Sunday, July 19, 2009

Tagged Under:

ලොව වයස්ගතම පුද්ගලයා මිය යයි

By: Last Man On: 8:54 AM

(කොළඹ-ලංකාපුවත්-ජූලි 19) ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් පොතට එක්ව සිටි හෙන්රි ඇලින්හැම් මහතා ඊයේ (18) මිය ගොස් ඇත.

මිය යන විට වයස අවුරුදු 113 වියේ පසු වූ ඇලින්හැම් 1896 වසරේ ලන්ඩනයේදී උපත ලබා ඇති අතර පසුගිය ජුනි 06 වනදා ඇලින්හැම් තම 113 වන උපන් දිනය සමරනු ලැබීය.

පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව ජීවතුන් අතර සිටි වයස්ගත එකම පුද්ගලයා හෙන්රි ඇලින්හැම් වන අතර ඒ මහතා රාජකීය නාවික ගුවන් සේවයේ නිළධාරියෙකු ලෙස සේවය කර ඇත.

හෙන්රි ඇලින්හැම් මහතා මිය යන විට මිණිබිරියන් පස් දෙනෙකුගේ හා මී මුණුබුරු මිණිබිරියන් 27 කගේ සීයා කෙනෙකුව සි‍ටියේය.

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස මීට ඉහත සිටි ජපන් ජාතික ටොනෝජි ටනාබේ මහතා මිය යාමෙන් පසු හෙන්රි ඇලින්හැම් මහතා ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් පොතට එක් විය.

0 comments:

Post a Comment