Friday, June 18, 2010
Thursday, June 3, 2010
එය සැඟවිය යුතු දෙයකුත් නෙමෙයි...
May 23, 2010
*ඔබ දැන් කාර්යබහුල නිළියක්. කෙටි කලකින් ලැබූ විශාල ජනප්‍රියත්වය ගැන මොකද හිතෙන්නේ?
හැමදාමත් කියනවා වගේ කියන්න බැරි සතුටක් හැම මොහොතකම දැනෙනවා. මම ක්ෂේත්‍රයට ඇවිත් මේ ජූලි මාසෙට අවුරුදු 03ක් විතර වෙනවා. ඒ කෙටි කාලය තුළ මම අත්දැකපු දේ බොහොමයි. ඉතින් ඒ ගැන ලොකු සතුටක් වගේම නිහතමානී ආඩම්බරයකුත් තියෙනවා.
*ඔබ කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ කොහොමද?
මම 2006 දි විතර රූපවාහිනී වෙළඳ දැන්වීම් වලට සම්බන්ධ වුණා. 2007 ජූලි මාසයේ විතර සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මිය මට"සෙනෙහසට ආදරෙයි"ටෙලි නාට්‍යයට ආරාධනා කළා. මම කැමති වුණේ නෑ. මගේ ගෙදරින් කැමති වුණේ නෑ මම මේ ක්ෂේත්‍රයට එනවට. ඒත් පස්සේ මගේ තාත්තාගේ අවසරය ලැබුණා. First & the Last කියලා පටන්ගත්තා. තවම Last 1 නම් ඇවිත් නෑ. ඒ විදිහටයි මම මේ ක්ෂේත්‍රයට ආවේ.
* මේ දවස් වල වැඩ කටයුතු?
මේ දවස් වල දීර්ඝ ටෙලි නාට්‍ය 2කට මම රංගනයෙන් දායක වෙලා තියෙනවා."අමන්දා"සහ"රුවන් මාළිගා". ඒ වගේම සුපුරුදු විදිහට දෙරණ"ටී පාටිය"වැඩ සටහනේ නිවේදන කටයුතු කරනවා. ඒ විදියට තමයි මේ දවස් වල වැඩ කටයුතු වෙන්නේ.
*ඔබ ක්ෂේත්‍රයට පිවිස කෙටි කලකින් ඔබේ විවාහයත් සිදුවුණා. එය ඔබේ ඉදිරි ගමනට බලපෑවේ කොහොමද?
මම විවාහ වෙලා මේ අවුරුද්දට වසර දෙකක් වෙනවා. සමහරු කියනවා විවාහ වුණාට පස්සේ ජනප්‍රියත්වය අඩුවෙනවා, ආදරය කරන රසික පිරිස අඩුවෙනවා කියලා. නමුත් මම ලබපු සම්මාන 03 ම මට ලැබුණේ විවාහයෙන් පස්සේ. ජනප්‍රියම නිළිය කියන සම්මානය ඇතුළුව. එයම එක් සාක්ෂියක් ජනප්‍රියත්වය අඩුවෙලා නෑ කියන්න. මම හිතන්නේ විවාහය මගේ අනාගතයට බලපෑමක් වුණේ නෑ. එය සැඟවිය යුතු දෙයකුත් නෙමෙයි. මම හිතන්නේ කලාකරුවන් විදිහට අපි විවෘත වන තරමටයි ජනතාව අපව පිළිගන්නේ. අපි පොළවේ පය ගහලා ජීවත්විය යුතුයි. ඇත්තට මුහුණ දිය යුතුයි. මම හිතන්නේ විවාහය මගේ ඉදිරි ගමනට බලපෑමක් වෙලා නෑ.
*ඔබේ ආදර කතාව ගැන මතකය අවදි කළොත්?
නිර්මාල් මට හමුවුණේ පල්ලියේදී. අවුරුදු 04ක් විතර අපි හුඟක් හොද යාළුවෝ වගේ ඇසුරු කළා. ඊටපස්සේ නිර්මාල් මගෙන් ආදරය ගැන ඇහුවා. මම ඔහුට කැමැත්ත දුන්නා. ඒ විදිහට අපි ආදරය කරන්න පටන්ගත්තා.
* ජනප්‍රිය පුද්ගලයෙකුට පෞද්ගලික ජීවිතයක් පවත්වාගෙන යාම අපහසුයි කියන මතයට ඔබ එකඟද?
නැහැ, ඇත්තටම විවාහවුණාට පස්සෙත් මමයි නිර්මාලුයි හුඟක් සැහැල්ලුවෙන් ජීවත්වෙන්නේ. මම නිර්මාල්ට නීති දාලත් නෑ. නිර්මාල් මට නීති දාලත් නෑ. අපි මේ ලෝකෙට ආවා වගේම කවදාහරි අපි මේ ලෝකේ දාලා යනවා. ඒ ජීවත්වන කාලය තුළ අපි හොඳ, නිවැරදි දේ කළ යුතුයි. අපි ජීවිතය විඳිය යුතුයි. විවාහය තුළ වගකීම්, යුතුකම් තිබෙනවා. අපි කාලය නිවැරදි ලෙස හසුරුවාගෙන අපේ ක්ෂේත්‍රය වගේම පෞද්ගලික ජීවිතයත් සමබරව හසුරුවා ගැනීමේ හැකියාව අපට තිබිය යුතුයි.
*ඔබ දායක වූ නිර්මාණ වලදී ඔබට ගැළපෙනම චරිත ලැබුණා කියලා ඔබ හිතනවද?
ඔව්, එහෙම හිතෙනවා."මුතු කිරිල්ලී"ටෙලි නාට්‍යයේ මට ලැබුණු චරිතයත් මගේ සැබෑ ජීවිතයට සමානයි. නමුත් මේ දිනවල විකාශය වන"රුවන් මාළිගා"ටෙලි නාට්‍යයේ"මහීමා"කියන චරිතයට මම හුඟක් කැමතියි. මට මෙතෙක් ලැබුණේ මට ගැළපෙන චරිත. මගේ පෞද්ගලික ජීවිතය හා සමාන චරිත මට ලැබුණා. ඊට වඩා වෙනස් චරිතයක් කරන්නත් මම කැමතියි.
