Sunday, August 14, 2016

Tagged Under:

Sachini Ruwanthika's hobby

By: Last Man On: 6:24 PM
හොල්මන් කතා බලන්නත් මමනම් හරිම කැමැතියි - සචිනි රුවන්තිකා


අඟුරු සිත්තම් හී රුවිනි ලෙස රංගනයට පිවිසුණු ඇය මේ දිනවල උරුමක්කාරයෝ ටෙලි නාට්‍ය ඔසසේ ඔබේ ආලින්දයට පිවිසෙන්නීය. ඇය නවක රංගන

ශිල්පිනියක වන සචිනි රුවන්තිකායි.සචිනිගේ විස්තර කියලම පිළිසඳර අරඹමු නේද? සචිනි රුවන්තිකා කියන නම තවමත් අලුත්. පදිංචිය කිරිබත්ගොඩ
එච්චර වයසකුත් නැහැ නේද? තවම අවුරුදු 23යි.
පවුලේ එකම කෙල්ල නේද? ඔව්. මට ඉන්නේ මල්ලිලා දෙන්නෙක්.
සචිනිගේ විවේකය කෙහොමද ගත වෙන්නේ? විවේකයක් ලැබුණ ගමන් මං කරන්නේ ටී. වී. සිරිස් බලන එක.
මොකද්ද ආසම ටී. වී. සිරිස් එක? ෂර්ලොක්.

රහස් පරීක්ෂක කතාවලට බොහොම කැමැතියි වගේ? රහස් පරීක්ෂණ කතා විතරක් නෙමෙයි. හොල්මන් කතා බලන්නත් මම හරිම කැමැතියි.
සචිනි විලාසිතා ගැන සෑහෙන උනන්දුයි නේද? ඔව්. හැබැයි මගේ ශරීරයට පහසු විදිහට තමයි මම විලාසිතා තෝරා ගන්නේ
සචිනිව හඳුන්වනවිට කැමැති? ‘සචිනි‘ කියනවාට තමයි කැමැති.
නැහැ මම ඇහුවේ සචිනිගේ අනන්‍යතාවය ගැන? මම දැනට රංගන ශිල්පිනියක් විදිහටනේ කටයුතු කරන්නේ. ඒ නිසා රංගන ශිල්පිනියක් කියලම කියන්නම් නේද..
සචිනි කලා ක්ෂේත්‍ර‍යට පිවිසෙන්නේ කෙහොමද? මුලින්ම මොඩල්ස් මැගසීන් එකක ෆොටො ෂූට් එකක් කළා. ඊට පස්සේ නිරූපිකාවක් සහ වෙ‍ෙළඳ දැන්වීම් නිරූපණ ශිල්පිනියක් විදිහට එකතු වෙන්න අවස්ථාව ලැබුණා.
ටෙලි නාට්‍ය රංගනයට අවස්ථාව ලැබෙන්නේ? රංගනයට මම පිවිසෙන්නේ වෙ‍ෙළඳ දැන්වීම් ඔස්සෙයි.
සචිනිගේ මුල්ම රංගනය ගැන කතා කරමුද? ශිවගුරුනාදන් මහත්මයාගේ අඟුරු සිත්තම් ටෙලි නාට්‍යයේ රුවනි කියන කටකාර පණ්ඩිත කෙල්ලගේ චරිතය මගේ මුල්ම රංගනය. මම නිරූපණය කළ වෙ‍ෙළඳ දැන්වීම් දැකලා තමයි මේ වගේ චරිතයක් තියෙනවා කරන්න කැමැතිද කියලා ඇහුවේ.
ඔබත් රුවිනි වගේ කටකාර කෙල්ලෙක් වෙන්න ඇති? මමත් ටිකක් කියවනවා. හැබැයි පණ්ඩිත නම් නැහැ.
මුල්ම රංගනයට එක් පයින් කැමැති වුණාලූ නේද ? ගෙදරින් අහලා තමයි කැමැත්ත දුන්නේ.. නමුත් ගෑනු ළමයකු මේ ක්ෂේත්‍ර‍ය ආරක්ෂිත මදියි කියලා තාත්තා නම් මුලින් කැමැති වුණේ නැහැ..
ඉතින් ඒ කතාව ඇත්තද? පියෙක් විදිහට ඔහු මගේ ආරක්ෂාව ගැන හිතෙන විදිහ සාධාරණයි. නමුත් මේ ක්ෂේත්‍රයේ වුණත් අපි හරියට ඉන්නවා නම් එච්චරයි.
ෂූටිං යද්දි සචිනිගේ ආරක්ෂකයා කවුද? කොළඹ අවට තියෙන රූ ගතකිරීම් වලට මම තනියම යන්නේ. දුර යනවා නම් අනිවාර්යෙන් අම්මා එනවා.
රංගන ශිල්පිනියක් වෙන්න සචිනි හීන මැව්වද? පොඩි කාලේ ඉදන් චන්න සර් ළඟ මම නර්තනය හැදෑරුවා. ඉතින් ඒ නිසා වෙන්නැති පොඩි කාලේ ඉඳන්ම කලාවට ළෙන්ගතුයි.
ඒ කියන්නේ සචිනි හොඳ නර්තන ශිල්පිනියක්? ඔව් .
නර්තනයෙන් ඉදිරියට යන්න සචිනිගේ අදහසක් නැද්ද? රංගනයෙන් ඉදිරියට යන්න නර්තන හැකියාවත් අවශ්‍යයි. ඒ නිසා රංගනයෙන් ඉදිරියට යන්න පුළුවන්.
ඔබ රංගන ශිල්පිනියක් නොවුණා නම්? මම නර්තන ශිල්පිනියක් වේවි.

රංගනය ඉදිරියේදි ඔබේ වෘත්තීය වේවිද? වෘත්තිය රංගන ශිල්පිනියක් වෙන්න මගේ අදහසක් නැහැ. අධ්‍යයන කටයුතු වලින් පස්සේ විදෙස් ගත වේවිදැයි කියන්නත් බැහැ. ඒ අතර හොඳ නිර්මාණ ලැබුණොත් දායක වෙනවා.

0 comments:

Post a Comment