Tuesday, September 8, 2009

Tagged Under:

‘මා කලාව සහ දේශපාලනය පටලවා ගන්නේ නැහැ’ - සුසන්තා චන්ද්‍රමාලි

By: Last Man On: 9:43 AM

(කොළඹ, ලංකාපුවත්, සැප්තැම්බර් 08) – ප්‍රතිපත්ති සහිත පක්‍ෂයක ජයග්‍රහණයට තමන් උරදෙන බව දකුණු පළාත් සභාව වෙනුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ බිමට පිවිස සිටින සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය සඳහන් කරයි.

ඇය සඳහන් කරනුයේ දේශපාලන වේදිකාවට තමන් ආගන්තුක වුවත් සමාජයේ එදිනෙදා රට තොට සිදුවන දේ පිළිබඳ සංවේදි මනසකින් තමන් කුඩා අවධියේ සිටම කටයුතු කළ බවයි. දේශපාලන වේදිකාවලට නොනැග්ගාට තමන් උපන් හැදී වැඩුණු මුල්කිරිගල මැතිවරණ කොට්ඨාසයේ දේශපාලන ක්‍රියාකාරින් සමඟ ස්වකීය දේශපාලනය නිසොල්මනේ සිද්ධ වුණු බව චන්ද්‍රමාලි මහත්මිය පවසයි.

තමන්ව ජනතාව දැනගනු ලැබුවේ රංගන ශිල්පිණියක් ලෙසට බවත් ඒ අනුව කලාව යනු තමන්ගේ ආත්මීය ප්‍රකාශන මාධ්‍යය බවට කිසිදු වාදයක් නැති බවත් අැය කීය.

නමුත් අප රටේත් ඉන්දියාව වැනි රටවලත් කලාකරුවන් ඕනෑ තරමක් දේශපාලනයට පිවිස සිටින බව පෙන්වා දෙන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය කියා සිටියේ කලාව සහ දේශපාලනය පටලවා නොගෙන මෙහෙයවීමට තමන්ට හැකි බවයි.

මෙය නුපුරුදු ක්ෂේත්‍රයකින් තමන් වෙත පැමිණි අභියෝගයක් බව තමන් පිළිගන්නා බවත් නමුත් හෘදසාක්‍ෂියට එකඟවූ බොහෝමයක් ප්‍රතිපත්ති සහිත පක්‍ෂයක අත්දැකීම් බහුල ප්‍රවීණ දේශපාලනඥයින්ගෙන් ගුරුහරුකම් ලැබෙන බැවින් එම අභියෝගය භාර ගැනීම එතරම් ගැටලුවක් නොවන බවද ඇය පෙන්වා දෙයි.

Actresses Anarkali Akarsha & Susantha Chandramali to contest Southern Provincial council election, says UPFA General Secretary-JNW Sri Lanka Politics


0 comments:

Post a Comment