Monday, February 8, 2010

Tagged Under:

මුතූ

By: Last Man On: 5:13 AM

මුතූ




She has won quite a number of awards in beauty contests like the Capri Queen and Miss Sri Lanka contests. Her full name is Muthu Tharanga Sri Nilupuli Peiris...

Muthu as she is popularly known started her career as a dancer. She had her education at the Roman Catholic School, Kadawatha and finally at the Holy Family Convent, Kirimateiyagara. Having passed her Ordinary Level examination she joined "Channa and Upuli" where she went through the paces of oriental dancing. During the period she was dancing with Channa & Upuli's troupe a chance meeting with another student who came for the classes led her to the fashion world. She was then invited by Nilhan Seneviratne to take part in Tele-dramas' which brought her much fame and acclaim.

Her father is <> Mr. M. D. B. Peiris now in retirement and mother Mrs. Rita Juliet Peiris. She is the eldest in a family of two girls and her younger sister Harshini, is married to a businessman and they have two children.
Though Muthu Tharanga became popular through TV and modeling her first love is something else. She has studied under Maestro P. V. Nandasiri and her first love is to be a singing sensation. You got to listen to her to believe us. Hopefully in the near future we will make available couple of her songs on this site. She says she has no one special in her life but we have our doubts. Still an eligible lass!



හැමෝම ඇයට ආදරේට කියන්නේ මුතු කියලා. ඇගේ සැබෑ නමත් මුතු තරංගා. මුතු මේ දවස්‌වල දකින්න ලැබෙන්නේ සුදුහංසි චිත්‍රපටයෙන් වගේම පුංචි තිරයේ දිස්‌වන රිදී තාරකා ටෙලියෙනි. හැබැයි ගොඩක්‌ දෙනෙක්‌ නම් කියන්නේ ඇයට ලස්‌සනට සින්දු කියන්න පුළුවන් කියලයි. එහි විනිශ්චය අපි මෙගා ස්‌ටාර් වේදිකාවට භාරදීලා ඇගේ තොරතුරු විමසන්න අදහස්‌ කළා.

මොනවද අලුත්ම වැඩකටයුතු ?
මේ දවස්‌වල නම් මෙගා ස්‌ටාර් වැඩසටහනේ පටිගත කිරීම්වලට සහභාගිවෙලයි ඉන්නේ. ඊට පස්‌සෙ සතියක්‌ විතර ලංකාවෙන් බැහැරවෙන්න වෙලත් තිබෙනවා. මොකද සින්දු කියන්න සංදර්ශන කිහිපයකටත් ආරාධනා ලැබිලා තිබෙනවා.

මෙගා ස්‌ටාර් වේදිකාවෙන් ලැබෙන ප්‍රතිචාර එහෙම?
එහෙම කියන්න තරම් විශේෂයක්‌ නම් නැහැ. හැබැයි කාලයක්‌ මම ටී. වී. ප්‍රොaග්‍රෑම්වලට විතරයි සහභාගි වුණේ. ඒත් එක්‌කම මම රඟපෑ නාට්‍ය ඔක්‌කොම වගේ විකාශනය වෙලත් අවුරුදු දෙකක්‌ විතර වෙනවා. තවද ලංකාවෙනුත් බැහැර වෙලයි හිටියෙ. කාලයේදී මගේ රසික රසිකාවියන් කිව්වේ මුතු දැන් නාට්‍යවල වැඩිපුර දකින්න නැහැ කියලයි. ඔහොම ඉන්න කොට තමයි මෙගා ස්‌ටාර් වේදිකාවට ආරාධනා ලැබුණේ. හරහා ප්‍රේක්‍ෂකයන් ආයෙත් මට ආදරය කරන්න පටන් ගත්තා.

මෙගා ස්‌ටාර් වීමේ සිහිනයකුත් ඇති නේද?
මගේ ජීවිතේ කොහොමත් සිහින නැහැනේ. අනික මම ටිකක්‌ තරගවලට ඉදිරිපත් වෙන්න කැමැති නැති කෙනෙක්‌. මොකද දන්නවද ඒවට මගේ උනන්දුවක්‌ නැති නිසා. මේ වැඩසටහනට නම් කැමැති වුණේ ගායනයට කැමැති නිසයි. ස්‌වර්ණවාහිනියට ස්‌තූති කරන්න ඕන මාව වැඩසටහනට සම්බන්ධ කරගත්තාට.

වැඩිපුර ටෙලිනාට්‍යවල දකින්න නැත්තේ ?
මම රඟ පෑ ටෙලිනාට්‍ය එක දිගට විකාශනය වුණා. ඊට පස්‌සේ කාලයක්‌ දකින්න ලැබුණේ නැහැ. මෙගා නාට්‍යවලට නම් ආරාධනා ලැබුණා. මූල්‍යමය හේතු නිසා ඒවාට මම අකමැති වුණා. තව මම රඟ පෑ නාට්‍ය හතරක්‌ විතර විකාශනය වෙන්නත් තිබෙනවා.

එතකොට රිදී තාරකා මෙගා නාට්‍යයේ රඟපාන්නේ?
ඒක දමිතා අක්‌කාගේ ඉල්ලීමක්‌. වචනය අහක දාන්න බැරි නිසයි රිදී තාරකා නාට්‍යයේ රඟපාන්න කැමැතිවුණේ.

