Thursday, November 3, 2011

Tagged Under:

කුඩු හිඟය නිසා මත්කුඩු ලෝලීන් දිවිනසා ගනී

By: Last Man On: 5:51 AM


දුමින්ද සිල්වා විසින් සිදුකරන ලද රක්ෂණ වංචාවකට මේවනතෙක් ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගෙන නොමැතිබව වාර්තාවේ.

මන්ත්‍රීවරයා විසින් තම වාහනයට මිලියන 17 වන්දි ඉල්ලා ජනශක්ති රක්ෂණ සමාගම වෙත පසුගිය අගෝස්තු මාසයේදී ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත්කොට ඇත.

වාහනයට සිදු වූ අලාභය තක්සේරු කිරීමටත් ප්‍රථම එම වාහනය වෙනත් වාහනයක් මගින් බොරැල්ල පොලිසිය (බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති දුමින්ද සිල්වාගේ මිතුරෙකි)වෙත ඇදගෙන විත් නතරකොට ඇත.

ජනශක්ති රක්ෂණ සමාගම විසින් මන්ත්‍රීවරයා සිදුකල මෙම පැමිණිල්ල පිලිබඳ රහසේ සිදු කල පෞද්ගලික පරීක්ෂණයකින් අනතුරුව හෙළිවී ඇත්තේ මන්ත්‍රීවරයා ඔහුගේ වාහනය රක්ෂණය කොට දින දෙකකින් මෙම අනතුර සිදුවී ඇති බවයි.


ඒ ඔස්සේ වැඩිදුර පරීක්ෂණ කල ඔවුන්ට සොයාගෙන ඇත්තේ වාහනය සත්‍යය ලෙසම අනතුරට පත්ව ඇත්තේ එයට දින හයකට පෙර එනම් වාහනය රක්ෂණය කිරීමටත් ප්‍රථමයෙන් බවයි.

ඒ අනුව වාහනයේ අලාභය තක්සේරු කිරීමට බොරැල්ල පොලිසියට ගිය රක්ෂණ නියෝජිතයාට දුමින්ද සිල්වාගේ මැරයන් විසින් තර්ජනයකොට වෙනත් නැවත පාවිච්චියට ගත නොහැකි සේ අනතුරකට පත් එම වර්ගයේ රථයක ජායරුප ඔහු වෙත ලබා දී ඇත.


තමාගේ මිලියන 17 ක රක්ෂණ වන්දිය ඉල්ලා දිගින් දිගටම දුමින්ද සිල්වා කරදර කරන්න වුයෙන් අවසානයේ එහි හිමිකරුටද බැන තර්ජනයකොට ඇත්තේ රක්ෂණ වන්දිය නොදුන්නොහොත් බලාගමු යන්නෙනි.


දුමින්ද මෙම දුරකථන ඇමතුම රක්ෂණ සමාගමේ හිමිකරුට ලබාදෙන විට එම ආයතනයේ නිතිඥයාද ඒ අසල සිට ඇති අතර හිමිකරු විසින් දුරකතනයේ ලවුඩ් ස්පිකර් ඕන කර ඔහුටද මෙම තර්ජනය ඇසීමට සලස්වා ඇත.

ඉන්පසුව එම නීතිඥවරයා හා හිමිකරු විසින් දුමින්ද සිල්වාට එරෙහිව පැමිණිල්ලක්ද ගොනුකොට ඇත.

කුඩු හිඟය නිසා මත්කුඩු ලෝලීන් දිවිනසා ගනී


කොළොඹ උග්‍ර කුඩු හිඟයක් පවතින නිසා මත්කුඩු ලෝලීන් තැන තැන වල වැටි රැකියා වලට යාමට පවා නොහැකි අන්දමෙන් සිටින බව මෙයට පෙර ලිපියකින් අප ඔබට හෙළි කළා.

මේ වන විට වාර්තා වන්නේ එලෙස උග්‍ර කුඩු හිඟයට මුහුණ පෑමට සිදුවූ මත්කුඩු ලෝලීන් දිවි නසා ගැනීමට පෙළඹී සිටින බවයි.

පවතින මත්කුඩු වල මිල ඉහල වීමත් හා ඒවා දුලභ වීමත් නිසා කුඩු ශරීර ගත කිරීමට නොහැකිව වියරු වැටි ගෙළවැළලාගෙන සහ දුම්රියට පැන සියදිවි නසාගෙන තිබේ.

මෙවන් මරණ තුනක් පසුගිය දින කිහිපය තුල ගල්කිස්ස, රත්මලාන සහ පාණදුර ප්‍රදේශයන්වලින් වාර්තා වුනා.


