Monday, February 15, 2010

Tagged Under:

ජීවිතය අලුත් වුණා වගකීම් වැඩි වුණා - සචිනි අයේන්ද්‍රා

By: Last Man On: 3:19 AM

කලකට පෙර පුංචි තිරයේත් සිනමාවේත් ජනප්‍රිය යොවුන් නිළියක්‌ ලෙස ප්‍රේක්‌ෂක සිත් සතන් වසඟයට පත්කළ සචිනි අයේන්ද්‍රා මීට මාස දහයකට පෙර විවාහ දිවියට ඇතුළත් වුණේ කලාකරුවන් සේම පවුලේ හිත මිත්‍රාදීන්ගේ සතුටු සිනා මැද.

විවාහයෙන් පසුව සම්පූර්ණයෙන්ම රංගනයෙන් ඈත් වුණේ නැති වුණත් සචිනි දැන් ඉස්‌සර තරම් රංගනයට වැඩි උනන්දුවක්‌ දක්‌වන්නේ නැහැ. මේ ගැන අපට මෙන්ම ඇගේ ආදරණීය ප්‍රේක්‌ෂකයින්ටත් ගැටලුවක්‌. නිසාවෙන් ගැන දැන ගන්a සචිනි අයේන්ද්‍රා හමු වූ මොහොතකි මේ.

සචිනි කොහොමද අලුත් ජීවිතේ?
සතුටින් ගෙවෙනවා. ජීවිතය අලූත් වුණා. වගකීම් වැඩියි. ඉස්‌සර හිටපු විදිය වගේ නෙමෙයි. නිදහසට වඩා ජීවිතයට කළමනාකාරීත්වයක්‌ සොයනවා. අතරේ ඉසංගගේ ව්‍යාපාරවලටත් උදව් කරමින් සමගියෙන් ඉන්නවා.

සිනමාවට අලුත් අත්දැකීමක්‌ එක්‌ කරන්න යනවා කියලත් ආරංචියි?
ඔව්, මමයි ඉසංගයි එකතුවෙලා "අඟර දඟර" කියලා චිත්‍රපටයක්‌ නිෂ්පාදනය කරනවා. මේ දවස්‌වලත් එහි වැඩකටයුතු වලට වෙහෙසෙනවා. ඒක අධ්‍යíණය කරන්නේ නලින් රාජපí.

මෙය කාගේ අදහසක්‌ද?
ඇත්තම කිව්වොත් මේක අහම්බෙන් සිද්ධ වුණ දෙයක්‌. නලින් රාජපí කියන්නේ මගේ සැමියගෙ හිතවතෙක්‌. ඔහුට ඕනකරලා තිබුණේ මාව මේ චිත්‍රපටයේ චරිතයකට යොදාගන්න. අතරේ තමයි ඉසංගගේ අදහසක්‌ අනුව අපි චිත්‍රපටය නිෂ්පාදනය කරන්න හිතුවේ.

එතකොට මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ ඔබද?
නැහැ. ප්‍රධාන චරිතය රඟපාන්නේ ශශිද්‍රි ප්‍රියසාද්. ඒක බොහොම දඟකාර අවුරුදු පහළොවක ගෑනු ළමයෙකුගෙ චරිතයක්‌ වටා ගෙතුණු ළමා කතාවක්‌. මමත් මේ චිත්‍රපටයේ ටීචර් කෙනෙකුගේ චරිතයක්‌ රඟපානවා.

ඒත් දැන් රඟපෑමට එච්චර උනන්දුවක්‌ නැහැ නේද?
කොහොමත් එදා ඉදලම එකදිගට රංගන ශිල්පිණියක්‌ හැටියට කාර්ය බහුල වෙන්න මගෙ කැමැත්තක්‌ තිබුණේ නැහැ. ඒක අදත් එහෙමයි. හොඳ නිර්මාණයක මට ගැලපෙන චරිතයක්‌ ලැබුණොත් රඟපානවා. නිසාම තමයි විවාහයට පෙර ඉදලම රංගන ජීවිතයට මම විසින්ම යම් යම් සීමා පනවා ගත්තේ. අද කරන්නේ තීරණ ක්‍රියාත්මක කරන එක.

විවාහයෙන් පසු රඟපෑමට තහංචි පැනවූයේ නැද්ද?
කවදාවත් නැහැ. මගේ මොනයම් හෝ íතාවක්‌ දැක්‌කොත් ඉසංග තමයි මටත් වඩා ගොඩක්‌ වලට උදම් කරන්නේ එයින් ප්‍රයෝජනයක්‌ ගන්න. එයාට හොඳ විශ්වාසයක්‌ තියෙනවා එක පැත්තකට යොමුවෙලා කවදාවත් මම පවුල් ජීවිතේ අවුල් කරගන්නේ නැහැ කියලා. නිදහස අදටත් මම විදිනවා.