*තරුණ කලා ශිල්පිණියන් වැඩි ජනප්‍රියත්වයක්, ආකර්ෂණයක් ලබන්නේ තරුණියන් අතරෙයි. ඔබට ලැබූ එවැනි අත්දැකීම්?
මම ඇත්තටම හිතාගෙන හිටියේ මට ගොඩක්ම කැමති පුංචි ළමයි කියලයි. ඒ වගේම මට හුඟක් පොඩි අය කැමතියි. නමුත් මේ මෑතකදී මට කිහිපදෙනෙක්ම කිව්වා නෙහාරා අපේ පැත්තේ පිරිමි ළමයි ඔයාට ගොඩක් කැමතියි කියලා. ඉතින් මට හිතුණා තරුණයිනුත් මට කැමතියි කියලා. මට දවසකට ලියුම් 30 ක් විතර එනවා. ඒ ලියුම් වලින් බාගයක්ම වගේ ලැබෙන්නේ තරුණියන්ගෙන්. දුරකථන ඇමතුම් පවා ලැබෙන්නේ තරුණියන්ගෙන් හා පුංචි ළමයින්ගෙන්. ඒ හින්දයි මම හිතාගෙන හිටියේ මට හුඟක්ම කැමති කුඩා ළමුන් හා තරුණියන් කියලා. ඒත් දැන් හිතෙනවා තරුණයිනුත් මට කැමතියි.
* කලා කටයුතු වලට සැමියාගෙන් ලැබෙන සහයෝගය?
ඇත්තටම එයා නැත්නම් මම අද මෙතන නැහැ. මම දන්නේ කැමරාවක් ඉස්සරහ රඟපාන්න, නටන්න, සිංදු කියන්න නැත්නම් නිවේදනය කරන්න විතරයි. නමුත් නිර්මාල් නිතරම අන්තර්ජාලය හරහා කලාව කළමනාකරණය කිරීම පිළිබඳව අධ්‍යනය කරනවා. ජාත්‍යන්තර කලාකරුවන් පිළිබඳව අධ්‍යනය කරනවා. කලාකරුවෙක් විදිහට මට වටිනාකමක් ලබාදෙන්න ඔහු නිතරම උත්සාහ කරනවා. ඔහුගෙ උපරිම සහය මට ලැබෙනවා. නිතරම ඔහු මාව ධෛර්යයමත් කරනවා.
* ලංකාවේ තරුණ කලා ශිල්පිණියන්ට විලාසිතා සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ගැන ඔබේ අදහස?
විවිධ පුද්ගලයින් විවිධ අවස්ථාවන්ට උචිත විදිහට ඇඳුම් විලාසිතා තෝරා ගන්නවා. උදාහරණයක් විදිහට අපි පිහිනුම් ඇඳුමකින් සැරසෙන්නේ නැතුව පිහිනුම් තටාකයකට බහින්න බැහැ. මම හිතන්නේ ප්‍රේක්ෂකයින් ඒ ගැන පුළුල් විදිහට කල්පනා කළ යුතුයි. හැමදෙයක්ම දියුණුවිය යුතුයි. මම වරදක් කියන්නේ නෑ. නමුත් අපි වටහාගත යුතුයි මේ මේ අවස්ථාව සඳහා මේ මේ විදිහට ඇඳිය යුතුයි කියලා. තරුණ අය විදිහට අපි දැනගත යුතුයි තැනට ඔබින විදිහට අඳින්න. ඒ වගේම ප්‍රේකෂකයිනුත් පුළුල් විදිහට කල්පනා කළ යුතුයි.
* ඔබේ කාර්යබහුල ජීවිතය පෞද්ගලික ජීවිතයට බලපාන්නේ කොහොමද?
පෞද්ගලික ජීවිතයේ මට ලොකු වැඩක් නෑ. නිර්මාලුත් හුඟක් කාර්යබහුල කෙනෙක්. අපි දෙන්නා සහයෝගෙන් අපේ වැඩකටයුතු කරගෙන යනවා.
*ඔබ යම් නිර්මාණයක් තෝරාගැනීමේදී සලකා බලන කරුණු?
අධ්‍යක්ෂවරයා, තිර පිටපත, මොන වගේ නිර්මාණයක්ද?, මොන වගේ චරිතයක්ද? ඒ වගේම මට ඉදිරිපත් කරන්න යමක් තියෙනවද? කියන කරුණු ගැන මම සලකා බලනවා. මම කැමතියි මිනිස්සු අතරේ කතාබහට ලක්වන චරිත වලට. ඒ වගේම ඒ නිර්මාණයට දායක වන නළු නිළියන් ගැනත් මම සැලකිලිමත් වෙනවා. ඇතැම් නළු නිළියන් ඉන්නවා එකට වැඩ කරන්න අපහසු. කිසිම මිත්‍රශීලීත්වයක් නැතුව වැඩ කරන්න මම කැමති නෑ.
තනි වචනයෙන් පමණක් පිළිතුරු ලබාදෙන්න
* රංගන ශිල්පිණියකට වඩා වැදගත් රූපයද? රංගන හැකියාවද?
රංගන හැකියාව
*ඔබ ජ්‍යෙතිෂය විශ්වාස කරනවද?
ඔව්
* ඔබ බොහෝ කාලයක් බලාපොරොත්තුවෙන් සිටි සම්මානයක් ඔබට ලැබෙන දිනම, එම අවස්ථාවේම ඔබේ ඉතා සමීප මිතුරෙකුගේ අවමංගල අවස්ථාවක් යෙදෙනවා. ඉන් ඔබ තෝරාගන්නේ කුමන අවස්ථාවද?
අවමංගල්‍ය අවස්ථාව
*දේශපාලනයට සම්බන්ධවීමට අවස්ථාවක් ලැබුනොත් බාරගන්නවද?
නැහැ
*ඔබ රාත්‍රියක ඉතා වැදගත් උත්සව අවස්ථාවකට සහභාගි වනවා. අතරමගදී ඉතා මහළු යුවලක් ඔබේ රථය නවතා රෝහල වෙල යාමට උපකාරයක් ඉල්ලනවා. ඔබ තෝරාගන්නේ උත්සවයද ඔවුන්ට උපකාර කිරීමද?
උපකාරය කරනවා
*මහළු, ඉතා විරූපී කාන්තාවකගේ චරිතයක් රඟපෑමට ලැබුණොත් එය බාරගන්නවද?
