Friday, October 28, 2011

Tagged Under:

දුමින්දට දැන් හොඳයි - බතුත් කනවා - කතාත් කරනවා

By: Last Man On: 10:22 AM
දුමින්දට දැන් හොඳයි - බතුත් කනවා - කතාත් කරනවා 

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිරින දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා මේ වන විට බොහෝ සෙයින් යතා තත්වයට පත්වී ඇති බව එහි වෛද්‍යවරුන්ගේ අදහස් උපුටා දක්වමින් සිරස නිව්ස් ෆස්ට් වාර්තා කරනවා.

ඒ අනුව 26 වනදා වන විට මුමුනමින් සිටි දුමින්ද සිල්වා මේ වනවිට වෛද්‍යවරුන් සමග හොදින් කතා කිරීමට පටන්ගෙන තිබේ.

සිරස වාර්තා කල එම පුවත 
වෙඩි වැදීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන දුමින්ද සිල්වා මන්ත්‍රිවරයා මේ වනවිට වෛද්‍යවරුන් සමග කථාබහ කරන බව ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරු පවසති.


මන්ත්‍රීවරයාට සැත්කම සිදුකළ ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය පැවසුවේ, වෛද්‍යවරුන් විමසන ප්‍රශ්නවලට මන්ත්‍රීවරයා ඉතා හොදින් පිළිතුරු දෙන බවයි.


මේ වනවිට දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට බත් ආදී ඝන ආහාර ලබාදීම ආරම්භ කර ඇති බව ඇය සඳහන් කළාය.


වෛද්‍යවරිය පැවසුවේ, තවත් මාස 4ක් පමණ ගතවන විට දුමින්ද සිල්වා මන්ත්‍රිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍ය වනු ඇති බවයි. 


දෙරණ ආයතනයේ ප්‍රධානින් දෙදෙනාට හා දුමින්ද සිල්වා හා ඔහුගේ සොහොයුරාට වෙන්වුණු  ඉන්ටර්කෝන් හි විශේෂ කාමරයක් 

දුමින්ද සිල්වා රෝහල්ගත වීම - මත්කුඩු වෙළඳපොල කඩා වැටීම - කොටස් වෙළඳපොල බිඳ වැටීම අතර සම්බන්ධයක් තියෙනවා

දුමින්ද සිල්වා රෝහල්ගත වීම - මත්කුඩු වෙළඳපොල කඩා වැටීම - කොටස් වෙළඳපොල බිඳ වැටීම සම්බන්ධයෙන් හෙලිකිරීම නිසා ටි.එන්.එල් ඉසිර ගුවන් විදුලියේ ප්‍රධානියා වන ශාන් වික්‍රමසිංහට මරණ තර්ජන එල්ලවී තිබෙනවා.


ශාන් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ සිකුරාදා (21) දිනයේ උදෑසන හතට සජීවීව විකාශය වන දවසේ පුවත්පත් පිලිබඳ සිදුකරන සාකච්චාවකදී හෙළිකොට සිටියේ දුමින්ද සිල්වා රෝහල්ගත වීම - මත්කුඩු වෙළඳපොල කඩා වැටීම - කොටස් වෙළඳපොල බිඳ වැටීම අතර සම්බන්ධයක් පවතින බවයි.

එයට හේතුව මෙරට කොටස් වෙළඳපොලට කුඩු ජාවාරම මගින් උපයන කළු සල්ලි එයට ආයෝජනයකර ඒවා නිත්‍යානුකුල මුදල් බවට පරිවර්තනය කරගැනීමේ ජාවාරම බවයි.

දැනට කොටස් වෙළඳපොලේ කැපිපෙනෙන ආයෝජකයන් දෙපලක් වන දිලිත් ජයවීර සහ සරත් අමුණුගම අමාත්‍යවරයාගේ දියණිය වරුණි අමුණුගම (දෙරණ මාධ්‍යය ආයතනයේ හා ට්‍රයි ඇඩ් ආයතනයේ කලමනාකර අධ්‍යක්ෂවරු යුවල),දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා සහ ඔහුගේ සහෝදරයාට ඉන්ටර්කොන් හෝටලේ විශේෂිත කාමරයක් වෙන් කර තිබු බවත් එහිදී විශාල වශයෙන් ඔවුන් සාකච්චා සිදුකර ඇති බවත් එහිදී සිදුකල කතාවක් හෙළි කිරීම නිසා ඔවුන් කලබල වී මරණ තර්ජන සිදු කොට ඇති බව ශාන් වික්‍රමසිංහ මහතා කියා සිටිනවා.

මේ පිලිබඳ අදහස් දක්වන ශාන් වික්‍රමසිංහ මහතා

"භාරත ලක්ෂ්මන්තුමා මැරුණට පස්සේ දුමින්ද සිල්වා කියන එක්කෙනා ඉස්පිරිතාලේ හිටියා.කුඩු මාකට් එක වැටිලා කියල පත්තර වල තිබුනා දැන් කුඩු නෑ කියල මාකට් එකේ.ඒ වගේම ස්ටොක් එක්ස්චේන්ජ් එක වැටිලා කියල චෙක් කරන් යනකොටඅපි දැක්ක රිලේෂන් එකක් තියෙනවා කියල කුඩු මාකට එකටයි ස්ටොක් එක්ස්චේන්ජ් එකටයි.


මේ කුඩු ගෙන අය තමයි බ්ලැක් මනි ගෙනත් ස්ටොක් එක්ස්චේන්ජ් එක වටේ දුවන්නේ. මොකද රජය කියනවා ස්ටොක් එක්ස්චේජ් එක තමයි ආසියාවේ හොඳම එක කියල. ඉතින් අපි බැලුව ස්ටොක් එක්ස්චේන්ජ් එක බහින්නේ කොහමද එකපාරට කුඩු මාකට් එක හින්දා.

ගිය සිකුරාදා උදේ අපිට ආරංචි උනා හොඳ මාධ්‍යයකින් දැන් මේ දිලිත් ජයවීර මහතත්යත් දුමින්ද සිල්වා මහත්තයත් එයාගේ අයිය රෙනොර් සිල්වාත්, වරුණි අමුනුගම අමුණුගම අමාත්‍යවරයාගේ දියණියටත්  තියෙනවා කියල ඉන්ටර්කෝන් එකේ ලොකු කාමරයක්.එකේ ඉදන් ගොඩක් ඒවා කියල තියෙනවා..එකේ කියපු එක කාතාවක් මම කිව්වේ..ඒ ගොල්ලෝ බය වුනා මම කොහමද මේක දැනගත්තේ කියල.


මේ අතර දිලිත් ජයවීර මහත්තයගේ දෙරණ නාලිකාවේ මාධව මහත්තය මගෙන් කතා කරලා ඇහුවා ඇයි අපේ බොස්ට කුඩු කාරය කිව්වේ හොරා කිව්වනම් කමක් නෑ කියල.


වරුණි අමුණුගමත් මේකේ පාර්ට්නර් කෙනෙක්.ඊයේ ෆෝන් කරලා තියෙනවා මගේ දුවට.කතාකරලා ඉස්සෙරලා හොඳට කියල..ඔයාගේ තාත්තටමේ වගේ දේවල් කියන්න එපා කියලා.ඊට පස්සේ කියල හිතන්නෙපා ඔයාගේ තාත්තට ජිවතුන් අතර ඉන්න දෙනවා කියල තර්ජනය කරලා"

Bbc shan wikramasinha (Gossip9.com) by Gossip9News

0 comments:

Post a Comment