Monday, March 15, 2010

Tagged Under:

අවසර නැතිව දැන් රඟපාන්න බැහැ...

By: Last Man On: 1:19 AM
අමා විඡේසේකර
කලකට පෙර පුංචි තිරය හැඩ කළ අමා ශාඛ්‍යා විඡේසේකර ඔබට මතකද? අමා වසර කිහිපයක සිට පෙනෙන්නට නැත්තේ ඇයි? මේ තරුවලට ආදරය කරන ඔබ ඒ විස්‌තර දැනගන්න කැමැති ඇති. පස්‌සේ ගෙනා මනමාලි, ගැහැණු ළමයි, ඉරැස්‌මා, නිසල විල, වස්‌සානයේ හිරු ඇවිදින්, රඟසොබා වැනි ටෙලිනාට්‍ය සමග ඔබගේ සිත් ගත් ඇය මේ දිනවල මොනවද කරන්නෙ? ඒ ගැන දැනගන්න අමා හමුවූ මොහොතකි මේ.

අමා විවාහ වී සිsටින්නේ මහාචාර්ය ජගත් වික්‍රමසිංහගේ එකම පුතු වන දමිත වික්‍රමසිංහ සමගිනි. මීට වසර තුනකට පෙර විවාහපත් වූ කුසලතා පූර්ණ අමා නැවත රඟපාන්න එක්‌වූයේ නැත්තේ ඇයි? ඒ විස්‌තර අපි අමාගෙන්ම අහමු.

අමා ඇයි රංගනයෙන් ඈත් වුණේ?

රඟපෑම ගැන කවදාවත් මම වෘත්තීය මට්‌ටමින් හිතුවෙ නැහැ. ආසාව නිසා තෝරගෙන හොඳයි කියලා හිතෙන නිර්මාණ කිහිපයක විතරක්‌ රඟපෑවා. විවාහයෙන් පස්‌සේ නම් කිසිම නිර්මාණයකට සම්බන්ධ වුණේ නැහැ. ඒකට හේතු වුණේ වේලාව මදිකම. අනික අපි වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණ ආයතනයක්‌ පටන් ගත්තා. මාත් එහි වැඩ කරනවා. දමිතගෙත් එතරම් කැමැත්තක්‌ තිබුණේ නැහැ රංගන ක්‍ෂෙත්‍රයේ දිගටම මම රුදී සිටිනවට.

ආ දැන් රඟපානවනම් අනිවාර්යෙන්ම සැමියා සමඟ ඒ ගැන සාකච්ඡා කරලා තමයි කරන්නේ. අනික එදාට වඩා අද මගේ බාහිර ස්‌වරූපයත් ගොඩක්‌ වෙනස්‌ වෙලා. ඒ නිසා මිනිසුන්ගේ විහිළුවක්‌ වෙන චරිත කරන්නත් බැහැ. මට ගැලපෙන හොඳයි කියලා හිතෙන චරිතයක්‌ ලැබුණොත් ඉඩ ලැබෙන විදිහට රඟපාන්න ආසාවක්‌ නැතුවමත් නෙමෙයි.

දැන් කාලය ගෙවෙන්නේ ව්‍යාපාරයත් සමගද?

ඔව්. Minlo Media House PVT Ltd නමින් තමයි අපේ වෙළෙඳ දැන්වීම් ආයතනය නම් කරලා තියෙන්නේ. දමිත එහි ප්‍රධාන විධායක නිළධාරී හැටියට කටයුතු කරනවා. ගොඩක්‌ ලොකු ව්‍යාපාරයක්‌ නම් නෙමෙයි සාමාන්‍ය විදිහට කරගෙන යනවා. මම එහි අධ්‍යíවරියක්‌ හැටියට වැඩ කටයුතු කරනවා.

එදාට සාපේක්ෂව අද ලැබෙන ප්‍රතිචාර මොනවගේද?

හැම අතින්ම ලොකු පිළිගැනීමක්‌ තියෙනවා. ඇත්තටම ඒක ලැබුණේ මම ලíමන් විෙ-සේකරගෙයි, චන්ද්‍රා කළුආරච්චිගෙයි දුව වුණ නිසයි කියලයි මට හිතෙන්නේ. මොකද ඔවුන් කලා ක්‍ෂෙත්‍රයේ වගේම පවුල් ජීවිතයෙත් වැදගත් විදිහට සාර්ථක ගමනක්‌ ගිය නිසා තමයි අපිත් අද යම් ස්‌ථානයක සිටින්නේ.

සැමියගේ ගෙදර පරිසරය ගැන තිබෙන පැහැදීම මොනවගේද?

දමිතගෙ ගෙදර ජීවත් වීම හරිම පහසුයි. පවුලේ එකම දරුවා දමිත නිසා එයාගේ අම්මයි තාත්තයි එයට වගේම මටත් ආදරෙයි. මමත් ඔවුන්ට ගොඩක්‌ ආදරෙයි. නාවල තමයි අපි පදිංචිවෙලා ඉන්නේ. ඒ නිසා අමුතු තැනක්‌ විදිහට මට දැනෙන්නෙත් නැහැ.

දමිත කලාව කෙරෙහි දක්‌වන රසවින්දනය මොනවගේද?

