Thursday, June 24, 2010

Tagged Under:

අප්පා මට මනමාලයෙක් හොයනවා තාම

By: Last Man On: 9:10 AM

ගම්පහ ඔරුතොට මගේ අම්මගේ ගමට ගියාම දැනෙන්නේ පුදුම සතුටක්

මේ යුගයේ අතිශය ජනප්‍රිය නිළි තාරකාව පූජා උමාශංකර් කියයි
ජීවිතය සුවඳවත් කරන්නේ ආදරයයි. එවන් ආදරයක නිම් හිම් නැති සතුට, සොම්නස රැගෙන ඈ යළිත් අපේ රිදී තිරයට ඇවිත්.
දඟකාර යෞවනය හා බැඳුණු ඒ නෑඹුල් සෙනෙහසේ අසිරිය ඇගේ නිල්වන් නෙතු සඟළ මත රස හැඟුම් මවන්නේ ජීවිතයට නැවුම් චමත්කාරයක් එක් කරමින්.
ඈ රශ්මි. රිදී තිරයේ ආකර්ෂණීය සුපෙම්වතිය. ධම්මික සිරිවර්ධනගේ් කුලුඳුල් සිනමා සිත්තම වූ ‘සුවඳ දැනුණා ජීවිතේ’ රශ්මිගේ චරිතයට පණ පොවන්නී ඇයයි.
පූජා . . .
පූජා ගෞතමී උමාශංකර්.
මෑතකදී අපේ සිනමාවේ අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ සුරූපී සුගන්ධිනිය පූජා සැබැවින්ම හෙළ සිනමා අඹර එළිය කරන පහන් තාරකාවක්.
‘සුවඳ දැනුණා ජීවිතේ’ ප්‍රදර්ශනය ඇරැඹීමත් සමඟ පූජාගේ ආදරණීය රසික ජනතාව සිනමාහල් වටා එක් රොක්ව සිටින්නේ ඇගේ සොඳුරු රංගනය දැක බලා ගැනීමේ නොතිත් ආශාවෙන්.
පූජා පසුගිය දිනෙක ලංකාවට ආවේත් ඒ සතුට ඔවුන් හා බෙදා හදා ගන්නයි.
ඉතින් පූජා කොහොමද කවදාද උපන් බිමට ආවේ?
සනීපෙන් ඉන්නවා. ජූනි 03 වැනිදා තමයි මා මගේ මවුබිමට ආවේ. විශේෂයෙන්ම ‘සුවඳ දැනුණා ජීවිතේ’ ප්‍රිමියර් එකට. ඒ ප්‍රමෝෂන්ස්වලට මම ඉන්න එපැයි.
මංගල දර්ශනයෙන් පස්සේ ලැබුණ ප්‍රතිචාර කොයි වගේද?
එදා ආපු හැමෝම වගේ මට සුබ පැතුවා. මගේ රඟපෑම් ගැන අගය කළා. ඉතින් මටත් හරිම සතුටුයි. ලංකාවේ දැන් මට ගොඩක් රසිකයෝ ඉන්නවනේ. ඒ අයත් මේ චිත්‍රපටය ආශාවෙන් බලයි කියලා මම හිතනවා.
දැන් ඉස්සරට වඩා හොඳින් සිංහල කතා කරන්න පුළුවන් වගෙයි?
එහෙමද . . .? සන්තෝෂයි. ඒකෙ ගෞරවය මුලින්ම හිමි වෙන්න ඕනෑ මගේ අම්මට. එයා සිංහල, බෞද්ධ කාන්තාවක්නේ. ගොඩක් දේවල් මම ඉගෙන ගත්තේ අම්මගෙන්.
නැවතත් මේ පිං බිමට එන්න ලැබුණ එක ගැන ඔයාට සතුටුද?
නැතුව. ලංකාවට මම හරි ආදරෙයි. මේක මගේ රට. මම ඉපදුණේ කොළඹ ජෙනරල් හොස්පිට්ල් එකේ. මගේ සීයගේ ඒ කියන්නේ අම්මාගේ තාත්තාගේ ගම ගම්පහ, ඔරුතොට.
ගමේ ගියේ නැද්ද?
ගියා, ගියා. මම ලංකාවට ඇවිත් දවස් දෙක තුනකින් අම්මත් එක්ක එහේ ගියා. සීයා දැන් ජීවතුන් අතර නැහැ. ඒත් එයාගේ බාලම නංගි තාම ඉන්නවා. එතකොට අම්මගේ අයියලාගේ ළමයි. තව ගොඩක් නෑයෝ ඉන්නවා.
මොකද හිතෙන්නේ ගම් පළාත ගැන?
හරිම ලස්සනයි. ඇක්චුවලි සෝ බියුටිෆුල්. ලංකාවේ තියෙන කොළ පාටට මම කැමතියි. ඉන්දියාවේ වගේ මෙහෙ පරිසරය කර්කශ නැහැ. දූවිලි නැහැ. කවදා හරි මම ලංකාවේ ජීවත් වෙනවා නම් ගම් පළාතේ් නිවසක් හදාගෙන ඉන්න කැමැතියි.
‘සුවඳ දැනුණා ජීවිතේ’ රශ්මි ගැන මොකද පූජාට හිතෙන්නේ?
මේක වෙරි ඩිෆරන්ට් කැරැක්ටර්, ඒ නිසා මම හරිම කැමැතියි. ‘අංජලිකා’ චිත්‍රපටයේ මම රඟපෑවේ ගමේ ගැහැණු ළමයකුගේ් චරිතයක්. ‘ආසයි මං පියාඹන්න’ චිත්‍රපටයේ මම නාගරික තරුණියක්.







