Wednesday, September 2, 2009

Tagged Under:

ජැක්සන්ගේ භූමදානය රාත්‍රී කාලයේ

By: Last Man On: 4:54 AM
2009 සැප්තැම්බර් 06 වෙනි ඉරිදා, 12:41

(කොළඹ, ලංකාපුවත්, සැප්තැම්බර් 06) – මීට මාස දෙකකට පෙර මිය ගිය සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ භූමදාන කටයුතු පසුගිය සැප්තැම්බර් 03වනදා රාත්‍රියේ දී පවුලේ උදවිය ඇතුළු සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුවිය.

ලොස්ඇන්ජලීස්හී ෆොරස්ට් ලෝන් සුසාන භූමියේ දී (Forest Lawn Cemetery) මෙවර සැබෑ ලෙසින්ම ඔහු අවසන් ගමන් ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පොප් රජුන් ලෙසින් සැලකෙන මයිකල් ජැක්සන්ගේ ජීවිතයේ කුමන හෝ අවස්ථාවක යම් කටයුත්තක් සිදු කළහොත් එය ලොව පුරා විදුලි වේගයෙන් ප්‍රසිද්ධ වුවද ඔහුගේ මෙම අවසන් ගමන ඉතාමත් රහසිගතව සිදු කිරීමට පවුලේ උදවිය කටයුතු කර තිබුණි. එහිදී කිසිදු මාධ්‍යයකට එය ආවරණය කිරීම වෙනුවෙන් අවස්ථාව නොලැබීමද විශේෂත්වයකි.

ජැක්සන්ගේ භූමදාන කටයුතු සඳහා ඔහුගේ පවුලේ අය සහ ඥාතින් පැමිණ ඇත්තේ රථ 31කින් සැදුම්ලත් රිය පෙරහැරකිනි.

ජැක්සන්ගේ දරුවන් තිදෙනාත් පවුලේ උදවියත් හැරුණු විට ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ නිළි එලිසබෙත් ටේර්ලර්, ජැක්සන්ගේ හිටපු බිරිඳක් වන ලීසා මාරි පේස්ලි, නළු මැකියුලේ කල්කින්, පූජ්‍ය අල් ෂාප්ටන්, බේස් බෝල් ක්‍රීඩක බැරී බොන්ඩිස් යන අය ඇතුළු තවත් සිමිත පිරිසක් මෙම භූමදාන අවස්ථාවට සහභාගී වී ඇති බවට වාර්තාවේ.

ඉතාමත් ජනප්‍රිය චරිත භූමදානය කරනු ලබන සුසාන භූමියක් ලෙසින් ලොස්ඇන්ජලීස්හී ෆොරස්ට් ලෝන් සුසාන භූමිය (Forest Lawn Cemetery) ප්‍රචලිතය. මෙහි ප්‍රධාන සොහොන් ගැබ පිහිටි භූමියේ ස්මාරක ඉදි නොකෙරෙන බවද වාර්තාවේ. විදෙස් පුවත් වාර්තා කරනුයේ එම භූමිය කෙනෙකුව රහසේ මිහිදන් කිරීමට උචිතම සුසාන භූමියක් ලෙසටය.

මයිකල් ජැක්සන්ගේ මෘත ශරීරය මෙහි වලදමා ඇත්තේ ප්‍රධාන සොහොන් ගැබ් සකස් කර ඇති ස්ථානයේය. එම භූමි ප්‍රදේශය ලියනාඩෝ ඩාවින්චි විසින් ඇද ඇති ‘අන්තිම භෝජන සංග්‍රහය’ චිත්‍රය සහිත විශාල වීදුරුවලින් ආවරණය කර තිබේ. ඒ වටා මයිකල් ඇන්ජලෝ කළ මූර්ති කිහිපයක අනුරූවලින් සරසා ඇත.

වාර්තාවන අකාරායට මෙම භූමි කොටසේ ඉතාමත් සුප්‍රසිද්ධ කළාකරුවන් රැසක් සිය අවසන් නින්දේ සැතපී සිටිති. ඒ අතර ඇමෙරිකාවේ සිටි ජනප්‍රිය නිළියක වුණු ජීන් හාලෝ, ජනප්‍රිය නළුවන් වුණු ස්පෙන්සර් ට්‍රේසි, ක්ලාක් ගේබල් යන අය සැතපී සිටිති.

සුසාන භූමි ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තාවන්නේ ඇති මයිකල් ජැක්සන්ගේ දේහය තැන්පත් කොට ඇති ස්ථානය කුමන හේතුවකටවත් මහජනතාව වෙනුවෙන් විවෘත නොවන බවයි. එමෙන්ම එම කොටසට පිටස්තර අයෙකුට ඇතුළු වීම අතිශයින්ම දුෂ්කරවේ.