ඉතාම හොඳ රසවින්දනයක්‌, රසිකත්වයක්‌ තියෙන කෙනෙක්‌. සමහර විට මම ක්‍ෂෙත්‍රයේ කෙනෙක්‌ නිසා නිර්මාණය දිහා බලන විදිය වෙනස්‌ වෙන්නත් පුළුවන්. නමුත් මට හිතෙන විදිහට නම් මටත් වඩා හොඳට එයා නිර්මාණ රසවිදිනවා. බොහෝ වෙලාවට අපි දෙන්නටම රසිකත්වය එක හා සමානයි. ඒ නිසාම තමයි විවේකයක්‌ ලැබුණහම අපි දෙන්නම ගීත අහනවා, චිත්‍රපට, වේදිකා නාට්‍ය නරඹන්න යනවා. වැඩිපුර පොත් කියවනවා.

ගෙවී ගිය කාලය ගැන හිතෙන්නෙ කොහොමද?

මගේ ජීවිතය පුරාවට ලොකු හැලහැප්පීම් තිබුණේ නැහැ. ඒ වගේමයි එකම අංශයකට කියලත් මම වැඩිපුර බරක්‌ දුන්නේ නැහැ. ඒ නිසා විවිධ විෂයන් අධ්‍යනය කරන්න හැකියාව ලැබුණා. විවාහයෙන් පස්‌සේ සම්පූර්ණ කාලය පවුල් ජීවිතයට මුල් තැන දුන්න නිසා රඟපෑමෙන් තරමක්‌ බැහැර වුණේ. මේ ආගමන ගැන මට සතුටුයි. ඉදිරියේදීත් හරි දේ හරියට කරමින්, සමාජයට රටට වැඩදායී විදිහට සතුටින් ගතකිරීම තමයි අරමුණ.

ඔබේ රංගන ජීවිතය ගොඩ නැගුණේ දෙමාපියන් මතින්. ඒ දෙදෙනා ගැන ඔබ හිතන විදිහ?

ඒ දෙන්නා කලා ක්‍ෂෙත්‍රයේ හුඟක්‌ හොඳ පවුල් ජීවිතයක්‌ ගතකරන දෙන්නෙක්‌. මම ගොඩක්‌ ආඩම්බර වෙනවා ඒ දෙන්නා ගැන. කලා ක්‍ෂෙත්‍රය ගැන හොඳ අවබෝධයක්‌ තියෙනවා. සල්ලිවලට වඩා මනුස්‌සකමට මුල්තැන දෙමින් සමාජයට ආදර්ශවත් විදිහට ජීවත් වෙන අය. ඒ දෙන්නා වපුරපු දෙයින් අස්‌වනු නෙලුවේ මමයි මල්ලියි. දෙමාපියන් තුළ තියෙන හොඳ ආකල්ප අපිට ලැබුණ නිසා සමාජයේ ජීවත් වීම හරිම පහසුයි. මම විශේෂයෙන් කැමැතියි අම්මා පුළුවන් තාක්‌කල් රඟපානවට. තාත්තා ආශාවන් පසුපස යන්නේ නැති අමුතුම චරිතයක්‌. එයා ගායනයට ගොඩක්‌ දක්ෂයි.

රංගන කුසලතාව මගහැර සිටීම අපරාධයක්‌ කියලා හිතෙන්නේ නැද්ද?

මම දකින්නේ ඒක තමයි වාසනවා. එක්‌කෙනෙක්‌ට එක දෙයක්‌ ලැබෙන කොට තව දෙයක්‌ මගහැරෙනවා. මම සමහර විට නිළියක්‌ විදිහට දිගටම ගියානම් සාර්ථක පවුල් ජීවිතයක්‌ නැති වෙන්න පුළුවන්. කලාවට මම කවදත් ආදරෙයි. නමුත් එදා මට වැඩිපුර බර තිබුණේ පවුල් ජීවිතයට. ඉතිං මම ඒකට කැප වුණා.

ව්‍යාපාරවලින් බැහැරව නැවත රංගනයට පිවිසීමට කොපමණ කාලයක්‌ යයිද?

ඒ ගැන නම් හරියටම කියන්න බැහැ. රංගනයට කෙසේ වෙතත් මගේ තාත්තගෙ බලාපොරොත්තුවක්‌ තියෙනවා චිත්‍රපටයක්‌ අධ්‍යක්ෂණය කරන්න. ඒකෙදි නිෂ්පාදන අංශයෙන් හරි යම්කිසි දායකත්වයක්‌ දෙන්න මගෙ හීනයක්‌ තියෙනවා. ඒක සමරවිට තව අවුරුද්දකින් දෙකකින් වෙන්නත් පුළුවන්. ඒ වගේමයි ඉදිරියේදී ව්‍යාපාර කටයුතුත් දියුණු කර ගැනීම තමයි මගෙයි මහත්තයගෙයි එකම බලාපොරොත්තුව.

සැමියගේ තාත්තා මහාචාර්යවරයෙක්‌. ඒ පවුල් පසුබිම ගැන ඔබේ පැහැදීම?

මොන තරාතිරම දැරුවත් තාත්තා තාත්තමනේ. ඒ අම්මා තාත්තා මට මගෙම අම්මා තාත්තා වගේ. හරිම සුහදයි. ඒ වගේමයි ඔවුන් කෙරෙහි ලොකු ගෞරවයක්‌ මට තියෙනවා.

0 comments:

Post a Comment