තනූජා දිල්හානි
ඇය මෙරට සුවහසක් රසික රසිකාවියන්ගේ ආදරය දිනූ රුවැත්තියකි. රංගන ශිල්පිනියක, වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක සහ නර්තන ශිල්පිනියක ලෙස කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක යෙදෙන, කලා හැකියාවන් රැසකින් පිරිපුන් මේ යොවුන් තාරකාව කවුරුත් හඳුනන්නේ තනූජා දිල්හානි ලෙසයි. මේ දිනවල
රූපවාහිනිය ඔස්සේ දිග හැරෙන ටෙලිනාට්‍ය සහ වෙළෙඳ දැන්වීම් රැසක් සමඟ ඇය අපේ ආලින්දයට ගොඩවදින්නීය. කලා කටයුතු සමඟ කාර්ය බහුල දිවියක් ගත කළ ද තනූජා පසුගිය දිනෙක ඇයගේ නවතම කලා තොරතුරු පිළිබඳ අප සමඟ කතා බහ කරන්නට එක්වුණා. තනූජා ‘රසඳුන’ සතුටු සාමීචිය සමඟ එක්වුණු සොඳුරු මොහොතයි මේ.
ටෙලිනාට්‍ය කීපයක් සමඟ ඔබ ආයෙමත් කාර්යබහුල වෙලා වගේ?
ඇත්තටම ඔව්. මේ දවස් ටිකේ ම නවතම ටෙලිනාට්‍ය දෙකක රූපගත කිරීම් සඳහා මම සහභාගි වෙනවා. මේ දෙකම රූ ගැන්වෙන්නේ කොළඹින් පිට. ඒ නිසා තරමක් කාර්ය බහුලයි. ඒ වගේ ම වී. සිවදාසන් අධ්‍යක්ෂණය කරන ‘අළුපාට හීන’ ටෙලිනාට්‍යයත් මේ දිනවල විකාශනය වෙනවා. එය ස්වර්ණවාහිනිය ඔස්සේ මගේ රසික රසිකාවියන්ට දැක බලා ගන්න පුළුවන්.
‘අළුපාට හීන’ ටෙලිනාට්‍යයේ ඔබ නිරූපණය කරන්නේ සංකීර්ණ චරිතයක් ?
මේ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කරන්නේ විශ්වවිද්‍ය්‍යාල මහාචාර්යවරයෙක් සමඟ විවාහ වී සිටින තරුණ කාන්තාවක ගේ චරිතයක්. ඔවුන් අතර පවතින වයස් පරතරය, මත ගැටුම් රැසක් ඔස්සේ නවතම කතා තේමාවකින් යුතුව මේ ටෙලිනාට්‍යය දිග හැරෙනවා. කුතුහලය, සානුකම්පිත බව ඉස්මතු වෙන චරිතයක් එය. එය ප්‍රේක්ෂකයන්ට රසවත් කතාවක් වෙයි කියා මම හිතනවා.
ඔබ මීට පෙර ‘සක්විත්තෝ’ ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වුණා. එහි රඟපෑ චරිතය ගැන ඔබ තෘප්තිමත් ද?
මට ලැබුණු චරිතය ගැන මම ඉතාම තෘප්තිමත් වෙනවා. මොකද ‘සක්විත්තෝ’ ටෙලිනාට්‍යයේ ‘චාරුණිකා’ කියන චරිතය තමයි මට රඟපාන්න ලැබුණේ. මේ චරිතයේ විශේෂත්වය තමයි තමන් විසින් ම දියුණු වෙන්න බලාගෙන වැඩ කරන තරුණියකගේ චරිතය. මේ චරිතයට හුඟාක් හොඳීන් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. ඒ නිසා මම හිතනවා ඒ චරිතයට මම සාධාරණය ඉෂ්ට කළා කියලා.
