Sunday, August 14, 2016

Tagged Under:

Facebook crime

By: Last Man On: 6:19 PM
එයා නිරුවත් ඡායාරූප බෙදා හැරල කළු සල්ලි හොයනවා කිව්වා.

සුරංගයි මමයි හදුනා ගත්තේ ෆේස්බුක් එකෙන් තමයි. අපි හදුනාගත්තේ පෙබරවාරි මාර්තු වගේ වෙද්දි. මට එංගලන්තයට යන්න අදහසක් තිබ්බා.ඉතින් අපි
දෙන්න අතර ඇති වුණ යාළුකමත් එක්ක මම මට තිබුණ ඒ බලාපොරොත්තුව ඔහුට කිව්වා. ඔහු බොහොම කැමැත්තෙන් මට වීසා එකට උදවු කරන්න කැමති වුණා. මම මගේ පළමුවැනි විසා එක දැම්මේ මැයි 11 වැනිදා.

සුරංග කියන පුද්ගලයා එක්ක තිබුණේ යාළු මිත්‍රකමක් විතරද? මුලින්ම අපි අතර යහළුවෝ විදිහට හිතවත්කමක් තිබ්බා. ඊට පස්සේ එයා මට එයාගේ පවුලේ විස්තර ගොඩක් කියන්න ගත්තා. වයිෆ් එයාට ගහනවා කිව්වා. එයාව ඩිවෝස් කරන්න ඕන කියලා කිව්වා. එයාගේ ජීවිතේ ලොකු ස්ටෝරියක් මට කියන්න ගත්තා. ඒ කාලෙදි තමයි මම දෙවැනි වීසා එක ඇප්ලයි කළේ. සුරංග බොරු ලියකියවිලි වගයක් එවලා මට ඒ ටික වීසා එකට දාලා ඒකත් රිජෙක්ට් වුණා. ඊට පස්සේ එයා මට තුන්වැනි වීසා එකත් දාන්න කිව්වා. තුන්වැනි වීසා එක ඇප්ලයි කරන්න බෑ කියලා මට කිව්වා.
ඇයි ඒ ඔය කාලේ වෙද්දි අපි අතර පොඩි පොඩි ප්‍රශ්න තිබ්බා. එයාට මාව බදින්න ඕන කිව්වා. මම ඔහුට ගොඩක් අවස්ථාවල හරි දේ තේරුම් කළා. අපි අතරේ දිනපතා වෙන දේවල් Share වුණා. චැට් කළා. imo හරහා කතා කළා. මට උදවු කරන මනුස්සයා වෙනුවෙන් මනුස්සකමින් මම ඔහුගේ ප්‍රශ්නයට ඇහුම්කන් දුන්නේ. ඔය කාලසීමාවේදී ගැහැණු කෙනෙක් මාව ෆේස් බුක් හරහා contact කරගෙන සුරංග හොද නැති කෙනෙක්. ඔහු ගැහැනුන්ව රවට්ටලා ඒ රටට ගෙන්න ගෙන නිරුවත් ඡායාරූප බෙදා හැරලා කළු සල්ලි හොයනවා කිව්වා. මම ඒවා විශ්වාස කළේ නෑ. වීසා දෙකක්ම කැන්සල් වුණ නිසා තුන්වැනි වීසා එක ඇප්ලයි කරන්න බෑ කියලා තමයි ප්‍රශ්න ඇති වුණේ.
ඔය දෙන්නා අතර තිබ්බ ප්‍රශ්නය එළියට ආවේ එතැනින්ද? ඔව්. මම මුලින්ම කිව්ව ගැහැනු කෙනා මට ආයෙම කතා කළා. මම සුරංගට කිව්වා කරුණාකරලා මට පාඩුවේ ඉන්න දෙන්න කියලා. ඔහු මගේ වීසා එකට උදවු කළානේ. මේ ප්‍රශ්නය වුණාම ඔහු කිව්වා ඒ මුදල් පහුවදා උදේ දහය වෙද්දි ඔහුට ලැබෙන්න සලස්වන්න කියලා. මට ඒක කරන්න අමාරුයි. ඒ ගිය මුදල දවස් කිහිපයකින් දෙන්න කියලා. උඹට එන්න බෑනේ. මුකුත් කරන්න බෑනේ එහෙනම් පැය විසිහතරක් ඇතුළත බලාගන්නම් කියලා ඒ පැය විසිහතර යද්දි මට ෆේස්බුක් එකෙන් මඩගහන්න ගත්තා. මම ගංවතුර ආධාර මුවාවෙන් ඔහුගෙන් සල්ලි අරන් නැහැ. හැබැයි එයා මට තෑගි එවලා තියෙනවා.
මෙච්චර දේවල් වෙද්දි තරු නීතිමය ක්‍රියාමාර්ග ගත්තද? ඔව් මම මාතලේ පොලීසියේ පැමිණිලි දෙකක් දැම්මා. ෆේස්බුක් එක හරහා මාව පොලීසිය හොයනවා කියලා ෆොටෝ එකක් ෂෙයාර් වුණා. මම පළමුවැනිම පැමිණිල්ල දැම්මේ ඒකට. ඊට පස්සේ මම දෙවැනි පැමිණිල්ලකුත් දැම්මා. සුරංග එවපු මැසේජ් හැම දෙයක්ම මම පොලීසියට ඉදිරිපත් කරලා තියෙන්නේ. මම නීති මාර්ගයෙන් කරන්න පුළුවන් හැමදේම කරනවා. මේක පොඩි දෙයක් නෙවෙයිනේ. මම සුරංග වගේ ෆේස්බුක් එකේ එකවුන්ට හදාගෙන ස්පොන්සර් කරලා ඇඩ් දාගෙන මඩගහන්නේ නෑ.
විසා එකට ඔහු ගෙවූ මුදල් තරු ගෙව්වද? අපි දෙන්නා අතර දැන් කිසිම සම්බන්ධයක් නෑ. පැය විසිහතරක් ඇතුළත මගේ ජීවිතය නාස්ති කරනවා කියලා ඔහු කිව්වා. මගේ දුරකතන අංකය ෆේස්බුක් දාලා මම ගණිකාවක් කියලා දාල තිබුණා. මට දවසට ඇමතුම් දාහක් දෙදාහක් එන්න ගත්තා. මම ඒ නම්බර් එක පවා අයින් කළා. සල්ලි දීලා සුරංග මට මඩ ගැහුව්වේ.

0 comments:

Post a Comment