Saturday, January 23, 2010

Tagged Under:

මගේ පෙම්වතා කලාවට සම්බන්ධයි - අමිෂා කාවින්දි

By: Last Man On: 1:36 PM

හැඩකාර යොවුන් නිළියන් ගොන්න අතරට එක්වූ සුන්දරතම තාරකාවකි ඇය. ඇය අද වන විට ජනාදරයට පත්ව ඇත්තේ මේ දිනවල තිරගත වන ‘සුදු හංසි’ චිත්‍රපටය හරහායි.



‘සුදු හංසි’ චිත්‍රපටයේ මලීෂාගේ චරිතය නිරූපණය කරමින් රසික සිත් අමන්දානන්දයට පත් කරන ඇය නමින් අමීෂා කාවින්දියි. මේ නවක යොවුන් නිළිය ගේ නවතම තොරතුරුයි අද ‘රසඳුන’ සතුටු සාමිචිය සරසන්නේ.

මේ දිනවල ඔබ රඟපෑ ‘සුදු හංසි’ චිත්‍රපටය තිරගත වෙනවා නේද?

ඔව්. පසුගිය 8 වැනිදා ‘සුදු හංසි’ රිලීස් වුණා. අසීමිතව ලැබෙන පේ‍්‍රක්ෂක ප්‍රතිචාර මැද්දෙ එය තිරගත වෙනවා.

ඔබට තවත් චිත්‍රපටවලට ආරාධනා ලැබුණේ නැද්ද?

එහෙම විශේෂ ආරාධනා ලැබුණෙ නැහැ. මේ දවස්වල නිදහසේ ගෙදරට වෙලා කාලය ගත කරනවා.

ඔබේ ‘මලීෂා’ චරිතයට ලැබෙන පේ‍්‍රක්ෂක ප්‍රතිචාර කොහොම ද?

ඇත්තටම ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ චිත්‍රපටය මැද මාවතේ චිත්‍රපටයක්. චිත්‍රපටය අවබෝධ කර ගන්න නම් එය මුල සිට අග දක්වාම නැරැඹිය යුතුයි. මෙය ප්‍රධාන චරිත 4 ක් වටා දිවෙන චිත්‍රපටයක්.

ඔබ මීට පෙරත් චිත්‍රපට කිහිපයකටම දායක වුණා. ඒ ගැනත් කතා කරමු?

මේක මගේ තුන්වන චිත්‍රපටය. මම මීට පෙර ‘ඩබල් ගේම්’, ‘සර් ලාස්ට් චාන්ස්’ චිත්‍රපට වලට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. ඒ වගේ ම මේ වසරේ සුනිල් සෝම පීරිස් ගේ ‘ජය පිට ජය’ චිත්‍රපටයටත් රංගනයෙන් එක් වෙනවා.

ටෙලිනාට්‍ය නිළියක් ලෙසත් ඔබ රසිකයන් අතර ජනපි‍්‍රයයි නේද?

ඔව්. මම දැනට ටෙලිනාට්‍ය තුනකට පමණ රංගනයෙන් දායක වෙලා තිබෙනවා. ඒවායින් මට පේ‍්‍රක්ෂකයන් අතරට ගිහින් ඔවුන්ගේ අවධානය දිනාගන්න පුළුවන් චරිත රඟපාන්න ලැබුණා. ‘නිලංජනා’, ‘කාව්‍යා’, ‘සෙනෙහස කොතැන ද’ කියන ටෙලි නාට්‍ය තුනක මම රඟපෑවා.

නිළියක ලෙස ඔබට ලැබෙන ඕනැම චරිතයක් රඟපාන්න ඔබ ලෑස්ති ද?

එහෙම නැහැ. මොකද මම හොඳින් පිටපත කියවලා මට කරන්න පුළුවන් දෙයක් ද නැද්ද කියලා බලනවා. ඒ වගේ ම අවසානයක් තිබෙන ටෙලිනාට්‍යයක් ද කියලා බලනවා.

කොටස් තිහට වැඩිනම් මම බාරගන්නේ නැහැ. කල්පනා කරලා බලලා තමයි අදාළ චරිතය තෝරා ගන්නේ. මේ හින්දා මට ලැබෙන්නං වාලේ ලැබෙන හැම චිත්‍රපටයකම, ටෙලිනාට්‍යයකම රඟපාන්න මම සූදානම් නැහැ.

ඔබ නියැළී සිටින ‘කලා ක්ෂේත්‍රය’ ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම නිළියක් වෙන්න හැම කෙනෙකුටම බැහැ. එයට දක්ෂතාවයක් තිබිය යුතුයි. මම ඒ අතරින් වාසනාවන්තයි. මට නිළියක් විදිහට කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නට ලැබුණේ ‘සඳ දෙව්දෝණි’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපාමින්. ඒ නිසා මට කලා ක්ෂේත්‍රය ගැන තිබෙන්නේ සුබවාදී හැඟීමක්.

ඔබේ කලා කටයුතුවලට ගෙදරින් ලැබෙන සහයෝගය මොන වගේ ද?

ගෙදරින් ඉතාම හොඳ සහයෝගයක් ලැබෙනවා. මාව චිත්‍රපට සඳහා උනන්දු කළේ මගේ සොයුරිය සහ මවයි. ඒ දෙන්නා මට අවශ්‍ය හැමදේම ලබා දෙමින් මාව දිරිමත් කරනවා. ඒ වගේම මගේ තාත්තත් උපරීම ලෙස මට උදව් උපකාර කරනවා.

මගේ පියා මර්වින් පෙරේරා ඔහු ටෙලිකොම් ආයතනයේ සේවය කළා. දැන් විශ්‍රාමික සුවයෙන් පසුවෙනවා. මව ගීතාංජලී පෙරේරා. සහෝදරිය විවාහකයි. අපි ඉතාම සතුටින් ජීවිතය ගත කරනවා.

ඔබේ පෙම්වතා කලා ක්ෂේත්‍රයේම කෙනෙක් නේද?

ඔව්. මට පෙම්වතෙක් ඉන්නවා. ඔහු කලාවට සම්බන්ධයි. අපේ ආදරයට දෙපැත්තෙම, මවුපියන්ගෙන් ආශිර්වාද ලැබිලයි තියෙන්නේ. ඇත්තටම ඔහු හොඳ කෙනෙක්.

මාව ඉතාම හොඳින් අවබෝධ කරගත් කෙනෙක්. මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්නට ඔහු මට උදව් කරනවා. එක් අතකින් ඔහු මට සැබෑම ශක්තියක්.

ඔබේ අනාගත බලාපොරොත්තු මොනවා ද?

කලා ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න බලාපොරොත්තුවක් තිබෙනවා.

අමීෂාගේ ලිපිනය.

‘ශාන්ති සෙවණ’, ‘වැල්ලබඩ, උස්වැටකෙයියාව.

0 comments:

Post a Comment