Wednesday, September 2, 2009

Tagged Under:

මං හැම දෙයක්ම කරන්නෙ සමන්තගෙන් අහලා - අමිලා නදීෂානී

By: Last Man On: 2:13 PM

අමිලා නදිෂානි සිරස සුපර් ස්ටාර් තරගය නිසාවෙන් ක්ෂේත්‍රයට පැමිණ නොබෝ දිනකින්ම ජනපි‍්‍රයත්වයක් හිමිකර ගත්තා. ඇගේ දක්ෂතාව හා හැකියාව නිසාම පසුගිය කාලයේ චිත්‍රපට පසුබිම් ගීත ගායනයට යොමු වෙන්නට ද ඇයට අවස්ථාව උදා වුණා. ඒ උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ ‘පායා එන්න හිරු සේ’ චිත්‍රපටයේ අමිල පෙරේරා සමඟ යුග ගායනයට එක්වීමෙන්. ඇගේ කලා දිවියේ තවත් සන්ධිස්ථානයක් සටහන් කරමින් රංගනයට යොමු වීමට ද බලාපොරොත්තුවෙන් සිටින බව පසුගියදා අපට දැන ගන්නට ලැබුණා. ඒ නිසාම පසුගිය දිනක අපි අමිලාට කතා කළා අලුත් තොරතුරු දැනගන්නට.

From the album:
Amila by Amila Nadeeshani
Added 31 July


අමිලා රංගනයට සූදානම් වෙනවා කියලා ආරංචියක් ආවා!

ආරාධනා නම් කිහිපයක්ම මීට කලිනුත් ලැබුණා. නමුත් තවම මම කිසිම දේකට සම්බන්ධ වුණේ නෑ. නමුත් හෙට අනිද්දා චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. එතකොට ඒ ගැන විස්තර කියන්නම්.

පහුගිය දිනවල ඔබේ කලා කටයුතු ගැන කතා කළොත්?

මගේ අලුත්ම ගීතය විෂුවල් කළා. නුවරඑළිය තමයි ලොකේෂන් තිබුණේ. ඉදිරි සතියේ ඉඳන්ම සිරස සුපර් ස්ටාර් චාට් එකෙන් ඒ ගීතය දැක ගන්න පුළුවන් වේවි. මගේ අලුත්ම ගීත එකතුව කළේ පසුගිය මාර්තු මාසේ. ඒකටත් හොඳ ප්‍රතිචාර මේ දිනවල ලැබෙමින් පවතිනවා.

දැන් අමිලාගේ පදිංචිය කොහේද?

අපි පැලවත්තේ දියවන්නා ගාර්ඩ්න්වලින් ගෙයක් අරගෙන ස්ථිර පදිංචියට ආවා. ගමේ ගෙදර වහල දාලා තියෙන්නේ. එච්චර දුර ඉඳන් මගේ කලා කටයුතු කරගන්න අපහසු හින්දයි කොළඹ පදිංචියට ආවේ.

ඔබේ රැකියාවේ කටයුතු එක්ක කලා කටයුතු වල යෙදෙන්නේ කොහොම ද?

ඔව් එච්එන්බී ඇෂුවරන්ස් ආයතනයේ මහජන සම්බන්ධතා නිලධාරිනිය විදියට රැකියාවක් ලැබුණා. තාමත් මම එතන රැකියාව කරනවා. මගේ කලා කටයුතු සඳහා ඒ ආයතනයෙනුත් මට ලොකු සහයෝගයක් ලබල දෙනවා. ආයතනයේ ප්‍රවර්ධන කටයුතුවලදී අනිවාර්යයෙන්ම මම සහභාගි වෙනවා.

ඔබේ සැමියා ඔබ නිළියක් වෙනවට කැමැති ද?

දැනටත් මම ගායිකාවක් වෙලානේ ඉන්නේ. මෙතනට එන්නත් එයාගේ සහයෝගය මට නොඅඩුව ලැබුණා. රංගනයට පිවිසෙන එකටත් එයා මට සහයෝගය දක්වයි කියලා මම විශ්වාස කරනවා.

ඔබේ කාර්ය බහුල ජීවිතෙත් එක්ක පවුල් ජීවිතේ කටයුතු කොහොමද කෙරෙන්නෙ.

මම උපරීමයෙන් උත්සාහ කරනවා මගේ යුතුකම් හරියටම ඉෂ්ට කරන්න. දැනටත් අපේ ගෙදර වැඩ සියල්ලම කරන්නේ මම. මෙහෙකාරියෝ මට නෑ. පුතාගේ වැඩයි මහත්තයාගේ වැඩයි මම උපරිමයෙන් කරන්න උත්සාහ කරනවා. සුළු සුළු අතපසුවීම් කාටත් වෙනවනේ.

ඔබේ පුතාගෙ පාසල් කටයුතු?

එයා කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ තුන වසරේ ඉගෙන ගන්නවා.

ඔබ සැමදේම කරන්නේ සැමියා සමඟ සාකච්ඡා කරල ද?

ඔව්. අපි දෙන්නා සාකච්ඡා කරලා තමයි හැම තීරණයක්ම ගන්නේ. ඔහු එපා කියන දෙයක් කරන්නේ නෑ. මෙච්චර කාලෙකට නම් එපා කියලා නෑ. එපා කිවුවොත් කරන්නෙත් නෑ.

ඉස්සර ඔබ දෙදෙනාට සංගීත කණ්ඩායමක් තිබුණ නේද? දැන් ඒක කෝ?

තියනවා දැන් සමන්ත තමයි ඒක කරගෙන යන්නේ. ඒකෙ නම රෝසයිරෝ. තවමත් මම ඒ බෑන්ඩ් එකේ Sing කරනවා.

දැන් සමන්ත එක්ක සින්දු කියන්නේ නැත්ද?

මම නම් කැමැතියි සින්දු කියන්න. ඒ වුණාට එයා දැන් ඒකට පස්ස ගහනවා. නමුත් අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා අලුත් සින්දුවක් කරන්න. ළඟදීම මගෙයි පුතාගෙයි සින්දුවක් නම් රෙකෝඩ් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ දිනවල නන්දන වික්‍රමගේ ඒ ගීතය ලියමින් ඉන්නේ.

ඉදිරියට තව මොනවද කරන්න හිතාගෙන ඉන්නෙ?

ඔක්තෝබර් 07 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ‘අමිලා ඔබේමයි’ නමින් සංගීත ප්‍රසංගයක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රසංගය R & V Criation තමයි සංවිධානය කරන්නේ. ඒ සඳහා මේ දිනවල සූදානම් වෙනවා.

0 comments:

Post a Comment