Wednesday, June 30, 2010

පියුමි ගේ පරණ පෙම් හබ

By: Last Man On: 10:53 AM

Sunday, June 27, 2010

නදීශා තෙලිඟු චිත්‍රපටයක

By: Last Man On: 6:07 AM
නදීශාගේ රංගනය තෙලිඟු චිත්‍රපටයකට

රංගන ශිල්පිණියක්‌ ලෙසට එකම චරිතයකට සීමා නොවී විවිධ චරිත නිරූපණය කිරීමේ හැකියාව ඇති නිළියක්‌ ලෙසට නදීෂා හේමමාලි නවක රංගන ශිල්පිණියන් අතරින් හඳුන්වා දෙන්න පුළුවන්. පුංචි තිරයෙත් සිනමාව තුළත් එක ලෙස තම දක්‍ෂතාවන් එළිදක්‌වන ඇය පසුගිය කාලයේ තම රංගන ජීවිතේ තවත් එක්‌ සුවිශේෂී අවස්‌ථාවක්‌ උදාකර ගත්තා. ඒ තෙලිඟු චිත්‍රපටයකට රංගනයෙන් එක්‌වීමෙන්. මෙම චිත්‍රපටයේ රූගත කිරීම් වෙනුවෙන් ඉන්දියාවට ගොස්‌ සිටි නදිශා පසුගිය දා නැවත ලංකාවට පැමිණියා.

මෙම චිත්‍රපටය සඳහා ප්‍රධාන චරිතයෙන් සම්බන්ධ වන නදීශාගේ චරිතයට හඬ කවන්නේ ජනප්‍රිය චිත්‍රපට රංගන ශිල්පිණියක්‌ වන පූජා උමාශංකර් විසිනුයි. මෙහි ඇති තවත් විශේෂ කරුණක්‌ නම් පූජා උමාශංකර් රඟපෑ සිංහල චිත්‍රපට කිහිපයක්‌ වන ආසයි මං පියාඹන්න හා අංජලිකා චිත්‍රපටවල පූජාගේ චරිත සඳහා හඬකැවීම් ශිල්පිණියක්‌ ලෙසට සම්බන්ධ වී සිsටින්නේ නදීශා වීමයි. 


Friday, June 25, 2010

අයිෂ්චර්යා ගැබිණියක් වී ඇත

By: Last Man On: 1:06 AM

මේ දිනවල බොලිවුඩයේ ජනප්‍රියතම අඹු සැමි යුවල කවුරුන්දැයි වමසුවහොත් කාගේත් පිළිතුර වනු ඇත්තේ අභිෂේක් හා අයිෂ්වර්යා යුවල වන බවය. ඔවුන්ගේ ආදර පුවත එතරම්ම ලොව පුරා ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇත. අභිෂේක් හා අයිෂ්වර්යාගේ විවාහයෙන් පසු ඔවුන්ගේ ප්‍රේක්ෂකයින් ඇසීමට බලාපොරොත්තුවෙන් සිටි එකම පුවත නම් ඔවුන් දෙදෙනා දරු සුරතල් බැලීමට සූදානම් වන බව ඇසීමය. ඒ සම්බන්ධයෙන් විවිධ දූෂමාන ආරංචි පැතිරගිය අතර පසුව එම සෑම පුවතක්ම අසත්‍ය බව බච්චන් පවුල තහවුරු කළේය.
Click to enlarge
දැන් නැවතත් එම පුවතම බොලිවුඩය පුරා පැතිරයමින් පවතී. ඒ අයිෂ්චර්යා රායි බච්චන් ගැබිණියක් වී ඇත යන පුවතය. සාමාන්‍යයෙන් සිනමා ලෝකයේ යම් යම් පුවත් අතිශෝක්තියෙන් දැක්වීම මාධ්‍ය සම්ප්‍රදාය වන බැවින් මෙවර මෙම ආරංචිය පිළබඳව ද කවුරුත් තරමක් වැඩි අවධානය යොමු කළේය. අයිෂ්චර්යා ගැබිණියක්ය යන පුවත පැතිර ගියේ ඇයගේ නවතම චිත්‍රපටය වන රාවණා හි ප්‍රවර්ධන කටයුතු අතරතුර අයිෂ්ගේ සිරුරෙහි දැකගත හැකිවූ යම් වෙනසක් නිසාය.
Click to enlarge
එහි ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් ඇය පැමිණ සිටියේ ඇගේ ආදරණීය සැමියා වන අභිෂේක බච්චන් ද සමගය. ඒ සමගම අයිෂ් ගැබිණියක්ය යන පුවත තටු ලැබ ඉගිල ගියේ ඇයගේ රූපය පිළිබඳව බොහෝ හොඳින් හඳුනන පිරිස් විසින් වෙනදා ඔවුන්ට දැක පුරුදු අයිෂ්ගේ කිසියම් වෙනසක් නිරීක්ෂණය කළ හැකිවිය. ඒ ඇයගේ උදරයේ කිසියම් නෙරා ඒමක් පෙනෙන්නට වීමය. ඇය ගැබිණියක්ය යන පුවත ඇරඹියේ ඒ සමගය.
Click to enlarge
කෙසේනමුත් කවුරුත් බලාපොරොත්තුවෙන් සිටි එම සතුටුදායක පුවත තහවුරු කිරීමට බච්චන් සාමාජිකයින් තවමත් ඉදිරිපත් වී නැත. මීට පෙර ද අයිෂ්වර්යාට පවතින යම් උදරාබාධයක් නිසා ඇයට මවක් විය නොහැකිය යන මතය මාධ්‍ය පුරා ප්‍රචාරය වූ අතර බච්චන් පවුල එය ප්‍රතික්ෂේප කළේය. ඉතින් මෙවරද අයිෂ්‍ මවක වීමේ පුවත මුසාවක්ම වන හැඩය!
Click to enlarge

