Monday, September 7, 2009

Tagged Under:

අනර්කලී සහ සුසන්තා චන්ද්‍රමාලි රඟන චිත්‍රපට සහ ටෙලිනාට්‍ය

By: Last Man On: 8:40 AM
දකුණේ මැතිවරණය අවසන් වන තෙක්‌ අනර්කලී සහ සුසන්තා චන්ද්‍රමාලි රඟන චිත්‍රපට සහ ටෙලිනාට්‍ය ප්‍රදර්ශනය නවතන්න එජාපය මැතිවරණ කොමසාරිස්‌ගෙන් ඉල්ලීමට යයි



දකුණු පළාත් සභාවට තරග කරන අනර්කලී සහ සුසන්තා චන්ද්‍රමාලි රඟපාන ටෙලි නාට්‍ය චිත්‍රපට මැතිවරණය අවසන් වනතුරු ප්‍රදර්ශනය කිරීම නතර කරන ලෙස මැතිවරණ කොමසාරිස්‌ දයානන්ද දිශානායක මහතාගෙන් ඉල්ලා සිටීමට තීරණය කළ බව එක්‌සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා "දිවයින" ට පැවැසීය.

අනර්කලී රඟපාන ටෙලිනාට්‍ය මේ දිනවල රූපවාහිනියෙන් දිගට හරහට විකාශනය කරන අතර ඒ තුළින් ඇයට අනවශ්‍ය ප්‍රචාරයක්‌ දී ඇති බව ද අත්තනායක මහතා කීවේය.

මෙම නීතිය කාටත් එක සමානව බලපෑ යුතු බවත් රන්ජන් රාමනායක මහතා සබරගමුව මැතිවරණයට ඉදිරිපත් වූ මොහොතේ ඔහු රඟපෑ ටෙලිනාට්‍ය රූපවාහිනියෙන් තහනම් වූ බව ද අත්තනායක මහතා කියා සිටියේය. Divaina

Anarkalli Akarsha Jayatilaka (born July 12, 1987) is a Sri Lankan actress. She started her career at the age of nine starring in cinemascope movies and several TV dramas.Anarkali was born and raised in the capital city of Sri Lanka, Colombo. She is an only child of parents who were both in the film industry. Her ultimate ambition is to become an Ambassador for UNICEF.

0 comments:

Post a Comment