------------------------------------------------------------------------------------------------

(කොළඹ, ලංකාපුවත්, සැප්තැම්බර් 02) – කැතරින් ජැක්සන් සිය මිය ගිය පුතුවන මයිකල් ජැක්සන්ගේ දේහය රහසිගත ශීත කාමරයක තැන්පත් කර ඇති බවත් ඇය එය බැලීමට නිතර එහි යන බවටත් තොරතුරු වාර්තාවේ.

විදෙස් මාධ්‍ය වාර්තාකරනුයේ දැනට ජැක්සන්ගේ දේහය ලොස්ඇන්ජලීස් හී “ෆොරස්ට් ලෝන්” සුසාන භූමියේ (Forest Lawn Cemetery) ආරක්ෂිත කුටියක රඳවා ඇති බවයි. නමුත් දේහය එම සුසාන භූමියේ භූමදාන කිරීම මෘත දේහයේ ආරක්ෂාවට තර්ජනයක් බවටද වාර්තා පළවී තිබේ.

එම නිසාම රහසිගතව මෙම සුසාන භූමියේම ස්මාරක ගොඩනැගිල්ලක් තුළ වන ‘බිම් ගෙයක’ පහළම කොටසේ දේහය රඳවා ඇති බව ජැක්සන්ගේ පවුලේ උදවියගේ ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.

කෙසේ වෙතත් පවුලේ උදවිය පොප් රජුගේ දේහය, සුසාන භූමියේ නිර්නාමික සොහොන් ගැබක තැන්පත් කිරීමට අදහස් කර තිබේ. ඒ එම දේහය සම්බන්ධයෙන් පවතින ආරක්ෂිත බව සැලකිල්ලට යොමු කරමිනි. නමුත් මෙලෙස නිර්නාමික සොහොන් ගැබක ජැක්සන්ගේ දේහය තැන්පත් කිරිමට ඔහුගේ මව කැතරින් ජැක්සන් දැඩි අකමැත්තක් දක්වන බවත්, සොහොන්ට නමක් ලබාදුනහොත් ජැක්සන් ලෝලීන්ගෙන් එම දේහයට කිසියම් අනතුරක් සිදුවේවිදැයි යන බියෙනුත් ඇය පසුවන බව වාර්තාවේ.

කෙසේ වෙතත් මේ වන විට ගඩොලින් නිම වුණු කුඩා භූමියක රන්ආලේපිත මීනි පෙට්ටියක බහා ඇති ජැක්සන්ගේ දේහය ‘ෆයිබර් ග්ලාස්’ මගින් වටවුණු මේසයක් මත තැන්පත් කර ඇති බව අණාවරණය වේ. අදාළ කුටියේ ශීත රදා පැවතීම සඳහා මෙලෙසින් ‘ෆයිබර් ග්ලාස්’ භාවිතා කර ඇත. විදෙස් මාධ්‍ය අනාවරණය කරනු ලබන්නේ ‍මෙම කුටිය කුඩා අධි ශීතකරණයකට සමාන බවයි. එහි මල් කලඹක් හෝ ඉටි පන්දම් දැල්විය නොහැකි පරිසරයකින් යුක්ත වන බවත් සෙල්සියස් අංශක 0ට අඩු උෂ්ණත්වයක් මෙහි පවතී.

කෙසේ වෙතත් කැතරින් ජැක්සන් එහි යන සෑම මොහොතකම ඒ තුළ පවතින අධික ශීතලේ හෝ විනාඩි කිහිපයක් සිය පුතු අසළ රැදී සිටින බවට ද පවුලේ උදවිය තොරතුරු සඳහන් කර තිබේ. තම ආදරණීය පුත්‍රයාව මෙලෙස තනිව ශීත කාමරයක දමා තැබීමට සිදුවීම පිළිබඳව ද ඇය කණගාටුවට පත්ව සිටියි.

එමෙන්ම කැතරින් ජැක්සන් මෙලෙස නිතර නිතර මෙම රහසිගත ස්ථානය ගමන් කරනා බව පවුලේ උදවිය දැන ගෙන ඇත්තේ ද ඉතා මෑතකදීය. අවම වශයෙන් සතියකට වරක් හෝ දෙවරක් ඇය පවුලේ උදවියට බොරු කියා මෙලෙස රහසිගත ශීත කාමරයට ගොස් තිබේ.
තවමත් ජැක්සන්ගේ මව සිය පුතුව භූමදානය කිරීමට කැමැත්තක් නොදක්වන බවද දැනගන්නට ඇත.

කෙසේ වුවත් ජැක්සන්ගේ 51වන උපන්දිනය සැමරෙන අගෝස්තු මස 29වනදා ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන බව ජැක්සන් පවුල උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය උණුසුම් පුවතක් වාර්තා කර තිබුණත් පසුව යළි ඔහුගේ භූමදානය පිළිබඳව වාර්තා කරමින් අනාවරණය කර තිබුණේ එය සැප්තැම්බර් 03වනදා සිදු කෙරෙන බවයි.

English Songs, Hollywood, Michal Jackson,

0 comments:

Post a Comment