Thursday, June 24, 2010

අප්පා මට මනමාලයෙක් හොයනවා තාම

By: Last Man On: 9:10 AM

ගම්පහ ඔරුතොට මගේ අම්මගේ ගමට ගියාම දැනෙන්නේ පුදුම සතුටක්

මේ යුගයේ අතිශය ජනප්‍රිය නිළි තාරකාව පූජා උමාශංකර් කියයි
ජීවිතය සුවඳවත් කරන්නේ ආදරයයි. එවන් ආදරයක නිම් හිම් නැති සතුට, සොම්නස රැගෙන ඈ යළිත් අපේ රිදී තිරයට ඇවිත්.
දඟකාර යෞවනය හා බැඳුණු ඒ නෑඹුල් සෙනෙහසේ අසිරිය ඇගේ නිල්වන් නෙතු සඟළ මත රස හැඟුම් මවන්නේ ජීවිතයට නැවුම් චමත්කාරයක් එක් කරමින්.
ඈ රශ්මි. රිදී තිරයේ ආකර්ෂණීය සුපෙම්වතිය. ධම්මික සිරිවර්ධනගේ් කුලුඳුල් සිනමා සිත්තම වූ ‘සුවඳ දැනුණා ජීවිතේ’ රශ්මිගේ චරිතයට පණ පොවන්නී ඇයයි.
පූජා . . .
පූජා ගෞතමී උමාශංකර්.
මෑතකදී අපේ සිනමාවේ අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ සුරූපී සුගන්ධිනිය පූජා සැබැවින්ම හෙළ සිනමා අඹර එළිය කරන පහන් තාරකාවක්.
‘සුවඳ දැනුණා ජීවිතේ’ ප්‍රදර්ශනය ඇරැඹීමත් සමඟ පූජාගේ ආදරණීය රසික ජනතාව සිනමාහල් වටා එක් රොක්ව සිටින්නේ ඇගේ සොඳුරු රංගනය දැක බලා ගැනීමේ නොතිත් ආශාවෙන්.
පූජා පසුගිය දිනෙක ලංකාවට ආවේත් ඒ සතුට ඔවුන් හා බෙදා හදා ගන්නයි.
ඉතින් පූජා කොහොමද කවදාද උපන් බිමට ආවේ?
සනීපෙන් ඉන්නවා. ජූනි 03 වැනිදා තමයි මා මගේ මවුබිමට ආවේ. විශේෂයෙන්ම ‘සුවඳ දැනුණා ජීවිතේ’ ප්‍රිමියර් එකට. ඒ ප්‍රමෝෂන්ස්වලට මම ඉන්න එපැයි.
මංගල දර්ශනයෙන් පස්සේ ලැබුණ ප්‍රතිචාර කොයි වගේද?
එදා ආපු හැමෝම වගේ මට සුබ පැතුවා. මගේ රඟපෑම් ගැන අගය කළා. ඉතින් මටත් හරිම සතුටුයි. ලංකාවේ දැන් මට ගොඩක් රසිකයෝ ඉන්නවනේ. ඒ අයත් මේ චිත්‍රපටය ආශාවෙන් බලයි කියලා මම හිතනවා.
දැන් ඉස්සරට වඩා හොඳින් සිංහල කතා කරන්න පුළුවන් වගෙයි?
එහෙමද . . .? සන්තෝෂයි. ඒකෙ ගෞරවය මුලින්ම හිමි වෙන්න ඕනෑ මගේ අම්මට. එයා සිංහල, බෞද්ධ කාන්තාවක්නේ. ගොඩක් දේවල් මම ඉගෙන ගත්තේ අම්මගෙන්.
නැවතත් මේ පිං බිමට එන්න ලැබුණ එක ගැන ඔයාට සතුටුද?
නැතුව. ලංකාවට මම හරි ආදරෙයි. මේක මගේ රට. මම ඉපදුණේ කොළඹ ජෙනරල් හොස්පිට්ල් එකේ. මගේ සීයගේ ඒ කියන්නේ අම්මාගේ තාත්තාගේ ගම ගම්පහ, ඔරුතොට.
ගමේ ගියේ නැද්ද?
ගියා, ගියා. මම ලංකාවට ඇවිත් දවස් දෙක තුනකින් අම්මත් එක්ක එහේ ගියා. සීයා දැන් ජීවතුන් අතර නැහැ. ඒත් එයාගේ බාලම නංගි තාම ඉන්නවා. එතකොට අම්මගේ අයියලාගේ ළමයි. තව ගොඩක් නෑයෝ ඉන්නවා.
මොකද හිතෙන්නේ ගම් පළාත ගැන?
හරිම ලස්සනයි. ඇක්චුවලි සෝ බියුටිෆුල්. ලංකාවේ තියෙන කොළ පාටට මම කැමතියි. ඉන්දියාවේ වගේ මෙහෙ පරිසරය කර්කශ නැහැ. දූවිලි නැහැ. කවදා හරි මම ලංකාවේ ජීවත් වෙනවා නම් ගම් පළාතේ් නිවසක් හදාගෙන ඉන්න කැමැතියි.
‘සුවඳ දැනුණා ජීවිතේ’ රශ්මි ගැන මොකද පූජාට හිතෙන්නේ?
මේක වෙරි ඩිෆරන්ට් කැරැක්ටර්, ඒ නිසා මම හරිම කැමැතියි. ‘අංජලිකා’ චිත්‍රපටයේ මම රඟපෑවේ ගමේ ගැහැණු ළමයකුගේ් චරිතයක්. ‘ආසයි මං පියාඹන්න’ චිත්‍රපටයේ මම නාගරික තරුණියක්.







