්නේ දැන් ඉන්දියාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් වෙළෙඳ තානාපතිනිය වෙන්නත් ඔබ සුදුසුයි?

දැන් නම් ඒ සුදුසුකම මට හොඳටම තියෙනවා. නමුත් එහෙම යෝජනාවක් එනව නම් ඒ ගැන තවත් සලකා බලන්න ඕන.

Friday, October 23, 2009

සිරස කුමරිය ශලිනි තාරකා දැන් ‘ගඟ අද්දර’ නිර්මලා

By: Last Man On: 2:01 PM


‘ගඟ අද්දර’ චිත්‍රපටය ටෙලි නාට්‍යයකට නැඟෙනවා කියන ආරංචිය පසුගිය දිනවල ක්ෂේත්‍රයේ සැම තැනකින්ම ඇහෙන්න ගත්තා. ඒත් එක්කම ආපු ආරංචිය තමයි ‘ගඟ අද්දර’ චිත්‍රපටයේ ‘නිර්මලා’ ගේ චරිතය සඳහා සුදුසු නවක නිළියක සොයමින් පවතින බව.

‘ගඟ අද්දර’ නිර්මලා වීමේ වාසනාව හිමිකරගත්තේ රංගන ක්ෂේත්‍රයට ඉතාම කෙටි කලකදී පැමිණි මේ රුවැත්තියයි. ඇය ශලනි තාරකාය.

ශලනි ක්ෂේත්‍රය පුරා ජනප්‍රියත්වයක් දිනා ගත්තේ ‘සිරස කුමරිය’ තරගය සඳහා ඉදිරිපත්වී ‘සිරස කුමරිය’ වශයෙන් අභිෂේක ලැබීමෙන් පසුවය. ශලනි ගේ ගම බලංගොඩය.

පහේ ශිෂ්‍යත්වය සමත් වීමෙන් පසු මීගමුව නිවුස්ටඩ් බාලිකා විද්‍යාලයට ඇතුළත් වීමේ අරමුණින් ශලනිගේ පවුලේ අය මීගමුවේ පදිංචියට ආවා. වැඩිමල් සහෝදරයෙක් සහ බාල සහෝදරියක් සිටින ශලනි පවුලේ මද්දුමයාය.

”මම පුංචි කාලේ ඉඳන්ම නර්තනයට කැමැතියි. නමුත් රංගනයට නම් පොඩ්ඩක්වත් කැමැති වුණේ නෑ. මම අ.පො.ස. සාමාන්‍ය පෙළ කරල ගෙදර ඉන්න දවස්වල තමයි ‘සිරස කුමරිය’ තරගය සඳහා අයදුම්පත්‍ර කැඳව්වේ.

ඊට පස්සෙ තරගයට ඉදිරිපත් වී ජයග්‍රහණය ලැබුවම මට ගොඩාක් ආරාධනා ආවා රඟපාන්න. ඒත් මම කැමැති වුණේ නෑ. ඇත්තටම රඟපාන්න මගේ හිතේ බයක් තිබුණා.

මම හිතුවා මට රඟපාන්න බෑ කියලා. ඔය අතරෙදි තමයි ටැලන්ට් ෆැක්ටරි එකෙන් ආරාධනාවක් ආවෙ ‘පතිනි’ ටෙලිනාට්‍යයේ රඟපාන්න කියලා. අන්තිමේ මම ඒ ආරාධනාව බාර ගත්තා.

ඒ අනුව තමයි ‘පතිනි’ ටෙලි නාට්‍යයේ ‘නදිනි’ ගේ් චරිතයට මම සම්බන්ධ වුණේ. ඒක තමයි මගේ පළමු වැනි ටෙලි නාට්‍යය.”

ශලිනි ‘පතිනි’ ටෙලි නාට්‍යය හරහා නිළියක් වෙන කොට ඇයට රඟපාන්න ආරාධනා තවත් ගලාගෙන ආවා.

ෂර්ලි පී.දෙලංකාවලගේ ‘පූජාසනය’ ටෙලි නාට්‍යයෙන් ඇය ප්‍රධාන නිළියක් වශයෙන් දොරට වැඩියා. ඊට පස්සෙ ‘ඉසුරු භවන’, ‘අපි අපි වගේ’ ඇතුළු ටෙලි නාට්‍ය 6කට ආසන්න සංඛ්‍යාවකට ඇය රංගනයෙන් දායක වුණා.

