Sunday, February 5, 2012

හිරුණිකා දේශපාලනයට පිවිසීමට තීරණය කරයි

By: Last Man On: 3:23 AM
මුල්ලේරියාවේ සිදුවූ වෙඩි තැබීමකින් මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය දේශපාලනයට පිවිසීමට තීරණය කළ බව වාර්තා වෙනවා.

පියාගේ අඩිපාරේ යමින් ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් තමා දේශපාලනයට පිවිසීමට තීරණය කළ බව සදහන් කර ඇත්තේ දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා මහජන පක්ෂයේ 28වැනි සංවත්සරික උත්සවයට ලිපියක් යොමු කරමිනි.

එම ලිපිය මඟින් ඇය එම පක්‍ෂයේ සාමාජිකත්වය ඉල්ලා ඇති අතර පසුගිය සතියේ දී දේශපාලනයට පිවිසිම පිළිබඳ ශ්‍රී ලංකා මහජන පක‍ෂ නියෝජිතයින් සමග සාකච්ඡා ද පවත්වා තිබෙන බවටද වාර්තා වෙනවා.

හිරුනිකා විසින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට අදහස් කරන බව පසුගිය කාලයේ එක්තරා පුවත්පතක ප්‍රකාශ කර තිබුනු අතර පසුව ගොසිප්9 කළ විමසුමකදී ඇය ප්‍රකාශ කළේ නව පක්ෂයක් පිහිටුවීමට යන පුවත අසත්‍යයක් බවයි.

mahela

By: Last Man On: 3:18 AM