Monday, July 27, 2009

Tagged Under:

Michael Jackson's comeback
ජැක්සන්ගේ ‘ප්‍රතිගමනය’

By: Last Man On: 11:57 AM


සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන් “THIS IS IT” ප්‍රසංගය වෙනුවෙන් සිදු කළ අවසන් පුහුණුවීම් අලලා සැකසුනු චිත්‍රපටයක් නිෂ්පාදනය කර ඇති අතර එය එ‍ළඹෙන ඔක්තෝබර් මස 31වනදා එළිදැක්වීමට නියමිතව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ Sony Pictures ආයතනය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක වියදමින් මෙය නිපදවා ඇති බවයි.
“THIS IS IT” ප්‍රසංගය වෙනුවෙන් ජැක්සන් පුහුණුවේ යෙදෙන මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොකළ පැය 80වක කාලයක් පුරා ධාවනය වූ දර්ශන මගින් මෙම චිත්‍රපටය සඳහා වූ දර්ශන තෝරාගෙන තිබේ.

මෙම නව චිත්‍රපටය මීට පෙර තීරණය කර ඇත්තේ ඔක්තෝබර් 30වනදා නිකුත් කිරීමට වුවද පසුව එය ඔක්තෝබර් 31වනදා දක්වා දිනකින් පසුවට දැමීමට තීරණය වී ඇත. විශේෂයෙන්ම මෙම ඔක්තෝබර් 31වනදා ‘හැලොවීන් දිනය’ අමෙරිකාවේ බොහෝමයක් ප්‍රදේශවල ජනතාව වාර්ෂික චාරිත්‍රානුකූල උත්සවයක් ලෙස සමරනු ලබති. භූත ආත්මයන්, අවතාර මෙන්ම මෙලොවින් එපිට සිද්ධීන් මුල් කර ගනිමින් මෙම ජන උත්සවය ඇමෙරිකානු වැසියන් පවත්වනු ලබති.

කෙසේ වෙතත් මීට සති කිහිපයකට පෙර විදෙස් මාධ්‍යයන් අනාවරණය කර සිටියේ මයිකල් ජැක්සන්ගේ අවසන් පෙර පුහුණුවීම් දැක්වෙන වීඩියෝ පට සඳහා හිමිකම් කියනු ලබන AGE live සමාගම විසින් ඇතැම් දර්ශන හොලිවුඩ් චිත්‍රාගාරයට භාරදීමක් සිදු කර ඇති බවයි.
කෙසේ වෙතත් ජනතාව මෙතෙක් දැක ඇත්තේ AGE live සමාගම සතුව තිබෙන ජැක්සන්ගේ පුහුණුවීම් කටයුතු දැක්වෙන දර්ශන වලින් ඉතා සුළු කොටසක් පමණි.

පසුගිය ජුලි 02වනදා නිකුත් වුණු මෙවැනි වීඩියෝ පටයකින් දක්නට ලැබුණේ ලොස්ඇන්ජලීස්හි ස්ටේපල්ස් කේන්ද්‍රයේ දී ජැක්සන් මිය යෑමට දින දෙකකට පෙර “THIS IS IT” ප්‍රසංගය වෙනුවෙන් කළ පුහුණු වීමකි. එහිදී මෙම සුපිරි පොප් තරුව ඉතා නිරෝගීව සිටි බව දැක්වූ සාක්ෂියක් ද එම වීඩියෝ පටය මගින් කියා පෑවේය.

එමෙන්ම මයිකල් ජැක්සන්ගේ හිතවතුන් ප්‍රකාශ කර ඇත්තේ පනස් වියෙහි පසුවුනු මෙම සුපිරි ගායකයා මිය යෑමට පෙර දිනයේ දීද මෙවැනි පෙර පුහුණුවීමක් සඳහා යොමු වුණු බවත් එහි දී ඔහු ඉතා නිරෝගි සෞඛ්‍යයකින් පසුවුණු බවත්ය.
(කොළඹ, ලංකාපුවත්, ජුලි 27)

1 comments:

  1. World will always be missed mj..such a sweet heart..
    He was a target.
    He is very down to earth person 100% if you really take closer look. RIP MJ.
    Media Stinks..

    ReplyDelete