දැන් කොහොද පදිංචිය?
බත්තරමුල්ලේ අපේ අලුත් ගෙදර

දවස ගතවෙන්නේ කොහොමද?
ඉසංගගේ ගාමන්ට්‌ එකේ ළමා ඇඳුම් අංශය මට භාරදීලා තියෙනවා. ඊට අමතරව නුගේගොඩ නාවල පාරේ ළමා නිමි ඇඳුම් තියෙන සාප්පුවක්‌ විවෘත කලා. ඉතිං අංශ දෙකම භාරව ඉන්නේ මම හින්දා සතියකට අඩුම තරමින් දවස්‌ හතරක්‌වත් කටයුත ගැන සොයා බලනවා.

අලුත් වෘත්තියේ වැඩකටයුතු කොහොමද?
බිරිඳගෙන් සැමියට ඉටුවිය යුතු යුතුකමක්‌ කියලා හිතුණ නිසා තමයි ව්‍යාපාරවලට මම එකතුවුණේ. අලුත්ම අත්දැකීමක්‌ එක්‌ක ජීවිතේ ලොකු වෙනසකට මුහුණ දුන්නා. රඟපානවට වඩානම් හාත්පසින්ම වෙනස්‌. හැමෝම වැඩ කරන්නේ තරගෙට මුලදි නිකං කරකවල අතහැරියා වගේ වුණා. දැන්නම් කටයුතු මට හුරුයි.

එතකොට ඔය කියන යුතුකම් සැමියගෙන් ඉටුවෙන්නේ කොහොමද?
හොඳ සහයෝගයක්‌ මට ඔහු ලබා දෙනවා. අගය කරලා කියන්න පුළුවන් දෙයක්‌ තමයි ඉසංගට හොඳ රසට කෑම උයන්න පුළුවන්. ගැන හොඳ අවබෝධයක්‌ එයාට තියෙනවා.

කියන්නේ ඉදිරියේ දී සම්පූර්ණයෙන් ව්‍යාපාරවලට මුල්තැන දෙයිද?
එහෙම වෙයි කියලා නම් මම හිතන්නෙ නැහැ. මොකද මගේ ඇගේ තියෙන්නේ රඟපෑම. නිසා බොහෝ විට රංගන කටයුතුයි ව්‍යාපාර කටයුතුයි දිගටම සමබරව කරගෙන යයි.

ඔහු ගැන ඔබ වටහාගෙන ඉන්නේ මොන විදිහටද?
මම ඔහු කෙරේ දැනුණු ආදරය විශේෂයි. මම සැමියෙකු වෙතින් හොයන සියලු දේ ඔහුට තිබුණා. එයාගෙ ව්‍යාපාරවලට මුල්තැන දෙනවා වගේම මං ගැනත් හොයලා බලනවා. හරිම බුද්ධිමත් සාමාන්‍ය චරිතයක්‌.

ගෙවී ගිය කාලය ගැන හිතෙන්නේ කොහොමද?
එක එක කාලවලදි එක්‌ එක්‌ විදිහට මුහුණ දෙන්න සිදුවුණා. අද මේ ගෙවන්නෙ විවාහ ජීවිතය. ඉසංගත් මුණ ගැසුණේ මම íaත්‍රයට එකතුවුණු නිසයි. විවාහ ජීවිතයේ දී මගෙන් සැමියට ඉටුවිය යුතු දේ ගැන හිතනවා. දෙන්නට දෙන්නා විශ්වාසයෙන් සහයෝගයෙන් කටයුතු කරනවා.

විවේකය ගත කරන්නේ කොහොමද?
ඉසංගනම් සතියට දවස්‌ හයක්‌ විතර ෆැක්‌ටි්‍රවලට යනවා. නිසා දවල් කාලයේ දී අපි දෙන්නට විවේකීව ඉන්න ලැබෙන කාලය අඩුයි. මට ඉඩක්‌ ලැබුනොත් සැලුන් එකට යනවා. ගොඩක්‌ වෙලාවට ඉරිදාට එහෙම ගෙදරටම වෙලා ඉන්න තමයි අපි දෙන්නම ගොඩක්‌ කැමති.

ඉදිරියේ දී ව්‍යාපාර අතරට චිත්‍රපට නිෂ්aපාදනයත් එකතුවෙයිද?
ඒක තීරණය කරන්නෙ මේ කරන චිත්‍රපටයෙන් පස්‌සේa. මට මේක හුරු පුරුදු දෙයක්‌ වුණාට ඉසංගට අලුත් අත්දැකීමක්‌. හොඳ නිර්මාණයක්‌ ලැබුණොත් ගැන හොයලා බලලා තීරණයක්‌ ගන්නවා.

දැන් ටෙනිස්‌ ක්‍රීඩා කරන්නේ නැද්ද?
සතියකට එක පැයක්‌ හරි කොහොමහරි වෙන් කරගෙන ටෙනිස්‌a ක්‍රීඩා කරනවා. ඒකට මටම වෙන්වුණු පුහුණු කරුවෙකුත් ඉන්නවා. කොච්චර කාර්ය බහුල වුණත් ක්‍රීඩාව වෙනුවෙන් කාලය කැප කරන කෙනෙක්‌ මම.

ඉදිරි සැලසුම් මොනවද?
දැනට මම යෙදිලා ඉන්න හැම අංශයක්‌ම සමබරව කරගෙන යන අතරේ සාර්ථක පවුල් ජීවිතයක්‌ ගත කිරීම.














0 comments:

Post a Comment