Saturday, January 16, 2010

Tagged Under:

මට කට කතා නෑ- නයනා කුමාරි

By: Last Man On: 3:11 PM


කලකට පෙර පුංචි තිරය හැඩ වැඩ කළ නයනා කුමාරි ඔබට මතකද? නයනා මේ දිනවල වැඩිපුර පෙනෙන්න නැත්තෙ ඇයි?. පුංචි තිරයෙන් පායන තරුවලට ආදරය කරන ඔබ ඒ විස්‌තර දැනගන්න කැමැත්තක්‌ දක්‌වනවා ඇති නේද? . මීට වසර විස්‌සකට උඩදී ඔතෙලෝ වේදිකා නාට්‍යයෙන් රංගනයේ මුලකුර කියවූ ඇය කස්‌තිරම ටෙලි නාට්‍යයේ ලතාගේ චරිතයෙන් පුංචි තිරයේ දස්‌කම් පා ප්‍රේක්‍ෂක හිත උදුර ගත්තා කියලයි අපිට හිතෙන්නේ. චාතුර්යා, ගජමන් නෝනා, අසනි වැහි, මං හින්දා වැනි ටෙලි නාට්‍ය
වලින් තව තවත් රසික හද උදුරා ගත් ඇය මේ දිනවල මොනවද කරන්නේ කියලා දැනගන්න අදහස්‌ කළා.

අලුත් නාට්‍ය දෙකකට ආරාධනා ලැබිලා තිබෙනවා. ඒවායේ දින වකවානු නම් හරියට කියන්න බැහැ. සමහර විට පෙබරවාරි මාර්තු මාසවල රූගත කිරීම් සිදුකෙරෙයි. රූගත කළ නාට්‍ය දහයක්‌ විතර තිබෙනවා විකාශනය වෙන්න. ඒවායේ රඟපෑ චරිත එකකට එකක්‌ වෙනස්‌. මගේ පුතා නිසා ගොඩක්‌ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙනවා අඩුයි. කොළඹ අවට රූගත කෙරෙන ටෙලි නාට්‍යවලට විතරයි සම්බන්ධ වෙන්නෙ. කොළඹින් පිට සිදුවෙන රූගත කිරීම්වලට නම් සම්බන්ධ වෙන්නේ නැහැ.

පවුලේ වැඩකටයුතු එහෙම කොහොමද?
පුතාට අවු. 4 ක්‌ විතර වෙනවා. එයා ජාත්‍යන්තර පාසලක ඉගෙන ගන්නවා. මහත්තයා ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ වෙලයි ඉන්නේ. එයයි මමයි එකතුවෙලා තමයි ව්‍යාපාර කටයුතු කරන්නේ. දරුවාගේ වැඩත් සැමියාගේ වැඩ ටිකත් වගේම මගේ වැඩ කටයුතුත් කරගන්න පුළුවන් විදිහට කලා කටයුතුවලට සම්බන්ධ වෙනවා.

ඇයි පුංචි තිරයේ වැඩිපුර දකින්න නැත්තේ?
මම දැන් විවාහකයි. අනික මගේ පුතාත් අධ්‍යාපන කටයුතුවල නියෑලෙනවා. එයාව දාලා කොහෙවත් යන්න මම කැමැති නැහැ. ඒ නිසා තමයි කොළඹ අවට රූගත කරන ටෙලි නාට්‍යවලට විතරක්‌ දායක වෙන්නෙ. එහෙම නැතුව ටෙලි නාට්‍ය වල රංගනයට ආරාධනා ලැබෙනවා නම් නොවෙයි.

ගොඩක්‌ විලාසිතාවටත් කැමැතියිලු නේද?
ගැහැනු කවුද අකැමැති විලාසිතාවට. අනික අද ගැහැනුන්ට වඩා ගොඩක්‌ පිරිමිනෙ විලාසිතාවට ඇල්මක්‌ දක්‌වන්නෙ. මම ගැහැනියක්‌ විදිහටත් රංගන ශිල්පිනියක්‌ විදිහටත් විලාසිතාවට කැමැතියි. හැබැයි මිනිසුන්ගේ උපහාසයට ලක්‌ නොවන විලාසිතා තමයි මම කරන්නේ.

එතකොට ගයත්‍රිත් සමග පටන් ගත්ත අලුත් වැඩසටහන ?
ගයත්‍රි කියන්නේ හොඳ පළපුරුදු රූපලාවන්‍ය ශිල්පිනියක්‌. මමත් ඒ ගැන නිහඬව ඉගෙන ගත්තා. අපි දෙන්නාගේ තිබෙන යාළුකමත් සමග තමයි රූපලාවන්‍ය පිළිබඳ වැඩමුළු පවත්වන්න අදහස්‌ කළේ. අපි දෙන්නගේ විලාසිතා දැකල ගොඩක්‌ දෙනෙක්‌ අපට යෝජනා කළා අපිටත් මේ දේවල් කියල දෙන්න කියලා. ඊට පස්‌සෙ අපට හිතුනා වැඩමුළුවක්‌ පවත්වන්න. ඒක මුලින්ම කළේ පොළොන්නරුවේ. එය අතිසාර්ථක වුණා. ඒක දැකල ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක්‌ පවා අපිට ආරාධනා කළා ඒ අයත් සමග එකතුවෙලා වැඩ කරන්න කියලා. ඉදිරියේදී රූපලාවන්‍ය ගැන හරි දේ හොඳ දේ ගැන ආසාවක්‌ දක්‌වන අයට අපේ දැනුම ලබාදෙනවා.

