Thursday, January 28, 2010

Tagged Under:

ෆොන්සේකා මහතාගේ ආරක්ශාව ඉවතට

By: Last Man On: 5:09 AM
ෆොන්සේකා මහතාට සපයා තිබූ 70 ක පමන බළ ඇණිය සහ වෙඩි නොවඩින රථ 5 අද සිට ඉවත් කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂාව ලබා දෙන ලෙස දී තිබුණු නියෝගයට අදාල කාලපරිච්ඡේදය නිමා වී ඇති බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි පළ වන ප්‍රවෘත්ති සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මෙසේ සඳහන් කරන ලදී.

ජනාධිපතිවරණ සමයේ ඒ මහතාට විශේෂ ආරක්ෂාවක් ලබා දෙන ලෙස ‍ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කරනු ලැබූ බව ද එකී නියෝගයට අනුව එතුමාට ප්‍රමාණවත් ආරක්ෂාවක් සලසා තිබුණු බවත් මේ වන විට ජනාධිපතිවරණයද නිමා වී ඇති බැවින් විශේෂ ආරක්ෂාවක් පිළිබඳ ප්‍රශ්නයක් මතු නොවන බවද හෙතෙම කියා සිටියේය.

එහෙත් ජෙනරාල් සරත් ෆොන්සේකා විසින් තමන්ට ආරක්ෂාව ලබා දෙන ලෙස යළි ඉල්ලා සිටිනු ලැබුවහොත් ඒ පිළිබඳ සලකා බලන්නට සූදානම් බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

0 comments:

Post a Comment