ඒ දෙකටම වැඩිය වෙනස් චරිතයක් රශ්මි කියන්නේ. එයා හරි ලස්සනට ජීවත් වෙන්න කැමැති කෙනෙක්. ඒ වගේම හරිම නිදහස්, දඟකාරයි. රශ්මි ගැන වැඩිය කියන්න කැමැති නැහැ. එතකොට අගය නැතිව යනවා.
පූජාත්, රශ්මි වගේ කියලා මට හිතෙනවා?
ඔව්, මමත් රශ්මි වගේ තමයි. අම්මා කියනවා මට ‘ඔයා ගෑනු ළමයෙක්. ඒ හින්දා බෝයි වගේ දඟළන්න එපා. එහෙම වුණොත් මනමාලයෙක් හොයා ගන්න බැරි වෙයි’ කියලා.
ඇත්තටම පූජා දඟ ළමයෙක්ද?
ටිකක් දඟයි. පුංචි කාලේ ඉඳන් මම හැදුනේ හොස්ටල් එකේ. ගෑනු ළමයි විතරයි. පුංචි කිරිල්ලියක් වගේ නිදහසෙන් තමයි මම ජීවිතය ගත කළේ. ඒත් මම හොඳට ඉගෙන ගත්තා.
මගේ අප්පට ඕනෑ කළේ මට ;හාඳින් උගන්වන්න. අප්පගේ බලාපොරොත්තු මම ඉටු කළා. ඒ ගැන ගොඩක් සතුටුයි.
දැන් ඉගෙනීම් කටයුතු අවසන්ද?
මම  BA කරලා ඊට පස්සේMAකළා. මාස්ටර් එකට මම කළේ බිස්නස් මැනේජ්මන්ට්. PHD කරන්න ඕනෑ කියලා හිතුවත් ඒකට තාම වෙලාවක් හොයා ගන්න බැරි වුණා. එත් මම තව ඉගෙන ගන්න ආසයි.
පූජා රඟපෑමෙන් අයින් වෙනවයි කියලා රාවයක් තියෙනවා. ඇත්තද ඒ?
මම රඟපාන්න ආසයි. ඒ වගේම මම ශ්‍රී ලංකාවටත් කැමැතියි. මෙහෙ මිනිස්සුලත් හරිම හොඳයි. ඒත් අප්පා කියනවා පූජා ඔයා දැන් ඇක්ට් කළා ඇති, ඔයා ගෑනු ළමයෙක් නිසා හැම දේකම ලිමිට් එකක් තියන්න ඕනෑ’ කියලා.
ඒ නිසා දිගටම මම රංගනයේ නියැළෙයිද කියලා හරියටම කියන්න බැහැ. හැබැයි තවම නම් මම තීරණය කරලා නැහැ රඟපෑමෙන් සමුගන්න.
පූජාගේ අප්පා ටිකක් සැරයි වගේ?
ටිකක් සැරයි තමයි. ඒත් අප්පා හරි හොඳයි. එයා මම ගැන හරියට කරදර වෙනවා. අප්පා මට මනමාලයෙක් හොයනවා තාම. අම්මා, ආච්චියි, සීයයි බලා ගන්න නිසා එයාට වෙලාවක් නැහැ ඒවට.
ඇත්තටම ඔයාට බෝයි ෆෙ‍්‍රන්ඩ් කෙනෙක් නැද්ද?
දැනුත් නැහැ. ඉස්සර හිටියෙත් නැහැ. මම පාසල් ගියේ Mount Carmel Colleage’ එකට. ඒක ගැහැනු පාසලක්. බැංගලෝර්වල තමයි මගේ් පාසල තිබුණේ. මම හිටියේ හොස්ටල් එකේ. හරියට හවස 5.00 වෙන කොට ගේට්ටුව වහනවා. නිකමටවත් පිරිමි ළමයෙක් ආශ්‍රය කරන්න අපට අවස්ථාවක් තිබුණේ නැහැ.
ඔයා ස්ටාර් කෙනෙක් වුණාට පස්සේ නම් ඕනෑ තරම් පිිරිමි යාළුවෝ හම්බ වෙන්නැති?
දැන් නම් මට ගොඩක් යාළුවො ඉන්නවා. ඒත් කා එක්කවත් ලව් අෆෙයාර් එකක් නැහැ. එහෙම කළොත් අප්පා මට ගහයි.
පූජා ගේ අනාගත සහකරුවා කොහොම කෙනෙක් වෙන්න ඕනෑ කියලද ඔයා හිතන්නේ?
එයා ඉන්දියාවේ කෙනෙක් වෙන්න ඕනෑ. මගේ අප්පා කැමැති එහෙම කෙනෙකුට. ඒ වගේම එයා දෙවියන් ගැන හොඳටම විශ්වාස කරන කෙනෙක් වෙන්නත් ඕනෑ.
ලස්සන වෙන්න ඕනෑ නැද්ද. එතකොට සල්ලි තියෙන්න ඕනෑ නැද්ද?
ඒවා සාමාන්‍ය ප්‍රමාණයෙන් තිබුණාම ඇති. ඒ සේරටම වඩා මනුෂ්‍යත්වය තියෙන්නම ඕනෑ දෙයක්. ආ . . . තව දෙයක් එයා මත්පැන් හා දුම් පානයෙන් සම්පූර්ණයෙන් තොර කෙනෙක් වෙන්න ඕනෑ. විශේෂයෙන්ම දුම් පානය. ඒක මට ඇල(ර්)ජික්.
දැන් පූජා අපේ රටේත් ජනප්‍රිය තරුවක්. මොකද හිතෙන්නේ ශ්‍රී ලාංකික ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර ගැන?
මගේ මේ රටේ ප්‍රේක්ෂකයෝ ගැන නම් කියලා වැඩක් නැහැ. මට එයාලගේ හදවතේ ඉඩ ලබා දුන්න එක ගැන ස්තුතිවන්ත වෙනවා.
එයාලා ගේ හදවතේ දොරටු මම වෙනුවෙන් විවර කළා. ඒක මගේ් ලොකු වාසනාවක්. ලංකාවේ ඕනෑ ගෙදරකට ගියොත් ‘ආ එන්න දුවේ, මේ බත් ටික කාලා යන්න’ කියලා ඕනෑම අම්මා කෙනෙක් මාව පිළිගනියි.
අපේ රටේ නළු නිළියන්ගෙන් ඔයා වැඩියෙන්ම ප්‍රිය කරන්නේ?
එක නමක් කියන්න බෑ. ගොඩක් නිළියෝ නම් ඉන්නවා.
කවුද ඒ?
දිල්හානි ඒකනායක, කාංචනා මෙන්ඩිස්, හිමාලි සයුරංගි, යශෝධා විමලධර්ම, නදීෂා හේමමාලි, චතුරිකා පීරිස්, හිමාලි සිරිවර්ධන වගේ අයට මම ගොඩක් කැමැතියි.
එතකොට ඔයා කැමැතිම නළුවා?
රොෂාන් රණවන. එයා හරි හොඳයි. මම හිතන්නේ නළුවෙක් විදිහට විතරක් නෙවෙයි එයා මනුස්සකමෙනුත් ඉහළම කෙනෙක්. ඉන්දියාවේ ඉඳලා මම ලංකාවට කතා කළත් මුලින්ම කතා කරන්නේ රොෂාන්ට. සීනියර් ආටිස්ට් කෙනෙක් හැටියට සනත් ගුණතිලකටත් මම ගරු කරනවා. ඒ වගේම රෝසි සේනානායක මහත්මියත් මම ඉතාමත් ළඟින් ඇසුරු කරන කෙනෙක්.
පූජාගේ අනාගත බලාපොරොත්තු මොනවාද කියලා දැනගන්න ඔයාගේ රසික රසිකාවෝ කැමැති ඇති?
දන්නේ නෑ අප්පා . . . මගේ අප්පා තමා ඒවා දන්නේ. සමහර විට මේ අවුරුද්දේ මම මැරි කරන්නත් ඉඩ තියෙනවා.
මම ලෝකේ වටේ ඇවිදින්න ආසයි. ‘සුවඳ දැනුණා ජීවිතේ’ ඉවර කරලා, ප්‍රතිචාර බලලා හැමෝටම ස්තුතීයි කියලා යන්නයි මම ආවේ.
මම ජීවිතේ ලොකුවට ප්ලෑන් කරපු කෙනෙක් නෙෙවි. බඩගිනියි කියලා දැනුණොත් කෑම කනවා. ඒ තමයි පූජාගේ හැටි.

