Monday, August 24, 2009

Tagged Under:

ස්වර්ණා 61 වැනි උපන් දිනය සමරයි
Sri Lankan Actress Swarna Mallawaarachchi's 61st Birth Day

By: Last Man On: 4:23 AM

ප්‍රවීණ සිනමා නිළි ස්වර්ණා මල්ලවආරච්චි පසුගිය පළමුවැනිදා තම ජීවිතයේ 61 වැනි උපන් දිනය සැමරුවා. ඒත් එදින ඇය හිටියේ ලංකාවේ නෙමෙයි.

ඇය ඉන්දියාවේ සංචාරයක නිරතව සිටියා. ස්වර්ණා කොහොමත් ලංකාවේ හිටියත් උපන් දිනය උජාරු උත්සවයක් කරගන්නා නිළියක් නෙමෙයි. ස්වර්ණා හැට පිරුණත් තවමත් වයස නොපෙනෙන නිළියක්.

ස්වර්ණා වසර ගණනාවකට අලුත් චිත්‍රපටයක රඟපෑවේ නැහැ. ඇය අවසන් වරට රඟපෑවේ ප්‍රසන්න විතානගේ ගේ ‘අනන්ත රාත්‍රිය’ චිත්‍රපටයේ.

ඇය ටෙලිනාට්‍යවල නම් රඟපාන්නේම නැහැ. වෘත්තිමය වශයෙන් ස්වර්ණා අද රාජ්‍ය නොවන සංවිධානයක ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක්.

ස්වර්ණගේ දියණිය (නරේන්ද්‍රා ප්‍රභාෂ්වරී බණ්ඩාරනායක) දැන් විසිපස් හැවිරිදි තරුණියක්. ඇය පසුගිය අවදියේ එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය විශ්ලේෂණය පිළිබඳ උපාධියක් ලබාගත්තා.

ඇය දැන් නැවතත් එම විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධියකට සූදානම් වෙනවා. පෞද්ගලික ජීවිතයේදී ස්වර්ණා අද වැඩි අවධානයක් යොමුකර තිබෙන්නේ රංගනයටත් වඩා ඡ්‍යොතිෂ විෂයය කෙරෙහියි. උපන් වෙලාව නිවැරැදිව කිවහොත් ඕනෑම කෙනකු මියයන වෙලාව පවා කීමට තරම් ස්වර්ණා දැන් ඡ්‍යොතිෂයේ ප්‍රවීණයි.

අපි ‘රසඳුන’ට හොඳ සම්මුඛ සාකච්ඡාවක් කරමුද?අපි ස්වර්ණාගෙන් ඇහැව්වා.

”අනේ මම ඔය ටැබ්ලොයිඩ් පත්තරවලට දැන් ඉන්ටවීව්ස් දෙන්නේ නැහැනේ. අනික මම අවුරුදු ගාණකින් මුකුත් කළෙත් නැහැ. ඉතින් මොනව කතාකරන්නද? කොහොම වුණත් ආයේ දවසක කතා කරන්නකෝ?” ස්වර්ණා අපට එසේ කියා සිටියා. - Silumina

0 comments:

Post a Comment