ඔව්
Friday, March 26, 2010
"කුකී" ට ගැරඬින්ව නිතතරම හීනෙන් පේනවලූ

කොන්ත්‍රාත්තු බාරගන්නවාය
කියන කලා ක්‍ෂේත්‍රයේ මේ දින
වල පැතිර යන කටකතාවේ
ඇත්ත කතාව පසුගිය සතියේ
මීවිතෙන් හෙළි කළා ඔබට
මතක ඇති. එය කියවූ කලා
ක්‍ෂේත්‍රයේ අපේ හිතවතුන්
පිරිසක් මේ උරග වර්ගය හා
ජනප්‍රිය රංගන ශිල්පිනියන්
අතර ගෙතුනු අපූරු කතාවක්
පිළිබඳ හෝඩුවාවක් මීවිතට
කීවා. බලාගෙන ගියාම ගැරඬියා
කියන සතා අපේ නිළියන් අතර
බොහොම ජනප්‍රිය සතෙක් වගෙයි.
කොහොම නමුත් මෙදා පාර
මේ ගැරඬි කතාවත් එක්‌ක සම්බන්ධ
වෙන්නේ මෙවර සුමති ටෙලි සම්මාන
ප්‍රදානයේදී ජනප්‍රියම නිළිය ලෙසින්
අභිෂේක ලද නෙහාරා. වංගු නොදමා මේ
කතාවේ ඇත්ත නැත්ත අපි නෙහාරා
ගෙන් කෙළින් ඇහුවා.
![]() | ![]() | ![]() |
මෙච්චර දේවල් පේන්න තියෙද්දි මොකද නෙහාරා හැමදාම ගැරඬි හීනෙන් පේනව කියන්නෙ?
අනේ.. හැමදාම නම් පේන්නෙ නෑ.
එහෙනම් කෙම්මුර දවස්‌වලටද?
එහෙම නෙමෙයි. ගැරඬියෙක් දැක්‌කොත් ඌ හීනෙනුත් පෙනෙනවා.
එච්චරටම ගැරඬින්ට කැමතිද? මොකද එක පාරක් දැක්‌ක ගමන් හීනෙනුත් පෙනෙන්නෙ තමන් ආසා කරන දේවල් නෙ?
ආසා කරන නිසා නෙවෙයි. මම ඔය බිම දිගේ ඇදිල යන සතුන්ට ලොකු බයක් තියනව. ඒ වගේ සතෙක් දැක්‌කොත් මට නින්ද යනකොට නිකං මගෙ ළඟ ඌ ඉන්නව වගේ පෙනෙනව. බාත්රූම් එකට ගියත්, තනියම කාමරයකට ගියත් සතෙක් ඉන්නව වගේ දැනෙනවා. ටික දවසක් යනකන් ඒ බය ඇරෙන්නෙ නෑ.
නෙහාරා එහෙම කියනකොටත් මුහුණෙන් පෙනුනෙ හරියට ඩයිනොසිරස් යුගයේ සතෙකුට බයවෙල වගෙ පෙනුමක්. ඒ නිසා ඒ කතාවෙ ඉතිරි හරිය සම්පූර්ණ කළේ නෙහාරගෙ ආදරණීය මව.
මෙයා පුංචි කාලේ ඉඳලමයි ඔය බය තියෙන්නෙ. ඒකට හේතුවක් තියෙනව. පුංචි කාලෙ මෙයාගෙ ඩැඩයි එයාගෙ යාළුවෙකුයි ඉඳගෙන ඉන්නකොට නෙහාරා එතනට ගිහින්. ඒ යනකොටම වහළයේ ඉඳපු ගැරඬියෙක් අර යාළුවගෙ කරට වැටිල තියනව. හරියට මාලයක් දැම්ම වගෙ. ඕක තමයි මෙයාගෙ හිතේ තියෙන්නෙ.
නෙහාරා වැඩියෙන්ම කැමැති කුකී කියල කතා කරනවටද නෙහාරා කියනවටද?
කොහෙන්ද ඔය නම හොයාගත්තෙ. මගේ පවුලෙ ළඟම හිතවත් අය තමයි කුකී කියල කතා කරන්නෙ.
ඔය නම තිබ්බෙ කවුද?
මගේ බාප්පි තමයි ඔය නම දාල තියෙන්නෙ. පුංචි කාලේ මම හරිම චබීලු. රවුම් මූණ නිකං කුකී බනිස් එකක් වගේලු. ඒ නිසා ආදරයට තමයි "කුකී" කියල දාල තියෙන්නෙ.
ආදරේ වැඩි වුණාම මිනිස්‌සුන්ව හපන්නෙ මොකද?
මිනිස්‌සුන්ව හපනවා... නෑ නෑ... ඒක ලොකු වැරදීමක්. ඔයාට වැරදි තොරතුරක් දීල තියෙන්නෙ.
හොඳට මතක් කරන්න. බබෙකුගෙ මූණට කිස් එකක් දෙන්න කීවාම හැපුවෙ නැද්ද?
ආ... ඒක පුංචි කාලෙ දෙයක්‌නෙ. මම බය උණ තරමක්. එතකොට මට අවුරුදු දෙකක් විතර ඇතිලු. පවුලේ වැඩිමලා වගේම අපේ පවුලට ලැබුණ පළවෙනි මිනිපිරියත් මමනෙ. ඉතිං හැමෝගෙම ආදරේ මට ලැබුණා. දවසක් අම්මි වෙන බබෙක් වඩාගෙන මට කියල තියෙනව එයාට කිස් එකක් දෙන්න කියල. මට තරහ ගිය පාර අර බබාගෙ මූණ හැපුවලු.
පුංචි කාලේ වගේම දැනුත් තරහ යනවද?
දැනුත් තරහ යන අවස්‌ථා තියෙනව. ඒත් ඕන දේට විතරයි.
ජීවිතේ ලස්‌සනයි ෂූටිං කරනකොට ඔබව ගඟට උස්‌සල දාන දර්ශනයක් තිබුණද?