මේ දිනවල රූපවාහිනී නාලිකා ඔස්සේ ‘සුපිරි තරු’ බිහිකරන රියැලිටි වැඩසටහන්වලට දායක වෙන්නට ඔබට ආරාධනා ලැබුණේ නැත් ද?
මම මීට පෙර ‘සිරස’ රූපවාහිනිය ඔස්සේ ඉදිරිපත් කරපු ‘සිරස ඩාන්සින් ස්ටාර්ස්’ වැඩසටහනට සහභාගි වුණා. නමුත් ඒ වැඩසටහන ගැන මට යම් කල කිරීමක් ඇතිවුණා. ඒ තුළ විනිවිද භාවයක් මම දුටුවෙ නැහැ. ඒ තුළ කිසිම රියැලිටි බවක් මම දැක්කෙ නැහැ. ඒ හින්ද පසු කාලෙක විවිධ රූපවාහිනි නාලිකා හරහා විවිධ ගායන හා නර්තන වැඩසටහන්වලට සහභාගිවෙන්න කියලා මට ආරාධනා ලැබුණත් ඒවා සියල්ල ප්‍රතික්ෂේප කරන්නට මට සිදුවුණා.
ඔබේ සිනමා අත්දැකීම් පිළිබඳව කතාකළොත්?
මෙහෙමයි. මේ වෙනකොට ‘රෝස කැලේ’, ‘එකමත් එක රටෙක’ කියන චිත්‍රපට දෙකට මම දායක වෙලා තිබෙනවා. ඊට අමතරව ‘වියපත් බඹරා’ කියන චිත්‍රපටයටත් දායක වෙන්න ලැබුණා. සමහරක් චිත්‍රපටවලට මට ආරාධනා ලැබුණත් ආර්ථික සහ නිර්මාණාත්මක අතින් සතුටු වෙන්න බැරි නිසා ඒවා මට අත්හැර දමන්න සිදුවුණා.
ඔබ පසුගිය දිනෙක විවාහ දිවියට ඇතුළත් වුණා. ඒ ගැනත් කතාබහ කරමු.
මම විවාහ වුණේ පණ්ඩුක දයානන්ද සමඟ. ඔහු ජනප්‍රිය කැමරා ශිල්පි කීර්ති දයානන්ද මහත්මයාගේ පුතණුවන්. පණ්ඩුක ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරනවා. අපි විවාහ වුණේ ආදර සම්බන්ධතාවයකින්. ඇත්තටම අපේ මංගල උත්සවය ලස්සනට සිදු කරන්නට අපි දෙන්නගෙම හිත් තුළ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. එය ඒ අයුරින් ම ඉෂ්ට කර ගන්නට අපට හැකි වුණා. ඉතා හොඳ විවාහ ජීවිතයක් ගත කරන්නට අපි දෙදෙනාම බලාපොරොත්තු වෙනවා.
ඔබේ පෞද්ගලික ජීවිතයට වගේ ම කලා ජීවිතයට පණ්ඩුක ගෙන් ලැබෙන්නේ මොනවගේ සහයෝගයක් ද?
පණ්ඩුකගෙන් විවාහ වන්නට පෙර සිටම මට ලැබුණු සහයෝගය අතිවිශාලයි. පණ්ඩුකගෙන් වගේ ම පණ්ඩුකගේ පියා ගෙනුත් නිතරම අවවාද උපදෙස් අරගෙන තමයි මම කලා කටයුතුවල නිරත වෙන්නේ.
ඔබේ කැදැල්ලට තුන් වැන්නෙක් එක්කර ගැනීමේ බලාපොරොත්තුවක් තවම නැද්ද?
ඇත්තටම එහෙම ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. ඒත් තවම ඒ ලකුණු නම් නැහැ.
ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද? අපි ඒ ගැනත් කතා කරමු.
අපි පටන් ගත්ත විවාහ ජීවිතේ බාධාවකින් තොරව ගෙන යන්නත් මගේ කලා කටයුතු, ව්‍යාපාර කටයුතු දියුණු කරගන්නත් පුංචි බලාපොරොත්තුවක් තියෙනවා.