Monday, June 21, 2010

‘ෆ්ලවර් ගර්ල්’ මගේ දුව

By: Last Man On: 1:04 AM

මගේ දෙවැනි විවාහයේ ‘ෆ්ලවර් ගර්ල්’ මගේ දුව


රොසෑන් ඩයස්


2005 වර්ෂයේ ශ්‍රී ලංකා රූ රැජන ලෙස අභිෂේක ලැබූ ඇය විශ්ව රූ රැජන තරගාවලිය දක්වා පියවරෙන් පියවර ඉදිරියට එන්නට සැබෑම වාසනාවන්තියක් වුණා. නිරූපණ ක්‍ෂේත්‍රයේ කැපී පෙනෙන ශිල්පිනියක ලෙසත් සිනමා හා ටෙලිනාට්‍ය නිළියක ලෙසත් රොසෑන් ඩයස් ජනප්‍රියත්වයට පත්වන්නේත් බොහෝ දෙනාගේ ආදරයට පාත්‍රවන්නේත් මේ හරහායි.
පසුගිය 12 වැනි දා රොසෑන් තම පවුලේ සියලු දෙනාගේත් කලා ලොවේ හිතවතුන්ගේත් ආශිර්වාදය ඇතිව නැවත වතාවක් විවාහ ජීවිතයට ඇතුළත් වුණා. ඇගේ ජීවිතේ සිදුවූ මේ සුවිශේෂී වෙනසත් සමඟ ඒ පිළිබඳ සතුට බෙදා හදාගන්නට රොසෑන් ‘රසඳුන’ සතුටු සාමීචියට ගොඩවැදුණා. මේ රොසෑන්ගේ අලුත් ජීවිතයේ අලුත්ම තොරතුරු දිගහැරුණු මොහොතයි.

