Tuesday, November 15, 2011

Tagged Under:

දුමින්ද සිල්වා වහාම අත් අඩංගුවට ගන්න- අධිකරණය නියෝග කරයි

By: Last Man On: 3:36 AM

ඉකුත් ඔක්තෝබර් 08 වැනිදා සිදුවූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යංශයේ අධීක්‍ෂණ මන්තී‍්‍ර දුමින්ද සිල්වා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා මීට ස්වල්ප වේලාවකට පෙර නියෝග කළා.

මෙම නඩුව පසුගිය 01 වැනිදා අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී සියලූම විත්තිකරුවන්ගේ නාම ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා රහස් පොලිසියේ විශේෂ විමර්ශන නිලධාරීන්ට නියම කර තිබුනා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යංශයේ අධීක්‍ෂණ මන්තී‍්‍ර දුමින්ද සිල්වා සැකකරුවෙකු ලෙස නම් කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීමට අද නියමිතව තිබූ අවස්ථාවේ රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් එයට සහභාගී නොවී මඟ හැර තිබුනා.

රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් නොපැමිණීම හේතුවෙන් නඩුව විනාඩි 5 ක කාලයක් සඳහා කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා නියෝග කළා.

පසුව නඩුව යළි කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අධිකරණයට කියා සිටියේ දුමින්ද සිල්වා සැකකරුවෙකු ලෙස නම් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි, නමුත් ඔහු සැකකරුවෙකු බවට දැනට ඉදිරිපත් කර ඇති සාක්ශි වලින් පෙනී යන පෙනී යන බැවින් ඔහු අත් අඩංගුවට ගන්නා ලෙස අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා නියෝග කළා.

කෙසේ වෙතත් දුමින්ද සිල්වා මේවන විට රටින් පිටව ගොස් ඇති අතර ඔහු සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි පැවසෙන්නේ. ඔහු ජයවර්ධනපුර රෝහලේ රැදී සිටි සමයේ ඔහුගෙන් කිසිදු ප්‍රකාශයක් හෝ සටහන් කර නොගත් අතර ඒ වෙනුවට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ රහස් පොලිස් නිලධාරීන්ද එම පරීක්ෂණ කටයුතු වලින් ඉවත්කරනු ලැබුවා

දුමින්ද සිල්වා සැකකරුවෙක් නොවේ- නිමල් සිරිපාල සිල්වා
දුමින්ද විදෙස් ප්‍රතිකාර සඳහා ගෙනයාම නීති විරෝධියි - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
හිරුණිකාගේ හෙළිදරව්ව

0 comments:

Post a Comment