අයෝමි ශානිකා ගැරඬි අල්ලන 























විශේෂයෙන්ම තරුණ තරුණියන් සමඟ ඉතාම එකමුතුව, නිහතමානීව, ලොකු පොඩි, දුප්පත් - පෝසත් භේදයකින් තොරව කාටත් එක වගේ සැලකීමට දක්ෂ කටයුතු කරන පුද්ගලයෙක් විදිහට නාමල්ව හඳුන්වන්න පුළුවන්. 




සුවහසක් යොවුන් සිත් සතන් සෙනෙහසින් වැළැඳගත් යොවුන් රුවත්තිය චතුරිකා පීරිස් මේ දිනවල ගෙවන්නේ දැඩි කාර්යබහුල දිවියක්. පුංචි තිරයෙන් නිතරම අප හමුවට එන චතුරිකා අද දවසේ වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමි කරගෙන සිටින්නේ සිනමා නිළියක් විදහට. ඒ ආනන්ද වික්‍රමසිංහගේ ‘හදවත මල් යායයි’ චිත්‍රපටයේ ඈ රඟන චරිතය සමගින්.
මගේ ඇඳුම් පැළඳුම් නිර්මාණය කළේ රමණී අලකොලංග. ඇය මට ලොකු සහයක් දුන්නා. ඇත්තටම මගේ ඇඳුම් හරිම ලස්සනයි. ඒ වගේම මාව හැඩ ගැන්වූ නන්දේ අයියා සහ කොණ්ඩා මෝස්තර නිරූපණය කළ ලලිත් අයියාවත් මේ වෙලාවේ මතක් කරනවා. ලලිත් අයියා මගේ කොණ්ඩෙට කිසිම හානියක් නොවෙන විදිහට මගේම කොණ්ඩය විවිධ විලාසිතාවලින් සැරසුවා.
අපි දෙන්නට හොඳම කාලය එනකල් ඉන්නවා. මම හිතන්නේ ගෙවල්වලින් අපට දැනුම් දීලා තියෙන්නේ 2011 න් පස්සේ මේ කටයුත්ත සිදු කරන්නයි. මම හිතන්නේ අපේ කේන්දරවලත් තියෙන්නේ ඒ කාලය තමයි විවාහයට සුදුසු කියලා. වෙලාව ආපුවාම ඒ ගැන ඔයාලට කියන්නම්කෝ, සරසවියේ” අයට පුදුම හදිස්සියක් නේ තියෙන්නේ අපි දෙන්නව කසාද බන්ඳන්න.




ප්‍රේක්ෂකයින් අතර ඉතාමත් ජනප්‍රියත්වයට ප්‍රාත්‍ර වූ නිළියක් ලෙස නදී චන්ද්‍රසේකර හඳුන්වාදෙන්න පුළුවන්. අසිනි වැහි, රිදී ඉට්‌ටංකරය වැනි ටෙලිනාට්‍ය ඔස්‌සේ මෙලෙසින් ජනප්‍රියත්වයට පත් වූ නදී මෑත කාලයේ නිළියන් අතර තරමක් නොපෙනෙන නිහඬ චරිතයක් වී තිබෙනවා. මේ නිසාම ඇගේ තොරතුරු පිළිබඳ අපි විමසීමක් කලා. එහිදී අපට දැනගන්න ලැබුණේ ඇයගේ ටෙලිනාට්‍ය නිෂ්පාදන ආයතනය මගින් නිෂ්පාදනය කළ අලුත් ටෙලිනාට්‍යයේ වැඩකටයුතුවල නිරත වී සිටි බවයි. එය ලඟදීම ප්‍රේක්ෂකයින්ට පුංචි තිරය ඔස්‌සේ දැකබලාගැනීමට අවස්‌ථාව උදාවෙනවා.
සං
(Colombo Lankapuvath March 08) Galle district UPFA candidate Geetha Kumarasingha and Colombo District UNP candidate Rosy Senanayake are two popular and attractive contestants seeking entry to the Legislature. 

මේ අමිලා නදීෂානි. ඈ පිළිබඳ අමුතුවෙන් වචන ලියා හඳුන්වා දිය යුතු නැහැ ඔබට. අමිලා ගැන අලුත්ම ආරංචියයි මේ. ගායිකාවක ලෙස දෙස් විදෙස් සිත් සතන් තුළ සංගීතයේත්, ගීතයේත් මිහිරියාව වැපිරූ අමිලා මේ දිනවල නිළියක ලෙස කාර්යය බහුල චරිතයක්.