ඉතිං රොසෑන් ඔයාගෙ ජීවිතේ අලුත්ම තොරතුරු මොනවාද?
අලුත් ජීවිතේ පටන් අරගෙන තවම ගතවුණේ දවස් කීපයක් විතරයි. දැනට නම් මේ ගතවෙන ජීවිතේ ගොඩාක් හොඳයි. ගොඩාක්ම සුන්දරයි. ඉදිරියටත් හැමදාමත් එහෙම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

ඔබේ අතගත් මනාලයා ගැනත් දැනගන්න රසිකයින් කැමැත්තෙන් ඇති.
ඔහුගේ නම දිල්රුක් ලියනගේ. ඔහු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්. පෙට්ට්‍රෝලියම් සම්බන්ධව සහ පලතුරු යුෂ සම්බන්ධ ව්‍යාපාර කිහිපයක්ම ඔහු සතුයි.

දිල්රුක් සහ ඔබ දැන හඳුනාගත්තේ කොහොමද?
දිල්රුක් මට මුණගැහුණේ මරදානෙ ෆාතිමා දෙව්මැදුරේ දී දැන් වසර කීපයකට පෙරාතුව. අපි හමුවූ තැනදීම අපේ විවාහ උත්සවය පවත්වන්න අපි සැලසුම් කළා.

ඔබේ විවාහයට පවුලේ අයගෙන් ලැබුණේ මොන වගේ සහයෝගයක්ද?
අපේ සම්බන්ධයට අපේ පවුල් දෙකේම අය ගෙන් මුලදි නම් පුංචි පුංචි විරුද්ධවීම් තිබුණා. නමුත් පසුව ඔවුන්ගේ ආශිර්වාදය අපට හිමිවුණා.
විශේෂයෙන්ම දිල්රුක් ගේ මව්පියන් සමාජය ගැන හොඳ අවබෝධයෙන් පසුවන අය. ඒ අයගේ පටු අදහස් නැහැ. ඒ නිසාම අපේ ප්‍රේමය ජයගන්න ලැබුණා.

ඔබේ දියණිය ‘රියෑන්’ ඇය ගැනත් දැනගන්න කැමැතියි?
දැන් ඇයට අවුරුදු තුනක් සම්පූර්ණ වෙලා. ඇය හරිම හුරතල්. ඇය තමයි අපේ Flower Girl ට හිටියේ. දිල්රුක් ඇයට හරිම ආදරෙයි. ඇයත් එහෙමයි.
මොකද රියෑන්ට මාස තුනේදි වගේ තමයි දිල්රුක් මට මුණගැසුණේ. ඇත්තටම මටත් රියෑන්ටත් ජීවිතේ හුඟාක් සමීප, දිල්රුක් විතරයි. රියෑන් – දිල්රුක් දෙන්නට දෙන්නා ඉන්නේ හරිම ආදරෙන්. ඇත්තට එය මට ලොකු ශක්තියක්.

ඔබේ සහකරුගේ ගතිගුණ ඔබ දකින්නේ මොන ආකාරයෙන්ද?
මම ඔහුගෙන් දකින ලොකුම දේ තමයි ඔහු තමාගේ පවුලට හරිම ආදරයක් භක්තියක් ඇත්තෙකු වීම.
අම්මට, තාත්තට, සහෝදරියට දිල්රුක් හුඟාක් ආදරෙයි. ඒ වගේ කෙනෙක් මටත් හුඟාක් ආදරේ කරාවි කියලා මම හිතනවා.
ඒ වගේම දිල්රුක්ට කෙනෙක්ව හොඳින් තේරුම් ගැනීමේ හැකියාව තිබෙනවා. ඔහු තුළ හොඳ සමාජ අවබෝධයක් තිබෙනවා. ඒ වගේම ඔහු ඉතාම සැහැල්ලුවෙන් විනෝදයෙන් ජීවත්වන කෙනෙක්.
ඒත් එහෙම කියල ජීවිතේට ප්‍රශ්නයක් ආපුවහම සැහැල්ලුවට ගන්න කෙනෙකුත් නෙවෙයි ඔහු. දිල්රුක් ජීවිතේ හොඳට බැලන්ස් කරගනිමින් ගෙන යන කෙනෙක් කියලා මට හිතෙනවා. මේ හින්දා ඔහු හුඟාක් හොඳින් මට ගැළපෙනවා.

ඔබේ ජීවිතය දෙස ආපසු හැරී බලත්දී ඔබට ඇතිවන්නේ මොනවගේ හැඟීමක්ද?
මේ ජීවිතයේ මිනිසුන් අතින් කොතෙකුත් වැරදි සිදුවෙනවා. ඒ වැරදි යළි ඇතිවෙන්න නොදී අපි ඉදිරියට අඩිය තිබ්බොත් අපේ ජීවිත ජයගන්න පුළුවන්.
ජීවිතේට එන ප්‍රශ්න මත හැප්පි හැප්පී, වැලපි වැලපී හිටියොත් ඇත්තටම එය ජීවිතයේ මහා කඩාවැටීමක් බවට පත්වෙනවා.
මම හිතනවා ගැහැනියක් කවදාවත් එහෙම විය යුතු නැහැ කියලා. ගැහැනිය ඕනම දේකට මුහුණදීමට ශක්තිමත් විය යුතුයි. මට ඒ ශක්තිය ලැබුණේ මගේ අම්මාගෙන්.
අද සමාජයේ විවිධ සමාජ මට්ටම් නිසා ගැහැනිය අසරණ වන අවස්ථා තිබෙනවා. නමුත් හැම ගැහැනියක්ම හරිම ශක්තිමත් කියා මම විශ්වාස කරනවා.

