Monday, February 15, 2010

Tagged Under:

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මුදල්

By: Last Man On: 11:09 AM

විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණා වන ධනුන තිලකරත්නට අයත් ආරක්ෂිත ලාච්චු හතරක තිබී රුපියල් කෝටි හතහමාරක මෙරට හා විදේශ මුදල් තොගයක් තමන් බාරයට ගත් බව රහස් පොලිසිය ඊයේ (15) සවස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට දැන්වීය.

මෙම ආරක්ෂක ලාච්චු හතර පෞද්ගලික බැංකුවකට අයත්ව තිබිණි.

මහේස්ත්‍රාත්තුමියගෙන් ලබාගත් අධිකරණ නියෝගයක් අනුව කොළඹ තිඹිරිගස්යායේ පිහිටි සම්පත් බැංකු ශාඛාවේ වූ ආරක්ෂිත ලාච්චු හතර ධනුන තිලකරත්නගේ මව වන අශෝකා තිලකරත්න මහත්මිය ඉදිරියේ විවෘත කළ බවද රහස් පොලිසිය පවසයි.

ඉන් ආරක්ෂිත ලාච්චු දෙකක් අශෝකා තිලකරත්න මහත්මිය නමින් වූ බවත්, ඉතිරි ලාච්චු දෙක ධනුන තිලකරත්නගේ ළඟම ඥාතීන් බව කියන සේපාල හා ජයවර්ධන මහත්මීන් නමින් තිබූ බවත් අධිකරණයට දැන් වු රහස් පොලිසිය එම ආරක්ෂිත ලාච්චු හතරම පරිහරණය කිරීමේ බලය අශෝකා තිලකරත්න මහත්මියට තිබූ බවද පැවැසීය.

අමෙරිකා එක්සත් ජනපද ඩොලර් 525000ක්ද ස්ටර්ලින් පවුම් 2000ක් ඇතුළු මෙරට මුදල් එම සොයාගත් මුදල් අතර වූ බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

මේ මුදල් විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට අයිති බව අශෝකා තිලකරත්න මහත්මිය රහස් පොලිසියට දන්වා සිටි බව ඊයේ (15) සවස වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය පැවැසීය.

විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකාගේ ඉල්ලීම මත තම පුතා වන ධනුන තිලකරත්නට අයත් ආරක්ෂිත ලාච්චු හතරේ එසේ එම මුදල තැන්පත් කළ බවද ඇය රහස් පොලිසියට වැඩිදුරටත් පවසා සිටි බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

මේ මුදල් සම්බන්ධව වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන බවද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

0 comments:

Post a Comment