ශලිනි ‘ගඟ අද්දර’ හි නිර්මලා වුණු හැටිත් අපි ඇසුවා.

”පසුගිය දවස්වල මම ‘අපි අපි වගේ’ ටෙලිනාට්‍යයේ දෙවන කොටසේ රූගත කිරීම් සඳහා සම්බන්ධ වෙමින් හිටියා. මට හසන්ත ගුණසේකර තමයි කිව්වේ ‘ගඟ අද්දරට’ නිළියක් හොයනවා එන්න කියලා.

ඒ වෙනකොට පුවත්පත් දැන්වීම් මඟිනුත් මම දැනගෙන හිටියා නිළියක් හොයනව කියලා. මම ගිහින් අධ්‍යක්ෂවරයාව මුණගැහුණා. ඔහුට හිතෙන්න ඇති මාව ගැළපෙනව කියලා.”

ශලනි කියන්නේ ගඟ අද්දරේ ‘නිර්මලා’ වීම එක පැත්තකින් ලොකු වාසනාවක් කියලයි. ඒ වගේම එය අභියෝගයක් කියලත් හිතනවා.

’නිර්මලාට’ ජීවය දෙන්න මාව තෝරගත්ත කිව්වම මට ලොකු සතුටක් ඇතිවුණා. ඒ වගේම ඒක මට අභියෝගයක් කියලත් දැනුණා.

‘ගඟ අද්දර’ චිත්‍රපටය ඇත්තටම මම බලලා නෑ. පස්සෙ මට හිතුණා චිත්‍රපටය නොබලම කරන එක හොඳයි කියලා. ‘ගඟ අද්දර’ චිත්‍රපටයේ නිර්මලාගේ චරිතය රඟපෑවේ ප්‍රවීණ නිළි වසන්ති චතුරානි.

මට ඇය අනුකරණය කරන්න දෙයක් නෑ. චිත්‍රපටයට බොහෝ වෙනස් අලුත් ටෙලි නාට්‍යයක් විදියට තමයි මේක කරන්නේ.

සොඳුරු ආදරයේ චමත්කාරය ශලනි වගේ යෞවනය අද්දර ඉන්න සොඳුරු යුවතියකට නොදැනුණා නම් ඒක බොරුවක්. ඇයත් ආදරයේ සුවඳ විඳින ප්‍රේමවන්තියක්.

”මට ප්‍රේමවන්තයෙක් ඉන්නවා. එයා කලාවට සම්බන්ධ එක්කෙනෙක් නම් නොවෙයි. ඊයේ පෙරේදා දවසක මම bridal කෙනෙක් වගේ ඇඳලා ගත්ත පිංතූර වගයක් ඉන්ටර්නෙට් එකට දාලා තිබුණා.

බොහෝ දෙනෙක් මට කතාකරන්න ගත්තා විවාහ වුණාද කියලා අහල. ඇත්තටම ඒ පින්තූර මම ගත්තේ වෙන ෂෝ එකකට.

Thursday, October 22, 2009

කාගෙවත් බලපෑමකට යටත් වෙන එක නම් මෝඩකමක්

By: Last Man On: 12:58 PM
පුංචිම තැනින් පටන් ගෙන ඉදිරියට ආ රංගන චාරිකාව දිහා අද ආපසු හැරිලා බලද්දී චතුරිකා පීරිස් කියන අපේ සොඳුරු නිළියට ඇත්තටම සතුටු වෙන්න පුළුවන්. පුංචි තිරය වගේම සිනමාවත් තම අපූර්ව රංගනයන් විදහා දක්වන්නට කදිම තෝතැන්නක් කරගත් ඈ ඒ හරහා ලැබූ ප්‍රේක්ෂක ආකර්ෂණයත් සුවිශේෂයි.

චතුරිකා......

විටෙක ඔබේ මුවට හසරැල්ලක් එක් කළ, තව වරෙක කඳුළින් ඔබේ දෙනෙත තෙත් කළ ඈ මේ ජීවන රඟ මඩලේ සැබෑ යොවුන් අසිරිය සිය රංගනයට මුසු කර ගත්තේ ඉතාමත් සංවේදීව. අපේ හදවතට දැනෙන විදිහට.