ඔබ ලංකාවේ ජනප්‍රිය දක්ෂතම නිරූපණ ශිල්පිනියක්. ඒ වගේම ටෙලිනාට්‍ය හා සිනමා නිළියක්. නිර්මාණ ජීවිතය පැත්තෙන් ඉදිරියට යන්න බලාපොරොත්තුවක් නැද්ද?
ඇත්තටම, ටෙලිනාට්‍ය සහ සිනමා නිළියක් ලෙස රංගන කටයුතුවල නියැලෙනවට වඩා නිරූපණ ක්‍ෂේත්‍රයේ ඉදිරියට යන්න මම කැමැතියි. විශේෂයෙන්ම ලංකාවෙන් ලෝක මට්ටමේ නිරූපණ ශිල්පිනියන් සහ රූ රැජිනියන් බිහිකිරීමට කටයුතු කිරීම මගේ අනාගත බලාපොරොත්තුවක්.
මේ දවස්වල ‘මිස් ශ්‍රී ලංකා’ පුහුණුවීම් කටයුතු සිදුකිරීම මා විසින් කරනු ලබනවා. ඒ වගේම කවදාක හරි ලංකාවෙන් ‘ලෝක රූ රැජින’ බිහිකරන්න ලැබුණොත් එය මගේ ජීවිතයේ මා ලබන සුවිශේෂී ජයග්‍රහණයක් ලෙසයි මා දකින්නේ.

අලුත් ජීවිතේ අලුත් බලාපොරොත්තු හුඟාක් ඇති?
අපි එක වහලක් යටට එන්න හිතුවේ අපි දෙන්නගේ ව්‍යාපාර කටයුතු එක්ව ගොඩනඟාගන්න. ඒ බලාපොරොත්තුව විශේෂ වුණා. ඒ වගේම අපේ පවුලට නව සාමාජිකයෙක් එකතුකරගැනීමේ බලාපොරොත්තුවකුත් තියෙනවා.
ඒ වගේම අපේ වෙඩින් එක දවසේ අපි ‘Modlers Magazine’ නමින් සඟරාවකුත් එළිදැක්වූවා. ඒ සඟරාව දිගින් දිගටම පවත්වාගෙන යන්නටත් මගේ නිරූපණ පාසලේ වැඩකටයුතු ඉදිරියට ගෙන යන්නටත් බලාපොරොත්තු වෙනවා.

රොසෑන්ගේ ලිපිනය: නො.23/ඒ, බොරැල්ල හරස් වීදිය, බොරැල්ල.

Friday, June 18, 2010

චූටි නෙහාරා පැටියා

By: Last Man On: 1:26 PM

Tuesday, June 15, 2010

Paba in 360

By: Last Man On: 10:24 AM

Sunday, June 13, 2010

පබාගේ ජීවිතයේ වෙනසක්

By: Last Man On: 11:57 AM



Thursday, June 10, 2010

Upeksha & Paba

By: Last Man On: 12:34 AM

Thursday, June 3, 2010

Paba's Hot Video

By: Last Man On: 8:28 PM

එය සැඟවිය යුතු දෙයකුත් නෙමෙයි...

By: Last Man On: 5:52 AM

May 23, 2010

එය සැඟවිය යුතු දෙයකුත් නෙමෙයි...

(නව පරපුරේ ජනප්‍රිය නිළි ජනප්‍රිය නිළි"නෙහාරා පීරිස්"මෙවර ආලින්දයෙන් ඔබ හමුවට පැමිණේ. මේ දිනවල පුංචි තිරයේ ටෙලි නාට්‍ය කිහිපයකින්ම ඔබ හමුවට පැමිණෙන ඇය වඩාත් ජනප්‍රියත්වයට පත්වූයේ"මුතු කිරිල්ලී"ටෙලි නාට්‍ය තුළිනි. දෙවරක්ම ජනප්‍රිය නිළියට හිමි සම්මානය ද දිනාගත් නෙහාරා පීරිස් සිය රංගනය, නර්තනය මෙන්ම නිවේදන හැකියාව තුළින් තරුණ පරපුරේ වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනාගෙන තිබේ.)



*ඔබ දැන් කාර්යබහුල නිළියක්. කෙටි කලකින් ලැබූ විශාල ජනප්‍රියත්වය ගැන මොකද හිතෙන්නේ?

හැමදාමත් කියනවා වගේ කියන්න බැරි සතුටක් හැම මොහොතකම දැනෙනවා. මම ක්ෂේත්‍රයට ඇවිත් මේ ජූලි මාසෙට අවුරුදු 03ක් විතර වෙනවා. ඒ කෙටි කාලය තුළ මම අත්දැකපු දේ බොහොමයි. ඉතින් ඒ ගැන ලොකු සතුටක් වගේම නිහතමානී ආඩම්බරයකුත් තියෙනවා.

*ඔබ කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ කොහොමද?

මම 2006 දි විතර රූපවාහිනී වෙළඳ දැන්වීම් වලට සම්බන්ධ වුණා. 2007 ජූලි මාසයේ විතර සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මිය මට"සෙනෙහසට ආදරෙයි"ටෙලි නාට්‍යයට ආරාධනා කළා. මම කැමති වුණේ නෑ. මගේ ගෙදරින් කැමති වුණේ නෑ මම මේ ක්ෂේත්‍රයට එනවට. ඒත් පස්සේ මගේ තාත්තාගේ අවසරය ලැබුණා. First & the Last කියලා පටන්ගත්තා. තවම Last 1 නම් ඇවිත් නෑ. ඒ විදිහටයි මම මේ ක්ෂේත්‍රයට ආවේ.

