Saturday, August 5, 2017

Tagged Under: , , ,

Shanudrie Priyasad speaks about Deweni Inima Teledrama

By: Last Man On: 5:00 AM

මම පෙම්වතියක්, අපි හැමදාම ජොලියේ ඉන්නවා !

දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ සමල්කා ගැන හැමෝම දන්නවා. ඒ තරමටම සමල්කා චරිතයට රසික ආදරය හිමිවෙලා තියෙනවා. ඉතිං මේ සමල්කාගේ චරිතයෙන් ඔබ අතරට එන ශනුද්‍රි පියසාද් ගැන අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතක මේ විදිහට පලවෙලා තිබුණා.
ශනුද්‍රි ගෙදර ඉන්නකොට සද්දේ වැඩියි නේද…?
ඔව්… ඔව්… අද අපි තුන්දෙනාම ගෙදර ඉන්නවනේ… ඉතින් සද්දෙ තමයි. කොහොමටත් මම පොඩ්ඩක් සද්දෙ තමයි. හැබැයි අපි තුන්දෙනාම එළියට ගියාට පස්සෙනම් ගෙදරම පාළුයි.

මේ දවස්වල ශනු මොකද කරන්නේ…
මේ දවස්වල දෙවැනි ඉනිම ටෙලි නාට්‍ය විතරයි කරන්නේ… ඊට අමතරව මගේ ඉගෙනීමේ වැඩ කරගෙන යනවා. ඒ දේවල් කරද්දී ඉතින් වෙන මුකුත් කරන්න වෙලාවක් නෑ.
හැබැයි ඉතින් ශනුද්‍රිට තව ආරාධනා එහෙම ලැබෙනවත් ඇති.
ඔව්… ඔව්… මට ටෙලි නාට්‍ය ගොඩකට ආරාධනා ලැබුණා. ඒත් ඉතින් ඒවා බාරගන්න මට වෙලාවක් නැහැනෙ. වෙලාවක් හදාගෙන කරන්න පුළුවන් නිර්මාණයක් මට තාම ආවේ නෑ. ඒ නිසා හරි දුකයි.
සමල්කයි ශනුද්‍රියි අතරේ සමානකම් ඇති නේද…?
ඔව්… ඔව්… සමානකම් ගොඩක් තියෙනවා. සමල්කාගේ චරිතයත් ගොඩක්ම දුකින් ඉන්න චරිතයක්. හැම වෙලේම හිත රිදෙන දුකින් ඉන්න චරිතයක්.
ඒ කියන්නෙ ශනුද්‍රිත් ඒ වගේ දුකින් ඉන්න චරිතයක්ද…?
මාත් එහෙම තමයි. මම සැර වුණාට මම නපුරු නෑ. සැර කළාට කවුරුත් මට බය නෑ. මමම සැර කරලා මමම අඬනවා. එහෙම කෙනෙක් තමයි මම. සමල්කා වගේම මගේ හිතත් ඉක්මණට දුක් වෙනවා.
සමල්කාට වගේ ශනුද්‍රිටත් යාළුවෝ එහෙමත් ඇති නේද…?
මම සමල්කා වගේ යාළුවෝ එක්ක හරි මිත්‍රශීලියි තමයි. හැබැයි මට එක යාළුවෙක් කියලා නෑ. එක සෙට් එකක් කියලා නෑ. මම යන යන හැමතැනම යාළුවෝ ඉන්නවා. යන හැමතැනම මම යාළුවෝ හදාගෙනයි ඉන්නේ. ඒ අතින් නම් සමල්කයි ශනුද්‍රියි ටිකක් වෙනස්. හැබැයි යාළුවෝ එක්ක විහිළු කරගෙන මාත් ඉන්නවා.
ශේෂාද්‍රි අක්කා ආයෙ රඟපාන එකක් නෑ එයා දැන් වෙන වැඩක් කරනවා
දෙවැනි ඉනිම රූගත කිරීම් කරද්දී අපූරැ දේවලුත් වෙලා ඇති නේද?
මෙහෙමයි… දෙවැනි ඉනිම සෙට් එකේ ඉඳිද්දී කොහොමත් අමතක වෙන්නෙ නෑ තමයි. හැමදාම අපි හරිම ජොලියෙ ඉන්නවා. හැමෝම ඉඳිද්දි කට්ටිය රවුමට හැදිලා විහිළු කතා කිය කිය ඉන්න එක තමයි කරන්නෙ. සෙට් එකේදී රඟපාද්දිත් විහිළුවෙන්මයි ඉන්නේ.
දවසක් මාව උදේ පාන්දර පහට ගෙදරින් අරගෙන පහුවදා උදේ පාන්දර පහයි ගෙදරට යද්දී. එදා මුළු රෑම මම වැස්සේ හොඳටම තෙමුණා. රෑ දහයේ ඉඳන් පාන්දර හතර වෙනකන් ඒ ෂූට් එක කළා. ඒක මම හරිම ආසාවෙන් කළා. එදා වැස්සත් වස්සවලා ඒකට මාව හොඳටෝම තෙමෙව්වා. ඇත්තටම ඒ දවස ආයෙ අමතක වෙන එකක් නෑ.
දිනක්ෂි, ශේෂාද්‍රි, ශනුද්‍රි ගෙදර ඉන්න දවස්වලට ගෙදර අය ඉන්නේ කොහොමද?