නව පරපුරේ බොහෝ නිළියන්ගේ හැකියාවන් පුංචි තිරයට පමණක් සීමාවෙද්දී චතුරිකා රිදී තිරයේත් දිදුලන තරුවක් බවට පත්වෙලා. ඒ ඇගේ දක්ෂතාවයට වාසනාවත් එකතු වූ නිසාමයි.

එන්න, අපි කතා කරමු, විමසා බලමු, ඇගේ අලුත්ම තතු පිළිබඳ මෙතැන් සිට, සැබෑම වූ සෙනෙහසින්......

ඔයා රඟපෑ චිත්‍රපට දෙකක් තිරගත වෙන්න නියමිතයි. චතුරිකා අපි කතා කරමු ද ඒ ගැන......?

ඔව්, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ආනන්ද වික්‍රමසිංහ මහතාගේ “හදවත මල් යායයි” සහ ප්‍රගීත් රත්නායකගේ “ආදරෙයි මං ආදරෙයි “ කියන චිත්‍රපට දෙකේ මම රඟපෑවා. ඒ දෙකම ප්‍රධාන චරිත. යොවුන් පෙම්වතියගේ චරිතය මම රඟපාන්නේ. නමුත් ඒ චරිත එකිනෙකට වෙනස්.

මොකක්ද ඒ වෙනස.....?

“හදවත මල් යායයි” චිත්‍රපටයේ දඟකාර, සැහැල්ලු සුන්දර යුවතියක් විදිහට මම රඟපාන්නේ.

ඒ කියන්නේ ඔයා වගේ .....?

ටිකක් විතර. විශේෂයෙන්ම මෙහි තිර රචනය හොඳට ලියලා තිබුණා. ඒ නිසා මට චරිතය ගොඩ නගා ගන්න ලොකු අනුබලයක් ලැබුණා. මම හිතන්නේ ආනන්ද වික්‍රමසිංහ වැනි ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් යටතේ රඟපාන්න ලැබීම මගේ වාසනාවක්.

එතකොට ‘ආදරෙයි මං ආදරෙයි’ චිත්‍රපටයේ මම නිරූපණය කලේ මල්මී කියලා අහිසංක දුප්පත් යුවතියකගේ චරිතයක්. ඇය ආදරයට ගොඩක් ආදරය කරන කෙනෙක්. ඒත් පෙම්වතාගේ මවුපියන්ට ගොඩක් බය පක්ෂපාතයි. ඇයත් අපේ යුවතියන් වගේ ජීවිතයේ ගොඩක් ප්‍රාර්ථනා, බලාපොරොත්තු පොදි බැඳ ගත් යුවතියක්.

මේ චරිත දෙකෙන් ඔයා වඩා කැමැති.....?

මම හිතන්නේ මේ ජීවිතයේ වෙනස් පැතිකඩ ස්පර්ශ කළ චරිත දෙකක්. චරිත අතින් වෙනස් වුණාට මේ හරහා කතා බහ කරන්නේ අපේම තාරුණ්‍යය ගැන. චරිත දෙකම එක වගේ තෘප්තියකින් මම රඟපෑවා.

ප්‍රගීත් දක්ෂ රංගන ශිල්පියකු බව අප දන්නවා . ඒත් ඔහු අධ්‍යක්ෂණයට නවකයෙක්.....?

මේ වගේ භාරදූර වගකීමක් ප්‍රගීත් බාර ගන්නේ කොහොමද කියලා මුලින් මට හිතුණා. මොකද චිත්‍රපටයක් කියන්නේ දැවැන්ත මුදලක් වැය කරලා කරන කටයුත්තක්. ඒත් රූගත කිරීම් පටන් ගත්තට පස්සේ මට තේරුණා ප්‍රගීත් ඒ කාර්යයට අතගසා තිබෙන්නේ කිසිවක් නොදැන නෙවෙයි කියන එක.

ඔහු ලේසියෙන් සෑහීමකට පත්වෙන අධ්‍යක්ෂවරයෙක් නෙවේ. අවශ්‍ය රූප රාමුව ලැබෙන කල් ඔහු ඒ ෂොට් එක ගන්නවා. ඒ වගේම දර්ශන තලයේ දී ප්‍රගීත් අපට හොඳින් සැළකුවා. අනවශ්‍ය විදිහට අපිට වෙහෙසට පත් කළේත් නැහැ. නළු, නිළියන්ගේ රංගනය සහ රූප රාමු තමයි චිත්‍රපටයක අවුට් පුට් එක වෙන්නේ. ප්‍රගීත් ඒක හොඳින් තේරුම් අරගෙන කටයුතු කළා කියලා මට හිතෙනවා.