* මේ දවස් වල වැඩ කටයුතු?

මේ දවස් වල දීර්ඝ ටෙලි නාට්‍ය 2කට මම රංගනයෙන් දායක වෙලා තියෙනවා."අමන්දා"සහ"රුවන් මාළිගා". ඒ වගේම සුපුරුදු විදිහට දෙරණ"ටී පාටිය"වැඩ සටහනේ නිවේදන කටයුතු කරනවා. ඒ විදියට තමයි මේ දවස් වල වැඩ කටයුතු වෙන්නේ.

*ඔබ ක්ෂේත්‍රයට පිවිස කෙටි කලකින් ඔබේ විවාහයත් සිදුවුණා. එය ඔබේ ඉදිරි ගමනට බලපෑවේ කොහොමද?

මම විවාහ වෙලා මේ අවුරුද්දට වසර දෙකක් වෙනවා. සමහරු කියනවා විවාහ වුණාට පස්සේ ජනප්‍රියත්වය අඩුවෙනවා, ආදරය කරන රසික පිරිස අඩුවෙනවා කියලා. නමුත් මම ලබපු සම්මාන 03 ම මට ලැබුණේ විවාහයෙන් පස්සේ. ජනප්‍රියම නිළිය කියන සම්මානය ඇතුළුව. එයම එක් සාක්ෂියක් ජනප්‍රියත්වය අඩුවෙලා නෑ කියන්න. මම හිතන්නේ විවාහය මගේ අනාගතයට බලපෑමක් වුණේ නෑ. එය සැඟවිය යුතු දෙයකුත් නෙමෙයි. මම හිතන්නේ කලාකරුවන් විදිහට අපි විවෘත වන තරමටයි ජනතාව අපව පිළිගන්නේ. අපි පොළවේ පය ගහලා ජීවත්විය යුතුයි. ඇත්තට මුහුණ දිය යුතුයි. මම හිතන්නේ විවාහය මගේ ඉදිරි ගමනට බලපෑමක් වෙලා නෑ.

*ඔබේ ආදර කතාව ගැන මතකය අවදි කළොත්?

නිර්මාල් මට හමුවුණේ පල්ලියේදී. අවුරුදු 04ක් විතර අපි හුඟක් හොද යාළුවෝ වගේ ඇසුරු කළා. ඊටපස්සේ නිර්මාල් මගෙන් ආදරය ගැන ඇහුවා. මම ඔහුට කැමැත්ත දුන්නා. ඒ විදිහට අපි ආදරය කරන්න පටන්ගත්තා.

* ජනප්‍රිය පුද්ගලයෙකුට පෞද්ගලික ජීවිතයක් පවත්වාගෙන යාම අපහසුයි කියන මතයට ඔබ එකඟද?

නැහැ, ඇත්තටම විවාහවුණාට පස්සෙත් මමයි නිර්මාලුයි හුඟක් සැහැල්ලුවෙන් ජීවත්වෙන්නේ. මම නිර්මාල්ට නීති දාලත් නෑ. නිර්මාල් මට නීති දාලත් නෑ. අපි මේ ලෝකෙට ආවා වගේම කවදාහරි අපි මේ ලෝකේ දාලා යනවා. ඒ ජීවත්වන කාලය තුළ අපි හොඳ, නිවැරදි දේ කළ යුතුයි. අපි ජීවිතය විඳිය යුතුයි. විවාහය තුළ වගකීම්, යුතුකම් තිබෙනවා. අපි කාලය නිවැරදි ලෙස හසුරුවාගෙන අපේ ක්ෂේත්‍රය වගේම පෞද්ගලික ජීවිතයත් සමබරව හසුරුවා ගැනීමේ හැකියාව අපට තිබිය යුතුයි.

*ඔබ දායක වූ නිර්මාණ වලදී ඔබට ගැළපෙනම චරිත ලැබුණා කියලා ඔබ හිතනවද?

ඔව්, එහෙම හිතෙනවා."මුතු කිරිල්ලී"ටෙලි නාට්‍යයේ මට ලැබුණු චරිතයත් මගේ සැබෑ ජීවිතයට සමානයි. නමුත් මේ දිනවල විකාශය වන"රුවන් මාළිගා"ටෙලි නාට්‍යයේ"මහීමා"කියන චරිතයට මම හුඟක් කැමතියි. ම‍ට මෙතෙක් ලැබුණේ මට ගැළපෙන චරිත. මගේ පෞද්ගලික ජීවිතය හා සමාන චරිත මට ලැබුණා. ඊට වඩා වෙනස් චරිතයක් කරන්නත් මම කැමතියි.

*තරුණ කලා ශිල්පිණියන් වැඩි ජනප්‍රියත්වයක්, ආකර්ෂණයක් ලබන්නේ තරුණියන් අතරෙයි. ඔබට ලැබූ එවැනි අත්දැකීම්?

මම ඇත්තටම හිතාගෙන හිටියේ මට ගොඩක්ම කැමති පුංචි ළමයි කියලයි. ඒ වගේම මට හුඟක් පොඩි අය කැමතියි. නමුත් මේ මෑතකදී මට කිහිපදෙනෙක්ම කිව්වා නෙහාරා අපේ පැත්තේ පිරිමි ළමයි ඔයාට ගොඩක් කැමතියි කියලා. ඉතින් මට හිතුණා තරුණයිනුත් මට කැමතියි කියලා. මට දවසකට ලියුම් 30 ක් විතර එනවා. ඒ ලියුම් වලින් බාගයක්ම වගේ ලැබෙන්නේ තරුණියන්ගෙන්. දුරකථන ඇමතුම් පවා ලැබෙන්නේ තරුණියන්ගෙන් හා පුංචි ළමයින්ගෙන්. ඒ හින්දයි මම හිතාගෙන හිටියේ මට හුඟක්ම කැමති කුඩා ළමුන් හා තරුණියන් කියලා. ඒත් දැන් හිතෙනවා තරුණයිනුත් මට කැමතියි.

