Friday, February 5, 2010

Tagged Under:

එච්. ඒ. පෙරේරා මහතා පෙරේදා (04) අභාවප්‍රාප්ත විය

By: Last Man On: 1:59 PM

එච්. ඒ. පෙරේරා

ප්‍රවීණ රංගණ ශිල්පී එච්. ඒ. පෙරේරා මහතා පෙරේදා (04) අභාවප්‍රාප්ත විය. කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගියේ දරුණු පිළිකා රෝගයක් හේතුවෙන් වන අතර මිය යන විට 58 වැනි වියේ පසු විය.

1974 වර්ෂයේදී වීදි නාට්‍ය ශිල්පියකු ලෙස රංගනයට පිවිසි එච්. ඒ. පෙරේරා මහතා රංගන ශිල්පියකු, සංගීතඥයකු ඇතුළු අංශ කීපයකින්ම දශක තුනක පමණ කාලයක් තිස්සේ කටයුතු කැර ඇත.

වෙඩික්කාරයෝ, සෙක්කුව, ජුලියස් සීසර්, මාවතේ අපි, හිට්ලර්, වරෙන්තු, උක්දඬු ගින්න ඇතුළු වේදිකා නාට්‍ය ගණනකට රංගනයෙන් දායක වූ ඒ මහතා යශෝරාවය, කඩ ඉම, බුමුතුරුණු, සිටුවරයෝ, සූරිය දරුවෝ ඇතුළු ටෙලි නාට්‍ය රැසක රඟපෑම් කැර තිබේ.

වසර 30කට ආසන්න කාලයක් ඒ මහතා ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනයේ සේවය කොට ඇත. එච්. ඒ. පෙරේරා මහතාගේ දේහය මේ වන විට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කැර ඇති අතර ඒ පිළිබඳ අවසන් කටයුතු හෙට (07) පස්වරුවේදී මාදම්පිටිය පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.

පතිරාජ එල්. එස්. දයානන්ද

ප්‍රවීණ කලා ශිල්පී පතිරාජ එල්. එස්. දයානන්ද මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට 65 වැනි වියෙහි පසු වූ ඒ මහතා රංගන ශිල්පියකු, අධ්‍යක්‍ෂවරයකු මෙන්ම නාට්‍ය ශිල්පියකු වශයෙන්ද ප්‍රකටව සිටියේය.

1956 වර්ෂයේදී යැංකි හටන වේදිකා නාට්‍යයෙන් කලා ලෝකයට පිවිසි දයානන්ද මහතා ගොළු බිරිඳ, සිත් පෙරළිය, කවුරුත් එන්නේ නැහැ, යකාගේ කම්මල ඇතුළු නාට්‍ය කීපයකම රංගනයෙන් දායක වී ඇති අතර වනගත කොල්ලා, රෑන ගිරව්, හත්දින්නත් තරු, අහස් ගව්ව, සෙලීනාගේ වලව්ව, ප්‍රදීපා, ජෝඩු වළලු, සිංහබාහු ඇතුළු චිත්‍රපට රැසකට දායක වී ඇත.

පතිරාජ එල්. එස්. දයානන්ද මහතාගේ දේහය ගල්කිස්ස කලාපුර පිහිටි ඒ මහතාගේ නිවෙසේ තැන්පත් කැර ඇති අතර ඒ පිළිබඳ අවසන් කටයුතු හෙට (07) පස්වරුවේ ගල්කිස්ස පොදු සුසාන භූ®මියේ දී සිදු කෙරේ.

0 comments:

Post a Comment