ඒ දෙකටම වැඩිය වෙනස් චරිතයක් රශ්මි කියන්නේ. එයා හරි ලස්සනට ජීවත් වෙන්න කැමැති කෙනෙක්. ඒ වගේම හරිම නිදහස්, දඟකාරයි. රශ්මි ගැන වැඩිය කියන්න කැමැති නැහැ. එතකොට අගය නැතිව යනවා.
පූජාත්, රශ්මි වගේ කියලා මට හිතෙනවා?
ඔව්, මමත් රශ්මි වගේ තමයි. අම්මා කියනවා මට ‘ඔයා ගෑනු ළමයෙක්. ඒ හින්දා බෝයි වගේ දඟළන්න එපා. එහෙම වුණොත් මනමාලයෙක් හොයා ගන්න බැරි වෙයි’ කියලා.
ඇත්තටම පූජා දඟ ළමයෙක්ද?
ටිකක් දඟයි. පුංචි කාලේ ඉඳන් මම හැදුනේ හොස්ටල් එකේ. ගෑනු ළමයි විතරයි. පුංචි කිරිල්ලියක් වගේ නිදහසෙන් තමයි මම ජීවිතය ගත කළේ. ඒත් මම හොඳට ඉගෙන ගත්තා.
මගේ අප්පට ඕනෑ කළේ මට ;හාඳින් උගන්වන්න. අප්පගේ බලාපොරොත්තු මම ඉටු කළා. ඒ ගැන ගොඩක් සතුටුයි.
දැන් ඉගෙනීම් කටයුතු අවසන්ද?
මම  BA කරලා ඊට පස්සේMAකළා. මාස්ටර් එකට මම කළේ බිස්නස් මැනේජ්මන්ට්. PHD කරන්න ඕනෑ කියලා හිතුවත් ඒකට තාම වෙලාවක් හොයා ගන්න බැරි වුණා. එත් මම තව ඉගෙන ගන්න ආසයි.
පූජා රඟපෑමෙන් අයින් වෙනවයි කියලා රාවයක් තියෙනවා. ඇත්තද ඒ?
මම රඟපාන්න ආසයි. ඒ වගේම මම ශ්‍රී ලංකාවටත් කැමැතියි. මෙහෙ මිනිස්සුලත් හරිම හොඳයි. ඒත් අප්පා කියනවා පූජා ඔයා දැන් ඇක්ට් කළා ඇති, ඔයා ගෑනු ළමයෙක් නිසා හැම දේකම ලිමිට් එකක් තියන්න ඕනෑ’ කියලා.
ඒ නිසා දිගටම මම රංගනයේ නියැළෙයිද කියලා හරියටම කියන්න බැහැ. හැබැයි තවම නම් මම තීරණය කරලා නැහැ රඟපෑමෙන් සමුගන්න.
පූජාගේ අප්පා ටිකක් සැරයි වගේ?
ටිකක් සැරයි තමයි. ඒත් අප්පා හරි හොඳයි. එයා මම ගැන හරියට කරදර වෙනවා. අප්පා මට මනමාලයෙක් හොයනවා තාම. අම්මා, ආච්චියි, සීයයි බලා ගන්න නිසා එයාට වෙලාවක් නැහැ ඒවට.
ඇත්තටම ඔයාට බෝයි ෆෙ‍්‍රන්ඩ් කෙනෙක් නැද්ද?
දැනුත් නැහැ. ඉස්සර හිටියෙත් නැහැ. මම පාසල් ගියේ Mount Carmel Colleage’ එකට. ඒක ගැහැනු පාසලක්. බැංගලෝර්වල තමයි මගේ් පාසල තිබුණේ. මම හිටියේ හොස්ටල් එකේ. හරියට හවස 5.00 වෙන කොට ගේට්ටුව වහනවා. නිකමටවත් පිරිමි ළමයෙක් ආශ්‍රය කරන්න අපට අවස්ථාවක් තිබුණේ නැහැ.
ඔයා ස්ටාර් කෙනෙක් වුණාට පස්සේ නම් ඕනෑ තරම් පිිරිමි යාළුවෝ හම්බ වෙන්නැති?
දැන් නම් මට ගොඩක් යාළුවො ඉන්නවා. ඒත් කා එක්කවත් ලව් අෆෙයාර් එකක් නැහැ. එහෙම කළොත් අප්පා මට ගහයි.