* කලා කටයුතු වලට සැමියාගෙන් ලැබෙන සහයෝගය?

ඇත්තටම එයා නැත්නම් මම අද මෙතන නැහැ. මම දන්නේ කැමරාවක් ඉස්සරහ රඟපාන්න, නටන්න, සිංදු කියන්න නැත්නම් නිවේදනය කරන්න විතරයි. නමුත් නිර්මාල් නිතරම අන්තර්ජාලය හරහා කලාව කළමනාකරණය කිරීම පිළිබඳව අධ්‍යනය කරනවා. ජාත්‍යන්තර කලාකරුවන් පිළිබඳව අධ්‍යනය කරනවා. කලාකරුවෙක් විදිහට මට වටිනාකමක් ලබාදෙන්න ඔහු නිතරම උත්සාහ කරනවා. ඔහුගෙ උපරිම සහය මට ලැබෙනවා. නිතරම ඔහු මාව ධෛර්යයමත් කරනවා.

* ලංකාවේ තරුණ කලා ශිල්පිණියන්ට විලාසිතා සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ගැන ඔබේ අදහස?

විවිධ පුද්ගලයින් විවිධ අවස්ථාවන්ට උචිත විදිහට ඇඳුම් විලාසිතා තෝරා ගන්නවා. උදාහරණයක් විදිහට අපි පිහිනුම් ඇඳුමකින් සැරසෙන්නේ නැතුව පිහිනුම් තටාකයකට බහින්න බැහැ. මම හිතන්නේ ප්‍රේක්ෂකයින් ඒ ගැන පුළුල් විදිහට කල්පනා කළ යුතුයි. හැමදෙයක්ම දියුණුවිය යුතුයි. මම වරදක් කියන්නේ නෑ. නමුත් අපි වටහාගත යුතුයි මේ මේ අවස්ථාව සඳහා මේ මේ විදිහට ඇඳිය යුතුයි කියලා. තරුණ අය විදිහට අපි දැනගත යුතුයි තැනට ඔබින විදිහට අඳින්න. ඒ ව‍ගේම ප්‍රේකෂකයිනුත් පුළුල් විදිහට කල්පනා කළ යුතුයි.

* ඔබේ කාර්යබහුල ජීවිතය පෞද්ගලික ජීවිතයට බලපාන්නේ කොහොමද?

පෞද්ගලික ජීවිතයේ මට ලොකු වැඩක් නෑ. නිර්මාලුත් හුඟක් කාර්යබහුල කෙනෙක්. අපි දෙන්නා සහයෝගෙන් අපේ වැඩකටයුතු කරගෙන යනවා.

*ඔබ යම් නිර්මාණයක් තෝරාගැනීමේදී සලකා බලන කරුණු?

අධ්‍යක්ෂවරයා, තිර පිටපත, මොන වගේ නිර්මාණයක්ද?, මොන වගේ චරිතයක්ද? ඒ වගේම මට ඉදිරිපත් කරන්න යමක් තියෙනවද? කියන කරුණු ගැන මම සලකා බලනවා. මම කැමතියි මිනිස්සු අතරේ කතාබහට ලක්වන චරිත වලට. ඒ වගේම ඒ නිර්මාණයට දායක වන නළු නිළියන් ගැනත් මම සැලකිලිමත් වෙනවා. ඇතැම් නළු නිළියන් ඉන්නවා එකට වැඩ කරන්න අපහසු. කිසිම මිත්‍රශීලීත්වයක් නැතුව වැඩ කරන්න මම කැමති නෑ.

තනි වචනයෙන් පමණක් පිළිතුරු ලබාදෙන්න

* රංගන ශිල්පිණියකට වඩා වැදගත් රූපයද? රංගන හැකියාවද?

රංගන හැකියාව

*ඔබ ජ්‍යෙතිෂය විශ්වාස කරනවද?

ඔව්

* ඔබ බොහෝ කාලයක් බලාපොරොත්තුවෙන් සිටි සම්මානයක් ඔබට ලැබෙන දිනම, එම අවස්ථාවේම ඔබේ ඉතා සමීප මිතුරෙකුගේ අවමංගල අවස්ථාවක් යෙදෙනවා. ඉන් ඔබ තෝරාගන්නේ කුමන අවස්ථාවද?

අවමංගල්‍ය අවස්ථාව

*දේශපාලනයට සම්බන්ධවීමට අවස්ථාවක් ලැබුනොත් බාරගන්නවද?

නැහැ

*ඔබ රාත්‍රියක ඉතා වැදගත් උත්සව අවස්ථාවකට සහභාගි වනවා. අතරමගදී ඉතා මහළු යුවලක් ඔබේ රථය නවතා රෝහල වෙල යාමට උපකාරයක් ඉල්ලනවා. ඔබ තෝරාගන්නේ උත්සවයද ඔවුන්ට උපකාර කිරීමද?

උපකාරය කරනවා

*මහළු, ඉතා විරූපී කාන්තාවකගේ චරිතයක් රඟපෑමට ලැබුණොත් එය බාරගන්නවද?

ඔව්