Friday, March 5, 2010

Tagged Under:

Amila Nadeeshani

By: Last Man On: 2:13 PM

සෙනේෂ් ගේ දැවැන්ත ටෙලි නිර්මාණයේ ප්‍රබල චරිතයක් අමිලාට

මේ අමිලා නදීෂානි. ඈ පිළිබඳ අමුතුවෙන් වචන ලියා හඳුන්වා දිය යුතු නැහැ ඔබට. අමිලා ගැන අලුත්ම ආරංචියයි මේ. ගායිකාවක ලෙස දෙස් විදෙස් සිත් සතන් තුළ සංගීතයේත්, ගීතයේත් මිහිරියාව වැපිරූ අමිලා මේ දිනවල නිළියක ලෙස කාර්යය බහුල චරිතයක්.

කුමාරසිරි අබේකොන් අධ්‍යක්ෂණය කරනු ලබන, මිල්රෝයි සල්ගාදු නිෂ්පාදනයෙන් සවිය සපයන ‘ හිරුමලී ‘ ටෙලිනාට්‍යයේ සුවිශේෂී චරිතයකින් පුංචි තිරයට පාතැබූ අමිලාට රංගන ක්ෂේත්‍රයේ ඉහළ ඉල්ලුමක් ලැබී තිබෙනවා.

ඒ අනුව සෙනේෂ් බණ්ඩාර දිසානායකගේ අලුත්ම, වෙනස් ආරක්ගත් ටෙලි නාට්‍යයේ ද ප්‍රධාන චරිතයක් අමිලාට හිමිවෙලා. බණ්ඩාරවෙල සීතල පරිසරයේ මිහිදුම් සළු එතුනු කඳු වළල්ලක් ආශි‍්‍රතව රූගත කිරීම් සිදුවන මේ අපූරු ටෙලිනාට්‍යයේ අමිලා චිත්‍ර ශිල්පිනියක්.

මේ ටෙලි නාට්‍යය අමිලාට තවත් වැදගත් සන්ධිස්ථානයක්. ඒ අමිලාගේ එකම පුතු බිතුම් චබී ශානක්‍ය මේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය හොබවනවා. බිතුම් මවන චරිතයේ අම්මාගේ චරිතය නිරූපණය කිරීමටයි මෙවර අමිලාට භාග්‍ය උදාවී තිබෙන්නේ.

සැබෑ ලෝකයේ සෙනෙහස දොරේ ගලන කැදැල්ලේ අම්මා සහ පුතණුවන් පුංචි තිරයේ මවන අපූරු රටා අපි ඉදිරියේ දී නරඹමු. නොපිරිහෙන ජනපි‍්‍රයත්වයක් සදා හිමිකරගත් අමිලාගේ රංගන දිවියට සරසවිය සුබපැතුම්.

0 comments:

Post a Comment