පූජා ගේ අනාගත සහකරුවා කොහොම කෙනෙක් වෙන්න ඕනෑ කියලද ඔයා හිතන්නේ?
එයා ඉන්දියාවේ කෙනෙක් වෙන්න ඕනෑ. මගේ අප්පා කැමැති එහෙම කෙනෙකුට. ඒ වගේම එයා දෙවියන් ගැන හොඳටම විශ්වාස කරන කෙනෙක් වෙන්නත් ඕනෑ.
ලස්සන වෙන්න ඕනෑ නැද්ද. එතකොට සල්ලි තියෙන්න ඕනෑ නැද්ද?
ඒවා සාමාන්‍ය ප්‍රමාණයෙන් තිබුණාම ඇති. ඒ සේරටම වඩා මනුෂ්‍යත්වය තියෙන්නම ඕනෑ දෙයක්. ආ . . . තව දෙයක් එයා මත්පැන් හා දුම් පානයෙන් සම්පූර්ණයෙන් තොර කෙනෙක් වෙන්න ඕනෑ. විශේෂයෙන්ම දුම් පානය. ඒක මට ඇල(ර්)ජික්.
දැන් පූජා අපේ රටේත් ජනප්‍රිය තරුවක්. මොකද හිතෙන්නේ ශ්‍රී ලාංකික ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර ගැන?
මගේ මේ රටේ ප්‍රේක්ෂකයෝ ගැන නම් කියලා වැඩක් නැහැ. මට එයාලගේ හදවතේ ඉඩ ලබා දුන්න එක ගැන ස්තුතිවන්ත වෙනවා.
එයාලා ගේ හදවතේ දොරටු මම වෙනුවෙන් විවර කළා. ඒක මගේ් ලොකු වාසනාවක්. ලංකාවේ ඕනෑ ගෙදරකට ගියොත් ‘ආ එන්න දුවේ, මේ බත් ටික කාලා යන්න’ කියලා ඕනෑම අම්මා කෙනෙක් මාව පිළිගනියි.
අපේ රටේ නළු නිළියන්ගෙන් ඔයා වැඩියෙන්ම ප්‍රිය කරන්නේ?
එක නමක් කියන්න බෑ. ගොඩක් නිළියෝ නම් ඉන්නවා.
කවුද ඒ?
දිල්හානි ඒකනායක, කාංචනා මෙන්ඩිස්, හිමාලි සයුරංගි, යශෝධා විමලධර්ම, නදීෂා හේමමාලි, චතුරිකා පීරිස්, හිමාලි සිරිවර්ධන වගේ අයට මම ගොඩක් කැමැතියි.
එතකොට ඔයා කැමැතිම නළුවා?
රොෂාන් රණවන. එයා හරි හොඳයි. මම හිතන්නේ නළුවෙක් විදිහට විතරක් නෙවෙයි එයා මනුස්සකමෙනුත් ඉහළම කෙනෙක්. ඉන්දියාවේ ඉඳලා මම ලංකාවට කතා කළත් මුලින්ම කතා කරන්නේ රොෂාන්ට. සීනියර් ආටිස්ට් කෙනෙක් හැටියට සනත් ගුණතිලකටත් මම ගරු කරනවා. ඒ වගේම රෝසි සේනානායක මහත්මියත් මම ඉතාමත් ළඟින් ඇසුරු කරන කෙනෙක්.
පූජාගේ අනාගත බලාපොරොත්තු මොනවාද කියලා දැනගන්න ඔයාගේ රසික රසිකාවෝ කැමැති ඇති?
දන්නේ නෑ අප්පා . . . මගේ අප්පා තමා ඒවා දන්නේ. සමහර විට මේ අවුරුද්දේ මම මැරි කරන්නත් ඉඩ තියෙනවා.
මම ලෝකේ වටේ ඇවිදින්න ආසයි. ‘සුවඳ දැනුණා ජීවිතේ’ ඉවර කරලා, ප්‍රතිචාර බලලා හැමෝටම ස්තුතීයි කියලා යන්නයි මම ආවේ.
මම ජීවිතේ ලොකුවට ප්ලෑන් කරපු කෙනෙක් නෙෙවි. බඩගිනියි කියලා දැනුණොත් කෑම කනවා. ඒ තමයි පූජාගේ හැටි.

0 comments:

Post a Comment