හෙරොයින් වලට ආදේශක ලෙස මේ දිනවල නැවතත් "නිල්ල සොයා" නම් රුපියල් දහසකට ආසන්න අධික මිලකට අලෙවිවන ඖෂධයක් මේ වන විට නැවත මත්ලෝලීන් අතර ජනපි‍්‍රය වී ඇත.

කැස්සට ගන්නා කෝරෙක්ස් ඩී නම් සිරප් එකද විශාල ලෙස මේ දිනවල අලෙවි වන බවත් ඖෂධ අධිකාරිය පවසනවා

මේ අතර, මේ දිනවල කුඩු පැකට්ටුවක ඉතා ඉහළ ගොස් ඇති බැවින් කුඩු බීම සඳහා මුදල් හිඟයකට මුහුණ පෑ කොළඹ කොම්පඤ්ඤවීදියේ මොහොමඞ් සදීක් එම්. ලාසර් නම් පුතෙක් හැත්තෑ එක් හැවිරිදි මවගේ නහයේ මුදුව ගලවා ගැනීම සඳහා බෙල්ල මිරිකා තිබෙනවා.

මෙම පුද්ගලයා රිමාන්ඞ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් තුමිය නියෝග කළ අතර මේ සිද්ධිය ගැන ඇය තම බලවත් කම්පාව ද පළ කළා.

මත්කුඩු පිළිබඳ දැනුම් දීමට දුරකථන අංකයක්

මත්කුඩු ජාවාරම් කරන යම් පුද්ගලයන් පිළිබඳ තොරතුරු දැනුම්දීම සඳහා විශේෂ වූ දුරකතන අංකයක් වෙන්කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පවසනවා.

මත්කුඩු ජාවාරම් පිළිබඳ තොරතුරු දන්නේ නම් එම දුරකථන අංකය වන 011-2431428 ට දැනුම් දෙන ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කොළඹ මත් ජාවාරම්කරුවන් කොටුකර ගන්න මහා පරිමාණ මෙහෙයුම් අරඹා ඇති බව බව ඊයේ දිනමිණ පුවත්පත වාර්තා කළා.


මොවුන් කවුරුන් වුවත් ඔවුන්ගේ තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා ලෙස ආරක්ෂක ලේකම්වරයා පොලිස්පති ඇන්. කේ. ඉලංගකෝන් මහතාට උපදෙස් දී ඇති බවයි එම පුවතෙන් කියවුනේ.

රටේ නීතිය ක්‍රියාත්මක වීම.

නමුත් කෝටි හතරක මත්කුඩු සමඟ "ලාලිත්‍ර" නම් තමන්ගේ සගයෙකු අත් අඩංගුවට ගැනීමෙන් පසු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට දිගින් දිගට දුරකථනයෙන් කතා කරමින් අත්අඩංගුවට ගෙන සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අහිංසකයකු බව කියමින් ඔහු මුදාහරින ලෙස බලපෑම් කළේද දුමින්ද සිල්වාය.

මීට පෙර ඉන්දියාවේ කේරලයේ සිට ලංකාවට ගෙන ආ ගංජා තොගයක් පොලීසියේ මත්ද්‍රව්‍ය වැටලීම් අංශය විසින් වටලද්දී ඊට සම්බඳ පිරිස් පැන ගියේද දුමින්ද සිල්වාට අයත් ජීප් රියකිනි.

මීට පෙර අප විසින් හෙළිකල පරිදි එක්ටසි නම් මත්ද්‍රව්‍ය පෙති ගෙන්වා බෙදාහැරීමට සම්බන්ධවී සිටින්නේ මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාය.

ඔවුන්ට විරුද්ධව මේ වනතෙක් පරීක්ශණයක් ආරම්භ වී හෝ මේ වන තෙක් රටේ නීතිය ක්‍රියාත්මක වී නැහැ.

මීගමුවේ ලංසා කුඩු ව්‍යාපාරිකයෙකු බවත්, ඔහුගේ නිවසේ කුඩු තිබෙන බවටත් ලද ඔත්තුවකට අනුව ඔහුගේ නිවස පරීක්ෂා කිරීමට ආරක්ෂක හමුදාව ගිය විට එයට සමාව ගැනීමට පෙරමුණ ගෙන ගිය ගමනට ජනාධිපතිවරයා සමඟ මර්වින් සිල්වාද සහභාගී වුනා.

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කුඩු කාරයන්ට සහය දීම ගැන භාරත වේදනාවෙන් කල කතාව ගැන මීට පෙර අප විසින් ඔබට හෙළි කළ ලිපිය

gossip9

0 comments:

Post a Comment