ගයත්‍රිත් සමග තිබෙන මිතුදම ගැනත් නොකියාම බැරි ඇති නේද?
එය ගොඩක්‌ අයට හරි ප්‍රශ්නයක්‌ වෙලා. මොකද මේ වගේ යාළුකමක්‌ මෙච්චර කාලයක්‌ තියාගන්නෙ කොහොමද කියලා. ගැහැනු දෙන්නෙකුට මෙච්චර කාලයක්‌ ආදරෙන් ඉන්න බැහැ කියලයි සමාජයෙන් නිතරම කියන්නේ. නමුත් අපේ යාළුකමට අවුරුදු දහසයක්‌ වෙනවා. පාසල් වියේදීමයි ඒ මිතුදම ඇතිවුණේ. ඒකට හේතුව අපි දෙන්න අතර බොරුව වංචාව නැහැ. අපි දෙන්නට අපි දෙන්න හරි විවෘතයි.

ගොඩක්‌ නපුරුයි කියන්නේ?
මෙහෙමයි. මම කලාවට ඇවිල්ලා අවුරුදු විස්‌සක්‌ විතර වෙනවා. තවම මම කිසිම කතාවකට ලක්‌ව නැති නිළියක්‌. මට තිබෙන ඉහළම සම්මානයත් ඒකයි. වෙන අය වගේ නොමෙයි මම හරි විවෘතයි. ඇත්ත මිසක්‌ මගේ ළඟ බොරුව නැහැ. පවුල් ජීවිතයේදීත් සමාජයේදීත් කලා ජීවිතයේදීත් බොරුවෙන් ජීවත් නොවූ ගැහැනියක්‌. වැඩකදී වුණත් සුහදව කතා කර වැඩ අවසන් වූ පසු බායි කියලා ගෙදර එනවා. අනෙක්‌ ගැනු වගේ තොදොල් වෙන්න කියන දේ මා ළඟ නැහැ. ඒ දේවල් තිබෙන්නේ මගේ සැමියා සහ දරුවා සමගයි. ඒ නිසා වෙන්න ඇති ඔහොම කියන්නේ. කොහොමටත් මට අනික්‌ කාන්තාවන් වගේ අනවශ්‍ය බැඳීම් අවශ්‍ය නැහැ. මට කිසිම කෙනකුට චෝදනා කරන්නත් බැහැ.

ආමන්තගේ අලුත් පෙම්වතිය ගැන මොකද හිතෙන්නේ?
මම රඟපෑ නාට්‍යවලින් නොබලපු නාට්‍යයත් ඒක තමයි. ඒ නාට්‍ය මට බලන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන කියන්න දන්නෙ නැහැ.

සමහරු රූපය ගැන මිසක්‌ දරුවන් ගැන නොවෙයි හිතන්නේ?
එහෙම කියන්න අමාරුයි. සමාජයේ ඕනෑම කාන්තාවක්‌ විවාහ වෙලා දරුවෝ හදන්න තමයි කැමැති. ඔය කියන ආකල්පයේ එක්‌කෙනෙක්‌ දෙන්නෙක්‌ ඉන්න පුළුවන්. ඕකට හොඳම උදාහරණයට මාව ගන්න පුළුවන්නේ. මගේ ස්‌වරූපය වෙනස්‌ වෙලා නැහැනෙ දරුවන් හැදුවා කියලා. ඒ දේ අපි විඳින්නේ නැතුව අපිට මොන දේ ලැබුණත් වැඩක්‌ නැහැ.

සැමියා ගැන හිතෙන්නේ ?
අවුරුදු නවයක ආදර සම්බන්ධයකින් තමයි අපි විවාහ වුණේ. 2010 වෙනකට අපේ හැඳුනුම්කමට අවුරුදු 17 ක්‌. ඉතිං අපි දෙන්න ගොඩක්‌ දුරට අවබෝධයෙන් තමයි වැඩකරන්නේ.

කාන්තාවක්‌ විදිහට සිතුවිලි පාලනය කරගන්නේ ?
ඒකට තමයි බුද්ධියක්‌ කියලා දෙයක්‌ තියෙන්නේ. සමාජයත් සමග ජීවත්වීමේදී සිතුවිලි ඕනෑතරම් හිතට මනසට නැගෙනවා. අපිට තිබෙන බුද්ධියෙන් ඒවා පාලනය කරගෙන වටහාගෙන ජීවත් විය යුතුයි. අපට එන සිතුවිලිවලට ඉඩ දුන්නොත් කොහෙන් කොතැනින් නවතීද දන්නේ නැහැ.

0 comments:

Post a Comment