එහෙම සීන් එකක් තිබුණෙ නෑ. ඒත් හැමෝම එකතුවෙලා මට ඊළඟට කරන්න තියෙන්නෙ ඒ සීන් එක කියල මාව බය කළා. ඒක මගේ දෙවැනි නාට්‍යය නෙ. මට ලොකු අත්දැකීම් තිබුණෙ නෑ. නාට්‍ය අධ්‍යක්‍ෂණය කළ රවීන්ද්‍ර අයියත් කිව්ව ඊළඟට නෙහාරව ගඟට වීසි කරන සීන් එක තියෙන්නෙ නාන්න ලෑස්‌ති වෙලා ඉන්න කියල. ජගත් අයියත් (ජගත් චමිල) මාව ගඟට දාන්න වගේ ලෑස්‌ති වුණා. නමුත් පස්‌සෙයි ඒක බයිට් එකක් කියල තේරුනෙ.
නිතරම ඔය "ස්‌වීටි" කියන වචනය කියන්නෙ ඇයි?
හස්‌නා කියන මගේ ළඟම මිතුරියක් නිසා. පාසල් යන කාලේ මම එයාගෙ ළඟින්මයි හිටියෙ. එයාගෙ කටේම තියෙන්නෙ. ඔය "ස්‌වීටි" කියන වචනය. ඒක මටත් නොදැනිම මට හුරු වුණා. අදටත් මම ඒක පාවිච්චි කරනවා.
ඔය වචනය වගේම නෙහාරා අතින් උයන කෑමත් හරිම "ස්‌වීට්" කියන්නෙ ඇත්තද?
අනේ ඔව්. මට රසට උයන්න පුළුවන්. බොරු නම් අම්මිගෙන් අහන්න. මම හදන චිකන් කරි එකටයි සැමන් බැදුමටයි ගෙදර අය හුඟක් කැමැතියි. ඒ වගේම මගෙත් එක්‌ක රසට රොටි හදන්න ගෙදර කාටවත් බෑ.
ඔබ මේ වසරේ ජනප්‍රියතම නිළිය (ටෙලිනාට්‍ය) නිසා මේ දවස්‌වල හොඳ ප්‍රතිචාර ලැබෙනව ඇති.
ඇත්තටම ඔව්. මට ගොඩක් අය හරි ආදරෙයි. විශේෂයෙන් කාන්තා පක්‍ෂය. මට මුණගැහුන එක ආන්ටි කෙනෙක් කීවා "මුතුකිරිල්ලි" එකේ මම අඬනව තිබිච්ච හැම සීන් එකකදිම එයත් ඇඬුවලු.
රසික රසිකාවියන්ගෙන් ලැබෙන ප්‍රතිචාරවලින් වඩාත්ම සංවේදී මතකය මොකක්‌ද?
මට ලැබුණු ලිපියක් නිසා බොහොම සංවේදී වූ අවස්‌ථාවක් තියෙනව. හමුදාවෙ අයිය කෙනෙක් මට එවපු ලියුමක මෙහෙම ලියල තිබුණා. "නෙහාරා මේකට මට පිළිතුරක් ලියන්න එපා. ඔයා පිළිතුරක් එවනකොට මම ජීවතුන් අතර ඉඳියිද දන්නෑ" කියල. ඒක අදටත් මට හරිම සංවේදී මතකයක්.
ඔබේ මේ කලා කටයුතුවලට පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
නෙහාන් මගෙ මල්ලි, අම්මි, ඩැඩී වගේම මගේ සැමියගෙන් ලැබෙන සහයෝගය නිසයි මේ හැම දෙයක්‌ම ගැටලුවකින් තොරව සාර්ථකව කරගන්න පුළුවන් වෙලා තියෙන්නෙ. විශේෂයෙන් මගේ සැමියා මටත් වඩා හොඳට මාව තේරුම් අරන් තියෙනවා.
Friday, November 20, 2009
ඇත්තද ඔයාට උයන්න, පිහින්න බෑ කියන්නේ?
පුංචි තිරය හරහා රටම ආකර්ෂණය කළ ජනප්‍රියම තරුව නෙහාරා පීරිස්
කුමාරසිංහ ආරච්චිගේ දෝන ක්‍රිහෂ්නි නෙහාරා කනීෂ්‍යා පීරිස්.
මේ කවුද කියා මා ඔබෙන් ඇසුවොත් එය එක්වරම පිළිතුරක් දෙන්නට බැරි පැනයක් වේවි ඔබට. ඒත් ඒ දිගු නමෙන් වදන් කිහිපයක් ඉවත් කර නෙහාරා පීරිස් කියූ සැනින් ඔබ දන්නවා ඈ කවුද කියා.
නෙහාරා පීරිස්.
‘මුතු කිරිල්ලී’ හරහා අපේ හදවතට ආදරය, සෙනෙහස මෙන්ම සුන්දරත්වය ද බෙදා දුන් ඈ වත්මන් ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයේ දිදුළන යොවුන් තාරකාවක්. ඒ බවත් අමුතුවෙන් කිව යුතු නැහැ ඔබට.
මේ ඈ ‘සරසවිය’ සමගින් කළ අතිශය ළෙන්ගතු කතාබහක වගතුගයි.
නෙහාරා මුලින්ම කියන්නකෝ ඔයාගේ උපන් දිනය?
මම ඉපදුණේ 1988 නොවැම්බර් 21.
ඒ කියන්නේ තව දවස් දෙකකින් ඔයාට අවුරුදු විසි දෙක ලබනවා.
ඔව්.
අපේ බොහෝ නිළියන් ක්ෂේත්‍රයට ආ මුල් කාලෙදි තමන්ගේ සැබෑ වයස හෙළි කළත් පස්සේ පස්සෙ වයස හංගනවා. ඔයත් එහෙම වෙයිද?
අනේ නැහැ. තව අවුරුදු දහයකින් ඇහුවත් මගේ නියම වයස එදාටත් කියනවා. කවදාවත් වයස හංගන්නේ නැහැ.
ඇයි ඒ . . . සාමාන්‍යයෙන් නිළියෝ වයස හංගනවනේ?
මම කැමැති අනෙක් හැමෝටම වඩා වෙනස් වෙන්න. අපි අපිටම බොරු කර ගන්න ඕනෑ නැහැනේ.
කොහොමද ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ?
ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයට මම ආවේ 2007 දී. ඒත් 2006 වසරේදී මම රූපවාහිනී වෙළෙඳ දැන්වීම් කිහිපයකට පෙනී සිටියා. මගේ රුව ප්‍රේක්ෂකයන් මුලින්ම දුටුවේ ඒ දැන්වීම්වලින්.
මොනවද ඒ?
මුලින්ම මම කළේ ‘ලංකා බෙල්’ කොමර්ෂල් එක. ඊට පස්සේ ඩයලොග් ඇතුළු තවත් වෙළෙඳ දැන්වීම් කිහිපයක්. ඇත්තටම වීඩියෝ ඉමේජ් එකේ ක්‍රිස්ටෝ තමයි මට මේ අවස්ථාව ලබා දුන්නේ.
එතකොට ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයට යොමු වුණේ කොහොමද කියලා කිව්වේ නැහැනේ?
ඔව් නේ . . . මගේ මාමා ඉන්නේ අමෙරිකාවේ. ඔහු ලංකාවට ආ වෙලාවක අපි නාලන්, සන්ධ්‍යා මෙන්ඩිස් යුවළ හමු වෙන්න ගියා. ඒ ගිය වෙලේ සන්ධ්‍යා මෙන්ඩිස් මගෙන් ඇහුවා මෙහෙම ටෙලි නාට්‍යයක් කරනවා සම්බන්ධ වෙන්න කැමැතිද කියලා.
ඉතින් ඔයා මොකද කිව්වේ?
එවෙලේ හිතේ පුංචි ආසාවක් ඇති වුණා. ඒත් මට තනියම තීරණයක් ගන්න බැරි නිසා ඩැඩාගෙන් මේ ගැන ඇහුවා. එතකොට එයා කිව්වා එහෙනම් ෆස්ට් ඇන්ඩ් ලාස්ට් කියලා හිතාගෙන ඒ ටෙලි ඩ්‍රාමා එකේ ඇක්ට් කරන්න කියලා.
මොකක්ද ඒ ටෙලි නාට්‍යය?
‘සෙනෙහසට ආදරෙයි’. එකේ රශ්මි කියලා සුළු චරිතයක් මම කළේ. මම රඟපෑවේ හා(ර්)ට් පේෂන්ට් කෙනෙක් විදිහට. ඊට පස්සේ මට රවීන්ද්‍ර විජේරත්න ගේ ‘ජීවිතේ ලස්සනයි’ පුංචි චරිතයක් ලැබුණා නෙත්මි කියලා. ඒකේ එපිසෝඩ්ස් එකසිය අසූ ගාණක් ගියාට පස්සෙයි මගේ චරිතය ආවේ. ‘සිරස’ මැජික් Box වැඩ සටහන ප්‍රසන්ට් කරන්න මට අවස්ථාව ලැබුණේ ඔය අතරේදී.
එතනදි තමයි නෙහාරාගේ ජීවිතයේ ලොකු පෙරැළියක් සිදු වෙන්නේ නේද?
ඔව් . . . ඔව්. මැජික් Box ප්‍රසන්ට් කරද්දී තමයි මට ‘මුතු කිරිල්ලි’ ට ආරාධනා ලැබුණේ. ඒක අධ්‍යක්ෂණය කළේ ලිලන්ත කුමාරසිරි. සුසිල ආයතනයේ නිෂ්පාදනයක්. ඒ අනුවයි මට එහි සමාධි සහ මුතු වෙන්න අවස්ථාව ලැබුණේ.
හිතා ගන්න බැරි තරමේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා නේ?
ඇත්තටම ‘මුතු කිරිල්ලී’ මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළා. උඩුයටි කුරු කළා කිව්වොත් හරි. පොඩි කාලේ ඉඳන් මට ඕනෑකම තිබුණේ අම්මා වගේ ගෘහණියක් වෙන්න. ඒත් නිළියක් විදිහට දිගටම ක්ෂේත්‍රයේ රැඳෙන්න ඕනැයි කියන සිතිවිල්ල මගේ හිතට ආවේ මේ ලැබුණ රසික ප්‍රතිචාරත් එක්ක. මට හිතා ගන්න බැරි වුණා මිනිස්සු ඇයි මට මේ තරම් කැමැති කියලා.
දැන් ‘මුතු කිරිල්ලී’ ඉවරයි නේ. ඒත් තාමත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා මගෙ හිතේ?
අදටත් මට දවසකට ලියුම් තිස් පහක් විතර ලැබෙනවා. ප්‍රශ්නේ ඇයි එයාලා මට මේ තරම් ආදරේ කියලා. ඒත් ඒ ජනප්‍රියත්වය මම ඔළුවට අරගෙන නැහැ. ජනප්‍රියත්වයෙන් කවදාවත් අයුතු ප්‍රයෝජනයක් අරගෙනත් නැහැ. ජීවිතේ තවත් අත්දැකීමක් විදිහටයි මම ඒක සලකන්නේ.
ඇත්තටම ඔයාට හිතාගන්න බැරිද මේ තරම් පිරිසක් ඔයාට කැමැති ඇයි කියලා?
මම පොඩි කාලේ ඉඳන්ම හැමෝ එක්කම හිනා වෙනවා. කතා කරනවා. කිසිම බේදයක් නැතිව තමයි හැමෝම ඇසුරු කරන්නේ. මගේ මේ මිත්‍රශීලීකමත් ඒ ‘කැමැත්ත’ට බලපාන්න ඇති.
‘මුතු කිරිල්ලී’ රංගනය වෙනුවෙන් ඔයාට අපේ රටේ ප්‍රධාන ටෙලි නාට්‍යය සම්මාන උළෙල දෙකෙන්ම සාධාරණය ඉටු වුණා කියා මට හිතෙනවා?
2008 වසරේ රයිගම් ටෙලි සම්මාන උළෙලේදීත් මේ වසරේ සුමති ටෙලි සම්මාන උළෙලේදීත් ජනප්‍රියම නිළියට හිමි සම්මාන ලබා ගත්තේ මම. ඒක මට ලොකු සතුටක් වගේම මගේ රංගන දිවියට ලැබුණ ආශිර්වාදයක්.
නෙහාරා වෘත්තීය නිළියක් ද කියා මා ඇසුවොත්?
