Tuesday, January 5, 2010

Tagged Under:

ජෙනරාල්ගේ රහස් අවි ගනුදෙනු මෙන්න අදාළ ලිපි ලේඛන ඊයේ මැතිසබයට

By: Last Man On: 3:39 PM
ඕස්ට්‍රේලියාවේ සමාගමක නමක් හොරෙන් අරන් ටෙක්සාස්හි ලියාපදිංචි කරලා
ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි “බ්‍රිටිෂ් බෝනියෝ ඩිෆෙන්ස්” සමාගම ලෙස පෙන්වමින් මෙරටට අවි ආයුධ මිලදී ගැනීම සඳහා යොදාගත් ටෙක්සාස්හි ලියාපදිංචි කරන ලද විශ්‍රාමික ජනරාල් සරත් ෆොන්සේකාට අයත්ව්‍යාජ සමාගමක් පිළිබඳ තොරතුරු මැති ඇමැතිවරු පාර්ලිමේන්තුවේදී ඊයේ (05) අනාවරණය කළහ.

සරත් ෆොන්සේකා මහතාගේ බෑනා වන දනුන තිලකරත්න මහතාගේ නමින් ලියාපදිංචි කැර තිබූ හයිකොප් ඉන්ටර්නැෂනල් සමාගම සහ ටෙක්සාස්හි ලියාපදිංචි කැර තිබෙන බ්‍රිටිෂ් බෝනියෝ ඩිෆෙන්ස් සමාගම එකම සමාගමක් බව ඔවුහු හෙළි කළහ.

අවි ආයුධ ගනුදෙනුවලදී ජාත්‍යන්තරව පිළිගත් නීතියට අනුව යම් සමාගමක් ලියාපදිංචි කොට වසර තුනක්වත් ගත වී තිබිය යුතු බවත් සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපති ධූරයට පත්වන විට 2007 දී ලියාපදිංචි කළ මේ හයිකොප් සමාගමට එතරම් කාලයක් ගත වී නොමැති බැවින් ඕස්ට්‍රේලියාවේ පිළිගත් සමාගමක් වන බ්‍රිටිෂ් බෝනියෝ ඩිෆෙන්ස් සමාගමේ නාමය ව්‍යාජ ලෙස යොදාගෙන ඇති බවද ඇමැතිවරු පෙන්වා දුන්හ.

සරත් ෆොන්සේකා මහතාගේ බෑනා වන දනුන තිලකරත්න මහතා විසින් මේ ඕස්ට්‍රේලියානු සමාගමේ නාමය ව්‍යාජ ලෙස යොදාගෙන ටෙක්සාස්හි සමාගමක් ලියාපදිංචි කොට ඇති බවට අදාළ ලිපි ලේඛන සහිතව තොරතුරු අනාවරණය කැරිණි.

සරත් ෆොන්සේකා මහතාගේ ගී‍්‍රන් කාඩ් පතෙහි ඉල්ලුම් පත්‍රයේ ලිපිනය සහ හයිකොප් සමාගම ලියාපදිංචි කර තිබූ ලිපිනය එකම ලිපිනයක් බවද තොරතුරු අනාවරණය කැරිණි.

එහෙත් ඕස්ට්‍රේලියාවේ බෝනියෝ ඩිෆෙන්ස් සමාගමේ වෙළඳ නාමය වංචනික ලෙස යොදාගෙන සරත් ෆොන්සේකා මහතාගේ බෑනනුවන් වන දනුන තිලකරත්න මහතා විසින් ලියාපදිංචි කැර තිබූ ව්‍යාජ සමාගම සරත් ෆොන්සේකා මහතාගේ දියණිය වන අප්සරාගේ යෙහෙළියකගේ ලිපිනය යොදාගෙන තිබූ බවට ද ලිපි ලේඛන ඉදිරිපත් කැරිණි.

ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා ඇමැති රාජිත සේනාරත්න, විදුලිබල ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ සහ ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහත්වරු හදිසි නීති විවාදයේ දී මේ පිළිබඳ තොරතුරු අනාවරණය කළ අතර මේ කරුණු අසත්‍ය නම් සාක්ෂි සහිතව ඔප්පු කරන ලෙස ඔවුහු විපක්ෂයට අභියෝග කළහ.

ෆොන්සේකාගේ අවි ගනුදෙනුව

සරත් ෆොන්සේකා මහතා සිදුකර ඇති අවි ගනුදෙනු සම්බන්ධයෙන් විවාදයකට පැමිණෙන්නැයි රජයේ මැති ඇමැතිවරුන් කළ අභියෝගය නොපිළිගැනීම නිසා එම ගනුදෙනුවලට අදාළ ලිපි ලේඛන ඊයේ (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.

එම ලිපි ලේඛන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් රජයේ මැති ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, මහින්දානන්ද අලුත්ගමගේ, විමල් වීරවංශ මහත්වරු අවි ගනුදෙනු පිළිබඳ විවාදයකට පැමිණෙන්නැයි යළිත් අභියෝග කළහ.

සරත් ෆොන්සේකා මහතාගේ බෑනා වන ධනුන තිලකරත්න මහතාගේ හයිකොප් ඉන්ටර්නැෂනල් සමාගම අවි ගනුදෙනු සඳහා ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත කර ඇති බ්‍රිටිෂ් බෝනියෝ ඩිෆෙන්ස් සමාගමේ ලිපි ලේඛන ද ව්‍යාජ ලෙස යොදා ගනිමින් ගෙන ඇති අන්දම සහ ගනුදෙනු හෙළිවීමත් සමඟ අදාළ සමාගම වෙනත් අයකුගේ නමින් ටෙක්සාස්හි ලියාපදිංචි කළ ලේඛන ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.

එම සියලු ලිපි ලේඛන සභානායක, සෞඛ්‍ය ආරක්‍ෂණ හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් සභාගත කරන ලදී.

0 comments:

Post a Comment