සමකාලීන අනෙක් නිළියන්ට වඩා අපේ සිනමාවේ ඔයාට වැඩිපුර අවස්ථා ලැබුණා කියා මට හිතෙනවා .....?

අද චිත්‍රපට ගොඩක් හැදෙනවා අඩුයි. මේ තරම් බදුවලින් නිදහස් වෙලත් නිෂ්පාදකයෝ නැත්තේ ඇයි කියන එක ලොකු ගැටලුවක්. එවැනි තත්ත්වයක මේ තරමින් හරි නිර්මාණවලට දායක වෙන්න ලැබීම සතුටක්. ඒත් සිනමාවේ හරි අවස්ථාවක් මට තාම ලැබුණේ නැහැ. මාව චිත්‍රපටවලට දායක කර ගත් අධ්‍යක්ෂවරුන්ට ස්තූතිවන්ත වෙනවා.

ටෙලි නාට්‍යය නිළියක් කියන තැනෙන් මිදිලා සිනමාවේ දිගු ගමනක් යන්න ඔයාට තවත් අවස්ථා ලැබෙයි කියා මට හිතෙනවා.....?

මට ඒ කැපකිරීම කරන්න පුළුවන්. ටෙලි නාට්‍යයි, චිත්‍රපටයි එකට බදාගෙන කරන්න මට වුවමනාවක් නැහැ. නමුත් අද ආර්ථිකයත් එක්ක හැම දේම බදාගෙන කරන්න බොහෝ දෙනෙකුට සිදුවෙලා තියෙනවා. ඒකෙන් නිර්මාණයටවත්, තමන්ටවත් සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ.

වානිජ සිනමාවේ වගේම කලාත්මක සිනමාවේත් චරිතාංග නිළියක් විදිහට මගේ හැකියාවන් පෙන්වන්න අවස්ථාවක් ලැබෙනවා නම් ඇත්තටම මම ලොකු කැපවීමකින් ඒ සඳහා දායක වෙනවා.

ටෙලි නාට්‍යය රංගනයෙන් අපිට සීයට සීයක්ම තෘප්තිමත් වෙන්න බැහැ. අද හැදෙන සමහර ටෙලි නාට්‍යය දිහා බලපුවාම ඒවයේ රඟ නොපා ඉන්නවා නම් හොඳයි කියලා හිතෙනවා.

ඒ කියන්නේ චතුරිකා රඟ පෑ ටෙලි නාට්‍යය සම්බන්ධයෙනුත් ඒ පසුතැවිල්ල තියෙනවා....?

ඔව්,ටෙලි නාට්‍යය කිහිපයක් ගැන, ගොඩක් වෙලාවට ඒවා කෙරුණේ යාළුකමට. තාත්තාගේ යාළුවන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන්න බැරි වුණ වෙලාවලුත් තියෙනවා.

එහෙම බෑ කියන්න බැරිකමට කෙරුණ ටෙලි නාට්‍යය ගැන මම සෑහීමකට පත් වෙන්නේ නැහැ. හැබැයි අද මම ටෙලි නාට්‍යයක් හරි චිත්‍රපටයක් හරි බාර ගන්නේ ඒ ගැන දෙවරක් හිතලා.

කොහොම වුණත් තවත් සුවිශේෂ ටෙලි නාට්‍යයක, සුවිශේෂ චරිතයක් රඟපෑමේ භාග්‍යය පසුගිය දිනවල ඔයාට උදා වුණා.....?

“ ස්වයංජාත” නවකතාව ඇසුරින් සුදත් රෝහණ අධ්‍යක්ෂණය කරන “ස්වයංජාත” ටෙලි නාට්‍යයේ “පබා”ගේ චරිතය රඟපෑමේ වරම මට ලැබුණා. ඒක ලොකු දෙයක්. චරිතාංග නිළියක් විදිහට මගේ හැකියාවන් පෙන්නුම් කරන්න ලැබුණ හොඳ අවස්ථාවක් විදිහටයි මම ඒක දකින්නේ. “පබා” අවුරුදු විසි එකක වයසේ ඉඳලා අවුරුදු හැට දක්වා විහිදෙන චරිතයක්

“පබා” ගැන මොකද හිතෙන්නේ ......?