මම රඟපාන්නේ සල්ලි හොයන්නම නෙවේ. හිට් එකක් වෙයි කියලා හිතුණොත් මම ඒක කරනවා. මම හැම ආරාධනාවක්ම බාර ගන්නේ නැහැ. ගොඩක් ඒවා ප්‍රතික්ෂේප කරලාත් තියෙනවා.
රඟපාන්නේ සල්ලි හොයන්න නෙවෙයි කියලා කිව්වට නොමිලේ රඟපාන්නෙත් නැහැනේ?
හැම වැඩක්ම බදාගෙන කරනවාට වඩා මගේ හිතට සෑහෙන එක වැඩක් කළත් මට ඇති. ඒ මම කරන වැඩේට මට අවශ්‍ය මුදල මම ඉල්ලනවා. යම් ඩිමාන්ඩ් එකක් තියා ගන්න තමයි මම ඒ විදිහට කරන්නේ. ඒත් ජනප්‍රියත්වය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න මම ලෑස්ති නෑ.
මේ දවස්වල නෙහාරා මොකද කරන්නේ?
රවීන්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කරන ‘සඳ එළිය වගේ’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. බණ්ඩාරගම ප්‍රදේශයේ තමයි ඒ රූගත කිරීම් සිදු කෙරෙන්නේ. මහීමා කියලා සුන්දර තරුණියකගේ චරිතය මම නිරූපණය කරනවා. මගේ පෙම්වතා විදිහට රගපාන්නේ නිනෝ ජයකොඩි. ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු මගේ මවුපියන්ගේ චරිත රඟපානවා. දීපානි සිල්වා, ජගත් චමිල, නදීෂා අලහප්පෙරුම ඇතුළු නළු නිළියක් රැසක්ම රංගනයෙන් දායක වෙන ‘සඳ ඒළිය වගේ’ තවත් සුසිල නිෂ්පාදනයක්.
කොටස් කීයද මේ ටෙලි නාට්‍යයේ?
කොටස් එකසිය පනහකට තමයි දැනට ෂෙඩුල්ඩ් කරලා තියෙන්නේ. ඒත් කොහොම වෙයි ද දන්නේ් නැහැ.
නෙහාරා වැඩිපුර රඟපාලා තියෙන්නේ ‘මෙගා’ ටෙලි නාට්‍යවල. එතකොට ඔයා ‘මෙගා’ කිරිල්ලියක්?
මට ‘සුමති’ සම්මානය හම්බ වුණ වෙලාවේ නළුවෙක් කියලා තිබුණා ‘මෙගා’ ටෙලි නාට්‍යවල රඟපාන අයට විතරයි සම්මාන හම්බ වෙන්නේ කියලා. ඒ කියපු නළුවාත් අපට කලින් ‘මෙගා’වල රඟපෑවා. පස්සේ ඒ විදිහට ‘මෙගා’ සමච්චලයට ලක් කරනවා.
මෙගා, එහෙම නැත්නම් දීර්ඝ ටෙලි නාට්‍යවල ඔයා රඟපාන්නේ කැමැත්තෙන්ද?
කොටස් හාරසීය, පන්සීය දක්වා විකාශය වන ටෙලි නාට්‍යවල රඟපාන්න නම් මම ආස නැහැ. ‘මුතු කිරිල්ලි’ ටෙලි නාට්‍යයත් මුලින් සැලසුම් කරලා තිබුණේ කොටස් දෙසය හැත්තෑ පහකින් නිම කරන්න. ඒත් පස්සේ කොටස් තුන්සිය ගාණක් වුණා. මම මේ කතා කරන්නේ මෙගාවලට විරුද්ධව නෙවේ. ඒ වගේම මෙගාවලට විරුද්ධව කතා කරන අයටත් මම මොකුත් කියන්නේ නැහැ.
ඉදිරියට විකාශය වෙන්න නියමිත සනත් අබේසේකර අධ්‍යක්ෂණය කළ ‘ආදර රිද්ම’ ටෙලි නාට්‍යයේ කෞෂි කියන ප්‍රධාන චරිතයත් මම රඟපෑවා. ලබන වසරේදී එය විකාශය වෙයි. ඒක කොටස් තිහක ටෙලි නාට්‍යයක්.
නෙහාරාට තවම චිත්‍රපටවලට ඇරියුම් ලැබුණේ නැතිද?
රෝයි ද සිල්වා මහත්මයාගේ It’s a Matter of love චිත්‍රපටයේ ජෙනිෆර් කියලා සුළු චරිතයක් රඟපාන්න මට අවස්ථව ලැබුණා. ඒ තමයි මගේ මුල්ම සිනමා අත්දැකීම. මීට කලින් චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබුණත් නොයෙක් හේතූ®න් නිසා ඒවා ප්‍රතික්ෂේප කළා.
සිනමාවට ද ඔයා කැමැති නැතිනම් ටෙලි නාට්‍යවලටද?
ඒ දෙකටම. හොඳ චිත්‍රපටවල රඟපාන්නත් මගේ විශේෂ කැමැත්තක් තියෙනවා. මගේ කාලය එනකල් ඒකට මම බලාගෙන ඉන්නවා.
නෙහාරා වැඩියෙන්ම කැමැති නළු, නිළියෝ එහෙම කවුද?
මම ගොඩක්ම කැමැති නළු නිළි යුවළක් තමයි අයිරාංගනී සේරසිංහ සහ එච්. ඒ. පෙරේරා කියන්නේ. ‘මුතු කිරිල්ලී’ කරද්දී ඔවුන් මට බොහෝ දේවල් කියලා දුන්නා. ඒ රංගනය ගැන විතරක් නෙවෙයි, ජීවිතය ගැනත්. නිකං කතා බහ කර කර හිටියත් එයාලගෙන් මට ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුණා.
ඔයාගේ පවුලේ තොරතුරු ටිකකුත් කියන්නකෝ අපට දැනගන්න?
මගේ ඩැඩා ව්‍යාපාරිකයෙක්. අම්මා ගෘහණියක්. මේ දෙන්නටම හොඳට ඩාන්ස් කරන්න පුළුවන්. මට කලා හැකියාවන් උරුම වුණේ ඒ දෙන්නගෙන් වෙන්නැති. මට මල්ලි කෙනෙක් ඉන්නවා. එයා නෙහාන්. බම්බලපිටිය සාන්ත පීතර විදුහලේ උසස් පෙළ හදාරනවා. ඔය තමයි මගේ තොරතුරු. එතකොට මම මැරි කරලා මේ මාසෙට අවුරුද්දක් පිරෙනවා.
