



මෑතකදී ලෝකයේ එක්තරා රටවල් දෙකක සංවිධාන දෙකක් මිනිසුන් සතුටින් ජීවත් වීම පිළිබද ව කළ සමීක්ෂණ දෙකක දත්ත ප්‍රකාශයට පත් කර ඇත. ඉන් එකකින් කියවුණේ පාරිභෝජනවාදය හා ආකල්ප ඔස්සේ මිනිසුන්ගේ සතුට මැනීමෙන් ලබාගත් තත්ත්වයන් ය.




අනෙක් සමීක්ෂණය පවත්වන ලද්දේ මහා බ්‍රිතාන්‍යයේ රාජ්‍ය නොවන සංවිධානයක් වන ´´නිව් ඉකොනොමික්ස් ෆවුන්ඩෙෂන් `` :භැඅ ෑජදබදපසජි ත්දමබා්එසදබ* ආයතනයයි. රටවල් 143ක් ඇසුරෙන් පවත්වන ලද මේ සමීක්ෂණයට අයත් රටවල ලෝකයේ ජනගහණයෙන් සියයට 99ක් වාසය කරති.
ඒ වාර්තාව අනුව ලෝකයේ ප්‍රීතියෙන්ම ජීවත්වෙන මිනිසුන් සිටින රට කොස්ටාරිකාව යි. එය මධ්‍යම ඇමෙරිකානු කලාපයේ පිහිටි රාජ්‍යයකි. මේ ලැයිස්තුවේ විසිදෙවැනි (22) ස්ථානය හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවට ය. ලෝකයේ ධනවත්ම රට ලෙෂ සැලකෙන ඇමෙරිකානු එක්සත් ජනපදයට හිමිවන්නේ එකසිය දාහතරවැනි (114) ස්ථානයයි. ඔස්ට්‍රෙලියාව 102වැනි ස්ථානයට පත් වී ඇති අතර එක්සත් රාජධානිය 74වැනි ස්ථානයට පත් වී සිටී. සිංගප්පූරුව 49ටද, ජර්මනිය 51ටද, ස්විට්සර්ලන්තය 52ටද, ජපානය 75ද, නෝර්වේ 88 ද, කැනඩාව 89ද, ඉන්දියාව 35වැනි තැනද ලබාගෙන ඇත. රටවල් 143න් අන්තිම ස්ථානය හිමිකරගෙන සිටින්නේ සිම්බාබ්වේ රාජ්‍යයයි. (දිවයින-2009.08.18)

එම සමීක්ෂණය අනුව මිනිසුන්ට ප්‍රීතියෙන්ම ජීවත් වීමට හැකි රටවල් අතර 22වන ස්ථානය හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවට ය. අප රට ලබාගත් ලකුණු සංබ්‍යාව 56.5කි. පළමු තැනට ආ කොස්ටාරිකාව ලකුණු 76.1ක් ලබාගෙන තිබුණී. ලකුණු ලැයිස්තුවේ මුල් ස්ථාන නවයක්ම මධ්‍යම ඇමෙරිකානු රටවලට ලැබී තිබීම සුවිශේෂ සිදු වීමක් ද විය.

0 comments:
Post a Comment