ඇය බොහොම සුන්දර, ඒ වගේම ඥානාත්විත යුවතියක්. පබා තමන්ගේ මවුපියන්ට, සොයුරියට ගොඩක් ලැදියි. ඈ තමන්ගේ ඥාති සොහොයුරා වූ විභූතිරත්නට ජීවිතය ගැන සුබවාදීව හිතන්න පොළඹවනවා. ඒ දෙන්නා අතර තියෙන්නේ ආධ්‍යාත්මික බැඳීමක්. “ස්වයංජාත” නවකතාවත් මම ආසාවෙන් කියවපු පොතක්. “පබා” මගේ රංගන දිවියේ රඟපාන්න ලැබුණ සුවිශේෂ චරිතයක් කියා මට හිතෙනවා.

චතුරිකාට ගොඩක් වෙලාවට රඟපාන්න ලැබුණේ පෙම්වතියගේ චරිත. මේ නිසා රංගනයේ ඒකාකාරී බවක් ඔයාට දැනුණේ නැද්ද....?

පවුල් පසුබිම හා හැදෙන, වැඩෙන රටාවත් එක්ක තමයි බොහෝ විට මේ චරිත එකිනෙකට වෙනස් වෙන්නේ. ඒ වගේම බාහිර සමාජයත් එක්ක ඔවුන් ගනුදෙනු කරන විදිහ. සමහරු තමන්ගේ පෙම්වතාට බයයි. තවත් කෙනෙක් පෙම්වතාව සත පහකට ගණන් ගන්නේ නැහැ.

ප්‍රේම සම්බන්ධතාවලදී ඇතැම් තරුණියෝ ගොඩක් විවෘතයි. නමුත් මවුපියන්ට ගරු කරනවා. මේ වගේ නොයෙක් ආකාරයේ ගතිගුණ තිබෙන පෙම්වතියෝ තමයි අපේ සමාජයේ ඉන්නේ. අධ්‍යක්ෂවරයා මගෙන් බලාපොරොත්තුවන දේ, මාව හසුරවන විදිහත් එක්ක තමයි පෙම්වතියගේ ස්වභාවය මොන වගේ ද කියලා තීරණය වෙන්නේ. මට ලැබුණ විවිධ චරිත සාර්ථකව රඟපෑවා කියලා මට හිතෙනවා.

මුලින්ම තෝරා ගත් නළු නිළියන් නෙවෙයි ඇතැම් නිර්මාණවලට අවසානයේ රංගන දායකත්වය ලබා දෙන්නේ. එවැනි අවස්ථාවල චතුරිකා වෙනත් නිළියන් ප්‍රතික්ෂේප කළ චරිතය බාර ගන්නේ නැහැ කියන කතාව ඇත්ත ද?

මෙහෙමයි. මුලින්ම මම කතා කරලා ඒ අදාළ නිළියගෙන් අහනවා ඒ ප්‍රතික්ෂේප කිරීමට හේතුව. නිෂ්පාදකයා පොල්ලක් තියලා හරි එහෙම නැතිනම් නිළියගේ පැත්තෙන් ඇයට අසාධාරණයක් වෙලා තියෙනවා නම් හරි මම ඒ චරිතය බාර ගන්නේ නැහැ. තිර පිටපතේ අඩුපාඩුවක්ද කියලත් විශේෂයෙන්ම බලනවා.

එහෙම නැතුව දරුවෙක් ලැබෙන්න ඉන්න නිසා කෙනෙක් තමන් බාර ගත්ත චරිතය රඟ නොපාන්න තීරණය කර තිබුණා නම් අන්න ඒ වගේ අවස්ථාවල ඒ චරිතය මට ගැළපෙනවා නම් බාර ගන්නවා. ඒක මානුෂීය ප්‍රශ්නයක් නිසා.

නිළියන්ට නිෂ්පාදක, අධ්‍යක්ෂවරුන්ගේ අනිසි බලපෑම්වලට ලක්වෙන්නට සිදුවන අවස්ථාත් අපට, අහන්න දකින්න ලැබෙනවා. සමහරුන්ට තමන්ගේ වෘත්තීය පැවැත්මට ඒවාට අවනත වෙන්නත් සිදු වෙනවා ඇතැම් වෙලාවට.....?