ඇයි ඔයා විවාහ ජීවිතය ගැන, සැමියා ගැන වැඩිපුර මාධ්‍යය ඔස්සේ කතා නොකරන්නේ?
ඇත්තටම එයා කැමැති නැහැ ප්‍රසිද්ධියට. පුවත්පතක ඡායාරූපයකට පවා පෙනී සිටින්න කැමැත්තක් නැහැ.
ප්‍රේම සම්බන්ධයක් උඩ නේද විවාහ වුණේ?
ඔව්. අවුරුදු තුන හමාරක් ඇසුරු කරලා තමයි අපි විවාහ වුණේ. නිර්මාල් තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ රැකියාවකයි නිරත වෙන්නේ. එයාගෙන් ඇත්තටම මගේ කලා කටයුතුවලට ලොකු සහායක් ලැබෙනවා.
අවුරුද්දක් ගෙවිලත් තාම විවාහ ජීවිතයේ වෙනසක් නැහැ වගේ?
අනේ තාම නැහැ. අපි තාම කොල්ලයි, කෙල්ලයි වගේ තමයි ජීවත් වෙන්නේ.
එතකොට ළඟදී වෙනසක් වෙන එකකුත් නැහැ?
ඒවාට තාම පොඩි වැඩියි. ඉදිරියේදී බලමුකෝ.
නෙහාරා පාසල් ගියේ කෙහේද?
වැල්ලවත්ත සාන්ත ලෝරන්ස් විදුහලෙන් තමයි මම අ. පො.ස සා/පෙළ දක්වා ඉගෙන ගත්තේ. ඊට පස්සේ ACBP කෙලේජ් එකෙන් A/L කළා. බිස්නස් මැනේජ්මන්ට් ඇන්ඩ් මාකටින් ඩිග්රි එකට මම සූදානම් වුණත් ඩිප්ලෝමාව දක්වා විතරයි කළේ.
ඇයි ව්‍යාපාර කළමනාකරණය වගේ විෂයක් තෝරා ගන්න හිතුවේ?
පොඩි කාලේ ඉඳන්ම මගේ ෆියුචර් ඇම්බිෂන් එකක් තිබුණේ නැහැ ලොකු වෙලා මේ දේ කරනවා කියලා. ඇත්තටම මම එහෙම බ්‍රයිට් කේස් එකකුත් නෙවේ. පනහට පනහ තිබුණේ. ඩැඩා තමයි කිව්වේ ඉන්ටර්නැෂනල් ස්කූ®ල් එකකින් හරි ඒ වගේ සබ්ජෙක්ට් එකක් ෆලෝ කරන්න කියලා.
ඔයාගේ විනෝදාංශ මොනවාද?
මම පියාමෝ එක ප්ලේ කරනවා. ඉයර් එකට වගේම නොටේෂන් රීඩ් කරන්නත් මට පුළුවන්. ඒ වගේම තරමක් දුරට ගිටාරය වාදනය කරන්න හැකියාවකුත් තියෙනවා. ඊට අමතරව චිත්‍රපට නැරඹීමත් මගේ විනෝදාංශයක්. සිංහල, හින්දි, බටහිර ෆිල්ම් කලෙක්ෂන් එකක් මගෙ ළඟ තියෙනවා.
ඇත්තද ඔයාට උයන්න, පිහින්න බෑ කියන්නේ?
කවුද කියන්නේ. මට ඕනෑම කෑමක් රසට හදන්න පුළුවන්. රයිස් ඇන්ඩ් කරි නම් එහෙම. චයිනිස් නම් එහෙම. මේ ඕනෑම දෙයක්. O/L කරලා මාස තුනක් ගෙදර හිටියානේ. ඒ කාලයේදී අම්මා මට හැම දෙයක්ම කියලා දුන්නා. ගෙදර ඉන්න කොට කෑම හදන්නේ මම.
සංවාද සටහන
අසංක දේවමිත්ර පෙරේරා
ඡායාරූප - ටෙනිසන් එදිරිසිංහ
Sunday, November 1, 2009
අම්ම කෙනෙක් වෙන්න මම තාම පොඩි වැඩියි
නෙහාරා පීරිස්
නෙහාරා පීරිස් යන නමින් ඇය ඔබට හඳුන්වා දෙනවාට වඩා ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යයේ මුතු හෙවත් සමාධි ලෙසින් ඔබට ඇය හඳුන්වා දෙතොත් ඔබ නිසැක වශයෙන්ම ඇය හඳුනා ගනීවි.
‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යයේ අනූපමට පෙම් බඳින මේ හුරුබුහුටි සොඳුරු මියුලැසිය ටෙලිනාට්‍ය නිළියක ලෙසින් පමණක් නොව රූපවාහිනී නිවේදිකාවක, නර්තන ශිල්පිනියක මෙන්ම ගායිකාවක ලෙස ද මේ වන විට ඔබේ හදවතට සමීප වෙමින් සිටිනවා. මෑතකදී යුගදිවියට ද පිවිසුණු ඇගේ අලුත්ම වතගොත විමසන්නට මං පසුගිය දිනෙක ඇගේ සොඳුරු නිවහනට ගොඩ වැදුණා.
ඉතින් නෙහාරා, මේ දවස්වල මොනවද ඔබේ අලුත්ම තොරතුරු?
මේ දවස්වල මං දෙරණ රූපවාහිනියේ විකාශය වන ‘ටී පාටි’ වැඩසටහනේ නිවේදිකාව ලෙස කටයුතු කරනවා. ඊට අමතරව පසුගිය දිනවල රෝයි ද සිල්වාගේ ‘ඉට්ස් අ මැටර් ඔෆ් ලව්’ චිත්‍රපටියේ සහ සනත් අබේසේකරගේ ‘ආදර රිද්ම’ ටෙලිනාට්‍යයේ රඟපෑවා. රංගනයට අමතරව මං මේ වන විට ගායන ක්ෂේත්‍රයටත් සම්බන්ධ වී සිටිනවා.