ළඟදී විවාහවෙනවා කියන්නේ ඇත්තද?
ඔව්. මේ අවුරුද්ද අන්තිම තමයි විවාහවෙන්න හිතාගෙන ඉන්නේ.

කවුද වාසනාවන්තයා?
එයාව අනාගතයේදී දැනගන්න ලැබේවි.

ජීවිතය ගැන හිතන පතන විදිහ?
මගේ ජීවිතේ ලොකු බලාපොරොත්තු නැහැනේ.
එක බලාපොරොත්තුවයි තියෙන්නෙ.

මොකක්‌ද ?
මගේ නංගිවයි අම්මවයි තාත්තවයි සතුටෙන් තියන එක.
ඒක තාම මට හරියට කරන්න බැරිවුණා.

කාන්තාවක්‌ සමාජයේ ගෞරවය තබාගන්න මොනවිදිහට ජීවත්විය යුතුයි
කියලද හිතන්නේ ?
මෙහෙමයි. ඒක තමන්ගේ ඇඟෙන් එන්න ඕන දෙයක්‌. ගෞරවය ලබාගන්නම කියල ඕන කමින් මවාපාල හැසිරෙන්න නරකයි. එහෙම චරිතවලට මම කැමැතිත් නැහැ. ගැහැණියක්‌ හැමවිටම තමන්ගේ ආත්ම ගරුත්වය හා නම රැකගෙන වැඩකළ යුතුයි.

ඔබේ හැකියාවන් දකින්නේ ?
ඇත්තටම මම නම් දකින්නේ හැමවෙලේම වැරදියට. අනික මම හිතන්නේ නැහැ මට හැමදේම පුළුවන් කියලා. වෙලාවකට හිතෙනව එහෙම හිතෙන එකත් හොඳයි කියලා. එතකොට මට පුළුවන් දේ විතරයිනේ කරන්නේ.

රංගනය කියන විෂය ගැන හිතන විදිහ?
මටත් රංගනය විෂයක්‌ හැටියට ඉගෙන ගන්න බැරිවුණා. වුණාට මම හිතන්නේ රංගනය කියන දේ අපි හරියට හදාරලා ආවොත් හොඳ දක්‍ෂ තැනකට යන්න පුළුවන්. හොඳ රංගන ශිල්පියෙකු නම් නිතරම රංගනය අධ්‍යයනය කළ යුතුයි.

ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ට ගරු කරනවාද?
ප්‍රවීණයන්ට මම ගරුකරනවා වගේම ඔවුනුත් මට ආදරෙයි. ප්‍රවීණයන් හරහා තමයි අපේ ගමන බිහිවෙන්නෙ. මම හැමවෙලේම ප්‍රවීණයන් සමග වැඩකරන කොට මගේ අඩුපාඩු ඔවුන්ගෙන් අහනවා. ඔවුන් කියාදෙන දේ පිළිපදිනවා. නිසා ඔවුන් මට ආදරෙයි.

රඟපාන්න හිතුණේ ?
මෝස්‌තර නිරූපණය තමයි මුලින් කළේ. කාලෙදි මට නාට්‍යවලට ආරාධනා ලැබුණා. නමුත් මම කැමැති වුණේ නැහැ මාස ගණන් රූගත කිරීම්වලට සහභාගි වෙන්න ඕන නිසා. පස්‌සේ තාත්තාගේ බල කිරීමටයි රංගනයට ආවේ. දෙමව්පියෝ නිසා තමයි මට මේ තැන ලැබුණේ.

නිළියක්‌ නොවුණා නම්?
සමහර විට ගායිකාවක්‌ වේවි.

ගොඩක්‌ දෙනෙක්‌ කියන්නේ ගායනයට දක්‍ෂයි කියලා නේද?
ඒක නම් එහෙම තමයි. නමුත් මම හිතන්නේ ගායනයෙන් මම ඉන්නේ ළදරු වයසේ කියලා. තව ටිකක්‌ උනන්දු වෙලා පුරුදු පුහුණු වෙන්න වෙනවා.

විවාහයෙන් පසු රංගනයෙන් ඈත්වෙනවද?
කොහෙත්ම නැහැ. හොඳ දෙයක්‌ ආවොත් භාරගන්නවා. එහෙම බලපෑමක්‌ නැහැ.

සිනමාව, ටෙලිනාට්‍ය මෙයින් වඩාත්ම කැමැති ?
මම මුලින්ම ආවේ ටෙලිනාට්‍ය වලින්. දැන් නම් චිත්‍රපට වලටත් දායක වෙනවා. විශේෂයක්‌ නැහැ. දෙකටම කැමැතියි.

සුදුහංසි චිත්‍රපටයට ලැබුණු ප්‍රතිචාර?
ඉතාමත් ඉහළයි.

සුදුහංසි ප්‍රධාන චරිතයේ අර්බුද මතුවෙලා කියලත් ආරංචියි ?
ආරංචි නම් එනවා. ගැන කියන්න මම නම් දන්නේ නැහැ.

0 comments:

Post a Comment