එහෙම කාගෙවත් බලපෑමකට යටත් වෙන එක නම් මෝඩකමක්. මම පැහැදිලි ගමනක් ඇවිත් තියෙනවා. ආත්ම ගෞරවය විනාශ කර ගෙන තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න හදන එක මහ මෝඩකමක්. මුළු ජීවිත කාලයම ඒක විඳවන්න වෙනවා. ආත්ම ගෞරවයකින්, අභිමානයකින් සමාජයට මුහුණ දෙන්න බැරි වෙනවා එතකොට.

ඔයාට කවදාවත්, කාගෙන්වත් එහෙම බලපෑමක් ඇවිත් නැහැ.....?

ඇත්තටම නැහැ. මම හිතන්නේ කෙනෙක් සමාජයේ හැසිරෙන විඳිහ අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඕනෑම කෙනෙක් දැනගෙන ගින්දරට අත දාන්න යන්නේ නැහැනේ.

ඒ කියන්නේ චතුරිකා ගින්දර වගේ සැරයි?

මම ඕනෑම කෙනෙක් එක්ක කෙලින් කතා කරන කෙනෙක්. ඒ නිසා ද මන්දා මට ගොඩක් වෙලාවට අනවශ්‍ය ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙලා නැහැ. රොෂාන් වුණාත් පුරුෂාධිපත්‍ය කියන දේ ඔළුවෙ තියාගෙන වැඩ කරන කෙනෙක් නෙවේ.

අපි දෙන්නා සමානයි කියලා තමයි එයා හිතන්නේ. ඒ නිසා ඔහු මට ගරු කරනවා. මමත් ඔහුට අයුතු බලපෑම් කරන්න යන්නේ් නැහැ.

ඉස්සර අපේ නළු, නිළියන්ට තිබුන ආකර්ෂණය, ආදරය අද වෙන කොට මම හිතන්නේ අවප්‍රමාණය වි තියෙනවා. ඒකට හේතුව හැටියට ඔයා දකින්නේ.....?

මම හිතන්නේ අපේ සිනමාවට ජාතික ප්‍රතිපත්තියක් නැතිකම. රංගන ශිල්පය හදාරන්න, වැඩි දියුණු කර ගන්න අපට ආයතනයක් නැහැ. විශේෂයෙන්ම ටෙලි නාට්‍ය නිර්මාණකරණයේ දී අද සිදුවෙලා තියෙන්නේ ආයතන මගින් දෙන බජට්වලට ටෙලි නාට්‍යය හදන්න.

මේ නිසා කවුරු හරි පාරේ යන කෙනෙක් දාලා හරි වැඩේ කරන්නයි කවුරුත් හදන්නේ. එහෙම රඟපාන්න එන අයට කිසිම වෘත්තීය සුදුසුකමක් නැහැ. ඔවුන්ගේ හැසිරීම් රටාව වෙනස්. අනෙක් කෙනාට ගරු කිරීමක් නැහැ.

මෙවැනි තත්ත්වයන් නිසා අද බොහෝ නළු නිළියෝ සමාජයේ අතිශය සාමාන්‍ය චරිත බවට පත්වෙලා. ඉස්සර නළු නිළියන්ට වෘත්තිය වටිනාකමක් තිබුණා. ඒ නිසා තමන්ව නඩත්තු කර ගන්නත් ඔවුන්ට පුළුවන් වුණා. ඒත් අද එහෙම නඩත්තු වෙලා ඉන්නේ කීප දෙනෙක් විතරයි.

ඒක නෙවෙයි දැන් කවදද වෙඩිං එක.......?

තාම දවස තීරණය කරලා නැහැ. එහෙම වුණදාට මුලින්ම “සරසවිය” ට කියන්නම්.

මේ අවුරුද්දෙම.....?

මේ අවුරුද්ද දැන් ඉවරයිනෙ.

එහෙම නම් 2010 වසර ඔයාගේ ජීවිතයට වාසනාවන්ත, සිතුම් පැතුම් ඉටුවෙන වසරක් වේවා කියලා ඔන්න වේලපහම අපි ප්‍රාර්ථනා කරනවා.

සරසවියේ ඔයාලා සියලු දෙනාටත් එසේම වේවා!