මේ දිනවල නිලාර් එම්. කාසිම්ගේ පද රචනයක් අනුව රාජ් කුමාර් සංගීතය සපයන ගීතයක් මං රොෂාන් රණවන සමඟ ගායනා කරනවා. මීට කලින් චන්දන කුරේ ගේ පද රචනයකට අනුව බිලී ප්‍රනාන්දු සංගීතවත් කළ ගීතයක් හා ජිප්සීස් සුනිල් ගේ පුත් ගයාන් පෙරේරා සංගීතවත් කළ ගීතයකුත් මං ගායනා කළා.
හැබැයි ඔබ මේ දිනවල වඩාත්ම ජනපි‍්‍රය ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යයෙන්නෙ.
ඇත්තටම ඔව්. මම ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යයෙන් ගොඩාක් ජනපි‍්‍රය වුණා. පාරකදි දැක්කත් හැමෝම මට කථා කරන්නෙ සමාධි කියලා. ඒ තරමට ටෙලිනාට්‍යය බලන හැමෝම සමාධිට ආදරය කරනවා. මටත් සමාධිගේ චරිතය සුවිශේෂයි. එයින් මාව හුඟාක් පේ‍්‍රක්ෂකයන් අතරට ගියා.
ඒ වාගේම මට ඒ චරිතය කරද්දී දක්ෂ, ජනපි‍්‍රය, ප්‍රවීණ නළු නිළියන් රැසක් සමඟම රඟපාන්න ලැබුණා. ඒක හරි අපූරු අත්දැකීමක්. විශේෂයෙන්ම එච්. ඒ. පෙරේරා අන්කල් සහ අයිරාංගනී සේරසිංහ ආන්ටි ගැන යමක් සඳහන් කරන්නම ඕනෑ.
ඒ දෙන්නා තමයි මගේ කැමැතිම නළු නිළි යුවළ. එයාල වගේ ප්‍රවීණයන්ගෙන් මං වගේ නව පරපුරේ නිළියකට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. සමහරු මගෙන් හම්බ වුනහම අහන්නෙ මගෙයි අනූපමගෙයි ආදරයට ටෙලිනාට්‍යය අවසානයේ මොකද වෙන්නෙ කියලා.
මං ඒ ගොල්ලන්ට කියන්නෙ දිගටම ටෙලිනාට්‍යය බලන්න. එතකොට එයාලට සිදුවන දේ රසවත්ව දැකබලා ගන්න පුළුවන් වේවි කියලා.
ඔබේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු ගැනත් යමක් කිව්වොත්?
මම ඉගෙන ගත්තෙ වැල්ලවත්ත සාන්ත ලෝරන්ස් විද්‍යාලයේ. අපේ පවුලේ ඉන්නෙ අම්මයි ඩැඩයි, මල්ලියි මමයි. මල්ලි තවම අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා. මම මෑතකදී විවාහ වුණා. අපි දෙන්නා මුණ ගැසුණේ සාන්ත ජෝශප් දේවස්ථානයේදී.
එහි තරුණ සංවිධානයේදී මුණ ගැහිලා, දැන හඳුනාගෙන වසර ගණනාවක සිට තිබුණු පේ‍්‍රමයක ප්‍රතිඵලයක් වශයෙන් අපි විවාහ වුණේ. එයා හරිම හොඳ කෙනෙක්.
ඔහු තමයි මාව හැම විටම දිරිමත් කරමින් මගේ කලා කටයුතුවලට විශාල සහයෝගයක් ලබා දෙන්නේ. එයා දැනට පරිගණක තාක්ෂණය පිළිබඳ ව්‍යාපාරයක් කරගෙන යනවා.
ඔබ වඩාත්ම කැමැති රංගනයට ද? නැතිනම් නර්තනය, ගායනය හා නිවේදන කටයුතුවලට ද?
මම වඩාත්ම කැමැති රංගනයටයි. මුලින්ම කලා ක්ෂේත්‍රයට පිවිසුණෙත් ටෙලිනාට්‍ය නිළියක ලෙසයි. ඒ නාලන් මෙන්ඩිස් ගේ ‘සෙනෙහසට ආදරෙයි’ ටෙලි නාට්‍යයේ රශ්මි ගේ චරිතයෙන් සහ රවින්ද්‍ර විජයරත්නගේ ‘ජීවිතය ලස්සනයි’ ටෙලි නාට්‍යයේ නෙත්මි ගේ චරිතය රඟපාමින්.
එතැනින් පස්සෙ තමයි මට සිරස රූපවාහිනියේ ‘මැජික් බොක්ස්’ වැඩ සටහනේ නිවේදිකාව ලෙස හා ‘සිරස ඩාන්සින් ස්ටාර්’ වැඩ සටහනේ නර්තන ශිල්පිනියක ලෙසින් ඉතා ජනපි‍්‍රයත්වයක් ලබාගන්නට හැකිවුණේ.
ඇත්තටම මේවාත් මගේ කලා ජීවිතයේ සොඳුරු මතක සටහන් හැටියට මං සලකනවා.
ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවද?
එහෙම විශාල බලාපොරොත්තු නම් මට නැහැ. මම සාමාන්‍යයෙන් ලද දෙයින් සතුටු වන කෙනෙක් ඉදිරියේදීත් සුපුරුදු විදියට රඟපෑම් කටයුතුවල නිරත වෙන ගමන් මට හැකියාව ඇති අනෙකුත් අංශවලිනුත් යමක් කිරීමට බලාපොරොත්තු වෙනවා.
එතකොට පෞද්ගලික ජීවිතයේ පෙම්වතියක, බිරිඳක වූ ඔබ මවක වන දිනයත් වැඩි ඈතක නොවේ ද?
අපෝ ඒ ගැන නම් මං තවම හිතලවත් නෑ. මං තවම පොඩියි නෙ. මට තවම අවුරුදු විස්සනෙ.
ඒක හින්දා මට හිතෙන්නෙ අම්මා කෙනෙක් වෙන්න මට තවම ඕනෑ තරම් කල් තියෙනව කියලා. ඒ නිසා ඒ ගැන තීරණය කරන්න මං අනාගතයට බාර කරනවා.
නෙහාරාගේ ලිපිනය
නො. 66, සාන්ත අන්තෝනි මාවත, කඩලාන, මොරටුව.
සටහන හා සේයාරූව
බර්නාඩ් ෂෝ පේ‍්‍රමසුන්දර- Silumina