ආ… දැන් ඒ අයට පුරුදුයි. අපි තුන්දෙනා තාමත් ඉස්සර වගේම තමයි. ශේෂාද්‍රි අක්කයි මමයි තමයි ගොඩක්ම එකට ඉන්නෙ. එයයි මායි ඉන්නෙ එකම කාමරේ. දිනක්ෂි අක්කා ඉන්නේ වෙන තනි කාමරේක. ලොකු අක්කත් අපි එක්ක ගොඩක් එකතුයි. හැබැයි එයාට මේ දවස්වල වැඩත් එක්ක කාලය මදි. ඉතින්… අපි දෙන්නගෙ කාමරේ ශේෂාද්‍රි අක්කා ඉන්නේ කාමරේ එහා කෙළවරේ. මම ඉන්නේ කාමරේ මෙහා කෙළවරේ. සමහරදාට අපි දෙන්නා මහ රෑ ඇහැරගෙන සින්දු කියනවා.
මහන්සි වෙලා ආපු දවසකට නම් ලොකු අක්කා කාමරේ දොර ළඟට ඇවිත් නිදාගන්න දෙන්නකෝ කියලා කෑගහලා යනවා. සමහරදාට එයත් ඇවිත් අපිත් එක්ක සින්දු කියනවා. එහෙම නැත්නම් සමහරදාට තුන්දෙනාම එකම කාමරේට ඇවිත් සින්දුවක් දාලා හොඳටම නටනවා. සමහරදාට දිනක්ෂි අක්කත් අපේ කාමරේට ඇවිත් අපිට වද දෙනවා.
පසුගිය දවස්වල දිනක්ෂි අක්කා ගැන නළුවන් එහෙම පටලවලා එක එක කතා කිව්වනේ. ඒ දේවල් ගැන ගෙදර අය තුළ තියෙන අදහස් කොහොමද?
නෑ… ඇත්තටම අපි අපේ ගේ ඇතුළේ ඒ දේවල් කතා කරන්නේ නෑ. මොකද අපි අපි ගැන දන්නවා. අපේ විස්තර දන්නවා. පිට අය අපිට අපිම ගැන අලුත් විස්තර කියනවා. ඒත්… අපිට ඒ දේවල් වැඩක් නෑ. අපි පස්දෙනා ගැන අපි දන්නවා. ඒ නිසා අපි ඒවා ගණන් ගන්නෙවත් නෑ.
ඒවාට උත්තර දෙන්න යන්නෙත් නෑ. ඉන්ටර්නෙට් එකට එක එක දේවල් දාලා ඒ ගැන සතුටු වෙන අය ඉන්නවා. ඒවා මානසික ලෙඩ. ඒ නිසා ඒ දේවල් දිහා අපි බලාගෙන ඉන්නවා. එච්චරයි.
ශනුද්‍රි… හිතුවද දවසක මේ විදිහට ජනප්‍රිය චරිතයක් වෙයි කියලා… රඟපාන්න අවස්ථාව ලැබෙයි කියලා…
ඔව්… මම පොඩිකාලේ ඉඳන් මේ ක්ෂේත්‍රයට ආවා. A/L කරන කාලයේදී අධ්‍යාපන කටයුතු නිසා මම ඒක නවත්තලා තිබුණා. ඊට පස්සේ මම කොහොමත් හිතාගෙනම හිටියෙ exam වලින් පස්සේ ආයෙ රඟපාන්න එන්න ඕනෙ කියලා. හරියටම exam ඉවරවෙනකොටම සාරංග අයියා මේකට කතා කළා. කතාවට ආස හිතුණා. ඉතින් පටන් ගත්තා.
ශේෂාද්‍රි අක්කා ක්ෂේත්‍රයේ හිටියා. ඒත්… දැන් ක්ෂේත්‍රයේ නෑ. ඇයි ඒ….?
එයානම් ආයෙ රඟපාන්න කැමැත්තක් නෑ. එයා තෝරගෙන ඉන්න ක්ෂේත්‍රයක් තියෙනවා. ඒ නිසා එයා ඒකෙන් දවසක ඉස්සරහටම යාවි. අපි ඒකට එයාට සපෝට් කරනවා. කිසිම දේකට අම්මවත් තාත්තවත් එයාට බල කරන්නේ නෑ. එයා දවසක හිතිලා ආයේ රඟපාන්න ආවොත් අපි ඒකටත් සපෝට් කරනවා.
ඇත්ත කියන්න. අක්කලා දෙන්නගෙන් ඔයාට වැඩියෙන්ම එකතු කවුද…?
දෙන්නම මට ගොඩක් එකතුයි. පොඩි කාලෙනම් වයස් පරතරයත් එක්ක ලොකු අක්කටත් වඩා දෙවෙනි අක්කා මට එකතු වුණා. ඒත් දැන් එහෙම නෑ. දැන් දෙන්නම මට එකතුයි. දෙන්නගෙන් ලොකු අක්කා චුට්ටක් සැරයි. එයා අක්කා නිසා අක්කා වගේ ඉන්නවා. ඒ වුණාට සැරවුණාට ආයෙත් ටිකකින් මතක නෑ.
ශනුද්‍රි කියන්නේ පෙම්වතියක්… අපි හරිද…?
ටී.වී. එකේනම් මම පෙම්වතියක්. සැබෑ ජීවිතයේ නම් මම පෙම්වතියක් නෙවේ.
Shanudrie Priyasad hot sri lankan school girl gossiplanka
Shanudrie Priyasad hot sri lankan school girl gossiplanka

Description: funny, Gossip, Shanudrie Priyasad, Sri Lankan Actress

0 comments:

Post a Comment