Monday, May 17, 2010

Tagged Under:

තවම කසාදයක් ගැන හිතලා නෑ

By: Last Man On: 7:19 AM
සුරූපී බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් ඇයගේ පැරණි පෙම්වතා වූ රන්බීර් කපූර් හා නැවතත් අලුතින්ම පෙම් පුවතක් ගොඩනගාගැනීමට සූදානමින් සිටින බවට පසුගිය දිනවල ඉන්දියාව පුරා උණුසුම් පුවතක් පැතිරුණි. නමුත් මෑතකදී මාධ්‍යය වෙත අදහස් දක්වමින් දීපිකා සඳහන් කර ඇත්තේ විවාහ වීමේ අදහසක් තවමත් තමා වෙත නොමැති බවය.

http://www.adaderana.lk/sinhala/content/images/1866257974_ont7.jpg

"මට තවමත් අවුරුදු 24ක් විතරයි. කවදා, කවුරුන් සමග විවාහ විය යුතුද යන්න තීරණය කිරීමට මට තවමත් බොහෝ කල් තිබෙනවා. එය කවදා සිදුවුවත්, මම එදිනට ඒ ගැන අනිවාර්යෙන්ම ජනතාව වෙත දැනුම් දෙනවා"

http://www.adaderana.lk/sinhala/content/images/1592172958_DeepikaPadukone.jpg

පසුගිය දිනෙක පැවති 63 වන කැනාස් ජාත්‍යන්තර සිනමා උළෙලෙට දීපිකා සහභාගි වූයේ රතු පලස මධ්‍යයෙනි. මීට පෙර අවස්ථාවලදී ‍ෙඑශ්වර්යා රායි සහ මල්ලිකා ශරාවත් රතු පලස මතින් කැනාස් සිනමා උළෙල වෙත සහභාගි වුව ද ජනතා ප්‍රසාදය දිනාගැනීමට සමත් නොවූයේ ඔවුන්ගේ එතරම් සිත්කළු නොවූ ඇඳුම් විලාසිතා නිසාය.

http://www.adaderana.lk/sinhala/content/images/727556292_Deepika_in_saree.jpg

නමුත් දීපිකා එහිදී විවේචනයන්ට ලක්ව ඇත්තේ ඉතාමත් අවම වශයෙනි. ඇය රතු පලස මතින් ගමන් කර ඇත්තේ රෝහිත් බාල් විසින් නිර්මාණය කරන ලද සාරි විලාසිතාවකින් සැරසීය.

0 comments:

Post a Comment