Monday, October 19, 2009

Tagged Under:

"හිරුමලී" හරහා අමිලා රංගනයට

By: Last Man On: 2:21 PM
තේමා ගීතයත් අමිලාගෙන්මයි

සිරස සුපර් ස්ටාර් තරු මාවතේ දෙවැනි අදියරේදී මියුරු හඬින් ගී ගයා ශ්‍රී ලාංකේය ගීත ලෝලීන් අමන්දානන්දයට පත් කළ ගීත කෝකිලාව අමිලා නදීෂානි මෙදා ඔබ හමුවට එන්නේ නවමු මුහුණුවරකිනි.

අමිලා සිය කලා දිවියේ රංගන සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින්, පුංචි තිරය රැගුමින් එකලු කිරීමට සැරසෙන මේ පුවත ඔබට සැබැවින්ම සතුටුදායක පුවතක් වනවා නිසැකය.

ඒ පුංචි තිරයට අලුතින්ම එක් වන ටෙලි සිතුවම වන ‘හිරුමලී’ හරහාය. කතාංග හතළිස් හයකින් යුත් ‘හිරුමලී’ හි දිරිය යුවතියකගේ චරිතයකට පණ දෙමින් අමිලා සිය රංගන ප්‍රතිභාව රූප මාධ්‍යයේ සනිටුහන් කරන්නට සැරසෙන මේ මොහොතේ ‘සරසවිය’ ඊට සුබාශිංසන එක් කරන්නේ සෙනෙහෙ සිතිනි.

‘හිරුමලී’ හි කතා නායිකාව අමිලාය. කතා නායකයා මංජුල මොරගහය. ‘හිරුමලී’ පසුගියදා කතා නායිකාව කතා නායකයා ඇතුළු සෙසු ශිල්පීන් පිරිවරා සිය මුහුරත් උළෙල පසුගියදා බත්තරමුල්ලේදී පැවැත් වූවාය.

ප්‍රවීණ ටෙලි නිර්මාණ අධ්‍යක්ෂ කුමාරසිරි අබේකෝන්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන ‘හිරුමලී’ ගාමිණී චමින්දගේ කැමරාවෙන් රූ ගැන් වේ.

සමන්ති අල්විස්ගේ සංගීතයෙන් හැඩ වන ‘හිරුමලී’ හි තේමා ගීත ගායනය ද අමිලා නදීෂානි ගෙන්මය.

අමිලා හා මංජුල ප්‍රධාන චරිත මෙහෙයවන මේ ටෙලි නිර්මාණය සඳහා මොරින් චාරුණි, නිමල් යටිවැල්ල, රිචඩ් මානමුදලි, මනීෂා ශ්‍යාමලී, මධුකා ගුණතිලක, ඩැනී සමරවීර, බුද්ධි වික්‍රම, ශ්‍රීමතී ජයවීර, හිරන්‍යා මිනෝලි ඇතුළු නළු නිළි පිරිසක් රංගනයෙන් දායකවීමට නියමිතය.

මේ සති අන්තයේදී ඉංගිරිය ප්‍රදේශයේදී රූගත කිරීම් ඇරඹෙන ‘හිරුමලී’ එළඹෙන නොවැම්බරයේ සිරස ටී. වී හරහා ඔබ හමුවට පැමිණීමට නියමිතය.

මේ සොඳුරු ටෙලි නිර්මාණයේ කතාව හා නිෂ්පාදනය ප්‍රවීණ ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයකු වන මෙල්රෝයි සල්ගාදු වේ.


"හංස රැඟුම්" පුංචි තිරයෙන්

සසන්ති කලකට පසු පුංචි තිරයේ

ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක තිස්ස විජේකෝන් ගේ දාහතරවැනි ටෙලි සිත්තම වන ‘හංස රැඟුම්’ එළඹෙන 19 වැනිදා සිට සෑම සඳුදා දිනකම රාත්‍රී 8.35 ට ජාතික රූපවාහිනියෙන් ඔබේ ආලින්දයට පැමිණේ.

ගැමි සිතුම් පැතුම් සහිත ඉංජිනේරුවරයකු සහ මන්ත්‍රීවරයකුගේ දියණියක වන කෙළිලොල් තරුණියක අතර ඇති වන විවාහය සහ එම පවුලේ ඇති වන නිරන්තර අඬ දබර ආරවුල් මෙන්ම ආදරය නිසා මිනිසුන් හරහා රැවටිලි සහගත ක්‍රියාවන් රැගත් ‘හංස රැගුම්’ විවිධ ජීවිත කැටි කොට ගනිමින් ඒ ඒ ජීවිත ඔස්සේ මිනිස් ජීවිතයේ විවිධ පැතිකඩ සොයා යන කතාන්තරයකි. මෙය හාස්‍ය හා කුතුහලය ද කැටි කොට ගත් ටෙලි නිර්මාණයකි.

සුනන්ද සිල්වාගේ රචනයකට අනුව නිර්මාණය වූ මේ ටෙලි වෘත්තාන්තයෙහි අමිත්ත වීරසිංහ, සසන්ති ජයසේකර, සරත් ගුණසේකර, බුද්ධික ජයරත්න, මියුරි සමරසිංහ, ඥානාංග ගුණවර්ධන, ජී. ආර්. පෙරේරා, කුසුම් මල්දෙණිය, මංජුල මොරගහ, නිමල් විජේසිංහ, රෝමා රෝසි ජයකොඩි, රත්නා ලංකා අබේවික්‍රම ඇතුළු නළු නිළි පිරිසක් රංගනයේ යෙදෙති.

හර්ෂ ආරියසිංහගේ සංගීතයෙන් සුසැදි මෙහි ගායනය උරේෂා රවිහාරි ගෙනි.

හංස රැඟුම් ඩී. යූ. කඳනාරච්චි, සනත් ධර්මරත්න සහ පද්මසිරි ගමගේ ගේ නිෂ්පාදනයකි.

0 comments:

Post a Comment