Sunday, October 11, 2009

Tagged Under:

අපේ ජැකලයින්ට තවත් චිත්‍රපටයක්

By: Last Man On: 12:36 AM

ශ්‍රී ලංකාවෙන් බොලිවුඩ් සිනමාවට එක්වුණු රූ රැජන ජැකලයින් ෆර්නැන්ඩස් ට මේ වනවිට තවත් චිත්‍රපටවල ප්‍රධාන චරිත නිරූපණය කරන්නට ඇරියුම් ලැබෙමින් තිබෙනවා.

ඇය මුලින් ම රඟපෑ ‘ඇලඩින්’ චිත්‍රපටය මේ ඔක්තෝබරයේ දී තිරගත වීමට නියමිතයි.

මේ චිත්‍රපටයේ ගීත ඇතුළත් සී.ඩී. තැටිය පසුගිය සතියේ දී නිකුත් වුණා. ඒ වෙනුවෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවටත් ජැකලයින් සහභාගි වී සිටිනු දක්නට ලැබුණා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑ අමිතාබ් භච්චන් සහ රිටීෂ් දේශ්මුඛ් ද පැමිණ සිටියා.

‘ඇලඩින්’ චිත්‍රපටයේ ජැකලයින් රඟපෑ දර්ශන කිහිපයක් නරඹන්නට ජෝන් ඒබ්‍රහම්ට අවස්ථාව සැලසුණේ හදිසියෙන්මයි. ඒ දර්ශන නැරඹූ ජෝන්ට ජැකලයින්ගේ රඟපෑම් තදින් ම හිතට කා වැදුණා.

ඒ මොහොතේදීම ඔහුට සිහිපත් වුණේ ‘ස්ටුඩියෝ එයිටීන්ත්’ චිත්‍රාගාරයේ පැත්තකට දමා තිබෙන අතරමඟ වැඩ නවතා තිබූ චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබුණේ ජෝන්ගේ හිතවතෙකු වන සාබල් ශෙඛාවට්. ඔහු වහාම තම හිතවතාට කතා කර අතරමඟ ඇණහිටි එම චිත්‍රපටය ගැනත් ජැකලයින් ගැනත් විස්තර පැවසුවා.

ජෝන් ඒ අධ්‍යක්ෂවරයාට ඒත්තු ගැන්වූයේ ජැකලයින්වත් එකතු කරගෙන ඒම චිත්‍රපටයේ රූපගත කිරීම් නැවතත් ආරම්භ කරන්නට තිබෙන හැකියාව ගැනයි. අධ්‍යක්ෂ සාබල්, ඒ අදහසට එකඟවුණා.

චිත්‍රපටයේ ප්‍රධාන නිළිය හැටියට ජැකලයින්ව තෝරාගන්නට ඔහු කැමැති වුණා. ඒ අනුව ජැකලයින් සහ ජෝන් පෙම්වතුන් ලෙස මේ චිත්‍රපටයේ රඟපෑමට එක්වේවි.

“ජෝන්, ජැකලයින්ව ටික කලෙක ඉඳන් දන්නවා. ව්‍යායාම් කරන්න යන්නෙත් එකම ජිම් එකටයි. චිත්‍රපටයේ නිෂ්පාදනයටත් ජෝන් හවුල් වේවි.

චිත්‍රපටයට තාම නමක් දාලා නැහැ. නමුත් මේක පෙම්කතාවක් කියලයි ආරංචි. ජැකලයින් නිරූපණය කරන්නෙ ක්‍රීඩිකාවකගේ චරිතයක්ලු.

0 comments:

Post a Comment