Friday, January 15, 2010

Tagged Under:

මම රඟපෑමෙන් ඉවත්වුණා පූජා උමාශංකර්

By: Last Man On: 2:04 PM

මම රඟපෑමෙන් ඉවත්වුණා පූජා උමාශංකර්

දෙවියන් විසින් මිහිමතට එවූ සුරඟනක් ද එසේත් නැත්නම් ස්වාභාව ධර්මයේ අපූර්වතම දායාදයක් දැයි කිසිවෙකුටත් කිව නොහැකි ය. එතරම්ම ඈ සුන්දරයි.

කුමන ඉරියව්වකින් සිටිය ද ඇගේ සුන්දරත්වයේ බිඳකුඳු අඩුවක් නොවේ. දුටුවන් නෙත් වශීකරන ඇයටම හිමි වූ රන්වන් රූ සපුවත් කාන්තිමත් නෙත් සඟළ, රෝස පැහැති වළ ගැසෙන දෙකොපුල් ඒ සොඳුරු වතට ගෙන එන්නේ නැවුම් ආකර්ෂණයකි. ඉන්දු - ශ්‍රී ලංකා සම්භවයක් සහිත මේ අපූරු රුවැති කලාකාරිය අද වනවිට මෙරටේත් ඉන්දියාවේත් රසික ජනතාවගේ සිහින කුමරියක වී අවසානය.

පූජා උමාශංකර් නමින් ලොවක් හඳුනන ඇය කා අතරත් ජනප්‍රියත්වයට පත් ව ඇත්තේ දෙමළ සහ සිංහල සිනමාවේ රංගන ශිල්පිනියක ලෙසයි. මේ ඇගේ නවතම තොරතුරුයි.

පූජා මේ දවස්වල කාර්ය බහුලයි වගේ?

තරමක් කාර්ය බහුලයි. මොකද මම ලංකාවට ඇවිත් ඉන්නේ විශේෂයෙන් ම මගේ අම්මාට උදව් කරන්න. මගේ සීයයි, ආච්චියි දෙන්නම මේ වෙන කොට පසුවෙන්නේ අසනීප තත්ත්වයෙන්. ඔවුන්ගේ වැඩකටයුතු තනිවම කරන්න අම්මට විතරක් බැහැ. ඉතින් ඇයට උදව් කරන්නත් සීයයි, ආච්චියි බලා කියා ගන්නත් මගේ උදව් මේ මොහොතේ අවශ්‍යමයි. ඒ නිසා මම ඔවුන් සමඟ ලංකාවේ ඉන්නවා.

ඔබ රඟපෑමෙන් සමුගන්න යන බව ඇත්තද?

පළමුවෙන් ම මම රංගනයට අවතීර්ණ වුණේ මගේ ර්ඕඒ උපාධිය අවසන් වූ අවස්ථාවේමයි. මගේ තාත්තා මම රඟපානවට කැමැති වුණේ ම නැහැ. ඔහු මම කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වෙනවට හරියට විරුද්ධ වුණා. ඔහු කිව්වේ ‘රඟපාන්න ගියොත් ඔයා ඉගෙන ගත්ත දෙයින් වැඩක් වෙන්නෙ නැහැ පූජා’ කියලයි. මගේ තාත්තා බැරිම තැන මගේ ඉල්ලීමට ඉඩ දුන්නා. ඔහු මට අවුරුදු 5 ක කාලයක් ලබාදුන්නා රඟපාන්න. ඒ අවුරුදු 5 ඇතුළත රංගන කටයුතු ඉවර කරන්න මමත් ඔහුට පොරොන්දු වුණා. මම තාත්තට පොරොන්දු වුණු කාල සීමාව දැන් ඉවරයි. ඒ නිසා මම තීරණය කළා සිනමා කටයුතුවලින් ඉවත් වෙන්න. ඒ නිසා ම මම ඉන්දියාවෙවත් - ලංකාවෙවත් කිසිම චිත්‍රපටයකට සම්බන්ධ වුණේ නැහැ.

ඔබ සිනමා රංගනයෙන් සමුගැනීමට තීරණය කිරීමෙන් මෙරට සහ ඉන්දීය සිනමා කර්මාන්තයට වගේ ම ඔබේ රංගන කුසලතාවයන්ටත් අසාධාරණයක් සිදුවන්නේ නැති ද?

එය අසාධාරණයක්, පාඩුවක් වුණත් මගේ පියාගේ කැමැත්ත වෙනුවෙනුත් මගේ අනාගතය වෙනුවෙනුත් මම ඒ තීරණය ගත යුතුයි. මං මේ තීරණය ගන්න කොට හුඟාක් දෙනෙක් එයට එකඟ වුණේ නැහැ. ඔවුන් එරෙහි වුණා.

ඔවුන් හැම දෙනාම කිව්වේ ඇයි අයින්වෙන්නේ? ඒක අපිට ලොකු පාඩුවක් කියලයි. ඒත් මම මේ වෙනකොට ඉන්දියානු සිනමාවේත් සිංහල සිනමාවේත් රඟපෑ චිත්‍රපට ගැන මට ලොකු සතුටක් තිබෙනවා. ඒවාට ප්‍රේක්ෂක ප්‍රතිචාර නොඅඩුව ලැබුණා. ඉතින් මම ගත් මේ තීරණය ගැන පසු තැවෙන්නේ නැහැ.

මෙවර සරසවිය සම්මාන උලෙළේ දී ‘හොඳම නිළිය’ සම්මානයට ඔබේ නමත් නිර්දේශ වුණා හොඳම නිළිය සම්මානය ඔබට හිමිවේවි කියා හිතුණේ නැද්ද?

ඇත්තටම මම එතැන දී සම්මානයක් ගැන හිතුවේ නැහැ. මගේ නම හොඳම නිළිය සම්මානයට නිර්දේශවීම ගැන මට ඇති වුණේ ලොකු සතුටක්. ඇත්තටම ඒ සතුට මට ඇති.

සරසවිය සම්මාන උලෙළ ගැන ඔබට හිතෙන්නේ කුමක්ද?

ලංකාවේ පවත්වන හොඳම සම්මාන උලෙළ තමයි ‘සරසවිය’ සම්මාන උලෙළ. එය ඉතාම ලස්සනට සංවිධානය කරල තිබුණා. එයට සහභාගි වෙන්න ලැබීම මට සතුටක්.

ඔබ සිනමාවෙන් සමුගන්නේ ඔබේ විවාහය මේ වසරේ සිදුවෙන නිසා ද?

ඒ නිසාමත් නෙවෙයි. මම පියාට වුණු පොරොන්දුව ඉටු කළා. මගේ පියා මට ගැළපෙන සහකරුවෙක් සොයනවා. මට ගැළපෙන කෙනෙක් හමු වුණොත් මගේ විවාහයත් මේ වසරේදී සිදුවේවි.

ඔබේ සහකරුවා මොනවගේ කෙනෙක් විය යුතුයි කියා ද ඔබ සිතන්නේ?

ඔහු මට ගැළපෙන කෙනෙක් විය යුතුයි. දුම්පානය කරන මත්පැන් බොන කෙනෙකුට නම් මම කිසිසේත් ම කැමැති නැහැ. ඔහු දුම් නොබොන මත්පැන් පානය නොකරන කෙනෙක් වගේ ම යහපත් කෙනෙක් විය යුතුයි. සාමාන්‍ය පවුලක, බුද්ධිමත්, ගුණගරුක, ප්‍රිය මනාප පුද්ගලයෙක් විය යුතුයි.

0 comments:

Post a Comment